Rs 575.00
Best sellers
There are 2679 products.
Apadana Pali (Theri Apadana) 2
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්ර පිටකයෙහි එන අපදාන පාළි (ථේරි අපදාන) 2 කාණ්ඩය වේ .
Rs 1,600.00
Apadana Pali 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්ර පිටකයෙහි එන අපදාන පාළි 1 කාණ්ඩය වේ .
Rs 2,500.00
Kuddaka Nikaya (Suththanipatho)
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්රයටම ශාක්යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්රී සද්ධර්මය පාලි ත්රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්ර පිටකයෙහි එන ඛුද්දක නිකාය (සුත්තනිපාතෝ) කාණ්ඩය වේ .
Rs 2,120.00
Guwanviduli Dharma Deshana
ගුවන් විදුලි ධර්ම දේශනා - ගැඹුරු බුදුබණ සරල ලෙසින් හා ලගන්නා ලෙසින් ඉදිරිපත් කළ හෙන්ඩියගල ශ්රී සීලරතන නා හිමියන් විසින් ගුවන් විදුලිය මගින් පවත්වන ලද ධර්ම දේශනා හි එකතුවකි. ධම්මචක්ක, ව්යග්ඝපජ්ජ, කසී භාරද්වාජ, වච්ඡගොත්ත, චුල්ලහත්ථි පදෝපම ආදී සුත්ර ධර්මයන් මෙහි අන්තර්ගත වී ඇත.
Rs 383.50
Sadaham Desima Hevath Budu Bana Kiyana Hati
සදහම් දෙසීම හෙවත් බුදු බණ කියන හැටි - මෙය බණ කියන හැටි ඉගෙන ගැනීමට රිසි දේශකයින් සඳහා ඉතා සරලව ලියවුනු හරවත් ධර්ම කෝෂයක් වන අතර, මුල සිටම ධර්ම දේශනාවක් කිරීමේ පිළිවෙල ද උගන්වයි.
Rs 1,032.50
As a Buddhist where should One begin
The specific theme which deals with in this monograph is the relative significance of Sila observances in the life of a Buddhist, then and now.
Rs 100.00
What Buddhists Believe
What Buddhist Believe answers many question which are asked about Buddhism by Buddhist and non Buddhist alike. There are so many misconceptions regarding superstitions and misinterpretation which are associated with the noble religion that it has become imperative to explain the teaching in a manner which has contemporary relevance.
Rs 1,250.00
Pragmatism in Buddhism
Mr.J.P.Pathirana's latest publication in English "Pragmatism in Buddhism' will undoubtedly touch the hearts of readers as his knowledge of the Dhamma and his writing - genius of a high standard. It should interest the general reader, the leaned, or any researcher who needs a deeper study of the Dhamma.
Rs 260.00
Good Question Good Answer
A modern catechism of Buddhism clearing most of the queries a novice may likely to encounter regarding Buddhism..
Rs 177.00
Letters - Volume II
Correspondences of Ven.Nanavira thera with a number of distinguished personalities forming the second volume of "Clearing the Path" - a masterpiece !
Rs 630.00
A Guide to Buddhism A to Z
A Guide to Buddhism A to Z - This book is an easy to read , comprehensive and accurate guide to the Buddha's teaching and the Buddhist perspective on various contemporary issues.
Rs 1,003.00
I - Ing And My - Ing
I - Ing And My - Ing - The thought of "I" and "Mine" generally attributed to as coming from the illusory ego are conventional and in the ultimate sense there is neither "I" nor "Mine." An anthology of articles written by Palitha Manchanayaka..
Rs 300.00
Introducing Buddhism
Introducing Buddhism - Gives a brief Summary of the Teachings.
Rs 118.00
One Nights Shelter
One Nights Shelter - Home to Homelessness - An absorbing Autobiography of an American Buddhist Monk
Rs 767.00
Nivanata Ekama Maga maha sathipattana suthraya asurin
කතෘගෙන්...
මහා සතිපට්ඨාන සූත්රය තරම් ප්රසිද්ධියට සහ ගෞරවයට පාත්ර වූ වෙනත් සූත්රයක් නොමැති තරම් ය. බොහෝ දෙනා විහාරස්ථානයන් හීදි හඬ නඟා කීමට, ඇහුම්කන් දීමට, කියවීමට තෝරා ගන්නේ මෙම සූත්රයයි. මරණාසන්න අයට ඇසෙන පරිදි කියවීම ද සිදුවෙයි. එසේ කරන්නේ බුදුපියාණන් විසින් සිත නිදහස් කරගැනීම පිළිබඳව කරන ලද දේශනාව ඇසීමෙන් ජීවිතයේ අවසාන මොහොතේ සිත එකඟ වී සැනසීමට, ප්රීතියට පත්වේය යන බලාපොරොත්තුවෙනි. බුදුපියාණන් කල විසූ ධම්මික උපාසක මරණාසන්න වූ කල ඔහුට බණ ඇසීමට ආශාවක් ඇති විය. නිවසට වැඩි භික්ෂූන් ඇමතූ ධම්මික උපාසක සියලු බුදුවරයන් ඇසුරු කළ සතිපට්ඨාන සූත්රය ඇසීමට කැමති බව පැවසීය.මහා සතිපට්ඨාන සූත්රය තරම් විශාල අටුවාවක් ඇති, එයට සම්බන්ධ පරිවාර සූත්ර දේශනා ඇති, දෙස් විදෙස් බුද්ධිමතුන්ගේ සම්භාවනාවට පාත්ර වූ වෙනත් සූත්රයක් නැති තරම්ය. විසුද්ධි මාර්ගය ද එයට කළ අත්පොතක් බඳු ය. ජර්මන් ජාතික ඤාණපෝනික තෙරණුවෝ " සතිපට්ඨානය - බෞද්ධ භාවනාවේ හදවත" නමින් ඉංග්රීසි භාෂාවෙන් පොතක් පළකර ඇත. බුරුම සතිපට්ඨාන භාවනා ක්රමය යනුවෙන් වෙනම භාවනා ක්රමයක් ද ඇත. හැකි අයුරින් එම විස්තර එක තැනකට ගෙන දහම් ලැදි අයට කියවීමට සැලැස්වීම මෙම පොත ලිවීමේ අරමුණ වෙයි.
මෙම කෘතිය ප්රකාශයට පත්කිරීමට අනුමැතිය දුන් බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානයේ අධ්යක්ෂ තැන්පත් පූජ්ය කිරම විමලජෝති නාහිමිපාණන් ගෞරවයෙන් සිහිපත් කරන අතර, එහි කාර්ය මණ්ඩලය සහ නන් අයුරින් සහයෝගය දුන් දයාබර බිරිඳ මානෙල් ද අදරින් සමරමි

Rs 475.00
Niwan Dakeema
පූජ්යපාද ගෝනදෙණියේ විමලජෝති ස්වාමිද්රයානන් වහන්සේ විසින් රචනා කරන ලද නිවන් දැකීම නම් මෙම ග්රන්ථය තුළින් මගඵල පිළිබදවත් රාගාදී අකුසලයන්ගෙන් නිදහස්ව දුක් දොම්නස් සුසුම් හෙළීම් නිවා දමා ක්ෂාන්තියට පත්වීම අරමුණු කර ගෙන දහම් මග වැඩිය යුතු අකාරය පිළිබදවත් කරුණු පෙන්වා දෙනු ලබයි.
Rs 250.00
Lovehei Uthumma Katha
'ලොවෙහි උතුම්ම කත' යන මෙම කෘතිය දෙනගම සිරිවර්ධන මහතා විසින් රචනා කර ඇති අතර බෞද්ධ කාන්තා වංශයේ විශිෂ්ටතම ආදර්ශමත් චරිතය වන යසෝදරවන්ගේ කථා පුවත මෙම කෘතියෙන් ඉදිරිපත් වෙයි.
වල්මත් වූ වර්තමාන ලාංකික වනිතාවන්ට මේ උත්තම යශෝධරා චරිතය අඳුරින් එළියට එන්නට හෙළන ආලෝක දහරාවක් වනු නොඅනුමානය.
වල්මත් වූ වර්තමාන ලාංකික වනිතාවන්ට මේ උත්තම යශෝධරා චරිතය අඳුරින් එළියට එන්නට හෙළන ආලෝක දහරාවක් වනු නොඅනුමානය.
Rs 150.00
Rs 6,800.00
Sathara Paramartha Sahitha Buddha Dharmaya
'සතර පරමාර්ථ සහිත බුද්ධ ධර්මය' යන මෙම කෘතිය මගින් අභිධර්මයෙහි මූලික ඉගැන්වීම් වන චිත්ත, චෛතසික, රූප සහ නිර්වාණ යන සතර පරමාර්ථයන් මෙහි විස්තර කර ඇත්තේ ඒවාට අදාළ සූක්ෂම මනෝ විද්යාත්මක අංශයන් නිදසුන් මගින් හැකි තරම් සරල ව ඉදිරිපත් කිරීමෙනි. ඒවා මෙ තරම් සරල ව සිංහලෙන් විස්තර කර ඇති වෙනත් තැනක් නැති තරම් ය. බොහෝ දෙනෙකුට මේවා ඉගෙනීමට ඇති පසුබැස්ම ජය ගනිමින් උද්යෝගීමත් ව ඒවා හැදෑරීමට ඔවුන් පෙළඹවීමට මෙම විස්තර සමත් වනු නොඅනු මානය.
Rs 300.00
Vinaya Pitakaya - 09 Complete Set of Books
විනය පිටකය තුළ බුදුන් වහන්සේ විසින් සංඝයාට දේශනා කර දෙන ලද සංඝාධිපති නීති, සම්ප්රදායන් සහ පටිමොක්ඛ නියමයන් ඇතුළත් වේ. මෙය බෞද්ධ භික්ෂු භික්ෂුණි වෘත්තීන්ට අනුගමනය කළ යුතු ආචාර විධි සහ නීති ගොඩනගන පිටකයයි.විනය පිටකය ග්රන්ථ 9කින් යුක්ත වන අතර මෙම වටිනා අවස්ථාව ප්රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතුය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්යය කරන්නා වූ සියල්ලන්ටම අපගේ ශක්ති ප්රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂයයි. ලෝ වටා සිටින සියල්ලන්ටම ත්රිපිටකය පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානය වන අපගේ එක් පියවරකි.
Rs 14,550.00
Rs 21,190.00
Sathuta Genadena Piyawara Ata
Out-of-Stock
බුදුන් වහන්සේ ඉදිරිපත් කළ ඉතා ගැඹුරු ඉගැන්වීමක් වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය, ගුණරතන හාමුදුරුවන් විමසා බලන්නේ දැඩි වෙහෙසක් දරමිනි. ගුරුවරුන්ගේත් ගුරුවරයකු ලෙස ප්රකට උන්වහන්සේ, සිහිය දියුණු කරගැනීම පිළිබඳව ලබා දෙන්නේ සරල, පරිපූර්ණ, සුවිශේෂ උපදෙසකි. එකිනෙකක් ආර්ය සත්යයක් පුහුණුව හා සම්බන්ධ පැහැදිලි, සුව්ශේෂ යෝජනා සමඟ බැදුණු අරුත්බර නිදසුන් ගලපමින් ඉදිරිපත් කෙරෙන මේ පොත තෘප්තිමත් භාවය අත්පත් කරගැනීමට බුදුන් වහන්සේ පෙන්වා වදාළ මාර්ගය කෙරෙහි උනන්දුවක් දක්වන කාටත් ආශිර්වාදයකි.
Rs 1,470.00
Alokayen Parinamanaya Wuwo
'TRANSFORMED BY THE LIGHT' නම් කෘතියේ සිංහල පරිවර්ථනය වන 'ආලෝකයෙන් පරිණාමනය වූවෝ' නම් මෙම කෘතිය අධිනීතීඥ කූමාරි ගුණරත්න මහතමිය විසින් සිංහලට පරිවර්ථනය කරන ඇති අතර මෙම කෘතිය තුළින් මරණාසන්න අත්දැකීම් මගින් මිනිස් ජිවිත වලට ඇතිවෙන ප්රබල බලපෑම් පිළිබද කරණ ලද අධ්යනයක් තුළින් රචනා වූ ඉතා වටිනා කෘතියක් ලෙස ලෝක ජනාදරය දිනා ගත් කෘතියකි.
Rs 475.00
Jeevithaya Maranaya Ha Manokaya
පරිවර්තකගේ සටහන....
මළගිය කෙනෙකුට යළි පන ලැබීම වනාහි, ඔහුගේ හෝ ඇයගේ පෙර පිනක් - ලැබීමක් හෝ දේව බලයක් ලෙසම අදහන්නට හුරු පුරුදු වූ ජනතා බහුතරයකින් සමන්විත, ශ්රී ලාංකික සමාජයේ අදත් අපි ජිවත් වෙමු.' නන්දන තිලක් මගුලාගම ' මහතා විසින් රචිත "How The Dead Could Be Revived?" නැමැති කෘතිය ඊයේ අද ගැනම නොව, අනාගතය සඳහා විශේෂ අවධානය දෙමින් ලියූවක් බව පළමුව කියමි.නවීන තාක්ෂණය අතින් ඉහළින් වැජඹෙන, යුරෝපීය රට වලට නම් අද මෙහි එන කරුණු අරුමයක් නොවූවද, දියුණුව සොයා යන ශ්රී ලංකාවේ අපට නම් මෙහි අඩංගු කරුණු විශ්මය දැන විය හැකිය.එහෙත් මරණය හා යළි පන ලැබීම පිළිබඳ සිද්ධීන් තිර ලෙසම සිදු වූ සැබෑ දේවල් බවට නවීන විද්යාව විසින් සනාථ කර ඇති බැවින්, එහි තර්කයක් නැත.සැඟවී තිබුණද, සැබෑව සැබෑවක්මය. කරුණු තමාට සපථ වූ දින, ආශ්චර්යයන් ලෙස පෙනුණු දැනුණු දෑ සත්ය ලෙසම පිළිගන්නට මැළිවන්නෝ වෙත්නම්, ඒ ඉතාම කලාතුරකිනි.යථාර්ථවාදීව සිතන ඕනෑම කෙනෙකුගේ බුද්ධිමය නිම් වළලු පුළුල් කිරීමට මෙම පොත මහඟු එළියක් වනු නොඅනුමානයි. වෛද්ය විද්යා සහ මනෝ විද්යා සිසු සිසුවියන්ටද මෙය මහඟු අත්වැලක් වනු නිසැක බවත් මෙම පොත පරිවර්තනය කරන අතරතුර මට හැඟී ගියේය.මා යළිත් අවධාරණය කරන්නේ, මෙම කරුණු අතීතයට වර්තමානයට වඩා අනාගතයටම ඔබ යොමු කරන බවකි.

Rs 160.00
Nikotin Lolithvaya Suvakirime Pahasu Maga
Out-of-Stock
වෛද්ය නිලධාරී ධනුෂ්ක දිසානායක මහතාට ඔහුගේ අපූර්වතම නිර්මාණය උදෙසා සුභාශිංසනය කරමි. ශ්රී ලංකා යුධ හමුදාවේ මනෝ වෛද්ය විශේෂඥයකු ලෙස මෙම කෘතියේ අන්තර්ගතය නිකොටින් උගුලට හසු වූ පාඨකයන්ට ඉන් අත්මිදීම සඳහා ඉවහල් වන පෙර නොඇසූ නොවිරූ දැනුම් සම්භාරයක් ලබාදෙන බව ප්රකාශ කරමි. එය නිකොටින් මත තම ජීවිතය රඳා නොපවත්වන පුද්ගලයෙකු බිහි කිරීමට අවශ්ය මානසික පසුබිම ගොඩනගයි.
Rs 550.00
Saddharmapundarika Sutraya
Out-of-Stock
මහායාන නවධර්ම ග්රන්ථ අතුරින් චීන - ජපාන - නේපාලාදි දේශයන්හි අතිමහත් සම්භාවනාවට පාත්ර වී ඇති කෘතිය නම් සද්ධර්ම පුණ්ඩරික - සූත්රය යි. පරිවර්ත නමින් හැඳින් වෙන පරිච්ජේද 27කින් හෙබි එහි පස්වැන්න වන ඕෂධී පරිවර්තයට පූජ්ය ලේල් වල අරීය ධම්ම හිමියන් සපයා ඇති සිංහල පරිවර්තනය මා දන්නා තරමින් එවන් කෘතියක් ඇසුරින් සම්පාදනය වී ඇති ප්රශස්තතම සංස්කරණය යි. ඕෂධී සම්බන්ධ උපමා ආශ්රයෙන් බුදුන් වදාළ ධර්මය අන්තර්ගත හෙයින් එනමින් හැඳින්වෙන මෙම පරිවර්තය ඇතැම් විශ්ව විද්යාල වල බෞද්ධ ධර්ම සාහිත්යය සඳහා නිර්දිෂ්ට ව ඇත. බැලූ බැල්මට ම පූජ්ය ලේල් වල හිමියන් ගේ මෙම පරිවර්තනය, වයසින් යොවුන් වුව ද ශාස්ත්රීය ඥානයෙන් මුහුකුරා - ගිය, අනාගත පිරිපුන් පඬිවර අංකුරයක ව්යායාමයක් බව ප්රකට කරයි. ස්වකීය පරිවර්තනයට එහිමියන් සපයා ඇති දීර්ඝ ප්රස්තාවනාව සම්යක් සම්බුද්ධත්වය, සර්වඥතා ඥානය, ශූන්යතාව, නිර්වාණය හා නිවෘතිය, ෂඩ්ගතික සත්ත්ව භව, තථාගතඋපාය-කෞශල්ය ඥානය, බෝධි චිත්තය ආදි ධර්ම සංකල්ප අන්තර්ගතඕෂධී පරිවර්තය. බඳුන් කොට ඇති ව්යක්ත විවරණයත්, බෞද්ධ මිශ්ර සංස්කෘතය පිළිබඳ නිදසුන් සහිතව සිදු කොට ඇති අංග සම්පූර්ණ සාකච්ඡාවන් කෘතියේ අගය නංවා - ලයි. බෞද්ධ මිශ්ර සංස්කෘතයේ සෑම පැතිකඩක් ම අලළා කැර ඇති එම විවරණය මෙතෙක් ඒ පිළිබඳ ව සිංහලයෙන් ලියැ වී ඇති ඉතාමත් පරිපූර්ණ විස්තරය බව නොපැකිළ ව පවසමි. එසේ ම, ව්යක්ත සිංහලයෙන් සිදු කොට ඇති තමන් ගේ මෙම පරිවර්තනයේ විශ්වසනීය භාවය තහවුරු කිරීම සඳහා, එහිමියෝ මෙතෙක් පළ වී ඇති වෙනත් පරිවර්තන දෙකක් සමග එය සංසන්දනය කැර - පෙන්වති. මෙවන් හරබර ශාස්ත්රීය ව්යායාම යුගයේ අවශ්යතාවකි. බෞද්ධ සංස්කෘතසාහිත්යය හදාරන සියලු ම විද්යාර්ථින් මෙය අනිවාර්යයෙන් කියැවිය යුතු ග්රන්ථයක් බව ප්රකාශ කරන අතර ම, මෙවන් ශාස්ත්රීය කටයුතු ඉදිරියටත් කැරගෙන යාමට පූජ්ය ලේල්වල අරීයධම්ම හිමියනට ශක්තියත්, ධෛර්යයත් ලැබේ වා යි ඉත සිතින් ප්රාර්ථනා කරමි.
මහාචාර්ය වෝල්ටර් මාරසිංහ
මහාචාර්ය වෝල්ටර් මාරසිංහ
Rs 500.00
Sabba Papassa Akaranan
බුදු දහම තුළින් තම දෛනික ජීවන ක්රියාවලියේ බාධක මගහරවා ගනු රිසි බෞද්ධයාට, හස්තසාර ක්රම විධි ඇතුළත් මෙය අත්පොතක් සේ භාවිතයට ගත හැකි ප්රශස්ත ග්රන්ථයකි. උපතේ සිට මියෙන තෙක්, දුෂ්කර වූ ජීවන ගමන තුළ මුහුණ දීමට සිදුවන නොයෙක් බාධකයන් ජයගෙන සාර්ථක දිවිපෙවෙතකට අවශ්ය බොදු පිළිවෙත් රාශියක් කියාදෙන මෙම ග්රන්ථය, පූජ්ය අල්ගම වත්තේ සුමනවංශ හිමියන් පාරම්පරිකව ලත් දැනුම් සම්භාරයේ තරම කෙබඳු දැයි කියාපාන කැඩපතක් සේය. ලාභ අලාභ, යස අයස, නින්දා ප්රසංශා, සැප දුක් යන අටලෝ දහමෙහි ඒ ඒ අවස්ථාවන්ට මුහුණදෙන පුද්ගලයාගේ පිහිටට හේතු වන අස්වැසිලිදායක ග්රන්ථයක් වන මෙය සැබවින්ම සාර්ගර්භ වූ කරුණු අන්තර්ගත වූවක අවසන් ප්රතිඵලය ලෙස අගය කළ යුත්තකි.
Rs 500.00
Heladiuvaseen Saha Adivaseen
Out-of-Stock
ශ්රී ලංකා සබරගමුව විශ්ව විද්යාලයේ ආදිවාසී ජන අධ්යයන කේන්ද්රයේ අධ්යක්ෂ ජ්යෙෂ්ඨ මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතා විසින් සංස්කරණය කරන ලද ආදී වාසීන් පිළිබඳ දෙවන පර්යේෂණ ග්රන්ථය වූ හෙළදිව් වාසීන් සහ ආදිවාසීන්' නමැති මෙම කෘතිය, ශ්රී ලංකාවේ වසන හෙළදිව්වාසීන් සහ ආදිවාසීන් පිළිබඳ ව ප්රාග් ඓතිහාසික යුගයේ සිට අද දක්වා පුරාවිද්යාත්මක පර්යේෂණයන්ගෙන් හා සාක්ෂි වලින් හෙළි වී ඇති කරුණු ද, ඓතිහාසික පුරාවෘත්තයන්ගෙන් හා ජනප්රවාදයන්ගෙන් හෙළි වී ඇති කරුණුද අලළා විද්වතුන්, පර්යේෂකයින්, ගවේෂකයින්, සමීක්ෂකයින් සහ මාධ්යවේදීන් විසින් ලියැවුනු පර්යේෂණාත්මක හා ගවේෂණාත්මක ලිපි රැසකින් සමන්විත වන අතර, සමාජ විද්යාව, මානව විද්යාව, පුරා විද්යාව, වාග් විද්යාව, සංස්කෘතිය ඇතුළු විවිධ සමාජීය විද්යාවන් හා මානව ශාස්ත්රයන් හදාරණ හෝ එම විෂයයන් පිළිබඳව උනන්දුවක් දක්වන විද්යාර්ථීන්ට බෙහෙවින් ප්රයෝජනවත් මාහැඟි ග්රන්ථයක් බව කිව යුතු ය.
Rs 885.00
Darshanika Manovidyawa
දර්ශනය හා මනෝ විද්යාව මෙන්ම, තර්ක ශාස්ත්රය යන අංශත්රයෙන්ම ග්රන්ථ රචනා කළ කර්තෘ හිමියන් වෙතින්. ඔබ අතට පත්වන නව්ය ග්රන්ථය. "දාර්ශනික මනෝවිද්යාව නම් ග්රන්ථය වේ. මනෝ විද්යාවෙහි රැකුම්ගෙ දර්ශනය නම් වේ. විය. විද්යාවට සේම මනෝ විද්යාවටද පොදු වූවක් හෙයින්, දර්ශනයෙන් තොරව මනසට ද පැවැත්මක් නොමැත. මනෝ විදනව වෙතින්, මනස හා සබැඳි බොහෝ ප්රපංච අධ්යයන හා පර්යේෂණ කෙරෙන්නේ නමුත්, අවසාන නිගමනයකට හා එකඟතාවයකට හෝ පැමිණි නම් නැත. මනෝවිද්යාඥයාට විසඳිය නොහැකි බොහෝ ප්රස්තුත දාර්ශනික මනෝවදනඥයා විසින් විමර්ශනය කරනු ලබයි. එය, එසේ වන්නේ, මනස හා සබැඳි කාය චිත්ත ගැටලුව හා චිත්ත වේග මෙන්ම, අධිෂ්ඨානය හා මරණය සේම, පුනර්භවය හා බුද්ධිය වැනි ප්රස්තුත මෙම කෘතියෙන් උපන්යස්ථ වන හෙයිනි.
Rs 295.00
Mindfulness Beyond Time and Space
“Mindfulness Beyond Time and Space” by Dr. Sumana Ratnayaka is a deeply insightful and comprehensive guide to the ancient practice of meditation, blending scientific research, practical techniques, and spiritual wisdom. Drawing on years of study and experience. Dr. Ratnayaka offers readers a clear path to inner peace, mental clarity, and emotional balance. Whether you’re a beginner or an experienced practitioner, this book is an invaluable resource for cultivating mindfulness and transforming your inner world.
Rs 1,500.00
AdhiManasika Widyava Saha Budu Dahame panena Prathiharya
'අධි මානසික විද්යාව සහ බුදු දහමේ පැනෙන ප්රාතිහාර්ය' නම් මෙම කෘතිය තුළ ශාස්ත්රීය ලෝකයාගේ වැඩි අවධානයට ලක් නොවුණු මිනිස් ජිවිතයේ එක් පැති කඩක් වූ මනස පිළිබඳ අධ්යයනය අවධානයට පාත්ර වී ඇති අතර මෙම විෂය ක්ෂේත්රය පිළිබඳ ව ලියැවුණු ග්රන්ථ ඉතා විරල යුගයක. මෙම කෘතිය තුලනාත්මක හා විචාරාත්මක ශාස්ත්රීය ශික්ෂණයකින් යුක්ත දුබල ගණයේ නිර්මාණයකි. එසේ ම මෙම විෂය ක්ෂේත්රය පිළිබඳ පර්යේෂණ සිදු කරන විද්යාර්ථීන්ගේ දැනුමෙහි නිම් වළලු පුළුල් කිරීම සඳහා අවශ්ය මූලික මඟ පෙන්වීම මේ තුළින් සැපයෙන බව නොඅනු මානය.
Rs 413.00
Bauddha Mano Vidya Praweshaya
බෞද්ධ මනෝ විද්යා ප්රවේශය නම් මෙම කෘතිය කැළණිය විශ්වවිද්යාලයයේ පාලි හා බෞද්ධ අධ්යයන පශ්චාත් උපාධි ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහතා විසින් රචිත අතර මෙම කෘතිය මගින් පුද්ගලයා පිළිබද බෞද්ධ අර්ථකතනයෙන් ඉස්මතු වන මනෝවිද්යාත්මක විග්රහය බෞද්ධ සූත්ර ධර්ම අනුසාරයෙන් නිවැරදිව වටහා ගැනීමටත් ඇතැම් බෞද්ධ සංකල්පයන් පිළිබද විවරණ ගැටලු ද නිරාකරණය කරමින් බෞද්ධ මනෝවිද්යාවේ මූලධර්මයන් විවරණය වන්නේ බෙහෙවින් ම සිත්ගන්නා සුලු සරල ආකාරයකිනි.
Rs 700.00
Mage Lokaya
කර්තෘ ගෙන්...
"මේ මගේ ලෝකය යි. එය ඔබේ ලෝකය නො වේ. මගේ ලෝකය මගේ ඉන්දීය පද්ධතියට, පසුබිමට, සංස්කෘතියට හා තවත් නොයෙකුත් දෑට සාපේක්ෂ වේ. අප සියලු දෙනා ම දකින්නේ එක ම ලෝකයක් ය යන්න මගේ ලෝකයෙහි නො වේ.
'' මෙහි ඇත්තේ මගේ අදහස් ය. ඉන් කියැවෙන්නේ මේ සියලු අදහස් මගේ නිර්මාණ බව නො වේ. අදහස් වල නිර්මාණය කා අතින් සිදු වුණ ද ඒ අදහස් දැනට මගේ අදහස් බවට පත් වී ඇත. අවශ්ය නම් ඒ අදහස් ඔබේ අදහස් කරගත හැකි ය. "
දැනුම පිළිබඳ දැනුමක්, සංවාදයක් මේ රටෙහි නිර්මාණය කිරීමට මූලික වූයේ ද අප ගෙන් (නිරීක්ෂකයා ගෙන්) පරිබාහිර ව පවත්නා වූ යථාර්ථයක් (වාස්තවික යථාර්ථයක්) යන්න ම ප්රශ්න කරමින් බටහිර දැනුමෙහි ආධිපත්යය සිඳ - බිඳ දැමුවේ ද 1986 දී පළමු වරට එළි දුටු මේ අද්විතීය කෘතිය යි. අපට අප ගේ ම වූ ජාතික චින්තනයක් මතඅප ගේ අනාගතය ගොඩ නගා ගැනීමට අවශ්ය දාර්ශනික පදනම සැපයුණේ මේ මඟිනි.

Rs 650.00