Nikotin Lolithvaya Suvakirime Pahasu Maga වෛද්‍ය නිලධාරී ධනුෂ්ක දිසානායක මහතාට ඔහුගේ අපූර්වතම නිර්මාණය උදෙසා සුභාශිංසනය කරමි. ශ්‍රී ලංකා යුධ හමුදාවේ මනෝ වෛද්‍ය විශේෂඥයකු ලෙස මෙම කෘතියේ අන්තර්ගතය නිකොටින් උගුලට හසු වූ පාඨකයන්ට ඉන් අත්මිදීම සඳහා ඉවහල් වන පෙර නොඇසූ නොවිරූ දැනුම් සම්භාරයක් ලබාදෙන බව ප්‍රකාශ කරමි. එය නිකොටින් මත තම ජීවිතය රඳා නොපවත්වන පුද්ගලයෙකු බිහි කිරීමට අවශ්‍ය මානසික පසුබිම ගොඩනගයි. Rs 550.00 Add to cart Buy
Krurathvayen Mideema ක්‍රෑරත්වය මිනිස් ආධ්‍යාත්මය මුල්බැසගත් ලක්ෂණයකි. මිනිස් සන්තානයෙන් ක්‍රෑරත්වය බැහැර කරගන්නා අන්දමත් ක්‍රෑරත්වයෙන් විනිර්මුක්ත සිත ළඟා කරගන්නා ආධ්‍යාත්මික සුවය පිළිබඳවත් ක්‍රිෂ්ණමූර්ති සිය BEYOND VIOLENC කෘතියෙන් මනාව විග්‍රහ කර ඇත. එම කෘතිය සිංහලට පරිවර්තනය කිරීම ඉතාමත් ප්‍රයෝජනවත්ය. ක්‍රිෂ්ණමූර්ති දාර්ශනිකයාගේ විශිෂ්ට කෘතියක් සිංහලට පරිවර්ථනය කර පාඨකයන් වෙතලබාදීම ගැන ජයරාජ් කපිල කුලසිංහ මහතාට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුය Rs 900.00 Add to cart Buy
Duka Shokaya Ha Wishadaya කතෘගෙන් ඔවදනක්... සිතින් හා ගතින් විඳවීම 'දුක' යනුවෙන් හැඳින්විය හැකිය. ශෝකය, බිය, කෝපය, වෛරය, ඊර්ෂ්‍යාව ආදී සෘණාත්මක චිත්ත වේග දුක හටගන්වයි. කිසියම් පුද්ගලයෙකු දිගු කාලයක් දුක්බරව සිටින්නේ නම් ඔහු හෝ ඇය මානසික රෝගියෙකි. එනම් විෂාදයෙන් පෙළෙන්නෙකි. මෙවැනි අවස්ථා වලදී බොහෝ දෙනෙකුට ශාරීරික රෝග ලක්ෂණ පහළ වන අතර ඔවුන් සිතනු ඇත්තේ තමන් ශාරීරික රෝගයකින් පෙළෙන බව විය හැකිය. ඇත්තෙන්ම එවැනි ශාරික රෝග ලක්ෂණ වලට කොතරම් ප්‍රතිකාර කළ ද මනසේ දුක්බර බව ඇතිවීමට බලපාන හේතුකාරකය ඉවත් කරන තුරු සුවපත් වන්නේ නැත. කෙටියෙන් කිවහොත් හේතු කාරකය වන්නේ මනසේ ඍණාත්මක සිතුවිලි මගින් මොළයේ ස්නායු ක්‍රියාකාරීත්වයේ හටගන්නා වෙනසකි. සිතුවිලි වෙනස් කිරීම මගින් මොළය යථා පරිදි ක්‍රියාත්මක කළ හැකිය. මනෝ‍්‍රතිකාර මගින් මෙවැන්නක් සිදු කෙරේ. කෙසේ වුවත් තත්ත්වය බරපතළ නම් ප්‍රතිවිෂාද ඖෂධ මගින් ඊට පිළියම් කළ හැකිය.ආතතියෙන් හා විෂාදයෙන් පෙළීම දිය වැඩියාව, හෘද රෝග ඇතුළු විවිධ බෝ නොවන රෝග හට ගැනීමේ හේතුවක් විය හැකිය. එවැනි රෝග තත්ත්ව සාර්ථකව පාලනය කළ හැක්කේ ආතතියෙන් හා විෂාදයෙන් මිදීම මගිනි.වර්තමාන මිනිස් ජීවන රටාව ඉතා සංකීර්ණ වූවකි. භෞතික සම්පත් ලබා ගැනීමේ කෑදරකමින් යුත් මිනිසා ජීවත් වන්නේ අසහනකාරී පරිසර රටාවක් තුළය. ළමා වියේ පටන් හරිහැටි නින්දක් නොලබා නිතර මානසික පීඩාවට පත්වන්නෝ මැදිවිය එලඹීමටත් ප්‍රථමයෙන් රෝගී වෙති. මින් මිදිය හැක්කේ ලද දෙයින් සතුටු වී සරල ජීවන රටාවකට හැඩ ගැසීමෙන් පමණි. Rs 300.00 Add to cart Buy
Sathyata Seema Natha Nidahase Piyamba Yannata "සත්‍යයට සීමා නැත" මෙම කෘතිය උත්තරාරෝපිතසංකල්ප වලින් මිදි ජීවිතය අලුතින් දකින්නට, ජීවිතය සතුටින් විඳින්නට, චිතය මෙන්ම ලෝකය දෙස සිහියෙන් බලන්නට මඟපෙන්වන, අපූර්ව ආකාරයෙන් සම්පාදිත කෘතියකි. එය සහජයෙන් අන්ධ භාවයට හෝ පෙස භාවයට පත් නොවුවද අඳ මනසින් බිහිරිව ජිවිත ගෙවන, සත්‍යයේ මායාව වැළදගත්. අන්ධකාරයේ සැරිසරණ අපේ සමාජයට, සිත් සීමාවන් සිද බිද දමන්නට මග පෙන්වන සදුපදේශයක් වනු නොඅනුමානය. Rs 700.00 Add to cart Buy
Kilesa Upakilesa Sankilesa Saha Chiththa Wimukthiya කිලේස උපක්කිලේස සංකිසෙලේස සහ චිත්ත විමුක්තිය - කිලේස උපක්කිලේස සංකිසෙලේස සහ චිත්ත විමුක්තිය නම් ග්‍රන්ථය උසස් උපාධියක් සඳහා කරන ලද පර්යේෂණයකි. මෙවැනි මාතෘකා යටතේ රචිත ග්‍රන්ථ පරිහරණය විරල බැවින් මෙය මුද්‍රණය සඳහා දියපත්තුගම රේවත හිමි විසින් යොමු කර ඇත. තව ද දිගුකාලීන ව පරියේෂණ කරමින් නිම වන ලද ධර්ම ග්‍රන්ථයක් වන අතර උසස් විභාග හා උපාධි සඳහා පාඨකයාට ද එක සේ මහත් ප්‍රයෝජනවත් වන්නකි. Rs 400.00 Add to cart Buy
Abiyoga Jayagath Daruwo අභියෝග ජයගත් දරුවෝ සැබෑ වශයෙන්ම අභියෝග හමුවේ නොසැලි නොවැටී, නොපැරදී තම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත් සරසවි සිසුන් රැසකගේ ජීවන කතා එකතුවකි. ශ්‍රී ලංකාවේ සිවුදෙස ජිවත් වන, විවිධ මට්ටමේ ආර්ථික සාමාජික පසුතලවල ඉපිද හැදී වැඩි, විවිධ පාසල් වල ඉගෙන ගෙන අඩියෙන් අඩිය, වරෙක වැටෙමින්, තව වරක නැගිටිමින්, දුවමින් අවසන සරසවියට ඇතුළත් වීමේ කඩුල්ල පැනගත් උද්‍යෝගිමත්, අධිෂ්ඨානශීලී තරුණ තරුණියන්ගේ කතාන්දරයකි. මෙම ස්වයං ලිඛිත චරිත කතා වර්තමානයේ පාසල් වල ඉගෙන ගන්නා සිසුනට ශක්තියක්, ධෛර්යයක් හා මහත් අභිප්‍රේරණයක් ලබා දෙනු ඇත. ඔව්! මට පුළුවන්! මටත් සාර්ථකත්වයට පැමිණිය හැකියි යන අදහස ළමයින් තුළට කා වැද්දීමට හොඳම පොතක් ලෙස අභියෝග ජයගත් දරුවෝ" හඳුන්වා දිය හැකි ය. Rs 450.00 Add to cart Buy
Maha Molakarayo 21 වෙනි සිය වසයේ සාර්ථකත්වයට වැඩිම බලපෑමක් කළේ ව්‍යාපාර බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. අනාගත අභියෝගයන්ට නොබියව මුහුණ දී ජිවිතය සාර්ථකත්වයට පත්කර ගැනීමට නම් සියලු දෙනාම ව්‍යාපාර දර්ශනය අවබෝධ කරගත යුතුය. ඒ සඳහා ලෝකය වෙනස් කළ විශිෂ්ට ව්‍යාපාරිකයන් නැවත හැදෑරීමෙන් සමාජයේ වෙසෙන සෑම කෙනෙකුටම ඉගෙනගත හැකි පාඩම් බො-හෝය. මෙම කෘතිය ඊට මහඟු පිටුවහලක් සපයයි. Rs 700.00 Add to cart Buy
Mudalata Gatha Nohaki Dhanaya ප්‍රධාන පෙලේ මානව හිතවාදියෙක් ලෙස සැලකෙන රොබින් ශර්මා ලාබ නොලබන සමාජ සහ ආයතන රාශියක ආරම්භකයා වෙයි. ලෝකය පුරා දරිද්‍රතාවයෙන් පෙලෙන කුඩා දරුවන්ගේ සහ ළමුන්ගේ යහපත සඳහා ඔහුගේ අනුග්‍රහයෙන් පුන්‍ය ආයතන රාශියක් ක්‍රියාත්මක වන අතර ලාදුරු රෝගයෙන් පෙලෙන කුඩා දරුවන් නඟා සිටුවීම වෙනුවෙන් ඔහු සුවිශේෂී උනන්දුවක් දක්වයි. නායකත්ව පුහුණුව පිළිබඳ ලොව පුරා කීර්තියක් ලබන ශර්මා, පුද්ගල මානසික සංවර්ධනය ගැන ප්‍රවීනයෙකි. ආලෝකයට මං පෙන්වන්නෙක් වන මොහුගෙන් උපදෙස් ලබන්නන් අතර 'වාසනාවන්ත සමාගම් සියය ' මුල්කොට ගත් සුප්‍රසිද්ධ බිලියනපතියෝ, ප්‍රධාන පෙලේ ක්‍රීඩකයෝ, සංගීත ඔස්තාර්වරු සහ රාජකීයයෝ ද වෙති. ලෝකය පුරා ඉහලම ආදායම් ලබන සරල මනෝ විද්‍යාවටද බර, ජිවිත වලට යහ මහ පෙන්වන පොත් දාහතරක් ලියා ඇති මේ ප්‍රසිද්ධ දේශකයා, ජීවිතය සරි කර ගැනීමට අදාළව අභ්‍යාස පන්ති පවත්වමින් ලොව පුරා යයි. 'මුදලට ගත නොහැකි ධනය' නම් මෙම කෘතියද එලෙස ඔහුගේ අපිරිමිත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය. Rs 1,850.00 Add to cart Buy
Jeewithayen Pasu Jeevithaya බුදුදහම ලෞකිකත්වය ද ආධ්‍යාත්මිකත්වය ද පිළිබඳ පරිපූර්ණතම ආකල්ප ඉදිරිපත් කරන ආගමික ඉගැන්වීමකි.ලොව විකසිතවූ දහම් පුෂ්පයේ සුවඳ විඳීමට බොහෝ ජනයා අතීතයේ පෙළ ගැසුණහ. වත්මන් ලාංකේය බෞද්ධයා දහම් සුවඳෙහි හෝ රසයෙහි අගය නො දන්නා නිලමැසි චින්තනයෙන් යුක්ත අවස්ථාවක මීමැසි සමනළ බොදු සිත් පුබුදු කරන දහම් සිසිලත් සුවඳත් මුසුවූ ග්‍රන්ථයකි මෙය. ශාස්ත්‍රීය කර්කශ බවෙන් තොර වූ ද ඕලාරික දහමේ විවරණයන්ගෙන් තොර වූ ද මෙවන් දහම් පොත් පත් යුගයේ අවශ්‍යතාවකි. බුදුවදන යැයි මුසාවදන් පතුරුවන්නන්ට ද සාමාන්‍ය බෞද්ධයා අමතක කළ බෞද්ධ උගතුන්ට ද ආදර්ශයක් වන ජීවිතයෙන් පසු ජීවිතය නැමැති මෙම ග්‍රන්ථය ගිහි පැවිදි උගත් නූගත් කාටත් අර්ථසම්පන්න බෞද්ධ හස්තසාර ග්‍රන්ථයක් සේ හැඳින්විය හැකිය. Rs 850.00 Add to cart Buy
Obath Kamathida Sathuten Inna මුදල් ඉපයීම, ඉඩ කඩම්, ගේදොර, යාන වාහන ගැනීම්, ප්‍රිය සම්භාෂණ්යය, ගෞරව ලැබීම, බලය ලැබීම ආදී සියලුම දේවල් වලින් මිනිසා බලාපොරොත්තු වන්නේ සතුරින් ජීවිතය පවත්වාගෙන යාමය. එහෙත් සතුට ඇත්තේ එතැනද? මේ සියල්ලටම වඩා ලාභදායී ලෙස සතුරු ළඟා කරගැනීමේ ක්‍රමවේදය මෙහි කතුවරයා පෙන්වා දෙන්නයන් ඉතා සරල පැහැදිලි කිර්ම් මගිනි. මෙහි භාෂාව හසුරුවා ඇත්තේ ඕනෑම කෙනෙකුට පහසුවෙන් කරුණු ග්‍රහණය කර ගැනීමට හැකිවන පරිද්දෙනි.මීට පෙර නොයෙක් ක්ෂේත්‍රයන් කිහිපයක් සම්බන්ධව පොත් ගණනාවක් රචනා කර ඇති මෙහි කතුවරයා පළපුරුදු වෛද්‍යවරයෙකු මෙන්ම මනෝ විද්‍යාව සම්බන්ධ දාර්ශනිකයෙකි. එමෙන්ම ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ලේඛක පරපුරකින්ද පැවත එන්නෙකි. ඔහු ලියා ඇති සියලුම පොත් කියවා ඇති මට හැඟී ගියේ ඒ හැම එකක්ම මාගේ ජීවිතයේ යම් යහපත් විපර්යාසයක් ඇති කිරීමට සමත් වූ බව ය. ඔබත් කැමැතිද සතුටෙන් ඉන්න නමැති මේ පොත කියවීමෙන් ද මාගේ ජීවිතයේ විශාල යහපත් පරිවර්තනයක් වූ බව කිව හැක. චිත්‍රාල් ගමගේ කර්තෘ සන්නස පුවත්පත ඕස්ට්‍රේලියාව Rs 2,100.00 Add to cart Buy
Out-of-Stock Mathakaya Amthaka weema Saha Dimenshiyava Out-of-Stock ලංකාවේ වයෝවෘද්ධ ජනගහනය වැඩි වෙමින් පවතින අතර, වර්තමාන අතිධාවනකාරී ආර්ථික රටාව සමඟ ජනතාවගේ ජීවන තත්වය වෙනස් වී ඇත. විශේෂයෙන්ම සාම්ප්‍රදායික ජන සමාජයේ දක්නට ලැබුණු සාමූහික පවුල වෙනුවට, කුඩා පවුල් වැඩි වෙමින් පවතී. ඩිමෙන්ෂියාව අනාගතයේ දී රටේ සෞඛ්‍ය පද්ධතියට මෙන්ම ජන සමාජයට ද මුහුණ දෙන්න සිදුවෙන ප්‍රබල අභියෝගයක් විය හැක.කලක් තිස්සේ මහා බ්‍රිතාන්‍යයේ සේවය කළ මනෝ වෛද්‍ය විශේෂඥ ඩග්ලස් මුල්ගිරිගම මහතා මෙම තත්වය හඳුනා ගෙන මෙම කෘතිය ලිවීම ප්‍රශංසා සහගත ය. රෝගය ඇතිවීමට බලපාන සාධක, රෝග ලක්ෂණ, අවදානම් පිරිස්, අවදානම් සහගත තත්වයන්, ප්‍රතිකර්ම හා සමාජීය කළමනාකරණය ආදී වැදගත් කරුණු රැසක් මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡාවට ලක් කර ඇත. සාමාන්‍ය ජනයාගේ අවබෝධය වැඩි වර්ධනය කිරීම සඳහා සිංහල බසින් ලියැවුණු පොත්පත් හා ලේඛන ඇත්තේ අල්පයකි. එබැවින් සරල බස් වහරක් උපයෝගී කර ගනිමින් රචනා කර ඇති මෙම කෘතිය ඩිමෙන්ෂියා රෝග තත්වය පිළිබඳ සාක්ෂරතාව ඉහළ නැංවීමට හේතු වනු ඇතැයි සිතමි. මනෝ වෛද්‍ය විශේෂඥ සජිවන අමරසිංහ මනෝ වෛද්‍ය උපදේශක, ජාතික මානසික සෞඛ්‍ය රෝහල, සභාපති, ශ්‍රී ලංකා මනෝ චිකිත්සක විද්‍යාලය Rs 750.00 Details View details
Manasika Peedanaya Saha Kansava මෙම සුවිශේෂී කෘතියෙහි කතුවරයා වූ විශේෂඥ මනෝ වෛද්‍ය ඩග්ලස් මුල්ගිරිගම මහතා මහා බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ විශේෂඥ මනෝ වෛද්‍ය උපදේශකයෙකු ලෙස වසර 36 ක දීර්ඝ කාලයක් සේවය කර, විශිෂ්ට වෘත්තීය අත්දැකීම් සම්භාරයක් සතු අයෙකි. පළමුව මනෝ වෛද්‍යවරයෙකු වශයෙන් ලංකාවේ සේවය කළ ඔහු පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා බ්‍රිතාන්‍යයට ගියේ ය. පසුව එහි ජාතික සේවයට බැඳී මනෝ වෛද්‍ය වෘත්තියෙහි නිරත විය. එම කාලය තුළ ඔහු උකහාගත් දැනුම් සම්භාරයන් හා අත්දැකීම් මෙම විශිෂ්ට කෘතියට පාදක වේ. "මෙම ග්‍රන්ථය වැදගත් හේතු තුනක් නිසා අද්විතීය ස්ථානයක් හිමි කර ගනී. පළමු වන හේතුව නම්, පාඨකයාගේ ප්‍රතිලාභය උදෙසා, මානසික සෞඛ්‍යය පිළිබඳ නූතන වර්ධනයන් අන්තර්ගත කළ ග්‍රන්ථයක් බිහි කිරීමයි. දෙවැනි කරුණ නම්, මෙම ග්‍රන්ථය මේ විෂය පිළිබඳ උනන්දුවක් දක්වන සෑම කෙනෙකුගේ ම විවිධ විමසීම් සහ ප්‍රශ්න වලට පිළිතුරු සපයන විස්තරාත්මක ප්‍රකාශනයක් වීමයි. තෙවැනි හේතුව නම්, ලොව පුරා භාවිතා වෙන විවිධ භාෂා වලින් පරිණාමය වී ආ, සංකීර්ණ සංකල්ප සාමාන්‍ය ජනයාට ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීමට පහසු අකාරයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට වෛද්‍ය මුල්ගිරිගම මහතා සමත් වී තිබීමයි. මෙම දක්ෂතාව ඔහුගේ ප්‍රකාශනයේ ඇති ඉතාමත් ම වැදගත් අංශයක් ලෙස මම අගය කරමි” මෙම වැදගත් ප්‍රකාශනය, මානසික සෞඛ්‍යය වෘත්තියේ යෙදී සිටින සහ සමාජ ශුභ සාධන සේවාවල නිරත ව සිටින අයට ද, අධ්‍යයන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට සහ රෝගීන් ඇතුළු පොදුවේ මහා ජනයාට ද අතිශයින් ඵලදායි වන බව මගේ විශ්වාසයයි. මෙම ග්‍රන්ථය සෑම පුස්තකාලයක දීම පාඨකයාට කියවීමට ලැබේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සම්මානිතමහාචාර්ය නාලක මෙන්ඩිස් මහතා. Rs 1,060.00 Add to cart Buy