Best sellers

Saundarananda Mahakavya 4-5-6 sarga

සෞන්දරනන්ද මහාකාව්‍යය 4-5-6 සර්ග - ප්‍රාචීන විභාගවලට පෙනී සිටින විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා නාගරී පෙළ, අන්වය, පදාර්ථ ද සහිතව සම්පාදනය කරන ලද්දකි.
Rs 340.00

Sanskrutha Dviteeyadharshi Wanarathna Wayakkhaya

සංස්කෘත ද්විතීයාදර්ශ වනරතන ව්‍යාඛ්‍යා - සංස්කෘත පදයක් පාසා සිංහල අර්ථ සපයමින් ශිෂ්‍යයන්ට වැඩි ප‍්‍රයෝජනයක් ලබා ගත හැකි සේ මෙය සකස්කර ඇත. සංස්කෘත භාෂාව ඉගෙනීම සඳහා නැතුවම බැරි පොතකි. ප‍්‍රථමාදර්ශයෙන් සංස්කෘත භාෂාව හැදෑරීම ආරම්භ කළ අයට එය තව දුරටත් ඔප මට්ටම් කර වර්ධනය කර ගැනීම සඳහා මෙම ද්විතීයාදර්ශය භාවිතයට යොදා ගත හැක.
Rs 325.00

Hitha Hadaganna One Hithnmai

හිත හදාගන්න ඕනෑ හිතෙන්මයි - සිත විසින් අපව පාලනය කිරීම වෙනුවට අප විසින් සිත පාලනය කිරීම පිළිබදව අත්වැලක් සපයන මෙම කෘතියෙන් මිනිස් සන්හතියේ සෞඛ්‍ය වර්ධනය මෙන්ම අසීමිත වේගයෙන් දිවයන සිත නිසා ඇතිවන අසීමිති අහිතකර තත්වයන් අවබෝධ කරගැනීම ගැනද නව මාදිලියේ පාඩම් රැසක් කියා දෙනු ලැබේ.
Rs 200.00
Out-of-Stock

Nirvanaya (Theravada Ha Mahayana)

Out-of-Stock
නිර්වාණය (ථේරවාද හා මහායාන) - ( හීනයාන )පිළිගැනීමට අනුව "නිර්වාණය"යනු අවසාන විමුක්තියයි.එහෙත් මහායාන සම්ප්‍රදාය ඇතැම් විට ඊට වඩා වෙනස් අර්ථ කථන සපයා ඇත.මෙහි ඇති සම විෂමතාවයන් පිළිබිඹු වන ආකාරයට පරිච්ඡේද ගණනාවකින් විස්තර කර ඇත.
Out-of-Stock

Madhyakaleena Budusamaye Mulika Karunu

Out-of-Stock
මධ්‍යකාලීන බුදුසමයේ මූලික කරුණු - මධ්‍යකාලීන යුගයට අයත් වැදගත් ධර්ම සංකල්ප පිළිබද විග‍්‍රහ කර ඇති මෙම කෘතිය බෞද්ධ අධ්‍යයන අංශවල ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ටත් ඒ පිළිබදව උනන්දුව දක්වන සාමාන්‍ය පාඨකයන්ටත් එකසේ ප‍්‍රයෝජනවත් වනු ඇත.

Kayagatha Sathi Bhavana

කායගතාසති භාවනා - මෙම සදහම් ග‍්‍රන්ථය තුළ කායගතාසති භාවනාව නම් වූ නිවන පිණිස උපකාර වන සතර සතිපට්ඨානයට අයත් එම භාවනාව, නිවන් අවබෝධය දක්වාම පියවරෙන් පියවර දියුණු කරගන්නා ක‍්‍රමය ඉතාමත් සරල බසින් විස්තරාත්මක ලෙස පහදා  දී ඇත.
Rs 380.00

Savigngnanaka Bhawanawa

සවිඤ්ඤාණක භාවනාව - බුරුම ජාතික ප‍්‍රකට භාවනාචාර්ය තෙරුන් වහන්සේ නමක වූ අෂීන්තේජනීය හිමියන් යෝගාවචරයකුගේ භාවනා ගැටලූ නිරාකරණයට දෙන උපදෙස් හා අවදි අවධානයෙන් යුක්තව භාවනාකොට ලබන චිත්ත සමාධිය තුළින් ප‍්‍රඥාව මුවහත් කරගන්නා ආකාරය මැනවින් විග‍්‍රහ කෙරෙන සදහම් ග‍්‍රන්ථයකි. මෙය Awareness Alone Is Not Enough  නැමැති කෘතියෙහි සිංහල පරිවර්තනයයි. 
Rs 380.00

Bhawana Deepaniya

භාවනා දීපනිය - ලොව පවත්නා විවිධ භාවනා ක‍්‍රම පිළිබදව දිනමිණ පුවත්පතෙහි පළ වූ ලිපි මාලාවක් ආශ‍්‍රයෙන් සම්පාදනය කළ වටිනා සදහම් ග‍්‍රන්ථයකි.
Rs 840.00

Pali Sahithya

පාළි සාහිත්‍යය - මෙහි පාළි සාහිත්‍යයේ සංග්‍රහ ග්‍රන්ථ, වංශකථා, බුද්ධ චරිත, ධර්ම සංග්‍රහ, ව්‍යාකරණ පොත්, කෝෂ ග්‍රන්ථ, සංදේශ කථා යන මේවායේ විස්තර ඇතුළත් වේ. තවද ඉංග්‍රීසි පාළි සාහිත්‍යය ග්‍රන්ථවල ඇතුළත් නොවූ බොහෝ කරුණු හා පොත්වල විස්තර මෙහි ඇතුළත්ව ඇත.
Rs 1,400.00
Out-of-Stock

Amawathura

Out-of-Stock
අමාවතුර -  බෞද්ධ අධ්‍යාපනය ලබන ගිහි පැවිදි විද්‍යාර්ථීන්ට අත්‍යවශ්‍ය ම සම්භාව්‍ය පබැªමකි. පොළොන්නරු යුගයේ අවසානයේ දී ලියැවුණු මෙහි භාෂාව කර්ණ රසායන අමෘත ප‍්‍රවාහයකි. මේ පොත තුළින් ඒ අමෘතය ඔබත් රසවිඳ බලන්න. සම්භාව්‍ය ගණයේ ලා වියතුන් විසින් සලකනු ලබන මෙම පොත කියවීමෙන් ලැබෙන ඒ කාව්‍යමය ප‍්‍රබෝධය ඔබත් අත්දැක තිබේ ද? මෙම සංස්කරණය විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ප‍්‍රමුඛ විද්වත් මණ්ඩලයක් විසින් කරන ලද්දකි. 
Out-of-Stock

Sinhala Divyavadanaya

Out-of-Stock
සිංහල දිව්‍යාවදානය - පාඨකයන්ගේ කියවීමේ රුචිය වර්ධනය කරනු උදෙසා මෙම සිංහල දිව්‍යාවදානය ග්‍රන්ථය නව සංස්කරණයකින් හා සමාලෝචනයකින් යුතුව පාඨක ඔබට ගෙන එනු ලබයි.
Out-of-Stock

Amruthavaha Nam U Buthsarana

Out-of-Stock
අමෘතාවහ නම් වූ බුත්සරණ   -  පුරාණ බෞද්ධ සාහිත්‍යයේ අති ශ්‍රේෂ්ඨ සම්භාව්‍ය කෘතියක් ලෙස මෙම ග‍්‍රන්ථය සැලකේ. උසස් අධ්‍යාපනය හදාරන්නවුන්ට පමණක් නොව ධර්ම ශ‍්‍රවණාභිලාෂී උවසු උවැසියන්ගේ සිත් සතන් සනසන්නට මෙතරම් මාහැඟි වෙනත් ග‍්‍රන්ථයක් නැති තරම්ය. බෞද්ධ සාහිත්‍යයේ විශිෂ්ටතම නිර්මාණයක් වන මෙය අමෘත ප‍්‍රවාහයකි.    

Selalihini Sandeshaya

සැළලිහිණි සංදේශය -  සංදේශ සාහිත්‍යයේ අතිශය රසවත් කාව්‍ය නිර්මාණයන්ගෙන් යුතු පොතක් ලෙස සැලකෙන මෙය තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන් විසින් රචනා කරනු ලැබ ඇත. මෙම නව සංස්කරණය වර්තමාන සිසු පරපුරේ ප‍්‍රයෝජනය සඳහා සෑම පද්‍යයක් වෙනුවෙන් ම පද පිළිවෙල අර්ථය සහ ටිප්පනි යන අංග තුනෙන් ම සමන්විතව සැකසී තිබේ. ටිප්පනි යටතේ අර්ථාවබෝධයට අපහසු පදයන් සම්බන්ධව විස්තර දක්වා ඇති අතර සාහිත්‍යමය රසවින්දනය සඳහා ද අවස්ථාව සලසා දී තිබේ. සිසුන්ට ප‍්‍රයෝජනවත් වන පරිදි මෙහි ප‍්‍රස්ථාවනාව ද සැකසී තිබීම විශේෂත්වයකි. ප‍්‍රස්තාවනාව යටතේ ශ‍්‍රී රාහුල හිමියන්ගේ ප‍්‍රතිභාව ද එකල කවි සමය හා රාහුල හිමියන් පිලිබඳව ද  කරුණු රැසක් සඳහන් ව තිබේ. 
Rs 650.00
Out-of-Stock

Akshara Vinyasaya

Out-of-Stock
අක්ෂර වින්‍යාසය - සිංහල භාෂාවට අක්ෂර වින්‍යාසයක් අවශ්‍ය ව ඇත්තේ විකල්ප අක්ෂර නමින් අක්ෂර විශේෂයක් පවතින හෙයිනි. එනම්, සමාන ශබ්ද ඇති අක්ෂර කිහිපය බැගින් තිබෙන හෙයින් විකල්ප අක්ෂර විශේෂයක අවශ්‍යතාව මතු වී ඇත. එහිදී මතු වන ගැටළු උදෙසා මෙකී ග‍්‍රන්ථය රචනා වී ඇත. එහෙයින් පාසල් ශිෂ්‍යයින් සහ කාර්යාලයීය ප‍්‍රයෝජනය සඳහා මේ ග‍්‍රන්ථය වඩාත් ප‍්‍රයෝජනවත් වනු ඇත.

Sarala Pali Shikshakaya

හෙළ බස ඉතා හොඳින් ඉගනගත් අයෙකුට මෙමෙ ග්‍රන්ථය ඉතා පහසුවෙන් ඉගන ගත හැකිය.  පාලි ව්‍යාකරණ ග්‍රන්ථයකි. බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නායක හිමියන් විසින් රචිත අතර පැරණි මුද්‍රණයට වඩා කිවවීමේ පහසුව සහිතය..
Rs 560.00
Out-of-Stock

Eda Hela Diwa

Out-of-Stock
එදා හෙළ දිව - මහනුවර රාජධානි සමයේ ලාංකේය ජන සමාජය රොබට් නොක්ස් නම් වූ ඉංග‍්‍රීසි ජාතිකයාගේ නෙතින් විවරණය කෙරෙන මේ කෘතිය අපූර්ව ඉතිහාසය ග‍්‍රන්ථයක් සේම ලාංකේය පරිවර්තන සාහිත්‍ය කෘතීන් අතර අමරණීය කෘතියක් ලෙසින්ද වැජඹෙයි. 

Sinhala Thupa Wanshaya

ගෞතම බුදුන් වහන්සේගේ සූවිසි විවරණ කථා, දශ පාරමිතා බුද්ධ චරිතය, බුදුවීම සහ පිරිනිවන් පෑම, ධාතු නිධාන, ධර්මාශෝක රජු අසූහාර දහසක් වෙහෙර තැනීම, ලංකාවේ බුදු සසුන පිහිටුවීම මෙම පොතේ ප‍්‍රථම කොටසට ඇතුළත් වන අතර දෙවැනි කොටසින් දුටු ගැමුණු රජතුමාගේ ලෝක ශාසන සේවාව ද දශමහ යෝධයන්ගේ විස්තර ද වර්ණනා කෙරේ. අඩසිය වසකට ආසන්න කාලයක් අනුරාධපුර රාජධානියේ අණසක පැතුරූ එළාර ද්‍රවිඩ රජ පරාජය කිරීම පිළිබඳ විශ්මය දනවන කථා පුවත ප‍්‍රධාන වශයෙන් මීට ඇතුළත් වේ. 
Rs 900.00

Pali Sinhala Shabdakoshaya

පාළි භාෂාව ඉගෙන ගන්නා ආධුනිකයන්ට හා ප්‍රවීණයන්ට පහසුවන පරිදි මෙම ශබ්ද කෝෂයේ ආඛ්‍යාත ක්‍රියා රූප වර්තමාන කාලයෙන් දක්වා ඇත එමෙන්ම සමහර අප්‍රකට ක්‍රියාරූප ඒවායේ නිෂ්පත්තියද සමඟ යොදා ඇත. පූජ්‍ය මඩිතියවෙල සිරි සුමංගල නා හිමිපාණන් වහන්සේ විසින් මෙම ශබ්ද කෝෂය 1965 දී ප්‍රකාශයට පත්කොට ඇත.
Rs 3,150.00

'SELF' Investigation

Another addition to the myriads of books written on meditation particularly the Buddhist technique of vipassana Meditation Mr. U Mapa shares with the readers the invaluable lessons he learned from an insightful Buddhist monk. ...
Rs 200.00

Rebirth As Doctrine And Experience

These case studies, which make fascinating reading, lend strong evidential support to the hypothesis of rebirth and thus help to illuminate the ultimate questions concerning human destiny after death.
Rs 300.00

Aggagangna Suthraya

අග්ගඤ්ඤ සුත්‍රය - ලෝකයෙහි ආරම්භය සහ මිනිසාගේ ආරම්භය ගැන සඳහන්වන මෙය, දීඝ නිකායේ එන අග්ගඤ්ඤ සුත්‍රය සරලව ඉදිරිපත් කිරීමකි. ලෝකයේ සහ මිනිසාගේ ප්‍රභවය පිළිබඳව මෙයින් උගත හැකිය..
 
Rs 130.00

Pali Sinhala Pirith Potha

බෞද්ධ ලෝකයේ ප‍්‍රබලම ශාන්තිකර්මයක් හා ආගමික චාරිත‍්‍ර ධර්මයක් බවට පත්ව ඇති පරිත‍්‍රාණ ධර්මය පිළිබද කිරිවත්තුඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදිත ''පාලි - සිංහල පිරිත් පොත'' මෙතෙක් එම විෂය පිළිබද සම්පාදිත ශේෂ්ඨ කෘතිය ලෙස විද්වත් ලෝකයේ සම්භාවනාවට පාත‍්‍ර වී ඇත. 
Rs 2,900.00

Bodhipujai Arakshaka Seth Pirith sahitha wandana Gatha

ලොව්තුරා බුදුන් වහන්සේට ධර්ම රත්නයට හා සංඝ රත්නයට කරන පූජාවක් අතර ප්‍රතිපත්ති පූජා,ආමිසපූජා යයි දෙවැදෑරුම් වෙයි.මෙයින් බෝධිපූජා කිරීම් වන්දනාමාන කිරීම් වශයෙන් කරන ක්‍රියාවන් ආමිස ප්‍රතිපදාවට අයත්ය.සෙත් කවිද ඇතුලත් කර සම්පාදනය කර ඇති මෙම කෘතිය සැදැහැතියන්ට ඉතා වැදගත්ය.
Rs 225.00

Apala Sadaha Bodhi Puja

බෞද්ධයාගේ සිතෙහි බෝධි පූජා සදහා විශ්වාසය ඇති කිරීම හා නිවැරදිව බෝධි පූජාවක් සිදු කරන ආකාරය පැහැදිලි කිරීමත්, ඒවා සිදු කිරීමෙන් ලැබෙන ආනිසංස පැහැදිලි කිරීමත් අරමුණු කරගෙන මෙම පොත් පිංච නිර්මාණය කර ඇත.   
Rs 225.00