Books

-10%

Bhashava ha samajaya

'භාෂාව හා සමාජය' මෙම කෘතිය මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස මහතා විසින් රචිත කෘතියක් වන අතර මෙම කෘතිය තුලින් මනුෂය සමාජය තුළ භාෂාව දරන තත්වය ද සමාජ සන්ස්ථිතිය අතර ඇති සමාන්තරතාවන් ද සමාජයේ පවත්නා විවිධතාවට අනුරූපව භාෂාවේ විවිධතා දක්නා ලැබෙන ආකාරය ද සවිස්තරාත්මක විමර්ශනයකට භාජනය වේ.
Rs 1,008.90
Rs 1,121.00
-10%

Mahagama Sekara Saha Ohuge Geya Kavya

ගීත නාටක රචකයෙකු මෙන්ම කාව්‍ය ,චිත්‍රපට ගීත සහ තවත් බොහෝ අලංකාරවත් කවි නිර්මාණ කල නිර්මාණ කරුවෙකු ලෙස මහගම සේකර මහතා හැදින්විය හැකි අතර. රත්න ශ්‍රි විජේසිංහ මහතා විසින් රචිත මෙම කෘතියේ මහගම සේකර මහතාගේ කවි නිර්මාණ පිලිබදව ඉතා වටිනා දැනුම් සම්භාරයක් ලබා ගත හැකිය
Rs 714.42
Rs 793.80
-10%

Gee Madu Puranaya

ලාංකේය දේව ඇදහිලි පද්ධතියේ ශක්තිමත්ම කාන්තා දේවතාවිය සත් පත්තිනි මැණියන්ය. සිය විදේශිය අන්‍යයතාව, දේශසීමා පසෙකලා දේශියකරණයට පත්වීමට තරම් භාගයවත් වුයේ පතිවතාව නම් ප්‍රබල ආසියානු මෙවලම ඇය සියතට ගත් නිසාවෙනි. රමිත් චන්ද්‍රසේකර නම් නූතන පරපුරේ රචකයා විසින් රචිත 'ගී මඩු පුරාණය' නම් පර්යේක්ෂන ග්‍රන්ථයෙන් අධ්‍යනය කරනුයේ ප්‍රධානම පන්තිස් කෝල්මුර සාහිතයට අයත් මඩු පුර පදයවලියේ අන්තර්ගත කරුණු පිලිබදවය.
Rs 714.42
Rs 793.80
-10%

Sinhala Ketikatha Sangrahaya

මෙම කෘතිය පේරාදෙණි සරසවියේ ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව හදාරන සිසු සිසුවියන් වෙනුවෙන් සැකසුණ නිර්දිෂ්ට කෘතියකි. මෙය කෙටිකතා කලාව හදාරන උපාධි අපේක්ෂකයන්ගේ පමණක් නොව කෙටිකතා කලාව පිළිබද උනන්දුවක් දක්වන වෙනත් ඕනැම අයෙකුගේ ශාස්ත්‍ර උන්නතිය පිණිස උපකාර වනු ඇත.
Rs 720.00
Rs 800.00
-10%Out-of-Stock

Widheshiya ketikatha sangrahaya

Out-of-Stock
මෙම කෘතිය පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍රවේදී බාහිර උපාධි පාඨමාලාව හදාරන සිසු සිසුවියන් වෙනුවෙන් සැකසුණ නිර්දිෂ්ට කෘතියකි. මෙය විදේශ කෙටිකතා කලාව හදාරන උපාධි අපේක්ෂකයන්ගේ පමණක් නොව විදේශ කෙටිකතා කලාව පිළිබද උනන්දුවක් දක්වන වෙනත් ඕනැම අයෙකුගේ ශාස්ත්‍ර උන්නතිය පිණිස උපකාර වනු ඇත. 
Rs 1,125.00
Rs 1,250.00
-10%Out-of-Stock

Sinhala Bashadhyana Lipi-01

Out-of-Stock
සිංහල භාෂාවේ අනුපද්ධති සම්බන්ධයෙන් ද සිංහල භාෂාවේ විකාශනය සම්බන්ධයෙන්ද ඉතිහාසගත සාධක හා එහි පරිණාමය කෙරෙහි බල පෑ සමාජ-සංස්කෘතික සාධක පිළිබද ව  පදනම්ව මහාචාර්ය විමල් ජි. බලගල්ලේ මහතා විසින් රචිත මෙම කෘතිය භාෂාව පිළිබද ඇල්මක් හා කුතුහලයක් ඇති බුද්ධිමත් පාඨකයාට ඉතා ඵලදායි වන කෘතියකි.    
Rs 675.00
Rs 750.00
-10%Out-of-Stock

Sinhala Viyakarana Akaradiya

Out-of-Stock
සිංහල ව්‍යාකරණ අකාරාදිය නම් මෙම කෘතිය තුළින් ව්‍යාකරණ භාවිතයෙදී සිදුවන වැරදි හදුනා ගෙන ඒවා නිවරදි කර ගනිමින් නිවැරදිව සිංහල ව්‍යාකරණ භාවිතා කල යුතු ආකාරය පිලිබදව බාල මහලු ඕනැම  කෙනෙකුට මනා දැනුමක් නිසකව ලබා ගත හැකි කෘතියකි.
Rs 675.00
Rs 750.00
-10%Out-of-Stock

Sri Rathanasara Wyakarana

Out-of-Stock
සිංහල භාෂාවේ උන්නතිය උදෙසා ශාස්ත්‍රාචාර්‍ය පණ්ඩිත දෙහිගස්පේ ප්ඤ්ඤාසාර හිමිපාණන් වහන්සේ විසින් රචිත මෙම කෘතිය පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාට මෙන්ම උසස් අධ්‍යපනය ලබන ඕනෑම කෙනෙකුට සිංහල භාෂාවේ ව්‍යාකරණ භාවිතය පිලිබදව අධ්‍යයනය කිරීමට ඉතා වටිනා කෘතියකි.
Rs 424.80
Rs 472.00
-10%

Sinhala Wyakarana

හික්කඩුවේ ශ්‍රි සුමංගල හිමිපාණන් වහන්සේ සිංහල භාෂාවට කරන ලද සේවය අපිරිමිතය. උන්වහන්සේගේ ග්‍රන්ථ ප්‍රයෝජනයට ගනිමින් එම්. කේ. සුසන්ත සේනාධිලංකාර නම් වූ ඒ අසහාය සම්මානනීය ලේඛකයා විසින් රචිත  සිංහල ව්‍යාකරණ නම් වු මෙම කෘතිය සිංහල භාෂාව ඉගෙනීමට හිතැති සියලු දෙනාගේ ප්‍රයෝජනයට ඉවහල් වනු ඇත.
Rs 247.50
Rs 275.00
-10%Out-of-Stock

Sinhala Akshara Vinyasa Akaradiya

Out-of-Stock
'සිංහල අක්ෂර වින්‍යාස අකාරාදිය' නම් වු මෙම කෘතිය සම්පාදනය කොට ඇත්තේ සමකාලීන සිංහල ලේඛන මාලාවේ අක්ෂර වින්‍යාස අරඹයා ගැටලු තැන් මතු වූ විට භාවිතා කළ හැකි ප්‍රයෝගික භාෂා අත් පොතක් ලෙසය.
Rs 855.00
Rs 950.00
-10%Out-of-Stock

Punchibandara Weragama Pandithumage pada nithiya

Out-of-Stock
හෙළ බස පර ගැති බවින් මුදවා ගැනීමේ දැඩි අදිටනින්, සිය දිවි කැප කළ සරසවි සදරැස කතුවර වේරගම පඩිතුමාණන්ගේ මෙම පද නීතිය වත්මන් තරුණ පුවත්පත් කලාවේදින්ට සහ තරුණ ගුරු පරපුරට ඉතා මහගු දායාදයක් වන කෘතියකි. 
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Sinhala Sahithya Grantha Wanshaya

Out-of-Stock
ආචාර්ය ප්‍රේමදාස ශ්‍රි අලවත්තගේ මහතා සිංහල සාහිත්‍යයට සම්බන්ධ විවිධ ක්ෂේත්‍රයන්ට අයත් ග්‍රන්ථ රාශියක් රචනා කළ සාහිත්‍ය සම්මානලාභී කෘතහස්ථ ලේඛකයෙකි.
Rs 855.00
Rs 950.00
-10%Out-of-Stock

Basha Samiksha

Out-of-Stock
විවිධ ශාස්ත්‍රීය වාර සගරාවල හා අභිනන්දන ග්‍රන්ථ වලට මවිබසින් ඉදිරිපත් කරන ලද ලිපි අතුරින් ලිපි 28ක් පමණ 'භාෂා සමීක්ෂා' නම් වූ මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇති අතර මෙම ග්‍රන්ථය මහාචාර්‍ය්ය ඩබ්.එස්. කරුණාතිලක මහතා විසින් සකස් කොට මව්බසින් ඉදිරිපත් කරණු ලබන භාෂා කිහිපයක් අන්තර් ගත ලිපි කිහිපයක එකතුවක් ලෙස හැදීන්විය හැකිය.
Rs 427.50
Rs 475.00
-10%Out-of-Stock

Sinhala Hodiya Danagan Idura

Out-of-Stock
'සිංහල හෝඩිය දැනගන් ඉදුරා' මහාචාර්ය බන්දුසේන ගුණසේකර මහතා විසින් රචනා කරණ ලද  මෙම කෘතිය තුළින් සිංහල හෝඩියේ ඉතිහාසයත්. ඉතිහාසයේ දී හෝඩිය  භාවිතා කළ ආකාරයත් වර්ථමානයේදී සිංහල හෝඩිය නිවැරදිව භාවිතා කල යුතු ආකාරයත් පිළිබදව මනා ලෙස විග්‍රහ කල ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය
Rs 315.00
Rs 350.00
-10%

Liyana kalawa saha Rachana widi krma

ලියනගේ අමරකීර්ති මහතා විසින් රචනා කරන ලද 'ලියන කලාව සහ රචනා විධි ක්‍රම' මෙම පොත අධ්‍යයනය කිරීම තුලින් හුදෙක් නිරවද්‍ය වාකය රචනයට පමනක් සීමා වී පැවති ශාස්ත්‍රීය ලේඛනය පිලිබද කතිකාව විවිධ කෝණ ගණනාවකින් දැකිය හැකි අතර ඒ අතර  ප්‍රවාදත්මක දැනුම ගවේශනය, විචාරාත්මක චින්තනය, ලේඛනය හා සම්බන්ධ විවිධ ආචාරධර්ම ආදිය පිලිබදව මනා දැනුමක් ලබා ගත හැකිය.
Rs 1,080.00
Rs 1,200.00
-10%

Nomiyena Mathaka

නූතන  සිංහල කවීන් අතර  අරිසෙන් අහුබුදු ශූරීන් සුවිශේෂ වන බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම ග්‍රන්ථය අරිසෙන් අහුබුදු ශූරීන් විසින් සමාජයට ඵලදායි සේවයක්  කල යම් පිරිසකගේ ගුන කවියෙන් වැයීමට යොදා ගෙන ඇති අතර ඉතා භාවමය හා රසවත් අර්ථාන්විත වූ කවි පෙළක් මෙම ග්‍රන්ථයේ අන්තර් ගත වේ.
Rs 513.00
Rs 570.00
-10%

Sigiri Gee Nirmana

සීගිරි කැටපත් පවුර, සීගිරිය ඇතුළත සීගිරියකි. පැරණි සිංහල නගර නිර්මාණය හා කලාශිල්ප පිළිබද අවබෝධයක් ලබා ගැනීමට සීගිරි නටබුන් හා චිත්‍ර යම් ප්‍රමාණයකට වැදගත්ද පැරණි සිංහල භාෂාව හා සාහිත්‍යය අධ්‍යයනයෙහි ලා කැටපත් පවුරේ එන කුරුටු ගීද ඒ තරමටම වැදගත්ය. මේ ගී බලවත් පරීශ්‍රමයකින් කියවා අර්ථකථනයන්ද සහිතව ප්‍රකාශයට පත් කිරීමෙන්, අභාවප්‍රාප්ත මහචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් කර ඇත්තේ අනල්ප වූ ශාස්ත්‍රීය සේවයකි. 
Rs 1,800.00
Rs 2,000.00
-10%

Pirithehi Parinamaya

ආචාර්ය ගැමුණු සිරි ගමගේ මහතා විසින් රචනා කරන ලද 'පිරිතෙහි පරිණාමය' නැමැති මෙම කෘතිය චතුභාණවාරපාලිය හා ඒ සමග බැදුණු පිරිත් සජ්ඣායනා ක්‍රමය පිළිබද කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයකි.
Rs 432.00
Rs 480.00
-10%Out-of-Stock

Naluwala ananda nahimi

Out-of-Stock
රොඩ්නි විදානපතිරණ මහතා විසින් රචිත 'නළුවෙල ආනන්ද නාහිමි' නමැති මෙම චරිතා ප්‍රධාන කෘථිය මගින් නළුවෙල ආනන්ද නාහිමියන් වහන්සේ විසින් ඉන්දියාවේ විශේෂයෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අප මහා තතාගතයන් වහන්සේ වන අමා මෑනී බුදු පියාණන් වහන්සේ දේශනා කරණ ලද ඒ සුමදුරු දහම ප්‍රචාරනය කළ අයුරුත් එම ධර්මප්‍රචාරණයේ දී ආනන්ද මාහිමියන් විසින් කළ කැපකිරීමත් එසේම උන්වහන්සේ විසින් ශ්‍රී ලංකාකිය දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට කල කැපකිරීමත් පාඨකයා හට බුද්ධලම්බන ප්‍රීතියෙන් යුතුව රස විදීමට රචකයා විසින් ඉඩ ප්‍රස්තාව වෙන් කර දී ඇත
Rs 675.00
Rs 750.00
-10%Out-of-Stock

Viritha Ha Arutha

Out-of-Stock
භාෂා ශාස්ත්‍රීයට විශිෂ්ට සම්ප්‍රද්‍රනයක් සිදු කර ඇති අද්විතීය ප්‍රාඥයකු වන මහාචාර්ය විමල් දිසානායක විද්වතාත් ශාස්ත්‍රාධ්‍යනයෙහි නියුත්ත ගවේෂකයකු වන ශ්‍රීනාත් ගණේවත්ත විද්වතාත් සම්ප්‍රදාය දෙකකින් බිහි වූ දෙදෙනෙකු වුවත් මේ දෙදෙනා ගේ බුද්ධිමය හමුවෙහි සාර්ථක ප්‍රතිඵලයක් ලෙස 'විරිත හා අරුත ' මෙම තුලනාත්මක ග්‍රන්ථය හැදින්විය හැකිය.මෙම ග්‍රන්ථය කාව්‍ය නිර්මාණ පිලිබද උනන්දුවක් දක්වන ඕනෑම පුද්ගලයෙකු හට පරිශිලනය කල හැකි ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 315.00
Rs 350.00
-10%

Samaja Widyathmaka Danuma Nayaya Saha Wayawaharaya

සමාජ විද්‍යාව බිහිවිම පරිනාමය හා සිද්ධාන්ත පිලිබද බොහෝ කරුනු මෙහි අඩංගු වන අතර විවිද සමාජ ගැටලු සම්බන්දයෙන් කෘත‍ය්වාදී, සංඝට්ටනවාදී, අන්තර් ක්‍රියාවාදි සහ ස්ත්‍රිවාදී වශයෙන් සමාජ විද්‍යාත්මක පර්යාලොකයන් යොමු වන ආකාරය සවිස්තරාත්මකව දැක්වේ.
Rs 2,016.00
Rs 2,240.00
-10%

Guru Boomikava

ගුරුවරයා යන්නෙන් සිසුන්ගේ අධ්‍යාපනය පිලිබද වගකීම භාරව පාසල්වල සිටින සියලුම දෙනා අදහස් කරයි. අතීතයේදී දැනුම ලබාදෙන තැනැත්තා අදහස් කළ අතර වර්තමානයේ ''මග පෙන්වන තැනැත්තා'' බවට අර්ථකතන වෙනස් වී තිබේ. මෙය ''ඉගනීමට ඉගැන්වීමට දැනුම කුසලතා හා ආකල්ප සංවර්ධනයට අවස්ථාව උදා කරදීම වැනි නව අර්ථකථනවලින් ගුරුවරයාගෙ කාර්යභාර්යේ භාරදූර බව විග්‍රහ වේ. මෙම කෘථිය අධ්‍යනය කිරීම තුළින් නිවැරදි ගුරු භූමිකාවක් කළ යුතු ආකාරය පිළිබද මනා දැනුමක් ලබා ගත හැකිය.
Rs 261.00
Rs 290.00
-10%

Ithihasaya Saha Danuma Pilibada rasalge mathaya

බුද්ධිමය ජන සමාජයේ පුරවැසියෙකු වීම සදහා මිනිසෙකු විසින් අවශයෙන්ම අධ්‍යනය කළ යුතු සියලු විෂයන් අතර ඉතිහාසය තරම් වැදගත් වෙනත් විෂයක් නොමැති තරම්ය. පරිවර්ථකයා විසින් මෙම කෘතිය සදහා 'රසල්ගෙ' 'ද ඉන්ඩිපෙන්ඩෙඩ් රිවීව්' නැමැති සගරාවේ ඉතිහාසය නැමැති කෘතියෙ සිංහල පරිවර්ථනය උපයෝගී කර ගෙන ඇති අතර මෙම කෘතිය කේ.ඒ.එන්. පෙරේරා මහතා විසින් සිංහලට පරිවර්ථනය කරන ලද කෘථියක් වන අතර මෙම කෘතිය රස විදින පාඨකයා හට ඉතිහාසය තුලින් යහපත් දේ උකහා ගෙන ඉන් වර්තමානය නිර්මාණය කර ගැනීම සදහා මනා පිටුවහලක් වේ.
Rs 342.00
Rs 380.00
-20%

Budu Himi Wada Siti Deshaya Sri lankawa wiya hakida

'බුදු හිමි වැඩසිටි දේශය ශ්‍රී ලංකාව විය හැකිද' මෙම කෘතිය ආර්ය කීර්ති කුමාරසේන මහතා විසින් රචිත කෘතියක් වන අතර නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් මුද්‍රණය කර පාඨක ඔබ අතට පත් කරණ ලද කෘථියකි. 
Rs 540.00
Rs 675.00
-20%

Dhanavath Wimata Bauddha Upadeshanaya

තෙරුන්නාන්සේගම කෝසල හිමියන් විසින් රචිත 'ධනවත් විමට  බෞද්ධ උපදේශනය' නම් මෙම කෘතිය දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් පාඨක ඔබ අතට පත් වීමට කටයුතු කර ඇත.
Rs 416.00
Rs 520.00
-10%

Pirimi Saha Gahanu Metharam Wenas Ayi

ආරියරත්න චන්ද්‍රවංශ මහතා විසින් පරිවර්තනය කරන ලද 'පිරිමි සහ ගැහැනු මෙතරම් වෙනස් ඇයි' යන මෙම කෘථිය 'බබාර සහ ඇලන් පීස්' යන දෙදෙනාගේ 'වයි මෙන් ඩොන්'ට් ලිස්ටන් ඇන්ඩ් වොමෙන් කාන්ට් රීඩ් මැප්'යන කෘතියේ සිංහල පරිවර්තනය වන අතර. මෙම කෘතිය මගින් ඔබට විරුද්ධ ලිංගිකයන් හා බැදිම ඇතිකර ගැනීමට හා පවත්වා ගැනීමට පමණක් නොව එය ඔබ ගැනම අවබෝධ කර ගැනීමටත් උදව් වෙයි. එමගින් ඔබ දෙදෙනාටම වඩාත් ප්‍රීතිදායක සුවදායක හා සැනසිලිදායක ජිවිතයක් ගත කිරීමටත් සහාය වේ.
Rs 990.00
Rs 1,100.00
-10%Out-of-Stock

Hudakalawe siyawasarak

Out-of-Stock
හුදකලාවේ සියවසරක් නැමැති මෙම කෘතිය මුල් රචනය 'ගබ්‍රියෙල් ගාර්සියාමර්කෙස්' විසින් කල අතර සාගර විජේසේන පරිවර්තකයා විසින්  සිංහලට පරිවර්තනය කරණ ලදි.මෙම කෘථිය භාෂා 46කට නැගී ඇති අතර පිටපත් මිලියන 50කට අදික ප්‍රමාණයක් අළවි වී ඇත. 
Rs 1,350.00
Rs 1,500.00
-10%Out-of-Stock

Sathuta

Out-of-Stock
මෙම කෘතිය බර්ට්‍රන්ඩ් රසල් නම් දාර්ශනිකයා විසින් රචිත අතර කේ.ඒ. එන්.පෙරේරා මහතා විසින් සිංහලට පරිවර්තනය කරන ලද කෘතියකි. මෙම කෘතිය අධ්‍යයනය කිරීම තුලින් ඔබට ජිවිතයේ සතුටින් ගත කිරීම සදහා අනුගමනය කල හැකි අත්දැකීම් හා නිරීක්ශන මත පදනම්ව ඒ මගින් තහවුරු කර ගන්නා ලද ක්‍රම වේදයන් අන්තර්ගත කරමින් රචනා කර ඇති අතර. එසේම සතුට පිළිබද සරල විග්‍රහයක් මගින් ජිවිතයේ සතුට රැදි තිබෙන ආකාර පිළිබද මනා අවබෝධයක් සහිතව ජිවිතය සතුටින් ගත කිරීම සදහා මෙම කෘථිය රස විදීන පඨකයා හට අවස්ථාව හිමි වේ.
Rs 1,161.00
Rs 1,290.00
-10%

Jathivadaya JAthivathsalyavadaya ha budu dhama

'ජාතිවාදය ජාතිවාත්සල්‍යවාදය හා බුදුදහම' මෙම කෘතිය දැනට රුහුණු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක් වන ඩී.ජී.අප්සරා කුමුදු කුමාරි මහත්මිය විසින් රචනා කර ඇති අතර මෙම කෘතියෙහි ඇති විශේෂත්වය නම් ජාතිවාදය ජාතිවාත්සල්‍යවාදය හා බුදුදහම පිළිබදව සුවිශේෂ පැතිකඩක් ශාස්ත්‍රීය පදනමක පිහිටා ඉදිරිපත් කිරීමයි.
Rs 477.90
Rs 531.00
-10%Out-of-Stock

Samaja WagVidyawa Saha Sri Lankawe upa bhasha

Out-of-Stock
'සමාජ වාග්විද්‍යාව සහ ශ්‍රී ලංකාවේ උපභාෂා' මෙම කෘථිය ආචාර්ය ඩබ්ලිවි.ඕ.තිලකරත්න මහතා විසින් රචනා කර ඇති අතර මෙම කෘථිය අධ්‍යනය තුළින් වාග් විද්‍යාව සහ සමාජ විද්‍යාව යනු කුමක්ද යන්නත්. ලංකාවේ ප්‍රධාන භාෂාව මවි භාෂාවෙන් පසුව විවිධ ප්‍රදේශ වලට ආවේනිකව පවතින ප්‍රාදේශීය ව්‍යවහාර භාෂා පිළිබදවත් කමත්,කැලෑ,හේන්,පතල්,ධීවර ආදී විවිධ වෘත්තීන් හි භාවිතා කරණ භාෂා පිළිබදවත් දැනුම වර්ධනය කර ගැනීම සදහා ඉතා වටිනා කෘථියක් ලෙස හැදින්විය හැකිය. 
Rs 1,350.00
Rs 1,500.00
-10%

Baudda Kalawe Deshapalanaya

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ මහාචාර්යවරයෙකු වන වජිර ජයතිලක මහතා විසින් රචනා කරණ ලද බෞද්ධ කලාවේ දේශපාලනය නැමැති මෙම ග්‍රන්ථය තුළ යටත් විජිත සමයේ ශ්‍රි ලංකාව තුළ පැවති බෞද්ධ කලාවේ සුවිශේෂි සංසිද්ධියක්  ලෙස සැලකිය හැකි පහතරට  විහාරස්ථාන වල දක්නට ලැබෙන බ්‍රිතානය රාජ්‍ය ලාන්ඡන සහ රාජකීයන්ගෙ ප්‍රතිරූප පාදක වී ඈත.  
Rs 1,746.00
Rs 1,940.00
-10%Out-of-Stock

Sampradayika Tharka Shasthraya Bharathiya

Out-of-Stock
කැනිෂියස් පලිහවඩන මහතා විසින් රචනා කරණ ලද සම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රය නම් මෙම කෘථිය තර්ක ශාස්ත්‍රය විෂය පිළිබදව අධ්‍යනය කරණු ලබන උසස් පෙළ සිසුනට මෙන්ම සරසවි සිසුනටත් ගුරු භවතුන්ටත් විෂය සම්බන්ධ උනන්දුවෙන් පසුවන ඕනැම කෙනෙකුටත් අධයනය කිරීමෙන් තර්ක ශාස්ත්‍රය විෂය පිලිබද මනා දැනුමක් ලබා ගත හැකි ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය. 
Rs 369.00
Rs 410.00