Books

Out-of-Stock
Bauddha Manowidhyawe Padanama 1
Out-of-Stock
බෞද්ධ මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් ගම්‍ය කරන චිත්ත, මනෝ, විඤ්ඤාණ පදයන් මූලික සූත්‍රයන් ඇසුරින් භාවිතා වී ඇති ආකාරයත්, එම පදත්‍රයන්ගේ අර්ථයත් පෙන්වා දෙමින් ඒවායෙහි අනන්‍යතා අන්‍යතර ලක්ෂණ පෙන්වාදෙන බෞද්ධ මනෝ විද්‍යාවේ පදනම කෘතිය ආචාර්ය්‍ය පිටිගල විජිත ස්වාමීන් වහන්සේ රචිතය.
Out-of-Stock
Bodhisathwa Prarthana Gatha
Out-of-Stock
මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇත්තේ බෝසත් චරිතයක් අනුගමනය කළයුතු දසපාරමිතා ධර්මයන්ය. සුමග පාලි වදන්වලින් හා මධුර ලෙස සජ්ඣායනය කළ හැකි ශෛලියකින් මේ ගාථා රචිත ය. 
Budu Dahamin Pilibimbuwana Igenweeme Shilpa Krama
නූතන අධ්‍යාපන විද්‍යාඥයන් ඉගැන්වීමේ ක්‍රම වශයෙන් සඳහන් කරන අධ්‍යාපන ක්‍රමවේදයන් මීට සියවස් ගණනකට පෙර බුදුන් වහන්සේ භාවිතා කර ඇති ආකාරය දහම් පුස්ථක ඇසුරෙන් එක් රැස්කොට ගනිමින් පෙර අපරදෙදිග උගතුන් දක්වා ඇති අදහස් විමසමින් ඒවා බුදු දහමට අනුව විග්‍රහ කිරීමක් ලෙස පූජ්‍ය ඇකිරියගල නන්ද හිමියන්ගේ බුදුදහමින් පිළිඹිබුවන ඉගැන්වීමේ ශිල්පීය ක්‍රම කෘතිය හඳුන්වා දිය හැක.
Rs 550.00
Hadawathen Nagena Dam Kada
අතිපූජ්‍ය අජාන් මහාබූවා ඤාණසම්පන්නෝ හිමිපාණන් වහන්සේ භාවනානුයෝගීන් අරමුණු කරගෙන පවත්වන ලද දේශනා අනුසාරයෙන් සම්පාදනය වූ මෙය Straight From The Heart නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. 
Rs 270.00
Vidarshana Bhawanawe Jeewana Athdakim
දිනපතා ජීවිතයේ කටයුතුවල යෙදෙන අතරතුරේදීම භාවනාව පුහුණු වීමට මග පෙන්වීමක් වශයෙන් මෙම ධර්ම සංග‍්‍රහය "හැම මොහොතක්ම සිහි බුද්ධියෙන් ගත කිරීමේ කලාව" පුහුණුවීම සදහා මග පෙන්වන අත්පොතකි. තවද මෙය භාවනාවට ආධුනික අය සදහා මුල්පොතක් වශයෙන් ද හැදින්විය හැකිය. 
Rs 100.00
Out-of-Stock
Bhawanawata Maga
Out-of-Stock
භාවනාව කුමක්දැයි හදුන්වා දෙමින්, ඒ ඒ භාවනා ලක්ෂණ වශයෙන් වෙන් කොට දක්වා ඇති සුවිශේෂී වූ සදහම් ග‍්‍රන්ථයකි. 
Niwan Maga Abhiyasa
වනවාසී සේනාපති විමලරත්න හිමියන් විසින් දේශනා කරන ලද, ඉරිදා ලංකාදීප පුවත්පතෙහි පළවූ නිර්වාණාවබෝධයට මග නමැති ලිපි මාලාවකින් සැදුම්ලත් වටිනා ධර්ම ග්‍රන්ථයකි. 
Rs 195.00
Out-of-Stock
Teeka Adhyanaya
Out-of-Stock
පාලියෙන් ලියැවුණු ටීකා සාහිත්‍යය ඉතා දුර්ලභ අර්ථ විවරණ සහිත ග‍්‍රන්ථ පද්ධතියකි. ඒ සම්බන්ධ නිශ්චිත ලිපි පෙළක් ලෝකයේ කවර බසකින්වත් මෙතෙක් පල වී නැත. එහෙයින් මේ ලිපි පෙළ ඉතා වැදගත් ලිපි පෙළක් බව කිව යුතුය.
Out-of-Stock
Bhawana Aprakata Lipi
Out-of-Stock
ගත පෙනෙන කැඩපත ඉදිරියේ හැඩ වෙනවාට වඩා සිත දකින භාවනාවට සමවැදීමෙන් අපට සතුට ගෙන දෙයි. නිවනට අවැසි භාවනා විධි ප‍්‍රායෝගිකව හුරුකළ අපේ කාලයේ වැඩහිදි උතුම් යතිවරුන් තිදෙනෙකුගේ සදහම් සිතිවිලි භාවනා අප‍්‍රකට ලිපි කෘතියට ඇතුළත් කර තිබේ. 
Bhawana Kamatahan
කමටහන් වඩන ආකාරය පිළිබද කාටත් වැටහෙන අයුරින් සම්පාදනය කල අගනා සදහම් ග‍්‍රන්ථයකි. 
Rs 100.00
Supasan Jeevithaya
බුදුසරණ පුවත්පතෙහි පළ වූ සුපසන් ජීවිතය නැමති ලිපි මාලාවෙහි එකතුවකින් සම්පාදනය කරන ලද වටිනා සදහම් ග‍්‍රන්ථයකි. 
Rs 275.00
Budu Dahame Haraya
මෙම ග‍්‍රන්ථයෙන් ගතවූ වසර දෙදහස් පන්සිය තිස්සේ බුදුදහම පිළිබද නැගුණු ප‍්‍රශ්න සියල්ලට ම පාහේ ආමන්ත‍්‍රණය කර තිබේ. මෙය සාමාන්‍ය පාඨකයාට බුදුදහම ගැන නිවැරදි හැදින්වීමක් සපයන අතර, බුදුදහම ගැඹුරින් හදාරණ උගතුනට ඒ සදහා අවශ්‍ය ප‍්‍රවේශ මාර්ගයක් ද වනු ඇත.
Rs 400.00
Sowan Weemen Labena Prathilaba
තිසරණගත බෞද්ධයාගේ පරම අපේක්ෂාව සසර ගමන කෙටිකර ගැනීම නම් ඒ සදහා බුද්ධ දේශනාවේ අඩංගු සෝවාන් ඵලස්ථයකු වීම සදහා දේශිත ධර්ම කරුණු මෙන්ම සෝවාන් වීමෙන් ලැබෙන ප‍්‍රතිලාභ ද පිටකයට අනුව පැහැදිලි කරනු ලබන කෘතියකි. 
Rs 300.00
Ajhan Cha Therunge Bhawana Margaya Saha Nirwanawabodhaya
අජාන් චා හිමියන්ගේ ”භාවනා මාර්ගය සහ නිර්වාණාවබෝධය” නමැති මෙම පරිවර්තනයට අදාළ ''The Path to Peace''   මුල් කෘතියට ඇතුළත්ව ඇත්තේ අපේ කාලයේ වලසුන් ගහණ ආරණ්‍ය සේනාසනයක ධූතාංග කමටහන් වඩා නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගත් අති පූජ්‍ය අජාන් චා රහතන් වහන්සේගේ දේශනා සහ උන්වහන්සේගෙන් අසා ඇති ප‍්‍රශ්න හා උන්වහන්සේ ඒවාට දී ඇති පිළිතුරුත්ය. 
Rs 275.00
Bauddha Bhawana Krama
සුදුසුකම්ලත් ගුරුවරුන් හා විශ්වසනීය භාවනා කෘති සොයා වෙහෙසෙන කණ්ඩායම් හා හුදෙකලා යෝගාවචරයින් යන දෙපිරිසටම මෙම කෘතිය අත්පොතක් ලෙස එම මෙහෙය ඉටු කරනු ඇත. තව ද මෙම කෘතිය පහසුවෙන් පරිශීලනය කළ හැකි ගුරුපොතක් හා මූලාශ‍්‍ර ග‍්‍රන්ථයක් ලෙස භාවිත කළ හැකිය. 
Rs 650.00
The Buddhist Way Of Life (For Grade 6 Students)
To Day our Children are open to all from of unwholesome influences.There for it is very useful to inculcate good religious habits among our children to lead a good life in the society.This book provides the very basics of Dhamma for our little children to understand in very simple English.
Rs 785.00
Maha Rahath Katha
Maha Rahath Katha - ‌මෙම ග්‍රන්ථයට ඇතුළත් කර ඇත්තේ ඛුද්දක නිකායට අයත් ථේරගාථාට්ඨ කතා වලින් තෝරාගත් කථා ය. ‌ථේරගාථාට්ඨ කථාවල ඒ ඒ තෙරවරුන්ගේ චරිත වර්ණනා කෙරේ. උන් වහන්‌සේලා භවයක් පාසා මුහුණ දුන් කටුක අමිහිරි සිදුවීම් ද, සුන්දර මිහිරි සිදුවීම් ද, පරිසර වර්ණනා ද මෙහි දී පැහැදිලි කෙරේ.
Rs 275.00
Sihiya Saha Sathiya
සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම සහ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පදනම් කර ගනිමින් සිහිය සහ සතිය පිළිබඳව මනාව කරුණු දක්වමින් ලියවුණු ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වාදිය හැක. 
Rs 430.00
Out-of-Stock
Diwasin Dutu Prethayo
Out-of-Stock
ප්‍රේතයන් යනු කවුරුන්ද? ප්‍රේතයන්ගේ ස්වරූපය කොයි ආකාරද? ප්‍රේතයන් ජීවත් වන්නේ කෙසේද? ප්‍රේත ලෝකයේ උපදින්නේ කුමන ආකාරයේ අකුසල කර්ම නිසාද? යන්න මෙම සදහම් ග‍්‍රන්ථය තුළින් බුද්ධ දේශනා ඇසුරෙන් ම ඔබට පහදාගත හැකිය.