Rs 603.00
Rs 670.00
-10%
Biographies
There are 330 products.
Navalokaya Wama Sannivedanaye Poojya Udakandavala Siri Saranankara Himi Bhumikava
Out-of-Stock
නවලෝකය වාම සන්නිවේදනයේ පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකකර හිමි භූමිකාව
Rs 405.00
Rs 450.00
Jambuka Maha Rahathan Wahanse
ජම්බුක මහ රහතන් වහන්සේ - මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ "ජම්බුක" නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි.
Rs 198.00
Rs 220.00
Bharadvajagoththa Maha Rahathan Wahanse
භාරද්වාජගොත්ත මහා රහතන් වහන්සේ - මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ "භාරද්වාජගොත්ත" නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි.
Rs 162.00
Rs 180.00
Naluwala ananda nahimi
Out-of-Stock
රොඩ්නි විදානපතිරණ මහතා විසින් රචිත 'නළුවෙල ආනන්ද නාහිමි' නමැති මෙම චරිතා ප්‍රධාන කෘථිය මගින් නළුවෙල ආනන්ද නාහිමියන් වහන්සේ විසින් ඉන්දියාවේ විශේෂයෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අප මහා තතාගතයන් වහන්සේ වන අමා මෑනී බුදු පියාණන් වහන්සේ දේශනා කරණ ලද ඒ සුමදුරු දහම ප්‍රචාරනය කළ අයුරුත් එම ධර්මප්‍රචාරණයේ දී ආනන්ද මාහිමියන් විසින් කළ කැපකිරීමත් එසේම උන්වහන්සේ විසින් ශ්‍රී ලංකාකිය දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට කල කැපකිරීමත් පාඨකයා හට බුද්ධලම්බන ප්‍රීතියෙන් යුතුව රස විදීමට රචකයා විසින් ඉඩ ප්‍රස්තාව වෙන් කර දී ඇත
Rs 675.00
Rs 750.00
Marie Curie
ලොව මාරි කියුරි හදුනා ගන්නේ රේඩියම් සොයා ගත් විද්‍යඥවරිය ලෙසිනි. රේඩියම් සොයාගැනීම විද්‍යාවේ එතෙක් පැවති නිමි වළලු ඉමහත් සේ පුළුල් කිරීමකි. මෙතෙක් නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගත නොහැකිව ඇති පිළිකා රෝගය සමහර තත්වයන් යටතේ සුව කිරීමටත් පාලනය කිරීමටත් රේඩියම් ප්‍රතිකාර ක්‍රමයක් බිහි වුයේ එම සොයා ගැනීම නිසාය. ඒ මාරි කියුරි නම් ශ්‍රේෂ්ඨ විද්‍යඥවරිය මානව වර්ගයාට කළ මහගු දයාදයකි.
Rs 720.00
Rs 800.00
Suneetha Maha Rahathan Wahanse
මෙම ග්‍රන්ථයෙන් විස්තර වන්නේ සුනීත මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. උන් වහන්සේ ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවුව ද ගෞතම බුදුසසුන තුළ අතිශයින්ම ප්‍රකට මහ රහතන් වහන්සේ නමකි.
Rs 180.00
Rs 200.00
Journey to Mindfulness
Out-of-Stock
Bhante Gunaratana - Bhante G., as he is affectionately called - has long been among the most beloved Buddhist teachers in the West. Ordained at twelve, he would eventually become the first Buddhist chaplain at an American university, the founder of a retreat center and monastery, and a bestselling author. Here, Bhante G. lays bare the often-surprising ups and downs of his seventy-five years, from his boyhood in Sri Lanka to his decades of sharing the insights of the Buddha, telling his story with the "plain-English" approach for which he is so renowned.
Rs 5,600.00
Ma dutu j krishnamurthi
කර්තෘ ගෙන්...
මෙහි ඇතුළත් ක්‍රිෂ්ණ මූර්තිගේ ජීවිතය පිළිබඳ තොරතුරු තුළ ගැඹුරු සැඟවුණු දාර්ශනික අර්ථ ඇත. එතුමා සම්බන්ධයෙන් තේරුම් ගැනීමට දුෂ්කර පැතිකඩ අවබෝධ කර ගැනීමට ඒවා උපකාර විය හැක. එතුමා විහිළුවට කියන දේ හෝ ඉඳහිට කියන දේ කෙරෙන් පවා එතුමාගේ "අනික් ස්වභාවය " එනම් මමංකාරය ඉක්මවා පවතින අධ්‍යාත්මික නිශ්චල තලය පිළිඹිඹු වන බැවින්, ඒ වදන් පවා අපේ සැලකිල්ලට යොමු විය යුතු යැයි මම සිතමි.

Rs 396.00
Rs 440.00
Gauthama Budun Wahansege Dinapotha
කතෘගෙන්...
බුද්ධ චරිතයේ බොහෝ දෙනෙක් දන්නා සුලභ සුප්‍රසිද්ධ සිදුවීම් මෙම බුද්ධ චරිත කථා පොත්වල පෙල ගස්වා ඇති අතර සූත්‍ර පිටකය සහ විනය පිටකය පුරා උන්වහන්සේ දේශනා කර ඇති ධර්මය සහ විනය කැටිකොට දක්වා ඇති එක් ග්‍රන්ථයක් සොයා ගැනීමට නැත. බුදුන් වහන්සේ ගේ වසර 45ක දේශනාවන්, හමු වූ පුද්ගලයින්, චාරිකා කළ ප්‍රදේශ සහ ස්ථාන සහ සිදු වූ තදනු බද්ධ සිදුවීම් එකම ග්‍රන්ථයකින් කියවා තේරුම් ගැනීමට පාඨකයාට අවස්ථාවක් සලසාදීමත්, ගෞතම බුදුන්වහන්සේ වසර 45 ක කාලය තුල දවස් ගත කළ ආකාරය දින පොතක් ලෙස සකස් කර ඉදිරිපත් කිරීමත් මෙම ග්‍රන්ථය රචනා කිරීමේ පරමාර්ථය යි. මෙමගින් පාඨකයාට බුදු සිරිත මැනවින් වටහා ගැනීමටත් සමස්ත බුද්ධ දේශනාවම අතැඹුලක් සේ කියවා රස විඳ දහම අවබෝධ කර ගැනීමටත් මග පෑදෙනු ඇත.

Rs 2,070.00
Rs 2,300.00
Dhayana Wadu Munivaru
කතෘගෙන්...
මහා ඝන වනාන්තර වල, කඳු හා ගල් ගුහා තුළ උන්වහන්සේලා වැඩ සිටියේ පියාපත් බර පමණක් ඇති කුරුල්ලන් මෙනි.රුක් මුල්, සොහොන් බිම්, පිදුරු කුටි, ලෙන් හා එළිමහන් භූමියෙහි උන්වහන්සේලා බවුන් වැඩුයේ හුදෙකලා සෘෂිවරුන් මෙනි. යම් සේ සමන් මල් වැල මැලවී ගිය මල් බිම හෙලයිද එමෙන්ම රාගය ද ද්වේෂය ද මුදා හල උන්වහන්සේලා නික්ලේශී ආධ්‍යාත්මික මුනිවරු වෙති.

Uggasena Maha Rahathan Wahanse
කතෘගෙන්...
"මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ "උග්ගසේන" නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුත් වහන්සේ ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ ප්‍රකට මහ රහතන් වහන්සේ නමකි. ඒත් බොහෝ සැදැහැතියන් මුත් වහන්සේ ගේ චරිත කථාව කෙසේ වෙතත් මුන් වහන්සේ ගේ නම වත් අසා ඇති බවක් නොපෙනේ. උග්ගසේන මහ රහතන් වහන්සේ ගේ චරිතකථාව විසිතුරු ය. මේ ශුද්ධ වූ චරිතයෙන් අපට වැදගත් වූ පණිවිඩ කිහිපයක් ද ගෙන දෙයි."උග්ගසේන" යනු ධනවත් සිටු පවුලකට අයත් තරුණයෙකි. ඔහු සුරූපී තරුකා නාටක ස්ත්‍රියක් දැක ඇයට වසඟ වී ඇය පතා අවසානයේ ඇය ලබා ගෙ දරුවෙකුත් හදා ඇගෙන් ආදරය හොලැබ බොහෝ නින්දා අපහාස ලැබ පසුව ඇගේ සිත ගැනීමට ත් ඇයට පාඩමක් ඉගැන්වීමට ත් සිතා ඇයට වඩා දක්ෂ ලෙසිත් ශිල්ප හදාරා අවසානයේ බුදු පිහිට ලැබ මේ ඝෝරි භයංකාර සසරින් එතෙර විය.මෙයින් පැහැදිලිව ම පෙනී යන්නේ ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකු ගේ විනෝදාංශ, රැකියාව, ගිහි ජීවිතයේ ලෞකික ස්වරූපය ආදී මෙකී සාධක බල තොපාන බවයි. පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පුර්ණ නම් තථාගත සද්ධර්මය හමු වූ කල ධර්මය අවබෝධ කළ හැකි බවයි."

Siw maha raja charithaya
කතෘගෙන්...
"ජාතක පොත් වහන්සේ තුළ අන්තර්ගත සෑම ජාතක කථාවක් ම ඉතා රමණීය වේ. විචිත්‍ර වේ. ඒවා එකකට එකක් වෙනස් ය. එම කථා පුවත් අප සැම ගේ පිවිතසාර්ථක කර ගැනීම සඳහා නොයෙක් අයුරින් දායක වේ. මේ ජාතක කථා අතර සුවිශේෂී බෝධි සත්ව චරිත කථා කිහිපයක් ම දක්නට ලැබේ. එම බෝධි සත්ව චරිතකථා නිසි පරිදි අප රටේ වර්තමාන සමාජයේ අපේ සැදැහැතියන් අතරට නොයෑම මහත් වූ පාඩුවකි. තවද එම බෝධි සත්ව චරිත වෙන් වෙන් වශයෙන් ගෙණ සරල සිංහල බස් වහරකින් සම්පාදිත ග්‍රන්ථ ද අප රටේ දක්නට නැත. පැවතිය ද අතිශයින් ම ස්වල්පයකි.
කරුණු මෙසේ පවතින බැවින් අප හට හැකි අයුරින් ජාතක පොත් වහන්සේ තුළ දක්නට ඇති ප්‍රකට බෝධි සත්ව චරිත කථා වලින් සිව්, කපි, ඡද්දන්ත, වෙස්සන්තර, මඛාදේව ආදී ප්‍රමුඛ චරිත කථා කිහිපයක් හෝ ගෙණ වෙත වෙන ම කුඩා ග්‍රන්ථ වශයෙන් සම්පාදනය කිරීමට සිතක් පහළ විය. මේ එහි පළමු පියවරයි. ඉඩකඩ ලැබෙන ආකාරයට අනෙක් බෝධි සත්ව චරිත කථා ග්‍රන්ථ ද අනුක්‍රමයෙන් සම්පාදනය කර අපේ සැදැහැතියන් අතට පත් කිරීමට බලාපොරොත්තු වෙමි.

Rs 315.00
Rs 350.00
Losakathissa Maha Rahathan Wahanse
මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුත් වහන්සේ ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවුවද ගෞතම බුදුසසුන තුළ අතිශයින් ම ප්‍රකට මහ රහතන් වහන්සේ නමකි. මේ ගොතම සම්මා සම්බුද්ධ ශාසනයේ සිව්පසලාභී භික්‍ෂූන් වහන්සේලා සැලකීමේ දී සීවලී මහ රහතන් වහන්සේ බෞද්ධ සෑම දෙනා අතර ත් අබෞද්ධ බොහෝ දෙනා අතර ත් හිරු සදු මෙන් අතිශයින් ම ප්‍රකට ය. එසේ ම මේ ගෞතම බුදු සසුන තුළ කිසිදු ලාභී බවක් නොමැති සිව්පසය අන්තයට ම පිරිහී ගිය භික්ෂූන් අතර මේ ලෝසකතිස්ස මහ රහතන් වහන්සේ ඉතා ප්‍රකට ය. මේ මහා මුතිවරයන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිතයෙන් අපට අතිශයින් ම වැදගත් වූ පණිවිඩයක් ගෙණ දෙයි. එනම්, ධර්මාවබෝධය සඳහා පුද්ගලයෙකුගේ බාහිර පෙනුම, සමේ පාට, පිට ඔපය, පැහැපත් බව, ධනවත් වීම, භව භෝග සම්පත් වලින් පිරිපුන් වීම ආදී කරුණු බල තොපාත බවයි. අන්ත අසරණ වී කාත් කවුරුවත් නොමැති ව මහ මග හිගා කන මට්ටමට ඇද වැටුණ ද ලෞකික සැප විඳීමට කිසි පිනක් තොමැති වුව ද එය ධර්මාවබෝධය සඳහා බල නොපාත බවයි. පුරන ලද පාරමිතා සහිතනම් පින සම්පූර්ණ නම් ප්‍රඥාව සහිත නම් ඔහු කවර තත්වයේ සිටිය ද තථාගතසද්ධර්මය හමු වූ කල ධර්මය අවබෝධ කළ හැකි බවයි."
Rs 225.00
Rs 250.00
Athipujya Wasakaduve Sri Subhuthi Svamindra Charithaya
"මෑත කාලීන ඉතිහාසයේ ලක්දිව සම්බුද්ධ ශාසනය බැබළවීමට මුල් වී ක්‍රියා කළ මහ තෙරුන් වහන්සේලා ගේ චරිත කථා පිළිබඳ ව අපේ සැදැහැතියන් ගේ දැනීම ඉතා අල්ප බව ඔවුන් හා කථා බස් කිරීමේ දී පෙනී ගියේය. බොහෝ දෙනා චරිත කථාව කෙසේ වෙතත් ඇතැම් මහ තෙරුන් වහන්සේලා ගේ නම වත් අසා නැත. එම මහ තෙරුන් වහන්සේලා ගේ චරිත කථා මේ ලක් දෙරණින් අතුරුදහන් වී යෑමට අවශ්‍ය සකලාංගයන් ම දැන් සම්පූර්ණ වී තිබේ.කරුණු මෙසේ පවතින බැවින් මෑත කාලයේ ලක්දිව බුදු සසුන බැබළවීමට මුල් වී ක්‍රියා කළ ඒ මහ තෙරුන් වහන්සේලා කිහිප නමක ගේ හෝ චරිත කථා වෙන වෙන ම ගෙණ "අසූ මහා ශ්‍රාවක, ශ්‍රාවිකා චරිත කථා" පොත් පෙළ මෙන් කුඩා ග්‍රන්ථ වශයෙන් සකස් කිරීමට සිතක් පහළ විය. මේ එහි පස් වැනි පියවරයි.
Rs 855.00
Rs 950.00
Sappadasa maha rahathan wahanse
කතුවරයාගෙන්
"සප්පදාස මහ රහතන් වහන්සේ” නම් වූ මේ ග්‍රන්ථය මා විසින් සම්පාදනය කර ගෙණ යනු ලබන අසූ මහා ශ්‍රාවක චරිත කථා ග්‍රන්ථ මාලාවට අයත් නොවන "මහා ශ්‍රාවක චරිත කථා” ග්‍රන්ථ මාලාවේ නව වැනි කෘතිය යි.
"සප්පදාස මහ රහතන් වහන්සේ” නම් වූ මේ ග්‍රන්ථය මා විසින් සම්පාදනය කර ගෙණ යනු ලබන අසූ මහා ශ්‍රාවක චරිත කථා ග්‍රන්ථ මාලාවට අයත් නොවන "මහා ශ්‍රාවක චරිත කථා” ග්‍රන්ථ මාලාවේ නව වැනි කෘතිය යි.
Rs 180.00
Rs 200.00
Himalayanu Yogi Swami Ramage Nila Charithapadanaya 3
මෙම කෘතිය පණ්ඩිත් රාජ්මනී ටිගුනායිට් විසින් රචිත 'The Official Biography of Swami Rama of the Himalayas' කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයේ අවසන් කොටස වන අතර බටහිර විමතියට පත් කළ හිමාලයානු යෝගී ස්වාමී රාමා තුමාගේ චරිතාපදානය මෙම කෘතිය තුළ අන්තර් ගත වේ.
Rs 765.00
Rs 850.00
Himalayanu Yogi Swami Ramage Nila Charithapadanaya 1
පරිවර්තකගෙන්
මේ වනාහි බටහිර මවිතයෙන් මවිතයට පත් කළ "හෝලේ බාබා" යන සුරතල් නාමයෙන් හැඳින් වූ හිමාලයානු මහා යෝගී ස්වාමි රාමාගේ නිල චරිතාපදායයි. මෙය ස්වාමි රාමා විසින්ම තම අභිමතය පරිදි තෝරා ගන්නා ලද ගෝලයෙකු වූ ආචාර්ය පණ්ඩිත් රාජ්මනී ටිගුනයිට් විසින් ලියවන ලද The Of-ficial Biography of Swami Rama of the Himalayas කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයේ ප්‍රථම කොටසයි.

Rs 540.00
Rs 600.00
Himalayanu Yogi Swami Ramage Charithapadana 2
පරිවර්තකගෙන්
මේ වනාහි පණ්ඩිත් රාජ්මනි ටිගුනායිට් විසින් ලියන ලද විවිධ යෝග දක්ෂතා තුළින් බටහිර මවිත කළ යෝගී ස්වාමි රාමාගේ පුර්ණ චරිතාපදානය රැගත් The Official Biography of Swami Rama of the Himalayas කෘතියේ අසංක්ෂිප්තපරිවර්තනයේ දෙවැනි කොටසයි.

Ana Guna Saha Bana
අපේ කාලයේ බෝසත් වර්ගයක් පිළිබඳ සජිව් ආදර්ශය ආචාර්ය පුජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමි තුළින් දකිමි. අනිර්වචනීය වූ කැපවීම් සමූහයක ප්‍රතිඵල ලෙස උන්වහන්සේ ගොඩනගා ගත් ව්‍යක්ත විශාරද බහුශාතපෞරුෂවත් ථේරාපදානය නූතනයට මෙන්ම අනාගත සඟ පරපුරට ද අභිමානවත් පූර්වාදර්ශයක් සපයයි.උන්වහන්සේගේ ජාතික හා සාමාජික මෙහෙවර විමසු කල පැහැදිලිව පෙනී යන්නේ පූර්ව ළමා වියේ සිට මිනිස් දිවියේ විවිධ ස්ථරයන්ට සහ බොහෝ දෙනාගේ නෙතනොගැටෙන සමාජ කොටස් දෙසට ද තම කාරුණික අවධානය අභීත අයුරින් සක්‍රීය කොට ඇති බව ය.ගුණ නැණ එඩි බල සපිරි නූතන තාක්ෂණික ලෝකය ද ජයගත හැකි, දෑ සමයට හිතැති අනාගත පරපුරක් ගොඩනැඟීම පිණිස ඕමල්පේ නාහිමියන් දිවා රෑ සිදු කරන කැපවීමට ජාතිය ම ණය ගැති ය."විසාරදෝව උපසංකමිති" යන බුදු වදනට ද අනුගතව දේශීය ට හෝ විදේශීයට හෝ උන්වහන්සේ වැඩම කළ හැම තැනකදී ම සභා මැද, සඟ මැද විශාරද බවත් සෝභමාන ය. උස් තැන් දැක හැකිලෙන සහ මිටි තැන් දැක පිම්බෙන අපේ බොහෝ නායක කාරකාදීන් වෙතින් දක්නා ලැබෙන දුබලතාව. ප්‍රබලතාවක් ලෙසින් සැලකෙන සමාජයක ඕමල්පේ නා හිමියන් ගේ වැනි වරිතයකට හිසි ගෞරව හා තනතුරු ලැබීම අපේක්ෂා කළ නොහැක්කක් ය යන්න ද මෙතෙක් සිදුව ඇති දෙයින් පැහැදිලි ව පෙනී සහ සත්‍යයයි.කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාත්, හෙරණ දරුවාගේ සිට මහතෙර නමක දක්වාත් වූ සැම අයෙකු වෙත මහාහිමියන්ගේ උජු සුජු වර්වාංගයන් සුපැහැදිලි ඔවාදයක් ම සපයයි.විශ්ව කීර්තිධර ඕමල්පේ සෝගිත තාඔුපාණෝ සාසනාභිමානීය හ. දේශභිතෛෂිය හ. කීර්ති ප්‍රශංසා නොවිමසා තම යුතුකම හා වගකීම් වෙනුවෙන් අවැසි හැම මොහොතකම පෙනී සිටින්නහු ය. සංඝ සමාජයේත්, පොදු ජන සමාජයෙත් යහපැවැත්ම වෙනුවෙන්ම කැප වූ ඒ පරමාදර්ශී ජිවන වෘත්තාන්තය පිළිබඳ අනුල්ලඝහිය සාධකය වශයෙන් "අසා ගුණ සහ සා" කෘතිය සාධු ජන සම්භාවනාවට මැතවත් ම පාත්‍ර වනු ඇත.
මැලේසියාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍යතර බූටාවත්තේ සරණංකර නාහිමි
මැලේසියාවේ ප්‍රධාන සංඝනායක පුජ්‍යතර බූටාවත්තේ සරණංකර නාහිමි
Rs 1,080.00
Rs 1,200.00
Dam Senevi
Out-of-Stock
මෙම කෘතිය සාරිපුත්ත මහා රහතන් වහන්සේගේ චරිත කතාවේ සදහන් තොරතුරු ඇසුරින් සකසන ලද සාහිත්‍ය නිර්මාණයකි. ඉතා දුලභව පවතින මූලාශ්‍ර පරිශීලනය කරමින් මෙම ග්‍රන්ථය සකසන ලදමුත්, ඇතැම් කරුණු අඩංගු කිරීමේ දී එකී කරුණු වල ඓතිහාසික නිරවද්‍යතාවයට වඩා උන්වහන්සේගේ අසිරිමත් ජීවිත කතාව පාඨකයාට සංවේදී ලෙසින් සමීප කරලීම කෙරෙහි රචකයා විසින් ගෙන ඇති උත්සාහය විශේෂ අතර මහා මුනි ජිනේන්ද්‍රසීහයන් වහන්සේගේ ළය මඬලෙහි උපන් ජ්‍යේෂ්ඨ පුත්‍ර වූ දම් සෙනෙවි සාරිපුත්ත මහ රහතන් වහන්සේ නම් වූ ස්වර්ණමය කඳු මුදුනින් පැන නැංගා වූ ඒ මහා ගුණ ගංගාව, සකල ලෝකවාසී සියලු සත්ත්වයන්ගේ සිත් සාරධර්මයන්ගෙන් පුරවාලමින්, කෘතිය පරිශීලනය කරන සියලු පාඨකයන් හට මහා ගුණ කදම්බයක් වනු නොඅනුමානය.
Rs 1,620.00
Rs 1,800.00
Sasunabara Guru Tharuwa Balangoda Hamuduruwoo
පාඨක සිත්හි සැදැහැ වඩමින් සසුන ඹරේ පෑයූ ගුරු තරුවක ප‍්‍රභාවය කෘතිය පුරා විහිදී යයි.
Rs 720.00
Rs 800.00
Wanniyalaththo
Out-of-Stock
වනපෙත පරම්පරා උරුමයයි. මහකැලය ජීවන අඩවියයි. දඩමං - අලිමං - උරමං සේම, අධිමං දිගේ සැරිසරනුයේ සහජිවන සබැඳියාවෙනි. වනපෙත සතා සිව්පාවා හා සොබාදහමේ අස්පර්ශය සංස්කෘතික සම්ප්‍රදායට ඔව්හු පරම්පරා ලේ උරුමයෙන් උරුමක්කරුවෝ වෙති. ඌරුවරිගෙ වන්නිය ලැත්තෝ බිහිවන්නේ ආදිවාසී සියලු ජන සම්මුතීන් හා නායකත්ව ජන්ම ලාභය උත්පත්තියෙන් කරපින්නා ගෙන ය. ආදිවාසී පරම්පරා උරුම සුරැකීම සිය සනුහරේ ඇත්තන්ගේ ජීවන සුරක්ෂාව වත්මන් නායක වගකීම් අතර ප්‍රධානය. වනදිවියේ සිරිත් විරිත්, වත්පිළිවෙත්, කිලි, තහංචි, ජනවිශ්වාස, ඇදහිලි හා ජනසම්මුතීන් ඉදිරියට පවත්වා ගෙන යෑමේ අභියෝග වන්නිය ලැත්තෝ සතු ප්‍රධාන වගකීමකි.
"වන්නියලැත්තෝ" චරිතාපදානය සම්මානිත ලේඛක ජනශ්‍රැතිවේදී ගුණසේකර ගුණසෝම සාකච්ඡා ඇසුරෙන් ප්‍රබන්ධිත මානව පුස්තක වියමනකි. එමඟින් ආදිවාසී උරුමයන් ලේඛනාරූඪ කර මතු පරපුර උදෙසා සුරක්ෂා කර තිබේ. කොටස් පොජ්ජ දාසයකින් අන්තර්ගතය සමන්විත මේ චරිතාපදානය යනු: ආදිවාසි සියලු ජනශ්‍රැති එක මිටකට කැටිකර වැදි වහර හා සිංහල ගද්‍ය ශෛලීය කදිමට ඈඳාගත් චරිතාපදානයකි. එහෙයින් වන්නියලැත්තෝ' චරිතාපදානය වූ කලී, ආදිවාසි ජනශ්‍රැති, වාග්ග්විද්‍යා, සංස්කෘතික මානව විද්‍යා, පරිසරවිද්‍යා, ජීව විද්‍යා, ශාකවිද්‍යා, වෛද්‍ය මානවවිද්‍යා, සෞඛ්‍ය විද්‍යා, සොබාදම් විද්‍යා, මෘදු කුසලතා සංවර්ධන විද්‍යා, අස්පර්ශනීය සංස්කෘති උරුම පමණක් නොව ඉතිහාස මුලාශ්‍ර ආදී අධ්‍යයන විෂය මූල රැසක එකතුවකි. එහෙයින් වන්නියලැත්තෝ' චරිතාපදානය සිරිලක ආදිවාසි විශ්ව කෝෂයකි.
මහින්ද කුමාර දළුපොත
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

Rs 2,250.00
Rs 2,500.00
Srimath Walisingha Harishchandra Charithaya
කතුවරයාගෙන්...
මේ කුඩා පොතේ අන්තර්ගත වන්නේ බෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා ගේ චරිත කථාව යි. මෙය සම්පූර්ණ චරිත කථාව නොව එතුමා ගේ චරිත ය පිළිබඳ ව දැන ගත යුතු මූලික කරුණු ස්වල්පයක් බව දතයුතු ය. මෙතුමා ගෙන් සිංහල ජාතියට හා සම්බුද්ධ ශාසනයට සිදු වූ සේවාව අතිමහත් ය.
අනුරාධපුර ශුද්ධ නුවර පිහිටි සිද්ධස්ථාන හා මිහින්තලා පුදබිම මිසදිටුවන් ගෙන් බේරා දීමට මුල් වී ක්‍රියා කළේ මෙතුමා ය. නාරන්විට සුමනසාර හිමියන් හා එක් වී මහා සෑයේ සංවර්ධන කටයුතු සඳහා මහත් වූ සේවාවක් සිදු කළේය. මෙතුමා ජීවත් වූයේ වසර තිස්හයක් වැනි කෙටි කාලයකි. ඒත් ඒ කෙටි කාලය තුළ දී රට පුරා යමින් සිදු කළ දේශනා ගණන අතිමහත් ය. දහස් ගණනකි. ග්‍රන්ථ දහ තුනක් ද සම්පාදනය කළේය. බුදු සසුන වෙනුවෙන් මුළු ජීවිතය ම කැප කළේය. ඒත් මේ තොරතුරු කිසිවක් මේ කාලයේ සිටින බහුතරයක් දෙනා නොදනිති. දැන ගැනීමට මගක් ද නැත.කරුණු මෙසේ පවතින බැවින් ' ශ්‍රීමත් බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍ර චර්තය' නම් වූ මේ කුඩා පොත සම්පාදනය කළෙමි. මේ පොත මුල සිට අග දක්වා කියැවීමෙන් ශ්‍රීමත් බ්‍රහ්මචාරි වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා පිළිබඳ ප්‍රමාණවත් අදහසක් ලබා ගැනීමට හැකිවනු ඇතැ'යි සිතමි.

Rs 360.00
Rs 400.00
Yuropiya chinthanaya bauddha punarudaya ha olkot
Out-of-Stock
යුරෝපීය චින්තනය. බෞද්ධ පුනරුදය හා ඔල්කොට් නම් වූ මෙම කෘතිය ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ ජීවිත කථාවත්, එතුමා ගෙන් ලංකාවේ බෞද්ධ පුනරුදයට හා විශේෂයෙන් බෞද්ධ අධ්‍යාපනයට සිදු වු සුවිශේෂ මෙහෙවරත් සම්බන්ධයෙන් හැදෑරීමට ඇති ඉතා සාර්ථක නිබන්දයක් වන අතර ඊට හේතුව කතුවරයා යොදා ගෙන ඇති තුන්කොන් දෘෂ්ටි කෝණයයි; එනම් යුරෝපීය පසුබිම. බෞද්ධ පුනරුදය හා ඕල්කට් තුමාගේ භූමිකාවය. ඉතා වැදගත් මේ පුස්තුතය දෙස බලන මෙම අපූර්ව දෘෂ්ටි කෝණය කෘතියට නැවුම් බවක් එක් කිරීමට සමත් වී ඇත. බුද්ධි ප්‍රබෝධයකට, රස වින්දනයකට මෙන් ම ජාති හිතෛෂි භාවයකට පාඨකයා රැගෙන යන අපූර්ව කෘතියක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකිය.
Rs 1,008.00
Rs 1,120.00
Shreshta Charitha - 4
ඉතිහාසයෙහි තම නම සටහන් කරමින් ඉතිහාසය ගොඩ නැගීමට මෙන්ම සමාජය නව මං කරා පිවිසවීමට, එය වෙනස් කිරීමට මූලික මෙහෙයක් ඉටු කළ පුද්ගලයන්ගේ චරිත වලින් අපට ලබා ගැනීමට හැකි ආදර්ශ බොහෝ ය. මෙම මෙහෙවර ඉටු කිරීමෙදි ඔවුන්ට මුහුණ පෑමට සිදු වූ ගැටළු. ඔවුන් ඒවාට සාර්ථක ලෙස විසඳුම් සොයාගත් අයුරු ඔවුන්ගේ ජීවන දැක්ම හා ජිවන ආකල්ප පිළිබඳ කිසියම් දැකීමක් ඔවුන්ගේ චරිත වලින් අපට ලබාගත හැකි අතර ශ්‍රෙෂ්ඨ චරිත-4 යන මෙම කෘතිය තුළින් ඉතිහාසයේ සිටි එවැනි ශ්‍රෙෂ්ඨ චරිත කිහිප දෙනෙකු පිළිබදව රසවිදින පාඨකයා හට මනා විශ්ලේෂනාත්මක දැනුමක් ලබා ගත හැකිය.
Rs 360.00
Rs 400.00
Tholsthoyi Thagor saha Gandhi
'තොල්ස්තෝයි තාගෝර් සහ ගාන්ධි ත්‍රිකෝණගත ත්‍රිමූර්තිය' යන මෙම කෘතිය තුළින් ඩබ්ලියු.ඒ.අබේසිංහ මහතා විසින් එකම කෘතියක් තුළින් තිදෙනාම එක් කොට ඉතා විශ්ලේෂණාත්මක අයුරින් පෙර පරිදි ත්‍රිකෝණගත ත්‍රිමුර්තියක් ලෙස ඉදිරිපත් කර ඇති මෙම කෘතිය ලොකු කුඩා සියලු දෙනා හට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 180.00
Rs 200.00
Walpola Rahula Hamuduruvo
කැලණි විශ්විවද්‍යාලයේ කුලපති, අග්ගමහා පණ්ඩිත, ධර්ම ශාස්ත්‍ර ශිරෝමණී, ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය වල්පොළ ශ්‍රී රාහුල මහාචාර්ය පාදයන් වහන්සේගේ ජීවිත කතාව කෘතියක් ලෙස ගුණදාස ලියනගේ මහතා විසින් මෙසේ පාඨක ඔබ හමුවට ඉදිරිපත් කරයි.
Rs 1,620.00
Rs 1,800.00
Hela Budhusavvekmi
බුදු මඟ, තෙර මඟ, රජ මඟ, වීරු මඟ ගෙනැ නිමි නැගි රඟ සැබවින් මන රඟ
එක ලක යැ අරමුණට ජනපතිඳු නැගෙනුවට ජයවඩන මෙහෙයුම ද අගී මැයි
උතුර නැගෙනහිර යුදබිම සලකා හිමි සඳුගෙ අරම නිතරැ එහි වැඩම කැර කළ මෙහෙය උතුරුතර
හිමි, ඔබට ලැබෙන පුද පඬුරු රැස රට රකින සෙබළ රැස පිණිස පුද පඬුරු කළ ඔබගෙ වෙසතුරු සිරිත උදාර යැ
දවස මෙරමා වැඩම කැප වන සෙ සැලැස් මැති දින සිරිතයති පෙළට උවදෙසෙති
හෙළ බුදු සව්වෙක්මි, නමට නිසි වන පෙවෙතැති ව මෙ විට දෙදහස් පන්සිය පනසට නැඟෙන පුබුදුවට එක් වී වාරියපොළ සුමඟුල් හිමි උපත නැවැත ලැබූ වැනි යැ බෙංගමුවේ නාලක හිමි
අරිසෙන් අහුබුදු

Prajapathi Gawthami Theranin Wahanse Pirinivan Pa Awasan Mohotha
යම් මහා ස්ථවිරාවක් මහා ප්‍රඥාවෙන් යුක්ත වූවා ද, පැතිර ගිය පුළුල් ප්‍රඥාවෙන් යුක්ත වූවා ද, භික්ෂුණීන් අතර චිරාත් කල් පැවිදිව සිටියා ද, ඕ තෝමෝ ගෞතමී මහා ප්‍රජාපතී ය. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ පුංචි අම්මා ය. භික්ෂුණී සංඝයාට සරණක් වී පිරිනිවන් වැඩි මහා ගෞතමී තෙරණියට නමස්කාර වේවා!
ප්‍රජාපති ගෝතමී මහ රහත් තෙරණින් වහන්සේ පිරිනිවන් පෑ අවසන් මොහොත යන මෙම කෘතිය අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
ප්‍රජාපති ගෝතමී මහ රහත් තෙරණින් වහන්සේ පිරිනිවන් පෑ අවසන් මොහොත යන මෙම කෘතිය අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 135.00
Rs 150.00
Sambudu Suvande Pahasa Lath Ananda Maha Theranuwo
කතෘහිමියන්ගේ අදහස් බිදක්...
අප භාග්‍යවතුන් වහන්සේගේ මහාශ්‍රාවක සඟරුවන අතර ආනන්ද මහ රහතන් වහන්සේගේ නම කියන විට ම මුළු මහත් බෞද්ධ ලෝකයාගේ සිතෙහි උවහන්සේ පිළිබඳව මහත් ආදර ගෞරවයක් නිතැතින් ම හටගනී. එයට ප්‍රධාන හේතුව නම් අනඳ මහ තෙරුන් විසිපස් වසක් පුරා සිය සදාදරණීය ශාස්තෘන් වහන්සේට නිබඳ කැපවීමෙකින් උපස්ථානයන් කිරීම ය. එසේ ම, බුද්ධ දේශනා කියවීමේ දී ද ආනන්ද නාමය නිතර ම හමුවේ.අප ගේ අනඳ මහ තෙරුන් පිළිබඳව බොහෝ තොරතුරු ඇතත් ඒ සියල්ල ම එක්කොට පොතක් ලිවීම පහසු නැත. එහෙත් අනඳ මහ තෙරුන් පිළිබඳ දත යුතු බොහෝ වැදගත් කරුණු කාරණා මේ පොතෙහි සඳහන් ය. ඇතැම් විට ඒවා ඉතා අනුවේදනීය ය.
අනඳ මහ තෙරුන් බඳු සත්පුරුෂ උතුමෙකුගේ උත්තුංග චරිතාපදානය මෙපමණෙකින් හෝ ලියන්ට ලැබීම කෙනෙකුට ලැබෙන අතිමහත් භාග්‍යයක් යැයි සිතේ. ඔබත් මේ පොත අවසන් වනතුරු කියවුව මැනව. අනඳ මහ රහතන් වහන්සේ පිළිබඳව සිත පහන් කරගත මැනව. ඒ මහෝත්තමයන් වහන්සේගේ අසිරිමත් දිවිසැරිය දැනගන්ට ලැබීම වාසනාවක් කොට සැලකුව මැනව. එය කවදා හෝ ඔබට පිහිට වනු ඇත.
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

Kumarathugu Munidas Maha Pandi Ruvana
හෙල බසටත් හෙළ රැසටත් හෙළ දෙසටත් අසදිස මෙහෙයක් කල කුමාරතුංග මුනිදාස නම් හෙළයේ සුබැසි විරුවාණන්ගේ මහරු සිරිත මෙලෙස කෘතියක් ලෙසින් තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමියන් විසින් පාඨක ඔබට පිළිගැන්වේ.
Rs 126.00
Rs 140.00
Sansara Gamana Saha Dammaloka Hamuduruwo
'සංසාර ගමන සහ තලල්ලේ ධම්මාලෝක හාමුදුරුවෝ' යන මෙම කෘතිය මගින් විවිධ බාධක හැප්පීම් ඔස්සේ තලල්ලේ ධම්මාලෝක හිමියන් ජිවිතයේ ලැබු අත්දැකීම් සම්භාරයක් සීසර් සුදුසිංහ මහතා විසින් මෙසේ පාඨක ඔබ හමුවේ ගෙන හැර දක්වනු ලබයි.
Rs 144.00
Rs 160.00