Books

-10%Out-of-Stock

Mala Giya Aththo Kiyaveema

Out-of-Stock
මළ ගිය ඇත්තෝ කියවීම - මළ ගිය ඇත්තෝ සැබවින් ම රමණීය ගද්‍ය කාව්‍යයකි. එය නූතන සිංහල නවකතා ක්ෂේත්‍රය සුගන්ධවත් කළ පුෂ්පයක් වැන්න. මේ නවකතාව පළ වී කාලයක් ගත වී ඇති නමුත් නූතන පාඨකයෙකුට ද එය කියවීමෙන් නැවුම් ආස්වාදයක් විඳින්නට හැකි ය. මළ ගිය ඇත්තෝ කියවීමෙන් ලත් ප්‍රහර්ෂයෙන්; එය කියවීමට - අධ්‍යනයට මඟ පෙන්වීමක් ලෙසින් මේ කෘතිය රචනා කර ඇත.
Rs 162.00
Rs 180.00
-10%

Bauddha Puja Charithra Ha Sahithya

බෞද්ධ පුජා චාරිත්‍ර හා සාහිත්‍යය - විමල් හේවා මානගේ මහතා විසින් සම්පාදිත මෙම කෘතියෙහි මුල් බුදු සමයේ පූජා චාරිත්‍ර සම්බන්ධයෙන් පැවති  තත්තවයන් පසු ව විවිධ බලපෑම් සහිත ව ඒවා විකාසනය වීමත් පිළිබඳ විචාරත්මක ලෙස සාකච්ඡා වී ඇත.
Rs 212.40
Rs 236.00
-10%

Kaika Manasika Suvaya Sadaha Yanthra Manthra Bavithaya

කායික මානසික සුවය සඳහා යන්ත්‍ර මන්ත්‍ර භාවිතය - උඩරට නර්තනය පිළිබඳ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රථම හා එක ම ජ්‍යෙෂ්ඨ මහාචාර්‍යවරයා වන මුදියන්සේ දිසානායකයන් විසින් රචිත කායික මානසික සුවය සඳහා යන්ත්‍ර මන්ත්‍ර භාවිතය නම් වූ මෙම කෘතිය භාරතයේ හින්දු ආගම හා බැඳී යෝගී භාවනා, යන්ත්‍ර මන්ත්‍ර සහ ශ්‍රී ලංකාවේ ඉතා දුලබ යන්ත්‍ර මන්ත්‍ර හා එහි භාවිතය පිළිබඳ විස්තර විවරණය කෙරෙන්නෙකි.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Manasika Athathiya Palanayata Bauddha Upadeshanaya

Out-of-Stock
මානසික ආතතිය පාලනයට බෞද්ධ උපදේශනය - මිනිස් ඉතිහාසයේ වෙන කවරදාකටත් වඩා වත්මන් සමාජය සංකීර්ණත්වයට පත් ව ඇතිවා පමණක් නො ව මිනිසා ද අතිශය කාර්‍යබහුලත්වයට පත් ව ඇත. මේ නිසා මානසික අවිවේකය ප්‍රබල සමාජ ගැටලුවක් බවට පත් වී තිබේ. සරල හා සාමකාමී දිවි පැවැත්ම අගයන, ඒ සඳහා මැනවින් මාර්ගෝපදේශනය ලබා දෙන බුදුදහම වැනි ආගමික ඉගැන්වීමකින් ලැබෙන පිටුබලය අතිශය වැදගත් ය. එබැවින් උණපාන පේමනන්ද හිමියන් විසින් රචිත මෙම පර්‍යේෂණ ග්‍රන්ථය වත්මන් පුද්ගල හා සමාජ ජීවිතයට මග පෙන්වීමක් මෙන් ම ශක්තිය්ක් ලබා දෙන ග්‍රන්ථයක් ලෙස හැඳින්විය හැකිය. 
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

Manasika Gatalu Saha Samaja Gatalu

Out-of-Stock
මානසික ගැටළු සහ සමාජ ගැටළු - මෙම කෘතියෙන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වන්නේ පුද්ග්ලයන්ගේ මනසෙහි ස්වභාවය පිළිබඳ පර්‍යේෂණ කිරීමයි. එමෙන් ම ඒ හේතුවෙන් ඇතිවන මානසික සහ සමාජ ගැටලු පිළිබඳව විමර්ෂණයට භාජනය කිරීමය.
Rs 202.50
Rs 225.00
-10%Out-of-Stock

Bandara Devivaru

Out-of-Stock
බණ්ඩාර දෙවිවරු - ලක්දිව පුරා විසිරී සිටින බණ්ඩාර දෙවිවරුන් පිළිබඳ මුල්වරට සමස්ත එකතුවක් දක්නට ලැබෙන මෙම කෘතිය ඒ පිළිබඳ වැඩිදුරටත් පර්‍යේෂණ කරන විද්‍යාර්ථියන්ට කදිම මග පෙන්වීමක් ලබාදෙන කෘතියක් ලෙස හැඳින්විය හැකිය.
Rs 450.00
Rs 500.00
-10%Out-of-Stock

Shanthikarma Sahithye Bauddhagamika Muhunuvara

Out-of-Stock
ශාන්තිකර්ම සාහිත්‍යයේ බෞද්ධාගමික මුහුණුවර - දශක තුනකට ආසන්න කාලයක් ප්‍රාසංගික වේදිකාවේ ස්වකීය දක්ෂතා ප්‍රයෝගිකව එළිදක්වා තමා සේවිත කලා ප්‍රකාරය ඇතැඹුලක් සේ ප්‍රගුණ කර ඇති බව සකලවිධ ප්‍රේක්ෂකයින් හමුවේ සපථ කළ සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය ආචාර්‍ය නිෂාදී රත්නාවලී ස්වකීය අත්දැක්කිම් පරිකල්පනය හා පොත පත පරිශීලනය කිරීමෙන් ලත් දැනුම මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇත.
Rs 902.70
Rs 1,003.00
-10%Out-of-Stock

Navakatha Wivaranaya

Out-of-Stock
නවකතා විවරණය - ලෝක සාහිත්‍යයෙහි දියුණු වූ නව්‍ය අංගයක් බවට පත් නවකතාව පිළිබඳ පුළුල් අවබෝධයක් ඇතිව සරත්චන්ද්‍ර වික්‍රමසූරිය මහතුන් විසින් සපයන ලද මෙම ග්‍රන්ථය ඉතා කාලෝචිත වූ සාහිත්‍ය සංග්‍රහයකි. ඉංග්‍රීසි ආදී භාෂාවන්ගෙන් දක්නා සුප්‍රසිද්ධ නවකතාවන්ගේ තතු විචාරපූර්වකව පාඨකයා වෙත ඉදිරිපත් කරන අයුරු මනහරය. විචාරාක්ෂියෙන් සිංහල නවකතාව සමීක්ෂණය කොට මෙම ග්‍රන්ථය සපයා තිබීම සඳහන් කළයුතු විශේෂ ලක්ෂණයකි. දිනෙන් දින සංඛ්‍යාවෙන් වැඩී යන සාහිත්‍ය විචාරකයන්ගේ ප්‍රමෝදය පිණිස මෙම කෘතිය හේතුවනු නොඅනුමානය.
Rs 585.00
Rs 650.00
-10%Out-of-Stock

Mul Budusamayen Iganvena Papa Sankalpa

Out-of-Stock
මුල් බුදුසමයෙන් ඉගැන්වෙන පාප සංකල්පය - මෙම ග්‍රන්ථය උසස් අධ්‍යාපනය ලබන්නන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙන් ම පොදුවේ බොදු ජනතාවට මහෝපකාරී වනු ඇත.
Rs 675.00
Rs 750.00
-10%Out-of-Stock

Yuga Diviye Arumaya

Out-of-Stock
යුග දිවියේ අරුමය - ප්‍රවීණ ලේඛක නෙල්සන් වීරසිංහ මහතා විසින් ලියන ලද "යුග දිවියේ අරුමය" නැමැති නිර්මාණය ද ඔහුගේ අනෙකුත් ග්‍රන්ථ මෙන්ම කාලීන වැදගත්කමක් ඇති ග්‍රන්ථයක් ලෙසට හැදින්විය හැකිය. අත්දැකීම් ද ග්‍රන්ථාගත විද්වද් අදහස්වලින් ද එය පෝෂණය වී ඇත. වත්මනෙහි බහුතර යෞවන යෞවනියෝ හුදු රාග නිශ්‍රිත මනෝභාවයන්ට වහල් වී අතිනත ගනිති. "සතුට ද නෙලාගත් සවිය පරවෙන මලක් බඳුය" යන චීන කියමන් සනාථ වෙන සේ, ඇතැමුන් රාගික මනෝභාවයන් ඉටු කර ගත් විගස යුග දිවිය නිමා කර ගනිති. මෙම අධ්‍යතන ඛේදවාචකයට කදිම විසඳුමක් මෙම ග්‍රන්ථයෙන් ගෙන හැර දැක්වූ කරුණු අනුසාරයෙන් පාඨකයාට ළඟාකර ගත හැකිය. 
Rs 891.00
Rs 990.00
-10%

Singhala Nama Padayehi Ithihasaya

සිංහල නාම පදයෙහි ඉතිහාසය - මෙම කෘතිය පරිහරණය කිරීමෙන් නාම ප්‍රකෘති ප්‍රත්‍යය ගැන්වීමේ දී බලපාන ශබ්ද හා වාග්විද්‍යාත්මක කරුණු, අර්ථාන්විත හා ව්‍යාකරණ ලිංගභේදය වැනි විස්තර මෙන් ම ප්‍රමාණවත් තරමින් කාරක විභාග ලක්ෂණ ද පද විභාගය සඳහා අදාළ අර්ථ විචාරාත්මක කරුණු ද ලබා ගත හැකි වෙයි. 
Rs 540.00
Rs 600.00
-10%Out-of-Stock

Drushtivada Wicharaya Ha Bauddha Darshanaya

Out-of-Stock
දෘෂ්ටිවාද විචාරය හා බෞද්ධ දර්ශනය - මෙම කෘතියෙහි ඇති විශේෂත්වය නම් එකල භාරතීය දර්ශනවාද අතර බුදුසමයේ ස්වරූපය තුලනාත්මකව පැහැදිලි කිරීමට අමතරව බටහිර චින්තනය හා සම්බන්ධ ග්‍රීක, මධ්‍යතන යුගයේ චින්තා ආදී එම චින්තනයේ සෑම අංශයක් ම පාහෙ බුදුදහම හා තුලනාත්මක විග්‍රහ කොට තිබීම යි.
Rs 1,125.00
Rs 1,250.00
-10%

Budurajanan Wahansege Deshana Asurin Wathman Samajathathvaya Pilibanda Wimasumak

බුදුරජාණන් වහනසේගේ දේශනා ඇසුරින්  වත්මන් සමාජතත්ත්වය පිළිබඳ විමසුමක් - බුදුදමෙහි යථාර්ථය හා සමාජමය දුර්මත ප්‍රකට කරමින් පොදුජනතාවට බෞද්ධ ප්‍රථිපදාවන් හඳුන්වා දීම සඳහා මෙම කෘතිය සම්පාදනය කර ඇත.
Rs 382.50
Rs 425.00
-10%Out-of-Stock

Wava Ha Sanskruthiya

Out-of-Stock
වැව හා සංස්කෘතිය - සාම්ප්‍රදායික වැව් ගම්මාන වැසියන්ගේ වැව හා බැඳුණු ජනශ්‍රැති අත්දැකීම් විමර්ශනයකි.
Rs 180.00
Rs 200.00
-10%

Bauddha Punyanumodana Ha Samayika Wivarana

බෞද්ධ පුණ්‍යානුමෝදනා හා සාමයික විවරණ - අනුමෝදනා සංකල්පය ථෙරවාද, මහායාන සහ තන්ත්‍රයාන ඉගැන්වීම් පදනම් කරගෙන එහි ව්‍යාප්තියේ ස්වභාවයත් බෞද්ධ පුණ්‍යානුමෝදනා සංකල්පය වෙනත් ආගමික සම්ප්‍රදායන් සමඟ තුලනය කිරීමත් මෙහි අන්තර්ගත ය. කතුවරයාගේ මෙම ග්‍රන්ථය ආධුනිකයන්ට මෙන්ම ප්‍රවීණයන්ට ද ඵලදායක සම්ප්‍රදානයක් බව නිසැකය. 
Rs 315.00
Rs 350.00
-10%Out-of-Stock

Uthuru Bududahama

Out-of-Stock
උතුරු බුදුදහම - මෙම ග්‍රන්ථය විශ්වවිද්‍යාල බඳු උසස් අධ්‍යාපන ආයතනයන්හි විශේෂයෙන් සිංහල බසින් මෙම විෂය හදාරන විද්‍යාර්ථින්ටත්, අවිශේෂයෙන් සෙසු පාඨකයන්ටත්, මෙම ග්‍රන්ථය මහඟු අත්වැලක් වනු නොඅනුමා ය.
Rs 495.00
Rs 550.00
-10%

Bhasha Prabedha

භාෂා ප්‍රභේද - මෙම කෘතියෙහි අන්තර්ගත වන්නේ ජීව භාෂා, මෘත භාෂා, සම්භාව්‍ය භාෂා, පිජින් භාෂා, ක්‍රියෝල භාෂා සහ කෘතීම භාෂා පිළිබඳ විග්‍රහ කිහිපයකි. ඒ ඒ භාෂා ප්‍රභේදය හඳුනා ගැනීම, එම භාෂා ප්‍රභේදයට පාදක වන පරිසරය සාකච්ඡා කිරීම සහ ඒ පිළිබඳ වර්තමාන කතිකාව යන අංශත්‍රයට මෙහි දී අවධානය යොමු කරන ලදී. 
Rs 360.00
Rs 400.00
-10%

Bhashee Sannivedanaya Arthavicharaya Ha Upayogitha Wicharaya

භාෂී සන්නිවේදනය අර්ථවිචාරය හා උපයෝගිතා විචාරය - සේවාර්ජිත මහාචාර්‍ය විමල් ජී. බලගල්ලේ සූරීන්ගේ භාෂී සන්නිවේදනය, අර්ථවිචාරය හා උපයෝගිතාවිචාරය මේ විෂයක්ෂේත්‍ර ද්වයය අළලා සිංහලයෙන් සම්පාදිත ප්‍රථම කෘතිය වේ. එය වාග්විද්‍යාව නම් නූතන ඥානයෙහි මෙන්ම සාම්ප්‍රදායික භාෂාධ්‍යයන ශික්ෂණයෙහි ද සංකලනයෙහි ප්‍රතිඵලයකි.
Rs 315.00
Rs 350.00
-10%

Singhala Akshara Malava

සිංහල අක්ෂර මාලාව - මෙම අධ්‍යනයෙහි සුවිශේෂතාව වන්නේ 'සිංහල අක්ෂර මාලාව' ගැන මෙතෙක් පළ වී ඇති සියලු මතවාද එනම්, සිදත්සඟරා හෝඩියේ සිට වදන්කවි පොතේ හෝඩිය හරහා වර්තමාන අවධියෙහි මැන්දිස් ගුණසේකර, කුමාරතුංග මුනිදාස, ජාතික අධ්‍යාපාන ආයතනය, ජේ. බී. දිසානයක හා අජිත් තිලකසේන ආදීන් ඉදිරිපත් කරන සියලු අදහස් විධිමත් ව විමසා බැලීම ය. එසේ ම භාෂා නවීකරණය සඳහා අලුතෙන් එකතු කළ යුතු අක්ෂර ගැනත් සාකච්ඡා කොට තිබේ. මෙනයින් බලන විට මෙම විෂය පිළිබඳ අත තෙක් පළ වී ඇති සර්ව සම්පූර්ණ කෘතිය මෙය බව මගේ හැඟීමයි.
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Saddharmapundareeka Suthraya

Out-of-Stock
සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය - මෙම පර්‍යේෂණය කොටස් දෙකකින් සමන්විතය. පළමුවැනි කොටසේදී මුල් බුදු සමයේ එන බීජයන් තුළින් ම මහායානයේ ප්‍රභවය සිදු වූ ආකාරය පිළිබඳ විවරණයක් දැක්වෙන අතර ද්විතීය ධර්මසංගීතියෙන් පසු බිහි වූ ප්‍රතිසංස්කරණවාද ගැන සාකච්ඡාවක් ද එහි ඇතුළත් වෙයි. චතුර්විධ බෞද්ධ දර්ශන සම්ප්‍රදායයන්ගේ ප්‍රභවය හා විකාසය සම්බන්ධව සංක්ෂිප්ත හැඳින්වීමක් ද මෙහි දී ඉදිරිපත් කරන ලදී. අනතුරුව කෙරෙන විස්තරය සම්පූර්ණයෙන් ම සූත්‍ර අධ්‍යනය සඳහා වෙන් වෙයි. එහි සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය පිළිබඳව කෙටි විවරණයක් හා ඒ තුළින් පිළිබිඹු වන මහායාන ධර්මය ගැන තුලනාත්මක විග්‍රහයක් ඇතුළත්ව ඇත.
Rs 855.00
Rs 950.00
-10%

Agame Sambhavaya Ha Vikashanaya Pilibanda Wimasumak

ආගමේ සම්භවය හා විකාශනය පිළිබඳ විමසුමක් - මෙම කෘතිය නියම විද්වතාණ කෙනෙකුගේ නිර්මාණයකි. ආගම් පිළිබඳව හරවත් උනන්දුවක් දක්වන උගතුනට ද සාමාන්‍ය පාඨකයාට ද මේ කෘතිය නව අත්දැකීමක් වනු නොඅනුමාන ය.
Rs 405.00
Rs 450.00