Karma & Rebirth

-10%
Karmaya Ha Karma Vipaka
මෙම කෘතිය පරිශීලනය කරණු ලබන ඕනෑම පුද්ගලයෙකු හට කර්මය පිළිබද මූලික අදහසක් ගැනීමට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 135.00
Rs 150.00
-10%
Wimuthathi Magaga hewath Apagatha Nowana Maga
කතෘගෙන්...
බුද්ධි ගෝචර නිවැරදි මග යමින් විර්යයෙන් යුතුව කටයුතු කරන්නේ නම් අප හැම දෙනාටම බුදුවරයෙකු වීමේ හැකියාව ඇත.අප තුළ ඇති බෝසත් චරිත ඉස්මතු කරන්නාවු ඒ මග සොයා ගත හැක්කේ බුද්ධිය වර්ධනය කරන ක්‍රියාවලියකිනි. තමා මෙන්ම තම ධර්මයද ප්‍රශ්න කිරීමේ අයිතිය හා විමසුමට භාජන කිරීමේ නිදහස අපට බුදු හිමියන් විසින් ලබා දී ඇත්තේ එසේ නොවුයේ නම් අධ්‍යාත්මය හා බැඳී ඇති කරුණු අවබෝධ කර ගැනීමට නොහැකි හෙයිනි.දුහුනන් දැනුම් වර්ධනය හා මානසික දියුණුවටද හා බුද්ධිගෝචර වු විමර්ෂණ. විශ්ලේෂණ හා විග්‍රහයන් අත්‍යවශ්‍ය වේ.මේ ක්‍රියා මාර්ගය බුද්ධිය තීව්‍ර කරයි.
Rs 405.00
Rs 450.00
-10%
Jeevithaya Maranaya Ha Manokaya
පරිවර්තකගේ සටහන....
මළගිය කෙනෙකුට යළි පන ලැබීම වනාහි, ඔහුගේ හෝ ඇයගේ ‍පෙර පිනක් - ලැබීමක් හෝ දේව බලයක් ලෙසම අදහන්නට හුරු පුරුදු වූ ජනතා බහුතරයකින් සමන්විත, ශ්‍රී ලාංකික සමාජයේ අදත් අපි ජිවත් වෙමු.' නන්දන තිලක් මගුලාගම ' මහතා විසින් රචිත "How The Dead Could Be Revived?" නැමැති කෘතිය ඊයේ අද ගැනම නොව, අනාගතය සඳහා විශේෂ අවධානය දෙමින් ලියූවක් බව පළමුව කියමි.නවීන තාක්ෂණය අතින් ඉහළින් වැජඹෙන, යුරෝපීය රට වලට නම් අද මෙහි එන කරුණු අරුමයක් නොවූවද, දියුණුව සොයා යන ශ්‍රී ලංකාවේ අපට නම් මෙහි අඩංගු කරුණු විශ්මය දැන විය හැකිය.එහෙත් මරණය හා යළි පන ලැබීම පිළිබඳ සිද්ධීන් තිර ලෙසම සිදු වූ සැබෑ දේවල් බවට නවීන විද්‍යාව විසින් සනාථ කර ඇති බැවින්, එහි තර්කයක් නැත.සැඟවී තිබුණද, සැබෑව සැබෑවක්මය. කරුණු තමාට සපථ වූ දින, ආශ්චර්යයන් ලෙස පෙනුණු දැනුණු දෑ සත්‍ය ලෙසම පිළිගන්නට මැළිවන්නෝ වෙත්නම්, ඒ ඉතාම කලාතුරකිනි.යථාර්ථවාදීව සිතන ඕනෑම කෙනෙකුගේ බුද්ධිමය නිම් වළලු පුළුල් කිරීමට මෙම පොත මහඟු එළියක් වනු නොඅනුමානයි. වෛද්‍ය විද්‍යා සහ මනෝ විද්‍යා සිසු සිසුවියන්ටද මෙය මහඟු අත්වැලක් වනු නිසැක බවත් මෙම පොත පරිවර්තනය කරන අතරතුර මට හැඟී ගියේය.මා යළිත් අවධාරණය කරන්නේ, මෙම කරුණු අතීතයට වර්තමානයට වඩා අනාගතයටම ඔබ යොමු කරන බවකි.
Rs 144.00
Rs 160.00
-10%
karma vipaka
කර්ම විපාක පිළිබඳ බුදු දහමෙහි විවිධ ආකාරයෙන් පැහැදිලි කර තිබේ. කරන ලද විවිධ කර්මවල විපාකයන්ගෙන් බේරීමට හැකි සත්ත්වයෙක් ලෝකයෙහි කිසිම තැනක නැත."චුල්ල කම්ම විභංග" සූත්‍රයට අනුව විශ්වය තුළ වෙසෙන සියලු දෙනාම කර්මය දායාද කොටගෙන ද, කර්මය ස්වකීය කොටගෙන ද, කර්මය නෑදෑයෙකු කොටගෙන ද, කර්මය පිළිසරණ කොටගෙන ද වෙසෙති.ඇතැමුන් සිතනුයේ, තම තමන් කරන කර්මවල විපාක නැත යනුවෙනි. ඇතැමුන් සිතනුයේ කර්මවල විපාක මේ ආත්මයේදීම අත් විඳීමට සිදුවනු ඇත යනුවෙනි. එහෙත් කරන ලද කර්ම වලට විපාක කුමන ආත්මයකදී හෝ අත් විඳීමට සිදුවන බවට කදිම නිදසුන් කිහිපයක් ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමියන් විසින් ලියන ලද මෙම කර්ම විපාක ග්‍රන්ථය මඟින් විදහා දක්වා ඇත.
Rs 495.00
Rs 550.00
-10%
Pera Bhawaye Daruwan Soya
ඇය සිය ළමා කාලයේ සිට මතකයන් සහ සිහින මගින් සිය පෙර ජීවිතය දකියි. ඒ අතරින් ගමන් කොට පෙර භවයේ තමා විසූ ගම කරා ගොස් තමා පෙර ජීවිතයේදී සිටි නිවස, ආ ගිය කඩ සාප්පු පල්ලි ආදිය දැක බලා ගන්නී ය.එපමණක් නොව පෙර භවයේ තම කුසින් බිහි කළ, දැන් වියපත්ව සිටින තම දරුවන් ද මුන ගැසෙන්නී ය.
මේ ජෙනීගේ සැබෑ කථාවයි
Rs 432.00
Rs 480.00
-10%
Kusala Ha Akusala Karma Karma Vipaka Ha Punuruppatthiya
කතෘගෙන්...
කර්මය, කර්ම විපාකය හා පුනරුප්පත්තිය යන විෂයන් බෞද්ධයන්ගේ හිත්වලට ඉතා සමීප ය. ඔවුන් ඒවා ගැන නිතර සිතති. කථා කරති, සිත හදාගැනීම පිණිස ද ඒ දැනුම යොදවති.එහෙත්, ඒ පිළිබඳව ඔවුන් තුළ තිබෙන දැණුම බොහෝ විට අසම්පූර්ණ ය. මන් ද කර්ම විෂය ගැඹුරු, තේරුම් ගැනීමට ඉතා අපහසු එකක් බැවිනි. එය අචින්ත්‍ය ය යැයි තථාගතයන් වහන්සේ වදාළේ එබැවිනි.ඇතැම් විට කර්මයත් විපාකයත් අතර තිබෙන පරතරය දීර්ඝ ය. විපාකයේ ස්වභාවය භිහිසුණු ය, එහෙත් එකිනෙක සමඟ සැසදීමට අසීරු ය. තේරුම් ගැනීමට අමාරු ය.මේ නිසා කර්ම විපාකය සුළුකොට තකන අඥානයා අකුසලයට බිය නොවෙයි. කුසලය මායිම් නොකරයි. මේ නිසා සසර සැරිසරන පුරාවට ම අපා දුක් විඳී. අල්පායුෂ ලබති. සිතාගත නොහැකි තරමේ දරුණු දුක් කම්කටොලු වලට හා සිත් තැවුල්වලට මුහුණ දෙයි.කර්ම විපාකය තහවුරු කිරීම පිණිස ද නිසිසේ අවබෝධ කරවීම පිණිස ද සද්ධර්මයට එකඟව කරුණු ගෙනහැර දක්වා තිබෙන මෙහි පුනරුප්පත්ති කථා පෙලක් ද අන්තර්ගත ය.
Rs 225.00
Rs 250.00
-10%
Apatama dakiya haki ilaga bhawaya
කතෘගෙන්...
'' අපටම දැකිය හැකි ඊළඟ භවය - 2" නමැති මෙම දහම පොත නිර්මාණය වූයේ, කලක පටන් මාගේ චිත්තාභ්‍යන්තරයෙහි ගැඹුරුම තැනක හටගෙන පැලපදියම්ව තිබූ වටිනා බණ පොතක් ලිවීමේ අදහස. මල්ඵල ගන්වමින් ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ, ප්‍රවීණ මාධ්‍ය වේදී ආරියනන්ද දොඹගහවත්ත සූරින් විසින් තම පුවත්පතට දහම් ලිපි පෙළක් ලබා දෙන ලෙස කළ ආරාධනය මූල බීජය කරගෙනය.
Rs 225.00
Rs 250.00
-10%
Kala kam paladena hati
'කළ කම් පල දෙන හැටි' නම් මෙම කෘතිය වරුණ අබේසේකර මහතා විසින් රචනා කර ඇති අතර අපගේ ජිවිතයේදී අපි විසින් සිදු කරණු ලබන හොද හා නරක යන ක්‍රියාවන් කර්මයක් ලෙස අප ජිවීතයට බලපාන ආකාරය මෙම කෘතිය මගින් තේරුම් ගත හැකිය.
Rs 225.00
Rs 250.00
-10%
Karma Wipaka Jeevitha Athdekim Asurin
කර්මය, ජීවිතය, මරණය හා මරණින් මතු ජීවිතය පිළිබඳ ඉගෙනීමට මිනිසා තුළ ඇති කුතුහලය කිසි දා නිම නොවෙයි. ජීවිතය යනු කුමක් ද? මරණය යනු කුමක් ද? මරණින් මතු සිදු වන්නේ කුමක් ද යන්න පිළිබඳව වේද යුගයේ සිට අද දක්වා ම, මිනිසුන්ගේ අවධානය දිනාගත් ගැටලුවකි. සෑම දාර්ශනිකයකුගේ ම මූලික උත්සාහය ද, මිනිසා යනු කවරෙක් ද යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට ය.පුජ්‍ය පුවක් පිටියේ පඤ්ඤාරතන හිමියන් විසින් ලියා ඇති කර්ම විපාක ජීවන අත්දැකීම් ඇසුරින් ග්‍රන්ථය වර්තමාන විද්‍යාත්මක ඥානය සහිත නව පරපුරට චම ගැටලුව මෙන් ම එහි විසඳුම ද තේරුම් ගැනීමට හැකි ලෙසට මනාව ගලපා ලියන ලද ග්‍රන්ථයකි.බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ කර්මය පිළිබඳ මතවාදය, බුදුරදුන්ට සමකාලීන ව ජීවත් වූ දාර්ශනිකයන් ඉදිරිපත් කළ මතවාද සමගින් ඉදිරිපත් කරමින්, ගැඹුරින් වහෙත් සරලව මෙම ග්‍රන්ථයෙහි පැහැදිලි කර ඇත.
Rs 540.00
Rs 600.00
-10%
Marananusmruthiya Hevath Marena Bawa Nithara Sihikireema
'මරණානුස්මෘතිය හෙවත් මැරෙන බව නිතර සිහිකිරීම' යන මෙම ග්‍රන්ථය පැලෑණේ ශ්‍රී වජිරඤාණ මහා නායක මාහිමිපාණන්වහන්සේ විසින් රචනා කරන ලද අතර මිනිසුන් වන අප සියලු දෙනාට ජීවිතයේ මොනයම් හෝ මොහොතක මොනයම් වූ වෙලාවකදී අන්පේක්ෂිත ලෙස මුහුණ දීමට සිදු වන මරණය පිළිබදව ඉතා නිරවුල්ව සියලු පාඨක ජනතාව හට තේරුම් ගැනීමට හැකි වන අන්දමින් රචනා කරණ ලද ඉතා වටිනා කෘතියක් ලෙස හදින්විය හැකිය.
Rs 198.00
Rs 220.00
-10%
Maranaya Antharabhavaya Karmaya Saha Punarbhavaya
 'මරණය, අන්තරාභවය, කර්මය හා පුනර්භවය' යන කෘතිය 'බුදුසරණ' පුවත්පතෙහි පළ වූ ලිපි පෙළක් වන අතර මේ මගින් සාකච්ඡා කරන කරුණු තුළින් බොදු ජනතාවට බුදු දහම පිළිබද ගැඹුරු අධ්‍යනයක් කිරීමට මගපාදා දෙයි. 'අන්තරාභවය' පිළිබඳව මෙම කෘතියේ සිදු කරන සාකච්ඡාව බොදුනුවන් තුළ නව චින්තනයක් ඇති කිරීමට සමත්වන අතර එබැවින් මෙය බොහෝ දෙනා අතර ජනප්‍රිය කෘතියක් වනු නොවනු මානය.
Rs 270.00
Rs 300.00
-10%
Maranaye Sevanali Ha Bhuthayo
'මරණයේ සෙවණැලි හා භූතයෝ' යන මෙම කෘතිය මරණය පිළිබද සමාජ විද්‍යාත්මක හා දාර්ශනික විග්‍රහයකින් ඉදිරිපත් කර ඇති කෘතියක් වන අතර ශාස්ත්‍රපති පූජ්‍ය වලතර සෝභිත හිමියන් විසින් රචනා කර ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 252.00
Rs 280.00
-10%
Maranaye Sita Upatha dakva Hevath Karmaya Saha Punuruppatthiya
කර්මය යනු අපව පුනරුප්පත්තියට නතු කොට සංසාර චක්‍රයට තබා ගැට ගසා කරකවන එකම සාධකය බවත් කර්ම විපාක ලිහිල් කර ගනිමින් අධ්‍යාත්මිකව මාර්ගයේ යමින් තෘෂ්ණාව, ඇලීම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මදමානාදිය සිත්වලින් බැහැරකොට චිත්ත පාරිශුද්ධත්වය ඇති කර ගැනීමෙන් භව ගමන කෙටි කර ගත හැකි බවත් මේ කෘතියෙන් පැවසේ. 
Rs 450.00
Rs 500.00
-10%
Karma vipakaya Pala Dena hati Saha Ma Labu Athdakeem
'කමර්‍ විපාක පල දෙන හැටි සහ මා ලැබූ අත්දැකීම්' යන මෙම කෘතිය පූජ්‍ය වේන්දළුවේ සෝරත හිමිපාණෝ විසින් රචිත අතර මෙම කෘතිය තුළ කමර්‍ විපාක පල දෙන ආකාරය පිළිබදව ඉතා සරල ලෙස විග්‍රහ කර ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය
Rs 135.00
Rs 150.00
-10%
karumaye arumaya
'කරුමයේ අරුමය' නම් මෙම කෘතිය තුළ කරුමය හා එහි විපාකය මෙලොවදීම අත්විදීම පිළිබදව ලැබූ අත්දැකීම් වලින් රචිත අතර මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන් විසින් විරචිත මෑත කාලින සමාජයට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 247.50
Rs 275.00
-10%
Sathwaya maranin mathu weda
සෝමසිරි හබරගමුව මහතා විසින් රචිත සත්ත්වයා මරණින් මතු වේ ද ? යන මෙම ග්‍රන්ථය වනාහි බුදුන් වහන්සේගේ චරිතාපදානය ඇසුරින් රචනා වූ ඉතා වටිනා ග්‍රන්ථයක් වන අතර මරණින් මතු උප්පත්තියත් කළ කුසල් අකුසල් අනුව උප්පත්ති දාමය සිදු වන අයුරුත් ඉතා මැනවින් විග්‍රහ කර ඇති ග්‍රන්ථයක් වශයෙන් හැදින්විය හැකිය.
Rs 270.00
Rs 300.00
-10%
Alokayen Parinamanaya Wuwo
'TRANSFORMED BY THE LIGHT' නම් කෘතියේ සිංහල පරිවර්ථනය වන 'ආලෝකයෙන් පරිණාමනය වූවෝ' නම් මෙම කෘතිය අධිනීතීඥ කූමාරි ගුණරත්න මහතමිය විසින් සිංහලට පරිවර්ථනය කරන ඇති අතර මෙම කෘතිය තුළින් මරණාසන්න අත්දැකීම් මගින් මිනිස් ජිවිත වලට ඇතිවෙන ප්‍රබල බලපෑම් පිළිබද කරණ ලද අධ්‍යනයක් තුළින් රචනා වූ ඉතා වටිනා කෘතියක් ලෙස ලෝක ජනාදරය දිනා ගත් කෘතියකි.
Rs 427.50
Rs 475.00
-10%
Karmaya Punarbhawaya Ha Sathwaya Pilibada Wimasumak
මෙම ග්‍රන්ථය රචනා වී ඇත්තේ මූලික වශයෙන් පාඨකයා හට කර්මයත්, පුනර්භවයත් මනා ලෙස පැහැදිලි වන ආකාරයට වන අතර. භවයෙහි සැරිසරන සත්ත්වයාට මූලික වශයෙන් මුහුණ දීමට සිදු වන්නේ කර්මයට අනුව ලැබෙන පුනර්භවයටය. ඒ කාරණය පිළිබදව මෙම ග්‍රන්ථය මගින් ඉතා නිරවුල් අකාරයට කරුණු පැහැදිලි කළ ඇති වටිනා කෘතියක්,ලෙස හැදින්විය හැකිය.
Rs 351.00
Rs 390.00
-10%
Karma Athpotha
කමර්‍ අත්පොත, ටෲට්ස් හර්ඩෝගේ සිද්ධි අධ්‍යයන, ත්‍රිපිටකය හා වෙනත් ධර්ම ප්‍රස්තක අනුව විග්‍රහ කරමින් ඉරින්ද්‍රා දිවයින පුවත්පතේ 'සියපත' අතිරේකයේ පළ වූ ලිපි පෙළේ එකතුවකි. ඊට අමතරව කර්මාභියෝගය ලෙස ධර්ම සාකච්ඡාවක් ද මීට එකතු කොට ඇත. මෙය මෙත් වැඩීමේ වැදගත්කම හුවා දැක්වෙන අපේ කාලයේ මිනිසුන්ගේ අත්දැකීම් සමුදායකි
Rs 261.00
Rs 290.00
-10%
Bava Athare Gandahabbaya
මරණය අපේ අවසාන වී නම් ජිවිතය අරුත්සුන් වන්නේ ය. එනමුදු අප තුළ ඇති යම් කිසි ශක්ති ප්‍රවාහයක් අපට මරණයෙන් පසු යමක් ඇතැයි මිනිසාට සිතන්නට ඉඩ සලසයි. වඩාත් උසස් වූ ශක්තියකට අප යාවෙන බව ද පරමාත්මයක් ගැන ද හැඟුම් ඇති කරයි. අපට සැබවින් ම ආත්මයක් ඇත්නම් මරණින් පසු එය යන්නේ කොයිබට ද? අපේ භෞතික විශ්වයට පිටස්තර ව නැණවත් භූතීන් ගෙන් පිරී යම් කිසි දෙව්ලොවක් සැබවින් ම තිබේද? එය කෙබඳු ද? අප එහි ගිය විට කරන්නේ මොනවා ද?
මරණයෙන් පසු ඊළඟ ජීවිතය දක්වා සිදුවන ආත්ම චාරිකාව අතිශය ගාමිහිර ලෙස හෙළිදරව් කරන මේ පර්යේෂණය වනාහි දස වසරක අත්දැකීම් ඇසුරින් හෙළිදරව් කරන්නකි
Rs 684.00
Rs 760.00
-10%
Karma
කතෘගෙන්...
ඉංග්‍රීසි ජාතික සුප්‍රකට ලේඛක පෝල් බ්‍රන්ටන් විසින් රචිතWhat is Karma කෘතිය පරිවර්තනය කර ඊට උප ග්‍රන්ථයක් ද එක් කළේ මන්දැයි මෙහි යම් තැනක සඳහන් කර ඇත්තෙමි. පුද්ගලයෙකු සමාජයක්, රටක් පමණක් නොව සමස්ත මානව වර්ගයා ම ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනයට උපයෝගී කර ගත හැකි අදෘශ්‍යමාන බලවේගයක් ලෙස කර්මය හැඳින්විය හැකිය.කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ කිසියම් ක්‍රියාවක් සිදු කිරීමේදී සිතෙහි උපදින එක්තරා සිතිවිලි විශේෂයකට කමර්‍ යයි භාවිතා කරන බව බොදුනුවන් වන අප දන්නා නමුත් අපරදිගවාසීන්ට තවමත් කමර්‍ හා කමර්‍ විපාකය ආගන්තුක දෙයකි. මේ ඌණතාවය වටහා ගැනීම නිසා දෝ ලේඛක බ්‍රන්ටන් කමර්‍ කුමක් දැයි අපරදිගට හඳුන්වා දීම සඳහා මේ කෘතිය සම්පාදනය කළා විය යුතු යැයි සිතේ.
කමර්‍ කුමක්දැයි හඳුන්වා දීමට උත්සාහ ගන්නා බ්‍රන්ටන් එකී ක්‍රියාකාරිත්වයත්, සමා ප්‍රදානය, නිදහස හා කෙනෙකු ප්‍රබුද්ධත්වයට පත්වීම සම්බන්ධයෙන් ද ඔහු අවබෝධ කරගෙන ඇති දේ මෙයට ඇතුළත් කර තිබේ. කමර්‍ කෙනෙකුගේ යහපත වෙනුවෙන් යොදා ගත හැකි ආකාරය ද ඔහු සැකෙවින් මෙහි දක්වා ඇත. මේ අතර මවිසින් සකසා මීට යාකර ඇත්තේ කමර්‍ හා කර්ම විපාක සම්බන්ධයෙන් මා දන්නා සත්‍ය සිද්ධීන් කීපයකි.
Rs 270.00
Rs 300.00
-10%
Atheetha Janma
මැරෙන මිනිසාගේ ආත්මය මේ පොලොව මත යලි පහල වෙනවා,
උපත වෙන මවකගේ සිරුර ද අලුත් බව මට හැගී යනවා.
ශක්තිමත් අවයව තුයුණු මනස සමග 
තිබුණු පැරණි ආත්මය නැවත 
සුපුරුදු ගමන අරබනවා...
Rs 540.00
Rs 600.00
-10%Out-of-Stock
Sitha niwana lokaya
Out-of-Stock
විශ්වයේ විසිතුරුම විසිරුණුම හා විසකරුම 'සිත' ගැන අධ්‍යයනය කළ හැකි හොඳම තැන බුදු දහම වේ. බුදු රදුන් තරම් සිත, කය සහ භවය ගැන විවරණය කළ වෙනත් විද්‍යාඥයෙකු මිහිපිට නොමැත. දැනුම දියුණු කිරීමෙන් මනස දියුණු නොවන බව නූතන මනෝ විද්‍යාවෙන් ८ අනාවරණය කෙරේ. දැනුම මද වුව ද සිත දියුණු වූ විට උතුම් රහත් භාවයට පත්විය හැකි බව 'චුල්ලපන්තක' කථාවෙන් කියාපායි.ආත්මීය ආදරය, සංසාර චක්‍රය, පුද්ගල සමාජ විවිධත්වය, විශ්ව ධර්මතා, කර්මය හා පුනර්භවය මෙන්ම සිතට සහන දෙන භාවනා ඇතුළු විවිධ මාතෘකා රැසක් "සිත නිවන ලෝකය"ට විෂය වී තිබේ. ශත වර්ෂයකට ආසන්න ඤාණාවලෝකයක් විහිදුවන බෙල්ලන ඤාණවිමල මහ නාහිමියෝ බුදු දහම හා නූතන විද්‍යාවන් පිළිබඳ හසල දැනුමැති දුලඛ පඬිරුවනකි. ෂඩ්භාෂා පරමේශ්වර ඤාණවිමල මහ නාහිමියන්ට සමකළ හැකි ප්‍රාඥයන් මෙකළ සැබවින් ම විරලය.මේ මහා ඥාන සම්භාරය වියපත් වී මිළින වීමට නොදී සමාජයට තිළිණ කළ අප හිතවත් චාමික මුණසිංහ තරුණ මාධ්‍යකරුවාගේ උත්සාහය අදට වඩා හෙට දවසේ දී වඩාත් ඇගයීමට ලක්වනු නිසැක ය. මෙහි එන සදහම් කරුණු දිනෙන් දින ඔපවත් වී මුළු මහත් ලෝකයාගේ ම සිත් සතන් නිවා සුවපත් කරන්නට හේතු වේවා! යි පතමි.
 ශාස්ත්‍රපති, පණ්ඩිතදොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
Rs 252.00
Rs 280.00
-10%
Bihisunu Narakaye Aduru Pathikada
බුදු දහමේ එන පව් - පින් පිළිබඳවත් පාපකාරී ක්‍රියා සිදුකිරීම තුළින් ලැබෙන අඳුරු ප්‍රතිඵල පිළිබඳවත් මෙම ග්‍රන්ථයෙන් ගැඹුරින් විස්තර කරමින් ගරු පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමි බුදු දහම පිළිබඳව මනා දැනුමකින් යුතුව මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ. නරකය හෙවත් අපාගතසත්ත්වයන් පිළිබඳ ඉතා වැදගත් මෙන්ම හරවත් විවරණයක් මේ තුළින් සිදුකර ඇති අතර අප ජීවත් වන ලෝකය තුළ පවතින්නා වූ අට මහා නරකය මූලික කරගත් "දේවදූත සූත්‍රය " ඇතුළු දේශනාවන්ගේ හරය බෞද්ධ මුහුණුවරකින් මෙම ග්‍රන්ථය තුළින් ඉදිරිපත් කර තිබේ.
Rs 765.00
Rs 850.00