Books

-10%

Lassanata Kama Kamu

ලස්සනට කෑම කමු - අපට ආහාර පාන නැතිව ජීවත් විය නොහැකිය. රසට ගුණට උයන කෑම ලස්සනට කන හැටි බුදු දහම අපට කියා දෙයි. මේ පොත කියවා බලා ඔබේ ජීවිතයත් ලස්සන කරගන්න.
Rs 108.00
Rs 120.00
-10%

Kiri Dath

කිරි දත්
Rs 360.00
Rs 400.00
-10%

Aluth Andare

අලුත් අන්දරේ
Rs 135.00
Rs 150.00
-10%Out-of-Stock

Mee Mithuro

Out-of-Stock
මී මිතුරෝ - කතාව සරල භාෂාවකින් රචිතය. මේ ග්‍රන්ථය චානජ යටත්තාවලගේ මනරම් සිතුවම් හතරකින් අලංකාර වී ඇත. මෙය කුඩා දරු දැරියන්ට රසවත් ළමා කතාවක් වනු ඇතැයි කිව හැක.
Rs 90.00
Rs 100.00
-10%Out-of-Stock

Punchi Ayata Avurudu Sirith

Out-of-Stock
පුංචි අයට අවුරුදු සිරිත් - පුංචිම අයට අපෙන් ගිළිහී යන සාරධර්ම සිරිත් විරිත්, කුඩා කල සිටම හුරුකරවීම, හඳුන්වාදීම වැඩිහිටි අපේ විශාල වගකීමක්. හෙට වැඩිහිටියන් බවට පත් වන කුඩා දරු පරපුර යහමග යැවීමට අපේ පැරණි සාරධර්ම කියාදීම විශාල පිටුවහලක්. විශේෂයෙන් සිංහල අලුත් අවුරුද්ද අපට විශේෂ වැදග්තකමකින් යුත් උත්සවයක්. ඒ උත්සවයේ අපටම ආවේණික වූ සිරිත් විරිත් රාශියක් තිබෙනවා. මේවා දැන්මම අපේ කුඩාවුනට කියා දීම, හුරුකරවීම, අපේ වගකීමක්. මේ කාරණය උදෙසාම පුංචි උන් සඳහාම "පුංචි අයට අවුරුදු සිරිත්" නැමති මේ කුඩා පොත ලියා පළ කළෙමු.
Rs 90.00
Rs 100.00
-10%

Ape Budu Hamuduruvo

අපේ බුදු හාමුදුරුවෝ 
Rs 225.00
Rs 250.00
-10%

Bilidu Ithihasaya

බිළිදු ඉතිහාසය  
Rs 90.00
Rs 100.00
-10%Out-of-Stock

Lama Apata Dhammapadaya

Out-of-Stock
ළමා අපට ධම්මපදය - දියුණුව පතන ඕනෑම කෙනෙකුට ඒ සඳහා ලබාගත හැකි වටිනා මාර්ගෝපදෙශනයත්, ඊට විරුද්ධව මතු වන චෛතසික හා බාහිර අභියෝග ජයගෙන ඉදිරියට යෑමේ ජය මඟත් උගත හැකි වන්නේ ධම්මපදයෙනි. ඒ ජය මඟට පහන් ටැම් නඟන අයුරින් කතුවරයා ඉතා කෙටියෙන් ඉතා සරල ව තමාට ම පාරදෘශ්‍ය වන අයුරින් මෙහි ගාථා විවරණය කර ඇති බව සඳහන් කළ යුතු ය. පසුබසින කෙනෙකුට ඉදිරියට යෑමේ ධෛර්‍යයත් ඉඳුරන් පිනවීමෙහි ගිජු ව අසරණ වූ කෙනෙකුට නැඟී සිටීමේ වීර්‍යයෙන් ලද හැකි ජය පැන් පානයත් අඳුරේ සිටින කෙනෙකුට ආලෝකය කරා දිවෙන මාර්ගයත් තෘෂ්ණා මල පුඬුවේ අසු වී දුක් කඳුළු හෙළන කෙනෙකුට ඉන් මිදී ලොවුතුරු නිදහස් සුවය විඳින අයුරුත් කතුවරයා මෙහි ගී බසින් පෙළ ගස්වා ඇත්තේ ළමා පෙළට ආස්වාදනීය ආකාරයෙනි. 
Rs 1,323.00
Rs 1,470.00
-10%

Lokopakaraya

ලෝකෝපකාරය - උපදේශාත්මක කාව්‍යයට සාහිත්‍යයෙහි විශේෂ තැනක් හිමි වී ඇත. සංස්කෘත සාහිත්‍යයෙහි පංච තන්ත්‍රය, හිතෝපදේශය, ව්‍යාසකාරය, නීතී ශතකය, ප්‍රත්‍ය ශතකය ආදී උපදේශාත්මක කාව්‍යයෝ බෙහෙවින් අගය කරනු ලබති. සිංහලයෙහි ද උපදේශාත්මක කාව්‍යාවලියක් ඇත. ලෝවැඩ සඟරාව, ලෝකෝපකාරය හා සුභාෂිතය ඉන් මුල් තැන් ගනී. මේ සිංහල උපදේශාත්මක කාව්‍ය අතුරින් දීර්ඝතම කාව්‍යය වනුයේ ලෝකෝපකාරය යි.
Rs 288.00
Rs 320.00
-10%

Lovada Sangarava

ලෝවැඩ සඟරාව - වීදාගම මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්‍යාවලියේ දක්නට ලැබෙන අග්‍රගණ්‍ය බෞද්ධ උපදේශ කාව්‍යයකි. හයවන පැරකුම්බා රජු දවස කි‍්‍ර. ව. 1412 - 1467 කාල වකවානුවේදී ලෝවැඩ සඟරාව රචනා කර තිබේ. බෞද්ධ සමාජයේදී පොදු ජනයා අතර යහපත් ගුණ ධර්ම වඩවාලීම අරබයා ලෝවැඩ සඟරාව උන් වහන්සෙ රචනා කර තිබේ. "පාලි ධර්මය නොදන්නා සාමාන්‍ය ගැමි ජනතාවට පින් සහ පව් වල විපාක මෙසේ යයි අවබෝධ කරලීම මූලික අරමුණු කරගෙන ලොවැඩ සඟරාව රචනා කළෙමි" යන්න "වෙසෙසින් පෙළදම් නොමදත් දනහටපවසම් කළ කම් පල දැන්හෙළුකොට" යනුවෙන් හා "නොදැනෙනුවන්හට පව්පින් නියම කොටබඳ ලෝවැඩ සඟරා පිණෙනි හැම විට" දක්වා තිබීමෙන් මනාව පැහැදිලි වේ. බුද්ධ වර්ෂ 2015 දී පමණ රචනා කරණ ලද ලෝවැඬ සඟරාව කියවීමෙන් මෙලොව පරලොව දෙලොවම සෙත සලසා ගත හැකි උපදෙස් අපට ලබා ගත හැක. මිනිසාගේ දෙලෝ අභිවෘද්ධියටම හේතු වන මහා අනර්ග ධර්ම අවවාද රාශියක් කැටිකොට ගොතන ලද කවි 140 ට උචිත ලෙස ලෝවැඩ සඟරාව නමින් මේ කෘතිය නම් කොට තිබේ. එම්.කේ. සුසන්ත සේනාධිලංකාරගේ අසම්පූර්ණ සංස්කරණවලින් යටපත්වූ වීදාගම මෛත්‍රිය හිමිගේ ලෝවැඩසඟරාව නමැති ග්‍රන්ථයේ ලෝවැඩසඟරාවේ පද්‍ය 271ක් දක්වා තිබේ. මෙය විශිෂ්ට පර්යේෂණයකි. වීදාගම මෛත්‍රිය හිමි තරුණ හිමිනමකව සිටියදී ලෝවැඩසඟරාව රචනා කළ බවත්, උන්වහන්සේ මහනෙත්පාමුළ අධිපතිවීමෙන් පසුව ඒබව සඳහන් කරමින් ලෝවැඩසඟරාව නැවත සංස්කරණය කරන ලද බව සෙන්ධිලංකාරගේ පර්යේෂණයේ සඳහන්වෙයි.
Rs 202.50
Rs 225.00
-10%

Sarasvatha Pradeepa

සාරස්වත ප්‍රදීප - මෙයින් දශක කිහිපයකට පෙර සාරස්වත ප්‍රදීපය පිරිවෙන් සිසුන් අතර ඉතා ජනප්‍රිය ග්‍රන්ථයක් ව පැවතිණ. සංස්කෘත භාෂාවෙන් රචිත සාරස්වතව්‍යාකරණයේ දුරවබෝධ තැන් අවබෝධ කරගැනීමට පූජ්‍යපාද කහවේ රතනසාර නාහිමියන් විසින් කරන ලද සාරස්වතව්‍යාඛ්‍යාව මහෝපකාරී වූවකි.සංස්කෘත ව්‍යාකරණය සංක්ෂිප්ත ව ග්‍රහණය කරගැනීම සඳහා පූජ්‍යපාද දමුණුමැයේ ඤාණරතන නාහිමියන් විසින් කරන ලද සාරස්වත ප්‍රදීපය මහත් ආලෝකයක් සපයන ලදී.
Rs 675.00
Rs 750.00
-10%

Sidath Sangara

සිදත් සඟරා - 13 වන සියවසේ දඹදෙණි සමයේදී රචිත සිදත් සඟරාව සාම්ප්‍රදායික සිංහල ව්‍යාකරණයන්ගේ මූලික විධි පැහැදිලි කරගැනීම සඳහා මූලික කොට ගන්නා ග්‍රන්ථය ලෙස සැළකේ. එය දේව ප්‍රතිරාජයන්ගේ ආරාධනාව මත පතිරාජ පිරිවන් හිමි විසින් රචනා කොට ඇති බව පිළිගැනෙයි.
Rs 182.25
Rs 202.50
-10%Out-of-Stock

Lovada Sangarava

Out-of-Stock
ලෝවැඩ සඟරාව - වීදාගම මෛත්‍රෙය ස්වාමීන් වහන්සේ විසින් රචිත ලෝවැඩ සඟරාව සිංහල සාහිත්‍යාවලියේ දක්නට ලැබෙන අග්‍රගණ්‍ය බෞද්ධ උපදේශ කාව්‍යයකි. හයවන පැරකුම්බා රජු දවස කි‍්‍ර. ව. 1412 - 1467 කාල වකවානුවේදී ලෝවැඩ සඟරාව රචනා කර තිබේ. බෞද්ධ සමාජයේදී පොදු ජනයා අතර යහපත් ගුණ ධර්ම වඩවාලීම අරබයා ලෝවැඩ සඟරාව උන් වහන්සෙ රචනා කර තිබේ. "පාලි ධර්මය නොදන්නා සාමාන්‍ය ගැමි ජනතාවට පින් සහ පව් වල විපාක මෙසේ යයි අවබෝධ කරලීම මූලික අරමුණු කරගෙන ලොවැඩ සඟරාව රචනා කළෙමි" යන්න "වෙසෙසින් පෙළදම් නොමදත් දනහටපවසම් කළ කම් පල දැන්හෙළුකොට" යනුවෙන් හා "නොදැනෙනුවන්හට පව්පින් නියම කොටබඳ ලෝවැඩ සඟරා පිණෙනි හැම විට" දක්වා තිබීමෙන් මනාව පැහැදිලි වේ. බුද්ධ වර්ෂ 2015 දී පමණ රචනා කරණ ලද ලෝවැඬ සඟරාව කියවීමෙන් මෙලොව පරලොව දෙලොවම සෙත සලසා ගත හැකි උපදෙස් අපට ලබා ගත හැක. මිනිසාගේ දෙලෝ අභිවෘද්ධියටම හේතු වන මහා අනර්ග ධර්ම අවවාද රාශියක් කැටිකොට ගොතන ලද කවි 140 ට උචිත ලෙස ලෝවැඩ සඟරාව නමින් මේ කෘතිය නම් කොට තිබේ. එම්.කේ. සුසන්ත සේනාධිලංකාරගේ අසම්පූර්ණ සංස්කරණවලින් යටපත්වූ වීදාගම මෛත්‍රිය හිමිගේ ලෝවැඩසඟරාව නමැති ග්‍රන්ථයේ ලෝවැඩසඟරාවේ පද්‍ය 271ක් දක්වා තිබේ. මෙය විශිෂ්ට පර්යේෂණයකි. වීදාගම මෛත්‍රිය හිමි තරුණ හිමිනමකව සිටියදී ලෝවැඩසඟරාව රචනා කළ බවත්, උන්වහන්සේ මහනෙත්පාමුළ අධිපතිවීමෙන් පසුව ඒබව සඳහන් කරමින් ලෝවැඩසඟරාව නැවත සංස්කරණය කරන ලද බව සෙන්ධිලංකාරගේ පර්යේෂණයේ සඳහන්වෙයි.
Rs 292.50
Rs 325.00
-10%

Mehen Enna

මෙහෙන් එන්න - විවිධ භාවනා ක්‍රම, භාවනා පුහුණු ආයතන, විවිධ ගුරුවරු, එකට එකක් වෙනස් භාවනා උපදෙස්, මේ ආදියෙන් පිරුණු සංකීර්ණ නගරයකි, වත්මන් බුදු සසුන. ඒ නගරය තුළ රස්තියාදු නොවී, වෙහෙස පීඩා නොගෙන අදාළ ස්ථානයට : අමා මහ නිවනට අපහසුවකින් තොරව ගමන් කිරීමට ඔබට ආරාධනා කරන කෘතියකි.
Rs 540.00
Rs 600.00
-10%

Pali Sahithya Wicharaya

පාළි සාහිත්‍යය විචාරය
Rs 67.50
Rs 75.00
-10%

Pali Sahithya Wivarana

පාලි සාහිත්‍ය‍ය විවරණ - ථෙරවාදී බුදුසමයේ භාෂා මාධ්‍ය වන පාලි භාෂාව සහ සාහිත්‍යය අද වනවිට භික්ෂූන් වහන්සේලා සහ සීමිත ගිහි පිරිසක් අතර පමණක් ව්‍යවහාර වන භාෂා මාධ්‍ය‍යක් බවට පත් වී ඇත. පාලි භාෂාව හුදෙක් ලෝකෝත්තර පරමාර්ථ සාධනය කරවන ආගමික භාෂාවක් පමණක් නොව එය සංගීතය, කලාව, ගීතය, කවිය, කෙටිකතා ආදී නූතන සාහිත්‍යමය ප්‍රවණතාවලින් සමලංකෘත ජනප්‍රිය කලාකාමී භාෂා සාහිත්‍යයක් වශයෙන් සහේතුකව කරුණු ඉදිරිපත් කිරීමට රාජකීය පණ්ඩිත ඇහැලේපොල මහින්ද හිමියන් මෙම කෘතියෙන් උත්සාහ දරා ඇත.
Rs 360.00
Rs 400.00
-10%

Japanaye Agama Saha Samajaya

ජපානයේ ආගම සහ සමාජය - ජපන් වංශකථාවල දැක්වෙන පරිදි, එරටේ ජාතික ඉතිහාසය පටන් ගන්නේ ක්‍රි.පූ. 6 වෙනි ශතවර්ෂයේදී ය. නමුත් ඊට බොහෝ කාලයකට පෙර සිටම, වරින්-වර ආසියා මහාද්වීපයෙන් පැමිණි විවිධ සංක්‍රමණිකයන් විසින්, ජපානයේ ඇතැම් පළාත්වල ජනාවාසයන් පිහිටුවා ගෙන තිබුණු බව පුරා-විද්‍යාඥයෝ සඳහන් කරති. ආරම්භයේ සිට, යුගයෙන් යුගයට ජපන් රටේ ඇති වූ විවිධ සමාජ පරිවර්තනයන් ද ඒවා අනුව එරටේ ආගමික වාතාවරණය කලින් කලට වෙනස්වූ ආකාරය ද කතුවරයා මෙම ග්‍රන්ථයෙහි පැහැදිලිව විස්තර කරයි. ජපානයේ ඉතිහාසය පිළිබඳව පමණක් නොව ජපනුන්ගේ ගතිගුණ පිළිබඳව ද ගැඹුරින් වටහා ගැනීම සඳහා මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටිවහල ඉතා විශාලය.
Rs 630.00
Rs 700.00
-10%Out-of-Stock

Pali Sahithya Adyayana - 2

Out-of-Stock
පාලි සාහිත්‍ය අධ්‍යයන - 2 - මෙම කෘතිය තුළ පාලි සාහිත්‍යයෙහි විවිධ අංශ පිළිබඳව ප්‍රමාණවත් විවරණයක් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර ඇත. මෙතෙක් මෙම විෂය පිළිබඳව විවිධ විද්වතුන් විසින් එකතු කොටැති ඥාන සම්භාරය සරල ලෙසත් විධිමත් ලෙසත් මෙහි දී ඉදිරිපත් කරනු ලැබ ඇත.
Rs 360.00
Rs 400.00
-10%Out-of-Stock

Pali Sahithya Adhayayana - 1

Out-of-Stock
පාලි සාහිත්‍ය අධ්‍යයන - 1 - මෙම කෘතිය තුළ පාලි සාහිත්‍යයෙහි විවිධ අංශ පිළිබඳව ප්‍රමාණවත් විවරණයක් සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර ඇත. මෙතෙක් මෙම විෂය පිළිබඳව විවිධ විද්වතුන් විසින් එකතු කොටැති ඥාන සම්භාරය සරල ලෙසත් විධිමත් ලෙසත් මෙහි දී ඉදිරිපත් කරනු ලැබ ඇත.
Rs 225.00
Rs 250.00