History & Culture

Ceylon Diwaine Sancharayak (Voyage a Ceylan)

දා හත්වන සහ දහ අටවන සියවසේදී බොහෝ යුරෝපීය ජාතිකයන් සංචාරකයන් ලෙස ලංකාවට පැමිණියහ. ඔවුන් ලංකාවේ සොබා සෞන්දර්යයට කැමැත්තක් දැක් වූ අතර, ඒ වන විට රට පුරා තිබූ වනාන්තර ඔවුන්ගේ ගවේෂණ වලට ලක්වූයේ ය.
මේ කෘතියේ සඳහන් වන්නේ එවැනි සංචාරකයන් පිරිසක් යුරෝපයේ සිට ලංකාව බලා පැමිණීම යි. ඔවුන් යුරෝපයේ සිට දකුණු අප්‍රිකාවටත්, එතැන් සිට මාලදිවයින හරහා මුහුදු මාර්ගයෙන් ලංකාව බලා පැමිණෙති. ඔවුන්ගේ මුහුදු ගමන අතරතුර සිදුවන සිද්ධීන් ද, මාලදිවයින් දූපත් වලදී මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්වී අවසානයේ ඔවුන්ගෙන් ගැලවී පලා යාම ද කතුවරයා විසින් සිත්ගන්නා ලෙස විස්තර කර ඇත. ලංකාවට පැමිණීමෙන් පසු ඔවුන්ගේ විවිධාකාර වූ ගවේෂණ පිළිබඳව ද කතුවරයා විසින් සිත් ගන්නා සුළු ආකාරයට විස්තර කර ඇත.
Rs 900.00

Lakdiwa Eda saha Ada (Ceylon Past and Presesnt)

'ලක්දිව  එදා හා අද' කෘතිය කොලින් මෙට්කාෆ් එන්‍රිකස් මහතා විසින් රචනා කර ඇති අතර   ඔහු  ශ්‍රී ලංකාවට පැමිණ ඒ සංචාරය පිළිබඳව තැබූ සටහනයි. ලංකාවේ භූ විද්‍යාත්මක ඉතිහාසය සහ මානව ඉතිහාසය, පුරාණ රාජවංශ, මහින්ද යුගය, අනුරාධපුරය, සිගිරිය, පොළොන්නරුව, යාපහුව, කුරුණෑගල, යුරෝපීය ආක්‍රමන, සහ ව්දේශයන්හි සිංහල බලපෑම ඇතුළුව එවකට ලංකාවේ පැවති යටත් විජිත පාලනය පිළිබඳව පැහැදිලි විස්තරයක් ලබා දෙයි. එසේම ඔහු දිවයිනේ දකුණු වෙරළ, ඌව පළාත, උස්බිම්, ආදම්ගේ කඳු මුදුන, පේරාදෙණිය, මහනුවර, ත්‍රිකුණාමලය, යාපනය, සහ ලංකාවේ ජනවාර්ගිකත්වය පිළිබඳව අවධානය යොමු කරන්නේ, ලංකාවේ යටත් විජිත ලේකම්ව සිටි ශ්‍රීමත් එමසන් ටෙනන්ට් විසින් රචිත 'ද සිලොන්' කෘතිය වැඩි දුරටත් පරිශීලනය කරමිනි.
එසේම ඔහු සැමවිටම ලංකාවේ බුදු දහමේ ඉතිහාසය හා සිදුවීම් එවකට ඔහු ජීවත් වූ බුරුමයන් (අද මියන්මාරය) සමඟ සසදන්නට අමතක නොකරයි. සැබෑ පරිසරවේදියෙකු මෙන්ම සමනලුන් එකතු කරන්නෙකු වූ කෙලින් මෙකාෆ් වන්රිකස් මෙම කෘතියේ අවසානයේ ලංකාවේ තමාට හමු වූ සමනලූන් පිළිබඳව වැදගත් සටහනක් ද තබා ඇත. 
Rs 1,300.00

Lankawe Sudu Palanayata Erehi Wu Sudda

1936 අප්‍රේල් මාසයේ දිනෙක ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි මාක් බ්‍රේස්ගර්ඩ්ල් ලංකාවට ගොඩ බැස්සේය. ඒ තේ වැවිලි කර්මාන්තය ඉගෙනගනු පිණිසය.නමුත් හාම්පුතුන් කම්කරුවන්ට සලකන කෲර ආකාරයන් දකිමින් බ්‍රේස්ගර්ඩ්ල් වතු පාලකයන්ට එරෙහිව නැගුණේය. ලංකාවේ යටත් විජිත ආණ්ඩුව එය දුටුවේ තමන්ට එරෙහිව නැගීමක් ලෙසිනි. බ්‍රේස්ගර්ඩ්ල් සිදුවීම ලංකාවේ නිදහස් සටන ඇවිළෙන්නට වැටුණු එක් ගිනි පුපුරක් වූයේය.
Rs 1,300.00

Lakdiwa Gena Liyu Wideshikayo

දුරාතීතයේ පටන් විවිධ ජාතීන්ට අයත් විදේශිකයෝ ලංකාව පිළිබඳව ඇසූ දුටු තොරතුරු සටහන් කොට තැබූහ. මෙවන් සටහන් අපේ ඉතිහාසය පිළිබඳ නිවරද තොරතුරු සොයායන ඉතිහාස ගවේෂකයනට ලබා දෙන්නේ නොමඳ ආලෝකයෙකි.
පොළොන්නරුවට මුලින් ම පැමිණ ගවේෂණාත්මක සටහනක් තැබූ බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිනන් ලන්දේසි හමුදා සමඟ පැමිණි ජර්මන් ජාතික ක්‍රිස්ටෝපර් වෙයිසර්, ඉංගිරිසි හමුදා සමඟ පැමිණි ප්‍රංශ ජාතික ෂොන්විල, ඉන්දියාවේ සිට ලංකාවේ ඉතිහාසය පිළිබඳව වැදගත් තොරතුරු ලියූ පෘතුගීසි ජාතික ෆරිනා ඕ දී කීරෝස් සහ ලන්දේසි හමුදාවේ සේවය කළ ජර්මන් ජාතික ඇල්බර්ටි හර්පොට් පිළිබඳ තොරතුරු මෙම කෘතියට ඇතුළත් ය.
Rs 500.00

Sri Lankeya Brahmi Shila Lekhanavalin Helivana Devanampiya MahaRajavaru

පුරාණ සෙල්ලිපි යනු එක් අතකින් තථ්‍යකාල වර්තා ලෙස සැලකිය හැකි මූලාශ්‍ර ප්‍රභේදයකි. එවැනි වාර්තාවක් සංශෝධනය වීමට තිබෙන ඉඩ ඉතා සීමිතය. මහාධිරාජඅශෝක වරක් තමා විසින් තොටවන ලද සෙල්ලිපි හැඳින්වීම ටිවිරස්ථිතික යන යෙදුම භාවිත කලේය . එහි අරුත සදාකල්හිම පවත්නා යන්න යි.
ඉනෝකා මන්නිලක විසින් රචනා කර තිබෙන මෙම කෘතිය ග‍්‍රී ලංකාවේ පැරණිතම සෙල්ලිපි තේමා කර ගැනීමෙන් රචනා කරන ලද්දකි. එම සෙල්ලිපිවල සඳහන් වන රාජ අභිධාන සහ ඒ ඒ රජ පවුල්වල අනුපිළිවෙල ඒ ඇසුරින් පහදා දීමට ඇය විසින් සැලකිය යුතු වෙහෙසක් දරා තිබේ. ඇයගේ උත්සාහය ශාස්ත්‍රීය දෘෂ්ටිකෝණයකින්  බලන විට වඩාත් වැදගත් වනුයේ එමගින් ශ්‍රී ලංකාවේ සෙල්ලිම පර්යේෂණ  පිළිබඳ උනන්දුවන්නේකුට ඒ සඳහා කල්පනා කිරීමට සරිලන නව ඉසව්වක් විවෘත කර තිබෙන නිසාය. ඕනෑම කාලයක පුද්ගලයෙකු විසින් භාවිත කරන අභිධාන, ධුරාවලී නාට, ආදි දේ සංශාතාත්මකය. ඉන් සන්නිවේදනය කරන විවිධ අරුත් තිබිය හැකිය. ප්‍රායෝගිකව දුෂ්කර වුවත්, ඒවා විකේතනය කිරීම යනු ඉතිහාසය වටහා ගැනීමට ඉවහල් වන, වැදගත් ප්‍රවේශයකි කතුවරිය මෙම කෘතියේ දී ඊට මූලික පියවරක් ගෙන තිබේ. මෙරට ඉතිහාසයෙවිසූ පාලකයින්ගේ අන්වය පිළිබඳ තවමත් නොවිසඳුනු ගැටලු කිහිපයක් තිබේ. අනාගතයේ දී ඒවා විසදීමට අරමුණු කර ගන්නා පර්යේෂකයෙකුට මෙම කෘතිය යම් ආදර්ශයක් සපයනු ඇත යන්න මගේ විශ්වාසය යි. සෙල්ලිපි ගැන උනන්දු වන සාමාන්‍ය පාඨකයෙකුට මෙවැනි කෘති මගින් අගය කළ යුතු මෙහෙයක් ඉටු කරනු ඇත.

පුරා විද්‍යාව පිළිබඳ මහාචාර්ය 
රාජ් සෝමදේව 
Rs 690.00

Sri Lankawe Shila Lipi Sannivedanaya

ශ්‍රී ලංකාවේ ශිලාලිපි හා සන්නිවේදනය පිළිබද සිරිසමන් විජේතුංග මහතා විසින් සම්පාදිත මෙම ග්‍රන්ථය ඉතා වැදගත් කෘතියක් වන අතර මෙම කෘතිය මගින් ඉතා වටිනා ශාස්ත්‍රීය සේවාවක් සිදු වන අතරේම ශිලාලිපි හා සන්නිවේදනය පිළිබද එක් දේශයක් කෙරෙහි නවමු අලෝක ධාරාවක් යොමුකරමින් ශිලාලිපි හා සන්නිවේදනය අතර පවත්නා සම්බන්ධය මෙලෙස අනාගත විද්‍යාර්ථීන්ට ගෞරවයෙන් ඉදිරිපත් කරනු ලබයි...
Rs 750.00

Cunningham's Erroneous Accounts Of Buddhist History

Drawing on colonial records and overlooked evidence, the author reveals how British authorities, confronted by strong resistance from Sri Lankan communities and the unifying influence of the Buddhist Sangha, came to regard Buddhism itself as a source of national cohesion. In response, colonial scholarship gradually shifted key elements of the Buddha's life and legacy away from Sri Lanka, weakening the island's historical and spiritual centrality to the tradition.
Rs 1,750.00

Mutti Mangallaye Sanskruthikawalokana

අතීතයේ වන්නි හත් පත්තුව නමින් ප්‍රකට භූගෝලීය කලාපයට ආවේණික චිර ප්‍රකට 'මුට්ටි මංගල්ලය' තද් ප්‍රදේශයේ කෘෂක ජන සමාජවාසී සංස්කෘතියේ අභ්‍යන්තරය විනිවිද දැකිය හැකි සංස්කෘතික සංස්පර්කයකි. ශ්‍රී ලාංකේය අස්පර්ශනීය සංස්කෘතික උරුමයේ ඒක දේශයක් නියෝජනය කෙරෙන තද් 'මංගල්ලය' පිළිබඳ ප්‍රාමාණික පර්යේෂණ සිදු වී නොමැති විපරීත සමාජ සංදර්භයක් තුළ සමාජ හා සමාජ මානව විද්‍යා විෂය ක්‍ෂේත්‍රය අරභයා පේරාදෙණිය විශ්වවිද‍්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උපාලි වීරකෝන් විසින් රචිත 'මුට්ටි මංගල්ලයේ සංස්කෘතිකාවලෝකන' නම් පර්යේෂණාත්මක ශාස්ත්‍රීය කෘතිය තව දුරටත් මානව වංශ සංගීත විද්‍යාල ජනශ්‍රැතික විද්‍යා වල සමාජ මානව විද්‍යා වල සමාජ විද‍්‍යාව විෂය ක්ෂේත්‍ර පෝෂණය කිරීමට දායක වන්නේ මෙවැනි පසුබිමකයි. චිරාත් කාලයක් සමාජයේ නොනැසී පවත්වා ගෙන එනු ලබන වැව, කෘෂි ජීවනෝපාය සහ ස්වභාව ධර්මය සමඟ බැඳුණු සම්ප්‍රදායික ජන විශ්වාස මතපදනම් වූ මුට්ටි නැමීමේ මංගල්ලය ගැන ගැඹුරු විචාරාත්මක කරුණු අතිශයින් දුර්ලභ සමයක. සමාජ වෙනස්වීම් හා පරිවර්තන ක්‍රියාවලීන් අභිමුඛව හිඳින සමාජයක සම්ප්‍රදායික සිරිත් විරිත් පිළිබඳ ගවේෂණය ප්‍රශංසනීය දෙයකි. මෙවැනි මහඟු විශ්වාස පද්ධති ලේඛණ ගත කිරීමෙන් එහි සුරක්‍ෂිතතාව මෙන්ම අනාගත පරපුරට සම්ප්‍රේෂණය කිරීමේ ප‍්‍රවේශයක් ද සපයයි.
සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක
Rs 1,800.00

Lenad Wulf Baddegama Saha Wulf Noki Baddegama Namal Prasantha Dayawansha

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නාමල්ගේ මෙම කෘතිය ලෙනාඩ් වුල්ෆ් වටා ගෙතුණ බොහෝ අගනා තොරතුරු එක්රැස් කොට සිංහල පාඨකයා වෙනුවෙන් රචනා කරන ලද අනගි නිර්මාණයකි. අප රටේ බොහෝ දෙනා දැන සිටියේ, වසර හතක වුෆ්ගේ උප දිසාපති භූමිකාව හා ඔහු විසින් රචනා කරන ලද 'බැද්දේගම ' නවකතාව ගැන පමණකි. වුල්ෆ් චරිතය ඇසුරු කර සහ ඔහු ගැන ලියූ දෙස් විදෙස් ලේඛකයන්ගේ කෘති සේවනය කරමින්, යටත් විජිතයුගයේ ලංකාවේ සිටි පරිපාලකයෙකු හැටියටත්, ලිබරල්වාදී චින්තකයෙකු හැටියටත් ඔහුගේ පසුකාලීන ක්‍රියාකාරීත්වය මෙහි පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වෙයි. අධිරාජ්‍යවාදී අදහස් ඒ අයුරින් නොගෙන මානව හිතවාදී දෘෂ්ටියකින් ලෝකය දෙස බලා ඔහු කටයුතු කර ඇති ආකාරය මෙහි දක්වා තිබීම ඉතා වැදගත්ය. බ්‍රිතාන්‍ය වාමාංශික ව්‍යාපාරයේ හා කම්කරු පක්‍ෂයේ ක්‍රියාකරුවකු වූ වුෆ්ගේ මෙකී දේශපාලන උද්යෝගය එක්සත් ජාතීන්ගේ සංගමයේ මූලාරම්භයට යම් දායකත්වයක් සැපයිණි.
එසේම ඔහුගේ බිරිඳ වූ වර්ජිනියා වුෆ්ගේ සාහිත්‍ය ව්‍යාපාරය පිළිබඳව හා ඒවා ඇසුරින් නිර්මාණය වූ විවාදාපන්න චිත්‍රපට පිළිබඳව ලේඛකයා සිදුකරන එළිදරව් කිරීමේ ද ඉතා වැදගත් ය. වුල්ෆ් යුවළගේ සාහිත්‍ය, සමාජ, දේශපාලන යන ක්ෂේත්‍ර වල බලපෑම බ්‍රිතාන්‍යයට පමණක් සීමා නොවූ අතර ප්‍රංශය ඇතුළු යුරෝපීය රට වලට ද එහි බලපෑම ඇති විය. එහෙයින් මෙම නව විද්වත් රැඩිකල් අදහස් එම ශත වර්ෂයේ ආරම්භයේ යුරෝපයේ ජනයාගේ බුද්ධිය පුබුදු වන ලද ප්‍රබල දේශපාලන හා සාහිත්‍ය සංවාද හැටියට සැලකිය හැකිය.මෙම කෘතිය ඉතා වෙහෙස මහන්සිව රචනා කිරීමෙන් නොමල් සිදුකර ඇත්තේ ලාංකීය ප්‍රජාවගේ බුද්ධිමය ප්‍රබෝධය හා දැනුම පුළුල් කරන වටිනා වූත් සුවිශේෂ වූත් අපදාන කෘතියක් ලාංකීය පාඨකයාට ප්‍රදානය කිරීමකි.
සේවාර්ජිත මහාචාර්ය සෝමරත්න බාලසූරීය
Rs 1,700.00

Kanda udarata gaman viththi

කන්ද උඩරට රාජධානියේ පිහිටි දැක බලා ගත යුතු අපමණ තැන්වලින් තෝරාගත් පෞරාණික සහ සුන්දර තැන් කිහිපයක් සොයා ගිය ගවේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් මෙම කෘතිය රචනා කර ඇති අතර. මේ සෑම තැනක් සමඟම බැඳී පවතින්නේ කුතුහලය දනවන කතා පුවතක්ය.
බලන කපොල්ල, දිවිදොස්ගල දැක බලා ගෙන සුද්දන් ඉදිකළ පැරණි පාලම් වලින් මහනුවරට ඇතුළු වන කතුවරයා ලේවැල්ල කොටුතෙළ හරණය කර කුණ්ඩසාලේ නුවර දැක බලා ගෙන මැද මහනුවරට පැමිණෙයි. දුම්බර පුරාණ අමිබලම්වල නවතිමින් හිල්ඩය, ලැමසූරියගම, නිල්ලඹ නුවර, මන්දාරම් නුවර, සගම රජමහා විහාරය, එළදැක්කේ නොක්ස්ගේ ගම, වියන් ඇල්ල ඇතුළු තැන් රැසක් සොයා වාරිකා කරයි.
Rs 1,050.00

Sinhala Thupa Wanshaya

දුටුගැමුණු මහ රජතුමා විසින් අනුරාධපුරයෙහි කරවන ලද රුවන් වැලි සෑය පිළිබඳ ඉතිහාසය පවසන ථුපවංශ' නම් වූ මේ ග්‍රන්ථය සකල විද්‍යාචක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිත නම් උගතෙකු විසින් රචනා කරන ලද්දකි.මේ පඬිවරයා හා බුත්සරණ කළ විද්‍යා චක්‍රවර්තීන් එක් කෙනෙක්ම යයි මීට කලකට පෙර අප අදහස වූ නමුත් ඒ අදහස වැරදි බව කියන්ට දැන් කරුණු තිබේ.බුත්සරණෙහි භාෂාව හා වෙනත් කරුණුත් පරික්ෂා කළ විට පෙනෙන්නේ එය පොළොන්නරු කාලයට අයත් ය යන බවය. ථූපවංශයෙහි සමහර තැන බුත්සරණින් ගෙන යෙදූ පාඨ තිබෙන නමුත් එය කුරුණෑගල කාලයට අයත් බව එහි තිබෙන ද්‍රවිඩ වචන බහුල වූ භාෂාවෙන් ඔප්පු වේ. මෙහි පෙනෙන ' මයිලඩි' ආදී සමහර ද්‍රවිඩ වචන අනික් සිංහල පොතක නැත්තේය.
මහා ස්තූපය පිළිබඳ ඉතිහාසය ඇතුළත් මේ පොතෙහි මුල බුද්ධ චරිතය සංක්ෂේපයෙන් දක්වන ලදී. මාර යුද්ධය මනොරමාකාරයෙන් මෙහි දක්වන ලදී. දශ පාරමිතාවන් යොධත්වයෙන් රූපණය කොට කළ වර්ණනාව අතිශය චමත්කාර ජනකය.මේ පොත බෞද්ධයන් විසින් බණ පොතක් ලෙස ආදරයෙන් කියවනු ලැබේ. සමහර විට අධ්‍යයන පරීක්ෂණයන් සඳහා ද මෙහි කොටස් නියම කරනු ලැබේ.සම්පූර්ණ ථුප වංශය දැන් සුලභ නොවේ. ඒ පිළිබඳ ව යෙදීමට අපට කාලයක් නොමැති හෙයින් ඒ කාර්යය විද්‍යොදය පිරිවෙනෙහි ආචාර්යවරයෙකු වූ පණ්ඩිත ගලගම සරණංකර ස්ථවිර නමට පැවරිමු. ඒ ස්ථවිර නම විසින් මෙය සකස් කර ඉතා අමාරු ගැටපදයට විවරණයක් ද සම්පාදනය කරන ලදී. මේ පොත කියවන සාමාන්‍ය බෞද්ධයන්ට ඒ ගැටපද විවරණය ප්‍රයෝජනවත් විය හැකිය.
වැලිවිටියේ සෝරත නායක ස්ථවිර
Rs 800.00

Wisinavaye Lekammitiya

ලේකම්මිටිය යනු කුමක් ද? යන්න පිළිබඳව විමසා බැලීමේදී එකම කාර්යය මණ්ඩලයකට අයත් විවිධ කාර්යයන් පිළිබඳව තොරතුරු ලියූ එකට බඳින ලද පොත් කීපයක් සහ ප්‍රසිද්ධ විහාරස්ථානාදියේ අය-වැය විස්තර සඳහන් කරන්නට යෙදුණා වූ ලොකු පොත් එකට බැඳ තබන සිරිත නිසා ලේකම්මිටිය යන අර්ථයෙන් ඒවා හැඳින් වූ බව පෙනේ. මේ අයුරු අපේ ඉතිහාසය පුරා ගම්වසම්බිනි ලේකම්මිටිය, නානායක්කාර ලේකම්මිටිය, හීලේකම්මිටිය, කත්හාල් ලේකම්මිටිය, පාමුල් ලේකම්මිටිය, සංඝයා පිළිබඳ ලේකම්මිටිය, අතපත්තු ලේකම්මිටිය, කොඩිතුවක්කු ලේකම්මිටිය, ශ්‍රී පාදේ ලේකම්මිටිය, දළදා මාලිගවේ ලේකම්මිටිය, දේවාල හා පන්සල් වල ලේකම් මිටි යනාදි වශයෙන් බොහෝ ලේකම් මිටි අපට හමුවේ. මේවාට අමතරව තොරතුරු ලැබෙන ආකාරය අනුව තවත් නන්වැදෑරුම් ලේකම් මිටි තිබී ඇති බැව් විශ්‍රාමලත් විදුහල්පති, කලා භූෂණ රාජ්‍ය සම්මාන ලාභී ඩී. ඒ. ටී.බී. දේවසිංහයන් විසින් ශ්‍රී ලාංකීය ජාතියට හඳුන්වාදෙන "විසිනවයේ ලේකම්මිටිය " නම් වූ නවතම ග්‍රන්ථය තුළින් මොනවට පසක් කර දී ඇත්තේය.
Rs 750.00