Leonard Woolfge Dinapote Nila Satahan
ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ නිල සටහන් - ලන්ඩනයේ විසූ යුදෙව් පවුලකට දාව 1880 නොවැම්බර් මස 25 වන දින උපත ලද ලෙනාඩි සිඩ්නි වුල්ෆ් කේම්බ්‍රිජ් සරසවියේ උපාධිදාරියෙකි. පෙරදිග සිවිල් සේවා විභාගයෙන් සමත් ව කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1904 දී ලංකාවට සැපත් වු ඔහු මුලින්ම යාපනය සහ මහනුවර කච්චේරිවලට අනුබද්ධව සේවය කළ අතර, උසස් වීමක් ලැබීමෙන් පසු 1908 අගෝස්තු මාසයේ සිට 1911 මැයි මාසය දක්වා කාලය අතරතුර හම්බන්තොට දිස්ත්‍රීක්කය භාර උපදිසාපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ. නීතිගරුක දැඩි පාලකයෙකු ලෙස ප්‍රකට වුව ද ඔහු තම රාජකාරි සමයේ දී බොහෝ විට ක්‍රියා කර ඇත්තේ ගැමි ජනතාව කෙරෙහි සානුකම්පිත හැඟීමකින් යුතුව බැව් කැපී පෙනෙන කරුණකි.
Rs 800.00