Best sellers

Sanskrutha Prathama Pusthakaya

සංස්කෘත ප‍්‍රථම පුස්තකය - සංඥා, ධාතු, ක‍්‍රියා, නාම පද, විභක්තීන්හි වරනැඟීම, ලිංග භේදය, විභක්ති ප‍්‍රත්‍ය, අව්‍ය පද, ඒක වචන, ද්වී වචන, බහු වචන, කෘදන්ත, හලන්ත ශබ්ද, පරෙසෙම පද, ආත්මතෙ පද, සර්වනාම (ව්‍යඤ්ජන සන්ධි*, සන්ධි ආදී ව්‍යාකරණ විධි සම්බන්ධ විස්තර අඩංගු පොතකි.
Rs 280.00
Out-of-Stock

Nyaya Bindu

Out-of-Stock
න්‍යාය බින්‍දු - ප‍්‍රාචීන පණ්ඩිත උපාධි පරීක්ෂණය සදහා නියමිත මෙම පොත නර්දේශය අනුව ම සැකසී තිබෙන්නක් බැවින් යෝගචාර විඥානවාදය  විෂය හැදෑරීම සදහා මෙතෙක් පැවති අඩුපාඩුවක් සපුරාලීමක් ලෙස දැක්විය හැක. මෙහි සංස්කෘත අකුරු වලින් ලියැවී නැති නමුත් සිසුන්ගේ පහසුව සදහා සංස්කෘත ශබ්දයන් සිංහල අකුරුවලින් ද එහි අර්ත පැහැදිලි සිංහල භාෂාවෙන් ද මෙහි දක්වා තිබේ. පොත අවසානයේ න්‍යාය බින්දු පිළිබඳව පිටු ගණනාවක විවරණයක් ද සදහන් වේ. 

Abidhanappadipika Pali Nigandu

අභිධානප්පදීපිකා පාලි නිගණ්ඩු - මෙම අභිධානප්පදීපිකාව ස්වර්ගයෙහි ද මනුෂ්‍ය ලෝකයෙහි ද නාග ලෝකයෙහි ද පවතින සියලු වස්තුන්ගේ නාමයන් ප්‍රකාශ කරයි. පාලි භාෂාව හා ත්‍රිපිටකය යන අංශ දෙකෙහි ම ව්‍යක්තභාවය ලැබීමට මෙම ග්‍රන්ථය උපකාරී වේ..
Rs 1,600.00

Moggallana Pali Viyakarana Sampradaya Payoga Siddhi Pali Way Karanaya

මොග්ගල්ලාන පාළි ව්‍යාකරණ සම්ප්‍රදාය පයෝග සිද්ධි පාළි ව්‍යාකරණ - ප්‍රාචීන මධ්‍යම, අවසාන සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා නියමිත ග්‍රන්ථයකි.
Rs 200.00
Out-of-Stock

Prakrutha Vyakarana

Out-of-Stock
ප‍්‍රාකෘත ව්‍යාකරණ (ප‍්‍රථම කාණ්ඩය) - ප‍්‍රාකෘත භාෂාව හදාරන අයගේ ප‍්‍රයෝජනය සඳහා ලායැවී ඇති මෙම පොත අක්‍ෂර ප‍්‍රකරණ, ස්වර ප‍්‍රකරණ, අසංයුක්ත ව්‍යංජන ප‍්‍රකරණ, සන්ධි ප‍්‍රකරණ යන ප‍්‍රකරණ සහ ප‍්‍රකෘත ව්‍යාකරණ අඩංගු වන ලෙස සැකසී තිබේ. එම ව්‍යාකරණ විධි සරල සිංහල භාෂාවෙන් මෙහි දක්වා තිබේ.  

Sanskrutha Baladarsha Wayakhayava

සංස්කෘත බාලාදර්ශ ව්‍යාඛ්‍යාව - සංස්කෘත අක්ෂර මාලාව ද ඒවාට ඉස්පිලි පාපිලි ඇලපිලි යොදන අන්දම ද, ස්වර හා ව්‍යඤ්ජන සෑදෙන ආකාරය ද සංස්කෘත පදයක් පාසා සිංහල අර්ථ සහිත රචනාවන් ද මතකය අලූත් කර ගැනීමට සුදුසු අබ්‍යාසයන්ගෙන් ද යුතු පොතකි. 
Rs 490.00

Sarala Sanskruthashikshakaya 2

සරල සංස්කෘත ශික්ෂකය 2 - මෙය සරල සංස්කෘත ශික්ෂක නම් පොත් පෙලේ දෙවැන්නයි. සකුව හදාරණ ආධුනිකයන්හට සරල මගකින් එය ඉගැන්වීම සදහා සකස් කරන ලද්දකි.
Rs 840.00

Panchathanthraya Aparikshithakarakaya

පඤ්චතන්ත‍්‍රය අපරීක්‍ෂිතකාරකය - ප‍්‍රාචීන විභාග සදහා නිර්දේශිත මෙම කෘතිය නාගර අක්ෂර සහ ව්‍යාඛ්‍යාව ද සහිතව සම්පාදනය කරන ලද්දකි.
Rs 340.00
Out-of-Stock

Sanskrutha Praweshaya

Out-of-Stock
සංස්කෘත ප‍්‍රවෙශය - සංස්කෘත ව්‍යාකරණ විධි සංස්කෘත භාෂාවෙන් මෙන් ම සිංහල භාෂාවෙන් ද පැහැදිලි කරන මෙම ග‍්‍රන්ථය සංස්කෘත - සිංහල කෘදන්ත පද ශබ්දකෝෂයකින් ද යුක්ත ය. 

Brahmanasanyuththan

බ්‍රහ්මණසංයුත්තං - ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයට පෙනී සිටින විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා නිර්දිෂ්ට සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තය, පදගතාර්ථ, ගැටපද විවරණය, භාවාර්ථ සහිත ව සම්පාදනය කර ඇත.
Rs 630.00

Saddhammopayanaya

සද්ධම්මොපායනය - ශ්‍රී ලාංකික බෞද්ධ ඉතිහාසයේ අද්විතීය වැදගත්කමක් හිමි වන අභයගිරි සම්ප්‍රදායට අයත් සේ සැලකෙන "සද්ධම්මෝපායනය" ඓතිහාසික, දාර්ශනික හා අචාරාත්මක ආදී විවිධ අංශයන් පිළිබඳ ඉතා වැදගත් මුලාශ්‍රයකි. දීර්ඝ ප්‍රස්තවනවකින් ද සමන්විත ව පෙළ හා සිංහල සන්නයක් ද සහිතව පුජ්‍ය පල්ලේගම සමිත හිමියන් විසින් සංස්කරණය කර ඇති මෙම ආධුනිකයන්ට මෙන් ම විද්වතුන්ට ද එක සේ ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
Rs 300.00
Out-of-Stock

Daatavansa Wanarathna Wiyakya

Out-of-Stock
දාඨාවංස (වනරතන ව්‍යාඛ්‍යා) - දඹදිව සිට ශ‍්‍රී ලංකාද්වීපයට දන්ත ධාතූන් වහන්සේ වැඩමවීම සහ ඉන්පසු ව රජවරුන් සුරක්‍ෂිත ව ආරක්‍ෂා කළ ආකාරය, පරසතුරු උවදුරු, ඓතිහාසික හා ආගමික වැදගත්කම ආදිය ඇතුළත් කළ වටිනා පැරණි බණ පොතකි. වංසට්ඨ, මාලිනි, ශාර්¥ල, වික‍්‍රීඩිතාදි චිත්තාකර්ෂණීය වෘත්තවලින් පරිපූර්ණ ය. බුද්ධ ප‍්‍රාතිහාර්යන්ගෙන් සමලංකෘතය, බෞද්ධ ශාසනික ඉතිහාසයෙන් පෝෂිත වූ වටිනා ග‍්‍රන්ථයකි.