Best sellers

E Ama Niwan Suwa Boho Dura Nowe

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත 'ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ ' යන මෙම කෘතිය මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් විරචිත අතර නිවැරදි ධර්මඤානයක් අවබෝධ කර ගැනීම සදහා ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,050.00

Asiyave Prabodhaya

'ආසියාවේ ප්‍රබෝධය' නම් මෙම කෘතිය මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලි හිමියන් විසින් රචිත අතර මෙම කෘතිය මගින් ප්‍රධාන වශයෙන් ආසියාතිකයන්ගේ දේශපාලන අවබෝධය කොතරම් දැයි විමර්ශනය කරණ අතරම එම දේශපාලන ප්‍රභවය මුලු ආසියාව පුරාම විහිදී ගිය ආකාරය පිළිබදවද විමර්ශනය කරණු ලැබේ.
Rs 300.00

Madyama Lanka Pura wurtha

පෙර පැවති පිළිවෙළ පිළිබඳ පුවත් ' පුරා වෘත්තය ' යි සැලකෙයි. අන්තිම සිංහල රාජධානිය වූ සෙංකඩගලපුරය ඇතුළු ප්‍රදේශත්‍රයකින් සමන්විත මධ්‍යම ප්‍රදේශය පිළිබඳ එබඳු පුවත් ඇතුළත් මෙම ග්‍රන්ථය මධ්‍යම ලංකා පුරාවෘත්ත නම් වේ.
Rs 850.00

Ruwanweli Maha Seya

තුන් ලෝකයෙහි ම වැඩි ම සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින ස්වර්ණමාලි නම් පූජනීය චෛත්‍යයෙහි කථා ප්‍රවෘත්තිය, රුවන්වැලි මහා සෑය නම් මෙම සදහම් ග්‍රන්ථය තුළින් කියවේ. මෙම ග්‍රන්ථය කියවා අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් යුතු ව චෛත්‍යය වන්දනාවේ යෙදීම තුළින් ජීවමාන බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කළා සේ ම පින්දහම් රැස් කර ගත හැකි ය.
Rs 320.00

Poya Dolaha

පෝය දොළහ නම් මෙම කුඩා පොත්පිංච බටුවත්තේ රාහුල හිමියන් විසින් රචනා කරන ලද අතර මෙම ග්‍රන්ථය තුළ පෝය දොළහ පිළිබදව ඉතා සංශිප්ත ලෙස විස්තර කර ඇති ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. බෞද්ධයකු සුරතව නිසැකව  තිබිය යුතු කුඩා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 180.00

Ribeiro Dutu Lankawa

'Ribeiro History Of Ceilao' නම් වූ මෙම ග්‍රන්ථය පෘතුගීසි භාෂාවෙන් මුලින්ම ලියැවුණේ දාසය වන ශතවර්ෂයේ දී  වන අතර එය ඉංග්‍රීසියට පරිවර්තනය කෙරුණේ විද්වත් පී.ඊ. පීරිස් දැරණියගල මහතා විසිනි. මෙම ග්‍රන්ථය ඉතා දුර්ලභ ග්‍රන්ථයක්ව පැවති සමයක රත්නපුර, නීතීඥ වෝල්ටර් සිල්වා මහතාගේ පෞද්ගලික පුස්තකාලයේ ඉතා ආරක්ෂිතව පැවති හෙයින් වර්ථමාන පාඨකයා හට රස විදීම සදහා එම අවස්ථාව උදා වන අතර මෙම ග්‍රන්ථය තුළ මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලනය පිළිබද කරුණු බොහෝමයක් ගම්‍ය වේ.
Rs 1,980.00
On sale!-Rs 27,025.00Pack

Suthra Pitakaya - 35 Complete Set of Books

ත්‍රිපිටකයේ දෙවන කොටස සුත්‍ර පිටකය යි. සූත්‍ර පිටකයට අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය යි. සුත්‍ර දේශනා දාහත් දාහකට වඩා මෙහි අන්තර්ගතය. එය ප්‍රධාන කොටස් (නිකාය) පහකින් සමන්විතය. ඒවා නම්, දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ ඛුද්දක නිකාය යනාදිය යි.සූත්‍ර පිටකය ග්‍රන්ථ 35කින් යුක්ත වේ. මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතුය. යථාවබෝධය ලබනු පිණිස අවංකව වීර්‍යය කරන්නා වූ සියල්ලන්ටම අපගේ ශක්ති ප්‍රමාණයෙන් උපකාර කිරීම අපගේ අභිලාෂයයි. ලෝ වටා සිටින සියල්ලන්ටම ත්‍රිපිටකය පහසුවෙන් ලබා ගැනීමට සැලැස්වීම බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය වන අපගේ එක් පියවරකි.
Rs 59,110.00
Rs 86,135.00

Senkadagala Yugaye Wew Jalasha Ha Wari Karmanthaya

“ සෙංකඩගල යුගයේ වැව් ජලාශ හා වාරි කර්මාන්ත " උප ග්‍රන්ථ දෙකක් සහිත ශාස්ත්‍රීය ගවේෂණයකි. සෙංකඩගල යුගයේ ඉදි කළ වැව් ජලාශ හා වාරි කර්මාන්ත ගැන මූලාශ සිය ගණනක් දිගු කලක් ගෙන පරීක්ෂා කොට සකස් කළ නිබන්ධනයක් වන අතරමෙහි උප ග්‍රන්ථ ලෙස තවත් මේ යුගයට අයත් අංග හතක් එකතු කර ඇත.
Rs 390.00
Out-of-Stock

Sudu Minissu 1

Out-of-Stock
හර්ෂ බමුනුආරච්චි මහතා විසින් රචනා කරණ ලද 'සුදු මිනිස්සු' නම් මෙම ග්‍රන්ථය නවකතානුසාරයෙන් ඉතා සරලව පාඨකයා වෙත ඉදිරිපත් කරණ අතර ජීවිතය පිළිබදව මාත්‍රීය අවබෝධයක් නොමැතිව බොළද නව කතා, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නැරඹීමෙන් ඒවාට අනුකූලව හැඩ ගැසී ජිවිතය විනාශ කර ගත් නූතන තරුණ පරපුරට නැවතත් තම ජීවිතය යහපත් ලෙස ආරම්භ කිරීමට, අවශ්‍ය දැනුම සහ ආභාසය මෙම ග්‍රන්ථ පෙළ තුළින් ලැබෙනු නොඅනු මානය. යථෝක්ත පරමාභිලාශය මුදුන් පමුණුවා ගැනීම සදහා මෙම ග්‍රන්ථ මාලාවේ පළමු නිමැවුම මෙලෙස පාඨක ඔබ අතට පත් වනු ලැබේ.
Out-of-Stock

Sinhalaye Arakshaka Balakotuwa Aithihasika Rohanaya

Out-of-Stock
පැරණි රුහුණු රාජ්‍යය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ දකුණ හා අග්නි දිග ප්‍රදේශය දේශීය සමාජ සංස්කෘතික ඉතිහාසයේ වැදගත් ක්‍රියාවලියකට සම්බන්ධව තිබුණි. විශේෂයෙන්ම දේශපාලන බලය වර්ධනය වීමේ ඉතිහාසය සම්බන්ධයෙන් ඒ ප්‍රදේශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවිධානාත්මක යුධ ව්‍යාපාරය සංවිධානය වීම ආරම්භ වන්නේ රුහුණු ප්‍රදේශයෙනි. ඒ දුටුගැමුණු රජුගේ නායකත්වයෙනි. එතැන් පටන් සංග්‍රාමික ව්‍යාපාර සම්බන්ධයෙන් රුහුණු ප්‍රදේශය වැදගත් වන ආකාරය පළමු වන විජයබාහු රජු චෝළ ජාතිකයන්ට එරෙහි සංග්‍රාමය සංවිධානය කරන ආකාරය මගින් පැහැදිලි විය. ඓතිහාසික මූලාශ්‍රය ඔස්සේ නොයෙක් අවස්ථා වලදී විස්තර කරන එවැනි සාහිත්‍යමය විස්තර කිරීමි සනාථ කරන ආනුභාවික සාක්‍ෂි පුරාවිද්‍යාත්මක භාවිතයෙන් තහවුරු කර තිබේ. එබැවින් රුහුණ ඓතිහාසික සංග්‍රාමික භූමි දර්ශනය අධ්‍යයනය කිරීම වැදගත් විශ්ලේෂණ ඒකකයක් බවට පත් කරයි.

Vishwa manasa ha devathwaya

'විශ්ව මනස හා දේවත්වය' යන මෙම කෘතිය නව පරපුරේ ලේඛකයකු වූ ගුණසිරි වීරසූරිය මහතා විසින් රචනා කර ඇති අතර මෙම කෘතිය මගින් විද්‍යාත්මක, ආචාරාත්මක හා මනෝ විද්‍යාත්මක  සංකල්ප කීපයක් කැටිකොට ගෙන විද්‍යාත්මක විද්‍යා ප්‍රබන්ධ මහත් සේ උපුටා දක්වමින් සංකල්පනාවන් මුවහත් කරන අතර ආචාරාත්මක සංකල්පයක් වන දේවත්වය එළිදරව් වන හෙයින් මෙම කෘතිය කිසියම් ආචාරාත්මක නම්‍යතාවක් ගන්නා අතරම හුදු මිනිසාගේ මනෝ විද්‍යාත්මක ආකල්ප ගෙනහැර දක්වන නිසා මනෝ විද්‍යාත්මක ස්වරූපයක්ද ගනී. එහෙයින් කිසියම් ප්‍රබුද්ධ නැම්මක් මේ කෘතිය පුරා පෙන්නුම් කරනු ලබයි.
Rs 300.00

Naga Gothrikayo

සැම කල්හි ම ලංකාවේ මෙන් ම ඉන්දියාවේ වාසය කළ වියතුන් ගේ අවධානය යොමු වූයේ ආර්යයන්ගේ හා ද්‍රවිඩ මනුෂ්‍යයන්ගේ ජීවන ප්‍රවෘත්තීන් කෙරෙහි ය. ඈත අතීතයේ ඉන්දියාවේත් ලංකාවේත් ජීවත් ව සිටි බහුතරයක් වූ දේශීය ජන කොටස් කෙරෙහි ඔව්හු කිසිදු සැලකිල්ලක් නොදැක්වූහ. එසේ හෙයින් සුද්දහාමි මහතා එම ඌණතාව මඳකින් හෝ මග හැරවීම සඳහා " නාග ගෝත්‍රිකයෝ " නැමති මෙම ග්‍රන්ථයෙන් උත්සාහ දරා ඇත.
Rs 236.00
Out-of-Stock

Bihisunu Narakaye Aduru Pathikada

Out-of-Stock
බුදු දහමේ එන පව් - පින් පිළිබඳවත් පාපකාරී ක්‍රියා සිදුකිරීම තුළින් ලැබෙන අඳුරු ප්‍රතිඵල පිළිබඳවත් මෙම ග්‍රන්ථයෙන් ගැඹුරින් විස්තර කරමින් ගරු පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමි බුදු දහම පිළිබඳව මනා දැනුමකින් යුතුව මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ. නරකය හෙවත් අපාගතසත්ත්වයන් පිළිබඳ ඉතා වැදගත් මෙන්ම හරවත් විවරණයක් මේ තුළින් සිදුකර ඇති අතර අප ජීවත් වන ලෝකය තුළ පවතින්නා වූ අට මහා නරකය මූලික කරගත් "දේවදූත සූත්‍රය " ඇතුළු දේශනාවන්ගේ හරය බෞද්ධ මුහුණුවරකින් මෙම ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කර තිබේ.

Sri Lankawe Jana Jeevithaya Haa Bandunu Aagamika Puda Puja

ආගමික පුද පූජා දේශීය සංස්කෘතිය තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරන බව පැහැදිලි කරුණකි. අනාදිමත් කාලයක සිට පවතින නොයෙකුත් ආකාරයේ අභිචාර හා පූජා පිළිබඳ ලෝක මට්ටමෙන් විවිධ බුද්ධිමතුන් කරන ලද අධ්‍යයතද සුළුපටු නොවේ. එහෙත් අපේ රටේ ඒ හා සාපේක්ෂව කර තිබෙන අධ්‍යයන සීමා සහිත යැයි සඳහන් කළ හොත් ඒ නිවැරදි වනු ඇත." ශ්‍රී ලංකාවේ ජන ජීවිතය හා බැඳුණු ආගමික පුද පූජා " නමින් පූජ්‍ය මහව සංඝරතන හිමියන් විසින් ලියා ඇති මෙම කෘතිය මගින් ආගමක හැගීම පහළ වී ඇති අයුරු හා ආගමික පුද පූජාවල අවශ්‍යතාව ගැන පමණක් නොව පූජකයන් හා ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳවත් පළමු පරිච්ඡේද දෙක යටතේ මාහැගි කරුණු ගණනාවක් ඉදිරිපත් කර තිබේ. අපේ අනුරාධපුර, පොළොන්නරු යුගයේ ආගමික ඇදහිලි මෙන්ම ප්‍රාග් බෞද්ධ ඇදහිලි ගැන මෙන්ම ලංකාවේ පුද පූජා ලබන දෙවි දේවතාවුන් සම්බන්ධයෙන් ශාස්ත්‍රීය අගයකින් කරුණු එක් රැස් කිරීමක් මෙහි දක්නට ලැබේ.
Rs 450.00
Out-of-Stock

Paththini pujawa saha shanthiya

Out-of-Stock
නව සැකැසුම ගැන....
දශක ගණනාවක් ම මේ කුඩා ග්‍රන්ථය බොහෝ දෙනාට පත්ති පූජාව නිවැරදිව පවත්වා ශාන්තිය උදාකර ගැනීම පිණිස උපකාර වූවාට සැකයක් නැත. පත්තිනි දේවියගේ කතා පුවත මෙහි සැකෙවින් දක්වා ඇතත් පත්තිනි හෑල්ල නමින් දන්නා ජනසාහිත්‍යයෙහි එන ජනප්‍රිය කාව්‍ය සංග්‍රහය ගැන බොහෝ දෙනෙක් නොයෙක් වර විමැසූහ. මෙම කතා පුවතට ම සම්බන්‍ධ පාළඟ හෑල්ල නම් වූ අන්‍ය කාව්‍ය සංග්‍රහයක්ද ජනශ්‍රැතියෙහි එයි. මේ දෙකම දැනට පාඨකයාට ලබාගත හැකි බවක් නොපෙනන නිසා ඉන් පත්තිනි දේවියගේ නාමය ප්‍රමුඛ කොට රචිත පත්තිනි හෑල්ල මෙම පොතට උපෑඳියක් ලෙස ඇතුළත් කිරීමට අදහස් කෙළෙමු. කන්නගීගේ ස්වමියා වූ කෝවලන්ගේ නාමය ප්‍රමුඛ කොට රචිත පාළඟ හෑල්ල මතු පළ කෙරෙන පත්තිනි උපත හෙවත් සිලප්පදිකාරම් නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදයට ඇතුළත් කිරීමට අදහස් කරමු.

Sarvaraksha Hevath Bhuthasthambhanaya Ha Uchchatanaya

ඩී .ඩබ්ලිව්. මාරපන  ඇම් .කේ. යූ. බණ්ඩාර යන මහත්වරු දෙපල විසින් සම්පාදිත පිටු 65කින් සමන්විත සර්වාරක්ෂා හෙවත් භූතස්තම්භනය හා උච්චාටනය පොතේ  යන්ත්‍ර මන්ත්‍ර  කටයුතු සිදු කිරීමට මත්තෙන්  නොවරදවාම දැනගෙන සිටිය යුතු ඔබේ සහ අන් අයගේ ආරක්ෂාව සැලසීම සඳහා භාවිතා කරන  ආරක්ෂා මන්ත්‍ර  53ක් මෙන්ම කඩ ගෙවතු ආරක්ෂාව ,ස්ත්‍රී ආරක්ෂාව ඇදුරු ආරක්ෂාව සහ නොයෙක් දෝෂයන්ගෙන් අරක්ෂාවීමට භාවිතා කරන බලගතු මන්ත්‍ර මෙන්ම ඒවා භාවිතා කරන පිළිවෙල පිළිබඳ වටිනා තොරතුරු රැසක් මෙම පොතේ ඇතුළත් වේ.
Rs 320.00

Shiva - Parvathi Svayanvara Pooja

ශිව පාර්වතී ස්වයංවර පූජා


තරුණ තරුණියන්ගේ විවාහ ප්‍රමාද දෝෂ දුරු කිරීමට
ආත්මීය සහකරු සහකාරිය මුණගැසීමට
ගනි මංගල දෝෂ දුරුවීමට
ඉක්මන් විවාහයට
දරුවල ලැබීමට


විවාහාපේක්ෂිත තරුණ තරුණියන් මූහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ සුදුසු සහකාරියක සහකරුවෙකු සොයා ගැනීමට ඇති අපහසුවයි. මේ නිසාම විවාහ ප්‍රමාදවීම දිගටම සිදු වේ. ආත්මීය . සහකරු සොයාගැනීමට වත්මන් සංකීර්ණ සමාජය තුළ බොහෝ බාධා පවතී. විවිධ ජ්‍යොතිෂ වේදීන්ගේ විවිධ අර්ථකථන නිසාද මේ තත්වය උග්‍රවී ඇත.දිගින් දිගටම සිදුවන මෙම තත්ත්වය මග හරවා ගැනීමටත් ගැළපෙන සහකරු සොයා ගැනීමටත් වෙනත් ග්‍රහ දෝෂ දුරු කිරීමටත් ඉන්දීය ජ්‍යෙතිෂ ක්‍රම ඇසුරෙන් සකස් කර ඇති, මෙම ශිව පාර්වතී ස්වයංවර පූජාව ඉතාමත්ම සාර්ථක බැව් වර්තමාන ජ්‍යෙතිෂවේදීන් සමග කළ සාකචිචාවලදී අපට තහවුරු විය.ජේ.ඒ.ඩි. පෙරේරා මහතා ප්‍රථම වරට මෙම පාර්වතී පූජාව ග්‍රන්ථයක් වශයෙන් ඉදිරිපත් කරමින් සමාජයට කළ සේවය ඛෙහෙවින් අගය කරමි. මෙමගින් බොහෝ දෙනාට යහපත සැලසේවායි පතම්

පූජ්‍ය.කලුගමුවේ නොරද ස්‌ථවිර. ශාස්ත්‍රවේදී, ප්‍රවීන ග්‍රන්ථ රචක
Rs 200.00

Gambara Devidun

දෙවියන් පිදීම, දෙවියන් නැමදීම විරාත් කාලයක සිටම සාමාන්‍ය ජනතාව විසින් සිදු කරන අතර එමගින් පිහිට ලබා ගන්නා අයද බොහෝ ය. එසේ පිහිට ලබා ගැනීමේදී නියම ක්‍රමයට දෙවියන් නැමදීම සිදු කළ යුතුය. නමුත් දෙවියන් පිදීමේ නිවැරදි ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් වී නොමැත. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා බොහෝ දෙනා තමන් ජ්‍යොතිෂය හා දෙවියන් පිළිබඳව කිසිවක් නොදන්නා නමුත් විවිධ ක්‍රම වලින් ලබා ගන්නා තොරතුරු පදනම් කර ගෙන පොත්පත් ලිවීමට පෙළඹී සිටිති. මෙය අනතුරුදායක තත්ත්වයක් බැවින් නියම ක්‍රමයට දෙවියන් පිදීම ජ්‍යොතිෂයට අනුවම සිදු කිරීම සඳහා සුදුසුකම් සහ ඒ පිළිබඳ මනා වැටහීමක් සහිතජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙකුගෙන්ම උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් ය. නිලන්ත කුමාර ධනසේකර මහතා මේ පිළිබඳව මනා අවබෝධයක් සහිත ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිලිබඳව හසළ අවබෝධයක් ඇති අයෙකු බැවින් මෙම ග්‍රන්ථය ගම්භාර දෙවියන් පුදන සහ ගම්භාර දෙවියන්ගෙන් පිහිට අපේක්ෂා කරන සැමට ඉතා ප්‍රයෝජනවත් වටිනා ග්‍රන්ථයක් වශයෙන් හැදින්විය හැකිය.
Rs 300.00

Lankeya Bududahame Pudapooja

නිර්වාණ ගාමිත්වය කෙරෙහි ආදි බෞද්ධ සම්ප්‍රදාය දැක් වූ අවධානයත් එමෙන් ම පුද පුජා කෙරෙහි දැක් වූ අල්ප අවධානයත් සැලකිල්ලට ගෙන එය හුදු නිර්වාණගාමී ප්‍රතිපදාවක් පමණක් ම යැයි නම් කිරීම නිවැරදි නොවේ. පුද පූජා චාරිත්‍ර විධි වලින් තොර වූ දාර්ශනික යුගයක් බෞද්ධ සම්ප්‍රදාය තුළ පැවති බවට ඇතැම් දෙනා විශ්වාස කළත් එය බෞද්ධ ඉතිහාසය තුළ සත්‍ය වශයෙන් විද්‍යමාන වූ අවස්ථාවකට වඩා බුද්ධිවාදීත්වය පදනම් කරගත් නූතන මානසිකත්වය විසින් බෞද්ධ සම්ප්‍රදාය වෙත ආරෝපණය කරන ලද්දක් සේ සැලකීම යුක්ති යුක්තය. මෙම අදහස ස්ඵුට කිරීමට නිලන්ත දිසානායක මහතාගේ මෙකී ශාස්ත්‍රීය ව්‍යායාමය හේතුවන බව පැවසිය හැකිය. බුදුරජාණන් වහන්සේ ධරමාන සමයෙහි ම බෞද්ධ පුද පූජාවන්හි සමාරම්භය සිදු වූ බව සාධක සහිතව මේ තුළින් ඔහු හෙළි කරයි.
මහාචාර්ය ආනන්ද ගුණසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ගංගොඩවිල, නුගේගොඩ.
Rs 250.00
Out-of-Stock

Aradana sahitha devashanthiya

Out-of-Stock
දේව කටයුතු වල නිරත වූවනට හා දෙවියනට පහන් තබන පුද පුජා පවත්වන බැතිමතුනට දැනට භාවිත කරන පැරැණි කන්න ලවු එකතු කොට සැපයූ කන්න ලවු පොතත් දෙවියන් සඳහා රචිත පැරණි සෙතාත්‍ර එකතු කොට සැපයූ සෙස්තෝත්‍ර රත්නයත් ප්‍රමාණවත් නොවන හෙයින් දේව ආරාධනා සහිතදේව ශාන්තිය නම් මෙම කෘතිය රචනා කර ඇති අතර මෙය ඉතා වටිනා කෘතියක් වශයන් හැදින්විය හැකිය.
Out-of-Stock

Paththini Devi

Out-of-Stock
දකුණු දඹදිව සිංහල රටක්ව පැවැති කාලයේදී එහි වුසූ කනක මැණිකේ හෙවත් කනක බිසෝ (දෙමළෙන් කන්නකි) නමැති සිහල කුලඟන ගැනයි මේ කියැවෙන්නේ, කාන්තාවන්ගේ තැන රැකියේ පතිනියයි. පුරාතන භාරතයේ බ්‍රාහ්මණයෝ කාන්තාවනට දේවස්ථානවලට ඇතුළු වීමට ඉඩ නුදුන්හ. මේ ස්ථාවරය බිඳැ හෙළූයේ පත්තිනියයි. පත්තිනි තේවාව කළේ කාන්තාවයි.පත්තිනිය මතු බුදු බව පතා සිටින්නියකි. පත්තිනිය ධාන්‍ය ගෙවත් සශ්‍රීකත්වය පිළිබඳව හා වර්ෂාව පිළිබඳව අරක් ගත් දේවතාවියයි. උත්තර දේව ගණයට ළංවන දේවාංගනාවක් වශයෙන් පත්තිනි දේවිය සැලැකිය හැකියි. පතිනිය ගවයන් ආරක්ෂා කිරීමේ කටයුත්තට අනුබල දෙන්නීය. සිංහලයන් විසින් පුද පූජා පවත්වන ප්‍රධාන දේවතාවිය පත්තිනි අම්මාය.
පතිවත බලය ගැන කතා, පත්තිනි ප්‍රභේද සත් පත්තිනි. දොළොස් පත්තිනි. පත්තිනි රූප කාය, දේවාහරණ, විවිධ නම්, ඓතිහාසික හා පුරා වෘත්ත කරුණු, පවුලේ විස්තර, පත්තිනි උපත, පත්තිනි ඇදහිල්ල, ග්‍රන්ථ හා ජනකතා, ශාන්ති කර්මයන්හි පත්තිනි මාතාව, සිරිලක පත්තිනි දෙවොල්, විවිධ පූජා විධි, යොදිනි ස්තෝතු ආදිය මෙහි අඩංගුය.

Pasmarun Dinannata

2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අනුස්‌මරණය කරමින්, ථෙරවාද බුදු දහමෙහි ඉගැන්වෙන මාර සංකල්පය පිළිබඳ ධර්මානුකූල විවරණයක් ඉදිරිපත් කොට තිබෙන මෙම ධර්ම සංග්‍රහය, මාරාය ජයගනු කැමැති දිරීමතුනට මෙන් ම බුදු දහම හදාරන නැණවතුනට ද මහඟු එළියක් වනු ඇත.
Rs 125.00
Out-of-Stock

Arya Ashtangika Margya

Out-of-Stock
දිවයිනේ සුප්‍රකට ග්‍රන්ථ කර්තෘන් වහන්සේ නමක් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ආරාධිත කථිකාචාර්ය, ආචාර්ය පැලැන්වත්තේ ධම්මතිලක නායක ස්වාමින් වහන්සේර්, බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රය උදෙසා ලබා දෙන දායකත්වය අතිශයින් ප්‍රශංසනීය වේ. හුදී ජන පහන් සංවේගය උදෙසා ධර්ම ග්‍රන්ථ මෙන්ම, බෞද්ධ පර්යේෂණ ග්‍රන්ථ රාශියක් ප්‍රකාශ කොට ඇති උන්වහන්සේ විශ්ව විද්‍යාල විද්‍යාර්ථින්ගේ මෙන්ම අනිකුත් ශාස්ත්‍රාභිලාෂීන්ගේ මනදොළ සපුරාලීම සඳහා අභිනවයෙන් රචනා කරන ලදළ “ආර්ය අෂ්ඨාංගික මාර්ගය" ග්‍රන්ථය බොහෝ දෙනාගේ අවධානයට ලක්විය යුත්තකි. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ශ්‍රී ධර්ම මහං සංඝ සභාවේ ගල්ගොඩ විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක පදවිය සඟ තත් සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කර්මචාර්යන් වහන්සේ නමක් ද වන උන්වහන්සේ, අනෙකුත් ශාසනික කාර්යයන්හි ද අනලස්ව යෙදෙමින් සිදුකරනු ලබන ධර්ම ශාස්ත්‍රීය සේවාව පැසසිය යුත්තකි.
Out-of-Stock

Araya Ashtangika Margaya

Out-of-Stock
සම්මානිත මහාචාර්ය ඔලිවර් අබේනායකයන් මෑතකාලීන පාලි හා බෞද්ධ අධ්‍යයන විෂයයෙහි තම උපරිමය දායාද කළ ශාස්ත්‍රීය යුග පුරුෂයෙකි. එතුමන්ගේ භාෂා ප්‍රාගුණ්‍යයට නො දෙවනි විචාරාක්ෂිය බෞද්ධ අධ්‍යයන ක්‍ෂේත්‍රයෙහි නව මංපෙන් වෙන දොරගුලු විවර කළ යතුරක් විය. තමන්ට ම ආවේණික ලේඛන හා භාෂණ ශෛලියකට උරුමකම් කියන එතුමා ශාස්ත්‍රීය රචනාවන්ගෙන් මෙන් ම ක්‍ෂේත්‍රයට පිරිමසින ශිෂ්‍ය සමූහයක් නිර්මාණය කිරීමෙන් ද අද්විතීය මෙහෙවරක් කළ ආචාර්ය වරයෙකි. මහාචාර්යතුමන්ගේ විචාරශීලි ගුණයෙහි ප්‍රාමාණිකත්වය විදහා දක්වන ආර්යෂ්ටාංගික මාර්ගය නම් වන මෙම සාකච්ඡා ස්වරූපී කෘතිය බුදු දහමෙහි එන දාර්ශනික සහ ප්‍රායෝගික ඥාන ධාරාව ශාස්ත්‍රීය ස්ථරයේ පටන් සාමාන්‍ය පාඨකයා දක්වා සමස්ත සමාජය ම ඉලක්ක කළ කෘතියකි. අනාශය නොදු මාතෘකාවක් වුවන් මෙහි විවරණය කෙරෙන ධර්ම පර්යාය විශ්මයා වන ය. මෙය සෑම බෞද්ධයකු ම කියවිය යුතු කෘතියක් බවට මෙහි ලා අවධාරණය කරනු කැමැත්තෙමි.
මහාචාර්ය, පූජ්‍ය මැදවච්චියේ ධම්මජෝති හිමිපාණෝ බෞද්ධ අධ්‍යයනාංශය, කොළඹ විශ්ව විද්‍යාලය

Panchappakaranatta Katha

පඤ්චප්පකරණට්ඨ කථා - 2  - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,200.00

Panchappakarana Attakatha 1

ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ
Rs 1,320.00

Wibhanga Attakatha

ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,890.00

Atheetha Janma

මැරෙන මිනිසාගේ ආත්මය මේ පොලොව මත යලි පහල වෙනවා,
උපත වෙන මවකගේ සිරුර ද අලුත් බව මට හැගී යනවා.
ශක්තිමත් අවයව තුයුණු මනස සමග 
තිබුණු පැරණි ආත්මය නැවත 
සුපුරුදු ගමන අරබනවා...
Rs 600.00
Out-of-Stock

Nawathama shilalipi gaveshanaya

Out-of-Stock
සුගිය කාලය තුළ වගකිවයුතු කිසිවකුගේ ඇස නොගැටුනු මේ ග්‍රන්ථයෙහි එන වැඩි පමණක් ලිපි ගැමියන් මගින් අපට සොයා ගැනීමට හැකිවිය. පුන්‍යාඩි ලිපි හමුදා සෙබල මුළු විසින් රැකවරණය කරන ලද්දේය. මේ නිසා මේවා සොයා ගැනීමේ ගෞරවය ඔවුන් වෙත පිදිය යුතු වෙයි.මෙම ගෞරවය ලැබීමට පණ්ඩිතම්මන්‍යයට හිමි නැත. අපදු කළේ ඒවා පිටපත් කර අරුත් දක්වා පළමු වරට ලොවට දීමකි. මේ අතර අපේ ඇස මිස එවන් කිසිවෙකුගේ ද ඇස නොගැටුනු ලිපි ද වෙයි.ඒවා සොයාගන්නා ලද්දේ අපම විසිනි. දියතිත්ත වැව, මදයා කන්ද, බෙරවායාකන්ද ලිපි ඉන් ප්‍රධානය. මේ සියලු ලිපි ඉතිහාසයේ නව පිටුවක් පෙරලනු ඇත. මේ ලිපි සොයාගෙන මාධ්‍යවලට විස්තර දැක්වූයේ 2006 ජනවාරි මස දීය.

Bauddha Samaja Widya Praweshaya

බෞද්ධ සමාජ විද්‍යා ප්‍රවේශය නමැති ග්‍රන්ථය පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්‍ෂේත්‍රයට සිංහල භාෂා මාධ්‍යයෙන් කරන මාහැඟි ප්‍රදානයකි. විද්‍යාත්මක සමාජ විද්‍යා දෘෂ්ටි කෝණයකින් මුල් බුදුසමයේ එන ඇතැම් කරුණු විග්‍රහ කොට දැක්වීමට ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහතා දරා ඇති උත්සාහයට සමාන උත්සාහයක් සිංහල භාෂාවෙන් ලියැවී ඇති අනෙක් ග්‍රන්ථයක දක්නට නොලැබෙන බව කිය යුතුය. ඒ බව මේ කෘතියේ එන පරිච්ඡේද නාම විමසීමෙන් ම පැහැදිලි වේ.
Rs 1,100.00

Jathiyen sagavee yana polonnaruwe bithusithuwam

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ දෙවන රාජධානිය වන පොළොන්නරු රාජධානියෙහි කලා නිර්මාණ අතර බිතුසිතුවම් වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මහියංගනය, දිඹුලාගල, පුල්ලිගොඩ, ගල් විහාරය, ලංකාතිලකය, තිවංක පිළිමගෙය හා දැදිගම කොටවෙහෙර ආදී බොහෝ ස්ථාන වල මෙම යුගයට අයත් සිතුවම් දැකගත හැකිවන අතර ඒවාට ම අනන්‍ය වූ කලාත්මක අංග භාවිත කර ඇති බවක් ද පෙනේ. විශේෂයෙන් ම දකුණු ඉන්දීය හින්දු බලපෑම මෙම යුගය තුළ සුලබව සිදු වූ නිසා සිතුවම් කලාවට ද එම ආභාෂය ලැබී ඇති බව පෙනේ.
'ජාතියෙන් සැඟවී යන පොළොන්නරු යුගයේ බිතු සිතුවමි' යන මැයෙන් රචිතමෙම ග්‍රන්ථය පූජ්‍ය පිටිහාරාවේ සුගතඥාන හිමියන් විසින් රචිත ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්වීය හැකිය.
Rs 800.00

Himalayanu Yogi Swami Ramage Charithapadana 2

පරිවර්තකගෙන්
මේ වනාහි පණ්ඩිත් රාජ්මනි ටිගුනායිට් විසින් ලියන ලද විවිධ යෝග දක්ෂතා තුළින් බටහිර මවිත කළ යෝගී ස්වාමි රාමාගේ පුර්ණ චරිතාපදානය රැගත් The Official Biography of Swami Rama of the Himalayas කෘතියේ අසංක්ෂිප්තපරිවර්තනයේ දෙවැනි කොටසයි.
Rs 350.00