History & Culture

Parangi Kotte 1594 - 1612

පරංගි කෝට්ටේ 1594 - 1612 - පෘතුගීසීහු 1594 - 1612 කාලය තුළ ලංකාවට පාලන ප්‍රතිපත්තියක් සකස් කළහ. එහෙයින් මේ කාල පරිච්ඡේදය ලංකා පෘතිගීසී පාලනයේ පදනම් යුගය වශයෙන් සැලකිය යුතුයි. මේ කෘතිය ඒ යුගයේ ඉතිහාස පුවතයි.
Rs 450.00

19 Wana Siyavase Dee Heladiva

19 වන සියවසේ දී හෙළදිව - 19 වන සියවසේ අප දිවයිනට පැමිණි එංගලන්ත සහ ඇමෙරිකානු සංචාරකයන් පස් දෙනෙකු, මෙහිදී ඇසූ, දුටු සහ විඳි දෑ පිළිබඳ ඔවුන්ගේ වාර්තාවන් වලින් තෝරාගත් අපූරු කොටස් මෙම ග්‍රන්ථයේ අඩංගු වෙයි.
Rs 560.00

Lankave Brithanya Andukaravaru

ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු - එච්. ඒ. ජේ. හුළුගල්ල ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියා විසින් සම්පාදිත 'ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු' නම් ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනයයි මේ. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය යුගය පිළිබඳ හැදෑරීමට කවර තරාතිරමක සිසුනට වුව මේ කෘතිය අතිශයින් වැදගත් වූවකි. කතුවරයා ඉතා වටිනා හා නිසැක මූලාශ්‍ර ඇසුරෙන් සිය කෘතිය සම්පාදනය කර ඇත්තේ ය. ඉන් ඇතැම් මූලාශ්‍ර සිසුනට ග්‍රහණයට අසීරු මූලාශ්‍ර වේ. ඇතැම් මූලාශ්‍ර විද්වතුන් පවා නොදන්නා කරුණුය. කතුවරයා මෙහි ලා ඉදිරිපත් කරන කරුණු ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයේ ආධිපත්‍යයට නතුව තිබූ යුගයේ පටන් ස්වාධීනත්වය අත් කර ගත් යුගය දක්වා සමාජ සංවර්ධනය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ගෙන හැර පායි. එමෙන්ම මේ කරුණු සියල්ල කතුවරයා ඉදිරිපත් කරන්නේ සරල සහ කියවීමට ප්‍රිය උපදවන ශෛලියකිනි.
Rs 760.00

Yatagiya Davasa Sanakeli, Pudakeli Ha Aharapana

යටගිය දවස සැණකෙළි, පුදකෙළි හා ආහාරපාන - අතීතයේ භාරතයෙහිත්, ශ්‍රී ලංකාවෙහිත් පැවැති විවිධ සැණකෙළි හා ආහාරපාන පිළිබඳව සම්භාව්‍ය සාහිත්‍යයෙහි දැක්වෙන තොරතුරු විමසමින් මේ ග්‍රන්ථය සම්පාදනය කොට ඇත.
Rs 200.00

Britanyayan Merata Jana Warga Haduna Gath Akaraya

බ්‍රිතානයන් මෙරට ජන වර්ග හඳුනා ගත් ආකාරය - මෙම ග්‍රන්ථය ඉතිහාසය හා සමාජ විද්‍යාව හදාරන විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම, මේ පිළිබඳව උනන්දුවක් දක්වන සියලු දෙනාට වැදගත් වන අතර 2019.04.21 පාස්කු ප්‍රහාරයට පෙර ශ්‍රී ලාංකේය සමාජය තුළ ශ්‍රී ලාංකේය ජනවර්ග තම අනන්‍යතාවයන් සකසාගත් ආකාරය පිළිබඳ යම් ආකාරයක මූලික අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම කෘතිය වැදගත් වන බව කිව යුතු වේ.
Rs 450.00
Out-of-Stock

Ape Rajavaru - 1

Out-of-Stock
අපේ රජවරු - 1 - දේවානම්පියතිස්ස රජතුමාගේ රාජ්‍ය කාලය අවසානය තෙක් පැවති රාජාවලිය පසුබිම් කරගනිමින්, දිවයිනේ ඇති වූ ආර්ථික, සමාජ, සස්කෘතික හා දේශපාලන ඉතිහාසය ඉතා සැකෙවින්, නොඅඩුව, සරලව හා සංක්ෂිප්තව මෙහිදී දිග හැරෙයි.

Sinhala Minusunge Aprakata Wathagotha

සිංහල මිනිසුන්ගේ අප්‍රකට වතගොත - සිංහල මිනිසුන්ගේ ප්‍රකට නොවූ බොහෝ තොරතුරු කාලයත් සමඟ යටපත් වෙමින් තිබේ. ඔවුනට ආවේණික උරුමයන් මෙන් ම සංස්කෘතියේ මූලිකාංග පවා මේ ඉරණමට ගොදුරු ව තිබෙන බව පැහැදිලි ය. මෙම කෘතිය මගින් එකී ආවේණික බොහෝ දේ ස්පර්ශ කර විවිධ වූ මූලාශ්‍ර පාදක කර ගනිමින් සිංහල මිනිසුන්ගේ අතීතය සහ වර්තමානය යා කිරීමට ලේඛකයා ගෙන ඇති ශාස්ත්‍රීය උත්සාහයකි.
Rs 590.00

Yapa Patune Sita Kolambata Pa Gamanak

යාපා පටුනේ සිට කොළඔට පා ගමනක් - මෙම කෘතිය ලියූ ජේ. හාෆ්නර් නමැති ලන්දේසි ජාතිකයා ලන්දේසි පාලන සමයේ ලංකාවේ යාපනයේ සිට කොළඹ දක්වා පා ගමනේ එද්දී පසු කළ ප්‍රදේශ, ගංගා, වනාන්තර, ගම්මාන හා ඒවායේ වැසියන් පිළිබඳ බොහෝ තොරතුරු මෙම කෘතියෙන් අනාවරණය වෙයි.
Rs 980.00

Lankave Rajandu Yanthranaya

ලංකාවේ රාජාණ්ඩු යාන්ත්‍රණය - නිර්මාණශීලී දේශපාලන මතවාදයක් ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වූවන්ට ද ඒ පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ට මෙන් ම සාමාන්‍ය පාඨකයාට ද එකසේ ප්‍රයෝජනවත් වන කෘතියක් ලෙස සැළකිය හැක.
Rs 150.00

Sri Lanka Raja Namavaliya

ශ්‍රී ලංකා රාජ නාමාවලිය - මෙරට මුහුදුබඩ පළාත් පාලනයට සම්බන්ධ වූ බ්‍රිතාන්‍ය පෘතුගීසි හා ලන්දේසි ආණ්ඩුකාරවරු පිළිබඳවත් එමෙන්ම මෙරට පාලනයට සම්බන්ධ වූ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගෙ නාමලේඛනයක් ඡායාරූප සමග ද මෙහි ඇතුළත් කර තිබීම සිසුනට ඉතිහාසය ඉගෙනීමට වඩාත් ප්‍රයෝජනවත් වේ.
Rs 177.00