Out-of-Stock Sahithya Kalawa Out-of-Stock සාහිත්‍ය කලාව - "කලාවක් වශයෙන් සිංහල සාහිත්‍ය හදාරන්නන් හා එහි රස විඳින්නන් සාමාන්‍ය පාඨකයින් අතර පමණක් නොව සිංහල පණ්ඩිතයන් අතර පවා නැතැයි පවසන මාර්ටින් වික්‍රමසිංහ මහතා සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍යය, මෙම කෘතිය මඟින් සියුම් විමසුමකට බඳුන් කරයි. ලේඛන කලාවෙහි සමතුන් වනු කැමැතියන්ට ද සාහිත්‍ය රස විඳින්නවුන්ට හා සාහිත්‍ය විවේචනය කරන්නවුන්ට ද මේ ග්‍රන්ථය අත් පොතක් ලෙසින් ප්‍රයෝජනවත් වනු ඇත." ජයදේව-ලංකාදීප Rs 300.00 Details View details
Sinhala Sahithyaye Negeema සිංහල සාහිත්‍යයේ නැගීම - සිංහල සාහිත්‍යයේ එන ජනකවි, සිව්පද කාව්‍ය, ගද්‍ය හා පද්‍ය ආදී බොහෝ සංස්කෘතිකමය මාතෘකා ඔස්සේ ලියැවුණු විචාරවත් ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක. මෙහි එන පටුන කියවන කා හට වුවද මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විචාර බුද්ධියට ගෝචර වූ මාතෘකා එයට කදිම නිදසුන් වේ. Rs 1,100.00 Add to cart Buy
Rasavadaya ha Bauddha Kavya රසවාදය හා බෞද්ධ කාව්‍යය - සංස්කෘත ආලංකාරිකයන් පරිශ්‍රමයෙන් විකාශනය කළ මතයක් වන රසවාදය හිසින් ගැනීම නිසා අනුකාරක විචිත්‍ර රීතියක් බිහි වූ අයුරුත් එය අපගේ නිදහස් සාහිත්‍ය සම්ප්‍රදායට බාධාවක් වූ සැටියත් මාර්ටින් වික්‍රමසිංහ මේ කෘතියෙන් අනාවරණය කරයි. Rs 175.00 Add to cart Buy
Hansa Sandeshaya හංස සංදේශය - සිංහල සංදේශ කාව්‍ය අතර පැරණි ම සංදේශ කීපය අතරට මෙම සංදේශය ද අයත් වන බව සඳහන් කරන කතුවරයා මෙය ද සෑම කාව්‍යාංගයකින් ම සමන්විත වන අතර එහි අර්ථය ද පැහැදිලිව සඳහන් වේ. එසේ ම සෑම පදයක් සඳහා ම යොදා ඇති කාව්‍ය විස්තරයන්ගෙන් සාහිත්‍ය පිළිබඳ ව දැනුම් රැසක් ගෙන එන බව දක්නට ලැබේ. මේ හැරෙන්නට ඒ ඒ පද්‍ය වල දක්නට ලැබෙන විවිධි ග‍්‍රන්ථි පද සඳහා විවරණය කිරීමක් ද දක්නට ඇත. කවර උසස් විභාගයකට වුවද සූදානම් වන අයට භාවිත කළ හැකි ලෙස සැකසී තිබේ. Rs 720.00 Add to cart Buy
Thisara Sandeshaya තිසර සංදේශය - ඉපැරණි ම සංදේශ කාව්‍යය වශයෙන් සැලකෙන මෙම ග‍්‍රන්‍ථයෙන් අවුරුදු පන්සියයකට පෙර ලංකාවේ ඉතිහාසය සමාජ තතු ආගමික පසුබිම ආදී කරුණු ගණනාවක් විවරණය වේ. ඉටු අනිටු ගණ සහ අධ්‍යාපනය සඳහා ඉතා වැදගත් කරුණු රාශියක් පිටු 28 කින් යුත් සංඥාපනයට ඇතුළත් කර තිබේ. සංදේශ කාව්‍යය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා ගැනීමට මෙම පොත අනිවාර්යයෙන් ම කියවිය යුතු අතර කාන් රසාස්වාදයේ තීව‍්‍ර වින්‍දනය සඳහා එය උපකාරී වනු ඇත. Rs 280.00 Add to cart Buy
Out-of-Stock Sidathsangarave Pasukaleena Bhasha Salasum karanaya Out-of-Stock සිඳත් සඟරාවේ පසුකලීන භාෂා සැලසුම්කරණය - සිදත් සගරා විෂය කොටගෙන බිහි වූ හා සිදත් සගරාව ආශ‍්‍රය කරමින් බිහි වූ ව්‍යාකරණ ග‍්‍රන්ථ වලින් සිදුව ඇති භාෂා සැලසුම්කරණයන් හෙළිදරව් කිරීම මෙම කෘතියෙහි මූලික අරමුණ වේ. Rs 600.00 Details View details
Sarala Sanskruthashikshakaya 3 සරල සංස්කෘත ශික්ෂකය 3 - මේ සරල සංස්කෘත ශික්ෂක නම් පොත් පෙලේ තුන්වැන්නයි. මෙහි පළමුවන, දෙවැනි පොත් හදාලහට මේ තුන්වැන්න මැනවින් ඉගැන්මෙන් සකුබසෙහි මහත් නිපුණ බවක් ලැබෙනු ඇත. Rs 3,800.00 Add to cart Buy
Out-of-Stock Sinhala Bhashave Prabhavaya Ha Pravardhanaya Out-of-Stock සිංහල භාෂාවේ ප‍්‍රභවය හා ප‍්‍රවර්ධනය - සිංහල භාෂා ඉතිහාසය හදාරණ ප‍්‍රාචීන හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් වෙනුවෙන් සම්පාදනය කරන ලද ප‍්‍රශස්ථ කෘතියකි. Rs 250.00 Details View details
Out-of-Stock Wairagyashathakaya Out-of-Stock වෛරාග්‍යශතකය - ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සදහා ඉදිරිපත්වන වීද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සංස්කෘත පෙළ, අන්වය හා පදගතාර්ථ සහිතව සංස්කරණය කරන ලද්දකි. Rs 300.00 Details View details
Sarala Sanskruthashikshakaya 1 සරල සංස්කෘත ශික්ෂකය 1 - මේ සරල සංස්කෘත ශික්ෂකය නම් පොත් වැලෙහි පළමු වැන්නය. මෙය වනාහි මුල පටන්ම නාගර අකුරුත් සමගම සංස්කෘත භාෂාව පුහුණු කරන ආධුනිකයන් සදහා පිළියෙල කරන ලද්දකි. තවද සංස්කෘත භාෂාව උගන්නවුනට මුලදීම කියවන හෝඩිපොත වශයෙන් සකසන ලද්දකි. Rs 380.00 Add to cart Buy
Bhashana Sanskrutham භාෂණ සංස්කෘතම් - එක් එක් ස්ථානවලදී සංස්කෘත භාෂාවෙන් කතා කරන අන්දම නිරූපණය කරන පොතකි. එක් එක් වාක්‍ය සංස්කෘත නාගර අක්ෂරයෙන් ද එය උච්චාරණය කරන ආකාරය හා සිංහල අර්ථය ද දක්වා ඇති මෙය සංස්කෘත ආරම්භයට සුදුසු ය. Rs 460.00 Add to cart Buy