History & Culture

Sri Lankawe Shila Lipi Sannivedanaya

ශ්‍රී ලංකාවේ ශිලාලිපි හා සන්නිවේදනය පිළිබද සිරිසමන් විජේතුංග මහතා විසින් සම්පාදිත මෙම ග්‍රන්ථය ඉතා වැදගත් කෘතියක් වන අතර මෙම කෘතිය මගින් ඉතා වටිනා ශාස්ත්‍රීය සේවාවක් සිදු වන අතරේම ශිලාලිපි හා සන්නිවේදනය පිළිබද එක් දේශයක් කෙරෙහි නවමු අලෝක ධාරාවක් යොමුකරමින් ශිලාලිපි හා සන්නිවේදනය අතර පවත්නා සම්බන්ධය මෙලෙස අනාගත විද්‍යාර්ථීන්ට ගෞරවයෙන් ඉදිරිපත් කරනු ලබයි...
Rs 750.00

Cunningham's Erroneous Accounts Of Buddhist History

Drawing on colonial records and overlooked evidence, the author reveals how British authorities, confronted by strong resistance from Sri Lankan communities and the unifying influence of the Buddhist Sangha, came to regard Buddhism itself as a source of national cohesion. In response, colonial scholarship gradually shifted key elements of the Buddha's life and legacy away from Sri Lanka, weakening the island's historical and spiritual centrality to the tradition.
Rs 1,750.00

Mutti Mangallaye Sanskruthikawalokana

අතීතයේ වන්නි හත් පත්තුව නමින් ප්‍රකට භූගෝලීය කලාපයට ආවේණික චිර ප්‍රකට 'මුට්ටි මංගල්ලය' තද් ප්‍රදේශයේ කෘෂක ජන සමාජවාසී සංස්කෘතියේ අභ්‍යන්තරය විනිවිද දැකිය හැකි සංස්කෘතික සංස්පර්කයකි. ශ්‍රී ලාංකේය අස්පර්ශනීය සංස්කෘතික උරුමයේ ඒක දේශයක් නියෝජනය කෙරෙන තද් 'මංගල්ලය' පිළිබඳ ප්‍රාමාණික පර්යේෂණ සිදු වී නොමැති විපරීත සමාජ සංදර්භයක් තුළ සමාජ හා සමාජ මානව විද්‍යා විෂය ක්‍ෂේත්‍රය අරභයා පේරාදෙණිය විශ්වවිද‍්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපාලි වීරකෝන් විසින් රචිත 'මුට්ටි මංගල්ලයේ සංස්කෘතිකාවලෝකන' නම් පර්යේෂණාත්මක ශාස්ත්‍රීය කෘතිය තව දුරටත් මානව වංශ සංගීත විද්‍යාල ජනශ්‍රැතික විද්‍යා වල සමාජ මානව විද්‍යා වල සමාජ විද‍්‍යාව විෂය ක්ෂේත්‍ර පෝෂණය කිරීමට දායක වන්නේ මෙවැනි පසුබිමකයි. චිරාත් කාලයක් සමාජයේ නොනැසී පවත්වා ගෙන එනු ලබන වැව, කෘෂි ජීවනෝපාය සහ ස්වභාව ධර්මය සමඟ බැඳුණු සම්ප්‍රදායික ජන විශ්වාස මතපදනම් වූ මුට්ටි නැමීමේ මංගල්ලය ගැන ගැඹුරු විචාරාත්මක කරුණු අතිශයින් දුර්ලභ සමයක. සමාජ වෙනස්වීම් හා පරිවර්තන ක්‍රියාවලීන් අභිමුඛව හිඳින සමාජයක සම්ප්‍රදායික සිරිත් විරිත් පිළිබඳ ගවේෂණය ප්‍රශංසනීය දෙයකි. මෙවැනි මහඟු විශ්වාස පද්ධති ලේඛණ ගත කිරීමෙන් එහි සුරක්‍ෂිතතාව මෙන්ම අනාගත පරපුරට සම්ප්‍රේෂණය කිරීමේ ප‍්‍රවේශයක් ද සපයයි.
සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක
Rs 1,800.00

Lenad Wulf Baddegama Saha Wulf Noki Baddegama Namal Prasantha Dayawansha

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නාමල්ගේ මෙම කෘතිය ලෙනාඩ් වුල්ෆ් වටා ගෙතුණ බොහෝ අගනා තොරතුරු එක්රැස් කොට සිංහල පාඨකයා වෙනුවෙන් රචනා කරන ලද අනගි නිර්මාණයකි. අප රටේ බොහෝ දෙනා දැන සිටියේ, වසර හතක වුෆ්ගේ උප දිසාපති භූමිකාව හා ඔහු විසින් රචනා කරන ලද 'බැද්දේගම ' නවකතාව ගැන පමණකි. වුල්ෆ් චරිතය ඇසුරු කර සහ ඔහු ගැන ලියූ දෙස් විදෙස් ලේඛකයන්ගේ කෘති සේවනය කරමින්, යටත් විජිතයුගයේ ලංකාවේ සිටි පරිපාලකයෙකු හැටියටත්, ලිබරල්වාදී චින්තකයෙකු හැටියටත් ඔහුගේ පසුකාලීන ක්‍රියාකාරීත්වය මෙහි පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වෙයි. අධිරාජ්‍යවාදී අදහස් ඒ අයුරින් නොගෙන මානව හිතවාදී දෘෂ්ටියකින් ලෝකය දෙස බලා ඔහු කටයුතු කර ඇති ආකාරය මෙහි දක්වා තිබීම ඉතා වැදගත්ය. බ්‍රිතාන්‍ය වාමාංශික ව්‍යාපාරයේ හා කම්කරු පක්‍ෂයේ ක්‍රියාකරුවකු වූ වුෆ්ගේ මෙකී දේශපාලන උද්යෝගය එක්සත් ජාතීන්ගේ සංගමයේ මූලාරම්භයට යම් දායකත්වයක් සැපයිණි.
එසේම ඔහුගේ බිරිඳ වූ වර්ජිනියා වුෆ්ගේ සාහිත්‍ය ව්‍යාපාරය පිළිබඳව හා ඒවා ඇසුරින් නිර්මාණය වූ විවාදාපන්න චිත්‍රපට පිළිබඳව ලේඛකයා සිදුකරන එළිදරව් කිරීමේ ද ඉතා වැදගත් ය. වුල්ෆ් යුවළගේ සාහිත්‍ය, සමාජ, දේශපාලන යන ක්ෂේත්‍ර වල බලපෑම බ්‍රිතාන්‍යයට පමණක් සීමා නොවූ අතර ප්‍රංශය ඇතුළු යුරෝපීය රට වලට ද එහි බලපෑම ඇති විය. එහෙයින් මෙම නව විද්වත් රැඩිකල් අදහස් එම ශත වර්ෂයේ ආරම්භයේ යුරෝපයේ ජනයාගේ බුද්ධිය පුබුදු වන ලද ප්‍රබල දේශපාලන හා සාහිත්‍ය සංවාද හැටියට සැලකිය හැකිය.මෙම කෘතිය ඉතා වෙහෙස මහන්සිව රචනා කිරීමෙන් නොමල් සිදුකර ඇත්තේ ලාංකීය ප්‍රජාවගේ බුද්ධිමය ප්‍රබෝධය හා දැනුම පුළුල් කරන වටිනා වූත් සුවිශේෂ වූත් අපදාන කෘතියක් ලාංකීය පාඨකයාට ප්‍රදානය කිරීමකි.
සේවාර්ජිත මහාචාර්ය සෝමරත්න බාලසූරීය
Rs 1,700.00

Kanda udarata gaman viththi

කන්ද උඩරට රාජධානියේ පිහිටි දැක බලා ගත යුතු අපමණ තැන්වලින් තෝරාගත් පෞරාණික සහ සුන්දර තැන් කිහිපයක් සොයා ගිය ගවේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම කෘතිය රචනා කර ඇති අතර. මේ සෑම තැනක් සමඟම බැඳී පවතින්නේ කුතුහලය දනවන කතා පුවතක්ය.
බලන කපොල්ල, දිවිදොස්ගල දැක බලා ගෙන සුද්දන් ඉදිකළ පැරණි පාලම් වලින් මහනුවරට ඇතුළු වන කතුවරයා ලේවැල්ල කොටුතෙළ හරණය කර කුණ්ඩසාලේ නුවර දැක බලා ගෙන මැද මහනුවරට පැමිණෙයි. දුම්බර පුරාණ අමිබලම්වල නවතිමින් හිල්ඩය, ලැමසූරියගම, නිල්ලඹ නුවර, මන්දාරම් නුවර, සගම රජමහා විහාරය, එළදැක්කේ නොක්ස්ගේ ගම, වියන් ඇල්ල ඇතුළු තැන් රැසක් සොයා වාරිකා කරයි.
Rs 1,050.00

Sinhala Thupa Wanshaya

දුටුගැමුණු මහ රජතුමා විසින් අනුරාධපුරයෙහි කරවන ලද රුවන් වැලි සෑය පිළිබඳ ඉතිහාසය පවසන ථුපවංශ' නම් වූ මේ ග්‍රන්ථය සකල විද්‍යාචක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිත නම් උගතෙකු විසින් රචනා කරන ලද්දකි.මේ පඬිවරයා හා බුත්සරණ කළ විද්‍යා චක්‍රවර්තීන් එක් කෙනෙක්ම යයි මීට කලකට පෙර අප අදහස වූ නමුත් ඒ අදහස වැරදි බව කියන්ට දැන් කරුණු තිබේ.බුත්සරණෙහි භාෂාව හා වෙනත් කරුණුත් පරික්ෂා කළ විට පෙනෙන්නේ එය පොළොන්නරු කාලයට අයත් ය යන බවය. ථූපවංශයෙහි සමහර තැන බුත්සරණින් ගෙන යෙදූ පාඨ තිබෙන නමුත් එය කුරුණෑගල කාලයට අයත් බව එහි තිබෙන ද්‍රවිඩ වචන බහුල වූ භාෂාවෙන් ඔප්පු වේ. මෙහි පෙනෙන ' මයිලඩි' ආදී සමහර ද්‍රවිඩ වචන අනික් සිංහල පොතක නැත්තේය.
මහා ස්තූපය පිළිබඳ ඉතිහාසය ඇතුළත් මේ පොතෙහි මුල බුද්ධ චරිතය සංක්ෂේපයෙන් දක්වන ලදී. මාර යුද්ධය මනොරමාකාරයෙන් මෙහි දක්වන ලදී. දශ පාරමිතාවන් යොධත්වයෙන් රූපණය කොට කළ වර්ණනාව අතිශය චමත්කාර ජනකය.මේ පොත බෞද්ධයන් විසින් බණ පොතක් ලෙස ආදරයෙන් කියවනු ලැබේ. සමහර විට අධ්‍යයන පරීක්ෂණයන් සඳහා ද මෙහි කොටස් නියම කරනු ලැබේ.සම්පූර්ණ ථුප වංශය දැන් සුලභ නොවේ. ඒ පිළිබඳ ව යෙදීමට අපට කාලයක් නොමැති හෙයින් ඒ කාර්යය විද්‍යොදය පිරිවෙනෙහි ආචාර්යවරයෙකු වූ පණ්ඩිත ගලගම සරණංකර ස්ථවිර නමට පැවරිමු. ඒ ස්ථවිර නම විසින් මෙය සකස් කර ඉතා අමාරු ගැටපදයට විවරණයක් ද සම්පාදනය කරන ලදී. මේ පොත කියවන සාමාන්‍ය බෞද්ධයන්ට ඒ ගැටපද විවරණය ප්‍රයෝජනවත් විය හැකිය.
වැලිවිටියේ සෝරත නායක ස්ථවිර
Rs 800.00

Wisinavaye Lekammitiya

ලේකම්මිටිය යනු කුමක් ද? යන්න පිළිබඳව විමසා බැලීමේදී එකම කාර්යය මණ්ඩලයකට අයත් විවිධ කාර්යයන් පිළිබඳව තොරතුරු ලියූ එකට බඳින ලද පොත් කීපයක් සහ ප්‍රසිද්ධ විහාරස්ථානාදියේ අය-වැය විස්තර සඳහන් කරන්නට යෙදුණා වූ ලොකු පොත් එකට බැඳ තබන සිරිත නිසා ලේකම්මිටිය යන අර්ථයෙන් ඒවා හැඳින් වූ බව පෙනේ. මේ අයුරු අපේ ඉතිහාසය පුරා ගම්වසම්බිනි ලේකම්මිටිය, නානායක්කාර ලේකම්මිටිය, හීලේකම්මිටිය, කත්හාල් ලේකම්මිටිය, පාමුල් ලේකම්මිටිය, සංඝයා පිළිබඳ ලේකම්මිටිය, අතපත්තු ලේකම්මිටිය, කොඩිතුවක්කු ලේකම්මිටිය, ශ්‍රී පාදේ ලේකම්මිටිය, දළදා මාලිගවේ ලේකම්මිටිය, දේවාල හා පන්සල් වල ලේකම් මිටි යනාදි වශයෙන් බොහෝ ලේකම් මිටි අපට හමුවේ. මේවාට අමතරව තොරතුරු ලැබෙන ආකාරය අනුව තවත් නන්වැදෑරුම් ලේකම් මිටි තිබී ඇති බැව් විශ්‍රාමලත් විදුහල්පති, කලා භූෂණ රාජ්‍ය සම්මාන ලාභී ඩී. ඒ. ටී.බී. දේවසිංහයන් විසින් ශ්‍රී ලාංකීය ජාතියට හඳුන්වාදෙන "විසිනවයේ ලේකම්මිටිය " නම් වූ නවතම ග්‍රන්ථය තුළින් මොනවට පසක් කර දී ඇත්තේය.
Rs 750.00

Henri Marshal Sinhale

වෛද්‍ය හෙන්රි මාර්ෂල් ම සිය සංඥාපනයේ පවසන පරිදි ඔහු 1808 දී ලංකාවට පැමිණියේ ය; කන්ද උඩරට රාජධානිය අත්පත් කරගැනීම සඳහා 1814 දී සංවිධානය කළ හමුදාවේ පළමු වන සේනාංකයට අයත් වූයේ ය. 1816 සිට 1821 තෙක් උඩරට පළාත්වල ජ්‍යෙෂ්ඨ ම වෛද්‍ය නිලධරයා වූයේ ය.මේ නිසා ම වෛද්‍ය හෙන්රි මාර්ෂල් කන්ද උඩරට රාජ්‍යය ඉංග්‍රීසින් හට අත්පත් වීම හා 1818 උඩරට නිදහස් සටන ද යන, අප රටට අතිශයින් ම වැදගත් වූ චෙතිහාසික අවස්ථාවන්හි සාක්ෂ්‍ය කරුවෙකි; සිංහලයේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ හා කතාබස් කළ තැනැත්තෙකි; කැප්පෙටිපොළ මහ නිලමේ සිය මරණයට වීරෝදාර ලෙස මුහුණ දුන් අයුරු දෑසින් දුටු වාර්තාකරුවෙකි. අද අප ගේ ජාතික වස්තුවක් වන ඒ වීරයා ගේ හිස් කබල රැකුණේ ද ඒ අවස්ථාවේ දී මේ වෛද්‍යවරයා වය ආරක්ෂා කරගැනීමට කටයුතු කළ නිසාය.
දහනව වන සියවසේ ලංකාව පිළිබඳ ව යුරෝපීයයන් ලියූ අනෙක් කෘතිවලට වඩා මේ කෘතිය සුවිශේෂ වනුයේ වෛද්‍ය මාර්ෂල් මෙය රචනයේ දී දක්වා ඇති මධ්‍යස්ථ භාවය නිසා ය. එහි දී ඔහු හා සම වනුයේ වෛද්‍යවරයකු ම වූ ජෝන් ඩේවි පමණි. එයට අමතර ව, ලංකාව පිළිබඳ ව ඒ වන විට පළ ව තිබු ග්‍රන්ථයන් ගෙන් ද නොපළ වාර්තා සටහන්, දිනපොත්, ලියුම්, හමුදා වාර්තා සටහන් ආදි බොහෝ මූලාශ්‍රයයන්ගෙන් ද උපුටාගත් කරුණු වලින් මේ ග්‍රන්ථය පිරි පවතී.
Rs 950.00

Lankawa:kalu suddange palana samaya-2 kotasa(1948-2024)

නීතිඥ ආචාර්ය චන්ද්‍රසිරි විජයවික්‍රම මහතා විසින් රචනා කරන ලද ලංකාවේ කළු සුද්දන්ගේ පාලන සමය දෙවන භාගය නැමැති මෙම කෘතිය තුළ ලංකාවේ තිබෙන භූමි අසමමිතිකතාවය, භූගෝලවිද්‍යා අවපාලනය ,බුදු දහම හා භූගෝලවිද්‍යා නීතිය යන සාධක මත රටට තිරසාර සංවර්ධනයක් ළගාකර ගත හැකි ආකාරයත් තවත් එවැනි ඉතා වටිනා මතෘකාවන් බොහෝමයක් පිළිබදවත් මෙම කෘතිය තුල සාකච්චා කරණු ලබයි.
Rs 1,400.00

Purathana lakdiwa

පූජ්‍ය ඇති පොළ මංගල හිමියන් විසින් ගිහියෙකු ලෙසද යතිවරයකු ලෙස ද ලියන ලද ශාස්ත්‍රීය ලේඛන සිය ගණනකි. ඒ අතරින් ලියවිලි දහයක් තෝරාගෙන පුරාතන ලක්දිව නමින් ග්‍රන්ථයක් මෙලෙස ප්‍රකාශයට පත්කොට තිබිම අගය කළ යුතුය. මංගල හිමියන් වඩාත් ගැඹුරින් අධ්‍යයනය කර ඇත්තේ යටත් විජිත සමයේ ඉතිහාසය පිළිබඳවය. එම යුගය පිළිබඳව දැනට ජීවත්ව සිටින ප්‍රාමාණික උගතුන් කීපදෙනා අතර උන්වහන්සේගේ නම ඉහළ ස්ථානයක ලා සැලකිය හැකිය.කෙසේ වුවද, මේ ග්‍රන්ථය සඳහා මංගල හිමියන් තෝරාගෙන ඇත්තේ පුරාතන ඉතිහාසය පිළිබඳව උන්වහන්සේ විසින් ලියන ලද ලිපි දහයකි. ඒවා අනුරාධපුර සහ පොළොන්නරු යුග වලට අදාළ විවිධ මාතෘකා අළලා ලියවී ඇත. මේ ලිපි මගින් තමන් වහන්සේ පුරාතන ඉතිහාසය පිළිබඳව ද තම දැනුම සහ නිපුණතාව ප්‍රකට කරනු ලැබ ඇත. ඉතිහාසය යනු හුදෙක රජවරුන් බලයට පත් වීම සහ ඔවුන් විසින් කරන ලද කටයුතු පමණක් නොවන බව මේ ග්‍රන්ථයේ ඇතුළත් ලිපි වලින් මනාව තේරුම්ගත හැකිය. ඉතිහාසය දෙස මානව විද්‍යාත්මක දෘෂ්ටියකින් බැලීමට මංගල හිමියන්ට හැකි බව මේ ලිපි මාලාවෙන් පැහැදිලිය. ශ්‍රී ලංකාව හඳුන්වන ලද පැරණි නම් අසූ හතක් පිළිබඳව මෙහි ප්‍රථම ලිපියට විෂය වී ඇත. මෙරට පුරාණ ගම, වැව්. කාසි, ආහරණ සහ සෞඛ්‍යය පිළිබඳව ලිපි දෙකක් ද මෙරට විසූ මහා රජවරුන් දෙදෙනෙකු වන විජයබාහු සහ පරාක්‍රමබාහු ගේ කාර්යය සාල්‍ය පිළිබඳ ලියවී ඇති ලිපි දෙකෙන් එම ශ්‍රේෂ්ඨයින් ශාස්ත්‍රීය ලෙස හඳුන්වා දීමට කටයුතු කර ඇති ආකාරය ප්‍රසංශනීයය.
පූජ්‍ය ඇති පොළ මංගල හිමියන් දශක ගණනාවක් තුළ ශාස්ත්‍රීය ලෝකයට කළ මෙහෙවර අනාගත පරපුර වෙත මෙලෙස ග්‍රන්ථානුගතව ඉදිරිපත් කිරීමට විවේකය සහ අවස්ථාව ලැබේවායි ද නව පර්යේෂණ මගින් අප සැම දැනුවත් කිරීමට උන්වහන්සේට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.
මහාචාරය අනුර මනතුංග, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරල්
Rs 1,410.00

Aithihasika Thorathuru Athulath Salagama Wanshaya

ජී. ප්‍රසාදිනී ද සිල්වා විසින් රචිත, සලාගම ප්‍රජාවගේ ඓතිහාසික පසුබිම සහ තොරතුරු ඇතුළත් පොතකි. මෙම කෘතිය මගින් ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල කුරුඳු වගාව සහ වෙළඳාම සමඟ ඓතිහාසිකව බැඳී පවතින සලාගම (සාලිය) කුලය පිළිබඳ තොරතුරු අනාවරණය කරයි. 
Rs 410.00
Out-of-Stock

Anuradhapura Purana Nagara Salasma Saha Wenath Lipi

Out-of-Stock
අනුරාධපුර පුරාණ නගර සැලැස්ම සහ වෙනත් ලිපි මැයෙන් යුක්ත මෙම ග්‍රන්ථය සම්මානිතමහාචාර්ය ටී.ජී. කුලතුංග මහතාගේ ශාස්ත්‍රීය ලිපි එකතුවකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ සම්මානිතමහාචාර්ය වරයෙකි. ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ හිටපු සභාපතිවරයෙකි. එතුමාගේ පුරාණ අභයගිරි විහාරය ග්‍රන්ථයට 2014 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ දී වර්ෂයේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතියට පිරිනැමෙන සම්මානය හිමි විය. සරසවි ප්‍රකාශකයෝ විසින් පළකළ එතුමාගේ අනුරාධපුර මහා විහාරය ග්‍රන්ථයට ශ්‍රී ලංකා බෞද්ධ සම්මේලනය මගින් වර්ෂයේ විශිෂ්ටතම බෞද්ධ ග්‍රන්ථයට හිමි සම්මානය ප්‍රදානය කෙරිණි. පුරාවිද්‍යාඥ ශකිල රාජකරුණා මහතා විසින් සංස්කරණය කර ඇති මෙම ලිපි සංග්‍රහය ද එවැනි ම ශාස්ත්‍රීය වැදගත්කමකින් යුක්ත වූවකි

Lankarama Purana Wiharaya

'ලංකාරාම පුරාණ විහාරය' නැමැති මෙම කෘතිය නීතිඥ ආචාර්ය මහින්ද රැළපනාව මහතා විසින් රචානා කර ඇති ලංකාරාම පුරාණ විහාරස්ථානය සම්බන්ධ සියලුම ඓතිහාසික තොරතුරු අන්තර්ගත ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 450.00

Tikiri Banda Panabokke

ඔහු ජිවත් වූයේ උඩරට කැරැලි දෙකකින් උගත් පාඩම් මතඉංග්‍රීසි පාලකයන් විසින් රට ස්ථාවර කරමින් සිටි දහනව වනි ශත වර්ෂයේ දෙවැනි භාගයේය.එබැවින්ම ඔහුගේ වෙහෙසකර රාජ්‍ය සේවය රටේ සිදු වූ සමාජ දේශපාලන ආර්ථික හා අධ්‍යාපනික පරිවර්තන ක්‍රියාවලි ඉතිහාසයේ කුඩා පරිච්ඡේදයක් බවට පත්වෙයි.අමිහිරි ළමා කාලයකින් පසු අධිෂ්ඨානයෙන් කැපවීමෙන් සිය ජීවිතය සාර්ථකව ගොඩනගාගත් ඔහු ළමා කාලයේ සිටම සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත ඉගෙන භාෂා ප්‍රවීණයෙකු ඔබට පත්වෙයි. කාලිදාසගේ මේඝ ධූත කාව්‍යය සිංහලයට පරිවර්-තනය කරයි. අලිඛිත උඩරට නීතිය, නීති නිඝණ්ඩුව නමින් ග්‍රන්ථාරූඩ කරයි.ඔහුගේ සුජාත පුත්‍රයෙකු මෙන්ම ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ටිකිරි බණ්ඩා පානබොක්කේ (කනිෂ්ඨ) ලද ප්‍රසිද්ධිය පියා වූ ටිකිරි බණ්ඩා පානබොක්කේට (ජ්‍යෙෂ්ඨ) නොලැබී ගිය සෙයකි.වසර සියයකට ආසන්න කාලයක් සැඟව තිබූ ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදානය මෙසේ සිංහලයෙන් එළි දැක්වීම මගින් එම අඩුව සපිරේ.
Rs 340.00

1815 n Pasu Seegiriya

කෘතිය ඇසුරෙන්...
ජයන්ත විජේරත්නයන් විසින් රචිත1815න් පසු සීගිරිය නැමති ඓතිහාසික සහ පුරාවිද්‍යා තොරතුරුවලින් යුත් ග්‍රන්ථය, වෙනස්ම ආකාරයෙන් ලියූවකි. මෙහි ඇති සමහර වෘත්තාන්ත ඔහුගේ පමණක් නොව, අපගේ ද ළමාවිය සිහිපත් කරන ස්වයං චරිතාපදානයන් හා සමානය.වර්ෂ 1815 න් පසු සීගිරිය සම්බන්ධයෙන් වූ පුරාවිද්‍යාත්මක කැණීම්, ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු පිළිබඳව සංක්ෂිප්ත තොරතුරු මෙහි අඩංගු වේ. එපමණක් නොව සීගිරිය සංස්කෘතික මධ්‍යස්ථානය පාදක කරගත් අවට ගම්මාන අවට ගම්මාන හා එය අතර ඇති අනන්‍ය සම්බන්ධතාවය ද මෙම කෘතිය තුළ මැනවින් විස්තර කර ඇත. පුරාවිද්‍යාත්මක බව ඉක්මවා ගිය ඉතාමත් රසවත් තොරතුරු අඩංගු අගනා කෘතියකි.සීගිරිය පිළිබඳව මෙම ග්‍රන්ථය මඟින් මෙතෙක් කිසිදු ලේඛකයෙකු විසින් අනාවරණය නොකළ තොරතුරු රාශියක්ම පාඨකයා වෙතහෙළිදරව් කිරීමට ගත් උත්සාහය සාර්ථක වී ඇති බව මගේ හැඟීම යි.
සමරකෝන් රාජපක්ෂ,විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරී (කැණීම් හා කෞතුකාගාර)
හිටපු පුරාවිද්‍යා ස්ථාන භාර නිලධාරි,සීගිරිය
Rs 1,160.00

Lakdiva Parangi Prayathnaya

" ලක්දිව පරංගි ප්‍රයත්නය " නමැති මෙම ග්‍රන්ථය 1506 -1658 කාලය තුළ මෙරට පරංගි ක්‍රියාකාරකම් ගැඹුරින් සලකා බලන නූතන පර්යේෂණ අඩංගු කෘතියකි. පරංගීන්ගේ මෙරට සම්ප්‍රාප්ති කාලය, කෝට්ටේ, සීතාවක, මහනුවර සහ යාපන රාජධානි සමග හටගත් ගැටුම්, ඒවායේ ප්‍රතිඵල විශ්ලේෂණය කෙරේ.මෙහි සකාරණව විග්‍රහ කෙරෙන්නේ. පරංගීන් මෙරට ඇති කළ කැළඹිලිකාරි තත්වයත්, විදේශිකයා පිටු දැකීමට මෙරට විරෝදාර රණකාමී රජවරුන් සහ ජනතාව ගත් අප්‍රහිතක උත්සාහයකි. එකී උත්සාහයේදී මෙරට ඇති වූ විනාශය, වෙනස්කම්ද, ආර්ථික, ආගමික, සමාජයීය ක්‍ෂේත්‍රවල ඇති කළ බලපෑම් ද ගෙන හැර පායි. මෙම චිත්තාකර්ෂණීය වුද, චිත්ත සන්තාපයට හේතු වන්නා වූද ඉතිහාස කතා පුවත පාඨකයාගේ සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කෙරේ.
Rs 350.00

Buddha Parinirvana warshaya Saha Wenath lipi

'පරිනිර්වාණ වර්ෂය සහ වෙනත් ලිපි' මැයෙන් යුක්ත මෙම ග්‍රන්ථය සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතාගේ ශාස්ත්‍රීය ලිපි 19 ක එකතුවකි. ඔහු අනුරාධපුර අභයගිරි හා මහා විහාර ව්‍යාපෘති වල හිටපු අධ්‍යක්ෂකවරයා ය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකි. ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ හිටපු සභාපතිවරයෙකි. නිවැරදි පරිනිර්වාණ වර්ෂය කුමක්දැයි විද්වතුන් කිහිප දෙනෙකු ම අදහස් ඉදිරිපත් කර ඇත. එම සියලු අදහස් විමසා අදාළ ලිපිය රචනා වී ඇත. ලිපි අතර ඇති මහගම තඹ සන්නස මෙතෙක් ප්‍රකාශයට පත්ව නොතිබූ 6 වන පරාක්‍රමබාහු රජුගේ සමයේ උඩරට පාලනය කළ ජෝතිය සිටු විසින් නිකුත් කරන ලද්දකි. එක් ලිපියකින් සනාථ කර ඇත්තේ තන්තිරිමලේ යනු දැනට සමහරුන් පිළිගන්නා පරිදි අෂ්ටඵල බෝධියක් රෝපණය කළ තිවක්ක බමුණුගම නොවන බව ය. අනුරාධපුරයේ මහාවිහාරයේ පිහිටි පිළිම ගෙයක් පිළිබඳව මහාබෝධිවංශයේ සඳහන් වුව ද කැණීම් මගින් එය සොයාගත් මහාචාර්ය කුලතුංගයන් ම එක් ලිපියකින් විස්තර සපයා ඇත. අනෙක් සියලු ම ලිපි ඒ හා සමාන වැදගත් කමකින් යුක්තය
Rs 1,290.00

Lankave Adi Kalinga Janavasa Matha Mathu Wu Uthure Dravida Shishtacharaya

ලංකාවේ උතුර - නැගෙනහිර වෙසෙන ද්‍රවිඩ ජනයා දැවැන්ත ඉතිහාස විකෘතියක් නිසා අන්‍ය ජාතියක් ලෙස ජිවත් වන මෙරට කාලිංග වැසියෝය. ක්‍රි.පූ. 260 අශෝක රජුගේ කාලිංග යුද්ධයේ දී තම තමන්ගේ ජීවිත ආරක්ෂාවට ලංකාවට පමණක් නොව අග්නිදිග ආසියාව දක්වා ඔවුහු ගියහ.
Rs 2,850.00

Lanka Itihasaye Brithanya Yugaya

ශ්‍රී ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය යනු 1796 සිට 1948 දක්වා වූ කාලයේ ඉතිහාසයයි. 1796 සිට ඕලන්දයන් යටතේ පැවති මුහුදුබඩ පළාත් බ්‍රිතාන්‍යයන් යටතේ වූ අතර 1815 දී උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතට පත් වීමත් සමඟ මුළු දිවයිනම බ්‍රිතාන්‍ය පාලනය යටතේ විය. එය සමග වසර 2300කටත් වැඩි කාලයක් දිවයිනේ වූ දේශීය රාජාණ්ඩුවේ පාලනය අවසන් කළේය. දිවයිනේ බ්‍රිතාන්‍ය පාලනය 1948 දී නැවත නිදහස ලබා ගන්නා තෙක් පැවතුණි.බ්‍රිතාන්‍ය යුගය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජ, ආර්ථික, පරිපාලන සහ සංස්කෘතික පරිසරය තුළ විප්ලවකාරී වෙනසක් ඇතිවිය. ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය නම් මෙම කෘතිය තුළින් ඒ පිළිබදව කරුණු රාශියක් අනාවරණය කර ගත හැකිය.
Rs 1,121.00

Dabadiwa wandana Gamanata Athwalak

දඹදිව වන්දනා චාරිකාවේ යෙදෙන කවර තරාතිරමේ අයෙකුට වුව මෙම කෘතියෙන් අවශ්‍ය මග පෙන්වීම මැනවින් ලබා දෙන අතර දඹදිව චාරිකාවේ යෙදෙන්නන්ට මග පෙන්වන විශ්වසනීය මූලාශ්‍රයක් වශයෙනුත් පොදු පාඨකයනට දඹදිව චාරිකා පිළිබඳව දැනුමක් ලබා දෙන හස්තසාර ග්‍රන්ථයක් වශයෙනුත් මෙම කෘතිය හැදින්විය හැකිය.
Rs 472.00

Protecting Buddhist Heritage of Asia

This book presents a deep and comprehensive examination of the development trends, challenges, and paradoxes facing Buddhism in the South and Southeast Asian region. Through its analysis of communication models based on mindfulness and Buddhist traditions, it effectively reveals the essence of Buddhist communication. The studies focusing on Southeast Asian countries such as Malaysia, Singapore, Myanmar, Laos, and Thailand add particular depth to the book and offer readers a wide range of new perspectives.
Rs 3,500.00

Parani Lakdiva Bikshu Bikshuni Arama Prabhavaya Ha Wikashaya

මෙම කෘතිය තුළ පිටකත්‍රය මුලාශ්‍රය කරගනිමින් විනය පිටකය, චුල්ලවග්ග පාළිය මෙන්ම මහාවංසය ආදී ඉතා ඓතිහාසික ග්‍රන්ථ ආශ්‍රය කර ගනිමින් ශාසනික හා  ඓතිහාසික වශයෙන් වැදගත් වන විහාරාරාම සහ මෙහෙණවර රාශියක් පිළිබදව ඉතා වටිනා කරුණු රාශියක් අන්තර්ගතය.
Rs 575.00

Kanda Udarata Rajadhaniye Wisu Abhimanawath Parapuraka Athithavarjanaya

උඩරට රාජධානියේ ඉතිහාසය, සමාජ සැකැස්ම, පුජ්‍ය ස්ථානවල භාරකාරත්වය, ඉඩම් අයිතිය සහ බ්‍රිතාන්‍ය පාලනය යටතේ එකී ක්‍ෂේත්‍ර වල සිදු වූ පරිවර්තනය මේ ග්‍රන්ථයට විෂය වී ඇති අතර මහනුවර නගරය තුළ බලවත් වූ වඩුගොඩපිටිය පරපුර ගැනද විස්තර රාශියක් අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය. 
Rs 3,500.00

The Most Sacred Sri Pada

The launching of this book titled 'Samanalagiri Vathagotha' (A narration of the Adam's Peak) compiled by Professor Dayananda Somasundera, the fourteenth among his books on the early settlers and the heritage of Sri Lanka could be described as a presentation of an important and substantive volume to the Sinhalese, Buddhist readers. The Sinhalese version of the book titled 'Samanalagiri Vathagotha' compiled under the principal authorship of Professor Dayananda Somasundera and the co- authorship of H.M. Jayantha Wijeratne, carries several important articles and essays contributed by various authors.
Rs 1,121.00

Lanka Puwatha

"සිංහල රටේ බුදු සසුන පිහිටුවීමට කාලය පැමිණ ඇතැයි තීරණය කළ සියලු යක්ෂයෝ මන්ත්‍රගෙට රැස්වී සමාගම පවත්වා අවන්ති රටට දූතයින් යැවූහ. අවන්ති නුවර සෝන රජු සිය මාමණ්ඩ්‍ය වූ ධර්මාශෝක චක්‍රවර්ති රජුට මෙපුවත් දන්නා යැවූ කල්හි අශෝක චක්‍රවර්ති රජු වේසාලිපුත් මහින්ද තෙරුන් ප්‍රධාන ධර්ම දූතයින් පිරිස සිංහල රටට පිටත් කළේය. මහාතිත්ථ වරාය රැකි යක් සෙනවියෝ අප නෑදෑ වේසාලි පුත් මහින්ද තෙරුන් පැමිණියහයි ජයඝෝෂා නංවමින් තෙරුන් වහන්සේ පිළිගෙන බෙර දවුල් තම්මැට්ටම් ගසමින් නානා වස්දඬු පිඹිමින් නානා වෙන වයමින් සොදු කාර දෙමින් තෙරුන් වහන්සේ මිහින්තලාවට කැඳවාගෙන ගියහ. මිහින්තලයේ ආරාමයට පැමිණි කාකවන් තිස්ස රජතුමා දූත පිරිස මුණ ගැසුණේය. මිහිඳු හිමියෝ තිස්ස රජතුමා ප්‍රමුඛ සියලු පිරිසට කාක බසින් දහම් දෙසූහ. මෙපරිද්දෙන් යක්ෂයෝ ශාස්තෘන් වහන්සේ ඔවුන්ට ඉගැන්වූ ධර්මය සිංහල දීපයේ ධර්මය බවට පත් කළහ. යක්ෂයෝ සියලු ආරාම දෙවොල් බෞද්ධ විහාර බවට පත්කරගෙන සිංහල ද්වීපය බුදුන්ගේ නමට කැපවූ රට බවට පත් කළෝය.
Rs 177.00

Lakdiwa kraurava Janaya

සිංහල සමාජ ක්‍රමයේ ප්‍රධාන අංගයක් පිළිබඳ සිදු කළ ප්‍රථම පූර්ණ අධ්‍යයනය වන එම්. ඩී. රාඝවන්ගේ මෙම නිබන්ධය, ලංකාවේ මානව විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රයේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරයි
Rs 1,750.00

Bharatheeya Bauddha Urumaya

මෙම ග්‍රන්ථය පුරා විද්‍යා ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන ශාස්ත්‍රීය උගතුන්ට මෙන්ම පාඨක ජනතාවට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.
Rs 800.00

Puravidya Rachana

බටහිර ජාතීන්ගේ ආක්‍රමණ සහ මෙරටදී ඔවුන්ගේ යටත් විජිත ක්‍රියාකාරකම්ද මෙරට රාජ්‍ය බලය පැහැරගත් පසු බ්‍රිතාන්‍ය පාලනාධිකාරිය විසින් සිංහල ජනතාවට හා රටට සිදුකළ මහත් විනාශයන්ද පිළිබඳව කරන සරල විග්‍රහයක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකිය. 
Rs 800.00

Mesirilaka Siduviya Melesa

බටහිර ජාතීන්ගේ ආක්‍රමණ සහ මෙරටදී ඔවුන්ගේ යටත් විජිත ක්‍රියාකාරකම්ද මෙරට රාජ්‍ය බලය පැහැරගත් පසු බ්‍රිතාන්‍ය පාලනාධිකාරිය විසින් සිංහල ජනතාවට හා රටට සිදුකළ මහත් විනාශයන් පිළිබඳව කරන සරල විග්‍රහයක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකිය.
Rs 750.00
Out-of-Stock

Sri Lankave Sel Chithra

Out-of-Stock
''ශ්‍රී ලංකාවේ සෙල් චිත්‍ර'' යන මෙම කෘතිය  ශ්‍රී ලංකාවේ හමුවූ සෙල් චිත්‍ර පිළිබදව හැදින්වීමක්, ගෝලීය සන්දර්භය, නිර්මාණාත්මක සහ තාක්ෂණික අංශය පිළිබදව ඉතා වටිනා කරුණු රැසක් අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය.