Perahara Wanshaya
Out-of-Stock
පෙරහැර වංශය - ඓතිහාසික සෙංකඩගල පුරවරයේ දළදා තේවාව ඇසෙන මානයේ ළදරු අවධියේ සිට ම හැදී වැඩුණු මාගේ මතකය අදටත් දිව යන්නේ එදා දොළොස් වීදියේ කොතැනක හෝ මා පියා සමග අලි-ඇතුන්ගේ කුයිලයත්, කොප්පරා සුවඳත් විඳිමින් දළදා පෙරහර සිරි නැරඹූ ආකාරයයි. එදා මෙන් ම අදත් සෙංකඩගල සොළොස් වීදියේ පෙරහර නරඹන නොයෙක් අවස්ථාවල පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාව පෙරහර සම්බන්ධයෙන් දක්වන අදහස් අසන්නට ලැබී ඇත. එවැනි අදහස් සවනට යොමුවන විට හැඟී යන්නේ පෙරහර පිළිබඳව ජනතාව තුළ පුළුල් අවබෝධයක් දැනුමක් නොමැති බවයි. එසේ ම සමාජයේ කුමන ආකාරයකින් හෝ සමාජගත වී ඇති අසත්‍යක් සත්‍ය තරමටම මුල් බැස ඇති ආකාරය යි. ඒ අනුව මුල් කාලීනව සෙංකඩගල සිරි දළදා ඇසළ පෙරහර හා ඒ ආශ්‍රිත සම්ප්‍රදායන් අධ්‍යනය කිරීමට යොමු විය. ඉන්පසු ශ්‍රී ලංකාවේ සිව්දෙස පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයන් පිළිබඳවත් අනෙකුත් පෙරහර මංගල්‍යයන් පිළිබඳවත් අවධානය යොමු කරමින් මෙම පර්‍යේෂණය සිදු කරන්නට වූයෙමු. ඒ අනුව කන්ද උඩරට සෙංකඩගල සිරි දළදා ඇසළ පෙරහරත්, සබරගමු මහ සමන් දෙවොලත් රුහුණු මහා කතරගම දේවාලයටත්, එතැනින් සිරිලක සිව්දෙස පවත්නා වූ පෙරහර මංගල්‍යයන් පිළිබඳවත්, තොරතුරු ඇතුළත් කරමින් කරන ලද මෙම කෘතිය හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයේ උරුමය සොයා යන සැමට ඉමහත් පිටිවහලක් වනු ඇතැයි සිතමි. තවද නූතන පරම්පරාවේ බොහෝ දෙනෙකු හරි ආකාරව නොදන්නා අපේ පෙරහර සංස්කෘතිය තත් ආකාරයෙන්ම අනාගත පරපුර වෙත දායාද කිරීමට මෙම කෘතිය තුළින් හැකිවනු ඇතැයි ද අපේක්ෂා කරමි.
Rs 3,500.00