Rs 1,000.00
Discussions of Dhamma
There are 206 products.
Kantha Abhiwurdiya Sandaha Bududahamin Laba Gatha Haki Margopadesha
Out-of-Stock
මහාචාර්ය සිල් වී සේනාධීර දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකික විද්‍යාර්ථීන්ගේ නැණස පෑදූ විශ්‍රාමික විශ්වවිද්‍යාල ආචාර්ය වරියකි. අධ්‍යාපනවේදය සම්බන්ධයෙන් ග්‍රන්ථ රාශියක් රචනා කළ ප්‍රශස්ත ලේඛිකාවකි. අධ්‍යාපනවේදය විෂය ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගොස් ඇය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික පුස්තකාලයාධිපති වූ දැනට මහනුවර බෞද්ධ ග්‍රන්ථප්‍රකාශන සමිතියේ සිංහල සංස්කාරක වන එන්. ටී. එස්. ඒ. සේනාධීර මහතා විසින් රචනා කරන ලද කාන්තා අභිවෘද්ධිය සඳහා බුදු දහමින් ලබා ගත හැකි මාර්ගෝපදේශ යන මෙම කෘතිය කාලීන සමාජ අර්බුද හමුවේ කාන්තාවගේ භූමිකාව මෙන් ම ඇයගේ අභිවෘද්ධිය සම්බන්ධයෙන් වන බෞද්ධ ඉගැන්වීම මොනවට පිළිබිඹු කරන ග්‍රන්ථයක් බව අපගේ හැඟීමයි. එම දෙපළට අපගේ සුභාශිංසන ද මේ සමග වේ.
Rs 500.00
Jivana ratawa ha sasara pavathma
ජීවන රටාව හා සසර පැවැත්ම පොත දොළොස්වන මුද්‍රණයේ පටන් ඉදිරියට ප්‍රකාශයට පත්කිරීමේ අයිතිය හා වගකීම මෙවර මුද්‍රණයේ වියදම් දැරූ “සසර පැවැත්ම” භාරයට පවරමි. මෙයින් ලැබෙන ආදායමක් ඇත්නම් එය පොත නොකඩවා පළ කිරීමට සහ හදිසි ආපදාවන් නිසා පවුල් බර දරා ගැනීමට අපහසු වී සිටින අය සොයා පරිත්‍යාග කිරීමට ද යොදා ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
බෙල්ලන ඤාණවිමල මහානායක ස්‌ථවිර
බෙල්ලන ඤාණවිමල මහානායක ස්‌ථවිර
Rs 300.00
Bhavasankrantha
කතෘගෙන්...
අපේ ඇස්, කන්, නාසය, දිව, ශරීරය යන පසිඳුරන්ට සහ පුහුදුන් මනසට නොදැනෙන ලෝක තත්වයන්ට මම නොපෙනෙන ලෝකයයි නම් කරමි. මෙම නොපෙනෙන ලොව දකින්නට නම් අප මනසේ අපේ බව ඉක්මවා ගිය "වෛඥාණික” ශක්තිය දියුණු කර ගත් ධ්‍යාන ලාභීන් සහ වෛඥාණික පරියේෂණ විවිධ උපකරණ මගින් කරන විද්‍යාත්මක පරියේෂකයින් අතරින් ඇතැමෙක් නොපෙනෙන ලොව දකිති. පාඨක ඔබ අප සැමටම ඉක්මනින් ධ්‍යාන ලාභීන් හෝ විද්‍යාඥයින් වීමට නොහැකිය. එහෙත් සාමාන්‍ය බුද්ධියේ සිට නොපෙනෙන ලෝවක තතු සොයන බුද්ධිමත්හු බොහෝය. ඔබත් ඉන් එක් කෙනෙක් විය හැකිය. ඔබ වැනි බුද්ධිය විනිවේද යොදන හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස මා මේ පොත ලියමි.

Rs 283.50
Araya Ashtangika Margaya
Out-of-Stock
සම්මානිත මහාචාර්ය ඔලිවර් අබේනායකයන් මෑතකාලීන පාලි හා බෞද්ධ අධ්‍යයන විෂයයෙහි තම උපරිමය දායාද කළ ශාස්ත්‍රීය යුග පුරුෂයෙකි. එතුමන්ගේ භාෂා ප්‍රාගුණ්‍යයට නො දෙවනි විචාරාක්ෂිය බෞද්ධ අධ්‍යයන ක්‍ෂේත්‍රයෙහි නව මංපෙන් වෙන දොරගුලු විවර කළ යතුරක් විය. තමන්ට ම ආවේණික ලේඛන හා භාෂණ ශෛලියකට උරුමකම් කියන එතුමා ශාස්ත්‍රීය රචනාවන්ගෙන් මෙන් ම ක්‍ෂේත්‍රයට පිරිමසින ශිෂ්‍ය සමූහයක් නිර්මාණය කිරීමෙන් ද අද්විතීය මෙහෙවරක් කළ ආචාර්ය වරයෙකි. මහාචාර්යතුමන්ගේ විචාරශීලි ගුණයෙහි ප්‍රාමාණිකත්වය විදහා දක්වන ආර්යෂ්ටාංගික මාර්ගය නම් වන මෙම සාකච්ඡා ස්වරූපී කෘතිය බුදු දහමෙහි එන දාර්ශනික සහ ප්‍රායෝගික ඥාන ධාරාව ශාස්ත්‍රීය ස්ථරයේ පටන් සාමාන්‍ය පාඨකයා දක්වා සමස්ත සමාජය ම ඉලක්ක කළ කෘතියකි. අනාශය නොදු මාතෘකාවක් වුවන් මෙහි විවරණය කෙරෙන ධර්ම පර්යාය විශ්මයා වන ය. මෙය සෑම බෞද්ධයකු ම කියවිය යුතු කෘතියක් බවට මෙහි ලා අවධාරණය කරනු කැමැත්තෙමි.
මහාචාර්ය, පූජ්‍ය මැදවච්චියේ ධම්මජෝති හිමිපාණෝ බෞද්ධ අධ්‍යයනාංශය, කොළඹ විශ්ව විද්‍යාලය
මහාචාර්ය, පූජ්‍ය මැදවච්චියේ ධම්මජෝති හිමිපාණෝ බෞද්ධ අධ්‍යයනාංශය, කොළඹ විශ්ව විද්‍යාලය
Rs 300.00
Ape Budu Samidu Thawama Weda Wesethi
පරිවර්තක ගෙන් .....
මෙම පුජනීය ග්‍රන්ථයේ සටහන් වී තිබෙන්නේ අතිපාරිශුද්ධ වූ ශ්‍රී සද්ධර්මයයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ආරම්භයත් සුන්දරය. මැදත් සුන්දර ය. අවසානයත් සුන්දරය. ශ්‍රී සද්ධර්මය වනාහී ප්‍රණීත රසැති මධු ගුළාවක් වැන්න. එහි කොයි පැත්තෙන් ගත්තත් රස වෑහෙන මී මධු මය.

Rs 1,200.00
Poho Da Watha Saha Poho Da Dharma Deshanawa
''පොහෝ දා වත සහ පොහෝ දා ධම්ම දේශනා'' නම් මෙම කෘතිය අත්තුඩාවේ රාහුල ස්ථවීරයන් වහන්සේ විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය තුළ පෙහෙවස් සමාදන් විම ගැනත්, පෙහෙවස් සමාදන් වූ බැතිමතුන්ට එම දිනයෙන් ප්‍රයෝජන ගත හැකිවන පරිදි අවශ්‍ය කරුණුත් මෙහි අන්තර් ගත අතර අදසමාජයේ සාරධර්ම පෝදා පාළුව දැඩිව දැනෙන කාල වකවාණුවක වැඩිහිටි නිවාස, අනාථ නිවාස ඉමක් නිමක් නොමැතිව ඉදිවන සමයක කරුණාව මෛත්‍රිය වැනි ගුණ ධම් ඈත්ව වෛරය,ක්‍රොධය,තෘෂ්ණාව වැනි විනාශකාරී ක්‍රියා දැඩිව ඇති සමාජයක මිනිසත්කම හදුනන ගුණ දහම් අගයන පිරිසක් බිහිකිරීමෙහිලා අත්තුඩාවේ රාහුල ස්ථවීරයන් වහන්සේ විසින් කරන ලද මෙම ශාසනික සේවය අති මහත්ය.
Rs 1,950.00
Guwan widuli Bana Maga
කර්තෘ ගෙන්...
මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේ දේශනාවට හැඩ ගැසෙන්නේ දැකපුරුද්ද, ඇසූ පුරුද්ද හා කළ පුරුද්දට අනුවය. සිය ගුරු දේවයන් වහන්සේ පන්සලේ නැතිවිට වටාපත අතට ගන්නා කුඩා සාමණේරයන් වහන්සේ කල්ගත වන විට ධර්මාසනාරූඪව දේශනාවද පටන් ගනිති. මෙය ගොවියා ගොවිකමටද, කුමරුවා රජකමටද හුරුවන්නාක් සේ පෙළ ගැසීමකි. ඇතැම් ගෝලයෝ ගුරුවරයාට පෙර පසු නොවී ගමන් කරන්නාහු වනමුත් ඇතැම්හු වාසනා ගුණ බෙලෙන් ගුරුවරයා පසුබා පෙරට යාමටද සමත් වෙති.
ගුවන් විදුලි මාධ්‍යයෙන් දේශනා ප්‍රචාරය ආරම්භ වූ මුල් අවදියේ (ගරු පැලෑනේ වජිරඥාන හිමිපාණන් වහන්සේ 1928) ඒවා අසා මහත් ප්‍රීතියට පත් කොළඹ අවට අසන්නන් එවන් දහම් කතා වඩ වඩා ප්‍රචාරය කරන මෙන් ගුවන් විදුලි බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ එම කතා අර්ථ රසය හා ශ්‍රවණ ප්‍රියතාව යන දෙඅංශයෙන් සරුවීම නිසාය. මෙවන් ශූර හිමිවරුන් ගුවන් විදුලියේදී අපටද හමු වූ වාර බොහෝය. මුන් වහන්සේට ගුවන් විදුලි ධර්ම දේශනා සම්බන්ධයෙන් පුහුණු වීම් ආයතනයක පිහිට ලැබුණේ නම් එය වඩාත් මහත්ඵල වන්නට ඉඩ තිබුණි. " ගුවන් විදුලි බණ මඟ' මේ පොත් පිංච එළිදැක්වීම අවශ්‍ය වූයේ ගුවන් විදුලි නවක දේශකයන් වහන්සේට යම් ගුරුහරුකමක් අත් කර ගැනීමටය. මෙහි අවස්ථා කිහිපයකදී ශූර දේශකයන් වහන්සේගේ හා වියත් කථිකයන්ගේ කථාවල විචිත්‍රතාව සවිස්තරව දක්වා ඇත.

Rs 850.00
Saddharma Nadaya
Out-of-Stock
පී. ඇම්. සේනාරත් මහතා විසින් සංස්කරණය කරණ ලද මෙම සද්ධර්ම නාදය ග්‍රන්ථයේ අන්තර්ගතව ඇත්තේ පූජ්‍ය හෙණ්ඩියගල සීලරතන නාහිමියන් විසින් වරින්වර ලියන ලද සමාජ සංශෝධන ග්‍රන්ථ මාලාවෙන් තෝරාගන්නා ලද ධර්ම කොටස්ය.බුද්ධාගම යනු කුමක්ද, බුදු වීම, අටලෝදහම, කර්ම විපාකය, භාවනා වැඩීම, ශාසනික පැවිද්ද, දුකින් මිදීම, විමුක්ති සුවය, පුනරුත්පත්තිය, නිර්වාණ මාර්ගය ආදී වශයෙන් ඒවා වර්ග කොට තිබේ.
ගැඹුරු බුදු දහම සරළව ඉදිරිපත් කිරීම මෙහි ඇති විශේෂත්වයයි. ප්‍රධාන බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් මෙයින් පාඨකයාට ලබාගත හැකිය.
ගැඹුරු බුදු දහම සරළව ඉදිරිපත් කිරීම මෙහි ඇති විශේෂත්වයයි. ප්‍රධාන බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව පැහැදිලි අවබෝධයක් මෙයින් පාඨකයාට ලබාගත හැකිය.
Rs 450.00
Sri Gnanarathana Grantha Mala 1
අග්ගමහා පණ්ඩිත, විනය විශාරද, ආචාර්ය පරම පුජහීය වැලිගම සිරි ඤාණරතනාභිධාන අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායයේ මහානායක මාහිමිපාණන් වහන්සේ වූ කලී සමීපාතීතයේ ශ්‍රී ලාංකේය ථේරවාද භික්ෂු පෞරුෂය අන්වර්ථ කළාහු අජානේය සංඝ නේතෘවරයාණ කෙනෙකි. ධර්ම විනය පිළිබඳ අටුවා - ටීකා නයින් නිරාකූලව ලිවීමෙහි හා බිණීමෙහි විස්මයාවහ විස්කම් පෑ උන්වහන්සේ අග්ගමහා පණ්ඩිත පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ සමිඳුන් අතින් 1953 වර්ෂයෙහි ලක්දිව අග්‍රතම ධර්ම දේශකයන් වහන්සේ ලෙස අභිෂේක ලත්හ.
ධර්ම - විනය පිළිබඳ කුදු මහත් ග්‍රන්ථ ශතාධික සංඛ්‍යාවක් ලියා පළ කළ උන්වහන්සේ ථේරවාද මෙන් ම මහායාන බෞද්ධ ලෝකයාගේ ගෞරවාදරයට පාත්‍ර වූ චිරරාත්‍රඥ මහ තෙර නමකි. ගිහි බෞද්ධයාගේ සදාචාර වර්ධනය උදෙසා නිරතුරුව ලොකු කුඩා දහම් පොත් ලිවීම අවිජහිත සිරිතක්ව පැවති අතර, ඇතැම් දහම් ග්‍රන්ථවල පිටපතකුදු සොයා ගැන්ම දැනට දුර්ලභව පවතී. එබැවින් ඒ සියලු පොත් එකතු කොට කාණ්ඩ වශයෙන් පළ කිරීමට සූදානම් කොට ඇති අතර, මේ එහි පළමු පියවරයි. මෙම ධර්ම සංග්‍රහය හැම අතින් ම කාලෝචිත වන අතර, ධර්මකාමී සැමගේ වාසනාවක් බව නොපැකිළ පැවසිය හැකි ය.
පූජ්‍ය බුත්තල ඤාණාධාර හිමි පරිවෙණාධිපති - සිරි ඤාණරතන පිරිවෙන, මාකඳු ගොඩ, තල්පෙ, ගාල්ල,

Rs 400.00
Rs 900.00
Sithata Danena Budubana 01
කෘතිය තුළින්...
බුදු බණ ඇතුළත් ධර්ම ග්‍රන්ථ මේ රටේ අප්‍රමාණ ලෙස ලිය වී ඇත. දැනටත් ලියවෙමින් පවතී. එසේ අපමණ බුදුබණ ලියවී තිබුණත් ඒවා කියවා යහමගට පිවිස ඇත්නම් ඒ සීමිත පිරිසකි. එසේ පැවසිය හැක්කේ මංකොල්ලකෑම්, මිනීමැරුම් හා ස්ත‍්‍රී දූෂණ වල ප්‍රමාණය දිනපතා ශීඝ්‍රයෙන් ඉහළ යන හෙයිනි. බණ පොත් අපමණ බිහි වුවත් ඒවා ධර්ම රසයෙන් කියවීමටත් වටහා ගැනීමටත් එම බණ පොත් රචිත භාෂාව සරල සුගම විය යුතුය. සිතට දැනෙන බුදු බණ - 01 නමැති ධර්ම පුස්තිකාව සැබවින් ම සරල සුගම කටවහරින් රචනා වී ඇති නිසා සෑම නිවසකම අනිවාර්යයෙන් තිබිය යුතු ම විශිෂ්ට කෘතියක් ලෙස සැදැහැවත් බොදු ජනහද තුළ ගෞරවාදරයට පාත්‍ර වනු ඒකාන්තයි.

Budu Samindu Daka Ganimu
බුද්ධ වර්ෂයෙන් විසිහය වන සියවස ගෙවී යන යුගයේ පිරිසිදු "බුදු දහම" ව්‍යවහාරික සමාජය තුළින් සොයා ගැනීම අතිශයින්ම දුෂ්කර කටයුත්තකි. එකිනෙකා තම තමන්ගේ මතිමතාන්තර තුළින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පටහැනි බොහෝ දේවල් ධර්මයේ නාමයෙන් ඉදිරිපත් කර තිබීම මෙයට ප්‍රධානතම හේතුව වේ.
Rs 900.00
Minisath Bavin Pala Nelamu
කෘතිය තුළින්... පිවිතය අවබෝධ කර ගන්නට උපකාරි වන ධර්මය ශ්‍රවණය කළ යුතුයි. ජීවිතයට ධර්මය එකතු කර ගත යුතුයි. අපේ රටේ මතයක් තිබෙනවා මේ ගැඹුරු ධර්මය ගිහි අයට අහන්න අවශ්‍ය නැහැ. ගිහි අයට එදිනෙදා කාලා බිලා පීවත් වන ආකාරය පිළිබඳ පමණක් කියාදීම ප්‍රමාණවත් කියලා
Rs 450.00
Nivee Sanasuna Jeevithayak
අති උතුම් සම්මා සම්බුද්ධත්වය නිසා, ලෝකය තුළ මෙන්ම වංශකථාවේත්, මානව වර්ගයාගේ ඉතිහාසය තුළත් මේ ලෝකයේ පහළ වූ ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නය ලෙස ඉතිහාස ගත වී තිබෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ යි.
Rs 700.00