Best sellers

Out-of-Stock

Vibhaga Jayagatha Heki Pahasu Maga

Out-of-Stock
විභාග ජයගත හැකි පහසු මඟ - කුඩා වයසේ සිටම දරුවන් හට විභාග සඳහා සූදානම් වීමට හා මුහුණ දීමට සිදුව තිබේ. මෙය සමහර අවස්ථාවකදී දරුවන් මෙන්ම දෙමාපියන්ද දැඩි මානසික වෙහෙසකර තත්වයකට පත්වේ. එම වෙහෙසකර බවින් මිදීමට නිසි උපදේශන සේවාවක් අවශ්‍යම යුගයක දයා රෝහණ අතුකෝරලයන් මහඟු යුග මෙහෙවරක් ඉටු කළා වැනි හැඟීමක් ඇතිවන්නේ, විභාග ජයගත හැකි පහසු මඟ යන ග්‍රන්ථය මගින් ලොකු කුඩා සැමට විද්‍යාත්මක මඟ පෙන්වීමක් ලබා දෙන බැවිනි.  
Out-of-Stock

Pematho Jayathi Soko

Out-of-Stock
පෙමතො ජායතී සොකො - ”පෙමතො ජායතී සොකො” මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ එකම ගීත නාටකය වන අතර උසස් විභාග සදහා නිර්දිෂ්ට කර ඇති කෘතියකි.
Out-of-Stock

Wighanavadhi Mahayana Abhidharmaya

Out-of-Stock
විඥානවාදී මහායාන අභිධර්මය - අසංගාචාර්යයන්ගේ අභිධර්ම සමුච්චය හා ථේරවාද අභිධර්මය පිළිබද තුලනාත්මක අධ්‍යයනයකි.

Dashakumaracharitha

දශකුමරචරිත - ප‍්‍රාචීන මධ්‍යම විභාගය සදහා ඉදිරිපත්වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා, සංස්කෘත විෂය යටතේ නව විෂය නිර්දේශයට අනුව සකස්කරන ලද ග‍්‍රන්ථයකි. 
Rs 1,450.00
Out-of-Stock

Abhignanashakunthala Natakaya

Out-of-Stock
අභිඥාන ශාකුන්තල නාටකය - මහා කවි කාලිදාසයන්ගේ විශිෂ්ඨතම කෘතියවන අභිඥානශාකුන්තල නාටකය සංස්කෘත සාහිත්‍යයේ මුදුන් මල් කඩ ලෙස සැලකෙන අතර ඒ හා සමකල හැකි නාට්‍යය රසයෙන් යුත් විශ්ව නාට්‍ය කෘති ඇත්තේ ඉතා අල්පයකි. වෝල්ටර් මාරසිංහයන්ගේ අභිඥානශාකුන්තල කෘතිය නාට්‍යමය ගුණයත් කාව්‍යමය ගුණයත් ඉස්මතු වන ලෙස කරන ලද පරිවර්තනයකි. 

Majjhimanikaya - Padagathartha ghavartha Ha Gatapadhavivarana Sahitha

මජ්ක්‍ධිම නිකාය - මජ්ක්‍ධිම නිකායට අයත් මහාදුක්‍ඛක්‍ඛන්‍ධ සූත‍්‍රය, අලගද්පම සූත‍්‍රය, රථවිනීත සූත‍්‍රය, පියජාතික සූත‍්‍රය හා ඉන්‍ද්‍රිය භාවනා සූත‍්‍රය යන සූත‍්‍ර පහ ප‍්‍රාචීන මධ්‍යම විභාගය සදහා 2017 වර්ෂයේ සිට ක‍්‍රියාත්මක වීමට නියමිත ප‍්‍රාචීන භාෂෝපකාර සමාගමේ පරීක්ෂණ පිළිබද නව විෂය නිර්දේශයට අයත් වේ. මෙම ග‍්‍රන්ථය ප‍්‍රාචීන මධ්‍යම විභාගය සදහා පෙනී සිටීමට සූදානම් වන විද්‍යාර්ථීන්ගේ එම සූත‍්‍ර අධ්‍යයනය කිරීමේ පහසුව උදෙසා සරිලන අයුරින් සකස් කොට ඇත. 
Rs 1,050.00

Chanakyashathakaya Nagari Pela Padagathartha Saha Bawaratha Sahitha

චාණක්‍යශතකය - මූලික පිරිවෙන් හතර වසර සංස්කෘත විෂය සදහා පාඨ ග‍්‍රන්ථයක් සේ නිර්දේශ කර ඇති චාණක්‍යශතකය සිසුන්ට ඉතා ප‍්‍රයෝජනවත් සේම ජීවිතාවභෝදයට හේතු වෙයි. චාණක්‍ය ශතකය සදහා දේවනාගරී පෙළක් සහිත පදගතාර්ථය හා භාවාර්ථය මෙහි සපයා ඇත. 
Rs 360.00
Out-of-Stock

Theragathapali

Out-of-Stock
ථෙරගාථා පාලි - ත‍්‍රිපිටක ග‍්‍රන්ථාවලියෙහි ඛුද්දක නිකායට අයත් ථෙරගාථාපාලිය යනු ගෞතම බුදුන් වහන්සේගේ ශාසනයට ඇතුළත් ව සිිටි, තෙරුන් වහන්සේලා කිහිප නමක් විසින් තමන් පසක් කළ ආධ්‍යාත්මික පාරිශුද්ධිය අනාවරණය කරනු පිණිස පද්‍යයමය බසට නගන ලද භාව ගීතාවලියකි. මෙයින් ථෙරගාථා පාලියෙහි සත්තක, අට්ඨක, නවක සහ දසක යන නිපාත ඇතුළත් කර තිබේ. 

Sambhawya Adyapanayehi La Wanapothkaranaye Upayogithawaya

සම්භාව්‍ය අධ්‍යාපනයෙහි ලා වනපොත්කරණයේ උපයෝගීතාවය - පිරිවෙන් අධ්‍යාපනය පිළිබදව උනන්දුවක් දක්වන පර්යේෂකයන්ට මෙන්ම පිරිවෙන් පවත්වාගෙන යන පරිවේනාධිපති හිමිවරුන්ට හා පිරිවෙන් ගුරු භවතුන්ටත් මෙම කෘතිය මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 413.00

Sinhala Sahithya Vimasuma

සිංහල සාහිත්‍ය විමසුම - සිංහල බෝධිවංශය, ගිරා සංදේශය, ඩිංගිරිමැණිකා යන ග‍්‍රන්ථ පිළිබද සවිස්තරාත්මක විවරණයක් සපයන මෙම කෘතිය පිරිවෙන්හි අධ්‍යයනය ලබන ශිෂ්‍යයින් සදහා මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත.
Rs 150.00

Sanskrutha Namakyatha Pada Varanegilla

සංස්කෘත නාමාඛ්‍යාත පද වරනැගිල්ල - සංස්කෘත භාෂාව හදාරණ විද්‍යාර්ථියා විසින් පළමුවෙන්ම නාමපද සහ ආඛ්‍යාත පද පිිළිබදව උගතයුතු ය. එම අවශ්‍යතාව අනුව සැකසුණු ග‍්‍රන්ථයකි සංස්කෘත නාමාඛ්‍යාත පද වරනැගිල්ල. 
Rs 850.00

Sanskrutha Vyakarana Taranghinee (Aakyatha Krudantha Tharadga)

සංස්කෘත ව්‍යාකරණ තරඞගිණී (ආඛ්‍යාත - කෘදන්ත) - පිරිවෙන් විභාගයන් සදහා ඉදිරිපත්වන විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා සැකසුණු සංස්කෘත ව්‍යාකරණ ග්‍රන්ථයකි.
Rs 740.00

Lankananda Wyakya Sahitha Wu Theththo Daya

ලංකානන්‍ද ව්‍යාඛ්‍යා සහිත වූ තෙත්තෝ දය - ජනතාවගේ සිත් සවන් පිනවීම සඳහා ලියැවුණු ගීත හා කාව්‍ය මෙන් ම වාක්‍ය ද අලංකාරවත් වී ඇත්තේ ඡුන්දස් නිබධ වීම නිසා ය. මෙය චන්දස් ශාස්ත‍්‍රය පිළිබඳ ව අවබෝධයක් ලබාදීම සඳහා ලියැවුණු පොතකි. කාශ්‍යප, පිංගල ආදී ආචාර්යවරයන් විසින් දියුණු කරන ලද මෙම චන්දස් ශාස්ත‍්‍රය රසවත් කාව්‍ය වින්දනයක් ලබා ගැනීම සඳහා අතිශයින් වැදගත් ලඝු, ගුරු අක්ෂර යෙදීම, මාත‍්‍රා යෙදීමේ ක‍්‍රම, වර්ණයන්ගේ සංකලනය ආදී කාව්‍යකරණය සඳහා භාවිත කෙරෙන කුදු මහත් උපක‍්‍රමයන්ගෙන් මෙය සමන්විත ය. 
Rs 950.00
Out-of-Stock

Nyaya Bindu

Out-of-Stock
න්‍යාය බින්‍දු - ප‍්‍රාචීන පණ්ඩිත උපාධි පරීක්ෂණය සදහා නියමිත මෙම පොත නර්දේශය අනුව ම සැකසී තිබෙන්නක් බැවින් යෝගචාර විඥානවාදය  විෂය හැදෑරීම සදහා මෙතෙක් පැවති අඩුපාඩුවක් සපුරාලීමක් ලෙස දැක්විය හැක. මෙහි සංස්කෘත අකුරු වලින් ලියැවී නැති නමුත් සිසුන්ගේ පහසුව සදහා සංස්කෘත ශබ්දයන් සිංහල අකුරුවලින් ද එහි අර්ත පැහැදිලි සිංහල භාෂාවෙන් ද මෙහි දක්වා තිබේ. පොත අවසානයේ න්‍යාය බින්දු පිළිබඳව පිටු ගණනාවක විවරණයක් ද සදහන් වේ. 

Abidhanappadipika Pali Nigandu

අභිධානප්පදීපිකා පාලි නිගණ්ඩු - මෙම අභිධානප්පදීපිකාව ස්වර්ගයෙහි ද මනුෂ්‍ය ලෝකයෙහි ද නාග ලෝකයෙහි ද පවතින සියලු වස්තුන්ගේ නාමයන් ප්‍රකාශ කරයි. පාලි භාෂාව හා ත්‍රිපිටකය යන අංශ දෙකෙහි ම ව්‍යක්තභාවය ලැබීමට මෙම ග්‍රන්ථය උපකාරී වේ..
Rs 1,600.00
Out-of-Stock

Moggallana Pali Viyakarana Sampradaya Payoga Siddhi Pali Way Karanaya

Out-of-Stock
මොග්ගල්ලාන පාළි ව්‍යාකරණ සම්ප්‍රදාය පයෝග සිද්ධි පාළි ව්‍යාකරණ - ප්‍රාචීන මධ්‍යම, අවසාන සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා නියමිත ග්‍රන්ථයකි.
Out-of-Stock

Prakrutha Vyakarana

Out-of-Stock
ප‍්‍රාකෘත ව්‍යාකරණ (ප‍්‍රථම කාණ්ඩය) - ප‍්‍රාකෘත භාෂාව හදාරන අයගේ ප‍්‍රයෝජනය සඳහා ලායැවී ඇති මෙම පොත අක්‍ෂර ප‍්‍රකරණ, ස්වර ප‍්‍රකරණ, අසංයුක්ත ව්‍යංජන ප‍්‍රකරණ, සන්ධි ප‍්‍රකරණ යන ප‍්‍රකරණ සහ ප‍්‍රකෘත ව්‍යාකරණ අඩංගු වන ලෙස සැකසී තිබේ. එම ව්‍යාකරණ විධි සරල සිංහල භාෂාවෙන් මෙහි දක්වා තිබේ.  

Sanskrutha Baladarsha Wayakhayava

සංස්කෘත බාලාදර්ශ ව්‍යාඛ්‍යාව - සංස්කෘත අක්ෂර මාලාව ද ඒවාට ඉස්පිලි පාපිලි ඇලපිලි යොදන අන්දම ද, ස්වර හා ව්‍යඤ්ජන සෑදෙන ආකාරය ද සංස්කෘත පදයක් පාසා සිංහල අර්ථ සහිත රචනාවන් ද මතකය අලූත් කර ගැනීමට සුදුසු අබ්‍යාසයන්ගෙන් ද යුතු පොතකි. 
Rs 490.00
Out-of-Stock

Sanskrutha Praweshaya

Out-of-Stock
සංස්කෘත ප‍්‍රවෙශය - සංස්කෘත ව්‍යාකරණ විධි සංස්කෘත භාෂාවෙන් මෙන් ම සිංහල භාෂාවෙන් ද පැහැදිලි කරන මෙම ග‍්‍රන්ථය සංස්කෘත - සිංහල කෘදන්ත පද ශබ්දකෝෂයකින් ද යුක්ත ය. 

Brahmanasanyuththan

බ්‍රහ්මණසංයුත්තං - ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයට පෙනී සිටින විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සදහා නිර්දිෂ්ට සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තය, පදගතාර්ථ, ගැටපද විවරණය, භාවාර්ථ සහිත ව සම්පාදනය කර ඇත.
Rs 630.00
Out-of-Stock

Daatavansa Wanarathna Wiyakya

Out-of-Stock
දාඨාවංස (වනරතන ව්‍යාඛ්‍යා) - දඹදිව සිට ශ‍්‍රී ලංකාද්වීපයට දන්ත ධාතූන් වහන්සේ වැඩමවීම සහ ඉන්පසු ව රජවරුන් සුරක්‍ෂිත ව ආරක්‍ෂා කළ ආකාරය, පරසතුරු උවදුරු, ඓතිහාසික හා ආගමික වැදගත්කම ආදිය ඇතුළත් කළ වටිනා පැරණි බණ පොතකි. වංසට්ඨ, මාලිනි, ශාර්¥ල, වික‍්‍රීඩිතාදි චිත්තාකර්ෂණීය වෘත්තවලින් පරිපූර්ණ ය. බුද්ධ ප‍්‍රාතිහාර්යන්ගෙන් සමලංකෘතය, බෞද්ධ ශාසනික ඉතිහාසයෙන් පෝෂිත වූ වටිනා ග‍්‍රන්ථයකි. 

Kathamurthaya

කතා මෘතය - මෙම කෘතිය පාඨශාලාවන්හි උසස් පන්තිවලට ත‍්‍රිපිටකයේ සදහන් ‘‘පූතිමුත්ත භේසජ්ජය’’ නම් ප‍්‍රතිකාර ක‍්‍රමය ගැන ලියැවුණු සුවිශේෂී කෘතියකි.
Rs 435.00
Out-of-Stock

Jathakatthakatha - Kulavaka Wargaya

Out-of-Stock
ජාතකට්ඨකතා (කුලාවක වර්ගය) - කුලාවක, වට්ටක, තිත්තිර, බක, ඛදිරඞිගාර යන ජාතක කථාවන්හි පෙළ, පදගතාර්ථ සහ භාවාර්ථයන්ගෙන් යුතු පොතකි.
Out-of-Stock

Sanyuktha Nikaye Kosala Sanyukthaya

Out-of-Stock
සංයුක්ත නිකායේ කෝසල සංයුක්තය - බුදු දහමෙහි ඉගැන්වෙන දාර්ශනික මනෝවිද්‍යාත්මක හා ආචාර විද්‍යාත්මක කරුණු ඇතුළත් ත‍්‍රිපිටක සාහිත්‍යයේ ඇති විශාලතම කෘතිය, එනම් සූත‍්‍ර 7762 සමන්විත සැකසුම සංයුක්ත නිකායයි. ප‍්‍රාචීන ප‍්‍රාරම්භ විභාගය සඳහා නියමිත සියලූම සූත‍්‍ර වලින් සහ පදගතාරථ භාවාර්ථ සහ ගැටපද විවරණයකින් ද යුතු ව සැකසුණු මෙම ග‍්‍රන්ථය සාරගර්භ හැ`දින්වීමකින් ද පෝෂිත ය. 
Out-of-Stock

Bauddha Deva Sankalpaya

Out-of-Stock
බෞද්ධ දේව සංකල්පය - සරල අන්දමින් කරුණු ගෙනහැර දක්වමින් ඉතා ගැඹුරු ප්‍රශ්න පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන පරිදි මෙම ග්‍රන්ථය සකස් කොට තිබේ. අධ්‍යාත්මික පාරිශුද්ධිය පසෙකලා ආත්මවාද ඊශ්වරවාද ආදී ලාමක දෘෂ්ටි පෙරදැරි කොට ඇතැම් ගිහි බෞද්ධයන් අධික වශයෙන් නොයෙකුත් දෙවි දේවතාවුන් ඇදහීමට ඇබ්බැහිවෙගෙන එන සමයක ඉතාමත් කාලෝචිත අන්දමින් බුදුදහම අනුව දේව සමුහයාගේ නියම තත්ත්වය වටහාදීමට මෙම පොත මහෝපකාරී වේ.

Deviyan Yakshayan Saha Papi Maraya

දෙවියන්, යක්ෂයන් සහ පාපී මාරයා - නිවන් මගේ ගමන් කරන ශ‍්‍රාවකයන්ට හිරිහැර බාධා ඇති කරන පාපී මාරයා යනු කවුරුන්ද? මාරයාගේ ග‍්‍රහණයට හසුවන්නේ කෙසේද? මාරයාගෙන් නිදහස් වන්නේ කෙසේද? මාර සේනාව යනු කවුරුන්ද? ආදී කරුණු පමණක් නොව සීල, සමාධි, ප‍්‍රඥා දියුණු කොට මාර වසගයෙන් මිදී නිවන් අවබෝධය කරා යන ආකාරය ඉතා පැහැදිලි අයුරින් මෙම ග‍්‍රන්ථය තුළින් පෙන්වා දී ඇත. 
Rs 680.00
Out-of-Stock

Mahayana Mathavada Wimarshana

Out-of-Stock
මහායාන මතවාද විමර්ශනය -  සද්ධර්ම පුණ්ඩරීක සූත‍්‍රය, ආර්ය ලංකාවතාර සූත‍්‍රය ආදී මහායාන ග‍්‍රන්‍ථවල සඳහම් දහම් කරුණු හා ථෙරවාදී බුදු දහමේ සඳහන් කරුණු විස්තර කරමින් කෙරෙන තුලනාත්මක විස්තරයකි. 
Out-of-Stock

Mahayanaya

Out-of-Stock
 මහායානය - "මහායානය" ග්‍රන්ථය විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය සඳහා උපකාර වන ශාස්ත්‍රීය නිබන්ධනයකි.

Iranama Wenas Kirime Kalava

ඉරණම වෙනස් කිරීමේ කලාව - සිතුවිල්ලක ඇති බලවත් බවම ජීවිතය වෙනස් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ යම් සේද එය විස්තර කරනු වස් ඉරණම වෙනස් කිරීමේ කලාව නම් ග්‍රන්ථය ඔබ වෙත සමීප කොට ඇත.  
Rs 800.00

Dukbiya Nathi Jiwithaya

දුක්බිය නැති ජිවිතය - ලෝකයේ විවිධ භාෂා රැසකට පෙරළා ඇති මේ අගනා කෘතිය සිත් ඇදගන්නා අයුරින් දැන් සිංහලයෙන් පළ වී ඇත.කිසිදු ආගමකට ගුරුකුලයකට සීමා නොවී නාහිමිපාණන් විසින් රචනා කොට ඇති මේ කෘතිය දුක් බියෙන් තොර සුන්දර ජිවිතයකට මං පෙන්වන පහන් වැටක් බදුය.
Rs 850.00