Biographies

Sri Deepankara Buddha Charithaya
ශ්‍රී දීපංකර බුද්ධ චරිතය - මෙම බෞද්ධ පර්යේෂණ ග්‍රන්ථය මඟින් ගෙන එන්නේ ශ්‍රී දීපංකර බුද්ධ චරිතයයි. බෞද්ධ පාඨකයට වැදගත් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත්තේ ලීල් අදිකාරී මහතා ය.
Rs 150.00
Samipathithayehi Bauddacharyayo
සමීපාතීතයෙහි බෞද්ධාචාර්යයෝ - අග්ගමහාපණ්ඩිත අම්බලන්ගොඩ පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත ස්වාමීන්ද්‍රයන් විසින් විරචිත චරිතාපදාන මාලාවක තෙවැනි කෘතිය මෙය වේ. 
Rs 708.00
Out-of-Stock
Theravadi Bauddhacharayo
Out-of-Stock
ථෙරවාදී  බෞද්ධාචාර්‍ය්‍යයෝ - අග්ගමහාපණ්ඩිත අම්බලන්ගොඩ පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත ස්වාමීන්ද්‍රයන් විසින් බෞද්ධ ධර්මධරයන් පිළිබඳ ව සම්පාදිත ග්‍රන්ථ මාලාවක දෙවැන්න යි. අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් වැලිවිට සරණංකර හිමියන් තෙක් ථේරවාදි දර්ශනයෙහි අභිවර්ධනය මෙන් ම මෙරට සංඝ ශාසනයේ හා භාෂා සාහිත්‍යයෙහි චිරජීවනය ද උදෙසා කැප වූ ධර්මධර යතිවරයන්ගේත් බුරුම දේශයෙහි ථේරවාදි සම්ප්‍රදායය බැබළවූ යතිවරයන්ගේත් ජීවන ප්‍රවෘත්ති හා ශාසනික-ශාස්ත්‍රීය සේවාව අගයමින් මේ කෘතිය සම්පාදනය වී තිබේ.
Sri Budhdadaththa
 ශ්‍රී බුද්ධදත්ත - ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර කීර්තිය‌ට පත් වූ මහ පඩි රුවනක් බඳු ශ්‍රී බුද්ධදත්ත මහ නාහිමියන්ගේ අනුපමේය ජාතික ආගමික සේවය අගයමින් දේශීය, විදේශිය වියතුන් විසින් පළ කළ ලිපි කිහිපයක එකතුවකින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත. 
Rs 1,003.00
Out-of-Stock
Maithree Sagaraya
Out-of-Stock
මෛත්‍රී සාගරය - මෛත්‍රී සාගරයක් බඳු වූ අප මහා සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් වූ මෛත්‍රී ගුණය පාදක කර ගනිමින්, බුද්ධ චරිතයෙහි එම උතුම් මෛත්‍රී ගුණය ඉස්මතු වන සිද්ධීන් ද ඇතුළත් කරමින් දෙනගම සිරිවර්ධන මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කොට ඇත.
Budunvahanse Saha Shrawakayo
බුදුන්වහන්සේ සහ ශ්‍රාවකයෝ -බුදු සිරිත අළලා ශ්‍රවස්ථි ධම්මික හිමියෝ විසින් රචිත 'The Buddha and his Disciples' නම් කෘතියෙහි ධනපාල ගුණසේකර මහතා විසින් සිදු කළ සිංහල පරිවර්තන කෘතිය මෙයයි. 
Rs 240.00
Out-of-Stock
Ek Reyaka Navathena
Out-of-Stock
එක් රැයක නවාතැන - මෙය ඇමරිකානු ජාතික යෝගාවචර රාහුල හිමියන්ගේ ස්වයං චරිතාපදාන කෘතියෙහි සිංහල පරිවර්තන කෘතියයි.
Sigalakamatha Maha Rahath Theraniya
සිගාලකමාතා මහ රහත් තෙරණිය - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රද්ධා සම්පන්න භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණිය වන 'සීගාලකමාතා' මහරහත් තෙරණියගේ කථාව මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරේ.
Rs 350.00
Dhammadinna Maha Rahath Theraniya
ධම්මදින්නා මහ රහත් තෙරණිය - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මකථීක භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණිය වන 'ධම්මදින්නා' මහරහත් තෙරණියගේ කථාව මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරේ.
Rs 350.00
Out-of-Stock
Uppalavanna Maha Rahath Theraniya
Out-of-Stock
උප්පලවණ්ණා මහ රහත් තෙරණිය - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දෙවැනි අග්‍ර ශ්‍රාවිකාව සහ  ඍද්ධිමත් භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත්, 'උත්පලවන්නා තෙරණිය', 'උපුල්වන් තෙරණිය' යන නම් දෙකෙන් ද ප්‍රකට, මහ රහත් තෙරණිය වන 'උප්පලවණ්ණා' මහරහත් තෙරණියගේ කථාව මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරේ. 
Sundari Nanda Maha Rahath Theraniya
සුන්දරී නන්ද මහ රහත් තෙරණිය - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සොහොයුරිය වූ  ‌ගෞතම බුදුසසුනේ ධ්‍යානයෙහි ඇලුණු  භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ද ලබා ගත්, 'නන්දා', 'රූප නන්දා' යන නම් වලින් ද ප්‍රකට, මහ රහත් තෙරණිය වන 'සුන්දරී නන්දා' මහරහත් තෙරණියගේ කථාව මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරේ. 
Rs 400.00
Out-of-Stock
Pindola Bharadvaja Maha Rahathan Wahanse
Out-of-Stock
පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ - පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුසසුනේ සිංහනාද පවත්වන භික්ෂුන් අතරින් අග්‍රස්ථානය ලබා ගෙණ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අට වැනි ස්ථානයේ වැඩ සිටි රහතන් වහන්සේ යි. මුන් වහන්සේගේ ජීවිත කථාව රසවත් කථා කිහිපයකින් ම සැරසී තිබේ.
Out-of-Stock
Khema Maha Rahath Theraniya
Out-of-Stock
ඛේමා මහ රහත් තෙරණිය - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවිකාව සහ  ප්‍රඥා සම්පන්න භික්ෂුණීන් අතුරින් අග්‍රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණිය වන 'ඛේමා' මහරහත් තෙරණියගේ කථාව මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කෙරේ. 
Chunda Maha Rahathan Wahanse
චුන්ද මහ රහතන් වහන්සේ - ගෞතම බුද්ධ ශාසනයේ අසූ මහා ශ්‍රාවයන් වහන්සේලා අතරින් හතළිස් අට වැනි ස්ථානය හිමි චුන්ද මහ රහතන් වහන්සේ පිළිබඳ ව මෙම ග්‍රන්ථයෙන් විස්තර කෙරේ. මෙහි හැකි තරම් දුරට යොදා ගෙන ඇත්තේ විනය පිටකයෙත් සූත්‍ර පිටකයෙත් තදනුගත අට්ඨකථාවලත් තැනින් තැන විසිරී පවතින උන්වහන්සේගේ චරිතය වටා සම්බන්ධ කතා පුවත් ය.
Rs 250.00
Out-of-Stock
Uruvela Kashyapa Maha Rahathan Wahanse
Out-of-Stock
උරුවේල කාශ්‍යප මහ රහතන් වහන්සේ - උරුවේල කාශ්‍යප මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුසසුනේ මහත් වූ පිරිවර ඇති භික්ෂුන් අතරින් අග්‍රස්ථානය ලබා ගත් අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් තිස් එක් වන ස්ථානයේ වැඩ සිටි රහතන් වහන්සේ යි. මෙහි හැකි තරම් දුරට යොදා ගෙන ඇත්තේ විනය පිටකයෙත් සූත්‍ර පිටකයෙත් තදනුගත අට්ඨකථාවලත් තැනින් තැන විසිරී පවතින උන්වහන්සේගේ චරිතය වටා සම්බන්ධ කතා පුවත් ය.
Seevalee Maha Rahathan Wahanse
 සීවලී මහ රහතන් වහන්සේ - අප මහා ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුදුසසුනේ සිටි මහ රහතන් වහන්සේ නමක් වූ සීවලී මහරහතන් වහන්සේ පිළිබඳ ව මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ.
Rs 600.00
Radha Maha Rahathan Wahanse
රාධ මහ රහතන් වහන්සේ - රාධ මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදු සසුනේ පටිභානෙය්‍යක භික්ෂූන් ගෙන් අග්‍රස්ථානය ලබා ගෙන බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර හතළිස් වැනි ස්ථානයේ වැඩ සි‌ටින මහ රහතන් වහන්සේ ය. මෙහි "පටිභානෙය්‍යක" යනු "බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය විවිධ නය ක්‍රමයන් ගෙන් ඉතා ඉක්මණින් වටහා ගැනීමේ හැකියාව ඇති" යන්න යි. එම හැකියාව ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබා ගත්‌තේ මෙ රාධ මහ රහතන් වහන්සේ ය.
Rs 300.00
Pilindivachcha Maha Rahathan Wahanse
පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ - පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදු සසුනේ දෙවියන්ට ප්‍රියමනාප වූ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබා ගෙන අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර විසිහය වැනි ස්ථානයේ වැඩ සිටින රහතන් වහන්සේ යි. උන්වහන්සේ පිළිබඳ ව මෙම ග්‍රන්ථයේ සාකච්ඡාව‌ට ලක් වේ.
Rs 200.00
Angulimala Maha Rahathn Wahanse
අංගුලිමාල මහ රහතන් වහන්සේ - අංගුලිමාල මහ තෙරුන් වහන්සේ ගෞතම බුදු සසුනේ විශේෂ අග්‍රස්ථානයක් ලැබූ තෙරුන්වහන්සේ නමක් නොවෙයි. නමුත් බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයින් අතරින් එක් නමකි. අසූ මහා ශ්‍රාවක නාම ලේඛනයේ මුන් වහන්සේගේ නම හැත්තෑහය වන ස්ථානයේ සඳහන් ය. "ගර්මගමන්තානීපුත්ත" යන නමින් ද හඳුන්වන උන්වහන්සේ පිළිබඳ තොරතුරු මෙම ධර්‍ම ග්‍රන්ථයේ සඳහන් වේ.
Rs 550.00
Sunaparantha Punna Maha Rahathn Wahanse
සුනාපරත්න පුණ්ණ මහ රහතන් වහන්සේ - සුනාපරත්න පුණ්ණ මහ රහතන් වහන්සේ බුදුන් වහන්සේ වෙතින් අග්‍රස්ථාන ලබා ගත් මහ රහතන් වහන්සේ නමක් නොවන මුත් ඉතා ප්‍රකට මහා ශ්‍රාවකයන් වහන්සේ නමකි. උන්වහන්සේ පිළිබඳ තොරතුරු මෙම ධර්‍ම ග්‍රන්ථයේ සඳහන් වේ.
Rs 150.00
Rattapala Maha Rahathn Wahanse
රට්ඨපාල මහ රහතන් වහන්සේ - රට්ඨපාල මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදු සසුනේ ශ්‍රද්ධාවෙන් පැවදි වූ භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබා ගෙන අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර විසිඑක් වැනි ස්ථානයේ වැඩ සිටින රහතන් වහන්සේ යි. උන්වහන්සේ පිළිබඳ ව මෙම ග්‍රන්ථයේ සාකච්ඡාව‌ට ලක් වේ.
Rs 350.00
Puthigaththathissa Maha Rahathan Wahanse
පූතිගත්තතිස්ස මහ රහතන් වහන්සේ - පූතිගත්තතිස්ස මහ රහතන් වහන්සේ ගෞතම බුදු සසුනේ අසූ මහා ශ්‍රාවකයින් වහන්සේලා අතරට අයිති නොවන මුත් බුදුසසුනේ ඉතා ප්‍රකට මහරහතන් වහන්සේ නමකි. උන්වහන්සේ පිළිබඳ ව මෙම ධර්‍ම ග්‍රන්ථයේ විස්තර  ලක් වේ.
Rs 180.00
Soreyya Maha Rahathan Wahanse
සෝරෙය්‍ය මහ රහතන් වහන්සේ - සෝරෙය්‍ය මහ රහතන් වහන්සේ ගෞතම බුදු සසුනේ අසූ මහා ශ්‍රාවකයින් වහන්සේලා අතරට අයිති නොවන මුත් බුදුසසුනේ ඉතා ප්‍රකට මහරහතන් වහන්සේ නමකි. උන්වහන්සේ පිළිබඳ ව මෙම ධර්‍ම ග්‍රන්ථයේ විස්තර  ලක් වේ.
Rs 180.00