Out-of-Stock Degaldoruva Rajamaha Wiharaya Saha Ehi Bithusithuvam Out-of-Stock දෙගල්දොරුව රජමහා විහාරය සහ එහි බිතුසිතුවම් Rs 1,500.00 Details View details
Out-of-Stock Bauddha Nikaya Wikashaya Out-of-Stock බෞද්ධ නිකාය විකාශය - සංකීර්ණ හා දීර්ඝ ඓතිහාසික වෘත්තාන්තයෙහි සියලු පැතිකඩ ආවරණය වන පරිද්දෙන් නිකාය භේදයේ පසුබිම, අටළොස් නිකාය, චතුර්විධ බෞද්ධ දර්ශන සම්ප්‍රදාය, මහායානය හා තන්ත්‍රයානය, අනුරාධපුර යුගයේ ලාංකේය නිකාය විකාශය හා නිකායාන්තර විචාර යන උප ශීර්ෂ හයක් තුළ වියත් ලේඛකයන් සිය අධ්‍යයන පරාසය විකසිත කර ඇත්තේ මෙතෙක් එක් ග්‍රන්ථයකින් පූරණය නොවූ අපේක්ෂාවන් සාධනය කරමිනි. Rs 1,200.00 Details View details
Out-of-Stock Sadhathuka Prathima Out-of-Stock 'සධාතුක ප්‍රතිමා' නම් මෙම කෘතිය ලාංකේය සධාතුක ප්‍රතිමා සම්බන්ධයෙන් ලියැවෙන පළමු ශාස්ත්‍රීය ලේඛනය වන අතර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ඉෂංඛ මල්සිරි මහතා විසින් රචනා කරන ලද කෘතියකි. Rs 1,600.00 Details View details
Bauddha Rajadhani Pilibada Charikawa චීන ජාතික පාහියන් ස්වාමීන් වහන්සේ ක්‍රි. ව. 399 - 414 කාලය තුළ ලංකාවේ සහ ඉන්දියාවේ කළ චාරිකා පිළිබඳ සටහන් මේ කෘතියෙහි ඇතුළත් ය.ස්කොට් ජාතිකයකු වූ ජේම්ස් ලෙගි ඔක්ස්ෆර්ඩ් සරසවියේ පළමුවන චීන භාෂා හා සාහිත්‍ය මහාචාර්යවරයා වූයේය. දිගු කලක් මලක්කාවේ සහ හොංකොංහි ධර්මදූත කටයුතුවල නිරතව සිටි ඔහු මූලාශ්‍ර කීපයක් ඇසුරු කරමින් පාහියන් හිමියන්ගේ චාරිකා සටහන් ඉංග්‍රීසියට නැගීය. මේ කාර්යයේ දී ඔහුට රිස් ඩේවිඩ්ස් පඬිතුමා ඇතුළු වියතුන් කීප දෙනෙකුගේ සහාය ලැබුණි. Rs 250.00 Add to cart Buy
Sarwagna Bhiksha Pathra Dhathun Wahanse " යුද්ධයෙන් පැරදී පැන යන සතුරන් උතුම් වූ පාත්‍ර ධාතූන් වහන්සේ තේ දළදා වහන්සේ ත් ගෙණ නැව් නැගී එතෙර යන බව දැන ගැනීමට ලැබුණි. එය එසේ වුව හොත් මේ ලංකාද්වීපය හිස් වන්නේය.මේ ලක්දිව මුතු මැණික් ආදී මහත් වූ වස්තු මොන තරම් තිබුණ ත් ඒ සියලු වස්තූන්ට වඩා ශ්‍රේෂ්ඨ රත්න වන්නේ අප ධර්මස්වාමීන් ගේ දළදා වහන්සේ ත් පාත්‍ර ධාතූන් වහන්සේ තේය. මේ ධාතූන් වහන්සේලා දෙනම නැති වුව හොත් මහත් වූ ධනයක් වියදම් කර මහත් වූ වෙහෙසක් ගෙණ මේ රට එක්සේසත් කිරීමට මා ගන්නා උත්සාහය ඒකාන්තයෙන් ම ඵලක් නැති වන්නේය.ඉතා අගනා මැණික්වලින් බබළන රමණීය ඔටුන්නකින් මගේ හිස අලංකාර වී තිබේ. ඒත් එය පවිත්‍ර වන්නේ මහර්ෂීන් වහන්සේ ගේ උතුම් වූ දළදා වහන්සේ ගේ ත් පාත්‍ර ධාතූන් වහන්සේගේ ත් උතුම් වූ ස්පර්ශය ලැබීමෙන් පමණි. එබැවින් සියලු දෙනා එකට එක් ව මහා සේනාව ගෙණ ගොස් සතුරන් වනසා උතුම් වූ දළදා වහන්සේ ත් උතුම් වූ පාත්‍ර ධාතූන් වහන්සේ ත් ගෙණ වහා මෙහි එව." මහා පරාක්‍රමබාහු මහ රජතුමා Rs 400.00 Add to cart Buy
kesha dathu wistharaya කතෘගෙන්... " කේශ ධාතු විස්තරය " නම් වූ මේ පොතේ සඳහන් වන්නේ බුදුරජාණත් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා ගැන දැන ගත යුතු මූලික කරුණු ස්වල්පයකි.ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බුරුමය (මේයෙන්මාරය) යන රටවල කේශ ධාතූන් වහන්සේලා නිදන් කර දාගැබ් තනා ඇත. මේ දාගැබ් වලින් කිහිපයක් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ තනා තිබේ. කේශ ධාතූන් වහන්සේලා නිදන් කර ලොව පළමු වරට දාගැබ් කරවීමේ ගෞරවය හිමි වන්නේ තපස්සු, භල්ලික වෙළඳ දෙබෑයන්ට ය.බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් වහන්සේලා ගෙන් වැඩි ම ධාතු ප්‍රමාණයක් වැඩ සිටින එකම රට ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය වූ ශ්‍රී ලංකාවයි. ලංකාවේ පුරාණ දාගැබ් කිහිපයක ම සර්වඥ කේශ ධාතු තැන්පත් ව ඇත.කේශ ධාතූන් වහන්සේලා වැඩ සිටින දාගැබ් වහන්සේලා ගැන ප්‍රමාණවත් දැනීමක් අපේ බෞද්ධයින්ට නැත. ඒ බව ඔවුන් හා කථා කිරීමෙන් පෙනී ගියේය. කේශ ධාතූන් වහන්සේලා ගැන වෙන ම ලියැවුණු පොතක් ද මෙකල දක්නට නැත. අතීතයේ "කේශ ධාතු වංශය " යන නමින් ප්‍රකට ග්‍රන්ථයක් තිබී ඇතත් අද එය දක්නට නැති අප්‍රකට, දුර්ලභ ග්‍රන්ථයකි. "කේශ ධාතු වංශය" යන නමින් ප්‍රකට කුඩා පාලි ග්‍රන්ථයක් ඇත ත් එහි ඇත්තේ කේශ ධාතු සය නමක් නිදන් කර තැනූ දාගැබ් වහන්සේලා සය නමක් ගැන විස්තරයකි. ඒ හැර එහි කේශ ධාතූන් වහන්සේලා ගැන වෙන විස්තර සඳහන් කර නැත.කරුණු මෙසේ පවතින බැවින් "කේශ ධාතු විස්තරය " නම් වූ මේ කුඩා පොත සම්පාදනය කළෙමි. පොත කුඩා වුවත් මෙය මුල සිට අග දක්වා කියැවීමෙන් කේශ ධාතූන් වහන්සේලා ගැන ප්‍රමාණවත් අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇතැ'යි සිතමි. Rs 250.00 Add to cart Buy
Dhathu wistharaya ධර්මය සහ ධාතු යන වචන ද්වයය ම දැරීමේ අර්ථයෙන් සාම්‍යයක් උසුලයි. සත්ත්‍වයා සතර අපායට වැටෙනු හොදී දරනු ලබන්නේ ධර්මය විසින් වන අතර මූලික කාරක ශක්තිය හෝ පුජනීය ශ්‍රේෂ්ඨ විචිත්‍ර තත්ත්‍වය හෝ රැඳී ඇත්තේ යම් බඳු තැනෙක්හි ද එය ධාතු නම් වෙයි. ධර්මජ ධර්ම භූත භාග්‍යවත් සම්බුද්ධ චරිතාබද්ධ විවිධ භෞතික ද්‍රව්‍යාත්මක කොටස් ද ධාතු ලෙසින් සම්භාවිත වී ඇති අතර එකී සම්බුද්ධ ධාතු වර්ණනාව ලේඛන දේශන චින්තන විෂයය අතික්‍රාන්තවන බව සත්‍යයකි.නානාවිධ තිරශ්චීන සත්ත්‍වයන්ගේ දත්ත, තබ, චර්ම, රෝම ආදිය මිනිසුන් සඳහා ලෞකික වශයෙන් පමණක් උපකාරක වෙද්දි ශ්‍රී සර්වඥ ශාරීරික සහ පාරිභෝගික ධාතු ඔස්සේ ලෞකික සහ ලෝකෝත්තර සුබ සාධනය කවරෙකුට කෙසේ වත් වාරණය කළ නොහැකි ය.කැලණිය විශ්ව විද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ බාහිර කථිකාචාර්ය, කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණේ ආචාර්ය ගයාත් චානුක විදානපතිරණයන්ගේ ධර්මමය රචනා චාතූර්යය පිළිබඹු කරන නවතම කැඩපත වූ " ධාතු විස්තරය ” නම් ග්‍රන්ථය සැබැවින් ම ග්‍රන්ථ ධාතුවකි. සම්බුද්ධ ධාතු පිළිබඳ ප්‍රාමාණික වූ ද දුර්ලභ වූ ද අග්‍රගණ්‍ය වූ ද ශුද්ධෝත්පාදක වූ ද තොරතුරු සමුදායයකින් මෙම ග්‍රන්ථය විසිතුරු වෙයි. තවද එකී ධාතු ස්ථාපිතපූජ්‍යස්ථානයන්ට අදාළ වර්ණවත් ඡායාරූපාවලියකින් ද කෘතිය සමලංකෘතවී ඇත. විද්වද් ජනයාගේ නැණ පමණක් නොව ගුණ ද සද් ජනයාගේ ගුණ පමණක් නොව නැණ ද පුබුදුවාලීමට සමත් "ධාතු විස්තරය " "ථූපාරහ' නොවේ යයි කොට නම් කිව හැකිද? අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි Rs 950.00 Add to cart Buy
Wanagatha Rajamaha Viharaya වනගත රජමහා විහාර පොතෙන් වන්දනා කරුවා උත්සාහ කළේ වනාන්තර බදව හෝ වන මැද ගල්ලෙන්වල හුදෙකලා වූ පෙති පිළිම, දාගැබ්, පුරාවිද්‍යා ස්ථාන වන්දනා කිරීමටය. ඒවායේ සැඟවුණු පුරාවිද්‍යාත්මක අගය සහ ඓතිහාසික වටිනාකම සොයා ඉදිරිපත් කිරීමටය. මෙම කෘතියේ ගලේවෙල ගැරඬිගල ලෙන්වල ගල් ඇඳන්, ඇති පොල කඳු බෑවුමේ මාතලේ තල්ගහගොඩ ලෙන් විහාරය. ඇළහැර අමුණ සහ බකමුණේ බුදුරුවයාය පිළිමය. කන්දේගම කන්දේ සැතපෙන පිළිමය. හෙනන්නේගල ලෙනේ දාගැබ සහ උතුරේ කුරුඳුමලේ විහාරය. සපුමල්ගස්කඩ සහ කිඹුලාගලත් ගැන කරුණු අඩංගුය. ලංකා පටුන, යාල වන මැද නටබුන් විහාර මෙන්ම තරුලෙන්ගල සහ පඩිකෙම්ගල ඇතුළු අප තුළ කුතුහලය දනවන පුරාණ රජ මහා විහාර රාශියක් ගැන මෙම කෘතියෙන් දැනුමක් ලබාදෙන අතරම ඒවා සොයා වන්දනා කිරීමට පාඨකයා පොලඹවයි Rs 850.00 Add to cart Buy
Lankeya Bududahame Pudapooja නිර්වාණ ගාමිත්වය කෙරෙහි ආදි බෞද්ධ සම්ප්‍රදාය දැක් වූ අවධානයත් එමෙන් ම පුද පුජා කෙරෙහි දැක් වූ අල්ප අවධානයත් සැලකිල්ලට ගෙන එය හුදු නිර්වාණගාමී ප්‍රතිපදාවක් පමණක් ම යැයි නම් කිරීම නිවැරදි නොවේ. පුද පූජා චාරිත්‍ර විධි වලින් තොර වූ දාර්ශනික යුගයක් බෞද්ධ සම්ප්‍රදාය තුළ පැවති බවට ඇතැම් දෙනා විශ්වාස කළත් එය බෞද්ධ ඉතිහාසය තුළ සත්‍ය වශයෙන් විද්‍යමාන වූ අවස්ථාවකට වඩා බුද්ධිවාදීත්වය පදනම් කරගත් නූතන මානසිකත්වය විසින් බෞද්ධ සම්ප්‍රදාය වෙත ආරෝපණය කරන ලද්දක් සේ සැලකීම යුක්ති යුක්තය. මෙම අදහස ස්ඵුට කිරීමට නිලන්ත දිසානායක මහතාගේ මෙකී ශාස්ත්‍රීය ව්‍යායාමය හේතුවන බව පැවසිය හැකිය. බුදුරජාණන් වහන්සේ ධරමාන සමයෙහි ම බෞද්ධ පුද පූජාවන්හි සමාරම්භය සිදු වූ බව සාධක සහිතව මේ තුළින් ඔහු හෙළි කරයි. මහාචාර්ය ආනන්ද ගුණසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ගංගොඩවිල, නුගේගොඩ. Rs 250.00 Add to cart Buy
Indrajith Ge Kriyoddeeshaya රාවණ පුත් ඉන්ද්‍රජිත් ගේ ක්‍රිඩීශය නම් මෙම ග්‍රන්ථය තුළ විවිධ හෝම ක්‍රම හා පූජා විධි බොහෝමයක් අන්තර් ගත අතර එම හෝම ක්‍රම හා පූජා විධි පිළිබදව දැනුමක් ලබා ගන්නටත් උගත් ජනයාට ඒ පිළිබදව පරීක්ෂණ පැවැත්වීමටත් මෙය ඉතා ප්‍රයෝජන ග්‍රන්ථයක් වනු නොඅනු මානය. Rs 1,640.00 Add to cart Buy
Iperani Sinhala Lankeya Devi Devathavo කර්තෘගෙන් වචනයක්..... ශ්‍රී විෂ්ණු, කතරගම, පත්තිනි, නාථ, විභීෂණ ආදී මහා දෙවිවරු පිළිබඳව කව්රුත් කතා කරති. ලියති. කියවති. නමුත් ලාංකීය දෙවිවරු කෙතෙක් ද?වැඩහිටි කන්දේ සිට බින් තැන්න, වෙල්ලස්ස, වැදිරට හරහා වැව් බැඳි රටට ගොස් දකුණු ලක හරහා නැවතත් වට වන්දනාවේ ගිය ගම් නියම්ගම් ගණන දන්නේ දෙපා පමණි. ඒ මහන්සිය නිසාවට " ඉපැරණි සිංහලේ ලාංකීය දෙවිදේවතාවෝ" ඔබ අතට ගෙන ඒමට හැකි විය. තමන් තනි තනිව සිටින දෙවිවරු ඇතත් ඒ පැත්තට පෑන නොමෙහෙයවුණි.දෙවියන් මිනිසාට වඳින බව සමහරු කියති. දෙවියන්ගෙන් වැඳුම් ගත හැකි එක "මනුස්ස පුලුටක්" ලක් පොළවේ සිටී දැයි ප්‍රශ්න නොකරමි. වසර දහස් ගණනක සිට දෙවියන් පිදූවන්ට සිදු වූ හානියක් ඇද්දැයි නොදනිමි. උගුරට හොරා බෙහෙත් නෑ නොහැක.මේ පොතට කරුණු සෙවීමේ දී උපකාරී වූ වැඩහිටි කන්දේ පූසාරි වශයෙන් දිවි ගෙවූ දිවංගත ශ්‍රී සංගරම් පිල්ලේ සාමිතුමා, දිවංගත බෝදාගම විජේනායක රාළහාමි ඇතුළු අය බොහෝ ය. නම් වශයෙන් ලිවීමට දිග වැඩිය. අපහසුය.මෙහි සඳහන් දේවනාම පිළිබඳ සැකයක්ද ඉපදෙනු ඇත. අපේ මුතුන්මිත්තන්ගේ විශ්වාසයට ගෞරව කරමු. මින් යමක් උගතහැකි නම් එය මා හට මහත් මානසික සුවයකි.කරුණු රැස් කිරීමේ දී පසුගිය පනස් වසර තුළ පොතපත ද, දන්නා දේ නොහඟවා කියා උපකාර කළ හැමද සාදරයෙන් සිහි කරමි. Rs 275.00 Add to cart Buy