Best sellers

Pinketha

පින්කෙත - ජයසේන ජයකොඩි මහතා විසින් රචිත අනර්ග නව කතාවකි 'පින්කෙත'.  නව කතා කියවීමට ප්‍රිය ළමා, වැඩිහිටි පාඨකයනට මෙය කදිම ග්‍රන්ථයක් වේ.
Rs 500.00

Yuganthaya

යුගාන්තය - සමාජය තුළ පවත්නා විවිධ වූ චරිත ස්වභාවයන් මනා කොට හුවා දක්වමින් ලියැවුණු යුගාන්තය නව කතාව මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ඉමහත් වෑයමකින් නිමැවුණු අති සාර්ථක කලා කෘතියකි. 
Rs 900.00

Madol Doova

මඩොල් දූව - අඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල් දූව නවකථාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම් වලින් සැරසී තිබේ.
Rs 525.00

Ape Gama

අපේ ගම - මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත අපේ ගම නම් කෘතිය දකුණු පළාතේ එක් සුන්දර වූ ගමක සිටි දරුවකු වටා ඇති රුචි අරුචිකම් හා ගැමි පරිසරය පාදක කොට ගෙන ලියැවුණකි. එයින් එම දරුවා ගැන විස්තර කිරීමට යොමු වූවා නොව ඔහු තුළින් ගම දැකීමට උත්සාහ කර ඇති බවකි හැඟනුයේ. 
Rs 450.00

Gamperaliya

ගම්පෙරළිය - බටහිර කරණය ටිකෙන් ටික මුල් බැස ගන්නවාත් සමඟම සිංහල ග්‍රාමීය පවුලක ඇති වූ වෙනස්කම් හුවා දක්වමින් රචිත කලියුගය, ගම්පෙරලිය හා යුගාන්තය පිළිවෙලට කියවා රස විඳීමට යෝග්‍ය වන අතර වෙන් වෙන්ව කියවූවද මෙහි රසයෙහි අඩුවක් නොවේ. 
Rs 900.00
Out-of-Stock

Pashchath Navyavadaya

Out-of-Stock
පශ්චාත් නව්‍යවාදය කෙටි හැඳින්වීමක් - පශ්චාත් නව්‍යවාදය වූකලී අතිශයින් සංකීර්ණ විෂයයකි. කොටස් තිස් පහකින් සමන්විත මේ විචාර ලිපියෙන් පශ්චාත් නව්‍යවාදය හා සම්බන්ධ මුඛ්‍ය ලක්ෂණ ඉතා සැකෙවින් හදුන්වා දී ඇත.

Pali Pata Saraniya-Nawa Nirdeshaya

පාලි පාඨ සරණිය - මෙහි පදගතාර්ථය, සරල අදහස ව්‍යාකරණ විභාග ආදී විෂය මූලික කරුණු පිළිබද විශේෂ අවධානයක් යොමු කරමින් 2017 වසරේ සිට ක‍්‍රියාත්මක අ.පො.ස. උසස් පෙළ (පාලි විෂය) නව නිර්දේශයට අනුව සම්පාදනය කර ඇත.
Rs 1,400.00
Out-of-Stock

Sanskrutha Sahithya Ithihasaya

Out-of-Stock
සංස්කෘත සාහිත්‍යය ඉතිහාසය - වෛදික සංස්කෘතයේ සෘග්වේද යුගයේ පටන් ලෞකික සංස්කෘතය හා බෞද්ධ සංස්කෘතයේ පසුකාලීනව වැඞීගිය විෂය ක්‍ෂෙත‍්‍ර අළලා මෙකී ග‍්‍රන්ථය රචනා කර ඇත.

Sanskrutha Sahithya

සංස්කෘත සාහිත්‍යය - සම්පූර්ණ සංස්කෘත සාහිත්‍යය අළලා ජී. එස්. බී. සේනානායක මහතුන් විසින් මේ සාහිත්‍යය ඉතිහාස ග‍්‍රන්ථයෙන් සිංහලෙන් සංස්කෘතය හදාරණ ශිෂ්‍යයන්හට මෙන්ම ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ කියවීමෙහි රුචිකම් දක්වන සෙසු පාඨකයන් හටද නොමද ප‍්‍රයෝජන ලැබිය හැකිය.
Rs 2,065.00

Sanskrutha Mahakavya Sahithya

සංස්කෘත මහාකාව්‍යය සාහිත්‍යය - සංස්කෘත භාෂාව සහ සාහිත්‍යය හදාරණ පාරිවේණික ශිෂ්‍යයන්ගේ සහ උසස්පෙළ එම විෂය හදාරණ ශිෂ්‍යයන්ගේ සංස්කෘත භාෂා සාහිත්‍යය ඥාණය වර්ධනය කිරීමට උපයෝගී වන පරිදි අතිරේක පාඨ ග‍්‍රන්ථයක් වශයෙන් මෙම කෘතිය සම්පාදනය කර ඇත.
Rs 150.00

Sethubandhamahakavyam

සෙතුබන්‍ධමහාකාව්‍යම් - සෙතුබන්‍ධය මහාරාෂ්ටී ප‍්‍රාකෘතයෙන් ලිය වී ඇති උත්කෘෂ්ටතම මහාකාව්‍යය වශයෙන් සම්භාවනාවට පාත‍්‍ර වී ඇත. වාල්මීකි රාමායණ කථා ප‍්‍රවෘත්තිය ඇසුරෙන් මෙහි ඉතිවෘත්තය නිර්මාණය වී ඇත. වානරසේනා සංවිධානය කොට රාවණ හා යුද්ධාරම්භ කිරීම පටන් රාවණ ඝාතනය තෙක් වන රාම කථාව මෙහි නිර්මාණාත්මක ලෙස විකාසනය වේ. 
Rs 360.00

Pali Patha Sangrahaya- Pali Nava Wishaya Nirdeshaya Sadaha Nirdishta

පාලි පාඨ සංග‍්‍රහය - නිර්දිෂ්ඨ ග‍්‍රන්ථය හැදින්වීම, පදගතාර්ථ දැක්වීම, ව්‍යාකරණ විභාගය දැක්වීම හා ධර්මාර්ථ විවරණය විභාගයට උචිත පරිදි සකසා ඇති මේ කෘතිය අ.පො.ස. උසස් පෙළ 2017 නව නිර්දේශය අනුව (පාලි විෂය) සදහා සම්පාදනය කර ඇත.
Rs 1,550.00
Out-of-Stock

Sanskruthanamakyathapadamalika

Out-of-Stock
සංස්කෘතනාමාඛ්‍යාතපදමාලිකා (සංස්කෘත නාමාඛ්‍යාත වරනැගිල්ල) - සංස්කෘත උගන්නා ආධුනිකයන්ගේ ප‍්‍රයෝජනය පිණිස සම්පාදනය කළ ග‍්‍රන්ථයකි.

Sanskrutha Thruthiyadarsha Wanarathana Vyakya

සංස්කාත තෘතියාදර්ශී (වනරත්න ව්‍යාඛ්‍යා) - සංස්කෘත ඉගෙනීම සඳහා ද්විතියාදර්ශ අවසන් කර ඇති ඔබ, ඊළඟට මෙම පොත පරිශීලනය කරන්න. මතක තබාගත හැකි රසවත් කථා ගණනාවක් සංස්කෘත භාෂාවෙන් ඉදිරිපත් කර ඇත. ඒ අනුව සංස්කෘත වචන මතක තබා ගැනීමට පහසු කර තිබේ. පිරිවෙන් අධ්‍යාපනික පොතකි.
Rs 370.00

Kadambari-Uththarabhagaya 01

කාදම්බරී උත්තරභාගය - 1 - ප්‍රාචීන පණ්ඩිත අවසාන පරීක්ෂණය සදහා නිර්දිෂ්ට මෙය සංස්කෘත භාෂාව හා සාහිත්‍ය හදාරණ කවරෙකු විසින් වුවද ඒකාන්තයෙන් ම පරිශීලනය කළ යුතු කෘතියකි. 
Rs 950.00

Sanskrutha Prathama Pusthakaya

සංස්කෘත ප‍්‍රථම පුස්තකය - සංඥා, ධාතු, ක‍්‍රියා, නාම පද, විභක්තීන්හි වරනැඟීම, ලිංග භේදය, විභක්ති ප‍්‍රත්‍ය, අව්‍ය පද, ඒක වචන, ද්වී වචන, බහු වචන, කෘදන්ත, හලන්ත ශබ්ද, පරෙසෙම පද, ආත්මතෙ පද, සර්වනාම (ව්‍යඤ්ජන සන්ධි*, සන්ධි ආදී ව්‍යාකරණ විධි සම්බන්ධ විස්තර අඩංගු පොතකි.
Rs 280.00
Out-of-Stock

Sanskrutha Namakyatha Vivaranaya

Out-of-Stock
සංස්කෘත නාමාඛ්‍යාත විවරණය -  සංස්කෘත භාෂාවේ නාම සහ ආඛ්‍යාත පද සෑදෙන ආකාරය වෘද්ධි වන ආකාරය සහ වරනැගෙන ආකාරය ඉතා පැහැදිලිව විවරණය කර තිබේ. සිංහල පෙළ සමග දේවනාගරි පෙළ ඉදිරිපත් කර ඇති අතර ශිෂ්‍යයන්ට ඉතාමත් ප‍්‍රයෝජනවත් ලෙස සැකසී ඇත. ගුරුවරුන්ට ද, ගුරුඅත් පොතක් වශයෙන් බොහෝ සෙයින් වටිනාකමක් ඇති සංස්කෘත භාෂා ගුරුපොතකි. මාර්ගෝපදේශයකි. 

Dhammapadattha Katha Wanarathna Vyakaya

ධම්මපදට්ඨ කථා වනරත්න ව්‍යාඛ්‍යා (අග්ගසාවක වත්තු) - පිරිවෙන්හි අධ්‍යාපනය සඳහා ලියැවුණ මෙම ග‍්‍රන්‍ථයට අග්ගශ‍්‍රාවක වත්‍ථූ නියමිත පාලි භාෂාවෙන් ද ඉන්පසු එක් එක් පාළි වචනයට සිංහල අර්ථය සපයමින් ද අනතුරුව සම්පූර්ණ අගසව් කථාව සිංහල භාෂාවෙන් ද ඉදිරිපත් කර තිබේ. ටිප්පණි සහ ආඛ්‍යාන විභාගය ද දීර්ඝ වූ ප‍්‍රස්තාවනාව ද ඉගෙන ගන්නා අයට අතිශයින් වැදගත් ය.
Rs 150.00
Out-of-Stock

Poojawaliya-Prachina Prarambha Vibhagayata Niyamitha (18-29)

Out-of-Stock
පූජාවලිය - මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත‍්‍ර මයුරපාද හිමියන් විසින් බුදුන් වහන්සේගේ ‘‘අරහං’’ ගුණය අරභයා ලියන ලද මෙහි එක් එක් පරිච්ඡ්දයන්හි පිරිවෙන් සිසුන් වෙනුවෙන් අභ්‍යාස සහ ගැටපද විමසුමක් ද යොදා තිබේ. 

Sarala Sanskruthashikshakaya 2

සරල සංස්කෘත ශික්ෂකය 2 - මෙය සරල සංස්කෘත ශික්ෂක නම් පොත් පෙලේ දෙවැන්නයි. සකුව හදාරණ ආධුනිකයන්හට සරල මගකින් එය ඉගැන්වීම සදහා සකස් කරන ලද්දකි.
Rs 840.00

Panchathanthraya Aparikshithakarakaya

පඤ්චතන්ත‍්‍රය අපරීක්‍ෂිතකාරකය - ප‍්‍රාචීන විභාග සදහා නිර්දේශිත මෙම කෘතිය නාගර අක්ෂර සහ ව්‍යාඛ්‍යාව ද සහිතව සම්පාදනය කරන ලද්දකි.
Rs 340.00

Panchathanthra - Mithrasamprapthi

පඤ්ච තන්ත්‍ර - මිත්‍ර සම්ප්‍රාප්ති - ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය සදහා ඉදිරිපත් වන විද්‍යාර්තීන්ගේ අධ්‍යයනය සදහා නාගර අක්‍ෂර, විචාර, පදගතාර්ථ, අර්ථ විවරණය හා ව්‍යාකරණ විවරණය සහිතව සංස්කරණය කරන ලද්දකි. 
Rs 1,100.00
Out-of-Stock

Thera Rachana

Out-of-Stock
 ථෙර රචනා - මහ ඇදුරු වල්පොළ රාහුල මහතෙරුන් විසින් රචිත ශාස්ත‍්‍රීය ලිපි සරණියකි. බටහිර ලෝකයේ බුදු දහම ව්‍යාප්ත වීම හා ඒ හා සම්බන්ධ ඓතිහාසක කරුණු පිළිබඳවත්, සෙන් බුදුදහමේ ප‍්‍රායෝගික භාවනා කමටහන් පිළිබඳවත් ථෙරවාදී හා මහායාන දර්ශනයන් හි  මුලික සංකල්ප කිහිපයක් පිළිබඳවත් තුලනාත්මක විග‍්‍රහයක් මෙමගින් සිදු කොට ඇත.  
Out-of-Stock

Obe Sithivili Niweradi Karaganna

Out-of-Stock
ඔබේ සිතිවිලි නිවැරදි කරගන්න - දකුණු ආසියාවේ ප්‍රථම අසාමාන්‍ය චින්තන පුහුණුකරු වන K. R. Ravi විසින් රචිත Thinking About Thinking  ග්‍රන්ථයේ  සිංහල පරිවර්තනය ලෙසින් මෙය හඳුන්වා දිය හැක.

Mul Lama Viye Daruvanta Iganveeme Nawa Krama

මුල් ළමා වියේ දරුවන්ට ඉගැන්වීමේ නව ක්‍රම - උදෙසා මුල් ළමා විය නිවැරදි ලෙසම සංවර්ධනය කිරීමෙහිලා ඇති වගකීම දෙමාපියන් හා ගුරු භවතුන් වන ඔබ සතු වේ. එබැවින්, ඒ සඳහා ඔබට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම මෙම කෘතිය මගින් ලබා දෙනු නොඅනුමානය. 
Rs 1,000.00

Theravadi Bauddha Darshanaya Dharmavada Pariksha

ථේරවාද බෞද්ධ දර්ශනය : ධර්මවාද පරීක්‍ෂා - භාෂාන්තර වශයෙන් වඩාත් පැරණි යැයි පිළිගැනෙන පාලි ත‍්‍රිපිටක බුද්ධ වචනයෙහි ඇතුළත් මූලික ප‍්‍රස්තුතයන් කිහිපයක්, ථෙරවාදී පඬිවරුන් පශ්චාත් කාලීන අටුවා ටීකාදියෙහි විවරණය කොටඇති අයුරුත්, එහිදී ඔවුනට ප‍්‍රතිපක්ෂ වූ බෞද්ධ චින්තකයන්ට ප‍්‍රතිචාර දක්වා ඇති අයුරුත් පරීක්‍ෂාවට ලක් කෙරෙන ඉතා වැදගත් ශාස්ත‍්‍රීය කෘතියකි.
Rs 475.00

Darshanayata Athwelak

දර්ශනයට අත්වැලක් - උසස් අධ්‍යයන කාර්යයන්හි නිරත විද්‍යාර්ථීන්ගේ ප‍්‍රයෝජනය සදහා සම්පාදනය වූ මෙය දර්ශන විෂයයට උපකාරක ග‍්‍රන්ථයකි.
Rs 413.00

Bauddha Samaja Darshanaya

බෞද්ධ සමාජ දර්ශනය - සමාජයක් මිනිසාත් පිළිබදව බුදු හිමියන් වහන්සේගේ විමසුම සනාතනික ය. එහෙයින් ම, බෞද්ධ දර්ශනයේ අඩංගු ඥාන මණ්ඩලය මෙහෙයවමින්, මේ අප වෙසෙන යුගය සතු සංකීර්ණ සමාජ අර්බුද හා ප‍්‍රවනතා අර්ථවත් ලෙසත් ප‍්‍රායෝගික ලෙසත් විශ්ලේෂණය කළ හැකිය යන නිගමනය මේ කෘතියෙහි පදනම වන්නේ ය.
Rs 225.00
Out-of-Stock

Bauddha Adhayayana

Out-of-Stock
බෞද්ධ අධ්‍යයන - මෙම කෘතිය බෞද්ධ අධ්‍යයනයට අදාළ ඇතැම් විෂය මාතෘකා යටතේ ලියන ලද ලිපි සංග‍්‍රහයකි. බෞද්ධ අධ්‍යයනය විෂයයක් වශයෙන් උසස් අධ්‍යාපනය හදාරණ ශිෂ්‍යයන්ගේ ප‍්‍රයෝජනය සදහා ශාස්ත‍්‍රීයත්වයට වැඩි තැනක් දෙමින් මෙම ලිපි සැකසී ඇතත් බෞද්ධ විෂය පිළිබද පුළුල් අවබෝධයක් බලාපොරොත්තු වන සාමාන්‍ය පාඨකයන්ට ද මෙම ලිපිවලින් මහඟු ප‍්‍රයෝජනයක් අත්වනු ඇත.

Bauddha Adyayana Lipi

බෞද්ධ අධ්‍යයන ලිපි - වඩාත් පැරණියැයි විද්වත් ලෝකයෙහි පිළිගැනීමට ලක්ව ඇති පාලි සූත‍්‍ර දේශනාවන් ද පසුකාලීනව එම දේශනාවන් උදෙසා සම්පාදිත පාලි අට්ඨකථාවන් ද අදාළ හා අවශ්‍ය පරිදි පරිශීලනය කරමින් විචාරාත්මකව හා තුලනාත්මකව විවිධ මාතෘකා යටතේ සම්පාදනය කරන ලද බුදු දහම පිළිබද ලිපි රැසකින් සමන්විත මෙම කෘතිය ධර්ම ශාස්ත‍්‍රීය අධ්‍යයන අධ්‍යාපන කාර්යයන්හි නිරත නවීනයන්ගේ මෙන්ම ප‍්‍රවීනයන්ගේ ද අපේක්ෂාවන් සාධනය කරන්නකි. 
Rs 300.00