Best sellers

Upasampada Seelaya

සාමණේර දස ශීලය ආරක්ෂා කරන සාමණේර භික්ෂු නම විසිවයස් සම්පූර්ණ වූ පසු අධි ශීලයෙහි පිහිටුවීම මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිදු කරනු ලබයි. මෙම අධිශිලයට පත්වීම උපසම්පදාව ලෙස ව්‍යවහාර කෙරෙත්. වර්තමානයේ සම්බුද්ධ ශාසනය තුළ සිදු කරනු ලබන ඉහලම විනය කර්මය ලෙසට ද මෙම උපසම්පදා විනය කර්මය හැඳින්වෙයි. කෙසේ නමුදු ගත පැවිදි කළ හැකි වුවද සිත පැවිදි කිරීම නම් අමාරු කටයුත්තකි. එලෙසම උපසම්පදාවෙහිද එම කටයුත්ත ඉතා අපහසුය. ගත උපසම්පදා කිරීම මහා සංඝරත්නය සිදු කළ ද සිත උපසම්පදා කිරීම නම් ඒ පිළිබඳ අවබෝධයෙන් සිදු කළ යුතුය. එනිසා මෙම උපසම්පදා ශීලය මගින් එකී සිත උපසම්පදා කිරීම සඳහා අවශ්‍යය වන අවබෝධය එකදු අකුරක් නෑරම පැහැදිලි කරයි. උපසම්පදාපේක්ෂකයා හට ද උපසම්පදාවට පත් වූ භික්ෂුන් හට ද එකසේ වැදගත් වන ග්‍රන්ථයක් ලෙසට මෙම උපසම්පදා ශීලය හැඳින්විය හැකිය. 
Rs 760.00

Selena Manasata Sathara Sathipattana Bhawana Vidhi

සැලෙන මනසට සතර සතිපට්ඨාන භාවනා විධි - සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරන්නට පැහැදිලිව මග පෙන්වන මාහැගි අත්පොතකි.
Rs 879.10
Out-of-Stock

Piruwana Poth Wahanse

Out-of-Stock
පිරුවනා පොත් වහන්සේ - ප්‍රධාන බණවර සතර ඇතුලත්ව අතිරේක පිරිත් සූත්‍ර කාණ්ඩ දහ අටකින් සංග්‍රහික කරන ලද මහා පිරුවානා පොත් වහන්සේ විශේෂයෙන් පිරිත් මණ්ඩපය තුල සජ්ජායනයටත් මහළු වියපත් උපාසක උපාසිකා පරිහරණය උදෙසා විශාල අකුරින් සම්පාදිතයි.භාග්‍යවත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් වදාළ ආරක්ෂක දේශනා " පරිත්‍රාණ  පිරිත් " යයි කියනු ලැබේ.

Pansiya panas jathaka poth wahanse 02

පන්සිය පනස් ජාතක පොත් වහන්සේ 2 - ඉතා සිත්ගන්නා සුළු කාණ්ඩ දෙකකින් සමන්විතය.දහම් පඬුරක් වශයෙන් ඉතා අගනේය.කවරය හම් බැම්මෙන් නිමවා ඇත.
Rs 4,500.00

Sinhala Suthra Sangrahaya

සිංහල සූත්‍ර සංග්‍රහය - බුද්ධකාලීන බුද්ධශ්‍රාවකයන් අතර විදර්ශනාධූර හා ග්‍රන්ථධූර නමින් කිසියම් බෙදීමක් පැවති බව ධම්මපදඨකථාවෙහි සඳහන්ව ඇත.මෙම කෘතිය එම ධූර දෙකම විස්තර කෙරෙන සූත්‍ර සමූහයකින් නිර්මිතය.
Rs 365.80
Out-of-Stock

Kalama Suthraya Saha Chinthana Nidahasa

Out-of-Stock
කාලාම සුත්‍රය සහ චින්තන නිදහස - පුද්ගලයාගේ චින්තන නිදහස බුදුසමය මගින් පිළිගැනෙන බවට ඇති ප්‍රධානතම ත්‍රිපිටක සාධකය වශයෙන් කාලාම සූත්‍රය දැක්විය හැක.ඉතා සරලව ලියැවී ඇති මෙම පොත් පිංච ඕනෑම පුද්ගලයෙකුට කියවා පහසුවෙන්ම තේරුම් ගත හැකිය.

Deegha Nikaya 2

තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන දීඝ නිකාය 2  කාණ්ඩය වේ . 
Rs 2,520.00

Sinhala Kuddaka Nikaya - 6

සිංහල ඛුද්දක නිකාය 6 - බුද්ධ ජයන්ති ත්‍රිපිටක පෙළ පරිවර්තනය සාමාන්‍ය ජනයාගේ ව්‍යවහාරික භාෂාවෙන් වෙනස් වූ සකු මගධ භාෂාවන්ගෙන් තත්සම වූ සිංහල භාෂාවෙන් සුදු කරන ලද්දක් බැවින් ඇසිල්ලෙහි කියවා තේරුම්ගත හැක්කක් නොවේ යන මතය කලෙක පටන් ම ඇසෙන මැසිවිල්ලකි. පාඨකයාගේ මෙම අපහසුව මගහැර අවබෝධයට අවස්ථාව ලබා දීමට මෙන් ම දහම කියවීමට යොමු කිරීමක් වශයෙන් ද සිංහල සූත්‍ර පරිවර්තන සරල සංග්‍රහය එළි දැක්විය. පාඨකයා හට මෙම ග්‍රන්ථ පෙළ වඩා පහසුවක් මෙන් ම හොඳ අවබෝධයක් ද එක් කරනු ඇත.    
Rs 1,050.20

Man Bhuridaththa Therunge Charithapadanaya

අති උත්තම ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන්ගේ ආධ්‍යාත්මික චරිතාපදානය - අතිපූජ්‍ය ආචාර්ය මන් භූරිදත්ත මහා තෙරුන් වහන්සේ සමකාලීන තායි බුද්ධාගම තුළ මහාපුරුෂයකු ලෙස නැගී සිටිති. පැවිදි ජීවන මාර්ගය ප‍්‍රගුණ කිරීමේදී හා ශිෂ්‍යයන්ට ධර්මය ඉගැන්වීමේදී පෙන්වූ එඩිතර බව හා අධිෂ්ඨානශීලී බව නිසා උන්වහන්සේ තම ජීවිත කාලය තුළදීම අපරිමිත සම්භාවනාවට සහ ගෞරවයට පාත‍්‍ර වූහ. අපවත් වී ගෙවී ගිය පනස් වසර තුළදී බෞද්ධ ජනතාව අතර  උන්වහන්සේට ලැබී ඇති පූජනීය තත්ත්‍වය බුදුරජාණන් වහන්සේ සත්‍යය සොයා ගිය මගට සමාන්තර බවට පත්වෙමින් තවමත් ජීවමානව පවතී.  මෑත දශක තුළදී තම නිජබිමේ සීමා ඉක්මවා ගිය පිළිගැන්මක් උන්වහන්සේට ලැබුණේ 20 වැනි සියවසේ සම්භාවනීය මහා ධාර්මික පුද්ගලයකු වශයෙනි.
Rs 1,150.00

Sathipattana Vipassanaa Bhawana

සත්‍යය ඔබ ලඟ ම ය. එය බඹයක් පමණ වූ ඔබේ සිරුරෙන් ම අවබෝධ කළ හැකිය.එහෙත් එය අසීරු ය. වෙනත් කිසිවකු විසින් එය ඔබට ප්‍රදානය කළ නො හැකිය.තථාගතයන් වහන්සේට කළ හැක්කේ ද මග කියා දීම පමණෙකි. එය අවබෝධ කරගත යුත්තේ ඔබ ම ය.ඒ නිවැරදි මග නොඅඩු කොට වටහා ගැනීමට අතිපූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ සරල පොත් පෙළ ඔබට උපකාර කරයි.
Rs 600.00

The Explanation Of The Factors Of Enlightenment

The Explanation of The Factors of Enlightenment - An in-depth exploration of the factors of Enlightenment which are 37 in all by one of the leading exponents of Buddhist philosophy in Sinhalese; the book is a translation from the Sinhala original.
Rs 600.00
Out-of-Stock

Satipatthana Vipassana-Savimath Bava Thulin Avabodaya

Out-of-Stock
සතිපට්ඨාන විපස්සනා (සතිමත්බව තුළින් අවබෝධය) -  Satipatthana Vipassana : Insight Through Mindfulness නම් කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙහි විපස්සනා භාවනාව පිළිබද ගැඹුරු කරුණු බොහෝ දෙනාට තේරුම් ගතහැකි ලෙස සරල බසින් ඉතා කෙටියෙන් පැහැදිලි කර ඇත. 

Anapana Sathi Suthraya

ආනාපානසති සූත‍්‍රය - හුස්ම උපයෝගී කරගෙන භාවනාව දියුණු කරගන්නා ආකාරය ආනාපානසති සූත‍්‍ර දේශනයට අනුව මෙහිලා සංග‍්‍රහ කොට ඇත. භාවනාව තුළින් ප‍්‍රතිඵල ලබන ආකාරයත් එහි ඇති සියුම් බවත් විදර්ශනා ඥාණය දක්වා භාවනා ක‍්‍රියාවලිය ක‍්‍රමාණුකූලව දියුණු කරගන්නා ආකාරයත් මින් විස්තර කෙරේ.
Rs 150.00
Out-of-Stock

Sidhartha Gauthama Buddha Charithaya

Out-of-Stock
සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය -   ස්දධාර්ථ ගෞතමයන් වහන්සේගේ පහළ වීම, උන්වහන්සේගේ ජීවන චරිතය හා බුද්ධත්වයට පත්වීම ඇතුළු සියලූ තොරතුරු අඩංගු මෙම බුද්ධ චරිතය, පෙහෙවස් සමාදන් වූ අයට කියවීමට අත්ශයින් සුදුසු අගනා පුස්තකයකි. බුදුන් වහන්සේ සහ බුද්ධ ධර්මය පිළිබඳ වටිනා තොරතුරු රාශියක් විස්තර කරන මෙම ග‍්‍රන්ථය දඹදිව වන්දනා කිරීමට යන අයට වැදගත් ය. දඹදිව වැදගත් සියලූම සිද්ධස්ථාන පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් වේ. 
Out-of-Stock

Rahula Podi Hamuduruwan Samaga Gamanak

Out-of-Stock
''Rahula Leads The Way'' නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයක් වන මෙය කුඩා දරුවන් තුළ බෞද්ධ සාරධර්ම වර්ධනය සදහා ලියැවුනු අගනා ළමා කතන්දර පොතකි. 

Maranaya Me Tharam Ma Sundarada

අජාන් බ්‍රහ්මවංසො හිමියන් විසින් ''One Life, Many Lives'' මැයෙන් පැවැත්වූ දේශනයේ සිංහල පරිවර්තනයයි. අප ජීවත්වන ලෝකයෙහි අපට මුහුණ පාන්නට සිදුවන බැරෑරුම්වූත්, තීරණාත්මකවූත්, අත්දැකීම් වූ මරණය පිළිබදව, බුදු දහමට අනුකූලව පැවැත්වූ මේ දේශනය මරණය කොතරම් විශ්මිත ද කොතරම් සුන්දර දැයි යන හැගීම අපතුළ ජනිත කරයි. මරණය පිළිබද බිය අප තුළින් අතුරුදහන් කරයි.
Rs 150.00

The Buddha’s Path to Deliverance

This classic anthology from the Pali Canon charts the entire course of spiritual development as prescribed in the most ancient Buddhist texts. Drawing upon the Buddha's own words from the Sutta Pitaka, the compiler has arranged them in accordance with two overlapping schemes of practice: the threefold training in virtue, concentration, and wisdom, and the seven stages of purification. The long chapter on concentration provides sutta sources for all the forty classical subjects of meditation, while the chapter on wisdom cites texts relating to the development of insight. 
Rs 250.00

Anagatha Wanshaya Hewath Methe Budu Siritha

අනාගතවංශය හෙවත් මෙතේ බුදුසිරිත - මෛත්‍රිය බුදුන්වහන්සේ පිළිබඳ කතා පුවත ඉදිරිපත් කිරීම මුඛ්‍ය පරමාර්ථය කර ගත් කතුවරයාණන් වහන්සේ සිංහල අනාගත වංශය පාළි භාෂාවෙන් ලියැවුණු අනාගත වංස හා සමන්තභද්‍රිකා යන අටුවා ග්‍රන්ථ මූලාශ්‍ර කරගෙන ලියැවුණකි.
Rs 550.00

The Mirror Of The Dhamma

Our aim in publishing a "Mirror OF Dhamma" is to circulate amongst all interested, an authentic illustration of religious devotion as practised in Sri Lanka, Burma and Siam - lands where pure and practically unadulterated Buddhism of the Theravada or original Teaching yet regins.
Rs 118.00

Visuddhi Margaya

විසුද්ධි මාර්ගය - අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් සම්පාදිත සද්ධර්ම භාණ්ඩාගාරයක් වන මුල් කෘතිය සරලව හා සංක්ෂිප්තව ඉදිරිපත් කොට ඇත.
Rs 900.00

Samanthapasadika Winaya Atta Katha - 2

සමන්තපාසාදිකා විනයට්ඨකථා - 2 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,870.00

The Dhammapada The Buddhas Path of Wisdom

The most beloved Buddhist classic of all time, the Dhammapada is an anthology of over 400 verses on the ethics, meditation, and wisdom of Buddhism. This translation by a long-term student of the work transmits the spirit and content as well as the style of the original. 
Rs 250.00

Bharatha Yogin Saha Isiwarain Samaga 01

භාරත යෝගීන් සහ ඉසිවරයින් සමග - 1 - මෙය කීර්තිමත් බ්‍රිතාන්‍ය ගවේෂක, ලේඛක පොල් බ‍්‍රන්ටන් විසින් ඉකුත් ශත වර්ෂයේ දෙවැනි දශකයේ ඉන්දියාව පුරා සංචාරය කොට පූජණීයත්වය නිසාම රහස්‍යවූ ඉන්දියානු අව්‍යාජ යෝගීන්ගේ හා ඉසිවරයින්ගේ ගුප්ත ජීවිත තුළට කිමිද ගොස් රචිත A Search In secret India නමැති මාහැගි කෘතියේ අසංක්‍ෂිප්ත පරිවර්තනයේ ප‍්‍රථම භාගයයි.
Rs 850.00

Buddha Dharmaya

බුද්ධ ධර්මය - අ.පො.ස. උසස් පෙළ බුද්ධ ධර්මය නව විෂය නිර්දේශය වඩාත් සංකීර්ණ එමෙන්ම ගැඹුරු වූවකි. එහිලා විද්‍යාර්ථීන් මුහුණදෙන අභියෝග රාශියකි. පොතපත විරල වීම හා තිබෙන ග‍්‍රන්ථයන්හි දුරවබෝධ බව හා ව්‍යාකූල බව ඉන් ප‍්‍රධාන වේ. ශාස්ත‍්‍රපති පූජ්‍ය කොස්වත්තේ අරියවිමල හිමියන් විසින් රචිත මෙම කෘතිය මෙකී ගැටලූවලට විසදුමක් ලෙස ඉදිරිපත් වන උත්කෘෂ්ට කෘතියකි.
Rs 1,750.00

Hela Sannaya Sahitha Balawatharaya

බාලාවතාරය - මේ පෙළ පොතෙහිද සූත්‍ර පාඨ කළු අකුරින් යොදා ඇති අතර පාඩම් කිරීමේ පහසුව පිණිස වැකි ගොනුකොට ඇත. සන්නයෙහි දැක්වෙන සිරස්තල පිටු අංක සහිතව පෙළෙහි ද නිසි තැන යොදා ඇත්තේ සන්නයෙහි අදාළ තැන සොයා ගැනීමේ පහසුව පිණිසයි.
Rs 1,340.00

Budu Dahamehi Hadawatha Bhawanawai

බුදු දහමෙහි හදවත භාවනාවයි -  අජාන් බ‍්‍රහ්මවංසො ස්වාමීන් වහන්සේ විසින් කරන ලද දේශන ඇසුරෙන් සම්පාදිත මෙම අගනා කෘතිය තුළින් ඉදිරිපත් කර ඇත්තේ, ප‍්‍රථම ධ්‍යාන තත්ත්වය තෙක් භාවනාව දියුණූ කිරීමේ සත් පියවරකින් යුත් භාවනා ක‍්‍රමයකි. 
Rs 350.00

Bodhi Poojawa

වර්තමානයේ දී බෝධි පූජාවන් පැවැත්වීමට බෞද්ධ සමාජය තුළ ප්‍රධාන තැනක් හිමිව ඇත. එහෙත් නිවැරදිව අවබෝධයෙන් යුක්තව පවත්වන බෝධි පූජාවන් ඉතා අල්පය. මේ ග්‍රන්ථය තුළින් නිවැරදි බෝධි පූජාව පවත්වන්නේ කෙසේද යන්න පිළිබඳවත් බෝධි පූජාව යන්නෙහි නිවැරදි අවබෝධයක් ලබා ගැනුම කළ හැකිය. බෝධි පූජා පැවත්වීම තුළින් ලැබෙන ආනිසංස පිළිබඳව අට්ඨ කථාවන් හි දැක්වෙන කථාවන් ද මෙහි දක්වා ඇති බැවින් අවබෝධයෙන් යුතුව බෝධි පූජාවන් පවත්වන සැදැහෙවතුන්ට මෙය මහෝපකාරී වෙයි.
Rs 270.00

Dhamasanganippakarana Attakatha

පාලියෙන් රචිත අටුවා ග‍්‍රන්ථ සිංහලට පෙරළා සිංහල අටුවා සකස්කොට ඇත. පෙළෙහි ඇති දුගම (අවබෝධයට දුෂ්කර) වචන හා ධර්මයේ ගැඹුරු තැන් පහදා අවැසි තන්හි විස්තරාර්ථ සැපයීම අර්ථ කථාවේ ප‍්‍රමුඛ අභිලාෂයයි. සූත‍්‍ර පිටකයෙහි මූලාශ‍්‍ර ග‍්‍රන්ථ 19 සදහා සුමංගල විිලාසිනී නම් දීඝනිකායට්ඨ කථාවේ පටන් ඛුද්දකනිකායේ චරියාපිටකය අලලා ලියැවුණු පරමත්ථ දීපනී අටුවාව දක්වා මූලික අටුවා 19 ක් හා නෙත්තිප්පකරණ අට්ඨකථා, සුත්ත සංගහ අට්ඨකථා, චතුභාවණවාර අට්ඨකථා යන අතිරේක අට්ඨකථා සමග අටුවා 22 කුත්, විනය පිටකය සදහා සමන්තපාසාදිකා හා කඬඛාවිතාරණී නම් අර්ථ කථා 2 කුත් අභිධර්ම පිටකය සදහා අත්ථසාලිණී, සම්මොහවිනෝදනී, පඤ්චප්පකරණ වශයෙන් අර්ථ කථා 3 කුත් සමස්ථ ත‍්‍රිපිටකය වෙනුවෙන්ම ලියැවුණු බවට සැළකිය හැකි විශුද්ධි මාර්ගය සමගින් ග‍්‍රන්ථ 28 කින් සිංහල අටුවාව සංගෘහිතය කොටස් වශයෙන් ගත් කළ වෙළුම් 49 ක් දක්වා විහිදේ.
Rs 1,940.00

Sithata Badha Karana Panchaneewarana saha ewa jayaganna hati

සිතට බාධා කරන පඤ්චනීවරණ සහ ඒවා ජයගන්නා හැටි පිළිබද පාලි ත‍්‍රිපිටකයෙන් සහ අටුවා කථාවන්ගෙන් උපුටාගත් කොටස් සහ ඒ ගැන අර්ථ විවරණයන්ගෙන් සැදුම්ලත් කෘතියකි. 
Rs 160.00

Wichithra Deshana

විචිත්‍ර දේශනා - බුදු බව ප්‍රාර්ථනා කළ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පැරිසියේදී පැවැත්වූ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා සංග්‍රහ කොට මේ අනර්ඝ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.
Rs 590.00

Widarshana Margaya - 1

විදර්ශනා මාර්ගය - 1 - බුදුන්වහන්සේ වදාළ නිර්වානගාමී භාවනා ප්‍රතිපදාව වේ.
Rs 2,000.00