Dhammapada

Sinhala Artha Sahitha Dhammapadaya

බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන ධම්මපදය නම සරල සුගම සිංහල අනුවාදයකින් ද යුක්තව දර්ශනීය ලෙසින් නිමවා පහසු මිළට ඇත.
Rs 650.00
Out-of-Stock

Dhammapadaya

Out-of-Stock
ධම්මපදය - බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථා වලදී දේශනා කොට වදාළ ගාථාවන්ගේ සංග්‍රහයකි. ථේරවාද ත්‍රිපිටකයෙහි ඛුද්දක නිකායට අයත්වන ධම්මපදය පෙළ දහමේ ජනප්‍රියතම ග්‍රන්ථයක් ලෙස හැඳින්විය හැකිය. 

Sadaham Minimuthu

සදහම් මිණිමුතු - තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ අවබෝධයෙන් ලත් ධර්මය, කැටිකොට ලියැවුණු ධම්මපදය ආභාෂය කොටගත් ‘සදහම් මිණිමුතු’ කෘතිය පිරිවෙන් අධ්‍යාපනය ලබන කුඩා සාමණේර භික්‍ෂූන් වහන්සේගේ සිට පාසැල් දුවා දරුවන්හටත් සෙසු ලෝවැසි දනන්හටත් මෙහි ඇති ධම්පද ගාථාවන් හා එයට අනුරූපීව තම ජීවිතය නිවැරදි මං පෙත් ඔස්සේ ගමන් කිරීමට තම චිත්ත අභ්‍යන්තරය සකස් කර ගැනීමෙහි ලා මහඟු අත්වැලක් සපයනු ඇත.
Rs 295.00

DhammaPadaya Sinhala Artha Wiwaranaya

ධම්‍මපදය - වනාහි බොදු ජනතාවගේ අත්පොත වශයෙන් සම්භාවිත වූ ධර්ම ග්‍රන්ථයයි. එයට ප්‍රධාන හේතුව  බුදුදහමේ සාරය එක්පිඩක් කොට කියවනු කැමැත්තෙකුට ධම්මපදයෙන් ලැබිය හැකි අනුග්‍රහය ප්‍රමාණ කළ නොහැකිවීම විය හැකිය. ධම්මපදය සදහා ලංකාවේ එදා මෙදා තුර බිහිව ඇති සංස්කරණ හා විවරණ සමූහයම මෙයට ඇති අගය විශද කරවයි . වියත් ගත් කතුවරයන් වහනසේ නමක් වන කෝට්ටේ ශ්‍රී  සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය සහ කාරක සංඝ සභික ආචාර්ය උඩුගම්පොළ හේමරතන හිමියන් විසින් සංස්කරණය කරණ ලද මෙම ධම්මපද විවරණය දැනට ඇති සංස්කරණයන් හා සැසදීමෙිදී සාමාන්‍ය සිංහල පාඨකයාගේ අර්ථ අවබෝධයට පහසුවන එකක් බව නොබියව කිවහැකිය.
Rs 1,770.00

Dhamma Padaya

ධම්ම පදයේ ඇතුළත් වන්නේ "ගාථා" නම් වූ ශාස්තෘ ශාසනයයි. එම ගාථා සංඛ්‍යාව හාරසිය විසි තුනකි. මේ උතුම් ගාථාවන් ශාස්තෘ ශාසනය නමින් හඳුන් වන්නේ මේ තුළ පවතින සුවිශේෂී ගුණයක් නිසාය. එනම් මේ උතුම් ගාථාවන් ගේ අරුත් අවබෝධ කර ගෙන ඒ අනුව ජිවිත සකසා ගත හොත් ඒ ශ්‍රාවකයා හට මේ සංසාර දුකින් අත් මිදී ඒ අමා නිවන සාක්‍ෂාත් කළ හැකිය.
Rs 400.00
New

Sinhala Dhammapadaya Saha Dhammapadatta Katha 01

කෘතිය ඇසුරෙන්...
ප්‍රවීණ බෞද්ධ ග්‍රන්ථ කතෘවරයෙකු වන ආර්.ජේ.ද සිල්වා මහතා විසින් ප්‍රකාශයට පත්කරනු බලන මෙම ග්‍රන්ථයට ව්ශේෂයෙන් සඳහන් කළයුතු වන්නේ එතුමා විසින් මෙම ග්‍රන්ථ පිටකවරයෙහි මාතෘකා කොටසක් වශයෙන් යොදා ඇති බුදුහිමියන් දේශිත රුවන්වැකි 423ක් ඇතුළත් වූ බෞද්ධයාගේ අත්පොත වූ සිංහල ධම්මපදය සහ ධමම්පදට්ඨ කථා වෙළුම් දෙකෙහි ම සඳහන් වන රුවන් වැකි, සෑම බෞද්ධ පාඨකයෙකු විසින් ම කියවා තමාගේ එදිනෙදා වැඩ කටයුතුවලට යොදා ගැනීම ඉතා කොලොචිත වැදගත් කියමන් 423ක් බව මෙහි සඳහන් කරනුයේ අතිශය ප්‍රීතියෙනි. එ‌හෙයින් සෑම බෞද්ධයෙකුම, අනෙකුත් පාඨකයන් ද, මෙම ධම්මපද ග්‍රන්ථයේ වෙළුම් දෙකම ඉතා උවමනාවෙන් ම කියවන ලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. මාගේ සහෝදර සිල්වා මහතාට මෙවැනි දහම් පොත් තවතවත් ප්‍රකාශයට පත්කිරීමට දීර්ඝායු වේවා!
පූජ්‍ය පණ්ඩිත මාදම්පාගම අස්සජි මහානායක ස්ථිර සහ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ස්ථවිර
Rs 2,200.00