Rs 575.00
Best sellers
There are 2679 products.
Budu Dahame Adhyathmaya (Mulapariyaya Suthraya)
Out-of-Stock
සූත්ර පිටකයේ මජ්ක්ධිම නිකායේ මූල පණ්ණාසකයෙහි මූල පරියාය වග්ගයට අයත් ශ්‍රී මුඛ දේශනාවකි. මිනිසා ඇතුළු සජීවී, අජීවී සියලූ වස්තු හැදෙන හැටි සහ කැඩෙන හැටිත් දුකින් මිදීම සදහා අවශ්‍ය දේ හදන හැටි සහ කඩන හැටිත් මෙයින් පෙන්වා දෙන බැවින් දුකින් නිදහස් වීමට උත්සාහ දරන්නාට මේ සූත්රයේ කරුණු මහත් සේ ප්‍රයෝජනවත් වේ.
Rs 150.00
Wanchaka Dharma Ha Chiththopalesha Dharma
සිතේ ඇතිවන සිතුවිලි පිළිබඳ නිවැරදි අවබෝධයක් සම්මුති සත්යය තුළින් දැකිය නොහැකිය. එහෙත් බුදුන් වහන්සේ ඒ පිළිබඳ පරමාර්ථ සත්ය තුළින් පැහැදිලි කරන ලදී. එය අභිධර්මය ලෙස හඳුන්වයි. වඤ්චක ධර්ම යනු එවැනිම පරමාර්ථ සත්යයකි. එ
Rs 480.00
Abhidharmartha Sangrahaya
13-වන සියවසේ වැඩසිටියේ යැයි සැළකෙන අර්ථකතාචාර්ය අනුරුද්ධ මහතෙරණුවන් විසින් අභිධර්මය විෂයෙහි රචනා කරන ලද අර්ථ සංග්රහයයි. බුද්ධ දේශිත පරමාර්ථ සත්යය විස්තරාත්මකව හදාරන්නවුන් විසින් විස්තර විභාග දැනුම් සඳහා පරිශීලනය කළ යුතු අත්පොතකි.
Rs 350.00
Sathyodaya
සත්‍යෝදය නම් වූ මෙම කුඩා ග‍්‍රන්ථය නිදහස් චින්තනයේ යතුර ලෙස හැදින්විය හැකිය. ඒ නිදහස්ව සිතීමට අවශ්‍ය පුහුණුව මෙම ග‍්‍රන්ථය තුළින් ලැබෙන බැවිනි.
Rs 450.00
Dhammasanganippakarana
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ අභිධර්ම පිටකයෙහි එන ධම්මසංගණිප්පකරණ කාණ්ඩය වේ .
Rs 2,490.00
Bodhipakshika Dharma Wistharaya
සතර අපාය ආදී දුක්ඛයන්ගෙන් මිදී නිවන් දැකීම සඳහා බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇති මාර්ගය නම් සත්තිස් බෝධිපාක්ෂික ධර්‍මයන් වැඩීමයි. අතීතයේ යමෙක් නිවන් දුටුවාහු නම් ඒ හැම නිවන් දුටුවේ ද සත්තිස් බෝධි පාක්ෂික ධර්‍ම මාර්ගයෙන්ම වේ. එමෙන්ම අනාතගතයෙහි යමෙක් නිවන් දක්නේ නම් ඒද සිදු වන්නේ මේ සත්තිස් බෝධිපාක්ෂික ධර්‍ම මාර්ගයෙන් ම වේ. එහෙයින් නිවන් දක්නට වෙර දරන සැදැහැතියෝ මේ ධර්‍ම පිළිබඳව නුවණින් විමසිය යුතුය. ඒ සඳහා ලියැවී ඇති පහසුවෙන් තේරුම් ගත හැකි ග්‍රන්ථය නම් මේ බෝධිපාක්ෂික ධර්‍ම විස්තරය වේ.
Rs 470.00
Wistharartha Sanna Sahitha Wishuddhi Margaya
Out-of-Stock
විස්ථරාර්ථ සන්න සහිත විශුද්ධි මාර්ගය - පාලි පෙළ සිංහල තේරුම - විස්තර වර්ණනා සහිතව, අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ගේ විශුද්ධි මාර්ගය පරිච්ඡේද 23 කින් යුක්තයහ. මෙම සම්පුර්ණ විශුද්ධි මාර්ගය පුස්තකාලයට ආභරණයකි. බෞද්ධයන් ට දායාදයකි..
Rs 3,950.00
Life Of The Buddha( Level 1)
These books are for the benefit of children to improve their Knowledge of the Dhamma and the English language.
Rs 500.00
Palibhashawatharanaya 3 Potha
පාළිභාෂාවතරණය (තෙවැනි පොත) - මෙම පොතෙන් ඉතා උසස් පරීක්ෂණයකට පෙනී සිටින්නෙකුට වුවත් සෑහෙන තරම් ගැඹුරු දැනීමක් පාළිභාෂාව සම්බන්ධව ලබා ගත හැක.
Rs 600.00
Sathbudu Puja Sahitha Bodhi Puja
Out-of-Stock
සත්බුදු පූජා සහිත බෝධි පූජාවක් පවත්වා ගැනීමට සාමාන්‍ය වශයෙන් අවබෝධයක් ලබාගැනීමට මෙම අගනා දහම් පොත ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.
Rs 150.00
Thumpanen Amarikavata
තුම්පනෙන් ඇමරිකාවට - බටහිර වර්ජිනියාහි භාවනා සමිතියේ නිර්මාතෘ පූජනීය ආචාර්ය හේනේපොළ ගුණරතනාභිධාන ඇමරිකාවේ සහ කැනඩාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්වහන්සේගේ ජීවිත කතාව පිළිබඳ තතු දැන ගැනීමට රුචි පාඨකයනට මෙම කෘතිය ඉදිරිපත් කොට ඇත.
Rs 1,850.00
Sathyoodaya
සත්‍යෝදය
Rs 760.00
Nirwana Vinishchaya
නිවන පිළිබඳව සොයන සැදැහෙවතුන් බොහොමය. එහෙත් ඒ පිළිබඳ තත්ත්වාකාරයෙන් ලියැවුණ පොත පත අල්පය. ත්‍රිපිටකය පුරා හඳුන්වා දී ඇති නිර්‍වාණ ධර්මය පිළිබඳ කරුණු මේ පොතින් සාකච්ඡා කොට ඇති අතර ඒ පිළිබඳව ඇති වූ ආචාර්ය වාදයන් සහ පුනරුප්පත්තිය පිළිබඳව විස්තර කෙරෙයි. නිර්‍වාණය පිළිබඳ තත්ත්වාකාරෙයන් ප්‍රමාණාත්මක අවබෝධයක ලබා ගැන්මට මෙම ග්‍රන්ථය උපකාරී වේ. එහෙත් නිර්‍වාණය යනු ගැඹුරු දහමක් බැවින් මධ්‍යම පඥාව ඇත්තවුන්ට වුවද මෙම කරුණු තේරුම් ගැන්මට නම් නොපසුබට උත්සහයෙන් සිහිනුවණින් යුක්තව වරදක් දෙවරක් නොව කිහිප වාරයක් කිය විය යුත්තේමය.
Rs 390.00
Me Mohotha Dakeema
මේ මොහොත දැකීම - භාවනානුයෝගීන් සඳහා නිර්මාණාත්මක මග පෙන්වීමකි.
Rs 450.00
Thunsarane Guna Balayen Leda Roga Suvakarana Thrivida Bodhi Budubalaya
තුන්සරණේ ගුණ බලයෙන් ලෙඩ රෝග සුවකරන ත්රිවිධ බෝධි බුදුබලය
Rs 160.00
Saptha Wishudhi Nirdeshaya
සප්ත විශුද්ධි නිර්දේශය - සප්ත විසුද්ධ ධර්මය පිළිබඳව ග්‍රන්ථයෙන් ප්‍රකාශිතයි.විසුද්ධි මාර්ගය අභිධර්මර්ථ සංග්‍රහ තද්ව්‍යඛ්‍යා' විභාවිණි ටීකාදිය ඇසුරු කෙරෙමින් සම්පාදනය කර ඇත.
Rs 265.50
Bhikshuva Saha Darshanikaya
භික්ෂුව සහ දාර්ශනිකයා - එක් කලෙකදී විද්‍යාවට සම්බන්ධ උගතුන් හා බුද්ධිමතුන් අතර බෞද්ධ දර්ශනය පිළිබඳ යම් යම් කතාබහ ඇතිවුණ යුගයක බටහිර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු තම සියළු සැප සම්පත් අතහැර තිබ්බතයට ගොස් නිවැරදි ගුරු හරුකම් ඔස්සේ බුදු දහම කුමක්දැයි සොයන්නට තීරණය කරන ලදී. පසු කාලීනව එහි ප්‍රතිඵලයක් ලෙස මෙම බෞද්ධ භික්‍ෂුවක වූ තම පුතු සොයා විශිෂ්ට දාර්ශනිකයෙකු වූ පියාණන් පැමිණ සිදු කරනු ලබන සාකච්ඡාවක් මෙලෙසින් ග්‍රන්ථයක් බවට පත් වී ඇත. මෙම ග්‍රන්ථය 21 වන සියවසේදි මිලින්ද ප්‍රශ්නය වසයෙන් හැදින්වීමට උචිත බව පරිවර්තක තුමාණන්ගේ අදහසයි.
Rs 1,600.00
Nisala Vila
නිසල විල - ''Still Forest Pool'' නම් කෘතියෙහි සිංහල අනුවාදය වන මෙය අචාන් චා හිමියන්ගේ දේශනාවල එකතුවකින් සම්පාදනය කරන ලද්දකි.
Rs 275.00
Dasabodhisaththuppaththikatha Hevath Dasa Bosath Katha Puvatha
දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත - අනාගතයේදී බුදු බවට පත්වන බෝසත්වරුන් දස දෙනෙකු පිළිබඳ ලියවුනු පාලි ප්‍රබන්දය 'දසබෝධිසත්තුප්පත්තිකථා' යන නමින් හැඳින්වේ. බොහෝ දුෂ්කරව සොයාගන්නා ලද පැරණි පොතක් මුලාශ්‍ර කොට ගෙන, අන්‍ය වූ ලිපි ලේකනාදිය ද ඇසුරු කරමින් ව්‍යක්ත සිංහල පරිවර්තනයක් ද සමගින් මෙය රචනා කර ඇත.
Rs 206.50
Deegha Nikaya 1
තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන දීඝ නිකාය 1 කාණ්ඩය වේ .
Rs 2,720.00
Mul Budu Dahame Sita Vajrayanaya Dakva Sarala Hadinvemak
මුල් බුදු දහමේ සිට වජ්‍රයානය දක්වා සරල හැඳින්වීමක් - මුල් බුදු දහම යනු කුමක්ද , නිකාය භේදයේ පසුබිම කෙසේද , අභිධර්මයේ ආරම්භය හා වර්ධනය , නිකාය භේදයේ ප්‍රවර්ධනය , පුද්ගලවාදය , සර්වාස්තිවාද ගුරුකුලය , මහායාන බුදුදහම , මාධ්‍යමික දර්ශනය , යෝගාචාර ගුරුකුලය , වජ්‍රායාන බුදු දහම දක්වා වූ කාලය පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක් මෙම ග්‍රන්ථයෙහි සදහන් වේ.
Rs 271.40
Sinhala Dhammapada Kavya
Out-of-Stock
සිංහල ධම්මපද කාව්‍යය - කුරුණෑගොඩ පියතිස්ස හිමි විසින් රචිත මෙම ග්‍රන්ථය පාලි ධම්මපදයේ පද්‍යමය පරිවර්තනයක් ය.
Rs 100.00
Bhawana Aprakata Lipi
Out-of-Stock
ගත පෙනෙන කැඩපත ඉදිරියේ හැඩ වෙනවාට වඩා සිත දකින භාවනාවට සමවැදීමෙන් අපට සතුට ගෙන දෙයි. නිවනට අවැසි භාවනා විධි ප‍්‍රායෝගිකව හුරුකළ අපේ කාලයේ වැඩහිදි උතුම් යතිවරුන් තිදෙනෙකුගේ සදහම් සිතිවිලි භාවනා අප‍්‍රකට ලිපි කෘතියට ඇතුළත් කර තිබේ.
Rs 125.00
Suthra Pitaka Saraya
සූත්ර පිටක සාරය - සූත්‍ර පිටකයෙහි නිකාය පඤ්චකයට අයත් සූත්‍රයන්හි වඩාත් වැදගත්ම දහම් කොටස් මොනවාදැයි ගෙනහැර දක්වමින් ධර්මගවේෂීන්ට පහසු මගපෙන්වීමක් මෙමගින් සිදුකොට ඇත. සූත්‍රයකට වඩාත් ම වැදගත් දහම් කරුණු ගෙනහැර දක්වන බැවින් පරිශීලනය පහසුය. අවබෝධය සුගමය. සූත්‍ර පිටක සාරය යන නමින් දක්වන පරිදි ම ධර්මයේ සාරය මෙහිදී ඔබට මුණ ගැසෙනු ඇත.
Rs 1,825.00
Kosol Raja Dutu Sihinaya
කොසොල් රජ දුටු සිහින - කොසොල් රාජ්‍යයේ අගරජු පසේනදී කොසොල් රජතුමා දකින ලද සිහින 16 සම්බන්දයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා ඩී ඇති අනාවැකි විස්ටර කරමින් ආචාර්ය විලේගොඩ අරියදේව හිමියන් විසින් සම්පාදිත පොතෙන් උපුටා ගන්න ලද අධාර්මික දේශපාලනයෙන් සියල්ල උඩු යටිකුරු වන අන්දම මෙම පොතෙන් කෙටියෙන් පැහැදිලි කෙරේ.
Rs 75.00
Rs 990.00
Palibhashawatharanaya 1 Potha
පාළිභාෂාවතරණය (පළමුවැනි පොත) - මෙය වනාහි ආධුනිකයන්ට සිංහලෙන් පාලි ඉගැන්වීම සදහා සම්පාදිත පොතකි. මෙහි ගෙන තිබෙන පිළිවෙල නම් වාක්‍යරචනා මාර්ගයෙන් භාෂාව ඉගැන්වීමේ අභිනව ක්‍රමයකි. පාඩම් ක්‍රමයෙන් ගැඹුරුවනසේ ද අභ්‍යාසයෙන් ඉගෙනිය යුතුසේද සම්පාදිතය.
Rs 750.00
Sasanawatharanaya
වර්තමානයේ පැවිදි භූමියට ඇතුළත් වන්නවුන් ඉතා අල්පය. එලෙස අල්ප වූ පිරිසගෙන් ද මෙම පැවිදි දිවිය දිවි ඇතිතෙක් ගත කරන්නෝ ද සීමිතය. එයට ප්‍රධාන හේතුව වන්නේ පැවිදි ජීවිතයේ ඇති වටිනාකම අවබෝධ කර නො ගැනීමයි. ඒ සඳහා සුදුසු ගුරූපදේශයන් නො ලැබීමයි. ශාසනාවතරණය නම් වූ මෙම ග්‍රන්ථය මගින් පැවිදි වන්නට බලාපොරොත්තු වන්නන්ට ද පැවිදිව ජීවිතය ගත කරන කුඩා සාමණේර භික්ෂුවගේ සිට වැඩිහිටි භික්ෂූන් දක්වාම පැවිදි දිවියේ ඇති වටිනාකම මනාව පැහැදිලි කර දෙයි. පැවිදි දිවිය පිළිබඳ අවබෝධය වැඩි වන්නට වැඩි වන්නට මෙම එහි ඇල්ම ඇති කොට ගෙන වැඩ කටයුතු කෙරෙයි. එහෙයින් මේ ග්‍රන්ථය හැකි සෑම අවස්ථාවකම ගිහි දායක පක්ෂය විසින් සෑම භික්ෂූන් වහන්සේ නමක් වෙතම පූජා කිරීමට උත්සාහ කිරීම ඉතා පින් වැඩෙන පින් කමකි.
Rs 700.00
Paramitha Prakaranaya
බුදු, පසේබුදු, මහරහත් යන යන තුන්තරා බෝධියෙන් එක් බෝධියකටවත් පත් නොවී කිසිවකුට සසර දුකින් මිදී නිවන් දැකීම කළ නොහැක්කකි. එමෙන්ම ඒ ඒ තත්ත්වයන් ලබා ගැනීම ද එම තත්ත්වයන්ට අදාළ පාරමිතාවන් සම්පූර්ණ කිරීමෙන් තොරව කළ නොහැක්කකි. එනිසා පාරමිතා ධර්‍මයෝ නම් නිවන් දක්නට වීරීය කරන සෑම කෙනෙකුම නිවැරදිව අවබෝධ කර ගත යුතු දහමකි. පාරමිතා ධර්‍මයන් පිරීමේදී කුශලය උසස් වන ආකාරය මෙම පොතින් විස්තර කෙරෙන අතර ඒ ඒ පාරමිතාවන්ට අදාළව බෝසත් පාරමිතා කථාවන් දක්වා තිබීම මෙම ධර්‍මයන් පිළිබඳව හේතු සහිතව කරුණු අවබෝධ කර ගැන්මට මහෝපකාරී වෙයි. එහෙයින් නිවන් දක්නට උත්සාහවත් වන සැදැහැවතුන් හට මේ ග්‍රන්ථය හස්තසාර ග්‍රන්ථයක් වනු නොඅනුමානය.
Rs 640.00
Isiwarun Dutu Mage Bawa Gamana - 02
Out-of-Stock
අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය මහනාහිමියන් සමග ග‍්‍රන්ථ කතෘ විසින් පැවැත් වූ රූපවාහිනී සාකච්ඡුා සහ උන්වහන්සේ විසින් ප‍්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ආශ‍්‍රයෙන් සකසන ලද්දකි.
Rs 700.00
Tripitaka - 57 Complete Set of Books
ථෙරවාද බුදු දහමේ ඉගැන්වීම් එකතුව ත්‍රිපිටකය ලෙස හැඳින්වේ. බුදුන් වහන්සේ ජීවත්ව සිටිය දී කළ ධර්ම දේශනා පසු කලෙක සිදුකල ධර්ම සංගායනාවලදී පිටක තුනකට වෙන්කල බැවින් ත්‍රිපිටක නම ලැබී ඇත. පසුකාලීනව ත්‍රිපිටකය අට්ඨකථා මඟින් අතිරේක කරුණු හා විස්තර කිරීම් සිදු කර ඇත. විනය පිටකය ග්‍රන්ථ 9න් ද, සූත්‍ර පිටකය ග්‍රන්ථ 35න් ද, අභිධර්මය ග්‍රන්ථ 13න් ද යුක්ත අතර සියළු ග්‍රන්ථ 57න් යුක්ත වේ. මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතුය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්‍යය කරන්නා වූ සියල්ලන්ටම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂයයි. ලෝ වටා සිටින සියල්ලන්ටම ත්‍රිපිටකය පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම අපගේ එක් පියවරකි.
මෙම ත්‍රිපිටක කට්ටලයෙහි සම්පූර්ණ මිල රු.140,215.00ක් වන අතර සම්පූර්ණ ත්‍රිපිටක කට්ටලය මිලදී ගන්නේ නම් පමණක් එහි මිල රු. 95,540/- ක් පමණක් වේ.
මෙම ත්‍රිපිටක කට්ටලයෙහි සම්පූර්ණ මිල රු.140,215.00ක් වන අතර සම්පූර්ණ ත්‍රිපිටක කට්ටලය මිලදී ගන්නේ නම් පමණක් එහි මිල රු. 95,540/- ක් පමණක් වේ.
Rs 95,540.00
Rs 140,215.00