Rs 575.00
Best sellers
There are 2679 products.
As Deka
ඇස් දෙක
Rs 530.00
Lankave Landesi
ලංකාවේ ලන්දේසි
Rs 990.00
Jalaye Sagaunu Sandesha
ජලයෙහි සැඟවුණු සංදේශ - මසරු ඉමෝතෝ නම් ජපන් විද්වතාගේ පර්යේෂණ සහ සොයාගැනීම් පසුගිය දශක දෙක තුළ ලෝකයේ බොහෝ මිනිසුන්ගේ - ස්වභාව විද්යාඥයන්ගේ, මානවශාස්ත්රවේදීන්ගේ, ආධ්යාත්මික ගුරුවරුන්ගේ හා සාමාන්ය ජනයාගේ - මහත් අවධානයට පාත්ර විය. මන්ද යත් ඒවා ලෝකය, එහි පැවැත්මේ ස්වභාවය ගැන නව සහ විශේෂ දැනුමක් සම්පාදනය කරන නිසා පමණක් නොවේ. පුරාතනයේ සිට මනුෂ්ය යහපත හා යහපැවැත්ම සම්බන්ධයෙන් විවිධ ශාස්තෘවරුන් විසින් යෝජිත අතිමූලික ආධ්යාත්මික මූලධර්ම සමුච්ඡයක් එමගින් විද්යාත්මකව තහවුරු වන බවක් ද පෙනීයාම නිසාය. මෙම තොරතුරු රැගෙන, ජපන් බසින් මුලින් සම්පාදනය වී අනතුරුව ඉංග්රීසි භාෂාවට පෙරැළුනු ඔහුගේ ජලය ගෙනෙන සංදේශය (Message from Water) නම් පොත් මාලාව පළවෙන්නට වූයේ 2000 වසරේ සිටය. ඔබ අත පත්වන මෙම කෘතියේ මුල් ඉංග්රීසි කෘතිය ඒ අතර පළමුවැන්නයි.
Rs 1,300.00
Sarala Diviya
Out-of-Stock
සරල දිවිය - මේ සරල දිවියෙහි අඩංගු දේ මා ලියන්නේ සම්පූර්ණයෙන් මගේ අත්දැකීම් තුළිනි. ඇතැම් විට කොහේ හෝ දැක අසා ඇති කරුණක් සඳහන් කරන්නේ එයින් ඔබට, ඔබේ ජීවිතයට ප්රයෝජනයක් වෙතැයි සිතමිනි.
මගේ "චක්ර සහ විශ්ව ශක්තිය" කෘතිය කියැවූ එකි අයෙක් එය මගේ පුද්ගලික අත්දැකීම් ඇසුරෙන් ලියූ නිසා එය ආත්ම කථනයක් හෝ ආත්ම වර්ණනාවක් ලෙසින් සඳහන් කළේලු. නමුත් එහිදී ද මා කළේ මගේම අත්දැකීම් තුළින් ඔබට යමක් වටහා දීමයි. මා ලිවිය යුත්තේ මගේ අත්දැකීම් තුළින් නොවේ නම් වෙන කාගේ අත්දැකීම් තුළින් ද ?
එහෙයින් මෙය ආත්ම වර්ණනයක් නම් නොවේ. මා ජීවත් වෙන සරල ආකාරය ගැන ලියන්නැයි කීප දෙනා කළ ඉල්ලීම නිසා ය මා මේ කෘතිය ලියන්නේ.
මෙහි එක වැකියකින් හෝ, කියවන ඔබගේ ජීවිතය යහ අතට වෙනසක් වේවායි ප්රාර්ථනා කරන්නෙමි.
මගේ "චක්ර සහ විශ්ව ශක්තිය" කෘතිය කියැවූ එකි අයෙක් එය මගේ පුද්ගලික අත්දැකීම් ඇසුරෙන් ලියූ නිසා එය ආත්ම කථනයක් හෝ ආත්ම වර්ණනාවක් ලෙසින් සඳහන් කළේලු. නමුත් එහිදී ද මා කළේ මගේම අත්දැකීම් තුළින් ඔබට යමක් වටහා දීමයි. මා ලිවිය යුත්තේ මගේ අත්දැකීම් තුළින් නොවේ නම් වෙන කාගේ අත්දැකීම් තුළින් ද ?
එහෙයින් මෙය ආත්ම වර්ණනයක් නම් නොවේ. මා ජීවත් වෙන සරල ආකාරය ගැන ලියන්නැයි කීප දෙනා කළ ඉල්ලීම නිසා ය මා මේ කෘතිය ලියන්නේ.
මෙහි එක වැකියකින් හෝ, කියවන ඔබගේ ජීවිතය යහ අතට වෙනසක් වේවායි ප්රාර්ථනා කරන්නෙමි.
Rs 690.00
Dabadeni Kathikawatha Saha Bhikshu Samajaya
දඔදෙනි කතිකාවත සහ භික්ෂු සමාජය - පරිච්ඡේද පහකින් සමන්විත මෙම ශාස්ත්රීය ග්රන්ථය කතිකාවත් හා ලංකාවේ මධ්යකාලීන සංඝ සමාජය පිළිබඳ ඓතිහාසික තොරතුරු රැසක් විද්වත් පාඨකයාට සමීප කරවයි.
Rs 230.00
Mahanakama 01
මහණකම 01 - හග්ගමුවේ සිරි රතනාලංකාර හිමි සඳුන් හා මා හා ඇත්තේ වසර සතළිහකට වැඩි සබැඳියාවකි. ඓදා මෙදා සිතේ වෙනසක් නම් නැත. එහෙත් ගතේ අමුත්තක් පෙනේ. අවුරුදු තිස් ගණනක් පිරුවන් ඇදුරුවරයකු හා පිරිවෙන්පතිවරයකු ලෙස කළ සේවයෙන් දෙස් විදෙස් පතළ කිතුරැසැති පළමු පෙළේ ගිහි පැවිදි උතුමන් ඇති බව මම දනිමි. 1990 දෙසැ 31 දින ඉසිඹු ලද උන් වහන්සේ හා පිළිසඳරේ යෙදී සිටි එක්තරා දිනක "දැන් විවේකවනෙ ඔබ වහන්සේ පන්සලේ වැඩ ඉන්නෙ. පොත් ලියන්නැ" යි ඇරයුම් කළෙමි.
ඒ අනුව මෙම පොතේ වැඩ බාගයක් කෙරීගෙන යද්දී දකුණතේ ඇඟිලිවල හිරියක් සෑදී රෝගීව සියලු කටයුතු නවතා දමා ඇඳටත් පුටුවටත් සීමා වූහ. නමුත් මගේ බලවත් ඇවැටිල්ල නිසාම පටන් ගත් දෙය අවසන් කළ යුතුයැ යි ගත් තීරණය මතය මෙය ඔබ වෙත එන්නේ.
එහෙත්, කෙසේ හෝ මෙහි දෙවන කොටස වෙසෙසින් උපසපන් හිමිවරුනට ඇවැසි දෙයින් සැරසී එළි දැක්වීමට ද මම මහන්සි ගනිමි.
ඒ අනුව මෙම පොතේ වැඩ බාගයක් කෙරීගෙන යද්දී දකුණතේ ඇඟිලිවල හිරියක් සෑදී රෝගීව සියලු කටයුතු නවතා දමා ඇඳටත් පුටුවටත් සීමා වූහ. නමුත් මගේ බලවත් ඇවැටිල්ල නිසාම පටන් ගත් දෙය අවසන් කළ යුතුයැ යි ගත් තීරණය මතය මෙය ඔබ වෙත එන්නේ.
එහෙත්, කෙසේ හෝ මෙහි දෙවන කොටස වෙසෙසින් උපසපන් හිමිවරුනට ඇවැසි දෙයින් සැරසී එළි දැක්වීමට ද මම මහන්සි ගනිමි.
Rs 190.00
Theravada Samanera Bana Daham Potha
Out-of-Stock
ථෙරවාදී සාමණේර බණදහම් පොත - ථෙරවාදී සාමණේර බණ දහම් පොත, පණ්ඩිත රංජිත් වනරත්න (බී.ඒ.) මහතා විසින් සම්පාදිත ථෙරවාදී සාමණේර බණ දහම් පොත කියවා බැලීමි. මෙයට පෙර මුද්රිතව ඇති සාමණේර බණදහම් පොත් හි හා හැම කරුණක්ම මෙහි ඇතුළත්ව ඇත. එයට වැඩි පුරත් ශාසන ඉතිහාස සරාංශය ද, කතිකාවතක් ද, ප්රත්යවෙක්ෂාර්ථ ද, සේඛියාවන්ගේ අර්ථ ද, පැවිදි කිරීමට නොසුදුස්සන් හැඳින්වීම ද, උපසම්පදාපෙක්ෂකයන් විසින් කටපාඩම් කරගත යුතු දෑ ද, පුණ්යානුමෝදනාවක්යයක් ද ඇතුළත් ව ඇත. එබැවින් මෙය බොහෝ සෙයින් අංග සම්පූර්ණ සාමණේර බණදහම් පොතකි.
Rs 750.00
Nivanata Magahelikarana Upasampadava
නිවනට මගහෙලිකරන උපසම්පදාව - ලංකා භික්ෂුණී ශාසනය සියවස් ගණනාවකට පෙර අභාවයට පත්විය. එහෙත් ලාංකීය කුල කාන්තාවෝ කසාවතින් සැරසී හිමිතැන ද නොලැබ ධර්මානුකූලව බඹසරෙහි හැසිරුණි. යළිලද උපසම්පදාවෙහි ප්රභාව තුළ රැඳෙමින් වෑකඩ භදා තෙරණින් විසින් බුද්ධකාලීන හා පශ්චාත්කාලීන ආගමික තත්ත්වයන් අධ්යනය කොට නිවනට මඟ හෙළිකරන උපසම්පදාව මැයෙන් යුතුව මෙම කෘතිය එළි දක්වන්නීය. හුදු වර්ණයන්ගෙන් බැහැරව ධර්ම කරුණු රැසක එකතුවක් ලෙස මෙය හැඳින්වීම වඩාත් යෝග්යය.
Rs 275.00
Bhikshuni Samajaya - Buddhakalina Thorathuru Ashritha Adhyanayak
භික්ෂුණී සමාජය - බුද්ධකාලීන තොරතුරු ආශ්රිත අධ්යනයක් - කැළණිය විශ්වවිද්යාලයේත්, ඊට අනුබද්ධ පාලි හා බෞද්ධ අධ්යයන පශ්චාත් උපාධි ආයතනයේත්, මාගේ උපදේශකත්වය යටතේ දර්ශනපති හා දර්ශන විශාරද උපාධි පර්යේෂණයන්හි වසර ගණනාවක් අතිමහත් ධෛර්යයකින් හා විශාල කැපවීමකින් යුතුව කටයුතු කළ, ඌව වෙල්ලස්ස විශ්වවිද්යාලයේ කළමනාකරණ පීඨයේ, රාජ්ය පරිපාලන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිශාදිනී පීරිස් මහත්මිය සහජ හැකියාවන් රැසක් සහිත තැනැත්තියකි. උපදේශන විෂයෙහි ලා ඇයගේ දක්ෂතාව දිවයිනේ ප්රසිද්ධ විශ්වවිද්යාල කිහිපයක ප්රායෝගික හා න්යායික අධ්යාපන කාර්ය්යන්ගේ සාර්ථකත්වය තුළින් සනාථ වේ. ඉංග්රීසි සිංහල භාෂා දෙකින්ම කටයුතු කිරීමේ හැකියාවක් ඇති ඇය දේශීය හා ජාත්යන්තර සම්මන්ත්රණවල දී ඇයගේ පුළුල් විෂය ඥානය හා පර්යේෂණ හැකියාව ප්රදර්ශනය කර ඇත. ඇයගේ පර්යේෂණ ගණනාවක් අතුරින් ප්රකාශයට පත්වන මෙම කෘතිය ඇය ලබා ඇති ශාස්ත්රීය දියුණුවෙහි ඉතා සුළු ප්රමාණයක් නියෝජනය කරන්නක් බව මාගේ විශ්වාසයයි.
Rs 450.00
Bhikkupathimokkan
භික්කුපාතිමොක්ඛං - 'සෞන්දර්ය පිළිබඳ බෞද්ධ ආකල්පය', 'පාලි අට්ඨකතාවන්හි පිළිබිඹු වන ව්යාකරණ සම්ප්රදාය' වැනි ශාස්ත්ර්රීය ග්රන්ථ හා සංස්කරණ ග්රන්ථ රාශියක් මුද්රණය කරවා ඇති උන්වහන්සේ පාඨකයන් වෙත ඉදිරිපත් කරන "භික්ඛුපාතිමොක්ඛං" නමැති මෙම කුඩා පාඨ ග්රන්ථය භික්ෂු භික්ෂුණී උභය ප්රතිමෝක්ශයෙහි ඇතුළත් ශික්ෂාපද සංග්රහයකි. විනය ශික්ෂාපද හදාරන අයට අත්පොතක් වශයෙන් මෙය භාවිත කළ හැකිය. බුද්ධශාසනයේ චිරස්ථිතිය සඳහා විනය ශික්ෂාපද ආරක්ෂා කිරීම බෙහෙවින් ඉවහල් වන බව සාම්ප්රදායික පිළිගැනීමයි. පිරිවෙන් අධ්යාපනය ලබන සිසුන්ට පාලි විනය ශික්ෂාපද වාචෝද්ගත කොට හැදෑරීමේ දී මෙම ග්රන්ථය බෙහෙවින් ප්රයෝජනවත් වන බව කිව හැකිය.
Rs 150.00
Sansara Mandira -II obe Karmaya Suvapath Kirima
Out-of-Stock
සංසාර මන්දිර - 2 ඔබේ කර්මය සුවපත් කිරීම - ජිනා සෙර්මිනාරා මහත්මියගේ Many Mansions Part 2 කෘතියේ සිංහල පරිවර්තනය "දිවි මතින්" එහි පළමු කොටස වේ. සංසාර මන්දිර නමින් Many Mansions Part 1 කෘතිය සිංහලට පරිවර්තනය කළෝ අපවත් වී වදාළ පූජ්ය කන්නිමහර සුමංගල පඬි හිමිපාණෝ යි. Many Mansions Part 2 සහ World Within කෘතියේ සෑහෙන කොටසක් ද එතුමන් විසින් සිංහලට පරිවර්තනය කරන ලදී. Many Mansions Part 2 සහ World Within කෘති දෙක අතර සමානතා ඉතා බොහෝ ය.
Rs 1,000.00
Kirinda Puraviddayathmaka Saha Samaja Widdayathmaka Wivaranayaki
කිරින්ද පුරාවිද්යාත්මක සහ සමාජ විද්යාත්මක විවරණයකි - කිරින්ද ඔබ අතට පත්වනුයේ නවතම කරුණු ගණනාවක් සමඟින් ය. කිරින්ද ගැන අප දැන සිටියේ විහාර මහා දේවිය ගොඩ බැස්ස තැන හැටියට ය. නමුත්, ඊට වඩා විෂය පරාසයක් වෙත මෙහි කතුවරයා අපව ගෙන එයි.
කිරින්දේ ප්රාග් ඓතිහාසික ගල්ලෙන් ගැනත් සෙල්ලිපි තුනක්ම කිරින්දේ ඇති බවත් මුල්මවරට අපට දැන ගැනීමට ලැබෙනුයේ කිරින්ද කෘතියෙනි. මෙවැනි අනගි කරුණු ගණනවකින් සමන්විත කිරින්ද දක්ෂිණ ශ්රී ලංකාවේ වෙහෙර විහාර වන්දනා චාරිකාවේ යන ඔබ අතේ තිබිය යුතු කෘතියකි.
කිරින්දේ ප්රාග් ඓතිහාසික ගල්ලෙන් ගැනත් සෙල්ලිපි තුනක්ම කිරින්දේ ඇති බවත් මුල්මවරට අපට දැන ගැනීමට ලැබෙනුයේ කිරින්ද කෘතියෙනි. මෙවැනි අනගි කරුණු ගණනවකින් සමන්විත කිරින්ද දක්ෂිණ ශ්රී ලංකාවේ වෙහෙර විහාර වන්දනා චාරිකාවේ යන ඔබ අතේ තිබිය යුතු කෘතියකි.
Rs 490.00
Navathimama ya Gamana
නැවතීමම ය ගමන - බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් සද්ධර්මයේ හරය චතුරාර්ය සත්යයයි. උන් වහන්සේ පුරා පන්සාලිස් වසක් තිස්සේ ගම් දනව් සිසාරා වැඩම කරමින් ප්රාතිහාර්ය සහිතව, විවිධ පර්යායන්ගෙන් දේශනා කොට වදාළේ මේ උතුම් චතුරාර්ය සත්ය ධර්මයයි.
පසුව ලේඛනගත වූ මේ උතුම් ධර්මයට මේ වන විට සිය දහස් ගණන් පරිවාර ග්රන්ථ ලියැවී ඇත. ඒ නිසා ම මේ ධර්මය සාමාන්ය ජනයාට අවබෝධ කර ගැනීම වඩාත් සංකීර්ණ කරුණක් බවට පත් ව ඇත. අද දවස මේ ධර්මය අවබෝධ කරගනු කැමති පින්වතා පූර්වනිගමනවලින් තොරව, කිසිදු දෘෂ්ටියකට හසු නොවී, තමන්ගේ පෞද්ගලික විශ්වාසන්ට සහ පිළිගැනීම්වලට ගැති නොවී, පුද්ගලාබද්ධ පැහැදීම්වලට යට නොවී, අපක්ෂපාතීව මේ ධර්මය දෙස බැලිය යුතු ය.
මේ ධර්ම දේශනා එකතුව වනාහි එසේ වඩාත් නිදහස් ව, නිවහල්ව, ස්වාධීනව ඒ උතුම් ආර්ය සත්ය ධර්මය දෙස බැලීමටත් අවබෝධ කර ගැනීමටත් ඔබට මඟ සලසනු ඇත.
පසුව ලේඛනගත වූ මේ උතුම් ධර්මයට මේ වන විට සිය දහස් ගණන් පරිවාර ග්රන්ථ ලියැවී ඇත. ඒ නිසා ම මේ ධර්මය සාමාන්ය ජනයාට අවබෝධ කර ගැනීම වඩාත් සංකීර්ණ කරුණක් බවට පත් ව ඇත. අද දවස මේ ධර්මය අවබෝධ කරගනු කැමති පින්වතා පූර්වනිගමනවලින් තොරව, කිසිදු දෘෂ්ටියකට හසු නොවී, තමන්ගේ පෞද්ගලික විශ්වාසන්ට සහ පිළිගැනීම්වලට ගැති නොවී, පුද්ගලාබද්ධ පැහැදීම්වලට යට නොවී, අපක්ෂපාතීව මේ ධර්මය දෙස බැලිය යුතු ය.
මේ ධර්ම දේශනා එකතුව වනාහි එසේ වඩාත් නිදහස් ව, නිවහල්ව, ස්වාධීනව ඒ උතුම් ආර්ය සත්ය ධර්මය දෙස බැලීමටත් අවබෝධ කර ගැනීමටත් ඔබට මඟ සලසනු ඇත.
Rs 600.00
The Buddha In History And Tradition
Out-of-Stock
The Buddha In History And Tradition - This booklet is about the Buddha, the founder of Buddhism, one of the greatest religions of our time.
Rs 300.00
Stories Of The Buddha-Selections From The Jataka
Out-of-Stock
Stories Of The Buddha-Selections From The Jataka - The collection of about 550 stories, entitled "Jataka" or "The jatakas" is included in the second of the threefold Pali (Buddhist) Canon, known as the Pitakas.
Rs 950.00
Sathipattana Suthraya Eya Ada Bhavithayata Ganieema
සතිපට්ඨාන සූත්රය එය අද භාවිතයට ගැනීම - සතිපට්ඨාන සූත්රය පිළිබඳව සඳහන් වේ.
Rs 100.00
Budu Himi Pirinivimata Pera
බුදු හිමි පිරිනිවීමට පෙර - බුදුන් වහන්සේගේ ජීවන චරිතයේ අවසාන පරිච්ඡේදයට අයත් කතාන්දරවලින් හා ධර්ම විවරණ වලින් ද මෙය යුක්තය. තවත් අයුරකින් කිවහොත් බුදු රදුන් පිරිනිවන් පෑමට ගමන් කළ මාර්ගයෙහි අතරතුර සිදු වූ සිදුවීම් සහ කරන ලද දේශනා අන්තර්ගතය.
Rs 250.00
Rahathan Wahanse
Out-of-Stock
රහතන් වහන්සේ - සැබෑ රහතන් වහන්සේ කෙනෙකු හඳුනා ගැනීමට උපකාර වනු පිණිස සූත්ර පිටකය ඇසුරින් මෙම පොත ලියා ඇත.
Rs 350.00
Thripitaka Dharma Grantha Pilibada Hadinveemak
ත්රිපිටක ධර්ම ග්රන්ථ පිළිබඳ හැඳින්වීමක් - ත්රිපිටක ධර්ම ග්රන්ථ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම කෘතිය හඳුන්වා දී ඇත.
Rs 200.00
Suthra Pitakaya Hela Basata
Out-of-Stock
සුත්ර පිටකය හෙළ බසට - සූත්ර පිටකයෙහි අඩංගු කරුණු අලුතින් පෙන්වා දීම මෙම කෘතිය තුළින් පෙන්වා දෙයි.
Rs 160.00
Agarika Prathipadava
අගාරික ප්රතිපදාව - මෙම ග්රන්ථයෙන් විස්තර වන්නේ ගිහියන් විසින් දැනගත යුතු බෞද්ධ ආචාර ධර්ම අංශයෙහි ලා සැලකිය හැකි කරුණු සමූහයකි.
Rs 425.00
Saptha Suryodgamanaya Hevath Loka Winashaya
Out-of-Stock
සප්ත සූර්යෝද්ගමනය හෙවත් ලෝක විනාශය - සප්ත සූර්යෝද්ගමනය හෙවත් ලෝක විනාශය පිළිබඳව ඇවැසි කරුණු නියතව පසක් කරනු පිණිස මෙම කෘතිය රචනා කොට ඇත.
Rs 300.00
Junior Part 2-Suggested Answers For Abhidhamma Questions
Junior Part 2-Suggested Answers For Abhidhamma Questions
Rs 180.00
DhammaPadaya Sinhala Artha Wiwaranaya
ධම්මපදය - වනාහි බොදු ජනතාවගේ අත්පොත වශයෙන් සම්භාවිත වූ ධර්ම ග්රන්ථයයි. එයට ප්රධාන හේතුව බුදුදහමේ සාරය එක්පිඩක් කොට කියවනු කැමැත්තෙකුට ධම්මපදයෙන් ලැබිය හැකි අනුග්රහය ප්රමාණ කළ නොහැකිවීම විය හැකිය. ධම්මපදය සදහා ලංකාවේ එදා මෙදා තුර බිහිව ඇති සංස්කරණ හා විවරණ සමූහයම මෙයට ඇති අගය විශද කරවයි . වියත් ගත් කතුවරයන් වහනසේ නමක් වන කෝට්ටේ ශ්රී සාමාග්රී ධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය සහ කාරක සංඝ සභික ආචාර්ය උඩුගම්පොළ හේමරතන හිමියන් විසින් සංස්කරණය කරණ ලද මෙම ධම්මපද විවරණය දැනට ඇති සංස්කරණයන් හා සැසදීමෙිදී සාමාන්ය සිංහල පාඨකයාගේ අර්ථ අවබෝධයට පහසුවන එකක් බව නොබියව කිවහැකිය.
Rs 1,770.00
The Mission Accomplished
A historical analysis of the Mahaparinibbana Sutta of the Digha Nikaya of the Pali Canon. The Mission Accomplished is undoubtedly an eye opening contribution to Buddhist analytical Pali studies. In this analytical and critical work Ven. Dr. Pategama Gnanarama enlightens us in many areas of subjects hitherto unexplored by scholars. His views on the beginnings of the Bhikkhuni Order are interesting and refreshing. They might even be provocative to traditional readers, yet be challenging to the feminists to adopt a most positive attitude to the problem. Prof. Chandima Wijebandara, University of Sri Jayawardhanapura, Sri Lanka.
Rs 325.00
Sankshiptha Indiyanu Ithihasaya
Out-of-Stock
සංක්ෂිප්ත ඉන්දියානු ඉතිහාසය - සංක්ෂිප්ත ඉන්දියානු ඉතිහාසය නමින් ප්රකාශිත මෙම ග්රන්ථය විශ්වවිද්යාල අභ්යන්තර සහ බාහිර විභාග සඳහා වූ ඉන්දියානු ඉතිහාසය පිළිබඳ විෂය නිර්දේශ අනුව සකසා ඇත. එසේ ම අධ්යාපන පොදු සහතික පත්ර උසස් පෙළ විෂය හදාරන සිසුන් සඳහාත් සෙසු උසස් විභාග සඳහාත් ඈත අතීතයේ සිට මධ්යතන අවධියේ අවසානය දක්වා ඉන්දියාවේ ඉතිහාසය විෂයයක් වශයෙන් හදාරන සිසුන්ට ද මෙය ප්රයෝජනයත් වේ.
Rs 950.00
Manomandira
මනෝමන්දිර - මහගම සේකර මහතාගේ දෙවන කෙටිකතාව මෙය යි. මෙහි එන චරිත කාල්පනික ය.
Rs 750.00
Mahanagakula Sandeshaya
මහානාගකුල සංදේශය - '13 වැනි සියවසෙහි රචිත මහානාගකුල සන්දේසය පොළොන්නරු යුගයේ දක්ෂිණ ලංකාවේ සුප්රකට විහාරස්ථානයක් මෙන් ම ධර්ම ශාස්ත්රාලයක් ද වන රම්බා විහාරයෙහි සිට බුරුමයේ අරිමද්දනපුර වැඩවිසූ සංඝරක්ඛිත හිමිපාණන් වෙත යවන ලද පාලි සංග්රහයකි.'
Rs 400.00
Sanshayawadi Rachana
සංශයවාදී රචනා
Rs 350.00
Abhidharmaya
Out-of-Stock
අභිධර්මය - පසුගිය ප්රශ්න පත්ර සහ පිළිතුරු පත්ර I,II - මෙම ග්රන්ථය බෞද්ධ ධර්මාචාර්ය විභාගයට අභිධර්ම විෂයට අවශ්ය ප්රශ්නෝත්තර සංග්රහයකි. මෙම ප්රශ්නෝත්තර සංග්රහය පරිශීලනය කිරීමෙන් පිළිතුරු ගොනු කළ ආකාරය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගත හැකි ය.
Rs 300.00
Bauddha Winaya Margaya Ha Pali Bhasha Parichaya
Out-of-Stock
බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය - පසුගිය ප්රශ්න සහ පිළිතුරු පත්ර I,II - දහම් පාසල් බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය යන විෂයට ප්රශ්නෝත්තර සංග්රහය දහම් අධ්යාපනය ලබන දරුවන්ට තම විභාග ඉලක්ක ජය ගන්නට මහත් අත්වැලකි. මෙම ප්රශ්නෝත්තර සංග්රහය පරිශීලනය කිරීමෙන් පිළිතුරු ගොනු කළ ආකාරය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගත හැකි ය.
Rs 350.00
Theravadi Buddha Dharmaye Mulika Iganveem
ථේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් - පසුගිය ප්රශ්න සහ පිළිතුරු පත්ර I-II
Rs 300.00