Rs 575.00
Best sellers
There are 2679 products.
Rupa, Rupa Upadanaya Saha Saththva, Pudgala Asmimanaya
රූප, රූප උපාදානය සහ සත්ත්ව, පුද්ගල අස්මිමානය - පූජ්ය මොරටුවේ ගුණරතන ස්වාමීන් වහන්සේ 1967 වර්ෂයේ දී ශ්රී ලංකා විද්යොදය විශ්වවිද්යාලයෙන් ශාස්ත්රවේ දී උපාධිය ලබා ධර්ම ග්රන්ථ රැසක් රචනා කළ ඇති අතර මෙම 'රූප, රූප උපාදානය සහ සත්ත්ව, පුද්ගල අස්මිමානය' උන් වහන්සේගේ ග්රන්ථය එක් අනර්ග නිර්මාණයකි.
Rs 354.00
Manasa Sasara Saha Nivana
මනස සසර සහ නිවන - මහාචාර්ය කළල්ඇල්ලේ ශේඛර ස්වාමීන්ද්රයන් වහන්සේ ධර්මවිනය ශබ්ද ශාස්ත්ර පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති ප්රකට යතිවරයෙකි. සිංහල, පාලි, සංස්කෘත, හින්දි යන පෙරදිග භාෂා මෙන් ම ඉංග්රීසි වැනි අපරදිග භාෂා පිළිබඳ මනා දැනුමක් ඇති ස්වාමීන් වහන්සේ නමක් වන අතර උන් වහන්සේගේ නවතම කෘතිය වන 'මනස සසර සහ නිවන' යන මෙම කෘතිය බුදු දහමේ ඉගැන්වෙන කේන්ද්රීය සංකල්පයක් වල විමුක්ති මාර්ගය පිළිබඳ කෙරෙන ශාස්ත්රීය විග්රයක් ලෙස හැඳින් විය හැක.
Rs 160.00
Chiththaya - Karmaya Karma Wipakaya
චිත්තය - කර්මය කර්ම විපාකය - "මෙම පොත අභිධර්මාර්ථ සංග්රහයට අනුව යමින් සම්පාදනය කරන ලද ලද්දකි. අභිධර්ම පිටකයට අයත් සප්තප්රකරණයන්හි ඇතුළු වූ ධර්මාර්ථයන් පිඬු කොට ත්රිපිටකධර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිර්මාර්ථ සංග්රහය නම් ග්රන්ථය බොහෝ කලෙක සිට අභිධර්මය උගන්වුනට මහෝපකාරී විය."
Rs 400.00
Rahula Maha Rahathan Wahanse
රාහුල මහ රහතන් වහන්සේ - රාහුල මහ රහතන් වහන්සේ වනාහි සිද්ධාර්ථ බොසතුන්ගේ පුත්රයා ය. මේ ග්රන්ථයට හැකි තරම් දුරට යොදා ගෙන ඇත්තේ විනය පිටකයෙත් සූත්ර පිටකයෙත් තදනුගත අට්ඨකථාවලත් තැනින් තැන විවිධ ප්රමාණවලින් විසිරී පවතින උන් වහන්සේගේ චරිතය සම්බන්ධ කතා පුවත් ය. මහා ශ්රාවක චරිත පොත් පෙළෙහි එකොළොස් වැනි ග්රන්ථය "රාහුල මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්ම ග්රන්ථය යි.
Rs 450.00
Lakuntaka Bhaddiya Maha Rahathan Wahanse
ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ - ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුද්ධ ශාසනයේ මිහිරි හඬ ඇති භික්ෂූන් අතර අග්රස්ථානය ලැබ බුදුරදුන්ගේ අසූ මහා ශ්රාවකයන් වහන්සේලා අතර සත් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. මහා ශ්රාවක චරිත පොත් පෙළෙහි දහනව වැනි ග්රන්ථය "ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ධර්ම ග්රන්ථය යි.
Rs 200.00
Soreyya Maha Rahathan Wahanse
සෝරෙය්ය මහ රහතන් වහන්සේ - සෝරෙය්ය මහ රහතන් වහන්සේ ගෞතම බුදු සසුනේ අසූ මහා ශ්රාවකයින් වහන්සේලා අතරට අයිති නොවන මුත් බුදුසසුනේ ඉතා ප්රකට මහරහතන් වහන්සේ නමකි. උන්වහන්සේ පිළිබඳ ව මෙම ධර්ම ග්රන්ථයේ විස්තර ලක් වේ.
Rs 180.00
Rattapala Maha Rahathn Wahanse
රට්ඨපාල මහ රහතන් වහන්සේ - රට්ඨපාල මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදු සසුනේ ශ්රද්ධාවෙන් පැවදි වූ භික්ෂූන් අතරින් අග්රස්ථානය ලබා ගෙන අසූ මහා ශ්රාවකයන් වහන්සේලා අතර විසිඑක් වැනි ස්ථානයේ වැඩ සිටින රහතන් වහන්සේ යි. උන්වහන්සේ පිළිබඳ ව මෙම ග්රන්ථයේ සාකච්ඡාවට ලක් වේ.
Rs 350.00
Pilindivachcha Maha Rahathan Wahanse
පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ - පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදු සසුනේ දෙවියන්ට ප්රියමනාප වූ භික්ෂූන් අතරින් අග්රස්ථානය ලබා ගෙන අසූ මහා ශ්රාවකයන් වහන්සේලා අතර විසිහය වැනි ස්ථානයේ වැඩ සිටින රහතන් වහන්සේ යි. උන්වහන්සේ පිළිබඳ ව මෙම ග්රන්ථයේ සාකච්ඡාවට ලක් වේ.
Rs 200.00
Sundari Nanda Maha Rahath Theraniya
සුන්දරී නන්ද මහ රහත් තෙරණිය - අප මහා ශාක්යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සොහොයුරිය වූ ගෞතම බුදුසසුනේ ධ්යානයෙහි ඇලුණු භික්ෂුණීන් අතුරින් අග්රස්ථානය ද ලබා ගත්, 'නන්දා', 'රූප නන්දා' යන නම් වලින් ද ප්රකට, මහ රහත් තෙරණිය වන 'සුන්දරී නන්දා' මහරහත් තෙරණියගේ කථාව මෙම ග්රන්ථයෙන් ඉදිරිපත් කෙරේ.
Rs 400.00
Baththaramulle Sri Subhuthi Maha Svamindra Charithaya
බත්තරමුල්ලේ ශ්රී සුභූති මහා ස්වාමින්ද්ර චරිතය - මේ පොතේ අන්තර්ගත වන්නේ මහාකවි චක්රවර්කී, කවිකුලතිලක, මයාකවි ධනුර්ධරාචාර්ය අතිපූජ්ය බත්තරමුල්ලේ ශ්රී සුභූති මහා ස්වාමින්ද්රයන් වහන්සේගේ චරිත කතාව යි. මෙහි උන්වහන්සේගේ සම්පූර්ණ චරිත කථාව ම නොව උන් වහන්සේගේ චරිතය පිළිබඳ දැන ගත යුතු මූලික, ඉතා වැදගත් කරුණු විස්තර කෙරේ.
Rs 400.00
Bharatheeya Jothishya Widyava
ජ්යොතිෂය උගෙනීමට භාරතීය ජ්යොතිෂ විද්යාව - මෙම කෘතිය භාරතීය ජ්යොතිෂ විද්යාව පිළිබඳ විශිෂ්ඨතම සම්පාදනයක් වේ. ජ්යොතිෂයේ ශාඛා, එනම් ග්රහ දශා, භාව - ප්රභාව, වර්ෂාධිපති නිගමන, අනාගත දර්ශන, ජාතක ඵල, අනිෂ්ට නිවාරණ ආදී තවත් බොහෝ කරුණු පිළිබඳ සවිස්තර විවරණ මෙයට ඇතුළත් ය. මෙමඟින් සෑම කෙනෙකුට ම තමන්ගේ වර්තමාන ග්රහ තත්වය, අනාගත ජීවන පැවැත්ම, මරණින් මතු ජීවිතය වැනි කරුණු පිළිබඳ නිසැක තොරතුරු ද දැනගැනීමට හැකි වේ. සම්පූර්ණ භාරතීය ජ්යොතිෂ විද්යාවේ සාරය ඉදිරිපත් වී ඇති බැවින් මෙය ශ්රී ලාංකික ජ්යොතිෂ ප්රේමීන්ට අතිශයින් ම ප්රයෝජවත් ග්රන්ථයක් බව පැවසිය යුතු ය.
Rs 500.00
Akuru Mihira 2
අකුරු මිහිර 2 - මෙය 'අකුරු මිහිර' නමැති පොත් පෙළේ දෙවෙනි පොතයි. අක්ෂර මාලාවෙහි අකුරු 58 න්, අකුරු 41 ක් 'අකුරු මිහිර 1' පොතෙන් ඉගෙන ගැනීමට ලැබුනු අතර මෙම පොතෙන් ඉතිරි අකුරු 17 මිහිරට ගායනා කරමින් ඉගැනීමට දරුවනට අවස්ථාව සලසා දී ඇත.
Rs 650.00
Akuru Mihira 3
අකුරු මිහිර 3 - මෙය 'අකුරු මිහිර' නමැති පොත් පෙළේ තුන්වැන්න යි. මෙය පාසලේ තුන්වෙනි ශ්රේණියේ ඉගෙන ගන්නා දරුවන්ට බෙහෙවින් ප්රයෝජනවත් වේ.
Rs 1,200.00
Siddhartha Gauthama Buddha Charithaya 4
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය 4 - මේ පොත් පෙළ මඟින් සිදුහත් කුමාර උපතේ සිට බෝසතුන් බුද්ධත්වයට පත් වීම දක්වා සිද්ධීන් දරුවන්ට තේරුම් ගැනීමට පහසු අයුරින් කතන්දරයක් ලෙස සිතුවම් සමඟ ඉදිරිපත් කර තිබේ. මෙය එම පොත් පෙළෙහි සිව්වන පොතයි. මෙහි බිම්බිසාර රජතුමා වේළුවන උයන පූජා කිරීම, උපතිස්ස-කෝලිත, සැරියුත්-මුගලන් ලෙස පැවිදි වීම, බුදු රදුන්ගේ පළමු සඟ සමුළුව, සැරියුත්-මුගලන් තෙරුන් බුදුන්ගේ අග සව්වන් ලෙස පත් වීම, සුද්ධෝදන රජතුමාගේ ඇරයුම හා බුදුන් කිඹුල්වතට වැඩීම, ශාක්ය වංශිකයින්ගේ මානය බිඳීමට පෙළහර පෑම, ආනන්ද, දෙව්දත් ඇතුළු ශාක්ය කුමාරවරුන් පැවිදිවීම ආදී සිද්ධීන් මෙහි ඇතුළත් වේ.
Rs 300.00
Siddhartha Gauthama Buddha Charithaya 2
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය 2 - මේ පොත් පෙළ මඟින් සිදුහත් කුමාර උපතේ සිට බෝසතුන් බුද්ධත්වයට පත් වීම දක්වා සිද්ධීන් දරුවන්ට තේරුම් ගැනීමට පහසු අයුරින් කතන්දරයක් ලෙස සිතුවම් සමඟ ඉදිරිපත් කර තිබේ. මෙය එම පොත් පෙළෙහි දෙවන පොතයි.
Rs 300.00
Andare Sini Ke Heti
අන්දරේ සීනි කෑ හැටි - 'එකෝමත් එක රටක' නැමති පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි. මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන් ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත. ප්රකට විකට, බුද්ධිමත් චරිතයක් වන රජවාසල කවටයා වූ අන්දරේගේ කතාවක් මෙමඟින් ඉදිරිපත් කරයි.
Rs 400.00
Kammalikama
කම්මැලිකම - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Kauruth Sathutin
කවුරුත් සතුටින් - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Suba Udasanak
සුබ උදෑසනක් - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Kiriyi Tiliyi
කිරියි ටිලියි - මෙය කියවීමට පටන් ගන්නා දරුවන්ට චිත්ර මඟින් කරුණු තේරුම් කර ගන්නා අයුරින් ඉතා සරලව, පැහැදිලි ව ලියා ඇත. මෙය පෙර පාසල් දරුවන්ට වඩාත් ම සුදුසු පොතකි.
Rs 350.00
Nariya Saha Midi Wela
නරියා සහ මිදි වැල - මෙය ඊසොප්ගේ උපමා කතාවක් ඇසුරු කර ගනිමින් රචනා කර ඇති ළමා කතා පොතකි.
Rs 250.00
Abhidharma Chiththavithi Sangrahaya
අභිධර්ම චිත්තවීථි සංග්රහය - "අභිධර්ම චිත්තවීථි සංග්රහය" නමැති කෘතිය රචනා කිරීමට අදහස් කර ඇත්තේ කොළඹ විශ්වවිද්යාලයෙහි අභිධර්මය පිළිබඳ දේශන පැවැත්වීමට කරුණු එකතු කිරීමේ ව්යායාමයෙහි ප්රතිඵලයක් වශයෙනි.
Rs 1,200.00
Sanskrutha - Nama - Akyatha Abhinava Waranegilla
සංස්තකෘත - නාම - ආඛ්යාත අභිනව වරනැගිල්ල - සංස්කෘත භාෂාව හැදෑරීම සඳහා භාවිතා කළ හැකි සංස්කෘත ශබ්දවරනැගීම් සහිත ග්රන්ථයක් ලෙස මෙය වැදගත් වේ. මෙහි කරුණු සිංහල තේරුම් ද සහිත ව ඉදිරිපත් කර ඇති අතර මූලික පිරිවෙන් අවසාන විභාගය, ප්රාචීන ප්රාරම්භ, මධ්යම සහ අවසාන විභාගවලට මෙන්ම විශ්වවිද්යාලයීය උසස් විද්යර්ථීන්ගේ ද ප්රයෝජනය පිණිස සම්පාදිත අගනා කෘතියක් ලෙස හැඳින්විය හැකි ය.
Rs 760.00
Pali Bhashadhyayana Margopadesha Sangrahaya
පාලි භාශාධ්යයන මාර්ගෝපදේශ සංග්රහය - පාලි භාෂාව සම්බන්ධව මූලික කරුණු වලින් ආරම්භ කොට ක්රමයෙන් ගැඹුරු කරුණු විස්තර කිරීම් කෙරෙහි යොමු කෙරෙන අතර එක් එක් පැහැදිලි කිරීම් අවසානයෙහි අභ්යාසයන් ද ලබා දීම මඟින් භාෂා ඥානය දියුණු කර ගැනීමට පාඨකයනට මෙමඟින් මඟ සලසයි.
Rs 400.00
Prakurtha Basha Parinamaya
ප්රාකෘත භාෂා පරිණාමය - විශ්වවිද්යාල, පිරිවෙන් හා ප්රචීන භාෂොපකාර සංගමයේ විභාගවලට සිංහල හා පාලි විෂය ධාරා යටතේ ප්රාකෘත භාෂාව ඉගැන්වෙන අතර ඒ සඳහා අමතර කියවීමට පොත් දුර්ලභ ය. ආචාර්ය මඩිගේ සුගතසිරි හිමියන් විසින් රචිත 'ප්රාකෘත භාෂා පරිණාමය' නමැති මේ කෘතිය යථෝක්ත ඌනතාව සපුරාලන්නකි. ප්රාකෘත භාෂාවන්හි ආරම්භය, විවිධතා හා පරිණාමය ගැන තොරතුරු මේ කෘතිය මඟින් අනාවරණය වේ.
Rs 550.00
The Reverd Book Of Five Houndred & Fifty Jataka Stories Volume 1
Out-of-Stock
The Revered Book Of Five Hundred And Fifty Jataka Stories - The Sinhala Pansiya Panas Jataka Pot Vahanse is without doubt the best known, best loved and one of the most venerated books in Buddhist Sri Lanka. The fact that the term 'vahanse' is often used as a part of the title of the book, indicates the reverence with which the book itself is treated.
Rs 2,250.00
Samskrita Dwiteeyadarsa Reader -II
සංස්කෘත ද්විතීයදර්ශය - Reader - II - මූලික පිරිවෙන් සංස්කෘත විෂය නිර්දේශිත කෘතියක් වන මෙය නාගර අක්ෂරයෙන් මුද්රිතය.
Rs 540.00
Samskrita Triteeyadarsa Reader -III
සංස්කෘත තෘතීයාදර්ශය - Reader - III - මූලික පිරිවෙන් සංස්කෘත විෂය නිර්දේශිත කෘතියක් වන මෙය නාගර අක්ෂරයෙන් මුද්රිතය.
Rs 440.00
The Bhikkhu Patimokkha-A Word By Word Translation
The Bhikkhu Patimokkha-A Word By Word Translation - It is an exact, word by word translation of the code of Discipline meant for the Buddhist monks – though intended for the Buddhist monks, yet it will be of concern to those who evince an interest in Pali and Buddhist monastic law.
Rs 150.00
Jathaka Tales Abridged
Jataka Tales Abridged – Jataka Stories have been inspiring the people for generations to lead a life of virtue. The 30 jatakas presented in this book are rich with ingredients that make them delightful reading by children. The characters are very often animals, birds, snakes as well as demons. They say things and do things in the same way as the humans do. By reading these stories the children while deriving pleasure would unconsciously cultivate some virtue which is the underlying theme of any jataka story.
Rs 320.00
Handbook of Buddhists
Handbook of Buddhists - Contains stanzas uttered in homage to the triple gem - Buddha, Dhamma and the Sangha. It is intended to be of use for those who engage in daily worship and for the use of children studying Buddhism in the English medium.
Rs 206.50