Rs 575.00
Best sellers
There are 2679 products.
Roga Nivaranaya Saha Nirogi Suvaya Sadaha Dhanvantharee pudha pujaa saha sthrothra
'රෝග නිවාරණය සහ නිරෝගී සුවය සදහ ධන්වන්තරී පුද පුජා සහ ස්තෝත්ර' යන මෙම ග්රන්ථයේ අනාදිමත් කාලයක සිට පැවත එන ඉන්දීය ආයුර්වේද වෛද්ය ශාස්ත්රයයේ ධන්වන්තරී නම් දෙවි කෙනෙකුගේ බල මහිමයෙන් ලෙඩ දුක් සුව කරණ ක්රම ස්ත්රොත්රද අන්තර්ගත ඉතා වටිනා ග්රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 200.00
Iperani Sinhala Lankeya Devi Devathavo
Out-of-Stock
කර්තෘගෙන් වචනයක්.....
ශ්රී විෂ්ණු, කතරගම, පත්තිනි, නාථ, විභීෂණ ආදී මහා දෙවිවරු පිළිබඳව කව්රුත් කතා කරති. ලියති. කියවති. නමුත් ලාංකීය දෙවිවරු කෙතෙක් ද?වැඩහිටි කන්දේ සිට බින් තැන්න, වෙල්ලස්ස, වැදිරට හරහා වැව් බැඳි රටට ගොස් දකුණු ලක හරහා නැවතත් වට වන්දනාවේ ගිය ගම් නියම්ගම් ගණන දන්නේ දෙපා පමණි. ඒ මහන්සිය නිසාවට " ඉපැරණි සිංහලේ ලාංකීය දෙවිදේවතාවෝ" ඔබ අතට ගෙන ඒමට හැකි විය. තමන් තනි තනිව සිටින දෙවිවරු ඇතත් ඒ පැත්තට පෑන නොමෙහෙයවුණි.දෙවියන් මිනිසාට වඳින බව සමහරු කියති. දෙවියන්ගෙන් වැඳුම් ගත හැකි එක "මනුස්ස පුලුටක්" ලක් පොළවේ සිටී දැයි ප්රශ්න නොකරමි. වසර දහස් ගණනක සිට දෙවියන් පිදූවන්ට සිදු වූ හානියක් ඇද්දැයි නොදනිමි. උගුරට හොරා බෙහෙත් නෑ නොහැක.මේ පොතට කරුණු සෙවීමේ දී උපකාරී වූ වැඩහිටි කන්දේ පූසාරි වශයෙන් දිවි ගෙවූ දිවංගත ශ්රී සංගරම් පිල්ලේ සාමිතුමා, දිවංගත බෝදාගම විජේනායක රාළහාමි ඇතුළු අය බොහෝ ය. නම් වශයෙන් ලිවීමට දිග වැඩිය. අපහසුය.මෙහි සඳහන් දේවනාම පිළිබඳ සැකයක්ද ඉපදෙනු ඇත. අපේ මුතුන්මිත්තන්ගේ විශ්වාසයට ගෞරව කරමු. මින් යමක් උගතහැකි නම් එය මා හට මහත් මානසික සුවයකි.කරුණු රැස් කිරීමේ දී පසුගිය පනස් වසර තුළ පොතපත ද, දන්නා දේ නොහඟවා කියා උපකාර කළ හැමද සාදරයෙන් සිහි කරමි.

Rs 275.00
Guptha bala dharma bala yanthra manthra
මෙම ග්රන්ථය සම්පාදනය කිරීම සදහා රචකයා විසින් පුස්තක මුද්රිත පොත පත සහ මේ පිළිබදව දැනුමක් ඇති ගුප්ත විද්යාධරයින්ගේ සමහර යන්ත්රද මන්ත්ර ඇතුළත් කොට ඇති අතර ගුප්ත විද්යාව පිළිබදව උනන්දුවක් දක්වන ඔබ සියලු දෙනාට ඉතා වටිනා කෘතියක් ලෙස හැදිවිය හැකිය.
Rs 500.00
Saman Dewala Puda Sirith
සුමන සමන් දෙවියන්ගේ අඩවිය ලෙස ගැණෙන සබරගමු පළාතේ, රත්නපුර සමන් දේවාලය 'මහා සුමන දේවභවන' නමින්ද ජන සම්මානයට පාත්ර වූවකි. වර්ෂාරම්භයෙහි මධ්යම රාත්රියෙන් ආරම්භ වන පුද පූජා චාරිත්ර වාරිත්ර තුන්සිය හැටපස් දිනක් නොකඩවා චක්රාකාරව ගමන් කරන ආකාරය සියැසින් දැකබලාගෙන, වෙහෙස මහන්සි වී පාරම්පරික දැනුමැත්තන්ගේ ඥාන සම්භාරය උකහාගෙන නූතන විද්යාත්මක පර්යේෂණ විධි ක්රම ආශ්රයෙන් ආචාර්ය ශ්රියාණි රාජපක්ෂ රචනා කළ සමන් දේවාල පුද සිරිත්' ලාංකේය. දේව විශ්වාස හා බැඳුණු චාරිත්ර විග්රහ කරන ප්රථම කෘතිය ද වන්නේය.
Rs 950.00
Kataragama deviyo
Out-of-Stock
ශ්රී ලාංකේය සමාජ සන්දර්භය නානාවිධ ආගමික මතවාදයන්, විශ්වාස හා පුද පිළිවෙත් මගින් නවීකරණයට බඳුන් වූවකි. ජනප්රිය බුද්ධාගම එහිලා දැක්විය හැකි එක් සංරචකයකි. පොදු ජන සමාජයේ විවිධ අවශ්යතා සාධනය කරගනු සඳහා ජනතාව විසින් ඇති කරගනු ලැබූ ජහප්රිය පුද සිරිත් අතර දේව වන්දනයද ප්රබල වූවකි. ඉනිඳු කතරගම දෙවියන් සිංහල දේව ධූරාවලියේ මුදුන් මල්කඩකි. දුක සැප දෙකෙහි දීම සැමට වැඳුමට පිදුමට තිබෙන එකම පින්බිම කතරගමය. අණවින (Black Magic) මෙන්ම ශාන්ති කර්ම ද (White Magic) යන දෙඅංශයම කඳ කුමරුගේ බලයට අභිමුඛය.
මෙම පර්යේෂණ කෘතිය කතරගම දෙවියන් ආශ්රිත යාතු කර්ම පුද සිරිත් පිළිබඳ කළ ආනුභවික අධ්යයනයකි. කතරගම දේව වන්දනය ආශ්රිත ක්රියාකාරකම් මෙමගින් ඉතා පුළුල් අධ්යයනයකට බඳුන් කරමින් ඒ සඳහා උනන්දු ජනක පෙළඹවීමක් කර ඇත.

Rs 708.00
Budusamaye Panena Maraya
කතෘගෙන්...
මාර ශබ්දය සංකීර්ණ අදහස් ඇති පදයකි. බෞද්ධයන් අතර බෙහෙවින් ප්රචලිත වචනයකි. පස්මරුන් යන්න ද එසේය. බුදු සමයෙහිදී බොහෝ විට මාරයා ගැන පුද්ගලයාගේ විමුක්ති මාර්ගයට අවහිර කරණ හඳුන්වා දීමේ උපාය මාර්ගයක් වශයෙනි. මාරයා පිළිබඳව බෞද්ධ සාහිත්යයේ දැක්වෙන කරුණු උපුටා දක්වමින් මේ පොත ලිවීමට මා අදහස් කෙළේ ද මාරයා මගින් ඉදිරිපත්වන පවිටු ගති ලක්ෂණ සමාජය ඉදිරියෙහි තබා එම කරුණු මාර්ගයෙන් පාප ධර්මයන් නැති කර යහපත් චරිතයක් ඇති කර ගැනීමට ඉවහල් වේය යන අදහසිනි. එසේ වුවද බුදු සමයේ පැනෙන මාරයා පිළිබඳ ලිවීම ඉතාම දුෂ්කර කාර්යක් විය. ලිවීම අතරමග නතර කර නිතර කල්පනාබරව සිටි අතර බෞද්ධ විශ්ව කෝෂයේ නියෝජ්ය කර්තෘ (විශ්රාමලත්) සනත් නානායක්කාර, මහාචාර්ය කපිල අභයවංස, යන වියතුන් ගෙන් ලැබුණ උපදෙස් මෙය සම්පාදනයට පහසු විය. එම වියතුනට ද මගේ කෘතඥතාව හිමි වෙයි.මෙම කෘතියෙහි බුදු සමයේ පැනෙන මාරයා - පස්මරුන් සහ ඒ හා බැඳුණු කරුණු ඇතුළත් වෙයි. එහෙයින් මෙය මාර සංකල්පය පිළිබඳව අධ්යයනයට ගවේෂණයට උපකාරී වේ යයි සිතමි. පෙළ සහ අටුවා අනුව විස්තර සඳහන් වෙයි.

Sathuta Gena Dena Bauddha Katha
කතෘගෙන්...
* මේ පොතේ දැක්වෙන කතා මා තිස් අවුරුද්දක් තිස්සේ ථෙරවාදී වනවාසී ස්ථවිරයන් වහන්සේ නමක් හැටියට එකතු කර ගත් ඒවායි. තම දෙසුම් ශ්රාවකයාගේ සිතට කාවද්දන්නට බුදුන් වහන්සේ කතාවන් ප්රයෝජනයට ගත්හ. ඊසාන දිග තායිලන්තයේ අජාන් චා නම් වූ මගේ ආචාර්ය තුමාද එලෙසම කතාවන් ආධාර කොට ගෙන ඉගැන්වූහ. එතුමන්ගේ පන්තියකින් පසු මගේ සිත තුළ පැලපදියම් වූයේ කිසියම් කතාන්දරයකි. විශේෂයෙන් විහිළු සහගතකතාන්දරයකි. එපමණක් නොව ඒ කතාන්තරයන්ට අභ්යන්තර මානසික සතුටටද විශේෂ වශයෙන් හේතු විය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම අප වෙතට ගෙන එන පණිවුඩකරුවා කතාන්තරයෝය. "

Rs 750.00
Maranaya Antharabhavaya Karmaya Saha Punarbhavaya
'මරණය, අන්තරාභවය, කර්මය හා පුනර්භවය' යන කෘතිය 'බුදුසරණ' පුවත්පතෙහි පළ වූ ලිපි පෙළක් වන අතර මේ මගින් සාකච්ඡා කරන කරුණු තුළින් බොදු ජනතාවට බුදු දහම පිළිබද ගැඹුරු අධ්යනයක් කිරීමට මගපාදා දෙයි. 'අන්තරාභවය' පිළිබඳව මෙම කෘතියේ සිදු කරන සාකච්ඡාව බොදුනුවන් තුළ නව චින්තනයක් ඇති කිරීමට සමත්වන අතර එබැවින් මෙය බොහෝ දෙනා අතර ජනප්රිය කෘතියක් වනු නොවනු මානය.
Rs 300.00
Marananusmruthiya Hevath Marena Bawa Nithara Sihikireema
'මරණානුස්මෘතිය හෙවත් මැරෙන බව නිතර සිහිකිරීම' යන මෙම ග්රන්ථය පැලෑණේ ශ්රී වජිරඤාණ මහා නායක මාහිමිපාණන්වහන්සේ විසින් රචනා කරන ලද අතර මිනිසුන් වන අප සියලු දෙනාට ජීවිතයේ මොනයම් හෝ මොහොතක මොනයම් වූ වෙලාවකදී අන්පේක්ෂිත ලෙස මුහුණ දීමට සිදු වන මරණය පිළිබදව ඉතා නිරවුල්ව සියලු පාඨක ජනතාව හට තේරුම් ගැනීමට හැකි වන අන්දමින් රචනා කරණ ලද ඉතා වටිනා කෘතියක් ලෙස හදින්විය හැකිය.
Rs 220.00
Himalayanu Yogi Swami Ramage Nila Charithapadanaya 3
මෙම කෘතිය පණ්ඩිත් රාජ්මනී ටිගුනායිට් විසින් රචිත 'The Official Biography of Swami Rama of the Himalayas' කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයේ අවසන් කොටස වන අතර බටහිර විමතියට පත් කළ හිමාලයානු යෝගී ස්වාමී රාමා තුමාගේ චරිතාපදානය මෙම කෘතිය තුළ අන්තර් ගත වේ.
Rs 850.00
Jivana ratawa ha sasara pavathma
ජීවන රටාව හා සසර පැවැත්ම පොත දොළොස්වන මුද්රණයේ පටන් ඉදිරියට ප්රකාශයට පත්කිරීමේ අයිතිය හා වගකීම මෙවර මුද්රණයේ වියදම් දැරූ “සසර පැවැත්ම” භාරයට පවරමි. මෙයින් ලැබෙන ආදායමක් ඇත්නම් එය පොත නොකඩවා පළ කිරීමට සහ හදිසි ආපදාවන් නිසා පවුල් බර දරා ගැනීමට අපහසු වී සිටින අය සොයා පරිත්යාග කිරීමට ද යොදා ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
බෙල්ලන ඤාණවිමල මහානායක ස්ථවිර
බෙල්ලන ඤාණවිමල මහානායක ස්ථවිර
Rs 300.00
Dhathu wistharaya
ධර්මය සහ ධාතු යන වචන ද්වයය ම දැරීමේ අර්ථයෙන් සාම්යයක් උසුලයි. සත්ත්වයා සතර අපායට වැටෙනු හොදී දරනු ලබන්නේ ධර්මය විසින් වන අතර මූලික කාරක ශක්තිය හෝ පුජනීය ශ්රේෂ්ඨ විචිත්ර තත්ත්වය හෝ රැඳී ඇත්තේ යම් බඳු තැනෙක්හි ද එය ධාතු නම් වෙයි. ධර්මජ ධර්ම භූත භාග්යවත් සම්බුද්ධ චරිතාබද්ධ විවිධ භෞතික ද්රව්යාත්මක කොටස් ද ධාතු ලෙසින් සම්භාවිත වී ඇති අතර එකී සම්බුද්ධ ධාතු වර්ණනාව ලේඛන දේශන චින්තන විෂයය අතික්රාන්තවන බව සත්යයකි.නානාවිධ තිරශ්චීන සත්ත්වයන්ගේ දත්ත, තබ, චර්ම, රෝම ආදිය මිනිසුන් සඳහා ලෞකික වශයෙන් පමණක් උපකාරක වෙද්දි ශ්රී සර්වඥ ශාරීරික සහ පාරිභෝගික ධාතු ඔස්සේ ලෞකික සහ ලෝකෝත්තර සුබ සාධනය කවරෙකුට කෙසේ වත් වාරණය කළ නොහැකි ය.කැලණිය විශ්ව විද්යාලයයේ පාලි හා බෞද්ධ අධ්යයනාංශයේ බාහිර කථිකාචාර්ය, කොළඹ මාලිගාකන්ද විද්යොදය පිරිවෙණේ ආචාර්ය ගයාත් චානුක විදානපතිරණයන්ගේ ධර්මමය රචනා චාතූර්යය පිළිබඹු කරන නවතම කැඩපත වූ " ධාතු විස්තරය ” නම් ග්රන්ථය සැබැවින් ම ග්රන්ථ ධාතුවකි. සම්බුද්ධ ධාතු පිළිබඳ ප්රාමාණික වූ ද දුර්ලභ වූ ද අග්රගණ්ය වූ ද ශුද්ධෝත්පාදක වූ ද තොරතුරු සමුදායයකින් මෙම ග්රන්ථය විසිතුරු වෙයි. තවද එකී ධාතු ස්ථාපිතපූජ්යස්ථානයන්ට අදාළ වර්ණවත් ඡායාරූපාවලියකින් ද කෘතිය සමලංකෘතවී ඇත. විද්වද් ජනයාගේ නැණ පමණක් නොව ගුණ ද සද් ජනයාගේ ගුණ පමණක් නොව නැණ ද පුබුදුවාලීමට සමත් "ධාතු විස්තරය " "ථූපාරහ' නොවේ යයි කොට නම් කිව හැකිද?
අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි
අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි
Rs 950.00
Jeeewithaya Saha Manokaya
පොත පිළිබඳව.
ලොව බොහෝ රටවල ජීවිතය, මරණය, යළි උපත සහ මනෝකාය පිළිබඳ පොත් රාශියක් ප්රකාශයට පත් වී තිබේ. කලක් " හුදු විද්යාත්මක දෘෂ්ටියකින්' එම ප්රස්තුත දෙස බැලීමට පුරුදුව උන් මනුෂ්යයන් සිය සීමිත දැක්ම වෙනස් කරගෙන යන බව ඒවායින් පළ වේ.මිනිස් දෘෂ්ටියෙහි සිදුවෙමින් පවතින මෙම වෙනසට පාදක වූ සාධකය, මිනිසා පිවත් වන ලෝකය ඔහු සිතා සිටියාට වඩා අතිශයින් පුළුල්, ගැඹුරු හා සංකීර්ණ එකක් බවත්, ඒ පිළිඹඳ මිනිස් සංජාතන ශක්තීන් ඉතා සීමිත බවත් මෑතදී විද්යාව තුළින්ම අනාවරණය වීමයි.මිනිසාට වසර දස දහසක් පමණ පැරණි පාරම්පරික දැනුම් සම්භාරයක් උරුම වී තිබේ. එහෙත් විද්යාවේ සීමිත කෝණයන් තුළින් ඒවා දෙස බැලීම නිසා, ගත වූ සියවස් කිහිපය තුළ එම පාරම්පරික දැනුම් සහ අත්දැකීම් සම්භාරය ඔහු අතින් නොතකා හැරිණි.මේ නිදසුන බලන්න. විශ්වයේ පවත්නා ලොකු කුඩා චක්රාවාට සහ ග්රහලෝක පිළිබඳවත්, අනවරතයෙන් එහි සිදුවන වෙනස්කම් ගැනත්, නූතන විද්යාඥයන් බොහෝ කරුණු දැන ගත්තේ ගත වූ වසර දෙසීය තුළයි. මනුෂ්යයකු මවුකුස පිළිසිඳ ගත්තා ආකාරය පිළිබඳ මිනිස් දැනුමේ වයස ඊටත් වඩා අඩුය. එහෙත් බුදුරදුන් විශ්වය ගැනත්, මනුෂ්යයකුගේ පිළිසිඳ ගැන්ම ගැනත් අද විද්යාවෙන් හෙළි වී ඇති ආකාරයේ නිවැරදි විස්තරයක් කළේ මීට වසර දෙදහස් පන්සියයක් පමණ ඉහතදී ය. එපමණක් නොව උන්වහන්සේ කළ විස්තරය විද්යාව ඉක්මවා යන්නක් බව ඔබට මේ පොතෙන් දැනගන්නට ලැබෙනු ඇත.

Rs 240.00
Paliakkaramala Pali Hodi Potha
මෙම ග්රන්ථය පිරිවෙන් මූලික ශ්රේණිය සඳහා සුදුසුය. එසේම පාලි භාෂාව හැදෑරීමට ප්රවේශ වන ආධුනිකයන්ගේ නිවැරදි ලේඛන ක්රමය හා භාෂණය හුරු කරවීමට ඉතා උචිත වන ලෙස සම්පාදනය කර ඇති මෙම කෘතිය අකුරු කරවීමේ දී අතහුරු කරන ක්රමය පමණක් නොව මනස ක්රියා කළ යුතු ආකාරය ද මානසික සංවර්ධනය ද අනුක්රමයෙන් සංවර්ධනය කෙරෙන ඉතා උසස් කෘතියකි.
Rs 445.50
Dhayana Wadu Munivaru
කතෘගෙන්...
මහා ඝන වනාන්තර වල, කඳු හා ගල් ගුහා තුළ උන්වහන්සේලා වැඩ සිටියේ පියාපත් බර පමණක් ඇති කුරුල්ලන් මෙනි.රුක් මුල්, සොහොන් බිම්, පිදුරු කුටි, ලෙන් හා එළිමහන් භූමියෙහි උන්වහන්සේලා බවුන් වැඩුයේ හුදෙකලා සෘෂිවරුන් මෙනි. යම් සේ සමන් මල් වැල මැලවී ගිය මල් බිම හෙලයිද එමෙන්ම රාගය ද ද්වේෂය ද මුදා හල උන්වහන්සේලා නික්ලේශී ආධ්යාත්මික මුනිවරු වෙති.

Rs 450.00
Diyawara Urumaya
Out-of-Stock
මේ කෘතියේ අරමුණ වන්නේ ශ්රී ලංකාවේ විවිධ ජන වර්ග හා ආගම් ඔස්සේ ප්ලය ගමන් ගන්නා මාර්ගය ඉදිරිපත් කිරීම යි. ශ්රී ලාංකිකයන්ට කලාව හා තාක්ෂණය පිළිබඳ මනා ඥාන සම්භාරයක් පමණක් නොව අනාගත පරම්පරා ගණනාවක් ම හැඩ ගැස්වීමෙහි ලා උපයෝගි විය හැකි මනා ප්රඥා මහිමයක් ද මේ උරුමයෙන් සුවිශේෂයන් ලැබී ඇති අයුරු වටහා ගැනීමට මේ ගමන් මාර්ගය ඉවහල් වනු ඇත.
Rs 600.00
Karunika Thara
ශ්රී ලංකාවේ වැඩ සිටින සියලුම භික්ෂුන් වහන්සේලා ගෙන තරාදියක එක් පසෙක දමා බළන්ගොඩ ආනන්ද මෛත්රෙය මහනාහිමියන් අනෙක පස දැමුවත් ඒ පස බර වැඩි වන්නේ යැයි ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් වරෙක පැවසී ය. පිරිසිදු සිල් ගිහිණි ඒ මහා යතිවරයාණන් වහන්සේ සිංහලට පරිවර්තනය කළ කාරුණික තාරා' වූ කලී මහායාන බෝධිසත්වවරියකගේ අතිශය කාරුණික වූද පරිත්යාගශිලී වූද ජිවිත පිළිබිඹුවකි. ලෝ වැසියන් දුක් පීඩාදියෙන් මුදනු පිණිසත්, ධර්මය යළි යළිත් ප්රචලිත කරනු පිණිසත් නාථ දෙවියන් මිනිස් වෙස් ලැබූ චරිත වරින් වර ලොව පහළ වන බව සද්ධර්ම පුණ්ඩරික සූත්රයේ දැක් වේ. එසේ පහළ වූ ආත්ම භාව 33 ගැන එහිම සඳහන් වේ. මෙහි එන කාරුණික තාරාවෝ එසේ පහළ වූ අවලෝකිතේශ්වර නාථ පුනරාවතාරයක් වෙත්
Rs 500.00
Sitha pubudana dina 365
මෙම ග්රන්ථය වෙනත් ග්රන්ථ සිය ගණනක සාරාංශයක් ලෙස ද සැළකිය හැක. අවශ්ය වුවත් කෙදිනක හෝ කියවීමට නොලැබෙන නම් ගම් නොදන්නා ඒ ග්රන්ථ කියවීමේ භාග්යය ද මෙමගින් අපට ලැබේ. මෙහි ඇති බොහෝ ඉදිරිපත් කිරීමේ, කියවන ඕනෑම පාඨකයෙකුගේ කුතුහලය දනවන අතර ඒ කියමනට අදාළ කාරණය ගැන දින ගණනාවක් සිතන්නට පෙළඹෙනු නිසැකය.
Rs 390.00
ManoWidyava
“ සැලකිය යුතු ශාරීරික හේතුවක් නොමැතිව ඇතැම් කෙනෙක් අසනීප වෙන්නේ මන්ද? " මෙය මනෝ විද්යාඥයා ඉදිරියේ එදා මෙන්ම අදද නැගෙන ප්රශ්නයකි. එයට පිළිතුරු සෙවීමේදි ප්රංශයේ සහ ජර්මනියේ වෛද්යවරුන් අතර විවිධ මති මතාන්තර ඇති විය. මනෝ විද්යාවේ නවීන මනෝ ප්රතිකාර අංශයන් ක්රම - ක්රමයෙන් දියුණුවට ගිය අයුරු මෙම ග්රන්ථයේ පිළිවෙලින් විස්තර වෙයි. එනයින් මෙය ප්රධාන වශයෙන්ම මනෝ විද්යා ඉතිහාසයට සම්බන්ධ කරුණු අඩංගු පොතකි. මෙහි දෙවෙනි සහ තුන්වෙනි පරිච්ඡේද වෙන්වී ඇත්තේ වර්ගීකරණ-විද්යාවේ ආරම්භය සහ එහි උපයෝගිතාවය පිළිබඳ විස්තරයකටය. ඉතා සුලූ කාලයක් ඇතුළත විශාල පාඨක පිරිසකගේ ගෞරවයට ලක් වූ මෙම කෘතිය සිංහල මනෝ විද්යා සාහිත්යයට එක්වූ ඉතාම සරල ග්රන්ථයයි. ශාරීරිකාබාධ සම්බන්ධයෙන් නවීන මනෝවිද්යාවේ ආරම්භයේදී පළවූ සිද්ධාන්තයන් සහ නිගමනයන් මෙහි විස්තරවී ඇත්තේ කිසිත් අවුලකින් තොරව ආධුනික පාඨකයනට වුවද ලෙහෙසියෙන් වටහාගත හැකිවන අයුරිනි.
Rs 250.00
Daraka Manovidyawa
මෙය ළමා මනස පිළිබඳ මනෝවිද්යාංශයට අයත් ග්රන්ථයකි. දරුවා මානසික වශයෙන් හා සාමාජීය වශයෙන් වර්ධනය වන ආකාරය මෙහි විස්තර වෙයි. මූලික වශයෙන් කතුවරයා උත්සහ කර ඇත්තේ දරුවාගේ පරිණතභාවය හා වර්ධනය පිළිබඳ විවිධ අවස්ථා දරුවාගේ වර්ධනය කෙරෙහි අවට පරිසරය බලපාන අයුරු මෙන්ම, දරුවා ඉපිද සිටින -ඔහු ඇති දැඩි වන සමාජයේ සාමාජිකයනුත් දරුවොත් අතර ඇති සාමාජික හා මානසික සම්බන්ධතා පිළිබඳ කරුණු ගෙනහැර දැක්වීමටය.
Rs 200.00
Minis Diwiye Arutha Soya
මේ කෘතියෙන් නාසි මාරක කඳවුරුවල දී මුහුණ දුන් භයානක සිද්ධි ඇතුළු ට, ඉෂ්ටාර්ථ චිකිත්සාව පිළිබඳ න්යායය අනාවරණය කර ගැනීමට පාදක වූ තම ජිවිත අත්දැකීම් කතන්දරයක ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. කතුවරයා ඕස්විවිටස්හි සහ වෙනත් වද කඳවුරු තුළ ගත කිරීමෙන් අනාවරණය කර ගත් ඉෂ්ටාර්ථ චිකිත්සාව, මානසික ව හෝ ආධ්යාත්මික ව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පුද්ගලයන්ගේ පෞරුෂ ගැටලු නිරාකරණය සඳහා දායක වන නවීන හා සුඛවාදී එළැඹුමක් වේ.
" පසුගිය වසර පනහ තුළ ලෝකයේ මනෝ විද්යා චින්තනයට කරන ලද ප්රධාන ම දායකත්වය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය "
කාර්ල් ආර්. රොජර්ස් (ප්රකට මනෝ විද්යාඥ )
" පසුගිය වසර පනහ තුළ ලෝකයේ මනෝ විද්යා චින්තනයට කරන ලද ප්රධාන ම දායකත්වය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය "
කාර්ල් ආර්. රොජර්ස් (ප්රකට මනෝ විද්යාඥ )
Rs 980.00
Theravadi Tripitakaye Samarambhaya Ha Wikashaya
"ථෙරවාදී ත්රිපිටකයේ සමාරම්භය හා විකාශය” යන මෙම කෘතිය ත්රිපිටක සාහිත්යය ආරම්භව, වර්ධනය වී ශ්රී ලංකාවෙහි හා සෙසු සම්ප්රදායික ථෙරවාද බෞද්ධ ලෝකයෙහි ද ව්යාප්තව පවත්නා ආකාරය පිළිබඳ සමාලෝචනාත්මක අධ්යයනයකි. සාහිත්යය, ධර්ම කරුණු සහ ඉතිහාසය ද සංකලනය කරමින් රචනා කොට ඇති මෙම කෘතිය ත්රිපිටක සාහිත්යය පිළිබඳව දැන ගනු කැමැති ධර්මකාමී සාමාන්ය පාඨකයා හට මෙන් ම ත්රිපිටකය පිළිබඳව ගැඹුරින් හදාරනු කැමති ශාස්ත්රාභිලාෂීන්හට ද එක සේ අර්ථවත් වන කෘතියක් ලෙස හැඳින්විය හැකිය.
Rs 1,450.00
The Art of Disappearing
Out-of-Stock
Whether mere bumps in the road or genuine crises, we live in a world of unwanted events that no willpower can prevent. In The Art of Disappearing, Ajahn Brahm helps us learn to abandon the headwind of false expectations and follow instead the Buddha’s path of understanding. Releasing our attachment to past and future, to self and other, we can directly experience the natural state of serenity underlying all our thoughts and discover the bliss of the present moment. In that space, we learn what it is to disappear. Ajahn Brahm, an unparalleled guide to the bliss of meditation, makes the journey as fun as it is rewarding.
The Art of Disappearing, comprised of a series of teachings Ajahn Brahm gave to the monks of Bodhinyana Monastery, where he serves as abbot, offers a unique glimpse into the mind of one of contemporary Buddhism’s most engaging figures.

Rs 5,300.00
Beyond Mindfulness In Plain English
Out-of-Stock
Countless people worldwide have made Mindfulness in Plain English a beloved and bestselling classic in almost a dozen languages. Now after nearly two decades, Bhante helps meditators of every stripe take their mindfulness practice to the next level—helping them go, in a word, beyond mindfulness. In the same warm, clear, and friendly voice, Bhante introduces the reader to what have been known for centuries as the “jhanas”—deeply calm, joyous, and powerful states of meditation that, when explored with the clearly presented tools in this book, can lead to a life of insight and unshakeable peace.
Rs 5,000.00
Maha Ummagga Jataka
Maha ummagga jataka is the lougest among the jataka stories of the buddha, which explain the buddha's saga toward supreme enlightement in his previous incarations.it has been translated into readable english by Mr. viranjeewa weerakkody who has many such translations to his credit, for a connoissenr of religious literature, it forms thrilling and exciting reading.
Rs 1,050.00
Kanda Udarata Janappriya Wu Dewa Sankalpa Ha Ithihasika Dewala
"කන්ද උඩරට ජනප්රිය වූ දේව සංකල්ප හා ඓතිහාසික දේවාල ' නමැති මෙම ග්රන්ථය නූතන මධ්යම පළාතේ දිස්ත්රික්ක තුනෙහි ජනප්රිය වූ දේව සංකල්ප හා ඓතිහාසික වශයෙන් වැදගත්, පූජනීය වූ සතර මහා දේවාල හා අනෙකුත් දේවාල සම්බන්ධයෙන් වැදගත් කරුණු අනාවරණය කරන කෘතියකි.
Rs 550.00
Mahabhinishkramanaya
සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ මහානිෂ්ක්රමණය තේමා කරගනිමින් රචිත මෙම කෘතිය සූරියවැව ධම්මපාල හිමියන් විසින් රචනා කරණ ලද ඉතා වටිනා කෘතියක් වන අතර තදනුබද්ධ ධර්ම කාරණා රාශියක් සිත්ගන්නා සුළු ආකාරයෙන් පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට දරන ලද ප්රයත්නයක සාර්ථක ප්රථිඵලයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,300.00
Ahalepola adhikaram Thumage Athwedha potha
Out-of-Stock
රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිරයන් වහන්සේ විසින් රචිත 'ඇහැළපොළ අදිකාරම්තුමාගේ අත්වෙද පොත' නම් මෙම කෘතිය තුළ ඇහැළපොළ අදිකාරම්තුමාගේ පුස්කොළ පොතෙහි අන්තර්ගතව තිබූ බොහෝ ඖෂධ වට්ටොරු ගණනාවක් එක්කොට සකස් කරන ලද කෘතියකි.
Rs 450.00
Sadhathuka Prathima
Out-of-Stock
'සධාතුක ප්රතිමා' නම් මෙම කෘතිය ලාංකේය සධාතුක ප්රතිමා සම්බන්ධයෙන් ලියැවෙන පළමු ශාස්ත්රීය ලේඛනය වන අතර බෞද්ධ හා පාලි විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ඉෂංඛ මල්සිරි මහතා විසින් රචනා කරන ලද කෘතියකි.
Rs 1,600.00
Experiences Available for Sovan Lay Persons
'herein arya keerthi kumarasena delineates the experiences likely to occur when a buddhist meditator attains the first stage of sainthood known as soram a stream entry. He also sets out the procedure for attaining it through meditation and development of which mental factors plays a major role in the procedure through which you attain it.
Rs 1,000.00
The Buddha's Eight Great Victories
jayamangala gatha plays an important part of being chanted in every auspicious occasion carried out in a buddhist household. how many of you know the basis underlying their import ? in this book ken and visakha kawasaki mentions at some leugth the basis of each stanza chanted as the jayamangala gatha
Rs 860.00
Pirimi Saha Gahanu Metharam Wenas Ayi
ආරියරත්න චන්ද්රවංශ මහතා විසින් පරිවර්තනය කරන ලද 'පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි' යන මෙම කෘථිය 'බබාර සහ ඇලන් පීස්' යන දෙදෙනාගේ 'වයි මෙන් ඩොන්'ට් ලිස්ටන් ඇන්ඩ් වොමෙන් කාන්ට් රීඩ් මැප්'යන කෘතියේ සිංහල පරිවර්තනය වන අතර. මෙම කෘතිය මගින් ඔබට විරුද්ධ ලිංගිකයන් හා බැදිම ඇතිකර ගැනීමට හා පවත්වා ගැනීමට පමණක් නොව එය ඔබ ගැනම අවබෝධ කර ගැනීමටත් උදව් වෙයි. එමගින් ඔබ දෙදෙනාටම වඩාත් ප්රීතිදායක සුවදායක හා සැනසිලිදායක ජිවිතයක් ගත කිරීමටත් සහාය වේ.
Rs 1,100.00