Dhammapada

Dhammapadaya Ha Buaddha Purushartha

ධම්මපදය හා බෞද්ධ පුරුෂාර්ථ - ධම්මපදය හා බෞද්ධ පුරුෂාර්ථ නම් ග්‍රන්ථය උසස් උපාධියක් සඳහා කරන ලද පර්යේෂණයකි. එය මුද්‍රිත ග්‍රන්ථයක් වශයෙන් නිකුත් කිරීම වැඩි දෙනෙකුට ප්‍රයෝජනවත් වේයැයි යන හැඟීමෙන් දියපත්තුවේ රේවත හිමි විසින් ප්‍රකාශය‌ට පත් කොට ඇත.
Rs 200.00
Out-of-Stock

Thibbatha Dammapada Sambuddha Deshana

Out-of-Stock
තිබ්බත ධම්මපද සම්බුද්ධ දේශනා - මෙම ග්‍රන්ථයට ඇතුළත් වන්නේ තිබ්බත බුදු දහමේ උදාන වර්ගයට අයත් ගාථා සමූහයයි.

Anada Panhinda Dutuva Sadaham

අනඳ පන්හිඳ දුටුව සදහම් - මෙම ග්‍රන්ථය  රචනා කිරීමේ දී වසර කිහිපයක සිට පුර පොහොය දිනයන්හි ලංකාදීප පුවත්පතෙහි පළ වූ ලිපි යම් ප්‍රමාණයක් ද භාවිතා කළ ඇති අතර ධම්මපද ගාථා පාලියෙන් ද එහි සිංහල අනුවාදය ද සහිතව පැහැදිලි කිරීම් මෙමඟින් ඉදිරිපත් කෙරේ.
Rs 600.00
Out-of-Stock

Sinhala Dhammapada Kavya

Out-of-Stock
සිංහල ධම්මපද කාව්‍යය - කුරුණෑගොඩ පියතිස්ස හිමි විසින් රචිත මෙම ග්‍රන්ථය පාලි ධම්මපදයේ පද්‍යමය පරිවර්තනයක් ය.
Out-of-Stock

Dhammapada Geethaya

Out-of-Stock
ධම්මපද ගීතය - 'බුදු සමය වූ කලී, මානව වර්ගයාගේ චින්තන විප්ලවයේ අග්‍රතම අවස්ථාවය. බුදුන් වහන්සේගේ ධර්මයෙහි හරය සර්වප්‍රකාරයෙන් ම නියෝජනය කරන එක් ග්‍රන්ථයක් වේ නම්, ඒ අන් කිසිවක් නොව, ධම්මපදය ම වන්නේ ය. බොහෝ නැණසර වියතුන් විසින් කරන ලද ධම්මපද අනුවාද කිහිපයක් ම ගද්‍යයෙන්  හා පද්‍යයෙන් ඇත්තේ ය. මෙහි ලා මාගේ වෑයම වූයේ, පාලි ධම්මපදය සරල සිංහල ගීතයට නැඟීමය. අනුවාදයෙහි දී හැකිතාක් දුරට සරල ව හා සුගමව දහම් කරුණු ගලපන්නට ද වෑයම් කළෙමි.' යනුවෙන් ඩබ්ලිව්. ඒ. අබේසිංහ මහතා මෙම ග්‍රන්ථය පිළිබඳව විග්‍රහ කිරීමක් සිදු කර ඇත.

Dampiyaven Mahagu Uvades

ධම්පියාවෙන් මහඟු උවදෙස් - 'බෞද්ධ සාහිත්‍යයෙහි එන කතා අතුරෙහි ධම්මපියාවට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි. මුළු ත්‍රිපිටක ධර්මය කුළුගැන්වී ඇති කෘතියක් ලෙස ධම්මපදය සැලකුම් ලබයි. එසේ හෙයින් පාඨක ප්‍රජාව ගේ ගෞරවයට ලක් වී ඇති ධම්මපදය ගැන ඇගැයුම් ස්වරූපයෙන් ලියැවී ඇති සඳහනක් දෙකක් මේ පිටු අතර බහාලීමට අප විසිනුදු මඟ නො හැරිය යුතුකමෙකැයි හැඟේ.'
Rs 150.00

Dhammapada Artha Wiyakyanaya

ධම්මපද අර්ථ ව්‍යාඛ්‍යානය - බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලදුව මෙහි ඇතුළත් ගාථා සියල්ල ධර්‍ම විනයෙහි නා නා තැන්හි විසිරී තිබී පසුව ඛුද්දක නිකාය නම් ග්‍රන්ථයෙහි ඒ සියල්ල එක්තැන් කොට 'ධම්මපදය' නමින් දක්වා ඇත.
Rs 850.00

Divi Maga Sarasana Dhammapadaya

දිවි මඟ සරසන ධම්මපදය - ත්‍රිපිටකයෙහි වඩාත් ම ජනප්‍රිය ග්‍රන්ථය ධම්මපදයයි. ලොකු කුඩා, උගත් නූගත් කා අතරත් මෙය බෙහෙවින් ජනප්‍රිය වීමට බලපෑ එක් හේතුවක් නම් එහි ඇති සරල බවයි. ජීවිතයේ ඕනෑ ම අවස්ථාවකට සම්බන්ධ කර ගත හැකි ආදර්ශ පාඨ ඇතුළත් ධම්මපදය පැරැන්නන් නිතර ම පරිහරණය කළ ග්‍රන්ථයකි.
Rs 120.00

Dhammapada Yamaka Wagga Wivarana

ධම්මපද යමක වග්ග විවරණ - ගරු දේවානන්ද හිමියන් විසින් ධම්මපදයේ යමක වග්ගය සම්බන්ධ කර ගනිමින් "යමක වග්ග විවරණය" නමින් මෙම අගනා ග්‍රන්ථය රචනා කොට ඇත.
Rs 150.00
Out-of-Stock

Wivarana Saha Sithuvam Sahitha Dhammapadaya (Wagga 1-15)

Out-of-Stock
විවරණ සහ සිතුවම් සහිත ධම්මපදය (වග්ග 1-15) - මෙම ධම්මපදය ඉතා අලංකාර වර්ණ පිංතූරවලින් යුක්ත වේ. ඒ නිසා පාඨකයාගේ නෙත් සිත් ඇද ගැනීමට හේතු වන අතරම ඊට යටින් පාලි ගාථාවත්, එහි සිංහල තේරුමත් දී ඇති බැවින් ඉතා ඉක්මණින් ගාථාවන්ගේ තේරුම වටහා ගැනීමට හැකි වෙයි. ඊට අමතර ව සෑම ගාථාවකම වර්ථමාන කථාවත්, අතීත කථාවත් මෙහි දක්වා තිබේ. එසේම ගාථාව දේශනා කළ ස්ථානය, දේශනා කිරීමේ අරමුණ, දේශනා කරන ලද දේ කවුරුන් අරබයා ද යන කරුණු ද මෙහි ඇතුළත් ය. 

Dhammapada Samajaya - 1

ධම්මපද සමාජය-1 - බුදුන් වහන්සේගේ ධර්මාවාද රැසක් අඩංගුවන ධම්ම පදය ඇසුරෙන් පූජ්‍ය පාතේගම ඤාණිස්සර හිමියන් සමඟ හේමමාලා රන්දුනු විසින් කරන ලද සාකච්ඡා තුළින් රචිත බුදුසරණ පුවත්පතේ පළවූ ලිපි පෙළක එකතුවකි ධම්මපද සමාජය
Rs 250.00