Best sellers

Sihinuvanin Kalgevanna

සිහිනුවණින් කල් ගෙවන්න - බුදුදහම පිළිබඳ අවබෝධය සෑම සමාජ කොට්ඨාසයකටම හා සෑම වයස් කාණ්ඩයකටම ගැළපෙන අයුරින් පැහැදිලි කරදීමට උන්වහන්සේ දැරූ සරල එහෙත් ගම්භීර වූ උත්සාහයත්, ඒ නිසාම එම සමාජ කොට්ඨාසයන් බුදුදහම අවබෝධ කරගැනීමට දරන උත්සාහයත්, පිළිබිඹු කරන හෙයින් ‘Bear Awareness’ කෘතියේ සිංහල පරිවර්තනය වන “සිහිනුවණින් කල් ගෙවන්න” නමැති මෙම කෘතිය සිංහල පාඨකයන් අතට පත්කිරීම බෙහෙවින් කාලෝචිත ය.
Rs 1,250.00

Samanera Pavidda Saha Upasampadava

සාමණේර පැවිද්ද සහ උපසම්පදාව - ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ සාමණේර පැවිද්ද සහ පූර්ණ පැවිදි වීමේ (උපසම්පදා) ක්‍රියාවලිය පිළිබඳ තීක්ෂණ ගවේෂණයක් ඉදිරිපත් කරයි. මෙම ග්‍රන්ථය සාම්ප්‍රදායික ග්‍රන්ථ සහ සමකාලීන පිළිවෙත් මත පදනම්ව සාමණේර හා භික්‍ෂූන් වහන්සේලා පැවිදි කිරීම සම්බන්ධ චාරිත්‍ර, ක්‍රියා පටිපාටි සහ ආචාර ධර්ම පිළිබඳ සවිස්තරාත්මක විමර්ශනයක් සපයයි. පැහැදිලි සහ ප්‍රවේශ විය හැකි භාෂාවක් තුළින් පාඨකයන්ට ථෙරවාදී බුදුදහමේ පැවිදි වීමේ වැදගත්කම මෙන්ම වෘත්තිකයන්ගේ ජීවිත හා අධ්‍යාත්මික සංවර්ධනය හැඩගැස්වීමේ කාර්යභාරය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබේ. ඔබ වෘත්තිකයෙකු, විද්වතුන් හෝ බෞද්ධ සම්ප්‍රදායන් කෙරෙහි සරල උනන්දුවක් දක්වන්නෙකු වුවද, "සාමණේර පැවිද්ද සහ උපසම්පදාව" පැවිදි ජීවිතයට ප්‍රවේශය සනිටුහන් කරන පූජනීය වත්පිළිවෙත් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙයි.
Rs 500.00

Sigiri Gee Wiyarana

සිගිරි ගී වියරණ - "Sigiri Graffiti" එනම් "සීගිරි ගී" වනාහි ආචාර්‍ය පරණවිතාන මහතා විසින් සීගිරි කැඩපත් පවුරෙන් පිටපත් කොට මහත් පරිශ්‍රමයකින් එක් කර ගත් සිංහල පද්‍යයෝ වෙති. අට, නව හා දහ වැනි සියවස්වලට අයත් මේ ගී අවුරුදු දහසකට අධික කාලයක් අමතක කොට තිබුණ බවත් දැනට ශේෂව ඇති ඉතා ම පැරණි සිංහල පද්‍යයන් බවත් පිළිගෙන ඇත. තවද පරණවිතාන මහතා මේ සීගිරි ගී තේරුම් කර ගැනීම සඳහා ඒවාට අටුවා හා වියරණ ද එම පොතේ ම සපයා ඇත. එහෙත් මේ පොත ලියා ඇත්තේ ඉංග්‍රීසියෙන් බැවින් ඒ භාෂාව නොදන්නා විද්‍යාර්ථින්ට හුදු පාඨය විනා මේ ග්‍රන්ථයෙන් අන් පිහිටක් ලබා ගත නො හැකි හෙයින් එහි ඉතාම වැදගත් කොටස වන වියරණ කොටසේ සිංහල අනුවාදය මෙසේ පළ කිරීමට කල්පනා කලෙමු. මෙම ඓතිහාසික ව්‍යාකරණය සීගිරි ගී තේරුම් ගැනීමට පමණක් නො ව සිංහල භාෂාවේත් එහි සාහිත්‍යයේත් ඉතිහාසය හා පරිණාමය ද විශේෂයෙන් ම සිංහල භාෂාවේ ශබ්ද ව්‍යුත්පත්තිය ද අධ්‍යන කිරීමට ඉමහත් රුකුලක් වනු ඇත.
Rs 169.00

Samanthapasadika Winaya Atta Katha - 4

සමන්තපාසාදිකා විනයට්ඨකථා - 4  - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 920.00

Sinhala Pirith Potha

සිංහල පිරිත් පොත -  කාලීන අවශ්‍යතාවයක් ද සපිරෙන මෙම ග්‍රන්ථය කායික මානසික සුව සහනයෙන් ජීවත් වීම සඳහා මඟ පෙන්වන ග්‍රන්ථයක් වශයෙන් ප්‍රයෝජනවත් වනු ඇත.
Rs 550.00

Yatath Wijitha Samaya

යටත් විජිත සමය - පෘතුගීසීන් ලංකාවට පැමිණි තැන් සිට ඉංග්‍රීසීන් වෙතින් ලංකාවට නිදහස ලැබුණු (1505 නොවැම්බර් 15 - 1948 පෙබරවාරි 04) දිනය දක්වා සිදු කළ යුද ගැටුම්, කැරලි කෝලාහල, කුමන්ත්‍රණ සහ වැඩ වර්ජන මෙන්ම වෙනත් වැදගත් සිද්ධීන් ද ඇතුළත් වන ලෙස මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 1,000.00
Out-of-Stock

Damsak Pavathum Suthraya

Out-of-Stock
දම්සක් පැවතුම් සුත්‍රය - ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඇසළ මස පුරපසළොස්වක පොහෝ දිනයෙහි බරණැස ඉසිපතනාරාමයේ දී දේශනා කර වදාළා වූ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මෙම කෘතියෙහි සඳහන් වේ.
Out-of-Stock

Alakeshwara Yuddhaya

Out-of-Stock
අලකේශ්වර යුද්ධය - ලංකා ඉතිහාසයේ එතරම් දීර්ඝ නොවූ, එහෙත් වැදගත්කම අතින් මුල් තැනක් ගන්නා සීතාවක රාජධානි සමයට අයත් එක ම ගද්‍ය කෘතිය සේ සැලකිය හැකි 'අලකේශ්වර යුද්ධය' නමැති මේ කුඩා පොත 'රාජාවලිය' නමැති ඉතිහාස කෘතියට ද මුල් වූ ලේඛනය යි. මෙය ඓතිහාසික ලේඛනයක් වශයෙන් වැදගත්කමක් හිමි කර ගන්නා අතර ම සීතාවක රාජධානි සමයේ භාෂා ලක්ෂණ මෙන් ම සාහිත්‍ය තත්ත්වය ද කියා පාන්නකි.

Mugalan Maha Rahathan Wahanse

මුගලන් මහා රහතන් වහන්සේ - ගයාන් චානුක විදානපතිරණ මහතා විසින් රචිත ග්‍රන්ථ මාලාවේ තුන්වෙනි ග්‍රන්ථය "මුගලන් මහ රහතන් වහන්සේ" නම් වූ මෙම ග්‍රන්ථය යි. මුගලන් මහ රහතන් වහන්සේගේ චරිත කථාව මෙමගින් විස්තර වේ.
Rs 1,000.00

Seevalee Maha Rahathan Wahanse

 සීවලී මහ රහතන් වහන්සේ - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුදුසසුනේ සිටි මහ රහතන් වහන්සේ නමක් වූ සීවලී මහරහතන් වහන්සේ පිළිබඳ ව මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ.
Rs 600.00

Dhammadinna Maha Rahath Theraniya

ධම්මදින්නා මහ රහත් තෙරණිය - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මකථීක භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණිය වන 'ධම්මදින්නා' මහරහත් තෙරණියගේ කථාව මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරේ.
Rs 350.00

The Four Sublime States

The Four Sublime States - A detailed exposition of the Four Sublime States that form a sine qua non of Buddhist higher life and a comprehensive    exposition  of the practice of loving kindness as given in the Pali canon of Theravada Buddhism.
Rs 100.00
Out-of-Stock

Jhanas In Theravada Buddhism

Out-of-Stock
Jhanas In Theravada Buddhism - This booklet, a condensed version of Bhante Gunaratana's treatise, The Path of Serenity and Insight, outlines the role of jhana (meditative absorption) in Theravada Buddhist meditation. The author's perspective is based mainly on the commentaries to the Pali Canon-principally Buddhaghosa's Visuddhimagga (The Path of Purification). The formless jhanas and the role of jhana in relation to the noble disciple are also discussed. Many of the insights offered by the book will be of value to those practicing vipassana- and breath meditation.

The Heart Of Buddhist Meditation

The Heart Of Buddhist Meditation - The most suitable handbook for all Buddhist meditators - outlines the basic elements of Buddhist meditation buttressed by appropriate textual reference where necessary and  details of mindfulness meditation given clearly so as to enable anyone to start meditating on his own.
Rs 650.00

Deshiya Hasthasara Aushada Yoga - 1

දේශීය හස්තසාර ඖෂධ යෝග 1 - සෑම ගෙදරක්ම වෙද ගෙදරක් කරමු යන තේමාව යටතේ 1988 මැයි මස ඇරඹූ ආයුර්වේද පත‍්‍රය ජනතාව අතට පත් කළ වට්ටෝරු අතුරෙන් 2000 වර්ෂයේ මැයි මස දක්වා පළ වූ සර්වාංග වෙදකමට අදාළ වට්ටෝරු මෙම පොතට ඇතුළත් කර ඇත.
Rs 250.00

Abhighgha

අභිඥා - අභිඥා නම් අධිමානසික හැකියාව උපදවා ගැනීමට අනුගමනය කළ යුතු බුද්ධ දේශිත උපාය මාර්ග හා එහි ක‍්‍රමික පියවර මෙමගින් විස්තර කරන අතර අභිඥාවන්ගේ ස්වභාවය, ක‍්‍රියාකාරීත්වය  හා හිතාහිතකර ප‍්‍රවණතාවන්ද වැදගත් විචාරයකට ලක්කොට ත‍්‍රිපිටකාගත කරුණු සමගින් මනා විග‍්‍රහයක් සිදු කරයි. 
Rs 300.00

Beddegama

”බැද්දේගම” සිංහල ජන දිවිය ඇසුරු කොට ලියන ලද ඉංගී‍්‍රසි නව කථාවන් අතුරෙන් ශ්‍රේෂ්ඨතම කෘතිය බව විචාරකයන්ගේ පිළිගැනීමය. මෙහි චරිත නිරූපණය කොතරම් මනහරදැයි කිව මනා නොවේ. සිනමා සිත්තමට ද නැගුණු විශිෂ්ට නවකතාවකි.
Rs 650.00
Out-of-Stock

Buddhi Parikshanaya Ha Abhiyogathava

Out-of-Stock
බුද්ධි පරීක්‍ෂණය හා අභියෝග්‍යතාව - විවිධ වූ මානසික ආබාධ ඇති විමට බොහෝ ඉඩකඩ ඇති සමාජ මාධ්‍යයන්හි එල්බ නොයිඳ මොළයේ බුද්ධි වර්ධනයට මහෝපකාරී වන බුද්ධි පරීක්‍ෂණ සමුදායකින් සමන්විත මෙම ග්‍රන්ථය අධ්‍යාපනයේ නියැලී සිටින දුවා දරුවන්ට මෙන්ම වැඩිහිටි ඔබට යෝග්‍ය වේ. 
Out-of-Stock

Balavathara Dipani

Out-of-Stock
බාලාවතාර දීපනී - බාලාවතාරය පාලි ව්‍යාකරණ ග්‍රන්ථයකි. පිරිවෙන් සිසුන් මෙම ග්‍රන්ථය වචෝද්ග්‍රහණය කල යුතු අතර එහි අඩංගු ව්‍යාකරණ ලක්ෂණ ඉගන ගත යුතුය. මෙම පොතෙහි විශේෂත්වය වන්නේ වෙන වෙනම උදාහරණ වශයෙන් ව්‍යාකරණ ලක්ෂණ පැහැදිලි කිරීමයි. පාලි ව්‍යාකරණ ඉගනීම සඳහා වඩාත් උපයෝගීතාවයෙන් යුතු ග්‍රන්ථයකි.

Investigating The Dhamma

This book brings together eight essays of Bhikkhu Bodhi, five of which were earlier published in academic journals and volumes, and three not published before. ...
Rs 175.00
Out-of-Stock

Podi Hamuduruwange Bhawana Satahan

Out-of-Stock
පොඩි හාමුදුරුවන්ගේ භාවනා සටහන් - සෝවාන් ඵලයට පත් පොඩි හාමුදුරුනමකගේ අත්දැකීම් වලින් පිරුණු මේ කෘතිය තෙවසරක් පුරා කොටස් වශයෙන් ලේක්හවුස් ආයතනයේ නමස්කාර සගරාවේ පළ විය. 

Sathimathbawa Athi Balasampannai

සතිමත්බව අතිබල සම්පන්නයි - ''The Power Of Mindfulness'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇති සතිපට්ඨාන විධි ක‍්‍රමයෙහි ඵලදායිකත්වය විදහා දක්වමින් එය පැහැදිලි කරදෙනු ලබයි. 
Rs 150.00

Pohoya Warnanava

පොහොය වර්ණනාව - අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක මාහිමියන්ගේ වටිනා දීර්ඝ ප‍්‍රස්තාවනාවකින් යුත් මෙය පොතේ නවතම මුද්‍රණයයි. දුරුතු පොහොයේ සිට සියලූ පොහෝ දිනවල ඓතිහාසික වටිනාකම ඒ ඒ පොහෝ දිනවල කෙරෙන පුණ්‍ය කර්ම චාරිත‍්‍ර විධි ආදී කරුණු රාශියක් අඩංගු මෙම මාහැඟි පොත පාසල් සිසුන් ඇතුළු හැම දෙනෙකු විසින් ම කියවිය යුතු එකකි. 
Rs 575.00

Opening the Door of Your Heart

In this collection of teaching stories are many true-to-life tales, which are used to launch into a deeper exposition of mindfulness, wisdom, love, and compassion. ...
Rs 600.00

Sanyuktha Nikaya Attakatha 2

පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,670.00

Wimana Waththu Attakatha

පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,420.00

Petha Waththu Attakatha

පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,095.00