Rs 650.00
History & Culture
There are 801 products.
Lovamahapaya Hevath Lohaprasadaya Anuradhapuraya
ලෝවාමහාපාය හෙවත් ලෝහප්රසාදය අනුරාධපුරය
Rs 65.00
Rs 200.00
Degaldoruva Rajamaha Wiharaya Saha Ehi Bithusithuvam
Out-of-Stock
දෙගල්දොරුව රජමහා විහාරය සහ එහි බිතුසිතුවම්
Rs 1,500.00
Bauddha Nikaya Wikashaya
Out-of-Stock
බෞද්ධ නිකාය විකාශය - සංකීර්ණ හා දීර්ඝ ඓතිහාසික වෘත්තාන්තයෙහි සියලු පැතිකඩ ආවරණය වන පරිද්දෙන් නිකාය භේදයේ පසුබිම, අටළොස් නිකාය, චතුර්විධ බෞද්ධ දර්ශන සම්ප්‍රදාය, මහායානය හා තන්ත්‍රයානය, අනුරාධපුර යුගයේ ලාංකේය නිකාය විකාශය හා නිකායාන්තර විචාර යන උප ශීර්ෂ හයක් තුළ වියත් ලේඛකයන් සිය අධ්‍යයන පරාසය විකසිත කර ඇත්තේ මෙතෙක් එක් ග්‍රන්ථයකින් පූරණය නොවූ අපේක්ෂාවන් සාධනය කරමිනි.
Rs 1,200.00
Sadhathuka Prathima
Out-of-Stock
'සධාතුක ප්‍රතිමා' නම් මෙම කෘතිය ලාංකේය සධාතුක ප්‍රතිමා සම්බන්ධයෙන් ලියැවෙන පළමු ශාස්ත්‍රීය ලේඛනය වන අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ඉෂංඛ මල්සිරි මහතා විසින් රචනා කරන ලද කෘතියකි.
Rs 1,600.00
Bauddha Rajadhani Pilibada Charikawa
චීන ජාතික පාහියන් ස්වාමීන් වහන්සේ ක්‍රි. ව. 399 - 414 කාලය තුළ ලංකාවේ සහ ඉන්දියාවේ කළ චාරිකා පිළිබඳ සටහන් මේ කෘතියෙහි ඇතුළත් ය.ස්කොට් ජාතිකයකු වූ ජේම්ස් ලෙගි ඔක්ස්ෆර්ඩ් සරසවියේ පළමුවන චීන භාෂා හා සාහිත්‍ය මහාචාර්යවරයා වූයේය. දිගු කලක් මලක්කාවේ සහ හොංකොංහි ධර්මදූත කටයුතුවල නිරතව සිටි ඔහු මූලාශ්‍ර කීපයක් ඇසුරු කරමින් පාහියන් හිමියන්ගේ චාරිකා සටහන් ඉංග්‍රීසියට නැගීය. මේ කාර්යයේ දී ඔහුට රිස් ඩේවිඩ්ස් පඬිතුමා ඇතුළු වියතුන් කීප දෙනෙකුගේ සහාය ලැබුණි.
Rs 250.00
Sarwagna Bhiksha Pathra Dhathun Wahanse
" යුද්ධයෙන් පැරදී පැන යන සතුරන් උතුම් වූ පාත්‍ර ධාතූන් වහන්සේ තේ දළදා වහන්සේ ත් ගෙණ නැව් නැගී එතෙර යන බව දැන ගැනීමට ලැබුණි. එය එසේ වුව හොත් මේ ලංකාද්වීපය හිස් වන්නේය.මේ ලක්දිව මුතු මැණික් ආදී මහත් වූ වස්තු මොන තරම් තිබුණ ත් ඒ සියලු වස්තූන්ට වඩා ශ්‍රේෂ්ඨ රත්න වන්නේ අප ධර්මස්වාමීන් ගේ දළදා වහන්සේ ත් පාත්‍ර ධාතූන් වහන්සේ තේය. මේ ධාතූන් වහන්සේලා දෙනම නැති වුව හොත් මහත් වූ ධනයක් වියදම් කර මහත් වූ වෙහෙසක් ගෙණ මේ රට එක්සේසත් කිරීමට මා ගන්නා උත්සාහය ඒකාන්තයෙන් ම ඵලක් නැති වන්නේය.ඉතා අගනා මැණික්වලින් බබළන රමණීය ඔටුන්නකින් මගේ හිස අලංකාර වී තිබේ. ඒත් එය පවිත්‍ර වන්නේ මහර්ෂීන් වහන්සේ ගේ උතුම් වූ දළදා වහන්සේ ගේ ත් පාත්‍ර ධාතූන් වහන්සේගේ ත් උතුම් වූ ස්පර්ශය ලැබීමෙන් පමණි. එබැවින් සියලු දෙනා එකට එක් ව මහා සේනාව ගෙණ ගොස් සතුරන් වනසා උතුම් වූ දළදා වහන්සේ ත් උතුම් වූ පාත්‍ර ධාතූන් වහන්සේ ත් ගෙණ වහා මෙහි එව."
මහා පරාක්‍රමබාහු මහ රජතුමා
මහා පරාක්‍රමබාහු මහ රජතුමා
Rs 400.00
kesha dathu wistharaya
කතෘගෙන්...
" කේශ ධාතු විස්තරය " නම් වූ මේ පොතේ සඳහන් වන්නේ බුදුරජාණත් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා ගැන දැන ගත යුතු මූලික කරුණු ස්වල්පයකි.ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බුරුමය (මේයෙන්මාරය) යන රටවල කේශ ධාතූන් වහන්සේලා නිදන් කර දාගැබ් තනා ඇත. මේ දාගැබ් වලින් කිහිපයක් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ තනා තිබේ. කේශ ධාතූන් වහන්සේලා නිදන් කර ලොව පළමු වරට දාගැබ් කරවීමේ ගෞරවය හිමි වන්නේ තපස්සු, භල්ලික වෙළඳ දෙබෑයන්ට ය.බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් වහන්සේලා ගෙන් වැඩි ම ධාතු ප්‍රමාණයක් වැඩ සිටින එකම රට ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය වූ ශ්‍රී ලංකාවයි. ලංකාවේ පුරාණ දාගැබ් කිහිපයක ම සර්වඥ කේශ ධාතු තැන්පත් ව ඇත.කේශ ධාතූන් වහන්සේලා වැඩ සිටින දාගැබ් වහන්සේලා ගැන ප්‍රමාණවත් දැනීමක් අපේ බෞද්ධයින්ට නැත. ඒ බව ඔවුන් හා කථා කිරීමෙන් පෙනී ගියේය. කේශ ධාතූන් වහන්සේලා ගැන වෙන ම ලියැවුණු පොතක් ද මෙකල දක්නට නැත. අතීතයේ "කේශ ධාතු වංශය " යන නමින් ප්‍රකට ග්‍රන්ථයක් තිබී ඇතත් අද එය දක්නට නැති අප්‍රකට, දුර්ලභ ග්‍රන්ථයකි. "කේශ ධාතු වංශය" යන නමින් ප්‍රකට කුඩා පාලි ග්‍රන්ථයක් ඇත ත් එහි ඇත්තේ කේශ ධාතු සය නමක් නිදන් කර තැනූ දාගැබ් වහන්සේලා සය නමක් ගැන විස්තරයකි. ඒ හැර එහි කේශ ධාතූන් වහන්සේලා ගැන වෙන විස්තර සඳහන් කර නැත.කරුණු මෙසේ පවතින බැවින් "කේශ ධාතු විස්තරය " නම් වූ මේ කුඩා පොත සම්පාදනය කළෙමි. පොත කුඩා වුවත් මෙය මුල සිට අග දක්වා කියැවීමෙන් කේශ ධාතූන් වහන්සේලා ගැන ප්‍රමාණවත් අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇතැ'යි සිතමි.

Dhathu wistharaya
ධර්මය සහ ධාතු යන වචන ද්වයය ම දැරීමේ අර්ථයෙන් සාම්‍යයක් උසුලයි. සත්ත්‍වයා සතර අපායට වැටෙනු හොදී දරනු ලබන්නේ ධර්මය විසින් වන අතර මූලික කාරක ශක්තිය හෝ පුජනීය ශ්‍රේෂ්ඨ විචිත්‍ර තත්ත්‍වය හෝ රැඳී ඇත්තේ යම් බඳු තැනෙක්හි ද එය ධාතු නම් වෙයි. ධර්මජ ධර්ම භූත භාග්‍යවත් සම්බුද්ධ චරිතාබද්ධ විවිධ භෞතික ද්‍රව්‍යාත්මක කොටස් ද ධාතු ලෙසින් සම්භාවිත වී ඇති අතර එකී සම්බුද්ධ ධාතු වර්ණනාව ලේඛන දේශන චින්තන විෂයය අතික්‍රාන්තවන බව සත්‍යයකි.නානාවිධ තිරශ්චීන සත්ත්‍වයන්ගේ දත්ත, තබ, චර්ම, රෝම ආදිය මිනිසුන් සඳහා ලෞකික වශයෙන් පමණක් උපකාරක වෙද්දි ශ්‍රී සර්වඥ ශාරීරික සහ පාරිභෝගික ධාතු ඔස්සේ ලෞකික සහ ලෝකෝත්තර සුබ සාධනය කවරෙකුට කෙසේ වත් වාරණය කළ නොහැකි ය.කැලණිය විශ්ව විද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ බාහිර කථිකාචාර්ය, කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණේ ආචාර්ය ගයාත් චානුක විදානපතිරණයන්ගේ ධර්මමය රචනා චාතූර්යය පිළිබඹු කරන නවතම කැඩපත වූ " ධාතු විස්තරය ” නම් ග්‍රන්ථය සැබැවින් ම ග්‍රන්ථ ධාතුවකි. සම්බුද්ධ ධාතු පිළිබඳ ප්‍රාමාණික වූ ද දුර්ලභ වූ ද අග්‍රගණ්‍ය වූ ද ශුද්ධෝත්පාදක වූ ද තොරතුරු සමුදායයකින් මෙම ග්‍රන්ථය විසිතුරු වෙයි. තවද එකී ධාතු ස්ථාපිතපූජ්‍යස්ථානයන්ට අදාළ වර්ණවත් ඡායාරූපාවලියකින් ද කෘතිය සමලංකෘතවී ඇත. විද්වද් ජනයාගේ නැණ පමණක් නොව ගුණ ද සද් ජනයාගේ ගුණ පමණක් නොව නැණ ද පුබුදුවාලීමට සමත් "ධාතු විස්තරය " "ථූපාරහ' නොවේ යයි කොට නම් කිව හැකිද?
අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි
අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි
Rs 950.00
Wanagatha Rajamaha Viharaya
වනගත රජමහා විහාර පොතෙන් වන්දනා කරුවා උත්සාහ කළේ වනාන්තර බදව හෝ වන මැද ගල්ලෙන්වල හුදෙකලා වූ පෙති පිළිම, දාගැබ්, පුරාවිද්‍යා ස්ථාන වන්දනා කිරීමටය. ඒවායේ සැඟවුණු පුරාවිද්‍යාත්මක අගය සහ ඓතිහාසික වටිනාකම සොයා ඉදිරිපත් කිරීමටය. මෙම කෘතියේ ගලේවෙල ගැරඬිගල ලෙන්වල ගල් ඇඳන්, ඇති පොල කඳු බෑවුමේ මාතලේ තල්ගහගොඩ ලෙන් විහාරය. ඇළහැර අමුණ සහ බකමුණේ බුදුරුවයාය පිළිමය. කන්දේගම කන්දේ සැතපෙන පිළිමය. හෙනන්නේගල ලෙනේ දාගැබ සහ උතුරේ කුරුඳුමලේ විහාරය. සපුමල්ගස්කඩ සහ කිඹුලාගලත් ගැන කරුණු අඩංගුය. ලංකා පටුන, යාල වන මැද නටබුන් විහාර මෙන්ම තරුලෙන්ගල සහ පඩිකෙම්ගල ඇතුළු අප තුළ කුතුහලය දනවන පුරාණ රජ මහා විහාර රාශියක් ගැන මෙම කෘතියෙන් දැනුමක් ලබාදෙන අතරම ඒවා සොයා වන්දනා කිරීමට පාඨකයා පොලඹවයි
Rs 850.00
Lankeya Bududahame Pudapooja
නිර්වාණ ගාමිත්වය කෙරෙහි ආදි බෞද්ධ සම්ප්‍රදාය දැක් වූ අවධානයත් එමෙන් ම පුද පුජා කෙරෙහි දැක් වූ අල්ප අවධානයත් සැලකිල්ලට ගෙන එය හුදු නිර්වාණගාමී ප්‍රතිපදාවක් පමණක් ම යැයි නම් කිරීම නිවැරදි නොවේ. පුද පූජා චාරිත්‍ර විධි වලින් තොර වූ දාර්ශනික යුගයක් බෞද්ධ සම්ප්‍රදාය තුළ පැවති බවට ඇතැම් දෙනා විශ්වාස කළත් එය බෞද්ධ ඉතිහාසය තුළ සත්‍ය වශයෙන් විද්‍යමාන වූ අවස්ථාවකට වඩා බුද්ධිවාදීත්වය පදනම් කරගත් නූතන මානසිකත්වය විසින් බෞද්ධ සම්ප්‍රදාය වෙත ආරෝපණය කරන ලද්දක් සේ සැලකීම යුක්ති යුක්තය. මෙම අදහස ස්ඵුට කිරීමට නිලන්ත දිසානායක මහතාගේ මෙකී ශාස්ත්‍රීය ව්‍යායාමය හේතුවන බව පැවසිය හැකිය. බුදුරජාණන් වහන්සේ ධරමාන සමයෙහි ම බෞද්ධ පුද පූජාවන්හි සමාරම්භය සිදු වූ බව සාධක සහිතව මේ තුළින් ඔහු හෙළි කරයි.
මහාචාර්ය ආනන්ද ගුණසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ගංගොඩවිල, නුගේගොඩ.
මහාචාර්ය ආනන්ද ගුණසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ගංගොඩවිල, නුගේගොඩ.
Rs 250.00
Indrajith Ge Kriyoddeeshaya
රාවණ පුත් ඉන්ද්‍රජිත් ගේ ක්‍රිඩීශය නම් මෙම ග්‍රන්ථය තුළ විවිධ හෝම ක්‍රම හා පූජා විධි බොහෝමයක් අන්තර් ගත අතර එම හෝම ක්‍රම හා පූජා විධි පිළිබදව දැනුමක් ලබා ගන්නටත් උගත් ජනයාට ඒ පිළිබදව පරීක්ෂණ පැවැත්වීමටත් මෙය ඉතා ප්‍රයෝජන ග්‍රන්ථයක් වනු නොඅනු මානය.
Rs 1,640.00
Iperani Sinhala Lankeya Devi Devathavo
කර්තෘගෙන් වචනයක්.....
ශ්‍රී විෂ්ණු, කතරගම, පත්තිනි, නාථ, විභීෂණ ආදී මහා දෙවිවරු පිළිබඳව කව්රුත් කතා කරති. ලියති. කියවති. නමුත් ලාංකීය දෙවිවරු කෙතෙක් ද?වැඩහිටි කන්දේ සිට බින් තැන්න, වෙල්ලස්ස, වැදිරට හරහා වැව් බැඳි රටට ගොස් දකුණු ලක හරහා නැවතත් වට වන්දනාවේ ගිය ගම් නියම්ගම් ගණන දන්නේ දෙපා පමණි. ඒ මහන්සිය නිසාවට " ඉපැරණි සිංහලේ ලාංකීය දෙවිදේවතාවෝ" ඔබ අතට ගෙන ඒමට හැකි විය. තමන් තනි තනිව සිටින දෙවිවරු ඇතත් ඒ පැත්තට පෑන නොමෙහෙයවුණි.දෙවියන් මිනිසාට වඳින බව සමහරු කියති. දෙවියන්ගෙන් වැඳුම් ගත හැකි එක "මනුස්ස පුලුටක්" ලක් පොළවේ සිටී දැයි ප්‍රශ්න නොකරමි. වසර දහස් ගණනක සිට දෙවියන් පිදූවන්ට සිදු වූ හානියක් ඇද්දැයි නොදනිමි. උගුරට හොරා බෙහෙත් නෑ නොහැක.මේ පොතට කරුණු සෙවීමේ දී උපකාරී වූ වැඩහිටි කන්දේ පූසාරි වශයෙන් දිවි ගෙවූ දිවංගත ශ්‍රී සංගරම් පිල්ලේ සාමිතුමා, දිවංගත බෝදාගම විජේනායක රාළහාමි ඇතුළු අය බොහෝ ය. නම් වශයෙන් ලිවීමට දිග වැඩිය. අපහසුය.මෙහි සඳහන් දේවනාම පිළිබඳ සැකයක්ද ඉපදෙනු ඇත. අපේ මුතුන්මිත්තන්ගේ විශ්වාසයට ගෞරව කරමු. මින් යමක් උගතහැකි නම් එය මා හට මහත් මානසික සුවයකි.කරුණු රැස් කිරීමේ දී පසුගිය පනස් වසර තුළ පොතපත ද, දන්නා දේ නොහඟවා කියා උපකාර කළ හැමද සාදරයෙන් සිහි කරමි.

Rs 275.00
Sinhala Dewa Puranaya
Out-of-Stock
කතෘගෙන්..
සිංහල ජනතාව අතර පුද පූජාවට ලක් වූ දෙවි දේවතාවුන් පිළිබඳ නාමාවලියක් සකස් කිරීමේ අරමුණින් මෙම අධ්‍යයනය ආරම්භ කරන ලදී. සාහිත්‍යගතව මෙන් ම මුඛ පරම්පරාගතව ද එන දෙවි දේවතා විත්ති අකාරාදි පිළිවෙළට මෙහි සංහිතා ගත කර ඇත. අපේ දෙවි දේවතාවුන් ගැන මෙ බඳු පුළුල් අධ්‍යයනයක් සිදුවන පළමු අවස්ථාව මෙය යි. මේ අධ්‍යයනය සර්ව සම්පූර්ණ යැයි නො කියමු. එහෙත් මෙහි ඇතුළත් අන්දමට අති විශාල දෙවි දේවතා සමූහයක් පිළිබඳ තොරතුරු එක්තැන් කිරීමට ලැබීම ශාස්ත්‍රීය වශයෙන් වටිනා කාර්යයකැයි සිතන්නෙමු.මෙම ග්‍රන්ථයේ ආමුඛයෙහි මූලාශ්‍ර පිළිබඳ හැඳින්වීමක් ඇත. එම මූලාශ්‍ර අංක අනුව දක්වා ග්‍රන්ථයේ පසුව එම අංකයෙන් මූලාශ්‍රය කවරේද යන්න සඳහන් කරනු ලැබේ. බේ. අනතුරුව පිටු අංකය ද දක්වා ඇත.ග්‍රන්ථයේ පළමු කොටසෙහි දී හැඳින්වීමක් වශයෙන් සිංහල දේව විශ්වාස පිළිබඳ ඓතිහාසික මෙන් ම සමාජ විද්‍යාත්මක විමර්ශනයක් ඉදිරිපත් කොට තිබේ. දෙවන කොටස දේව නාමාවලිය සඳහා ඇරුණේ ໖.මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් දෙවි දේවතාවුන්ට අමතරව වෙනත් කිසියම් දෙවි දේවතාවුන් පිළිබඳ තොරතුරු හෝ මෙහි ඇතුළත් තොරතුරු වලට නැතහොත් වෙනස් තොරතුරු හෝ කිසියම් පාඨකයෙකු සතුව ඇත් නම් එය දන්වන ලෙස කරුණා ධ්‍යාසයෙන් ඉල්ලා සිටිමු.
මෙම ග්‍රන්ථය සකස් කිරීමේ දී ඊට නොමසුව ආධාර කළ සුධීන් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු ය. මුලාශ්‍ර සටහනේ ඔවුන්ගේ නම් සඳහන් වේ. ඒ අතුරෙන් විශේෂයෙන් සඳහන් කළ යුත්තෙක් නම් බොහෝ තොරතුරු සපයා දී මෙහි නම් ද යෝජනා කළ පියසේන කහඳගමගේ මහතායි. ඒ මහතා ඇතුළු සුධීන්ට අපගේ හෘදයංගම ස්තුතිය පුද කරමු.ග්‍රන්ථය මුද්‍රණය කිරීමේ කටයුක්ත භාරගෙන එය මනාව ඉටු කළ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිහාල් අතුකෝරළ මහතා සහ ප්‍රකාශන අංශයේ නිලධාරි මහතුන් ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ විශේෂ ස්තුතිය හිමි වේ.අත්පිටපත සකස් කිරීමේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අර මුදලින් ලැබුණු අනුග්‍රහය කෘතවේදීව සිහිපත් කරමු.

Rs 1,475.00
Sithul pawwe bana katha
බුදු දහමේ ගැඹුරු ධර්ම රසය සාමාන්‍ය ජනතාවට රසවත් කථා මාර්ගයෙන් හඳුන්වා දීමේ සම්භාව්‍ය සිංහල සාහිත්‍ය පරම්පරාවට අනුගත වීමෙන් ලේල්වල සමිත හිමියන් විසින් මෙම '' සිතුල්පව්වේ බණ කථා " කෘතිය සම්පාදනය කරනු ලැබ ඇත.පැරණි සාහිත්‍ය මූලාශ්‍ර වල සඳහන් සිතුල්පව්ව හා සම්බන්ධ කථාන්තර උකහා ගනිමින් ඒවායේ අර්ථ හා අරමුණු ආරක්ෂා වන සේ කථා රසය උද්දීපනය වන පරිදි මෙය ලියා තිබීම සිංහල සාහිත්‍යයේ අභිවර්ධනය වෙනුවෙන් කරන ලද මහඟු මෙහෙවරක් සේ අගයමි.මෙහි ඇතුළත් කථා පාලි අටුවා වලින් සහ සිංහල සම්භාව්‍ය ග්‍රන්ථ වලින් උපුටා ගත්ත ද ඒවා සාහිත්‍ය රසය හා මුසුකොට නැවත ඉදිරිපත් කිරීමක් මෙමගින් සිදු කර ඇත. කථා රසය සමගම ධර්ම රසය ගලා යාමට සැලැස්වීම කතුවරයාගේ අභිප්‍රාය වී ඇති බව පෙනේ.උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවාවේ නව මානයක් මෙම කෘතිය මගින් එළි දක්වා ඇත. එම උත්සාහය සාර්ථක වී ඇති අතර හුදී ජන ප්‍රසාදයට මෙන්ම විද්වද් සම්භාවනාවට ද පාත්‍ර වන නිර්මාණයක් ලෙස මෙම කෘතිය අගය කළ හැකිය.
ආචාර්ය කුඹල්බොඩ ධම්මාලෝක හිමි
ආචාර්ය කුඹල්බොඩ ධම්මාලෝක හිමි
Rs 300.00
Sri Lankawe Jana Jeevithaya Haa Bandunu Aagamika Puda Puja
ආගමික පුද පූජා දේශීය සංස්කෘතිය තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරන බව පැහැදිලි කරුණකි. අනාදිමත් කාලයක සිට පවතින නොයෙකුත් ආකාරයේ අභිචාර හා පූජා පිළිබඳ ලෝක මට්ටමෙන් විවිධ බුද්ධිමතුන් කරන ලද අධ්‍යයතද සුළුපටු නොවේ. එහෙත් අපේ රටේ ඒ හා සාපේක්ෂව කර තිබෙන අධ්‍යයන සීමා සහිත යැයි සඳහන් කළ හොත් ඒ නිවැරදි වනු ඇත." ශ්‍රී ලංකාවේ ජන ජීවිතය හා බැඳුණු ආගමික පුද පූජා " නමින් පූජ්‍ය මහව සංඝරතන හිමියන් විසින් ලියා ඇති මෙම කෘතිය මගින් ආගමක හැගීම පහළ වී ඇති අයුරු හා ආගමික පුද පූජාවල අවශ්‍යතාව ගැන පමණක් නොව පූජකයන් හා ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳවත් පළමු පරිච්ඡේද දෙක යටතේ මාහැගි කරුණු ගණනාවක් ඉදිරිපත් කර තිබේ. අපේ අනුරාධපුර, පොළොන්නරු යුගයේ ආගමික ඇදහිලි මෙන්ම ප්‍රාග් බෞද්ධ ඇදහිලි ගැන මෙන්ම ලංකාවේ පුද පූජා ලබන දෙවි දේවතාවුන් සම්බන්ධයෙන් ශාස්ත්‍රීය අගයකින් කරුණු එක් රැස් කිරීමක් මෙහි දක්නට ලැබේ.
Rs 450.00
Lakdiwa Uthurukaraye Arya Sabyathwaya
Out-of-Stock
අතීතයේ ලක්දිව පුරා එක ම සංස්කෘතියක් අඛණ්ඩ ව පැවති බවට පිළිගත හැකි සාක්ෂ්‍ය බොහෝ ය. එහෙත් ඇතැම් දෙමළ ශාස්ත්‍රඥයෝ ද ඔවුන් අනුව යමින් කටයුතු කරන සමහර ශාස්ත්‍රඥයෝ ද දිවයිනේ උතුරු කරයේ වෙන ම රාජ්‍යයක් පැවතියේය යන්න සනාථ කිරීමට කලක පටන් උත්සාහ ගනිමින් සිටිති. දකුණු ඉන්දීය රාජ්‍යයන්ගේ ආක්‍රමණ වලට වරින් වර ලක් වුව ද ඔවුන් පලවා හැර තම රාජ්‍යයේ සහ සංස්කෘතියේ ස්වාධීනත්වය රැක ගැනීමට ශ්‍රී ලාංකේය රජවරු සමත් වූහ. දීර්ඝ කාලයක් තිස්සේ ඒ ආක්‍රමණිකයන් තාවකාලිකව හෝ දිවයින යටත් කර ගැනීම නිසාත් ආසන්න රාජ්‍ය සමග පැවති වෙළඳ, ආරක්ෂක සහ සංස්කෘතික සබඳතා නිසාත් භාරතීය සංස්කෘතික ආභාසය නිරන්තරයෙන් මෙරටට ලැබිණි. එහෙත් ඒ ආක්‍රමණ සහ සංස්කෘතික ආභාස වලින් උතුරු කරයේ ආර්ය සංස්කෘතික ලක්ෂණ මුළුමනින් ම යටපත් නොවුණේය.දිවයින තුළ බොහෝ කලකට පෙර සිට ස්වාධීන දෙමළ රාජ්‍යක් පැවති බව සනාථ කිරීමට ප්‍රයත්න දරන අධ්‍යයන රාශියක් මේ වන විට සිදු කෙරී ඇත. තම වර්තමාන දේශපාලන අභිලාෂ මත පිහිටා කෙරුණු බව පෙනෙන මෙම අධ්‍යයන තුළ දෙස් විදෙස් සාහිත්‍යය මූලාශ්‍රය. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය මෙන්ම ගවේෂණ වලින් හමු වූ පුරාවස්තු පක්ෂග්‍රාහී අර්ථකථන වලට බඳුන් කර තිබේ. ඒවා කියවනු ලබන පාඨකයන් මේ පිළිබඳව උන්දුවක් දක්වන දෙස් විදෙස් පර්යේෂකයන් ද මෙම කෘති මඟින් නොමඟ ගොස් තිබේ.
Rs 7,500.00
Sinhalaye Arakshaka Balakotuwa Aithihasika Rohanaya
පැරණි රුහුණු රාජ්‍යය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ දකුණ හා අග්නි දිග ප්‍රදේශය දේශීය සමාජ සංස්කෘතික ඉතිහාසයේ වැදගත් ක්‍රියාවලියකට සම්බන්ධව තිබුණි. විශේෂයෙන්ම දේශපාලන බලය වර්ධනය වීමේ ඉතිහාසය සම්බන්ධයෙන් ඒ ප්‍රදේශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවිධානාත්මක යුධ ව්‍යාපාරය සංවිධානය වීම ආරම්භ වන්නේ රුහුණු ප්‍රදේශයෙනි. ඒ දුටුගැමුණු රජුගේ නායකත්වයෙනි. එතැන් පටන් සංග්‍රාමික ව්‍යාපාර සම්බන්ධයෙන් රුහුණු ප්‍රදේශය වැදගත් වන ආකාරය පළමු වන විජයබාහු රජු චෝළ ජාතිකයන්ට එරෙහි සංග්‍රාමය සංවිධානය කරන ආකාරය මගින් පැහැදිලි විය. ඓතිහාසික මූලාශ්‍රය ඔස්සේ නොයෙක් අවස්ථා වලදී විස්තර කරන එවැනි සාහිත්‍යමය විස්තර කිරීමි සනාථ කරන ආනුභාවික සාක්‍ෂි පුරාවිද්‍යාත්මක භාවිතයෙන් තහවුරු කර තිබේ. එබැවින් රුහුණ ඓතිහාසික සංග්‍රාමික භූමි දර්ශනය අධ්‍යයනය කිරීම වැදගත් විශ්ලේෂණ ඒකකයක් බවට පත් කරයි.
Rs 1,250.00
Sri Lankawe Purana Dhaja Pathaka
Out-of-Stock
ශ්‍රි ලංකාවේ පුරාණ කොඩි, ධජ, පතාක, ඉතිහාසය කා හටත් ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය ප්‍රවීණ ලේඛක ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ සාර්ථක පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස හැදින්විය හැකි අතර
ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ ඝණයේ කොඩි රැසක් මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇත. පිටු දහස් ගණනක නිබන්ධනයක ඇතුළත් කළ හැකි දේවල් රැසක් මෙම කුඩා ග්‍රන්ථයෙන් ඉදිරිපත් කිරීම තුළින් ග්‍රන්ථය පරිශීලනය කරණු ලබන පාඨකයා හට පුරාණ ධජ පිළිබදව ඉතා පුළුල් දැනුම මට්ටමක් වර්ධනය කර ගත හැකිය.

Rs 390.00
Sri Lankawe Wansha Katha
ශ්‍රී ලංකාවේ වංසකථාවන් සියල්ල එක ම කෘතියකින් හැදෑරීමට අවස්ථාව උදාකරන ග්‍රන්ථයක් ලෙස මෙය පෙන්වාදිය හැකි අතර ඉතිහාසය හදාරණ අධුනිකයන්ට, පාසල් ශිෂ්‍ය ප්‍රජාවට, විශ්වවිද්‍යාල සිසුන්ට පමණක් නොව ප්‍රවීණයන්ටද මෙම ග්‍රන්ථය ඉතා ප්‍රයෝජනවත් වනු නොඅනුමානය.
Rs 486.00
Senkadagala Yugaye Wew Jalasha Ha Wari Karmanthaya
Out-of-Stock
“ සෙංකඩගල යුගයේ වැව් ජලාශ හා වාරි කර්මාන්ත " උප ග්‍රන්ථ දෙකක් සහිත ශාස්ත්‍රීය ගවේෂණයකි. සෙංකඩගල යුගයේ ඉදි කළ වැව් ජලාශ හා වාරි කර්මාන්ත ගැන මූලාශ සිය ගණනක් දිගු කලක් ගෙන පරීක්ෂා කොට සකස් කළ නිබන්ධනයක් වන අතරමෙහි උප ග්‍රන්ථ ලෙස තවත් මේ යුගයට අයත් අංග හතක් එකතු කර ඇත.
Rs 390.00
Ribeiro Dutu Lankawa
'Ribeiro History Of Ceilao' නම් වූ මෙම ග්‍රන්ථය පෘතුගීසි භාෂාවෙන් මුලින්ම ලියැවුණේ දාසය වන ශතවර්ෂයේ දී වන අතර එය ඉංග්‍රීසියට පරිවර්තනය කෙරුණේ විද්වත් පී.ඊ. පීරිස් දැරණියගල මහතා විසිනි. මෙම ග්‍රන්ථය ඉතා දුර්ලභ ග්‍රන්ථයක්ව පැවති සමයක රත්නපුර, නීතීඥ වෝල්ටර් සිල්වා මහතාගේ පෞද්ගලික පුස්තකාලයේ ඉතා ආරක්ෂිතව පැවති හෙයින් වර්ථමාන පාඨකයා හට රස විදීම සදහා එම අවස්ථාව උදා වන අතර මෙම ග්‍රන්ථය තුළ මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලනය පිළිබද කරුණු බොහෝමයක් ගම්‍ය වේ.
Rs 1,980.00
Sri Lankeya Shasanika Mathagatum Ha Nirakarana Krama
ශ්‍රී ලාකේය ශාසනික මත ගැටුම් හා නිරාකරණ ක්‍රම (අනුරාධපුර සහ පොළොන්නරු යුගය ඇසුරෙන්) මෙම පර්යේෂණාත්මක කෘතිය පුරාණ ශ්‍රී ලංකාවේ අතිශයින් තීරණාත්මක යුග දෙකක් තුළ භික්ෂු සමාජයෙහි උද්ගත වූ සංකීර්ණතා ගැටලු, ගැටුම් හා ඒවා නිරාකරණය කිරීම විෂයෙහි එවකට පැවති දේශපාලන තන්ත්‍රය හා ඒකාබද්ධව ශාසන භාරධාරී තෙරවරුන් විසින් අනුගමනය කළ ධර්ම විනයානුකූල ක්‍රියාමාර්ග පිළිබඳ වැදගත් කරුණු රාශියක් අනාවරණය කරයි. ඒවා ශාස්ත්‍රීය පදනමකින් යුතුව ඉදිරිපත් කිරීම කරුණු කිහිපයක් නිසා වැදගත් වන අතර අතීත සංසිද්ධීන් ප්‍රාමාණික පරිදි ඉස්මතු කිරීම. වර්තමාන ගැටලු නිරාකරණය සඳහා උපස්තම්භක වීම, ඉදිරි පර්යේෂකයන් සඳහා මාර්ගෝපදේශ සැපයීම මෙන්ම ශාස්ත්‍රීය අධ්‍යයනයන්හි නියුක්ත ආචාර්ය ශිෂ්‍ය දෙපක්ෂයට ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් වීම යනාදී ප්‍රතිලාභ රාශියක් මෙම කෘතිය ඇසුරින් ලබා ගත හැකිය.
Rs 1,500.00
Ruwanweli Maha Seya
තුන් ලෝකයෙහි ම වැඩි ම සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින ස්වර්ණමාලි නම් පූජනීය චෛත්‍යයෙහි කථා ප්‍රවෘත්තිය, රුවන්වැලි මහා සෑය නම් මෙම සදහම් ග්‍රන්ථය තුළින් කියවේ. මෙම ග්‍රන්ථය කියවා අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් යුතු ව චෛත්‍යය වන්දනාවේ යෙදීම තුළින් ජීවමාන බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කළා සේ ම පින්දහම් රැස් කර ගත හැකි ය.
Rs 320.00
Madyama Lanka Pura wurtha
පෙර පැවති පිළිවෙළ පිළිබඳ පුවත් ' පුරා වෘත්තය ' යි සැලකෙයි. අන්තිම සිංහල රාජධානිය වූ සෙංකඩගලපුරය ඇතුළු ප්‍රදේශත්‍රයකින් සමන්විත මධ්‍යම ප්‍රදේශය පිළිබඳ එබඳු පුවත් ඇතුළත් මෙම ග්‍රන්ථය මධ්‍යම ලංකා පුරාවෘත්ත නම් වේ.
Rs 850.00
Ahalepolage jeevitha kathawa
මෙම කුඩා පොත එක්තරා ඉලක්කයක් සහිතව ලියවී ඇත. එම ඉලක්කය නම් 'ඇහැලෙපොලගේ ජීවිතය පිළිබද ව පොදුවේ පිළිගත් හා නිරවද්‍ය විස්තරයක් සැපයීමයි. ඔහුගේ ජීවිත කාලයෙහි කන්ද උඩරට රජවාසලෙහි සිටි ශ්‍රේෂ්ඨතම චරිතය විය. කන්ද උඩරට පළාත් බ්‍රිතාන්‍යයන්ට පවරා දීම සහතික කිරීම පිණිස කටයුතු කිරීමේ දී ඔහු නිසැකව ම ප්‍රමුඛ කාර්යභාර්යක් ඉටු කලේ ය. ඉතිහාසයේ පිටු මත නොමැකෙන අදුරු පැල්ලමක් ඇති කළ ඛේදවාචකයක දුක් පීඩා විදීමට ලක් වූ තැනැත්තකු ලෙස ඔහුගේ නම ලංකා ඉතිහාසයේ සිහි කටයුතු එකක් බවට පත් ව ඇත. අත්තනෝමතික රජකු විසින් ඇහැලේපොලගේ පවුලේ සාමාජිකයන්ගෙන් ගන්නා ලද අමානුෂික පළිගැනීම, දිවයිනේ ජනප්‍රියතම සිංහල නඩගමක තේමාව බවට පත් ව තිබේ.
Rs 480.00
Wanni Distrikkawala Athpotha
'වන්නි දිස්ත්‍රික්කවල අත්පොත' නමැති මෙම කෘතිය ජායානුගත පරිවර්තන කෘතියක් වන අතර එම්.යූ.ඒ. තෙන්නකෝන් මහතා විසින් මෙය පරිවර්ථනය කර ඇති අතර කිසිදු විශේෂිත අවුරුද්දකට සීමා නොකොට දීර්ඝ කාල පරාසයක් සදහා සකස් කරණ ලද පරිපාලන වර්තාවක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකිය.
Rs 1,600.00
Ceylon Diwaine Sancharayak (Voyage a Ceylan)
දා හත්වන සහ දහ අටවන සියවසේදී බොහෝ යුරෝපීය ජාතිකයන් සංචාරකයන් ලෙස ලංකාවට පැමිණියහ. ඔවුන් ලංකාවේ සොබා සෞන්දර්යයට කැමැත්තක් දැක් වූ අතර, ඒ වන විට රට පුරා තිබූ වනාන්තර ඔවුන්ගේ ගවේෂණ වලට ලක්වූයේ ය.
මේ කෘතියේ සඳහන් වන්නේ එවැනි සංචාරකයන් පිරිසක් යුරෝපයේ සිට ලංකාව බලා පැමිණීම යි. ඔවුන් යුරෝපයේ සිට දකුණු අප්‍රිකාවටත්, එතැන් සිට මාලදිවයින හරහා මුහුදු මාර්ගයෙන් ලංකාව බලා පැමිණෙති. ඔවුන්ගේ මුහුදු ගමන අතරතුර සිදුවන සිද්ධීන් ද, මාලදිවයින් දූපත් වලදී මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්වී අවසානයේ ඔවුන්ගෙන් ගැලවී පලා යාම ද කතුවරයා විසින් සිත්ගන්නා ලෙස විස්තර කර ඇත. ලංකාවට පැමිණීමෙන් පසු ඔවුන්ගේ විවිධාකාර වූ ගවේෂණ පිළිබඳව ද කතුවරයා විසින් සිත් ගන්නා සුළු ආකාරයට විස්තර කර ඇත.

Rs 900.00
Lakdiwa Eda saha Ada (Ceylon Past and Presesnt)
'ලක්දිව එදා හා අද' කෘතිය කොලින් මෙට්කාෆ් එන්‍රිකස් මහතා විසින් රචනා කර ඇති අතර ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ඒ සංචාරය පිළිබඳව තැබූ සටහනයි. ලංකාවේ භූ විද්‍යාත්මක ඉතිහාසය සහ මානව ඉතිහාසය, පුරාණ රාජවංශ, මහින්ද යුගය, අනුරාධපුරය, සිගිරිය, පොළොන්නරුව, යාපහුව, කුරුණෑගල, යුරෝපීය ආක්‍රමන, සහ ව්දේශයන්හි සිංහල බලපෑම ඇතුළුව එවකට ලංකාවේ පැවති යටත් විජිත පාලනය පිළිබඳව පැහැදිලි විස්තරයක් ලබා දෙයි. එසේම ඔහු දිවයිනේ දකුණු වෙරළ, ඌව පළාත, උස්බිම්, ආදම්ගේ කඳු මුදුන, පේරාදෙණිය, මහනුවර, ත්‍රිකුණාමලය, යාපනය, සහ ලංකාවේ ජනවාර්ගිකත්වය පිළිබඳව අවධානය යොමු කරන්නේ, ලංකාවේ යටත් විජිත ලේකම්ව සිටි ශ්‍රීමත් එමසන් ටෙනන්ට් විසින් රචිත 'ද සිලොන්' කෘතිය වැඩි දුරටත් පරිශීලනය කරමිනි.
එසේම ඔහු සැමවිටම ලංකාවේ බුදු දහමේ ඉතිහාසය හා සිදුවීම් එවකට ඔහු ජීවත් වූ බුරුමයන් (අද මියන්මාරය) සමඟ සසදන්නට අමතක නොකරයි. සැබෑ පරිසරවේදියෙකු මෙන්ම සමනලුන් එකතු කරන්නෙකු වූ කෙලින් මෙකාෆ් වන්රිකස් මෙම කෘතියේ අවසානයේ ලංකාවේ තමාට හමු වූ සමනලූන් පිළිබඳව වැදගත් සටහනක් ද තබා ඇත.

Rs 1,300.00
Lankawe Sudu Palanayata Erehi Wu Sudda
1936 අප්‍රේල් මාසයේ දිනෙක ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි මාක් බ්‍රේස්ගර්ඩ්ල් ලංකාවට ගොඩ බැස්සේය. ඒ තේ වැවිලි කර්මාන්තය ඉගෙනගනු පිණිසය.නමුත් හාම්පුතුන් කම්කරුවන්ට සලකන කෲර ආකාරයන් දකිමින් බ්‍රේස්ගර්ඩ්ල් වතු පාලකයන්ට එරෙහිව නැගුණේය. ලංකාවේ යටත් විජිත ආණ්ඩුව එය දුටුවේ තමන්ට එරෙහිව නැගීමක් ලෙසිනි. බ්‍රේස්ගර්ඩ්ල් සිදුවීම ලංකාවේ නිදහස් සටන ඇවිළෙන්නට වැටුණු එක් ගිනි පුපුරක් වූයේය.
Rs 1,300.00
Lakdiwa Gena Liyu Wideshikayo
දුරාතීතයේ පටන් විවිධ ජාතීන්ට අයත් විදේශිකයෝ ලංකාව පිළිබඳව ඇසූ දුටු තොරතුරු සටහන් කොට තැබූහ. මෙවන් සටහන් අපේ ඉතිහාසය පිළිබඳ නිවරද තොරතුරු සොයායන ඉතිහාස ගවේෂකයනට ලබා දෙන්නේ නොමඳ ආලෝකයෙකි.
පොළොන්නරුවට මුලින් ම පැමිණ ගවේෂණාත්මක සටහනක් තැබූ බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ලන්දේසි හමුදා සමඟ පැමිණි ජර්මන් ජාතික ක්‍රිස්ටෝපර් වෙයිසර්, ඉංගිරිසි හමුදා සමඟ පැමිණි ප්‍රංශ ජාතික ෂොන්විල, ඉන්දියාවේ සිට ලංකාවේ ඉතිහාසය පිළිබඳව වැදගත් තොරතුරු ලියූ පෘතුගීසි ජාතික ෆරිනා ඕ දී කීරෝස් සහ ලන්දේසි හමුදාවේ සේවය කළ ජර්මන් ජාතික ඇල්බර්ටි හර්පොට් පිළිබඳ තොරතුරු මෙම කෘතියට ඇතුළත් ය.

Rs 500.00
Sri Lankeya Brahmi Shila Lekhanavalin Helivana Devanampiya MahaRajavaru
පුරාණ සෙල්ලිපි යනු එක් අතකින් තථ්‍යකාල වර්තා ලෙස සැලකිය හැකි මූලාශ්‍ර ප්‍රභේදයකි. එවැනි වාර්තාවක් සංශෝධනය වීමට තිබෙන ඉඩ ඉතා සීමිතය. මහාධිරාජඅශෝක වරක් තමා විසින් තොටවන ලද සෙල්ලිපි හැඳින්වීම ටිවිරස්ථිතික යන යෙදුම භාවිත කලේය . එහි අරුත සදාකල්හිම පවත්නා යන්න යි.
ඉනෝකා මන්නිලක විසින් රචනා කර තිබෙන මෙම කෘතිය ග‍්‍රී ලංකාවේ පැරණිතම සෙල්ලිපි තේමා කර ගැනීමෙන් රචනා කරන ලද්දකි. එම සෙල්ලිපිවල සඳහන් වන රාජ අභිධාන සහ ඒ ඒ රජ පවුල්වල අනුපිළිවෙල ඒ ඇසුරින් පහදා දීමට ඇය විසින් සැලකිය යුතු වෙහෙසක් දරා තිබේ. ඇයගේ උත්සාහය ශාස්ත්‍රීය දෘෂ්ටිකෝණයකින් බලන විට වඩාත් වැදගත් වනුයේ එමගින් ශ්‍රී ලංකාවේ සෙල්ලිම පර්යේෂණ පිළිබඳ උනන්දුවන්නේකුට ඒ සඳහා කල්පනා කිරීමට සරිලන නව ඉසව්වක් විවෘත කර තිබෙන නිසාය. ඕනෑම කාලයක පුද්ගලයෙකු විසින් භාවිත කරන අභිධාන, ධුරාවලී නාට, ආදි දේ සංශාතාත්මකය. ඉන් සන්නිවේදනය කරන විවිධ අරුත් තිබිය හැකිය. ප්‍රායෝගිකව දුෂ්කර වුවත්, ඒවා විකේතනය කිරීම යනු ඉතිහාසය වටහා ගැනීමට ඉවහල් වන, වැදගත් ප්‍රවේශයකි කතුවරිය මෙම කෘතියේ දී ඊට මූලික පියවරක් ගෙන තිබේ. මෙරට ඉතිහාසයෙවිසූ පාලකයින්ගේ අන්වය පිළිබඳ තවමත් නොවිසඳුනු ගැටලු කිහිපයක් තිබේ. අනාගතයේ දී ඒවා විසදීමට අරමුණු කර ගන්නා පර්යේෂකයෙකුට මෙම කෘතිය යම් ආදර්ශයක් සපයනු ඇත යන්න මගේ විශ්වාසය යි. සෙල්ලිපි ගැන උනන්දු වන සාමාන්‍ය පාඨකයෙකුට මෙවැනි කෘති මගින් අගය කළ යුතු මෙහෙයක් ඉටු කරනු ඇත.
පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්ය
රාජ් සෝමදේව

Rs 690.00