Best sellers

Out-of-Stock

Hath Pana

Out-of-Stock
කුමාරතුංග මුනිදාස විසින් රචිත ”හත්පණ” ළමා පාඨකයන්ගේ දැනුම වඩවන, ඔවුන් තුළ සතුට හා සිනාව උපදවන, ඒ සමගම කුතුහලය දනවමින් ඉදිරියට ගලා යන කතාවක් පදනම්කරගත්, හාස්‍යයෙන් අනූන ළමා සාහිත්‍ය කෘතියකි. සිබිල් වෙත්තසිංහයන්ගේ සිතුවම්වලින් පොත අලංකාර වී ඇත.

Magul Kaama

හෙළ ළමා සාහිත්‍යයට අනුපමේය සේවාවක් කළ හෙළයේ මහ ඉසි කුමාරතුංග මුනිදාස සූරීන් විසින් සම්පාදිත මෙම කෘතිය දිගු කලක් ළමා ලෝකයේ ආදරය දිනාගත් විශිෂ්ට කෘතියකි.
Rs 600.00
Out-of-Stock

Buddha Adahilla

Out-of-Stock
සූත‍්‍ර - විනය - අභිධර්ම යන ධර්ම කොට්ඨාස දැන ඉගෙනීමට තරම් ධාරණ ශක්තිය හා ඥාන ශක්තිය ඇති අය අප අතර විරලය. ඒ අඩුපාඩුව පිරිමසාලීම සඳහා බෞද්ධ වූ හැම දෙනාටම නිතර දෙවේලේ මේ ග‍්‍රන්ථය පරිශීලනය කළ හැකිය.

Wandana Gaathaa Saha Dolos Pohoya

නිවැරදිව පිළිවෙළින් වැඳුම් පිදුම් කරන ආකාරය ද අදාළ ගාථාවන් හා අනෙකුත් පිළිවෙත් ද අන්තර්ගත කරමින් සම්පාදනය කර ඇති මෙම කෘතියෙහි දොළොස් පෝයන් හා ඒ පිලිබඳ වැදගත් තොරතුරු රැසක් ද විස්තර කෙරෙයි.
Rs 650.00

Kumbhagosaka Situthuma

ධම්මපදයෙහි අප්පමාද වර්ගයෙහි උට්ඨානවතො සතිමතෝ ගාථාව සහ එයට පාදක වූ නිධාන කථාව ආශ්‍රයෙන් කරන ලද ධර්ම දේශනාවකින් සම්පාදනය වූ අගනා ධර්ම ග්‍රන්ථයකි
Rs 125.00

Chullakammawibhanga Suthraya

භෞතිකවාදී චින්තනය ඉක්ම වූ අතීන්ද්‍රිය විෂය ක‍්‍රියාකාරිත්වයක් විශ්ව නියාමයේ පවතින අරමුණය. ගැටපද විවරණය, පදගතාර්ථ සන්නය සහ සූත‍්‍ර සාරාංශය සහිත මෙම කෘතිය බෞද්ධයකු කියවිය යුතු ම පොතකි. කර්මය පිළිබඳ වැදගත් විග‍්‍රහයක් ද මීට ඇතුළත් වේ. විද්‍යාවට හසුනොවූ තරමින් අසත්‍ය යයි බැහැර කිරීමට ඇතැමුන් දරන ප‍්‍රයත්නයට මනා පිළිතුරක් මේ කෘතියෙන් සැපයෙයි. 
Rs 150.00

Budu Dahame Adhyathmaya (Lakkhana Suthraya)

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුතුමාගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන කල්හි භික්ෂූන් වහන්සේලා අමතා දේශනා කරන ලද මෙම සූත‍්‍රයෙහි අන්තර්ගත වී ඇත්තේ මහා පුරුෂයකු සතු පුරුෂ ලක්ෂණය. මෙය දීඝ නිකායට අයත් වන සූත‍්‍රයකි. 
Rs 150.00

Peace In The Buddha's Discourses

The Buddha’s discourses as recorded in the Pali Canon contain many references to the value of santi, or peace, at both the personal and social levels. ....
Rs 175.00

Budu Dahame Adhyathmaya (Alawaka Suthraya)

ඛුද්දක නිකායට අයත් ‘‘ආලවක සූත‍්‍රය” බුදු රජාණන් වහන්සේ විසින් ආලවක නම් වූ යක්‍ෂ ගෝත‍්‍රික සෙන්පතියා අරභයා දේශනා කරන ලද්දකි. මෙම සූත‍්‍රය දහම් කරුණු රැුසක් රසවත් ලෙස දක්වන මාහැගි ධර්මයකි. 
Rs 125.00

Budu Dahame Adhyathmaya (Wammika Suthraya)

මේ පොතේ විස්තර කෙරෙන ”වම්මික සූත‍්‍රය” වනාහි ත‍්‍රිපිටකයේ සූත‍්‍ර පිටකයට අයත් මජ්ක්‍ධිම නිකායේ  ඕපම්ම වග්ගයේ ඇතුළත් අත්ශයින් වැදගත් සූත‍්‍ර දේශනාවකි.
Rs 100.00
Out-of-Stock

Budu Dahame Adhyathmaya (Chula Wedalla Suthraya)

Out-of-Stock
ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේත් විශාඛ නම් උපාසක තැනත් අතර ඇති වූ සාකච්ඡවට ප‍්‍රස්තුත වූ කරුණු මේ සූත‍්‍රයෙහි ඇතුළත් වේ. විශාඛ උපාසක විසින් ධම්මදින්නා මෙහෙණියගෙන් විචාරණ ලද ප‍්‍රශ්න වලට දෙනු ලැබූ පිළිතුරු වටිනා දහම් කරුණු වශයෙන් මෙහිදී ඉතා වැදගත් වේ.