Out-of-Stock Sinhala Dewa Puranaya Out-of-Stock කතෘගෙන්.. සිංහල ජනතාව අතර පුද පූජාවට ලක් වූ දෙවි දේවතාවුන් පිළිබඳ නාමාවලියක් සකස් කිරීමේ අරමුණින් මෙම අධ්‍යයනය ආරම්භ කරන ලදී. සාහිත්‍යගතව මෙන් ම මුඛ පරම්පරාගතව ද එන දෙවි දේවතා විත්ති අකාරාදි පිළිවෙළට මෙහි සංහිතා ගත කර ඇත. අපේ දෙවි දේවතාවුන් ගැන මෙ බඳු පුළුල් අධ්‍යයනයක් සිදුවන පළමු අවස්ථාව මෙය යි. මේ අධ්‍යයනය සර්ව සම්පූර්ණ යැයි නො කියමු. එහෙත් මෙහි ඇතුළත් අන්දමට අති විශාල දෙවි දේවතා සමූහයක් පිළිබඳ තොරතුරු එක්තැන් කිරීමට ලැබීම ශාස්ත්‍රීය වශයෙන් වටිනා කාර්යයකැයි සිතන්නෙමු.මෙම ග්‍රන්ථයේ ආමුඛයෙහි මූලාශ්‍ර පිළිබඳ හැඳින්වීමක් ඇත. එම මූලාශ්‍ර අංක අනුව දක්වා ග්‍රන්ථයේ පසුව එම අංකයෙන් මූලාශ්‍රය කවරේද යන්න සඳහන් කරනු ලැබේ. බේ. අනතුරුව පිටු අංකය ද දක්වා ඇත.ග්‍රන්ථයේ පළමු කොටසෙහි දී හැඳින්වීමක් වශයෙන් සිංහල දේව විශ්වාස පිළිබඳ ඓතිහාසික මෙන් ම සමාජ විද්‍යාත්මක විමර්ශනයක් ඉදිරිපත් කොට තිබේ. දෙවන කොටස දේව නාමාවලිය සඳහා ඇරුණේ ໖.මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් දෙවි දේවතාවුන්ට අමතරව වෙනත් කිසියම් දෙවි දේවතාවුන් පිළිබඳ තොරතුරු හෝ මෙහි ඇතුළත් තොරතුරු වලට නැතහොත් වෙනස් තොරතුරු හෝ කිසියම් පාඨකයෙකු සතුව ඇත් නම් එය දන්වන ලෙස කරුණා ධ්‍යාසයෙන් ඉල්ලා සිටිමු. මෙම ග්‍රන්ථය සකස් කිරීමේ දී ඊට නොමසුව ආධාර කළ සුධීන් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු ය. මුලාශ්‍ර සටහනේ ඔවුන්ගේ නම් සඳහන් වේ. ඒ අතුරෙන් විශේෂයෙන් සඳහන් කළ යුත්තෙක් නම් බොහෝ තොරතුරු සපයා දී මෙහි නම් ද යෝජනා කළ පියසේන කහඳගමගේ මහතායි. ඒ මහතා ඇතුළු සුධීන්ට අපගේ හෘදයංගම ස්තුතිය පුද කරමු.ග්‍රන්ථය මුද්‍රණය කිරීමේ කටයුක්ත භාරගෙන එය මනාව ඉටු කළ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිහාල් අතුකෝරළ මහතා සහ ප්‍රකාශන අංශයේ නිලධාරි මහතුන් ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ විශේෂ ස්තුතිය හිමි වේ.අත්පිටපත සකස් කිරීමේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අර මුදලින් ලැබුණු අනුග්‍රහය කෘතවේදීව සිහිපත් කරමු. Rs 1,475.00 Details View details
Sithul pawwe bana katha බුදු දහමේ ගැඹුරු ධර්ම රසය සාමාන්‍ය ජනතාවට රසවත් කථා මාර්ගයෙන් හඳුන්වා දීමේ සම්භාව්‍ය සිංහල සාහිත්‍ය පරම්පරාවට අනුගත වීමෙන් ලේල්වල සමිත හිමියන් විසින් මෙම '' සිතුල්පව්වේ බණ කථා " කෘතිය සම්පාදනය කරනු ලැබ ඇත.පැරණි සාහිත්‍ය මූලාශ්‍ර වල සඳහන් සිතුල්පව්ව හා සම්බන්ධ කථාන්තර උකහා ගනිමින් ඒවායේ අර්ථ හා අරමුණු ආරක්ෂා වන සේ කථා රසය උද්දීපනය වන පරිදි මෙය ලියා තිබීම සිංහල සාහිත්‍යයේ අභිවර්ධනය වෙනුවෙන් කරන ලද මහඟු මෙහෙවරක් සේ අගයමි.මෙහි ඇතුළත් කථා පාලි අටුවා වලින් සහ සිංහල සම්භාව්‍ය ග්‍රන්ථ වලින් උපුටා ගත්ත ද ඒවා සාහිත්‍ය රසය හා මුසුකොට නැවත ඉදිරිපත් කිරීමක් මෙමගින් සිදු කර ඇත. කථා රසය සමගම ධර්ම රසය ගලා යාමට සැලැස්වීම කතුවරයාගේ අභිප්‍රාය වී ඇති බව පෙනේ.උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවාවේ නව මානයක් මෙම කෘතිය මගින් එළි දක්වා ඇත. එම උත්සාහය සාර්ථක වී ඇති අතර හුදී ජන ප්‍රසාදයට මෙන්ම විද්වද් සම්භාවනාවට ද පාත්‍ර වන නිර්මාණයක් ලෙස මෙම කෘතිය අගය කළ හැකිය. ආචාර්ය කුඹල්බොඩ ධම්මාලෝක හිමි Rs 300.00 Add to cart Buy
Sri Lankawe Jana Jeevithaya Haa Bandunu Aagamika Puda Puja ආගමික පුද පූජා දේශීය සංස්කෘතිය තුළ සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරන බව පැහැදිලි කරුණකි. අනාදිමත් කාලයක සිට පවතින නොයෙකුත් ආකාරයේ අභිචාර හා පූජා පිළිබඳ ලෝක මට්ටමෙන් විවිධ බුද්ධිමතුන් කරන ලද අධ්‍යයතද සුළුපටු නොවේ. එහෙත් අපේ රටේ ඒ හා සාපේක්ෂව කර තිබෙන අධ්‍යයන සීමා සහිත යැයි සඳහන් කළ හොත් ඒ නිවැරදි වනු ඇත." ශ්‍රී ලංකාවේ ජන ජීවිතය හා බැඳුණු ආගමික පුද පූජා " නමින් පූජ්‍ය මහව සංඝරතන හිමියන් විසින් ලියා ඇති මෙම කෘතිය මගින් ආගමක හැගීම පහළ වී ඇති අයුරු හා ආගමික පුද පූජාවල අවශ්‍යතාව ගැන පමණක් නොව පූජකයන් හා ඔවුන්ගේ කාර්යභාරය පිළිබඳවත් පළමු පරිච්ඡේද දෙක යටතේ මාහැගි කරුණු ගණනාවක් ඉදිරිපත් කර තිබේ. අපේ අනුරාධපුර, පොළොන්නරු යුගයේ ආගමික ඇදහිලි මෙන්ම ප්‍රාග් බෞද්ධ ඇදහිලි ගැන මෙන්ම ලංකාවේ පුද පූජා ලබන දෙවි දේවතාවුන් සම්බන්ධයෙන් ශාස්ත්‍රීය අගයකින් කරුණු එක් රැස් කිරීමක් මෙහි දක්නට ලැබේ. Rs 450.00 Add to cart Buy
Out-of-Stock Lakdiwa Uthurukaraye Arya Sabyathwaya Out-of-Stock අතීතයේ ලක්දිව පුරා එක ම සංස්කෘතියක් අඛණ්ඩ ව පැවති බවට පිළිගත හැකි සාක්ෂ්‍ය බොහෝ ය. එහෙත් ඇතැම් දෙමළ ශාස්ත්‍රඥයෝ ද ඔවුන් අනුව යමින් කටයුතු කරන සමහර ශාස්ත්‍රඥයෝ ද දිවයිනේ උතුරු කරයේ වෙන ම රාජ්‍යයක් පැවතියේය යන්න සනාථ කිරීමට කලක පටන් උත්සාහ ගනිමින් සිටිති. දකුණු ඉන්දීය රාජ්‍යයන්ගේ ආක්‍රමණ වලට වරින් වර ලක් වුව ද ඔවුන් පලවා හැර තම රාජ්‍යයේ සහ සංස්කෘතියේ ස්වාධීනත්වය රැක ගැනීමට ශ්‍රී ලාංකේය රජවරු සමත් වූහ. දීර්ඝ කාලයක් තිස්සේ ඒ ආක්‍රමණිකයන් තාවකාලිකව හෝ දිවයින යටත් කර ගැනීම නිසාත් ආසන්න රාජ්‍ය සමග පැවති වෙළඳ, ආරක්ෂක සහ සංස්කෘතික සබඳතා නිසාත් භාරතීය සංස්කෘතික ආභාසය නිරන්තරයෙන් මෙරටට ලැබිණි. එහෙත් ඒ ආක්‍රමණ සහ සංස්කෘතික ආභාස වලින් උතුරු කරයේ ආර්ය සංස්කෘතික ලක්ෂණ මුළුමනින් ම යටපත් නොවුණේය.දිවයින තුළ බොහෝ කලකට පෙර සිට ස්වාධීන දෙමළ රාජ්‍යක් පැවති බව සනාථ කිරීමට ප්‍රයත්න දරන අධ්‍යයන රාශියක් මේ වන විට සිදු කෙරී ඇත. තම වර්තමාන දේශපාලන අභිලාෂ මත පිහිටා කෙරුණු බව පෙනෙන මෙම අධ්‍යයන තුළ දෙස් විදෙස් සාහිත්‍යය මූලාශ්‍රය. පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය මෙන්ම ගවේෂණ වලින් හමු වූ පුරාවස්තු පක්ෂග්‍රාහී අර්ථකථන වලට බඳුන් කර තිබේ. ඒවා කියවනු ලබන පාඨකයන් මේ පිළිබඳව උන්දුවක් දක්වන දෙස් විදෙස් පර්යේෂකයන් ද මෙම කෘති මඟින් නොමඟ ගොස් තිබේ. Rs 7,500.00 Details View details
Sinhalaye Arakshaka Balakotuwa Aithihasika Rohanaya පැරණි රුහුණු රාජ්‍යය ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ දකුණ හා අග්නි දිග ප්‍රදේශය දේශීය සමාජ සංස්කෘතික ඉතිහාසයේ වැදගත් ක්‍රියාවලියකට සම්බන්ධව තිබුණි. විශේෂයෙන්ම දේශපාලන බලය වර්ධනය වීමේ ඉතිහාසය සම්බන්ධයෙන් ඒ ප්‍රදේශය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවිධානාත්මක යුධ ව්‍යාපාරය සංවිධානය වීම ආරම්භ වන්නේ රුහුණු ප්‍රදේශයෙනි. ඒ දුටුගැමුණු රජුගේ නායකත්වයෙනි. එතැන් පටන් සංග්‍රාමික ව්‍යාපාර සම්බන්ධයෙන් රුහුණු ප්‍රදේශය වැදගත් වන ආකාරය පළමු වන විජයබාහු රජු චෝළ ජාතිකයන්ට එරෙහි සංග්‍රාමය සංවිධානය කරන ආකාරය මගින් පැහැදිලි විය. ඓතිහාසික මූලාශ්‍රය ඔස්සේ නොයෙක් අවස්ථා වලදී විස්තර කරන එවැනි සාහිත්‍යමය විස්තර කිරීමි සනාථ කරන ආනුභාවික සාක්‍ෂි පුරාවිද්‍යාත්මක භාවිතයෙන් තහවුරු කර තිබේ. එබැවින් රුහුණ ඓතිහාසික සංග්‍රාමික භූමි දර්ශනය අධ්‍යයනය කිරීම වැදගත් විශ්ලේෂණ ඒකකයක් බවට පත් කරයි. Rs 1,250.00 Add to cart Buy
Out-of-Stock Sri Lankawe Purana Dhaja Pathaka Out-of-Stock ශ්‍රි ලංකාවේ පුරාණ කොඩි, ධජ, පතාක, ඉතිහාසය කා හටත් ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි ලෙස ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය ප්‍රවීණ ලේඛක ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ සාර්ථක පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස හැදින්විය හැකි අතර ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ ඝණයේ කොඩි රැසක් මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කර ඇත. පිටු දහස් ගණනක නිබන්ධනයක ඇතුළත් කළ හැකි දේවල් රැසක් මෙම කුඩා ග්‍රන්ථයෙන් ඉදිරිපත් කිරීම තුළින් ග්‍රන්ථය පරිශීලනය කරණු ලබන පාඨකයා හට පුරාණ ධජ පිළිබදව ඉතා පුළුල් දැනුම මට්ටමක් වර්ධනය කර ගත හැකිය. Rs 390.00 Details View details
Out-of-Stock Senkadagala Yugaye Wew Jalasha Ha Wari Karmanthaya Out-of-Stock “ සෙංකඩගල යුගයේ වැව් ජලාශ හා වාරි කර්මාන්ත " උප ග්‍රන්ථ දෙකක් සහිත ශාස්ත්‍රීය ගවේෂණයකි. සෙංකඩගල යුගයේ ඉදි කළ වැව් ජලාශ හා වාරි කර්මාන්ත ගැන මූලාශ සිය ගණනක් දිගු කලක් ගෙන පරීක්ෂා කොට සකස් කළ නිබන්ධනයක් වන අතරමෙහි උප ග්‍රන්ථ ලෙස තවත් මේ යුගයට අයත් අංග හතක් එකතු කර ඇත. Rs 390.00 Details View details
Ribeiro Dutu Lankawa 'Ribeiro History Of Ceilao' නම් වූ මෙම ග්‍රන්ථය පෘතුගීසි භාෂාවෙන් මුලින්ම ලියැවුණේ දාසය වන ශතවර්ෂයේ දී වන අතර එය ඉංග්‍රීසියට පරිවර්තනය කෙරුණේ විද්වත් පී.ඊ. පීරිස් දැරණියගල මහතා විසිනි. මෙම ග්‍රන්ථය ඉතා දුර්ලභ ග්‍රන්ථයක්ව පැවති සමයක රත්නපුර, නීතීඥ වෝල්ටර් සිල්වා මහතාගේ පෞද්ගලික පුස්තකාලයේ ඉතා ආරක්ෂිතව පැවති හෙයින් වර්ථමාන පාඨකයා හට රස විදීම සදහා එම අවස්ථාව උදා වන අතර මෙම ග්‍රන්ථය තුළ මූලික වශයෙන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලනය පිළිබද කරුණු බොහෝමයක් ගම්‍ය වේ. Rs 1,980.00 Add to cart Buy
Ruwanweli Maha Seya තුන් ලෝකයෙහි ම වැඩි ම සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින ස්වර්ණමාලි නම් පූජනීය චෛත්‍යයෙහි කථා ප්‍රවෘත්තිය, රුවන්වැලි මහා සෑය නම් මෙම සදහම් ග්‍රන්ථය තුළින් කියවේ. මෙම ග්‍රන්ථය කියවා අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් යුතු ව චෛත්‍යය වන්දනාවේ යෙදීම තුළින් ජීවමාන බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කළා සේ ම පින්දහම් රැස් කර ගත හැකි ය. Rs 320.00 Add to cart Buy
Madyama Lanka Pura wurtha පෙර පැවති පිළිවෙළ පිළිබඳ පුවත් ' පුරා වෘත්තය ' යි සැලකෙයි. අන්තිම සිංහල රාජධානිය වූ සෙංකඩගලපුරය ඇතුළු ප්‍රදේශත්‍රයකින් සමන්විත මධ්‍යම ප්‍රදේශය පිළිබඳ එබඳු පුවත් ඇතුළත් මෙම ග්‍රන්ථය මධ්‍යම ලංකා පුරාවෘත්ත නම් වේ. Rs 850.00 Add to cart Buy
Ahalepolage jeevitha kathawa මෙම කුඩා පොත එක්තරා ඉලක්කයක් සහිතව ලියවී ඇත. එම ඉලක්කය නම් 'ඇහැලෙපොලගේ ජීවිතය පිළිබද ව පොදුවේ පිළිගත් හා නිරවද්‍ය විස්තරයක් සැපයීමයි. ඔහුගේ ජීවිත කාලයෙහි කන්ද උඩරට රජවාසලෙහි සිටි ශ්‍රේෂ්ඨතම චරිතය විය. කන්ද උඩරට පළාත් බ්‍රිතාන්‍යයන්ට පවරා දීම සහතික කිරීම පිණිස කටයුතු කිරීමේ දී ඔහු නිසැකව ම ප්‍රමුඛ කාර්යභාර්යක් ඉටු කලේ ය. ඉතිහාසයේ පිටු මත නොමැකෙන අදුරු පැල්ලමක් ඇති කළ ඛේදවාචකයක දුක් පීඩා විදීමට ලක් වූ තැනැත්තකු ලෙස ඔහුගේ නම ලංකා ඉතිහාසයේ සිහි කටයුතු එකක් බවට පත් ව ඇත. අත්තනෝමතික රජකු විසින් ඇහැලේපොලගේ පවුලේ සාමාජිකයන්ගෙන් ගන්නා ලද අමානුෂික පළිගැනීම, දිවයිනේ ජනප්‍රියතම සිංහල නඩගමක තේමාව බවට පත් ව තිබේ. Rs 480.00 Add to cart Buy
Wanni Distrikkawala Athpotha 'වන්නි දිස්ත්‍රික්කවල අත්පොත' නමැති මෙම කෘතිය ජායානුගත පරිවර්තන කෘතියක් වන අතර එම්.යූ.ඒ. තෙන්නකෝන් මහතා විසින් මෙය පරිවර්ථනය කර ඇති අතර කිසිදු විශේෂිත අවුරුද්දකට සීමා නොකොට දීර්ඝ කාල පරාසයක් සදහා සකස් කරණ ලද පරිපාලන වර්තාවක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකිය. Rs 1,600.00 Add to cart Buy