Henri Marshal Sinhale වෛද්‍ය හෙන්රි මාර්ෂල් ම සිය සංඥාපනයේ පවසන පරිදි ඔහු 1808 දී ලංකාවට පැමිණියේ ය; කන්ද උඩරට රාජධානිය අත්පත් කරගැනීම සඳහා 1814 දී සංවිධානය කළ හමුදාවේ පළමු වන සේනාංකයට අයත් වූයේ ය. 1816 සිට 1821 තෙක් උඩරට පළාත්වල ජ්‍යෙෂ්ඨ ම වෛද්‍ය නිලධරයා වූයේ ය.මේ නිසා ම වෛද්‍ය හෙන්රි මාර්ෂල් කන්ද උඩරට රාජ්‍යය ඉංග්‍රීසින් හට අත්පත් වීම හා 1818 උඩරට නිදහස් සටන ද යන, අප රටට අතිශයින් ම වැදගත් වූ චෙතිහාසික අවස්ථාවන්හි සාක්ෂ්‍ය කරුවෙකි; සිංහලයේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ හා කතාබස් කළ තැනැත්තෙකි; කැප්පෙටිපොළ මහ නිලමේ සිය මරණයට වීරෝදාර ලෙස මුහුණ දුන් අයුරු දෑසින් දුටු වාර්තාකරුවෙකි. අද අප ගේ ජාතික වස්තුවක් වන ඒ වීරයා ගේ හිස් කබල රැකුණේ ද ඒ අවස්ථාවේ දී මේ වෛද්‍යවරයා වය ආරක්ෂා කරගැනීමට කටයුතු කළ නිසාය. දහනව වන සියවසේ ලංකාව පිළිබඳ ව යුරෝපීයයන් ලියූ අනෙක් කෘතිවලට වඩා මේ කෘතිය සුවිශේෂ වනුයේ වෛද්‍ය මාර්ෂල් මෙය රචනයේ දී දක්වා ඇති මධ්‍යස්ථ භාවය නිසා ය. එහි දී ඔහු හා සම වනුයේ වෛද්‍යවරයකු ම වූ ජෝන් ඩේවි පමණි. එයට අමතර ව, ලංකාව පිළිබඳ ව ඒ වන විට පළ ව තිබු ග්‍රන්ථයන් ගෙන් ද නොපළ වාර්තා සටහන්, දිනපොත්, ලියුම්, හමුදා වාර්තා සටහන් ආදි බොහෝ මූලාශ්‍රයයන්ගෙන් ද උපුටාගත් කරුණු වලින් මේ ග්‍රන්ථය පිරි පවතී. Rs 950.00 Add to cart Buy
Lankawa:kalu suddange palana samaya-2 kotasa(1948-2024) නීතිඥ ආචාර්ය චන්ද්‍රසිරි විජයවික්‍රම මහතා විසින් රචනා කරන ලද ලංකාවේ කළු සුද්දන්ගේ පාලන සමය දෙවන භාගය නැමැති මෙම කෘතිය තුළ ලංකාවේ තිබෙන භූමි අසමමිතිකතාවය, භූගෝලවිද්‍යා අවපාලනය ,බුදු දහම හා භූගෝලවිද්‍යා නීතිය යන සාධක මත රටට තිරසාර සංවර්ධනයක් ළගාකර ගත හැකි ආකාරයත් තවත් එවැනි ඉතා වටිනා මතෘකාවන් බොහෝමයක් පිළිබදවත් මෙම කෘතිය තුල සාකච්චා කරණු ලබයි. Rs 1,400.00 Add to cart Buy
Purathana lakdiwa පූජ්‍ය ඇති පොළ මංගල හිමියන් විසින් ගිහියෙකු ලෙසද යතිවරයකු ලෙස ද ලියන ලද ශාස්ත්‍රීය ලේඛන සිය ගණනකි. ඒ අතරින් ලියවිලි දහයක් තෝරාගෙන පුරාතන ලක්දිව නමින් ග්‍රන්ථයක් මෙලෙස ප්‍රකාශයට පත්කොට තිබිම අගය කළ යුතුය. මංගල හිමියන් වඩාත් ගැඹුරින් අධ්‍යයනය කර ඇත්තේ යටත් විජිත සමයේ ඉතිහාසය පිළිබඳවය. එම යුගය පිළිබඳව දැනට ජීවත්ව සිටින ප්‍රාමාණික උගතුන් කීපදෙනා අතර උන්වහන්සේගේ නම ඉහළ ස්ථානයක ලා සැලකිය හැකිය.කෙසේ වුවද, මේ ග්‍රන්ථය සඳහා මංගල හිමියන් තෝරාගෙන ඇත්තේ පුරාතන ඉතිහාසය පිළිබඳව උන්වහන්සේ විසින් ලියන ලද ලිපි දහයකි. ඒවා අනුරාධපුර සහ පොළොන්නරු යුග වලට අදාළ විවිධ මාතෘකා අළලා ලියවී ඇත. මේ ලිපි මගින් තමන් වහන්සේ පුරාතන ඉතිහාසය පිළිබඳව ද තම දැනුම සහ නිපුණතාව ප්‍රකට කරනු ලැබ ඇත. ඉතිහාසය යනු හුදෙක රජවරුන් බලයට පත් වීම සහ ඔවුන් විසින් කරන ලද කටයුතු පමණක් නොවන බව මේ ග්‍රන්ථයේ ඇතුළත් ලිපි වලින් මනාව තේරුම්ගත හැකිය. ඉතිහාසය දෙස මානව විද්‍යාත්මක දෘෂ්ටියකින් බැලීමට මංගල හිමියන්ට හැකි බව මේ ලිපි මාලාවෙන් පැහැදිලිය. ශ්‍රී ලංකාව හඳුන්වන ලද පැරණි නම් අසූ හතක් පිළිබඳව මෙහි ප්‍රථම ලිපියට විෂය වී ඇත. මෙරට පුරාණ ගම, වැව්. කාසි, ආහරණ සහ සෞඛ්‍යය පිළිබඳව ලිපි දෙකක් ද මෙරට විසූ මහා රජවරුන් දෙදෙනෙකු වන විජයබාහු සහ පරාක්‍රමබාහු ගේ කාර්යය සාල්‍ය පිළිබඳ ලියවී ඇති ලිපි දෙකෙන් එම ශ්‍රේෂ්ඨයින් ශාස්ත්‍රීය ලෙස හඳුන්වා දීමට කටයුතු කර ඇති ආකාරය ප්‍රසංශනීයය. පූජ්‍ය ඇති පොළ මංගල හිමියන් දශක ගණනාවක් තුළ ශාස්ත්‍රීය ලෝකයට කළ මෙහෙවර අනාගත පරපුර වෙත මෙලෙස ග්‍රන්ථානුගතව ඉදිරිපත් කිරීමට විවේකය සහ අවස්ථාව ලැබේවායි ද නව පර්යේෂණ මගින් අප සැම දැනුවත් කිරීමට උන්වහන්සේට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. මහාචාරය අනුර මනතුංග, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරල් Rs 1,410.00 Add to cart Buy
Aithihasika Thorathuru Athulath Salagama Wanshaya ජී. ප්‍රසාදිනී ද සිල්වා විසින් රචිත, සලාගම ප්‍රජාවගේ ඓතිහාසික පසුබිම සහ තොරතුරු ඇතුළත් පොතකි. මෙම කෘතිය මගින් ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල කුරුඳු වගාව සහ වෙළඳාම සමඟ ඓතිහාසිකව බැඳී පවතින සලාගම (සාලිය) කුලය පිළිබඳ තොරතුරු අනාවරණය කරයි. Rs 410.00 Add to cart Buy
Out-of-Stock Anuradhapura Purana Nagara Salasma Saha Wenath Lipi Out-of-Stock අනුරාධපුර පුරාණ නගර සැලැස්ම සහ වෙනත් ලිපි මැයෙන් යුක්ත මෙම ග්‍රන්ථය සම්මානිතමහාචාර්ය ටී.ජී. කුලතුංග මහතාගේ ශාස්ත්‍රීය ලිපි එකතුවකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ සම්මානිතමහාචාර්ය වරයෙකි. ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ හිටපු සභාපතිවරයෙකි. එතුමාගේ පුරාණ අභයගිරි විහාරය ග්‍රන්ථයට 2014 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ දී වර්ෂයේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතියට පිරිනැමෙන සම්මානය හිමි විය. සරසවි ප්‍රකාශකයෝ විසින් පළකළ එතුමාගේ අනුරාධපුර මහා විහාරය ග්‍රන්ථයට ශ්‍රී ලංකා බෞද්ධ සම්මේලනය මගින් වර්ෂයේ විශිෂ්ටතම බෞද්ධ ග්‍රන්ථයට හිමි සම්මානය ප්‍රදානය කෙරිණි. පුරාවිද්‍යාඥ ශකිල රාජකරුණා මහතා විසින් සංස්කරණය කර ඇති මෙම ලිපි සංග්‍රහය ද එවැනි ම ශාස්ත්‍රීය වැදගත්කමකින් යුක්ත වූවකි Rs 850.00 Details View details
Lankarama Purana Wiharaya 'ලංකාරාම පුරාණ විහාරය' නැමැති මෙම කෘතිය නීතිඥ ආචාර්ය මහින්ද රැළපනාව මහතා විසින් රචානා කර ඇති ලංකාරාම පුරාණ විහාරස්ථානය සම්බන්ධ සියලුම ඓතිහාසික තොරතුරු අන්තර්ගත ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය. Rs 450.00 Add to cart Buy
Tikiri Banda Panabokke ඔහු ජිවත් වූයේ උඩරට කැරැලි දෙකකින් උගත් පාඩම් මතඉංග්‍රීසි පාලකයන් විසින් රට ස්ථාවර කරමින් සිටි දහනව වනි ශත වර්ෂයේ දෙවැනි භාගයේය.එබැවින්ම ඔහුගේ වෙහෙසකර රාජ්‍ය සේවය රටේ සිදු වූ සමාජ දේශපාලන ආර්ථික හා අධ්‍යාපනික පරිවර්තන ක්‍රියාවලි ඉතිහාසයේ කුඩා පරිච්ඡේදයක් බවට පත්වෙයි.අමිහිරි ළමා කාලයකින් පසු අධිෂ්ඨානයෙන් කැපවීමෙන් සිය ජීවිතය සාර්ථකව ගොඩනගාගත් ඔහු ළමා කාලයේ සිටම සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත ඉගෙන භාෂා ප්‍රවීණයෙකු ඔබට පත්වෙයි. කාලිදාසගේ මේඝ ධූත කාව්‍යය සිංහලයට පරිවර්-තනය කරයි. අලිඛිත උඩරට නීතිය, නීති නිඝණ්ඩුව නමින් ග්‍රන්ථාරූඩ කරයි.ඔහුගේ සුජාත පුත්‍රයෙකු මෙන්ම ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ටිකිරි බණ්ඩා පානබොක්කේ (කනිෂ්ඨ) ලද ප්‍රසිද්ධිය පියා වූ ටිකිරි බණ්ඩා පානබොක්කේට (ජ්‍යෙෂ්ඨ) නොලැබී ගිය සෙයකි.වසර සියයකට ආසන්න කාලයක් සැඟව තිබූ ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදානය මෙසේ සිංහලයෙන් එළි දැක්වීම මගින් එම අඩුව සපිරේ. Rs 340.00 Add to cart Buy
1815 n Pasu Seegiriya කෘතිය ඇසුරෙන්... ජයන්ත විජේරත්නයන් විසින් රචිත1815න් පසු සීගිරිය නැමති ඓතිහාසික සහ පුරාවිද්‍යා තොරතුරුවලින් යුත් ග්‍රන්ථය, වෙනස්ම ආකාරයෙන් ලියූවකි. මෙහි ඇති සමහර වෘත්තාන්ත ඔහුගේ පමණක් නොව, අපගේ ද ළමාවිය සිහිපත් කරන ස්වයං චරිතාපදානයන් හා සමානය.වර්ෂ 1815 න් පසු සීගිරිය සම්බන්ධයෙන් වූ පුරාවිද්‍යාත්මක කැණීම්, ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු පිළිබඳව සංක්ෂිප්ත තොරතුරු මෙහි අඩංගු වේ. එපමණක් නොව සීගිරිය සංස්කෘතික මධ්‍යස්ථානය පාදක කරගත් අවට ගම්මාන අවට ගම්මාන හා එය අතර ඇති අනන්‍ය සම්බන්ධතාවය ද මෙම කෘතිය තුළ මැනවින් විස්තර කර ඇත. පුරාවිද්‍යාත්මක බව ඉක්මවා ගිය ඉතාමත් රසවත් තොරතුරු අඩංගු අගනා කෘතියකි.සීගිරිය පිළිබඳව මෙම ග්‍රන්ථය මඟින් මෙතෙක් කිසිදු ලේඛකයෙකු විසින් අනාවරණය නොකළ තොරතුරු රාශියක්ම පාඨකයා වෙතහෙළිදරව් කිරීමට ගත් උත්සාහය සාර්ථක වී ඇති බව මගේ හැඟීම යි. සමරකෝන් රාජපක්ෂ,විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරී (කැණීම් හා කෞතුකාගාර) හිටපු පුරාවිද්‍යා ස්ථාන භාර නිලධාරි,සීගිරිය Rs 1,160.00 Add to cart Buy
Lakdiva Parangi Prayathnaya " ලක්දිව පරංගි ප්‍රයත්නය " නමැති මෙම ග්‍රන්ථය 1506 -1658 කාලය තුළ මෙරට පරංගි ක්‍රියාකාරකම් ගැඹුරින් සලකා බලන නූතන පර්යේෂණ අඩංගු කෘතියකි. පරංගීන්ගේ මෙරට සම්ප්‍රාප්ති කාලය, කෝට්ටේ, සීතාවක, මහනුවර සහ යාපන රාජධානි සමග හටගත් ගැටුම්, ඒවායේ ප්‍රතිඵල විශ්ලේෂණය කෙරේ.මෙහි සකාරණව විග්‍රහ කෙරෙන්නේ. පරංගීන් මෙරට ඇති කළ කැළඹිලිකාරි තත්වයත්, විදේශිකයා පිටු දැකීමට මෙරට විරෝදාර රණකාමී රජවරුන් සහ ජනතාව ගත් අප්‍රහිතක උත්සාහයකි. එකී උත්සාහයේදී මෙරට ඇති වූ විනාශය, වෙනස්කම්ද, ආර්ථික, ආගමික, සමාජයීය ක්‍ෂේත්‍රවල ඇති කළ බලපෑම් ද ගෙන හැර පායි. මෙම චිත්තාකර්ෂණීය වුද, චිත්ත සන්තාපයට හේතු වන්නා වූද ඉතිහාස කතා පුවත පාඨකයාගේ සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කෙරේ. Rs 350.00 Add to cart Buy
Buddha Parinirvana warshaya Saha Wenath lipi 'පරිනිර්වාණ වර්ෂය සහ වෙනත් ලිපි' මැයෙන් යුක්ත මෙම ග්‍රන්ථය සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතාගේ ශාස්ත්‍රීය ලිපි 19 ක එකතුවකි. ඔහු අනුරාධපුර අභයගිරි හා මහා විහාර ව්‍යාපෘති වල හිටපු අධ්‍යක්ෂකවරයා ය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකි. ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාවේ හිටපු සභාපතිවරයෙකි. නිවැරදි පරිනිර්වාණ වර්ෂය කුමක්දැයි විද්වතුන් කිහිප දෙනෙකු ම අදහස් ඉදිරිපත් කර ඇත. එම සියලු අදහස් විමසා අදාළ ලිපිය රචනා වී ඇත. ලිපි අතර ඇති මහගම තඹ සන්නස මෙතෙක් ප්‍රකාශයට පත්ව නොතිබූ 6 වන පරාක්‍රමබාහු රජුගේ සමයේ උඩරට පාලනය කළ ජෝතිය සිටු විසින් නිකුත් කරන ලද්දකි. එක් ලිපියකින් සනාථ කර ඇත්තේ තන්තිරිමලේ යනු දැනට සමහරුන් පිළිගන්නා පරිදි අෂ්ටඵල බෝධියක් රෝපණය කළ තිවක්ක බමුණුගම නොවන බව ය. අනුරාධපුරයේ මහාවිහාරයේ පිහිටි පිළිම ගෙයක් පිළිබඳව මහාබෝධිවංශයේ සඳහන් වුව ද කැණීම් මගින් එය සොයාගත් මහාචාර්ය කුලතුංගයන් ම එක් ලිපියකින් විස්තර සපයා ඇත. අනෙක් සියලු ම ලිපි ඒ හා සමාන වැදගත් කමකින් යුක්තය Rs 1,290.00 Add to cart Buy
Lankave Adi Kalinga Janavasa Matha Mathu Wu Uthure Dravida Shishtacharaya ලංකාවේ උතුර - නැගෙනහිර වෙසෙන ද්‍රවිඩ ජනයා දැවැන්ත ඉතිහාස විකෘතියක් නිසා අන්‍ය ජාතියක් ලෙස ජිවත් වන මෙරට කාලිංග වැසියෝය. ක්‍රි.පූ. 260 අශෝක රජුගේ කාලිංග යුද්ධයේ දී තම තමන්ගේ ජීවිත ආරක්ෂාවට ලංකාවට පමණක් නොව අග්නිදිග ආසියාව දක්වා ඔවුහු ගියහ. අශෝක රජු නොමග යැවෙන සේ තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ඔවුන් මෙහිදී කතා කළේ දෙමළ බසයි. මේ ඉතිහාසමය පටලැවිල්ල ගැන උතුරේ ජනතාව තවමත් දන්නේ නැත. එදා ලංකාවට පැමිණි කාලිංගයෝ බෞද්ධයෝය; ආර්යයෝය; ක්ෂත්‍රියයෝය; ද්‍රවිඩයෝ නොවේ. ඔවුන්ගෙන් අති බහුතරයක් මෙරට හින්දූන් බවට පත් කරවනු ලැබුවේ එළාර රජතුමාය. මේ ඓතිහාසික පුවත ප්‍රථම වරට ඉතිහාසයට එකතු කරනු ලබන්නේ මෙරට රාජ්‍ය සම්මාන ලාභී ශාස්ත්‍රීය සාහිත්‍යයට ප්‍රමුඛත්වය දෙන ලේඛකයෙකු වූ දිනමිණ පුවත් පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයෙකු වූ බන්දුපාල ගුරුගේ මහතාය. අපේ ඉතිහාසයට අලුතෙන් එකතුවන මෙම සංසිද්ධිය රටේ අනාගත සිංහල, දෙමළ ජාතික එකමුතුව සහෝදර බැම්මකින් බැඳවීමට පියවර ගැනෙනු ඇත. Rs 2,850.00 Add to cart Buy
Lanka Itihasaye Brithanya Yugaya ශ්‍රී ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය යනු 1796 සිට 1948 දක්වා වූ කාලයේ ඉතිහාසයයි. 1796 සිට ඕලන්දයන් යටතේ පැවති මුහුදුබඩ පළාත් බ්‍රිතාන්‍යයන් යටතේ වූ අතර 1815 දී උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතට පත් වීමත් සමඟ මුළු දිවයිනම බ්‍රිතාන්‍ය පාලනය යටතේ විය. එය සමග වසර 2300කටත් වැඩි කාලයක් දිවයිනේ වූ දේශීය රාජාණ්ඩුවේ පාලනය අවසන් කළේය. දිවයිනේ බ්‍රිතාන්‍ය පාලනය 1948 දී නැවත නිදහස ලබා ගන්නා තෙක් පැවතුණි.බ්‍රිතාන්‍ය යුගය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලන, සමාජ, ආර්ථික, පරිපාලන සහ සංස්කෘතික පරිසරය තුළ විප්ලවකාරී වෙනසක් ඇතිවිය. ලංකා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය යුගය නම් මෙම කෘතිය තුළින් ඒ පිළිබදව කරුණු රාශියක් අනාවරණය කර ගත හැකිය. Rs 1,121.00 Add to cart Buy