Best sellers

Maranaya Saha Thanikama

මරණය සහ තනිකම - "ක්‍රිෂ්ණාමූර්තීන්ගේ ඉගැන්වීම් සිංහලයට පරිවර්තනය කිරීම කළ හැකි දෙයක් නොවේ. එතුමන් විසින් ඉංග්‍රීසි භාෂාවේ යෙදුම් පවා එහි සම්මත අර්ථය ඉක්මවා යොදා ගැනුණු හෙයින්, සුපුරුදු පරිවර්තන කාර්යයක යෙදීමෙන් එම ඉගැන්වීම් සිංහල පාඨකයා වෙත පිරිනැමිය නොහැකිය. එහෙත් එම ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් සම්බන්ධයෙන් ඉතා දිගු කලක සිට අවධානයෙන් යුතු ව පරිශීලනයෙහි යෙදී සිටින මෙම කෘතියෙහි කතුවරයා වූ ආරියරත්න විජයසිංහයන් එහි හරය දැකීමට යොමු වී ඇත්තෙකු වශයෙන් පමණක් නොව, මූලික වශයෙන් ම ඒ පිළිබඳ ව දුරවබෝධයෙන් බොහෝ සෙයින් මිදී ඇත්තෙකු බව ද මෙම ලිපි කියවීමේ දී කෙනෙකුට පෙනී යන වැදගත් කරුණකි."
Rs 885.00
Out-of-Stock

Sansara Pravahaya

Out-of-Stock
සංසාර ප්‍රවාහය - මෑත කාලයේ ජීවත් වූ අද්විතීය දාර්ශනිකයෙකු වූ ජේ. ක්‍රිෂ්ණමූර්ති මහතා ආචාර්ය වල්පොළ රාහුල හිමියන් සමඟ කළ සාකච්ඡාවක් පාදක කර ගනිමින්, ආරියරත්න විජයසිංහ මහතා විසින් "සංසාර ප්‍රවාහය" නම් මෙම ධර්ම ග්‍රන්ථය පාඨකයනට ඉදිරිපත් කෙරේ.

Widdayavasa Darmadeshana 3

විද්‍යාවාස ධර්මදේශනා 3 - මෙම වටිනා ධර්ම ග්‍රන්ථයේ ඇතුළත් වන්නේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක, ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති අතිපූජ්‍ය මකුලෑවේ විමලාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රූපවාහිනියෙන් සහ ගුවන් විදුලියෙන් දේශිත ධර්ම දේශනාවන් ය.
Rs 531.00

Adhyathmika Manowidhyawa

ආධ්‍යාත්මික මනෝවිද්‍යාව - මෙම කෘතිය ආධ්‍යාත්මික ජීවිතය යනු කුමක් ද? සම්ප්‍රජානනය යනු කුමක් ද? ප්‍රඥාව යනු කුමක් ද? ප්‍රඥාව පිළිබඳ මනෝවිද්‍යා විවරණ, සත් ජීවනය, මානසික ගැටලු නිරාකරණය කර ගන්නේ කෙසේ ද? වැනි පරිච්ඡේද එකොළහක් යටතේ මනෝවිද්‍යාව විශය පථය‌ට අනුකූල කරුණු පාදක කර ගනිමින් විග්‍රහයන් ඉදිරිපත් කෙරෙන අගනා කෘතියකි.
Rs 300.00
Out-of-Stock

Dhamma Pada Paliya

Out-of-Stock
ධම්ම පද පාළිය - බෞද්ධයාගේ අත්පොත ලෙස සැලකෙන ධම්ම පදය මුළුමහත් බෞද්ධ ධර්මය ම හකුළුවා දක්වන්නකැ යි කිවහොත් එය වැරදි නොවේ. මේ, ධම්ම පද පාළිය පිළිබඳ ව තිලකරත්න මහතා විසින් සම්පාදිත ග්‍රන්ථයකි. ධම්ම පද පාළියෙහි අඩංගු ගාථා ධර්මයෙහි සිංහල අර්ථය හා බුදුරජාණන් වහන්සේ ඒවා දේශනා කිරීමට මුල් වූ හේතුන් මෙන් ම ඒවායේ අන්තර්ගත ධර්ම කරුණු පිළිබඳ විවරණයක් කර තිබීම ද මෙහි ඇති සුවිශේෂීත්වයකි.
Out-of-Stock

Dhammapadaya Saha Bhagavath Geetha

Out-of-Stock
ධම්මපදය සහ භගවත් ගීතා - ධම්මපදයෙහි හා භගවත් ගීතාවෙහි එන ගාථා හා එම එක් එක් ගාථාවෙහි තේරුම ද පැහැදිලිව සඳහන් කරමින් මෙම ග්‍රන්ථය රචනා කිරීමට කතෘ එච්. එම්. මොරටුවගම මහතා ගෙන ඇති උත්සහය ප්‍රශංසනීය ය. 

Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 7 Wana Kandaya

සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 7 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි හත්වන කාණ්ඩය මෙය වේ.
Rs 1,145.00

Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 6 Wana Kandaya

සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 6 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි හයවන කාණ්ඩය මෙය වේ.
Rs 1,145.00

Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 4 Wana Kanadaya

සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 4 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි සිව්වන කාණ්ඩය මෙය වේ.
Rs 1,230.00

Saddharmasagaraya Nam Wu Dhammapada Warnanava - 3 Wana Kandaya

සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා - 3 වන කාණ්ඩය - රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යය අතිපූජ්‍ය අම්බලන්ගොඩ ධම්මකුසලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත අති ශ්‍රේෂ්ඨතම ධර්‍ම විවරණය වූ "සද්ධර්‍මසාගර නම් වූ ධර්‍මපදවර්‍ණනා" නම් ග්‍රන්ථ පෙළෙහි තුනවන කාණ්ඩය මෙය වේ.
Rs 1,600.00