History & Culture

Purana Lankave Weladama

පුරාණ ලංකාවේ වෙළඳාම - මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය මගින් පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ පුරාණ ලංකාවේ වෙළඳාම සිදු කළ ආකාරයත්, එකල මෙරට තිබූ වෙළඳ නීති රීති හා අන්තර්ජාතික වශයෙන් සිදු කළ වෙළඳාමත්, ආනයන හා අපනයන භාණ්ඩ පිළිබඳ තොරතුරුත් ය.
Rs 450.00

Lakdiva Andara (Pictures From The East)

ලක්දිව අන්දර - මෙම ග්‍රන්ථය තුළ රචනා කර ඇති කතා තුළින්, ආස්වාදනීය ගැඹුරු මානුෂීය සම්බන්ධකම්, අපට හඳුනා ගත හැකි ය. තව ද ඔහු ඉතා ඉහළ භාෂා හැඩයකින් රචනා කර ඇති මේ කතා මාලාව, ඉතා අපූරු එකකි.
Rs 500.00

Lakdiva Pauranika Nagara

ලක්දිව පෞරාණික නගර  - ලංකාව ගැන පොත් කිහිපයක්ම ලියූ හෙන්රි විලියම් කේව්ගේ Ruined Cities of Ceylon පොත මුලින්ම පළවූයේ 1897 දී ලන්ඩනයේ දී ය. මාතලේට දුම්රියෙන් ගොස් එහි සිට කරත්තවල නැගී අපේ වනගත පුරාණ නගර ගවේෂණයට ගිය රසවත් චාරිකාවක් ලෙස කේව් පොත රචනා කර තිබේ. මහාවංශයෙන් කරුණු උපුටා දක්වමින් පැරණි තොරතුරු සනාථ කිරීමට ද ඔහු උත්සාහ දරා ඇත. කේව් 1896 දී ගිය ඒ චාරිකාවේ දී ගත් අගනා සේයාරූ රාශියක් ද පොතේ ඇතුළත් ය. අපේ පැරණි නටබුන් ගැන මෙන්ම, ඒවා ආරක්ෂා කර ගැනීම ගැනත් විශේෂ ඇල්මක් මේ ඉංග්‍ර්‍රීසි ජාතිකයා තුළ පැවති බව ලංකාවේ පෞරාණික නගර කෘතිය කියවන ඔබට වැටහෙනු ඇත. පාඨකයන්ට මෙම ගවේෂණ කෘතිය කුතුහලය දනවන අපූරු අතීත චාරිකාවක් වනු නිසැක ය.
Rs 1,000.00

Ceylon Adamge Paradisaya

සිලෝන් ආදම්ගේ පාරාදීසය - ඉංග්‍රීසි ජාතික කැරොලයින් කෝනර් කොලඹ වරායෙන් මෙරටට ගොඩ බසින්නේ යටත් විජිත සමයේදීය. ඒ සමකාලීනව ඇගේ සැමියා මෙරට යටත් විජිත කාර්‍යාලයේ නිලධාරියෙක් ලෙස සේවය කරමින් සිටියි. මෙරට සත් වසරක් ජීවත් වෙමින් ලැබූ අත්දැකීම් සහිතව ඇය ලියූ කෘතිය Ceylon; Paradise of Adam වෙයි. මේ එහි සිංහල පරිවර්තනයයි. සමකාලීන සිංහල ජන ජීවිතය, ඇදහිලි, විශ්වාස, චර්‍යා රටා, මෙරට විසූ අනෙකුත් ජන කොටස් පිළිබඳ තොරතුරු හා තේ වගාව සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍යයන් ලැබූ අත්දැකීම් ආදිය ගැන කැරොලයින් කෝනර් මෙම කෘතියෙන් මනාව විස්තර කරයි.
Rs 1,250.00
Out-of-Stock

Wagolle Hatana

Out-of-Stock
වාගොල්ලේ හටන - කන්ද උඩරට අල්ලා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් දියත් කරන ලද සූක්ෂම කුමන්ත්‍රණය හේතුවෙන්, ඉතිහාසය විසින් වරදකරුවෙකු බවට පත්කරන ලද, ශ්‍රී වික්‍රම රාජසිංහ (1798 - 1815) හෙවත් ලක්දිව අවසන් රජුගේ පාලන සමයේ විවිධ පැතිකඩ පිළිබිඹු කරන චූල සම්ප්‍රදායේ ඓතිහාසික මූලාශ්‍ර රැසක් තවමත් අප්‍රසිද්ධව පවතියි. මෙම ග්‍රන්ථය මගින් ප්‍රසිද්ධ කෙරෙන්නේ මෙතෙක් අප්‍රකටව පැවති එවැනි කාව්‍ය සංහ්‍රහයකි.