Best sellers

-10%

Niwan Dakeema

පූජ්‍යපාද ගෝනදෙණියේ විමලජෝති ස්වාමිද්‍රයානන් වහන්සේ විසින් රචනා කරන ලද නිවන් දැකීම නම් මෙම ග්‍රන්ථය තුළින් මගඵල පිළිබදවත් රාගාදී අකුසලයන්ගෙන් නිදහස්ව දුක් දොම්නස් සුසුම් හෙළීම් නිවා දමා ක්ෂාන්තියට පත්වීම අරමුණු කර ගෙන දහම් මග වැඩිය යුතු අකාරය පිළිබදවත් කරුණු පෙන්වා දෙනු ලබයි.
Rs 225.00
Rs 250.00
-10%

Lovehei Uthumma Katha

'ලොවෙහි උතුම්ම කත' යන මෙම කෘතිය දෙනගම සිරිවර්ධන මහතා විසින් රචනා කර ඇති අතර බෞද්ධ කාන්තා වංශයේ විශිෂ්ටතම ආදර්ශමත් චරිතය වන යසෝදරවන්ගේ කථා පුවත  මෙම කෘතියෙන්  ඉදිරිපත් වෙයි.
වල්මත් වූ වර්තමාන ලාංකික වනිතාවන්ට මේ උත්තම යශෝධරා චරිතය අඳුරින් එළියට එන්නට හෙළන ආලෝක දහරාවක් වනු නොඅනුමානය.
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock

Sathara Paramartha Sahitha Buddha Dharmaya

Out-of-Stock
'සතර පරමාර්ථ සහිත බුද්ධ ධර්මය' යන මෙම කෘතිය මගින්  අභිධර්මයෙහි මූලික ඉගැන්වීම් වන චිත්ත, චෛතසික, රූප සහ නිර්වාණ යන සතර පරමාර්ථයන් මෙහි විස්තර කර ඇත්තේ ඒවාට අදාළ සූක්ෂම මනෝ විද්‍යාත්මක අංශයන් නිදසුන් මගින් හැකි තරම් සරල ව ඉදිරිපත් කිරීමෙනි. ඒවා මෙ තරම් සරල ව සිංහලෙන් විස්තර කර ඇති වෙනත් තැනක් නැති තරම් ය. බොහෝ දෙනෙකුට මේවා ඉගෙනීමට ඇති පසුබැස්ම ජය ගනිමින් උද්‍යෝගීමත් ව ඒවා හැදෑරීමට ඔවුන් පෙළඹවීමට මෙම විස්තර සමත් වනු නොඅනු මානය.
Rs 270.00
Rs 300.00
-10%

Aranaka Nivena Sitha

 "අරණක නිවෙන සිත" නැමති මෙම කෘතිය මානසික දියුණුව උදෙසා අරණ්‍යගත භාවනාවේ ඇති වටිනාකම විවරණය කරන අතර  ධර්මාවබෝධය උදෙසා වෙරදරන සිව්වණක් පිරිසට ම අතිශය ප්‍රයෝජනවත් වන්නකි.
Rs 2,250.00
Rs 2,500.00
On sale!-Rs 6,640.00Pack

Vinaya Pitakaya - 09 Complete Set of Books

විනය පිටකය තුළ බුදුන් වහන්සේ විසින් සංඝයාට දේශනා කර දෙන ලද සංඝාධිපති නීති, සම්ප්‍රදායන් සහ පටිමොක්ඛ නියමයන් ඇතුළත් වේ. මෙය බෞද්ධ භික්ෂු භික්ෂුණි වෘත්තීන්ට අනුගමනය කළ යුතු ආචාර විධි සහ නීති ගොඩනගන පිටකයයි.විනය පිටකය ග්‍රන්ථ 9කින් යුක්ත වන අතර මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතුය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්‍යය කරන්නා වූ සියල්ලන්ටම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂයයි. ලෝ වටා සිටින සියල්ලන්ටම ත්‍රිපිටකය පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය වන අපගේ එක් පියවරකි.
Rs 14,550.00
Rs 21,190.00
-10%

Anjanam Puranaya

රසිකා ඔලබොඩුව ගේ අංජනම් පුරාණය නමැති මෙම කෘතිය  අනාදිමත් කාලයක සිට සිංහල ජනයා අතර ප්‍රචලිත අභිචාර විධික්‍රමයක් පිළිබද කෙරෙන සන්නිවේදනාත්මක අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙ හැදින්විය හැකි අතර මෙම කෘතිය තුළින් ක්ෂේත්‍රය පිළිබද ව අධ්‍යනය කරන විද්‍යාර්ථයින්ගේ මෙන්ම සාමාන්‍ය පාඨකයින්ගේ ද ශාස්ත්‍රීය කුතුහලය වර්ධනය කරණු නොඅනු මානය.
Rs 157.50
Rs 175.00
-10%

Arya ashtangika margaya duka niveeme maga

සංස්කාරකගේ පෙරවදන
බුදුරදුන් වදාළ ධර්මය ප්‍රධාන මූලධර්ම දෙකක් මතමධ්‍යගත වන බව පූජ්‍ය බෝධි හිමියෝ පැහැදිලි කරති. ඉන් ප්‍රධාන මූලධර්මය වන්නේ චතුරාර්ය සත්‍යය නමින් හැඳින් වෙන ආර්ය සත්‍ය සතරයි. එම මුලධර්මය මගින් නොකඩවාම පවතින දුක පිළිබඳ ප්‍රශ්නය හඳුනාගනු ලබන අතර, ඊට පිළියම් ද සොයාගනු ලැබේ. දෙවන මුලධර්මය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉන් පැහැදිලි කරනුයේ දුක පිටු දැකීම හෙවත් නිවන අත්කරගනු සඳහා අනුගමනය කළ යුතු ආර්ය මාර්ගයයි. ආර්ය මාර්ගයෙහි මාර්ග අංග අට සහ එහි කොටස්වල සුසංයෝගය ගැඹුරින් අර්ථ කථනය කිරීම මෙම අගනා ග්‍රන්ථයෙහි අරමුණයි. මෙය කියවන පාඨකයන්ට බුදු දහමෙහි හරය පිළිබඳව මෙතෙක් දැක නැති අලුත් දැක්මක් අත්විඳීමට හැකි වෙයි.
Rs 126.00
Rs 140.00
-10%

Sathuta Genadena Piyawara Ata

බුදුන් වහන්සේ ඉදිරිපත් කළ ඉතා ගැඹුරු ඉගැන්වීමක් වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය, ගුණරතන හාමුදුරුවන් විමසා බලන්නේ දැඩි වෙහෙසක් දරමිනි. ගුරුවරුන්ගේත් ගුරුවරයකු ලෙස ප්‍රකට උන්වහන්සේ, සිහිය දියුණු කරගැනීම පිළිබඳව ලබා දෙන්නේ සරල, පරිපූර්ණ, සුවිශේෂ උපදෙසකි. එකිනෙකක් ආර්ය සත්‍යයක් පුහුණුව හා සම්බන්ධ පැහැදිලි, සුව්ශේෂ යෝජනා සමඟ බැදුණු අරුත්බර නිදසුන් ගලපමින් ඉදිරිපත් කෙරෙන මේ පොත තෘප්තිමත් භාවය අත්පත් කරගැනීමට බුදුන් වහන්සේ පෙන්වා වදාළ මාර්ගය කෙරෙහි උනන්දුවක් දක්වන කාටත් ආශිර්වාදයකි.
Rs 1,323.00
Rs 1,470.00
-10%

Nikotin Lolithvaya Suvakirime Pahasu Maga

වෛද්‍ය නිලධාරී ධනුෂ්ක දිසානායක මහතාට ඔහුගේ අපූර්වතම නිර්මාණය උදෙසා සුභාශිංසනය කරමි. ශ්‍රී ලංකා යුධ හමුදාවේ මනෝ වෛද්‍ය විශේෂඥයකු ලෙස මෙම කෘතියේ අන්තර්ගතය නිකොටින් උගුලට හසු වූ පාඨකයන්ට ඉන් අත්මිදීම සඳහා ඉවහල් වන පෙර නොඇසූ නොවිරූ දැනුම් සම්භාරයක් ලබාදෙන බව ප්‍රකාශ කරමි. එය නිකොටින් මත තම ජීවිතය රඳා නොපවත්වන පුද්ගලයෙකු බිහි කිරීමට අවශ්‍ය මානසික පසුබිම ගොඩනගයි.
Rs 495.00
Rs 550.00
-10%Out-of-Stock

Adahili Ha Wishwasa

Out-of-Stock
ශ්‍රී ලාංකික ජන සමාජයේ අතීතයේ පැවති ඇදහිලි සහ විශ්වාස ගැන බොහෝ විස්තර ඇතුළත් මෙම කෘතියෙන් ඒ පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරන පාසල් සිසුන්ටත්, විශ්වවිද්‍යාල සිසුන්ටත්, ගුරු මහත්ම මහත්මාදීන්ටත්, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අනෙකුත් පාඨකයින්ටත් ඉමහත් ප්‍රයෝජනයක් ලබා ගත හැකි වනු ඇත. 
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Saddharmapundarika Sutraya

Out-of-Stock
මහායාන නවධර්ම ග්‍රන්ථ අතුරින් චීන - ජපාන - නේපාලාදි දේශයන්හි අතිමහත් සම්භාවනාවට පාත්‍ර වී ඇති කෘතිය නම් සද්ධර්ම පුණ්ඩරික - සූත්‍රය යි. පරිවර්ත නමින් හැඳින් වෙන පරිච්ජේද 27කින් හෙබි එහි පස්වැන්න වන ඕෂධී පරිවර්තයට පූජ්‍ය ලේල් වල අරීය ධම්ම හිමියන් සපයා ඇති සිංහල පරිවර්තනය මා දන්නා තරමින් එවන් කෘතියක් ඇසුරින් සම්පාදනය වී ඇති ප්‍රශස්තතම සංස්කරණය යි. ඕෂධී සම්බන්ධ උපමා ආශ්‍රයෙන් බුදුන් වදාළ ධර්මය අන්තර්ගත හෙයින් එනමින් හැඳින්වෙන මෙම පරිවර්තය ඇතැම් විශ්ව විද්‍යාල වල බෞද්ධ ධර්ම සාහිත්‍යය සඳහා නිර්දිෂ්ට ව ඇත. බැලූ බැල්මට ම පූජ්‍ය ලේල් වල හිමියන් ගේ මෙම පරිවර්තනය, වයසින් යොවුන් වුව ද ශාස්ත්‍රීය ඥානයෙන් මුහුකුරා - ගිය, අනාගත පිරිපුන් පඬිවර අංකුරයක ව්‍යායාමයක් බව ප්‍රකට කරයි. ස්වකීය පරිවර්තනයට එහිමියන් සපයා ඇති දීර්ඝ ප්‍රස්තාවනාව සම්‍යක් සම්බුද්ධත්වය, සර්වඥතා ඥානය, ශූන්‍යතාව, නිර්වාණය හා නිවෘතිය, ෂඩ්ගතික සත්ත්ව භව, තථාගතඋපාය-කෞශල්‍ය ඥානය, බෝධි චිත්තය ආදි ධර්ම සංකල්ප අන්තර්ගතඕෂධී පරිවර්තය. බඳුන් කොට ඇති ව්‍යක්ත විවරණයත්, බෞද්ධ මිශ්‍ර සංස්කෘතය පිළිබඳ නිදසුන් සහිතව සිදු කොට ඇති අංග සම්පූර්ණ සාකච්ඡාවන් කෘතියේ අගය නංවා - ලයි. බෞද්ධ මිශ්‍ර සංස්කෘතයේ සෑම පැතිකඩක් ම අලළා කැර ඇති එම විවරණය මෙතෙක් ඒ පිළිබඳ ව සිංහලයෙන් ලියැ වී ඇති ඉතාමත් පරිපූර්ණ විස්තරය බව නොපැකිළ ව පවසමි. එසේ ම, ව්‍යක්ත සිංහලයෙන් සිදු කොට ඇති තමන් ගේ මෙම පරිවර්තනයේ විශ්වසනීය භාවය තහවුරු කිරීම සඳහා, එහිමියෝ මෙතෙක් පළ වී ඇති වෙනත් පරිවර්තන දෙකක් සමග එය සංසන්දනය කැර - පෙන්වති. මෙවන් හරබර ශාස්ත්‍රීය ව්‍යායාම යුගයේ අවශ්‍යතාවකි. බෞද්ධ සංස්කෘතසාහිත්‍යය හදාරන සියලු ම විද‍්‍යාර්ථින් මෙය අනිවාර්යයෙන් කියැවිය යුතු ග්‍රන්ථයක් බව ප්‍රකාශ කරන අතර ම, මෙවන් ශාස්ත්‍රීය කටයුතු ඉදිරියටත් කැරගෙන යාමට පූජ්‍ය ලේල්වල අරීයධම්ම හිමියනට ශක්තියත්, ධෛර්යයත් ලැබේ වා යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.
මහාචාර්ය වෝල්ටර් මාරසිංහ
Rs 450.00
Rs 500.00