Best sellers

Dhanya Magapala Ha Nivana

ධ්‍යාන මගඵල හා නිවන - ධ්‍යාන වැඞීමේ අවශ්‍යතාවය හා ධ්‍යාන වඩන හැටි අත්දැකීම් තුළින් පෙන්වා දෙන සුවිශේෂී සදහම් ග‍්‍රන්ථයකි. 
Rs 350.00

Maha Sathipattana Suthraya - Anapanasati Bhavana 1

මහා සතිපට්ඨාන සූත‍්‍රය - කායානුපස්සනාව (01 කොටස) - මහා සතිපට්ඨාන සූත‍්‍ර දේශනාවේ කායානුපස්සනාවට අදාළ කොටසෙහි ආනාපානසති භාවනාව පිළිබදව පුළුල් විග‍්‍රහයක් මෙම කෘතියෙහි අන්තර්ගතව ඇත.
Rs 350.00
Out-of-Stock

Adhyathmika Lokayata Marga Sithiyama

Out-of-Stock
ආධ්‍යාත්මික ලෝකයට මාර්ග සිතියමක් - The Meditator's Atlas නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙයින් බෞද්ධ සාහිත්‍යයෙහි සම්භාවනීය ග‍්‍රන්ථයක් වන ”විසුද්ධි මග්ග” පොතෙහි සදහන් ”පාරිසුද්ධියට මග” වෙත ඔබ කැදවාගෙන යන මාර්ග විස්තරයක් පෙන්නුම් කරයි. 

Aanapana Sathi Bhavana Widhi

ආනාපාන සති භාවනා විධි - දානයේදීත් සීලයේදීත් ලැබෙන ආනිසංස වලට වඩා මහත්ඵල මහානිසංස භාවනා කිරීමෙන් ලැබෙයි. පංච නීවරණ දුරුවෙයි. සිත එක අරමුණක පිහිටයි. ඒ ඒකාග‍්‍රතාවයි. එවිට සිතෙහි ධ්‍යාන, පංච අභිඥා, අෂ්ට සමාපත්ති පිළිවෙළින් මාර්ග ඵල නිවන් අවබෝධ වේ. ඒ නිසා දාන සීලාදී පිංකම්වලට වඩා භාවනාමය වූ පිංකම්හි යෙදීම අත්‍යවශ්‍ය දෙයකි. 
Rs 350.00

Bhawanawata Athwalak

භාවනාවට අත්වැළක් - දමනයට මෙන්ම දැකීමට අපහසු සිත සන්සුන් කොට පවත්වා, භාවනාවට උචිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය මේ ග‍්‍රන්ථය මගින් විස්තර කරන අතර, භාවනාවේදී අනුගමනය කළ යුතු ක‍්‍රම උපායන් දෛනිකව සිදු වන සංසිද්ධීන් සමග සසදමින් විචිත‍්‍රවත් ලෙස කමටහන් ලබා දේ. 
Rs 200.00

Ma Kawda?

මා කවුද? බෞද්ධ භාවනාව සදහා අත්වැලකි - ''Who is My Self'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය බෞද්ධ භාවනාව සදහා මගපෙන්වීමක් ලෙස සම්පාදනය කර ඇති අතර ස්වයං අනන්‍යතාව සහ විඤ්ඤාණය පිළිබද බෞද්ධ චින්තනය බුදු වදනින්ම පැහැදිලි කර දක්වයි. 
Rs 750.00

Sathiya Saha Bhawanawa

සතිය සහ භාවනාව - අවධි අවධානයෙන් යුක්ත නුවණ භාවනාවට පමණක් නොව, දෛනික ජීවිතයේ හැම කටයුත්තකට ම යොදාගත යුතුය. එය ක‍්‍රියාවට නගන ආකාරයත් ඉන් ලැබෙන මහගු පලත් මේ කෘතියෙන් මනාව පැහැදිලි වේ. 
Rs 250.00
Out-of-Stock

Pali Sahityadarayo

Out-of-Stock
පාලි සාහිත්‍යධරයෝ - පාලි සාහිත්‍ය සඳහා සේවාවන් ඉටු කළ සාහිත්‍යධරයන් දස දෙනෙකු පිළිබඳ තොරතුරු එක් කොට රචිත ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක.

Sinhala Sahithya

සිංහල සාහිත්‍යය - මෙම විෂයෙහිලා උනන්දුවක් දක්වන සියලූ දෙනාට මහාර්ඝ කෘතියක් වන මෙහි සිංහල සාහිත්‍යය පිළිබදව සුවි‌‌ශේෂී කරුණු රාශියක් අන්තර්ගතව ඇත.
Rs 1,650.00

Sinhala Sahithya 2

සිංහල සාහිත්‍යය - 02 - සිංහල සාහිත්‍යය කතාව ගෙනහැර දක්වමින් ලියනු ලබන පොත් පෙළේ දෙවැන්නයි මේ. බුදු වසින් 1775 සිට 1827 දක්වා අතර කාලය තුළ ලියැවුණ පත -පොත පිලිබද කතාව මෙයට ඇතුළත් වෙයි. 
Rs 590.00
Out-of-Stock

Dharma Pradeepikava

Out-of-Stock
ධර්ම ප්‍රදීපිකාව - ගුරුළුගෝමිගේ ධර්ම ප්‍රදීපිකාව විද්වත් පාඨකයන් ඉලක්ක කරගත් සිංහල සම්භාව්‍ය කෘතියකි. පාලි ග්‍රන්ථ ග්‍රන්ථයේ උපුටා දැක්වීම් ගණනාවක් ද එහි අඩංගු වේ. මෙම කෘතිය අන්තර්ගතයෙන් සහ භාෂාවෙන් සිංහල සාහිත්‍යයේ කීර්තිමත් ස්ථානයක් හිමිකර ගනී. මෙම කෘතිය ලියා ඇත්තේ ශ්‍රී ලංකාවේ පොළොන්නරු යුගයේ (1070 - 1215) පළමුවන විජයබාහු රජුගේ පාලන සමයේදී ය. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය ඉතිහාසයට අනුව මෙම යුගය සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක් දුටු බව කියනු ලැබේ. විද්වතුන්ට අනුව පොළොන්නරු යුගයේ සිංහල සාහිත්‍යයේ කතුවරුන් බුදුදහමේ මූලිකාංග විස්තාරනය කිරීම සඳහා ගද්‍ය රචනා කර ඇත. ධර්ම ප්‍රදීපිකාව කියවීම සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගයක මූලික ලක්ෂණ පාඨකයාට හඳුන්වා දෙයි.
Out-of-Stock

Pali Attakatha Adhyayana

Out-of-Stock
පාලි අට්ඨකථා අධ්‍යයන - දැනට ඇති අට්ඨාකතාවන් ඇත්තේ පාලියෙනි. මැදගම්පිටියේ විජිතධම්ම හිමියන් විසින් රචනා කරන ලද මෙම ග්‍රන්ථය පාලි අට්ඨාකතා ආශ්‍රිත විවිධ අධ්‍යනයන් ය. අටුවාවල ඇති වැදගත් කරුණු පර්යේෂණාත්මකව මෙහි දී ඉදිරිපත් කර ඇත.

Buduguna Alankaraya

බුදුගුණ අලංකාරය  - අනන්ත වු බුදු ගුණ වර්ණනා කරමින් කාව්‍යයෙන් බන්ධනය වූ මේ කෘතිය බෞද්ධ සාහිත්‍යයේ අමරණීය ග‍්‍රන්ථයකි.
Rs 375.00
Out-of-Stock

Sri Saddharmavavada Sangrahaya Sithiyam Sahitha

Out-of-Stock
ශ‍්‍රී සද්ධර්මාවාද සංග‍්‍රහය - බෝධිසත්වයන් නියත විවරණ ගැනීමේ පටන් බුදුවීම හා මහා පරිනිර්වාණය දක්වා වූ සියලූ සිද්ධීන් ඉතාමත් ළගන්නාසුලූ අන්දමින් ව්‍යක්ත භාෂාමය විලාශයකින් ඉදිරිපත් කිරීමකි. මහින්‍දාගමනය ආගමික දියුණුව හා පරිහානිය ද අපාය විස්තර, පින්පල ඇතුළත් මෙම කෘතිය වර්ණ පින්තුර සහිත ඔප කඩදාසි පිටු 550 කින් යුතු අගනා සංස්කරණයකි. 

Nawa Padya Sinhalaya

නව පද්‍ය සිංහලය - නූතන සිංහල පද්‍යය ස්වාධීනව විභාග කරමින් මේ දක්වා ලියවී ඇති හොඳම විචාර ග්‍රන්ථය "නව පද්‍ය සිංහලය" බව බොහෝ විචාරකයින්ගේ මතයයි. කොළඹ යුගයේ එළිසම පද්‍යය හා නිසඳැස් - නිදහස් පද්‍ය පිළිබඳව පුළුල් විචාරණයක් ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය සිංහල සාහිත්‍ය හදාරන විද්‍යාර්ථීන්ට මෙන් ම උගතුන්ට ද එකසේ ප්‍රයෝජනවත් ‌වේ.
Rs 350.00
Out-of-Stock

Mayura Sandashaya

Out-of-Stock
පදගතාර්ථ සහිත මයුර සංදේශය - සංදේශ සාහිත්‍ය ග‍්‍රන්ථ අතුරින් මයුර සංදේශයට ද හිමිවන්නේ නොදෙවෙනි තැනකි. දැනට මෙය අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ විවිධ විභාගයන් සඳහා නියම කර ඇති බැවින් පැරණි සංස්කරණයට වඩා ඉතාමත් පැහැදිලි වර්තමාන සිංහල භාෂාව යොදාගෙන සංස්කරණය කර තිබේ. මේ නිසා  ඕනෑ ම අයෙකුට පහසුවෙන් කියවා අවබෝධ කර ගත හැක. සෑම පද්‍යයක් සඳහා ම සැකසුම, අර්ථය, විස්තර හා පද විවරණයක් සපයා තිබේ. වැදගත් තොරතුරු රැසක් ඇතුළත් කරමින් ලියැවුණු වටිනා ප‍්‍රස්ථාවනාවකින් ද යුක්තය. උසස් විභාග සඳහා පමණක් නොව පාසල් අධ්‍යාපන සඳහා වුවද භාවිත කිරීමට සුදුසු වන ලෙස සංස්කරණය කර තිබේ. 

Thisara Sandeshaya

තිසර සංදේශය -  ඉපැරණි ම සංදේශ කාව්‍යය වශයෙන් සැලකෙන මෙම ග‍්‍රන්‍ථයෙන් අවුරුදු පන්සියයකට පෙර ලංකාවේ ඉතිහාසය සමාජ තතු ආගමික පසුබිම ආදී කරුණු ගණනාවක් විවරණය වේ. ඉටු අනිටු ගණ සහ අධ්‍යාපනය සඳහා ඉතා වැදගත් කරුණු රාශියක් පිටු 28 කින් යුත් සංඥාපනයට ඇතුළත් කර තිබේ. සංදේශ කාව්‍යය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා ගැනීමට මෙම පොත අනිවාර්යයෙන් ම කියවිය යුතු අතර කාන්‍ රසාස්වාදයේ තීව‍්‍ර වින්‍දනය සඳහා එය උපකාරී වනු ඇත. 
Rs 280.00
Out-of-Stock

Sinhala Bhashadyayana Ithihasaya

Out-of-Stock
සිංහල භාෂාධ්‍යයන ඉතිහාසය - මේ කෘතිය භාෂා අධ්‍යයනය නූතන විද්‍යාත්මක ශික්ෂණ මාර්ගයක් සේ වර්ධනය වීමට පූර්වයෙහි පටන් සිංහල භාෂාවේ ඉතිහාසය සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශන, අධ්‍යයන හා ගවේෂණ සම්බන්ධයෙන් කෙරෙන ප‍්‍රමාණික අධ්‍යයනයකි. 

Sarala Sanskruthashikshakaya 1

සරල සංස්කෘත ශික්ෂකය 1 - මේ සරල සංස්කෘත ශික්ෂකය නම් පොත් වැලෙහි පළමු වැන්නය. මෙය වනාහි මුල පටන්ම නාගර අකුරුත් සමගම සංස්කෘත භාෂාව පුහුණු කරන ආධුනිකයන් සදහා පිළියෙල කරන ලද්දකි. තවද සංස්කෘත භාෂාව උගන්නවුනට මුලදීම කියවන හෝඩිපොත වශයෙන් සකසන ලද්දකි. 
Rs 380.00

Pali Vyakarana Vivaranaya-9

පාළි ව්‍යාකරණ විවරණය - අ.පො.ස. (උ.පෙළ) සහ පිරිවෙන් භාවිතය සඳහා නිර්දේශයට අනුව මෙම පොත සැකසී තිබේ. සියලූ ම ව්‍යාකරණ විධි වෙන් වෙන් ව පැහැදිලි ව හා සරල ව ඉදිරිපත් කර ඇත. ගුරු සිසු දෙපක්‍ෂයටම ප‍්‍රයෝජනවත් ලෙස ලියැවී තිබේ. විභාගයේ දී පාලි විෂයන් සමත් වීමට මෙම පොත ද පරිශීලනයට ගැනීම ඉතාමත් ප‍්‍රඥාගෝචර බව අවධාරණයෙන් සඳහන් කරමු. 
Rs 1,100.00
Out-of-Stock

Thulanathmaka Pali Wyakarana

Out-of-Stock
තුලනාත්මක පාලි ව්‍යාකරණ - කච්චායන ව්‍යාකරණ සම්ප්‍රදායෙහි රුපසිද්ධියත්, මොග්ගල්ලයන ව්‍යාකරණ සම්ප්‍රදායේ පයෝගසිද්ධියත් යන පොත් 2 පිළිබඳව තුලනාත්මක අධ්‍යනයක් මෙහිදී සිදු කර ඇත. පාලි භාෂාවේ අක්ෂර, සන්ධි, නාම, කාරක, ආදී ව්‍යාකරණ ගුරුකුලයේ මතවාදය තහවුරු කර තිබේ. 
Out-of-Stock

Sinhalaye Wag Vidyathmaka Svarupaya

Out-of-Stock
සිංහලයේ වාග් විද්‍යාත්මක ස්වරූපය  - මෙම කෘතිය ජර්මන් ජාතික වාග් විද්‍යාඥයකු වූ විහෙල්ම් ගයිගර් (1956-1943) පඬිතුමා විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද 'The Linguistic Character of Sinhalese' නම් නිබන්ධනයේ සිංහලානුවාදයකි.

Awabodayata Avashya Shraddha Bhavanava

ශ්‍රද්ධා ඉන්ද්‍රිය හොඳින් වඩා ගැනීම තුලින් සෝවාන් වීමේ  පසුබිම සකස් වන බවත් , ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල වූ ශ්‍රද්ධාව ඇතිවීමෙන් අරිය කාන්තා ශීලය වැඩීමද සිදු වෙයි. එහෙයින් ශ්‍රද්ධාව ඇතිකරගැනීමේ පදනම පදනම සකස් කිරීම සඳහා වූ කරුණු රැසක් මෙයින් ඉදිරිපත් කරනු ලබයි..
Rs 450.00

Bauddha Shishtacharaya Ha Arthika Darshanaya

බෞද්ධ ශිෂ්ටාචාරය හා ආර්ථික දර්ශනය - බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයක් වශයෙන් හැදෑරීමට සූදානම් වන සිසු-සිසුවියන්ටත්,ගුරු භවතුන්ගේ පහසුවටත්.මෙම විෂය පිළිබදව උනන්දුවක් දක්වන අයටත්,බෞද්ධ ශිෂ්ටාචාරයේ කාලීන හා ප්‍රායෝගික වැදගත්කම ඉස්මතු කොට,මූලාශ්‍ර පිළිබදව,දැනුම ලබාගැනීමට උපකාරවත් වන පරිදි ලියා ඇත.
Rs 130.00
Out-of-Stock

Bauddha Samaja Darshanaya Bauddha Ithihasaya Saha Bauddha Sanskruthiya

Out-of-Stock
බෞද්ධ සමාජ දර්ශනය බෞද්ධ ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතිය - මෙම කෘතිය රචනා කිරීමේ මූලික පරමාර්ථය වන්නේ බෞද්ධ ධර්මාචාර්ය විභාගයට පෙනි සිටින අයවලුන්ගේ බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ඉතිහාසය පිළිබඳ දැනුම පුළුල් කිරීම හා විභාග අපේක්‍ෂකයන් හට අත්වැලක් වීම සඳහා බව කතු තුමන්ගේ අදහසයි.

Banakatha Sahithyaya

බණ කතා සාහිත්‍යය - "ජාතක පොත විචාර බුද්ධියෙන් කියවීමෙන් අත්දැකීම් ලබා වඩාත් හොඳ තැන්පත් නුවණැත්තකු වන අතර හොඳ නවකථා කියවීමෙන් ලබන රසාස්වාදයට ළංවන ආස්වාදයක් ද ලැබීය හැකි ය. දෙසීයක් අවුරුද්දක් ජීවත්වීමෙන් ලැබිය හැකි අත්දැකීමටත් මානව චරිතය පිළිබඳ දැනුමටත්, තැන්පත් නුවණටත් වැඩි ඇත්දැකීමක්, මානව චරිත දැනුමක් හා තැන්පත් නුවණක් ද ජාතක පොත උගැන්මෙන් ලැබිය හැකි ය."  (ජාතක කතා විමසුමෙන්)
Rs 650.00

Ape Urumaya ha Bhikshun wahanse

අපේ උරුම‍ය හා භික්ෂූන් වහන්සේ - බෞද්ධ දර්ශනය ඉදිරියට ගෙන යාම සඳහා පොත පත රචනා කරමින් පිරිවෙන්හි වඩකටයුතු සිදු කරමින් ඉමහත් උනන්දුවෙන් කටයුතු කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා කිහිප නමක් පිළිබඳ බොහෝ තොරතුරු ඉදිරිපත් කරමින් රචිත ග්‍රන්ථයකි.
Rs 325.00

Matha Kalina Sri Lankeya Budusamaya

මෑත කාලීන ශ‍්‍රී ලාංකේය බුදුසමය - බුදු සමයේ මෑතකාලීන විපර්යාසයන් ඇතිවීම කෙරෙහි බලපෑ, බලපාන දේශපාලන හා ආර්ථික රටාව, ඒ තුළින් බුදු සමයේ ඇති වූ, ඇතිවන වෙනස්කම්, බුදු සමයට එල්ල වු, එල්ල වන මූලධර්මවාදී බලපෑම්, එම වෙනස්කම් හමුවේ නූතන භික්ෂුවගේ කාර්‍යභාරය, නූතන සමාජ හා මානසික ගැටලූ නිරාකරණය කර ගැනීමෙහිලා බුදුසමයෙහි උපයෝගීතාව වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරමින් රචනා වූ ශාස්ත‍්‍රීය ලිපි එකොළොසක් මෙහි අන්තර්ගත වේ.
Rs 650.00