Rs 1,000.00
Suthras
There are 205 products.
Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 01
බුදු දහමෙහි සාරය සූත්‍ර පිටකයෙන් තෝරාගත් සූත්‍ර පාඨ උපයෝගී කර ගනිමින් අර්ථකථනය කොට පැහැදිලි කරන ලද අගනා ධර්ම ග්‍රන්ථයකි.
Rs 320.00
Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 02
බුදු දහමෙහි සාරය සූත්‍ර පිටකයෙන් තෝරාගත් සූත්‍ර පාඨ උපයෝගී කර ගනිමින් අර්ථකථනය කොට පැහැදිලි කරන ලද අගනා ධර්ම ග්‍රන්ථයකි.
Rs 150.00
Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 03
පාලි ත්‍රිපිටකයෙහි විවිධ තැන්වලින් උපුටාගත් සූත්‍ර පාඨ උපයෝගී කරගනිමින් ධර්මයෙහි වැදගත් අංග එක්තැන් කෙරෙන සර්වග්‍රාහී සැලැස්මක් තුළ බුදුදහම හඳුන්වාදෙන අගනා කෘතියකි.
Rs 175.00
Rs 850.00
Anguttara Nikaya Anthology
මෙම කෘතිය, පොළි සූත්‍ර පිටකයෙන් තෝරාගත්, සූත්‍ර දේශනා 154 ක සංග්‍රහයකින් සමන්විත වේ. බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය විසින් කාණ්ඩ තුනකින් යුක්තව ප්‍රකාශිත, අතිපූජ්‍ය ඤාණපෝණික මාහිමිපාණන් වහන්සේගේ මෙහි මුල් පරිවර්තනය, පූජ්‍ය බෝධි ස්ථවිරයන් වහන්සේ විසින් සංස්කරණය කොට, අදාළ සූත්‍ර දේශනාවන් සඳහා, විස්තරාත්මක සටහනේ ඇතුළත්කොට, මෙම පරිවර්තනය සම්පාදනය කර ඇත.මෙම සංග්‍රහයට, බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ඛෙහෙවින්ම වැදගත්, අතිශයින්ම ආවේශදායි කාලාම සූත්‍රය සහ තවත් බොහෝ දේශනාවන් ද, ගිහි ශ්‍රාවකයින් සඳහා ප්‍රායෝගික අවවාද අනුශාසනාවන්ද අන්තර්ගත වේ.පහසුවෙන් කියවිය හැකි, එහෙත් සුනිශ්චිත මෙම පරිවර්තනය, ථේරවාද ශිෂ්‍යයන්ගේ මෙන් ම, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනීමට කැමති ඕනෑම කෙනෙකුගේ ද, අභිනන්දනයට පොත්‍ර වනු ඇත.
Rs 1,750.00
Bauddha Samajaya Ha Sadacharaya
බෞද්ධ ගිහි විනයෙහි ප්‍රධාන මූලාශ්‍රය වන සිඟාලෝවාද, ව්‍යංග්ඝපජ්ජ, වසල හා පරාභව යන සූත්‍ර ධර්ම පදනම් කොට ගෙන මෙම කෘතිය සම්පාදනය වී ඇත. ඒවායේ දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණය නම් ධර්ම කරුණු ඉදිරිපත් කිරීම සඳහා උපයෝගී කොට ගෙන ඇති සරළ සුගම භාෂා ශෛලියයි. මෙම කෘතිය ගිහි බෞද්ධ ප්‍රතිපදාව හෙවත් බෞද්ධ සමාජ දර්ශනය පිළිබඳව දැනගනු කැමති සාමාන්‍ය පාඨකයා හට පමණක් නොව මෙම විෂය පිළිබඳව විශේෂඥ දැනුමක් ලබනු කැමති විද්‍යාර්ථීන්ට ද එකසේ ප්‍රයෝජනවත් ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,000.00
Adarshawath Jeevithayakata Budu Dahama
ආදර්ශවත් ජිවිතයකට බුදුදහම (සබ්බාසව සූත්‍රය ඇසුරෙන්) යන ධර්ම ග්‍රන්ථය ඉතා සරල බසින් සාමාන්‍ය ජනතාවට ග්‍රහණය කළ හැකි ආකාරයට සම්පාදනය කර ඇත. බුදුරජාණන් වහන්සේ සකල ලෝක සත්ත්වයාගේ යහපත උදෙසා පන්සාළිස් වසක් මුළුල්ලේ දේශනා කළ ධර්ම කාරණා අතර සබ්බාසව සූත්‍රය. පුද්ගලයාගේ මෙලොව මෙන්ම පරලොව යහපත් කර ගැනීමට අදාළ සංවිධානාත්මක මඟ පෙන්වීමක් සිදුකරනු ලබයි. සියලු ආශ්‍රවයන් ප්‍රහීණ කළ යුතු මාර්ගගතඉගැන්වීම සබ්බාසව සූත්‍රය තුළ අන්තර්ගත වේ
Rs 550.00
Maha Sathipattahana Suttraya
'මහාසතිපට්ඨාන සුත්තං මහා සතිපට්ඨාන සූත්‍රය' යන මෙම කෘතිය තුළ මහා සතිපට්ඨාන සූත්‍රය පිළිබදව හැදින්වීමත් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව පිළිබදව ඉතා වටින දහම් කරුණු රාශියක් අන්තර්ගත කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,250.00
Maha Parinirvana Suthragatha Dharma Paryaya
Out-of-Stock
බුදු සමය පිළිබඳ විශිෂ්ට දැනුම් සම්භාරයක් සිය පොතපතින් මෙන්ම චතුර විචිත්‍ර ධර්ම දේශනා මගින් අඩසියවසකටත් වැඩි කාලයක් ලක්දිව මෙන්ම අපරදිග රටවල බෞද්ධ ජනතාවට ඉමහත් සේවයක් කොට ඇති අතිගරු පණ්ඩිත වැයිහේන්නේ පඤ්ඤාලෝක නාහිමියන් විසින් රචිත ග්‍රන්ථයක් හඳුන්වා දීමට උවමනාවක් නො මැත. උන්වහන්සේගේ නම ඇසුණු පමණින් මෙම කෘතියෙහි වටිනාකම ඇගයීමට නො පොහොසත් කෙනෙක් නො මැත.එසේ වුවද ම විසින් මෙම හැඳින්වීම ලියන්නේ මහා පරිනිර්වාණ සූත්‍රයෙන් උපුටා දැක්වෙන සාරධර්ම අපගේ අවධානයට සරල බසින් චිත්තාකර්ශණීය ලෙස යොමු කරලීම ගැන අපගේ ස්තුති පූර්වක කෘතඥතාව පිරිනැමීමට ය. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලයෙහි අවසාන වර්ෂය මෙහි පිළිබිඹු වී ඇත්තේ කරුණා ශාන්ත රස නිපදවාලීමෙනි.උන්වහන්සේ රෝගාතුරව දිගු ගමනය පාද යාත්‍රාවෙන් යෙදී සිටියදීත් අතරමග දී හමුවීමට ආ අයට අනුකම්පාවෙන් ධර්ම දේශනා කළ සේක. වසරක් මුළුල්ලෙහි දේශනා කරන ලද ධර්මය පිඩු කොට දැක්වීමට ග්‍රන්ථ කර්තෘ හිමියන් දක්වා ඇති ශක්තිය මාගේ ප්‍රශංසාවට ලක්වේ.
ආනන්ද ගුරුගේ
බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ තොවාය.
අධ්‍යයන කටයුතු පිළිබඳ හිටපු පීඨාධිපති, අමෙරිකාව, ප්‍රංශය හා යුනෙස්කෝ ආයතනයෙහි හිටපු ශ්‍රී ලංකා තානාපති හා යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ හිටපු ජ්‍යෙෂ්ඨ විශේෂ උපදේශක
ආනන්ද ගුරුගේ
බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ තොවාය.
අධ්‍යයන කටයුතු පිළිබඳ හිටපු පීඨාධිපති, අමෙරිකාව, ප්‍රංශය හා යුනෙස්කෝ ආයතනයෙහි හිටපු ශ්‍රී ලංකා තානාපති හා යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ හිටපු ජ්‍යෙෂ්ඨ විශේෂ උපදේශක
Rs 250.00
Mula Hoyanne Kohomada
වර්තමාන සමාජයේ බුදු දහම විස්තර කෙරෙන ධර්ම ග්‍රන්ථ සුලභ ය. එහෙත් අර්ථාන්විත පදනමකින් ධර්මය විග්‍රහ කෙරෙන ධර්ම ග්‍රන්ථ විරල ය. ඒ සඳහා පිළිතුරක් සොයන්නන් ට මුල සොයන්නේ කොහොම ද? යන ධර්ම ග්‍රන්ථයෙන් පැහැදිලි මඟක් පෙන්වා දෙයි.
සරල සිංහලයෙන් ලියැවී ඇති මෙම ධර්ම ග්‍රන්ථයෙන් ප්‍රාමාණික දැනුම් සම්භාරයක් ලැබෙන අතර අන්තර්ගතයෙහි පෙළ සහ අට්ඨ කථාවේ ඇතුළත් අදහස් පමණක් විග්‍රහ වේ. එය මජ්ඣිම නිකායේ මුල පණ්ණාසකයේ මුල පරියාය සූත්‍රයත් (මනි.1.1.1) එහි අට්ඨ කථාවත් (ම.නි.අ.1.1.1) කියවා බැලීමෙන් පාඨකයාට අවබෝධ කරගත හැකි ය.

Theravadhi Nayaya saha Petakopadesaya
කෘතිය තුළින්...
"දර්ශනයට අනුව පරික්‍ෂා ·කොට පේට කෝප දේසාගතන්‍යායයෙහි සුභාවිතය විමසීමයි. මේ හේතුවෙන්ම ලංකාව සහ දක්‍ෂිණ භාරතය පදනම් කරගත් දක්ෂිණ ථේරවාදී න්‍යායයන් කෙරෙහි පමණක්ම මෙහිදී අවධානය යොමු කළෙමු.
ඒ අනුව ථේරවාදී බෞද්ධ න්‍යායයෝ නම්වූ අපගේ පළමු පරිච්ඡේදයෙහිදී ථේරවාද යන්න මූලිකම අර්ථ විග්‍රහයකට භාජනය කළෙමු. එහිදී තථාගත දේශනාව තුළ ථේරවාද යන්නෙහි භාවිතය මෙන්ම ඒ විෂයෙහි අට්ඨකථාගත නිරුක්තීන් සහ වංසකථාගතථේරවාද යන්නද අපගේ අවධානයට යොමුවිය. තවද, ථේරවාද යන්න භාෂා, දේශාන්තර යන භේදයන් ඔස්සේ උත්තර සහ දක්ෂිණ ලෙසට ද්විවිධ වෙමින් වෙනම සම්ප්‍රදායද්වයක් වෙමින් ගොඩනැගුණු ආකාරයද අපගේ විමසුමට ලක්විය. පශ්චාත්තන මූලාශ්‍රයයන් උපයෝගී කරගනිමින් කෘත එකී සංක්‍ෂිප්තඅධ්‍යයනයෙන් අනතුරුව පාලි භාෂාව මාධ්‍ය වූ දක්‍ෂිණ ථේරවාදී සම්ප්‍රදාය තුළ භාවිත න්‍යාය (නය) ශබ්දයට අනුරූප වූ ප්‍රධාන න්‍යායයන් 07 ක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු කළේ එකී න්‍යාය සප්තකය පෙළ දේශනාවන්හි බහුලවම සුභාවිතහෙයිනි. ඒ අනුව පටිච්චසමුප්පාද, පට්ඨාන, නෙත්ති, මහාපදේස, අපණ්ණක, අගහිතග්ගහණ, මෙණ්ඩක පහ යන න්‍යාය සප්තකය පමණක්ම (සද්දසාරත්ථජාලිනියද ආශ්‍රය කොට ගනිමින්) මෙහිදී විමසුමට බඳුන් කළෙමු.

Rs 350.00
The Chinese Madhyama Agama And The Pali Majjhima Nikaya
Out-of-Stock
In A comparative study of the Chinese Madhyama agama and the Pali Majjhima Nikaya efforts are made to introduce one important section of Sarva Canon, the Madhyama Agama almost in its entirety. The Agama is dealt with very extensively, starting with the composition of the while work in its division into vargas, fasciculi, days of recital of Sutras. It also explains some difference in practices actually followed by the people of some Buddhist countries in modern times.
Rs 2,800.00
Maha Piruvana Poth Wahanse Sarala Basin (A4 Size)
බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ සිටම පිරිත් සජ්ඣායනය බෞද්ධයාගේ ජිවිතයේ කුදු මහත් සෑම කාර්යයක් හා බැඳුණු පිළිවෙතක් විය. භාවනා කිරීම සඳහා වනගත වූ භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව සඳහාත්, විශාලා මහනුවර ඇති වූ තුන් බිය දුරුකිරීම සඳහාත්, සියලු සතුන්ගෙන් සිදුවන උපද්‍රවයන්ගෙන් භික්ෂූන් වහන්සේලාට ආරක්ෂාව සැලසෙනු පිණිසත්, ගිලන් වූ අවස්ථාවන්හි භාවිතය සඳහාත්, අමනුෂ්‍ය කරදර පීඩාවන්ගෙන් ආරක්ෂා වීම සඳහාත්, ජීවිතආරක්ෂාව සඳහාත්, දේශනා කරන ලද බුද්ධ වචනය පිරුවානා පොත් වහන්සේ තුළ සංගෘහිතය.
Rs 1,200.00