Rs 575.00
Best sellers
There are 2679 products.
Himalayanu Yogi Swami Ramage Nila Charithapadanaya 1
පරිවර්තකගෙන්
මේ වනාහි බටහිර මවිතයෙන් මවිතයට පත් කළ "හෝලේ බාබා" යන සුරතල් නාමයෙන් හැඳින් වූ හිමාලයානු මහා යෝගී ස්වාමි රාමාගේ නිල චරිතාපදායයි. මෙය ස්වාමි රාමා විසින්ම තම අභිමතය පරිදි තෝරා ගන්නා ලද ගෝලයෙකු වූ ආචාර්ය පණ්ඩිත් රාජ්මනී ටිගුනයිට් විසින් ලියවන ලද The Of-ficial Biography of Swami Rama of the Himalayas කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයේ ප්රථම කොටසයි.

Rs 600.00
Karma
කතෘගෙන්...
ඉංග්රීසි ජාතික සුප්රකට ලේඛක පෝල් බ්රන්ටන් විසින් රචිතWhat is Karma කෘතිය පරිවර්තනය කර ඊට උප ග්රන්ථයක් ද එක් කළේ මන්දැයි මෙහි යම් තැනක සඳහන් කර ඇත්තෙමි. පුද්ගලයෙකු සමාජයක්, රටක් පමණක් නොව සමස්ත මානව වර්ගයා ම ආධ්යාත්මික වශයෙන් සංවර්ධනයට උපයෝගී කර ගත හැකි අදෘශ්යමාන බලවේගයක් ලෙස කර්මය හැඳින්විය හැකිය.කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ කිසියම් ක්රියාවක් සිදු කිරීමේදී සිතෙහි උපදින එක්තරා සිතිවිලි විශේෂයකට කමර් යයි භාවිතා කරන බව බොදුනුවන් වන අප දන්නා නමුත් අපරදිගවාසීන්ට තවමත් කමර් හා කමර් විපාකය ආගන්තුක දෙයකි. මේ ඌණතාවය වටහා ගැනීම නිසා දෝ ලේඛක බ්රන්ටන් කමර් කුමක් දැයි අපරදිගට හඳුන්වා දීම සඳහා මේ කෘතිය සම්පාදනය කළා විය යුතු යැයි සිතේ.
කමර් කුමක්දැයි හඳුන්වා දීමට උත්සාහ ගන්නා බ්රන්ටන් එකී ක්රියාකාරිත්වයත්, සමා ප්රදානය, නිදහස හා කෙනෙකු ප්රබුද්ධත්වයට පත්වීම සම්බන්ධයෙන් ද ඔහු අවබෝධ කරගෙන ඇති දේ මෙයට ඇතුළත් කර තිබේ. කමර් කෙනෙකුගේ යහපත වෙනුවෙන් යොදා ගත හැකි ආකාරය ද ඔහු සැකෙවින් මෙහි දක්වා ඇත. මේ අතර මවිසින් සකසා මීට යාකර ඇත්තේ කමර් හා කර්ම විපාක සම්බන්ධයෙන් මා දන්නා සත්ය සිද්ධීන් කීපයකි.

Rs 300.00
Bhawanthara Sankramana
Out-of-Stock
'MANY LIVES MANY MASTERS' නමැති පර්යේෂණ කෘතියට පාදක වී ඇත්තේ බහුආංගික රෝගාබාධයන්ට ආකරයක් වූ කැතරින් නමැති තරුණියක් රෝග නිධානයන් සොයා ගැනීම සඳහා කරනු ලබන මෝහන නිද්රා ප්රතිගමන ක්රියාවලිය තුළින් අනාවරණය වූ විස්මිත කරුණුය. ක්රිස්තු පූර්ව ශත වර්ෂ ගණනාවකට පෙරාතුව සිට ආත්ම අසූහයක් මෙලොව ජනිතව ස්ත්රී පුරුෂ ආදි විවිධ චරිත ගෙව) ඇති ඈ පවසන්නේ මිය ගිය හැම අවස්ථාවකම තමා ශරීරයෙන් මිදී ඉහළට පාවී ගොස් දීප්තිමත් ආලෝක තලයන් වෙත ඇදී ගිය බවත් එහදී තමා භූත මහත්මාවරුන් ගේ රැකවරණයට පත්වෙන බවත් ය. කර්මය, පුනරුප්පත්තිය, කර්ම ණය, පව් පින් ආදිය ගැන කතා කරන ඈ වාහිකාවක ලෙස යොදා ගනිමින් දැනට බරපතල ලෙස පරිහානියටත් විනාශයටත් ගොදුරු වී සිටින මානව වර්ගයාගේ උන්නතිය උදෙසා භූතමහත්මාවරුන් මහාචාර්ය වෙයිස්ට දෙන ධර්ම කාරණා උපදෙස් ඇතුළත් කොට සකසා ඇති 'භවාන්තර සංක්රමණය ප්රවීණ ලේඛක හා පරිවර්තක තිලක කුඩාහෙට්ටි සූරින්ගේ තවත් විස්මිත පරිවර්තනයකි.
Rs 350.00
Yali Upan Diyani
'A LITTLE GIRL LOST... BETWEEN DEATH AND LIFE' කෘතිය සිංහල පරිවර්ථනය වන යළි උපන් දියණි නම් මෙම කෘතිය තුළින් මරණයත් ජීවිතයත් අතර අතරමංවුණු දැරියකගේ කතාව කුමාරි ගුණරත්න මහත්මිය විසින් පාඨක ඔබ හමුවේ ගෙන හැර දක්වන අතර මෙය සත්ය සිදුවීමක් ඇසුරින් ගෙන හැර දක්වන්නකි.
Rs 1,400.00
karumaye arumaya
Out-of-Stock
'කරුමයේ අරුමය' නම් මෙම කෘතිය තුළ කරුමය හා එහි විපාකය මෙලොවදීම අත්විදීම පිළිබදව ලැබූ අත්දැකීම් වලින් රචිත අතර මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන් විසින් විරචිත මෑත කාලින සමාජයට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 275.00
Karma vipakaya Pala Dena hati Saha Ma Labu Athdakeem
'කමර් විපාක පල දෙන හැටි සහ මා ලැබූ අත්දැකීම්' යන මෙම කෘතිය පූජ්ය වේන්දළුවේ සෝරත හිමිපාණෝ විසින් රචිත අතර මෙම කෘතිය තුළ කමර් විපාක පල දෙන ආකාරය පිළිබදව ඉතා සරල ලෙස විග්රහ කර ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය
Rs 150.00
Maranaye Sevanali Ha Bhuthayo
Out-of-Stock
'මරණයේ සෙවණැලි හා භූතයෝ' යන මෙම කෘතිය මරණය පිළිබද සමාජ විද්යාත්මක හා දාර්ශනික විග්රහයකින් ඉදිරිපත් කර ඇති කෘතියක් වන අතර ශාස්ත්රපති පූජ්ය වලතර සෝභිත හිමියන් විසින් රචනා කර ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 280.00
Sappadasa maha rahathan wahanse
කතුවරයාගෙන්
"සප්පදාස මහ රහතන් වහන්සේ” නම් වූ මේ ග්රන්ථය මා විසින් සම්පාදනය කර ගෙණ යනු ලබන අසූ මහා ශ්රාවක චරිත කථා ග්රන්ථ මාලාවට අයත් නොවන "මහා ශ්රාවක චරිත කථා” ග්රන්ථ මාලාවේ නව වැනි කෘතිය යි.

Rs 200.00
Apatama dakiya haki ilaga bhawaya
කතෘගෙන්...
'' අපටම දැකිය හැකි ඊළඟ භවය - 2" නමැති මෙම දහම පොත නිර්මාණය වූයේ, කලක පටන් මාගේ චිත්තාභ්යන්තරයෙහි ගැඹුරුම තැනක හටගෙන පැලපදියම්ව තිබූ වටිනා බණ පොතක් ලිවීමේ අදහස. මල්ඵල ගන්වමින් ඉරිදා ලංකාදීප ප්රධාන කර්තෘ, ප්රවීණ මාධ්ය වේදී ආරියනන්ද දොඹගහවත්ත සූරින් විසින් තම පුවත්පතට දහම් ලිපි පෙළක් ලබා දෙන ලෙස කළ ආරාධනය මූල බීජය කරගෙනය.

Rs 250.00
mala poth pincha
පරිවර්තනය මහාචාර්ය ඩබ්ලිව්. එම්. ගුණතිලක
ටිබෙට් ඉගැන්වීම් වල විස්තර කෙරෙන පරිදි, මරණය සිදුවන මොහොතේදී, ලොව සෑම දෙයක්ම මෙන්ම ප්රාණී සත්වයාද සෑදී ඇති පස, ජලය, ගින්න, වාතය හා අවකාශය යන මූල ධාතු එකක් අනෙකට වශයෙන් එකිනෙකක් තුළට ගිලී යන්නේය.එබඳු තවත් ක්රියාවලියකට පසුව, මිය යන පුද්ගලයාගේ සූක්ෂ්ම විඥානය ශරීරයෙන් ඉවත් වී 'බාඩෝ ශරීරය' නම් වූ සියුම් ශරීරයක් සහිත 'බාඩෝ' නම් වූ අතරමැදි හෙවත් අන්තරාභව තත්ත්වයකට පත් වෙයි. මෙම බාඩෝ ශරීරයට, ඝන ද්රව්ය පසාරු කරගෙන යාම, ඕනෑම තැනකට සිතුවිල්ලක් පහළවන වේගයෙන් ඉගිලී යාම වැනි හැකියාවන් ඇත.

Rs 400.00
Malaunge lokaye abirahas
Out-of-Stock
මලවුන්ගේ ලෝකයේ අබිරහස් නමැති මෙම ග්රන්ථය තුළින් දිවැසිවරුන් හෙළි කළ අමනුෂ්ය ලෝකයේ විස්මිත තොරතුරු බොහෝමයක් අන්තර් ගත කර රචනා වූ ග්රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 240.00
Karmaya Ha Karma Vipaka
මෙම කෘතිය පරිශීලනය කරණු ලබන ඕනෑම පුද්ගලයෙකු හට කර්මය පිළිබද මූලික අදහසක් ගැනීමට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 150.00
Wishva Nyaya Widyava
Out-of-Stock
අපගේ චින්තන ක්රමයේ විපර්යාසයක් ඇති කළ අතීත සහ වර්තමාන විද්යාත්මක සොයා ගැනීම් අරබයා මා තුළ පුබුදිත තිගැස්ම ඔබ සමඟ බෙදා ගැනීමට මට අවශ්ය ට ඇත.¨" මහා පිපිරුමේ (big bang) සිට කෘෂ්ණාවාට (black holes) දක්වා ද, අඳුරු පදාර්ථයේ (dark matter) සිට සිදු විය හැකි යැයි සැලකෙන මහා හැකිළීම (big crunch) දක්වා ද විශ්වය පිළිබඳ ව ඇති අපගේ චිත්ත රූපය අරුමය දනවන ආකල්ප වලින් සහ අපූරු සත්යයන්ගෙන් පිරි පවතී." "විශ්වය හා බැඳි මෙම පින්තූරය තුළට මිනිසුන් වන අප අවතීර්ණ වූයේ කෙලෙස දැයි කියැවෙන වෘත්තාන්තය වනාහි, දකින දෙය වටහා ගැනීම සඳහා අප දරන ප්රයත්නයේ වෘත්තාන්තය ම වේ.¨
බ්රිතාන්ය,විශ්ව න්යායාචාය්ය, ස්ටීවන් ඩබ්ලිව්. හෝකිං

Rs 325.00
Wishwaye Asiriya
කතෘගෙන්...
සත්ත්ව ශරීර නිර්මාණය වන්නේ භෞතික පදාර්ථ වලිනි. මෙම පදාර්ථ වල ශක්තිය, ජීවය යන සාධකවලට අතිරේකව විඤ්ඤාණය නමැති විශේෂ ශක්තියක් අන්තර්ගත ය. භෞතික වේවා, රසායනික වේවා ශක්තිය (Eනෙර්ග්ය්) යනු සෑම පදාර්ථයක ම අන්තර්ගත පියෙවි ඇසට නො පෙනෙන බලවේගයකි. එහෙත් විඤ්ඤාණ ශක්තිය භෞතික පදාර්ථ ගණයට ගත නො හැකි බැවින් විඤ්ඤාණය නාම ධර්මතාවයේ ලා සැලකේ. " විශ්වයේ අසිරිය " නමැති මෙම ග්රන්ථය රචනා කිරීමේ මුඛ්ය පරමාර්ථය වූයේ ද තත් කරුණු පිළිබඳ පාඨකයාට නිරවුල් දැනුමක් ලබාදීමට ය. එමගින් මා ලබන සතුට අපමණ ය

Abhirahas Punarbawa
Out-of-Stock
මිනිස් සිරුරේ උපතින් දක්නට ලැබෙන ලප කැළැල් සහ ශාරිරික කොටස් අඩු වීමේ පිළිබඳව පුනර්භව පර්යේක්ෂණ මගින් හෙළි වූ අවස්ථා රැසක් තිබේ. ඇතැම් විට පෙර බවය හෙළි කළ දරුවෝ තම සිරුරේ උපතින් ඇති අඩු පාඩු පෙර බවයට සම්බන්ධ සිදුවීම් නිසා ඇති වූ ඒවා යයි අනාවරණය කළහ. පෙර බවයේදී සිරුරට සිදුවු හානියක් යළි ඉපදීමකදී එලෙසම පිහිටිය හැකිද? පුනර්භවය පිළිබඳව පර්යේෂණ පවත්වන ලොව ප්රධාන පෙළේ මනෝ විදහාඥයන්ගේ ද දැඩි අවධානය යොමු වී ඇති එවන් සිදුවීම් අභිරහස් පුනර්භව ලෙස හැඳින්වේ. අතිශය පුදුම උපදවන එ වැනි සිදුවීම් රැසක් ඇතුළත් ශ්රී ලංකාවෙන් ප්රකාශයට පත්වූ ප්රථම ග්රන්ථය මෙය වේ.
Rs 260.00
Nopenena Lokaya 5
හරවත් යමක් ලියන, කියන, කරවන කෙනෙකු මේ සමාජයේ මුණ ගැසීමට ලැබෙන්නේ කලාතුරකිනි. මට එබඳු එක් මහා යතිවර පඬිරුවනක් මුණ ගැසිණ. ඒ මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන්ය. උන්වහන්සේ බොහෝ දේ ගැන හිතන බවක් මට හැඟීයයි. උන්වහන්සේ බොහෝ දේ ගැන සටහන් ලියන බවක් මට හැඟී යයි. ඒ සටහන් හුදු ළාමක සටහන් නොවේ. ඒවා සරල ය. කෙටි ය. හරවත් ය. දස දෙස පතළ දැනුම විදහා දැක්වේ. ඒ සටහන් එසේ ලිවීමෙන් තමන් වහන්සේ ද සැනසුමක් ලබන්නා සේය. මෙරමාට ද සැනසුමක් අත්පත් කර දෙන්නා සේය.විටෙක ඒ සටහන් තුළ රැඳී ඇත්තේ අපදානයකි. තවත් විටෙක විද්යාත්මක විශ්ලේෂණයකි. තවත් විටෙක ආගමික සන්නිවේදනයකි. කලා විඥානය හා සාහිත්ය සේවනයේ නොතිත් ඇල්ම විදහා දැක්වෙන්නේය. මේ අතරින් ජනමාධ්ය ව්යුහය හා බැඳුණු මාතෘකා සමුදායකි. චින්තාවලින් සමුදායකි. පොත්පත් බිහිවන්නේ හුදෙක් තාක්ෂණික කාර්යයක් වශයෙන් නොවේ. එම තාක්ෂණය පිටුපස දැක්මක් ඇති නිසි මෙහෙවරක් උදෙසා ඇප කැපවුණු සන්නිවේදකයකු ද සිටිය යුතුය. අප මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන් ද එබඳු සන්නිවේදකයාණන් වහන්සේ කෙනෙකි.නිසි ලෙස සැකසුණු පොතපත මෙකල බිහි නොවන්නේය යන මතයක් ද කෙමෙන් ඉස්මතුවී එයි. එහෙත් මා හිතන විදිහට නම් මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් බිහිකර ඇති මේ සාරගර්භ පොත් පෙළ කියවීමෙන් නව දැක්මක් කෙනෙකුට බිහිකරගත හැකි ය. මේ පොත් අමුතුවෙන් ජනගත කිරීමක් ඇවැසි නොවේ. මේ පොත් කියවීමෙන් කෙනෙකුට අපමණ සැනසිල්ලක්, අස්වැසිල්ලක්, සන්තුෂ්ටියක් මෙන්ම ආත්මාන්වේක්ෂණයක් ද ලබාගත හැකි යයි මම සිතමි.
මහාචර්ය සුනන්ද මහේන්ද්ර
මහාචර්ය සුනන්ද මහේන්ද්ර
Rs 300.00
Nopenena Lokaya - 4

Budu Dahama Widdayava Ha Jeevaye Sambhavaya
බුදු දහම විද්යාව හා ජීවයේ සම්භවය යන මැයෙන් කැන්දගොල්ලේ සුමනරංසි හිමියන් විසින් රචනා කරන ලද පර්යේෂණාත්මක නිබන්ධනයේ අත් පිටපත කියවීමි. සමකාලීන අධ්යයන හා පර්යේෂණ ක්ෂේත්රයෙහි නිරත වන්නන්ට, ඉතාමත් ප්රයෝජනවත් කෘතියක් ලෙස ප්රකාශ කරනු කැමැත්තෙමි. බුදු සමයේ සූත්ර පිටකයේ මූලික සූත්රයන්හි අන්තර්ගත විද්යාත්මක දෘෂ්ටිය, වත්මන් විද්යා විෂයයන්ද අධ්යයනය කරමින් දිගු කලක ගවේෂණයේ යෙදෙමින් සිටි උන් වහන්සේ අතින් මෙවන් කෘතියක් බිහිවේ යයි අප සමඟ කළ මුල් සාකච්ඡා වලදී ද මට හැගී ගියේය. විද්යා විෂයයන් පිළිබඳ දැනුම ලබා ගැනීමට හා ගැටලු නිරාකරණය කරගැනීමට පේරාදෙණිය විශ්ව විද්යාලයේ මහාචාර්යවරුන් කිහිප දෙනෙකුගේම සහාය ලබාදීමට මට ද හැකියාව ලැබිණි. වෛද්ය පීඨයේ මහාචාර්ය පි. ඒ. ජේ. පෙරේරා මහතා, විද්යාපීඨයේ එස්. ඒ. ආනන්ද කුලසූරිය මහතා ද භූ ගර්භ විද්යා අංශයේ මහාචාර්ය කපිල දහනායක මහතා ද මෙම කෘතියෙහි අන්තර්ගත කරුණු පිළිබඳව ප්රශංසාව පල කල බව සඳහන් කළ යුතුය. මහාචාර්ය කඹුරුපිටියේ අරියසේන හිමිපාණන් වහන්සේ බුදු දහම හා විද්යාව පිළිබඳ මැනවින් කරුණු විභාග කොට බලා ශ්රේෂ්ඨ කෘතියක් ලෙස හැඳින්විය හැකි බව සඳහන් කර ඇත.
කථිකාචාර්ය පණ්ඩිත බමුණුගම ශාන්ත විමල හිමි
කථිකාචාර්ය පණ්ඩිත බමුණුගම ශාන්ත විමල හිමි
Rs 250.00
Siw maha raja charithaya
කතෘගෙන්...
"ජාතක පොත් වහන්සේ තුළ අන්තර්ගත සෑම ජාතක කථාවක් ම ඉතා රමණීය වේ. විචිත්ර වේ. ඒවා එකකට එකක් වෙනස් ය. එම කථා පුවත් අප සැම ගේ පිවිතසාර්ථක කර ගැනීම සඳහා නොයෙක් අයුරින් දායක වේ. මේ ජාතක කථා අතර සුවිශේෂී බෝධි සත්ව චරිත කථා කිහිපයක් ම දක්නට ලැබේ. එම බෝධි සත්ව චරිතකථා නිසි පරිදි අප රටේ වර්තමාන සමාජයේ අපේ සැදැහැතියන් අතරට නොයෑම මහත් වූ පාඩුවකි. තවද එම බෝධි සත්ව චරිත වෙන් වෙන් වශයෙන් ගෙණ සරල සිංහල බස් වහරකින් සම්පාදිත ග්රන්ථ ද අප රටේ දක්නට නැත. පැවතිය ද අතිශයින් ම ස්වල්පයකි.
කරුණු මෙසේ පවතින බැවින් අප හට හැකි අයුරින් ජාතක පොත් වහන්සේ තුළ දක්නට ඇති ප්රකට බෝධි සත්ව චරිත කථා වලින් සිව්, කපි, ඡද්දන්ත, වෙස්සන්තර, මඛාදේව ආදී ප්රමුඛ චරිත කථා කිහිපයක් හෝ ගෙණ වෙත වෙන ම කුඩා ග්රන්ථ වශයෙන් සම්පාදනය කිරීමට සිතක් පහළ විය. මේ එහි පළමු පියවරයි. ඉඩකඩ ලැබෙන ආකාරයට අනෙක් බෝධි සත්ව චරිත කථා ග්රන්ථ ද අනුක්රමයෙන් සම්පාදනය කර අපේ සැදැහැතියන් අතට පත් කිරීමට බලාපොරොත්තු වෙමි.

Uggasena Maha Rahathan Wahanse
කතෘගෙන්...
"මේ කුඩා ග්රන්ථයේ විස්තර වන්නේ "උග්ගසේන" නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුත් වහන්සේ ද අසූ මහා ශ්රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ ප්රකට මහ රහතන් වහන්සේ නමකි. ඒත් බොහෝ සැදැහැතියන් මුත් වහන්සේ ගේ චරිත කථාව කෙසේ වෙතත් මුන් වහන්සේ ගේ නම වත් අසා ඇති බවක් නොපෙනේ. උග්ගසේන මහ රහතන් වහන්සේ ගේ චරිතකථාව විසිතුරු ය. මේ ශුද්ධ වූ චරිතයෙන් අපට වැදගත් වූ පණිවිඩ කිහිපයක් ද ගෙන දෙයි."උග්ගසේන" යනු ධනවත් සිටු පවුලකට අයත් තරුණයෙකි. ඔහු සුරූපී තරුකා නාටක ස්ත්රියක් දැක ඇයට වසඟ වී ඇය පතා අවසානයේ ඇය ලබා ගෙ දරුවෙකුත් හදා ඇගෙන් ආදරය හොලැබ බොහෝ නින්දා අපහාස ලැබ පසුව ඇගේ සිත ගැනීමට ත් ඇයට පාඩමක් ඉගැන්වීමට ත් සිතා ඇයට වඩා දක්ෂ ලෙසිත් ශිල්ප හදාරා අවසානයේ බුදු පිහිට ලැබ මේ ඝෝරි භයංකාර සසරින් එතෙර විය.මෙයින් පැහැදිලිව ම පෙනී යන්නේ ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකු ගේ විනෝදාංශ, රැකියාව, ගිහි ජීවිතයේ ලෞකික ස්වරූපය ආදී මෙකී සාධක බල තොපාන බවයි. පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පුර්ණ නම් තථාගත සද්ධර්මය හමු වූ කල ධර්මය අවබෝධ කළ හැකි බවයි."

Rs 220.00
Mirisaweti Maha Chaithya Warnanawa
කතෘගෙන්...
" මිරිසවැටිය " අටමස්ථානයට මෙන් ම සොළොස්මස්ථානයට අයත් සිද්ධස්ථාන අතුරින් එකකි. මිරිසවැටි මහා දාගැබ් වහන්සේ "මිරිසටි", "මිරිස පිටි” යන නම් වලින් ද හඳුන්වා තිබේ. කීර්ති ශ්රී නිශ්ශංකමල්ල මහ රජතුමාට අයත් රුවන්වැලි මහා සෑ සෙල් ලිපියේ සඳහන් ව ඇත්තේ "මිරිසවිට් " යන නම යි. v කාශ්යප මහ රජතුමාගේ පුවරු ලිපියේ ද iv මහින්ද මහ රජු ගේ අංක 1 දරන ජේතවනාරාම පුවරු ලිපියේ ද මේ මිරිසවැටි විහාරය සඳහන් ව ඇත්තේ "මිරිසිවිට්” යන නමින් ය. මිරිසවැටි මහා සෑයට පාලි භාෂාවෙන් "මරිචවට්ටි චෙතිය " යනුවෙන් කියනු ලැබේ.සර්වඥ ධාතු නිදන් කර ඇති දුටුගැමුණු මහ රප්තුමා ගේ කුන්තායුධය (ජයකොන්තය) තැන්පත් ව ඇත්තේ මේ මිරිසවැටි මහා දාගැබ් වහන්සේ තුළ යි.

Jayasrimaha Bodhi Warnanawa
" ත්රිපිටක ධර්මය අර්ථ කථා, ටීකා සහිත ව හදාරා ධර්මය, විනය, පාලි භාෂාව පිළිබද හසල අවබෝධයක් ඇත්තා වූ අගනා ධර්ම ග්රන්ථ රාශියක් සම්පාදනය කළ කෘතහස්ත ග්රන්ථ කර්තෘවරයෙක් වන සත්ගුණවත් ගයාගේ වානුක විදානපතිරණ මහත්මයා විසින් ශ්රී මහා බෝධීන් වහන්සේ සම්බන්ධ ව දීර්ඝ විස්තර වර්ණනා සහිත ව සම්පාදිත මෙම ග්රන්ථයෙහි අගය, වටිනාකම අසීමත ය.
Rs 1,500.00
Swarnamali Maha Chaithya Warnanawa
Out-of-Stock
සවිඥානක සර්ව සත්ත්ව සමූහාභ්යන්තරයෙහි සුවිශිෂ්ට සුප්රශස්ත වන්නාහු භාග්යවත් සම්බුද්ධ රාජයාණන් වහන්සේ මය. අවිඥානක වස්තු සමස්තාභ්යන්තරයෙහි සුප්රකර්ෂ සුසමාහිත වන්නාහු භාග්යවත් සම්බුද්ධ ශාරීරික ධාතූන් වහන්සේ මය. තද් ධාතූන් වහන්සේගේ ද්රෝණයක් සුනිහිත සුගර්හිත අතුල්ය අසහාය මහා චෛත්ය රාජයාණන් වහන්සේ ස්වර්ණමාලි' නම් වන සේක්මය.ශ්රී ගෞතම සම්බුද්ධ රාජයාණන් වහන්සේ චෛත්යමය ශ්රී දේහයකින් අදත් පිවමාන වෙති; ඒ රන්මැලි මහ සෑරදාණෝ ය. ශුද්ධාධර ප්රඥාවත්හු අදත් සම්බුද්ධ වග්දන මානන පූජනයට රුචි වෙති. ඒත් රන්මැලි මහ සෑරදාණගේ උදෙසාය. අහස උසට සේ ම භූගර්භයට ද එකසේ විහිදී පැතිරි ඇති රන්මැලි මහ සෑරදාණෝ තම සිළුමිණි රැස් දහරින් දෙව්ලෝ පහස ද භූගත බිම්බයෙහි තොලෝ පහස ද අත්විඳිති.ගැමුණු' සහ ගයාන් යන හාමද්වයයෙහි සාම්යයක් පැණෙන්නේ හුදු 'ග' අක්ෂර සමාරම්භය හෝ මාත්රා ඓක්යය ඔස්සේ පමණක් නොව එකී නාමධාරී යුග්මයෙන් ම රන්මැලි මහ සෑරදාණගේ වෙනුවෙන් මහාර්ඝ කාර්යභාරයක් සිදු වූ හෙයිනි. එනම් එදා අප මහා සෑරදාණගේ පිළිබඳ සාධන කාර්යය දුෂ්ට ග්රාමණී අභය නරේන්ද්රයාණන් නිසා සිදු වෙද්දී මෙදා ඒ අරබයා ලේඛන කාර්යයක් ගයාන් චානුක විදානපතිරණ ලේඛකයාණන් අතින් සිදුවීම යි.ශුද්ධාවහ ග්රන්ථ සම්පාදනයෙහි අග්රස්ථාන ප්රාප්ත ගයාන් චානුක විදානපතිරණයන්ගේ ස්වර්ණමාලී මහා චෛත්ය වර්ණනාව' නම් මෙම ගුථෝත්සාහය එම මහා චෛත්ය රාජයාණන්ට ද්විතීයෝත්පත්තියක් ලබා දීමක් ම ය. මෙහිලා සුද්ධදිව්ය මනුෂ්ය බ්රහ්මාදීහු සාධුනාද ප්රශංසා පුෂ්පදාම හුදෙක් ස්වර්ණමාලී මහා චෛත්ය රාජයාණන්ට පමණක් නොව අප ග්රන්ථ කර්තෘවරයාණන්ට ද පළඳවන්නාහු ම ය.
අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි
අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි
Rs 2,700.00
kesha dathu wistharaya
කතෘගෙන්...
" කේශ ධාතු විස්තරය " නම් වූ මේ පොතේ සඳහන් වන්නේ බුදුරජාණත් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා ගැන දැන ගත යුතු මූලික කරුණු ස්වල්පයකි.ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ඉන්දියාව, ශ්රී ලංකාව, බුරුමය (මේයෙන්මාරය) යන රටවල කේශ ධාතූන් වහන්සේලා නිදන් කර දාගැබ් තනා ඇත. මේ දාගැබ් වලින් කිහිපයක් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ තනා තිබේ. කේශ ධාතූන් වහන්සේලා නිදන් කර ලොව පළමු වරට දාගැබ් කරවීමේ ගෞරවය හිමි වන්නේ තපස්සු, භල්ලික වෙළඳ දෙබෑයන්ට ය.බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් වහන්සේලා ගෙන් වැඩි ම ධාතු ප්රමාණයක් වැඩ සිටින එකම රට ථෙරවාදී බුදු දහමේ කේන්ද්රස්ථානය වූ ශ්රී ලංකාවයි. ලංකාවේ පුරාණ දාගැබ් කිහිපයක ම සර්වඥ කේශ ධාතු තැන්පත් ව ඇත.කේශ ධාතූන් වහන්සේලා වැඩ සිටින දාගැබ් වහන්සේලා ගැන ප්රමාණවත් දැනීමක් අපේ බෞද්ධයින්ට නැත. ඒ බව ඔවුන් හා කථා කිරීමෙන් පෙනී ගියේය. කේශ ධාතූන් වහන්සේලා ගැන වෙන ම ලියැවුණු පොතක් ද මෙකල දක්නට නැත. අතීතයේ "කේශ ධාතු වංශය " යන නමින් ප්රකට ග්රන්ථයක් තිබී ඇතත් අද එය දක්නට නැති අප්රකට, දුර්ලභ ග්රන්ථයකි. "කේශ ධාතු වංශය" යන නමින් ප්රකට කුඩා පාලි ග්රන්ථයක් ඇත ත් එහි ඇත්තේ කේශ ධාතු සය නමක් නිදන් කර තැනූ දාගැබ් වහන්සේලා සය නමක් ගැන විස්තරයකි. ඒ හැර එහි කේශ ධාතූන් වහන්සේලා ගැන වෙන විස්තර සඳහන් කර නැත.කරුණු මෙසේ පවතින බැවින් "කේශ ධාතු විස්තරය " නම් වූ මේ කුඩා පොත සම්පාදනය කළෙමි. පොත කුඩා වුවත් මෙය මුල සිට අග දක්වා කියැවීමෙන් කේශ ධාතූන් වහන්සේලා ගැන ප්රමාණවත් අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇතැ'යි සිතමි.

Auguste Comte Samaja Vidyawe Piya
සමාජ විද්යාව ස්වාධීන විෂයක් ලෙස ආරම්භ වී වර්ධනය වීම යුරෝපා සමාජය තුළ සිදු වූ සමාජ සමය විපර්යාසයන් රැසක සාමුහික ප්රතිඵලයකි. තත් කාලීන යුරෝපා සමාජය දේශපාලනයික හා ආර්ථික වශයෙන් මුහුණ දුන් සුවිශාල අභියෝග රැසක් මෙහිදී හඳුනාගත හැක. මෙම සංකීර්ණ සමාජ විපර්යකාරකයක් නිවැරදිව තේරුම් ගෙන ඒ තුළින් ශාස්ත්ර ලෝකයම අවදි කළ සමාජ චින්තකයන් කීප දෙනෙක්ද ඒ සමග හඳුනාගත හැක.
ඔගස්ට් කොමිට් එහිලා මූලාරම්භක විනේතෘවරයෙකි. මෙම කෘතිය ඔගස්ට් කොමට් පිළිබඳව රචිත ප්රථම සිංහල කෘතියයි. ඔහුගේ මතවාද හැඩ ගැස් වූ පෞද්ගලික ජිවන අනුභූතීන් හා අවස්ථාවන් මෙමගින් ආනුභවිකවම සාකච්ඡාවට ලක් කිරීම වැදගත්ය. මහාචාර්ය දයා අමරසේකර මෙරට ප්රකට සමාජ විද්යා ගත් කතුවරයෙකි. සමාජ විදහා නැණ නුවණ පොදු ජන සමාජය වෙත රැගෙන යාමට මහෝපකාරී වූ ඔහුගේ කෘති අතර මෙම කෘතිය වෙසෙසින්ම කැපී පෙනෙයි.

Kantha Abhiwurdiya Sandaha Bududahamin Laba Gatha Haki Margopadesha
Out-of-Stock
මහාචාර්ය සිල් වී සේනාධීර දශක ගණනාවක් තිස්සේ ශ්රී ලාංකික විද්යාර්ථීන්ගේ නැණස පෑදූ විශ්රාමික විශ්වවිද්යාල ආචාර්ය වරියකි. අධ්යාපනවේදය සම්බන්ධයෙන් ග්රන්ථ රාශියක් රචනා කළ ප්රශස්ත ලේඛිකාවකි. අධ්යාපනවේදය විෂය ක්ෂේත්රයෙන් ඔබ්බට ගොස් ඇය සහ පේරාදෙණිය විශ්ව විද්යාලයේ විශ්රාමික පුස්තකාලයාධිපති වූ දැනට මහනුවර බෞද්ධ ග්රන්ථප්රකාශන සමිතියේ සිංහල සංස්කාරක වන එන්. ටී. එස්. ඒ. සේනාධීර මහතා විසින් රචනා කරන ලද කාන්තා අභිවෘද්ධිය සඳහා බුදු දහමින් ලබා ගත හැකි මාර්ගෝපදේශ යන මෙම කෘතිය කාලීන සමාජ අර්බුද හමුවේ කාන්තාවගේ භූමිකාව මෙන් ම ඇයගේ අභිවෘද්ධිය සම්බන්ධයෙන් වන බෞද්ධ ඉගැන්වීම මොනවට පිළිබිඹු කරන ග්රන්ථයක් බව අපගේ හැඟීමයි. එම දෙපළට අපගේ සුභාශිංසන ද මේ සමග වේ.
Rs 500.00
Lagna Wimasuma
Last items in stock
ලග්න විමසුම නම් වූ මෙම කෘතිය ඒ ඒ ලග්න ආශ්රිතව ලියැවුණු විස්තරාත්මක විශ්ලේෂණයකි. මෙය හුදු ලග්න පලාපල ප්රකාශනයක් නොව ඉතා සංකීර්ණ විශ්ව බලපෑම් තුළ ග්රහයින්ගේ ක්රියාකාරකම් ඒ ඒ ලග්න හිමියන්ගේ ජීවන ක්රියාවලිය කෙරෙහි ශුභ අශුභ වශයෙන් බලපාන අන්දම ජෝතීර් විද්යානුකූල මූලධර්මයන් ඔස්සේ විමසා බැලෙන විචාරාත්මක කෘතියකි.
Rs 430.11
Henry Parker Purathana Lanka
Out-of-Stock
හෙන්රි පාර්කර්ගේ ANCIENT CEYLON නම් කෘතිය ඇසුරින් බි.එන්. ආර්. ජයසේන මහතා විසින් සිංහලට පරිවර්තනය කරන ලද පුරාතන ලංකාව නම් මෙම කෘතිය තුළ ශ්රි ලංකාවේ මුල්ම ජන පද පිළිබදවත් පූරාතනයේ සිටි වැදි ජනතාව හා නූතනයේ වෙසෙන වැදි ජනතාව පිළිබදවත් ඔවුන් වන්දනාමාන කළ අකාරය සහ ඔවුන්ගේ ආගමික කටයුතු සහ ලංකාවේ ප්රාග්තන දෙවියන් පිළිබදවත් කරුණු රාශියක් ගොනු වූ ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 4,500.00
Bhawa Duka niwana maga
Out-of-Stock
ඉංජිනේරුවකු වන සිඩ්නි සිරිවර්ධන සූරීහු "භව දුක නිවන මඟ " කෘතියෙන්ඒ මගෙහි සැටි ධර්මානුගත කරුණු ඇසුරින් දකවන්නාහු නූතන ලොවට ද අදාළ කරති. මෙහි ඇතැම් කරුණු හැදෑරීමෙන් නිවැරැදි බුදු දහම පිළිබඳ විමැසිල්ලට මඟ පාදයි. පැවිදි නොපැවිදි දෙපසේ මැ නුවණැස් ඇරැවීමට සමත් "භව දුක නිවන මඟ" දැනුම් මගට දොර විවැරුමක් බව ඉඳුරා කිව හැකියි.
Rs 200.00
Gihiyan Wu Apatada Mee Bhavayedi Magapala Sapura Gatha Hakiya
" ගිහියන් වූ අපට ද මෙම භවයේ දී මගඵල සපුරා ගත හැකිය." නමින් ලියැවුණු මෙම ග්රන්ථය කුඩා වුව ද ඒ තුළ අන්තර්ගතව ඇත්තේ සත්ය ලෙසින් ම ගිහියනට අවැසි වටිනා කාලෝචිත දහම් කරුණු වේ. තව ද මෙම ග්රන්ථයේ ඇති විශේෂත්වය නම් කතුවරයාණන්, ත්රිපිටක ග්රන්ථ පරිශීලනය කොට එතුළින් දැන කියා ගත් දහම් කරුණු ත්රිපිටක ග්රන්ථ හා සූත්ර නමින්ම සනාථ කොට තිබීමය. එය ග්රන්ථයේ වටිනාකම තිව්ර කිරීමට හේතු වී ඇත. බුදු දහම පිළිබඳ විමසන්නා වූ ධම්මකාමී පින්වතුන් හට මෙය මහත් වූ පිටිවහලක් සේ මම දකිමි.
Rs 175.00
Magul Poru Ashtaka
Out-of-Stock
කොතරම් තාක්ෂණික වර්ධනයක් මධ්යයේ ජීවත් වුව ද, සිංහලයෝ තවමත් පෞරාණික සම්ප්රදායයන් අනුගමනය කරති. විවාහ මංගල්ය උත්සවයක් නගරයේ හෝටලයක පැවැත්වෙන අවස්ථාවක වුව මනාලිය මංගල පෝරු මස්තකප්රාප්ත කිරීමටත්, දැනුමැතියකු ලවා අදාළ අෂ්ටක ගායනා කරවීමටත් ඔවුන් පෙළඹෙන්නේ ච හෙයිනි. මේ පසුබිමෙහි මංගල පෝරු අෂ්ටකයන්හි අගය තවමත් නොවියැකී පවතියි.
Rs 250.00
Kshinasrava Margaya
අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්රෙය මහානාහිමියන් ගේ දේශන පත්රිකා, ඇවතුම්, පැවතුම්, ලියුම්, කියුම්, ග්රන්ථ සම්බන්ධ ඉමහත් කීර්තියක් පැතිර තිබේ. මේ අතිශය වටිනා සංසිද්ධීන් මූලාශ්රයන් ශාස්ත්රීය පර්යේෂණයට යොමු කළ තිළිණ සූරීයපති සුධීමතුන් විසින් නවත ම කෘතියක් පාඨක අතට පත් කර ඇත. ඒ ක්ෂිණාශ්රව මාර්ගය නිස්සරණ ප්රදීපස්තම්බය පිළිබඳ අනඳ මෙත් නාහිමි දෙසුම් සංග්රහය යි. යෞවනයෙකු විසින් මෙබඳු ක්ෂේත්රයක් ගවේෂණය කිරීම පෙරළා කිසිවක් අපේක්ෂා නොකොට කරන ලද සුවිශාල ප්රයත්නය සපුරා අගය කරනුයේ පුණ්ය චේතනා පෙරදැරි ව ය. මේ කෘතිය කියැවීමෙන් පාඨකයන්ට අපමණ ප්රයෝජනයක් ලබා ගත හැකි බැව් ගෞරවයෙන් සඳහන් කරමි.
Rs 750.00