Sigiriya Ehi Sithuvam Raja Uyana Ha Anekuth Nagaranga
Out-of-Stock
සීගිරිය එහි සුප්‍රකට සිතුවම්, රජ උයන හා අනෙකුත් නගරාංග - සීගිරිය මුලින්ම ජනාවාස කරන ලද්දේ ප්‍රාග් ඓතිහාසික මානවයා විසිනි. සීගිරි නගරය තුළ ඇති අලිගල නම් ලෙනෙන් මානව අස්ථි යනාදිය ලැබී තිබේ.
ක්‍රිස්තු පූර්ව 3 සියවසත්, ක්‍රිස්තු වර්ෂ 1 සියවසත් අතර කාලයට අයත් සීගිරියේ ඇති කටාරම් කොටවා සැකසූ ලෙන් බෞද්ධ භික්ෂූන්ගේ වාසය පිණිස වෙන් විය.
සීගිරියේ වැදගත්ම නෂ්ටාවශේෂ කාශ්‍යප රාජ්‍ය සමයට අයත් ය. සිය පියා වූ ධාතුසේන රජු මැර වූ හෙතම සිය සොයුරු මුගලන් කුමරුට බියව සීගිරියට පළා ආවේ ය. ආරක්ෂිත රැකවලින් අනූන සියලු නගරාංගයන්ගෙන් හෙබි අලංකාර නගරයක් සීගිරිය පර්වතාශ්‍රයේ තැනූ කාශ්‍යප රජු එහි සිට වසර 18ක් දිවයින පාලනය කළේ ය.
සීගිරිය නගරය ප්‍රධාන කොටස් පහකට බෙදිය හැකිය. මධ්‍යයෙහි ඇත්තේ ප්‍රධාන පර්වතය හා ඒ මත පිහිටි රජ මාලිගයයි. සුප්‍රකට සීගිරිය සිතුවම් සහ කැටපත් පවුර අයත් වන්නේ ද මේ කොටසටම ය. පර්වතය වටා බෑවුම් සහිත පෙදෙස ප්‍රකාරයකින් පිරිකෙව් කොට ඇති ඇතුල් නගරයයි. පර්වතයටත් ඇතුල් නගරයත් බටහිර දෙසින් ඇත්තේ රාජකීය විනෝද උද්‍යානයයි.
ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ, එනම් පර්වතයට නැගෙනහිර දෙස පිට නගරය ලෙස සැළකේ. මෙම සියලු නගරාංග මැදිවන පරිදි පිටතින්ම ඇත්තේ පවුරු සහ දිය අගල් ය. සීගිරිය වැව පිහිටියේ නගරයට වයඹ දෙසිනි.
සීගිරිය නගරය පිළිබඳ ප්‍රමාණික දැනුමක් ලබාදීම මෙම ග්‍රන්ථයේ මුඛ්‍ය අරමුණයි.

Rs 1,750.00