Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Gauthama Budu Siritha
බුද්ධ පරිනිර්වාණයෙන් පසු ඇති වූ ප්‍රධාන සංගායනාවල දී ධර්ම විනය සංග්‍රහ කිරීම හැර ශාස්තෲන් වහන්සේගේ අපදානය කුමානුකූලව සකස් කර තැබීම කෙරෙහි අවධානයක් යොමු වූ බවට සාක්ෂි නැත. දැනට අප විසින් භාවිත කෙරෙන බුද්ධ චරිත පෙළ පොත්වල සහ පසුකාලීන ප්‍රකරණ ග්‍රන්ථ ඇසුරෙන් සකස්කර ගත් නිර්මාණයන් ය. එම නිසා ශාසන ඉතිහාසය තුළ අද දක්වාම විවිධ නිකාය ගුරුකුල වලට අයත් බුද්ධ වරිත සංග්‍රහ වෙමින් පවතී. මේ අතර සරල සංක්ෂිප්ත බුද්ධ චරිත මෙන්ම ආශ්චර්ය අද්භූතසිදුවීම් වලින් අලංකාර වූ අසිරිමත් වූ බුදු සිරිත් ද දක්නා ලැබේ.ආචාර්ය පැලැන්වත්තේ ධම්මතිලක හිමියන් විසින් රචිතථෙරවාද ධර්ම විනයෙහි සංගෘහිත ගෞතම බුදුසිරිත ත්‍රිපිටකාගතදේශනා හා වාර්තා ඇසුරෙන් වඩාත් විශ්වසනීය අයුරින් සකස් කළ බුද්ධ චරිතයක් ලෙස සඳහන් කළ හැකිය.
Rs 315.00
Rs 350.00
Dhamma sarana
සංස්කාරක සටහන
ධම්ම පිටකත්‍රයෙහි සුලභ වදනකි. අර්ථ සමුදායක් රැගත් ගැඹුරු වදනකි. ධම්ම විවිධාර්ථ හෙයින් තැනට සුදුසු අයුරින් ගතයුතුය. ධාරනාර්ථවාචී ධර ධාතුවෙන් පරම ධම්ම ප්‍රත්‍යයෙන් සංසිද්ධ ධම්ම අර්ථ සමූහයක් ගෙන දෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිරවද්‍ය කරුණු විය යුතු ස්වභාවය යන අර්ථයෙන් ධම්ම නම් වෙයි. සංස්කෘතයේ දරන උසුලන සිහියේ රඳන යන අර්ථ ගෙන දෙන ධර්ම යන ප්‍රකෘතියෙහි එම අර්ථයෙන් බුදුරදුන් වදාළ සියල්ල ධර්මයයි. ධම්ම ක්‍රියාකාරිත්වය අනුව ධම්ම සංකල්පයකි. මෙම සංකල්පයෙහි ව්‍යාප්ත වූ අර්ථ ක්‍ෂේත්‍රයක් ඇති බවත් බෞද්ධ චින්තනයෙහි සර්වප්‍රකාරයෙන්ම වැදගත් වූ අර්ථ ගාම්භීර්යයක් මෙම සංකල්පයෙහි අන්තර්ගත බව ත්‍රිපිටක හා අර්ථකථාවන්හි දක්නට ඇති අර්ථ විවරණවලින් දැකීමට පුළුවන. පෙර අපර දෙදිග පහළ වූ චින්තකයන් දාර්ශනිකයන් රාෂ්ට්‍ර පාලකයන් මෙම සංකල්පය අර්ථ නිරූපණය කර ඇත.

Rs 765.00
Rs 850.00
Lagna Wimasuma
Last items in stock
ලග්න විමසුම නම් වූ මෙම කෘතිය ඒ ඒ ලග්න ආශ්‍රිතව ලියැවුණු විස්තරාත්මක විශ්ලේෂණයකි. මෙය හුදු ලග්න පලාපල ප්‍රකාශනයක් නොව ඉතා සංකීර්ණ විශ්ව බලපෑම් තුළ ග්‍රහයින්ගේ ක්‍රියාකාරකම් ඒ ඒ ලග්න හිමියන්ගේ ජීවන ක්‍රියාවලිය කෙරෙහි ශුභ අශුභ වශයෙන් බලපාන අන්දම ජෝතීර් විද්‍යානුකූල මූලධර්මයන් ඔස්සේ විමසා බැලෙන විචාරාත්මක කෘතියකි.
Rs 387.10
Rs 430.11
Shasthreeya Lekanayaka Mulashra Dakvime Widikrama
ශාස්ත්‍රීය ලේඛන මූලධර්ම නමින් පළ කෙරෙන පොත් පෙළක පළමුවැන්න වන මෙය ශාස්ත්‍රීය ලේඛනයක මූලාශ්‍රය දැක්වීමේ විධික්‍රම නිදර්ශන සහිත ව පෙන්වා දෙයි. උසස් අධ්‍යාපනයේ යෙදී සිටින විද්‍යාර්ථීන්ට මෙන් ම ශාස්ත්‍රීය ග්‍රන්ථකරණයේ නියැළෙන්නන්ට ද මේ කෘතිය ප්‍රයෝජනවත් අත් පොතක් වනු ඇත.
Rs 159.30
Rs 177.00
Aparadha Vidyawa
අපරාධ විද්‍යාව නූතනයෙහි ප්‍රබල ඉල්ලුමක් පවතින ජනප්‍රිය විෂයය ධාරාවකි. විශ්ව විද්‍යාල මට්ටමින් පරිබාහිරව විවිධ ආයතන රැසක් නූතනයෙහි අපරාධ විද්‍යාව පිළිබඳ හැදෑරීම, උනන් දුජනක ලෙස සිදු කරනු පෙනේ.මෙම කෘතිය අපරාධ විද්‍යාවේ සඳහන් සංකල්ප, මතවාද හා කාලීන ප්‍රවණතා කිහිපයක් ඉතා විෂය බද්ධව සාකච්ඡා කළ කෘතියකි. අපරාධ විද්‍යාවේ සඳහන් න්‍යායයන් මුල් වරට සිංහලයෙන් සවිස්තරාත්මකව සාකච්ඡා කරන්නේ මෙම කෘතියෙන් බව කිව යුතුය.
Rs 630.00
Rs 700.00
Kantha Abhiwurdiya Sandaha Bududahamin Laba Gatha Haki Margopadesha
Out-of-Stock
මහාචාර්ය සිල් වී සේනාධීර දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකික විද්‍යාර්ථීන්ගේ නැණස පෑදූ විශ්‍රාමික විශ්වවිද්‍යාල ආචාර්ය වරියකි. අධ්‍යාපනවේදය සම්බන්ධයෙන් ග්‍රන්ථ රාශියක් රචනා කළ ප්‍රශස්ත ලේඛිකාවකි. අධ්‍යාපනවේදය විෂය ක්ෂේත්‍රයෙන් ඔබ්බට ගොස් ඇය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික පුස්තකාලයාධිපති වූ දැනට මහනුවර බෞද්ධ ග්‍රන්ථප්‍රකාශන සමිතියේ සිංහල සංස්කාරක වන එන්. ටී. එස්. ඒ. සේනාධීර මහතා විසින් රචනා කරන ලද කාන්තා අභිවෘද්ධිය සඳහා බුදු දහමින් ලබා ගත හැකි මාර්ගෝපදේශ යන මෙම කෘතිය කාලීන සමාජ අර්බුද හමුවේ කාන්තාවගේ භූමිකාව මෙන් ම ඇයගේ අභිවෘද්ධිය සම්බන්ධයෙන් වන බෞද්ධ ඉගැන්වීම මොනවට පිළිබිඹු කරන ග්‍රන්ථයක් බව අපගේ හැඟීමයි. එම දෙපළට අපගේ සුභාශිංසන ද මේ සමග වේ.
Rs 450.00
Rs 500.00
Adahili Ha Wishwasa
Out-of-Stock
ශ්‍රී ලාංකික ජන සමාජයේ අතීතයේ පැවති ඇදහිලි සහ විශ්වාස ගැන බොහෝ විස්තර ඇතුළත් මෙම කෘතියෙන් ඒ පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරන පාසල් සිසුන්ටත්, විශ්වවිද්‍යාල සිසුන්ටත්, ගුරු මහත්ම මහත්මාදීන්ටත්, ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අනෙකුත් පාඨකයින්ටත් ඉමහත් ප්‍රයෝජනයක් ලබා ගත හැකි වනු ඇත.
Rs 270.00
Rs 300.00
Dhammapadayen Punchi Obata Kathandara
කතෘ ගෙන්...
ධම්මපදය යනු සමස්ත මිනිස් සමාජයටම ගැළපෙන පරිදි රචනා වූ මහඟු ග්‍රන්ථයකි. ජීවිතයේ ඕනෑම අවස්ථාවකට සම්බන්ධ කර ගත හැකි ආදර්ශ පාඨ ඇතුළත් ධම්මපදය පැරැන්නන් නිතරම පරිහරණය කිරීමට පුරුදුව සිටියා. ජීවිතයේ සරල මට්ටමේ සිට ඉතාම ඉහළ මට්ටම දක්වා හෙවත් නිවන් අවබෝධය දක්වා පුද්ගලයකු හැඩගැසිය යුතු ආකාරය ධම්මපදයේ සඳහන් වෙනවා. සමාජය ගුණ ධර්මවලින් දිනෙන් දිනම පිරිහෙමින් පවතිනවා. එම නිසා ධම්මපදයේ වටිනාකම වර්තමානයේ හොඳින්ම දැනෙනවා.
තෝරා ගත් කතා කිහිපයක් මෙහි දී ඉතා ලිහිල් හා සරල භාෂාවෙන් පුංචි දූ දරුවන් වෙනුවෙන් මම ඉදිරිපත් කිරීමට උත්සාහ කළා. ඒවා අපේ ජීවිත හැඩ ගස්වා ගැනීමේ දී බොහෝ ප්‍රයෝජනවත් වෙන ආදර්ශවත් කතා කිහිපයක්. ඒවා හොඳින් කියවා බලා ඒවායින් පුංචි ඔබේ ජීවිතයට ගත හැකි හොඳ දේ වෙන් කරගෙන ඒවා පිළිපදින්න. එවිට ජීවිතය මනා ලෙස හැඩ ගස්වා ගත හැකියි.

Rs 180.00
Rs 200.00
Jeeewithaya Saha Manokaya
පොත පිළිබඳව.
ලොව බොහෝ රටවල ජීවිතය, මරණය, යළි උපත සහ මනෝකාය පිළිබඳ පොත් රාශියක් ප්‍රකාශයට පත් වී තිබේ. කලක් " හුදු විද්‍යාත්මක දෘෂ්ටියකින්' එම ප්‍රස්තුත දෙස බැලීමට පුරුදුව උන් මනුෂ්‍යයන් සිය සීමිත දැක්ම වෙනස් කරගෙන යන බව ඒවායින් පළ වේ.මිනිස් දෘෂ්ටියෙහි සිදුවෙමින් පවතින මෙම වෙනසට පාදක වූ සාධකය, මිනිසා පිවත් වන ලෝකය ඔහු සිතා සිටියාට වඩා අතිශයින් පුළුල්, ගැඹුරු හා සංකීර්ණ එකක් බවත්, ඒ පිළිඹඳ මිනිස් සංජාතන ශක්තීන් ඉතා සීමිත බවත් මෑතදී විද්‍යාව තුළින්ම අනාවරණය වීමයි.මිනිසාට වසර දස දහසක් පමණ පැරණි පාරම්පරික දැනුම් සම්භාරයක් උරුම වී තිබේ. එහෙත් විද්‍යාවේ සීමිත කෝණයන් තුළින් ඒවා දෙස බැලීම නිසා, ගත වූ සියවස් කිහිපය තුළ එම පාරම්පරික දැනුම් සහ අත්දැකීම් සම්භාරය ඔහු අතින් නොතකා හැරිණි.මේ නිදසුන බලන්න. විශ්වයේ පවත්නා ලොකු කුඩා චක්‍රාවාට සහ ග්‍රහලෝක පිළිබඳවත්, අනවරතයෙන් එහි සිදුවන වෙනස්කම් ගැනත්, නූතන විද්‍යාඥයන් බොහෝ කරුණු දැන ගත්තේ ගත වූ වසර දෙසීය තුළයි. මනුෂ්‍යයකු මවුකුස පිළිසිඳ ගත්තා ආකාරය පිළිබඳ මිනිස් දැනුමේ වයස ඊටත් වඩා අඩුය. එහෙත් බුදුරදුන් විශ්වය ගැනත්, මනුෂ්‍යයකුගේ පිළිසිඳ ගැන්ම ගැනත් අද විද්‍යාවෙන් හෙළි වී ඇති ආකාරයේ නිවැරදි විස්තරයක් කළේ මීට වසර දෙදහස් පන්සියයක් පමණ ඉහතදී ය. එපමණක් නොව උන්වහන්සේ කළ විස්තරය විද්‍යාව ඉක්මවා යන්නක් බව ඔබට මේ පොතෙන් දැනගන්නට ලැබෙනු ඇත.

Rs 216.00
Rs 240.00
Esopge Upama Katha 100
කුඩා ළමුන් සදහා උපමා කතාන්දර 100ක් ඇතුළත් ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 270.00
Rs 300.00
Wishnu Deviyo
Out-of-Stock
විෂ්ණු වන්දනාවේ ආරම්භය, විකාශනය, විෂ්ණු දෙවියන් හා බැඳුණ විවිධ සංකල්ප හා මතිමතාන්තර මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වන අතර විෂ්ණු දෙවියන් පිළිබද හැදෑරීමට ඇති ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 270.00
Rs 300.00
Patichchasamuppadaya
Out-of-Stock
බෞද්ධ දර්ශනයෙහි පදනම පටිච්චසමුප්පාදය වේ. එහි මූලික අරමුණ අනුව සසර දුක ප්‍රහාණය වන අයුරින් විවරණය කෙරෙයි. පරම ගම්භීර දේශනාවකි. ධර්මය යනු ලෝක ස්වභාවයකි. දහම අවබෝධ කර ගැනීමට නම් හේතු ඵල පරම්පරාව විදහාලන ආකාරයද හඳුනා ගතයුතුය. පවත්නා කාලයෙහි ප්‍රත්‍යක්ෂ කර ගත හැකි බැවින් සාන්දිට්ඨිකය.
Rs 360.00
Rs 400.00
Maharahath sariyuth mugalan dagasau vatha
කතෘගෙන්...
ගෞතම බුද්ධ ශාසනාම්බරයෙහි කනකමය තරු ලෙසින් අග්‍ර ශ්‍රාවක සැරියුත් - මුගලන් මහරහත්හු බබළන සේක. අගසව්වන් වහන්සේ පෘථග්ජන ලෝක වාසීන්ට පිං කෙතකි. ඇසූ දුටුවනට රසඳුනකි.දෑගසව්වන් වහන්සේගේ චරිතාපදානයන් ඇසුවාහු අසත්පුරුෂයෝ සත්පුරුෂයෝ වෙති. දුර්දාන්තයෝ සුපේශල ශික්ෂාකාමීහු වෙත් ම ය. වෛරීහු ක්ෂාන්තිවාදීහු වන්නෝ ය. දුසිල්හු පාරිශුද්ධ ශීලවන්තයෝ වෙති.එහෙයින් මේ දෑගසව් වත කියවන්නාහු අසන්නාහු තම තමන් හැකි පමණින් ගුණ නුවණින් හා සීලයෙන් දියුණු වෙත්වා! එවැනි ගුණ බිඳක් පාඨක සිත්හි වැපිරීම අපගේ පැතුමයි.

Rs 112.50
Rs 125.00
Auguste Comte Samaja Vidyawe Piya
සමාජ විද්‍යාව ස්වාධීන විෂයක් ලෙස ආරම්භ වී වර්ධනය වීම යුරෝපා සමාජය තුළ සිදු වූ සමාජ සමය විපර්යාසයන් රැසක සාමුහික ප්‍රතිඵලයකි. තත් කාලීන යුරෝපා සමාජය දේශපාලනයික හා ආර්ථික වශයෙන් මුහුණ දුන් සුවිශාල අභියෝග රැසක් මෙහිදී හඳුනාගත හැක. මෙම සංකීර්ණ සමාජ විපර්යකාරකයක් නිවැරදිව තේරුම් ගෙන ඒ තුළින් ශාස්ත්‍ර ලෝකයම අවදි කළ සමාජ චින්තකයන් කීප දෙනෙක්ද ඒ සමග හඳුනාගත හැක.
ඔගස්ට් කොමිට් එහිලා මූලාරම්භක විනේතෘවරයෙකි. මෙම කෘතිය ඔගස්ට් කොමට් පිළිබඳව රචිත ප්‍රථම සිංහල කෘතියයි. ඔහුගේ මතවාද හැඩ ගැස් වූ පෞද්ගලික ජිවන අනුභූතීන් හා අවස්ථාවන් මෙමගින් ආනුභවිකවම සාකච්ඡාවට ලක් කිරීම වැදගත්ය. මහාචාර්ය දයා අමරසේකර මෙරට ප්‍රකට සමාජ විද්‍යා ගත් කතුවරයෙකි. සමාජ විදහා නැණ නුවණ පොදු ජන සමාජය වෙත රැගෙන යාමට මහෝපකාරී වූ ඔහුගේ කෘති අතර මෙම කෘතිය වෙසෙසින්ම කැපී පෙනෙයි.

Manushya prethayan samaga kala dushkara kriyawak
සමාජ සමීක්ෂණ පිළිබඳ උනන්දුව තුළින් අප ජීවත්වන සමාජ පරිසරය ගැඹුරින් තේරුම් ගැනීමට අද බොහෝ අය තුළ දැඩි උනන්දු ජනක තත්ත්වයක් දැකිය හැකිය. සිඟන්නන්, ගණිකාවන්, ගැට කපන්නන්, මිනිස් වෙසින් සිටින අධමයන්, ව්‍යාජ වට්ටෝරු වෙදුන්, කපටි මන්ත්‍රකරුවන් ආදී සැවොම අපගේ සමාජයෙහි ප්‍රබල භූමිකාවක් ඉටු කරති. ඔවුන්ගේ අදෘශ්‍යමාන කාර්යභාර්ය ද මතුපිටින් පෙනෙන ස්වරූපය ඉක්මවා පවතී. නූතන මිනිසා තම ජීවිතගමනේ විවිධ ආපදාවන්, අවශ්‍යතාවන් ඉදිරියෙහි මේ කවර හෝ පුද්ගලයෙකුට කොටු වෙයි. කවර හෝ අත්දැකීමක් ලබමින් සිටී. සමාජය නම් පෘථුල ජාලයෙහි එලී පැටලී වෙලී සිටින අපි මේ අපූර්ව චරිත කෙසේ අත් හරිමුද? සැබවින්ම අපට මොවුන් මඟහැර ගිය හැකිද?
මෙම කෘතිය මෙම ප්‍රශ්නය ආනුභවිත අත්දැකීම් ආශ්‍රයෙන් සාකච්ඡා කරන කෘතියකි. මෙම අපූර්ව මිනිසුන්ගේ ලෝකයෙහි ගිලෙමින් මෙහි කතුවරයා ඔවුන්ගේ සැබෑ රුව ගුණ හඳුනා ගත්තෙකි. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සම්මානිතමහාචාර්ය නන්දසේන රත්නපාල මෙම සමාජ සමීක්ෂණ තුළින් පාඨකයාට ලබා දෙන දැනුම සහ අනුභූතිය වැදගත්ය. රසවත්ය.
මහාචාර්ය දයා අමරසේකර පේරාදෙණිය විශ්ව විද්‍යාලය

Rs 1,215.00
Rs 1,350.00
Sinhala Bashawa Ha Sahithya
Out-of-Stock
සිංහල භාෂාව හා සාහිත්‍යය නම් මෙම කෘතිය ආචාර්‍ය ජි. එස්. බී. සේනානායක මහතා විසින් රචනා කරණ ලද අතර ක්‍රිස්තුවර්ෂ ආරම්භයේ සිටම ආරම්භ වී වැඩුණු සිංහල සාහිත්‍යයක් සිංහලයා සතු වූ අතර සිංහල සාහිත්‍යයෙන් තෝරා ගත් සම්භාව්‍ය කෘති කිහිපයක් පිළිබදව ලුහුඩු විමසීමක් මෙම කෘතිය ඇසුරෙන් සිදු කෙරෙන අතර භාෂාවේ ආරම්භය හා විකාශය හැදින්වෙන ප්‍රමාණවත් කෘතියක් මෙතෙක් පළකරවා නොමැති කාළ වකවානුවක මෙවැනි කෘතියක් පළ කිරිම ඉතා විශිෂ්ට කාර්ය්‍යක් වන අතර සිංහල භාෂාව් පිළිබද අධ්‍යනය කරණු ලබන ඕනෑම කෙනෙකු හට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 315.00
Rs 350.00
Balavatharopadesha Nam U Pali Shabdhanushasanaya
බාලාවතාරෝපදේශ නම් වූ පාලි ශබ්දානුශාසනය වාද්දුව පෝහද්දරමුල්ල මහී ගර්ජනාරාමාධිපතිට වැඩ වුසූ පූජ්‍යපාද පෝහද්දරමුල්ලේ ඤාණධජ මහා ස්වාමින් වහන්සේ විසින් රචිත පාලි ව්‍යාකරණ ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථය පාලි භාෂාව අධ්‍යනය කරණු ලබන සියලු දෙනා හට ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 1,530.00
Rs 1,700.00
Nonivena Pahan Sila Bandara Ahaliyagoda Nirmanawalokanaya
විමලජෝති යතීන්ද්‍ර ප්‍රණීත නොනිවෙන පහන් සිළ කෘතිය මා දකින්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සහෘද සංවාද ආස්වාදයෙහි අභිෂ්ට ඵලාගමයක් වශයෙනි. මානව මෛත්‍රියේ ආනුභාවය, ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ මාධූර්ය, ස්භාව ධර්මයේ ආශ්චර්ය, යුද්ධයේ කෲරත්වය, දේශවාත්සල්‍යයේ මහිමය ආදිය අරභයා බණ්ඩාර ඇහැළියගොඩ කිවිඳුන් තුළ පහළව ගිය විවිධ විචිත්‍ර භාවමය අනුභූතීන් ආශ්‍රිත නිර්මාණාත්මක ඵල සම්පතක් වැනි මෙම කවි හා ගීත රචනා මංජරිය ඔහුගේ කාව්‍යමය ආධ්‍යාත්මයේ ප්‍රත්‍යක්ෂ පිළිබිඹුවක් වැන්න. බණ්ඩාරයන්ගේ එම කාව්‍යමය ආධ්‍යාත්මය හා විමලජෝති යතිවරයාණන්ගේ සුකුමාර මතික ආධ්‍යාත්මය අතර පවත්නා හෘදය සංවාදය නින්නාද වන 'නොනිවෙන පහන් සිළ' කෘතිය වූ කලී පූර්ව වාසනා ගුණ සම්පන්නයෙකුගේ නිර්මාණ අරබයා පූර්ව වාසනා ගුණ සම්පන්න සහෘදයෙකු ගැයූ රමණීය ආස්වාද උදානයක් ලෙස හැඳින්වීම කවර වරද ද?
කරුණාරත්න අමරසිංහ,
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී,
ප්‍රවීණ ලේඛක,
කරුණාරත්න අමරසිංහ,
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී,
ප්‍රවීණ ලේඛක,
Rs 900.00
Rs 1,000.00
Wap Masa Pura Pasa Mihindu Pura Atawaka
අනුබුදු හිඳු මහරහතන් වහන්සේ ලක්වැසියනට ථෙරවාදී බුදු සමය හඳුන්වා දීමත් සමගම මෙරට ජාතික, ආගමික, සංස්කෘතික හා සාමාජික නවෝදයකට මං පෙත් විවර කෙරිණි. ඒ තුළින් ඉදිරිපත් කළ ජීවන දැක්ම ලක්වැසියන් ගේ හදවත තුළ තදින්ම මුල් බැස ගත්තේය. එය එදාමෙදාතුර නොසිඳී නොබිඳි පැවත එයි. ඒ නිසාම ලක්වැසි ජනතාව බුදුසමය සුරකිමින් ඒ ඔස්සේ ක්‍රියා කරනුයේ අපමණ සැදැහැ සිතකින් යුක්තවයි. ලංකාවාසීන්ගේ සැම ක්‍රියාකාරකමකින් ම හෙළි වන්නේ ලංකාවේ සංස්කෘතිය හැඩගැස්වීමට බුදු සමයෙන් ලැබුණු මනා පිටුවහලයි.
Rs 315.00
Rs 350.00
Paurusha Sanwardhana Ha Athma Sammanana Wardhana Wada Potha
අප තුළ ආත්ම විශ්වාසය ඇති කල්හි හමුවන වන කවර අභියෝගයකට වුව ද සාර්ථකව මුහුණ දිය හැකි ය. අපට ඉහළ ඉලක්ක ගොඩනගාගෙන ඒවා සාක්ෂාත් කරගත හැකි ය. 21 වන ශත වර්ෂය යනු අභියෝගාත්මක ශතවර්ෂයකි. නවෝත්පාදන නිරතුරු බිහි වේ. මෙම ශීඝ්‍රයෙන් සංවර්ධනය වන නව ලෝකයට සාර්ථකව මුහුණ දීමට ඉහළ ආත්ම සම්මානනයක් අප තුළ වර්ධනය කරගත යුතුම ය.මෙම ආත්ම සම්මානන වර්ධන වැඩපොත ඔබ තුළ ඇති ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීමට උදව් වන ලෙසට විශේෂයෙන් සකසා ඇත.
ඔබ අන් අය සමඟ සසඳා බැලීම නවතා ලීමට
ඔබගේ විශ්වාස හා ආශාවන් කවරේ දැයි නිවැරදිව හඳුනා ගැනීමට
චිත්තවේග කළමනාකරණය කරගෙන, ධනාත්මක ආකල්පයක් ගොඩ නංවා ගැනීමට
වගකීම් දැරීමට හා සැමට මෙත් සිත දැක්වීමටත්
යථාර්ථවත් ඉලක්ක ගොඩනගා ගැනීමට හා ඉදිරියේදී මතුවන කවර හෝ අභියෝග වලට සාර්ථකව මුහුණ දී ජීවිතය ජය ගැනීමටත් සුවිශේෂී මග පෙන්වීමක් කරයි.

Edineda Jivithayata Manovidyawa
Out-of-Stock
කතෘගෙන්...
මනෝ විද්‍යාත්මක මූලයම් පදනම් කරගෙන ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා " එදිනෙදා ජිවිතයට මනෝ විද්‍යාව " ලියා ඇත.විද්‍යාවේ න්‍යාය හෙවත් මූලධර්‍ම ප්‍රායෝගිකව භාවිත කිරීම තාක්ෂණයයි. එසේම මනෝ විද්‍යාව විෂයයේ න්‍යාය හෙවත් මූලධර්‍ම ප්‍රායෝගිකව භාවිත කිරීම " එදිනෙදා ජිවිතයට මනෝ විද්‍යාව " මගින් කෙරේ. එනිසා " එදිනෙදා ජිවිතයට මනෝ විද්‍යාව " මනෝ විද්‍යාවේ තාක්ෂණයයි.මෙහි එන සෑම රචනයක් ම මනෝවිද්‍යා මූලධම් වලට එකඟ වේ. එදිනෙදා ජිවිතයට මනෝ විද්‍යාව සම්බන්ධ කර නොගැනීම නිසා මිනිස් සංහතියේ දියුණුව අඩපණ වී ඇත. මානව ශික්ෂාව පොත් පෙල ඔබට එම අවස්ථාව හදා දෙයි.එදිනෙදා ජිවිතයට මනෝ විද්‍යාව" හි පොත් කාණ්ඩ කීපයක් අන්තර්ගත ය. මෙය පළමුවැන්න ය. මෙය කියවා තේරුම් ගෙන ජීවිතයට සම්බන්ධ කර ගන්න. සෑම වචනයක් ම හොඳින් කියවා පිළිපදින්න.ඔබ සාර්ථකත්වයේ මාවතට පා තබා ඇති බව ඔබට දැනෙනු ඇත.

Heta Lowa Dinana Maga
පාඨක ජන මහ දිනූ
' මිනිස් සිතේ හාස්කම්' පොත් පෙළේ කතුවර සුමනදාස සමරසිංහ ළමයින් වෙනුවෙන් විශේෂයෙන් සම්පාදනය කළ පොතකි.ළමයින්ට ඉතා වටිනා සිතිවිලි, ආකල්ප හා දැක්මක් ඇති කර ගන්නට අනුබල දෙන කෙටි - එහෙත් සාරවත් මාතෘකා හැට හයක් ඔස්සේ මේ අගනා පොත සම්පාදනය කර ඇත.බස ලිහිල්ය. කියවන දෙය එකවර සිතට වටහා දෙන සුලුය. කෙටි රචනාය; එහෙත් තව ප්‍රබෝධයක්, ජවයක් ළමුහට ඇති කර දෙනු හිසැකය.

Minis Manase Mahimaya
කතෘගෙන්...
ලෝකයට විමුක්තියක් හෝ සහායයක් ලැබේ නම් හුදෙක්ම දරුවා වෙතින් පමණෙකි. කවර හෙයින්ද යත්, දරුවා මිනිසාගේ ද සමාජයේ ද නිර්මාපකයා වන බැවිනි.දරුවා සහජයෙන්ම උරුම කර ගෙන ඇති අතිමහත් හැකියා සම්භාරය, නව ලොවක් නිර්මාණය සඳහා උදව් වන පරිදි, පෙර පාසල් වියේ දී උන්නතියට පත් කරනු වස් සහාය විය හැකි අන්දම මෙහි පැහැදිලි කෙරේ

Maha Molakarayo
21 වෙනි සිය වසයේ සාර්ථකත්වයට වැඩිම බලපෑමක් කළේ ව්‍යාපාර බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. අනාගත අභියෝගයන්ට නොබියව මුහුණ දී ජිවිතය සාර්ථකත්වයට පත්කර ගැනීමට නම් සියලු දෙනාම ව්‍යාපාර දර්ශනය අවබෝධ කරගත යුතුය. ඒ සඳහා ලෝකය වෙනස් කළ විශිෂ්ට ව්‍යාපාරිකයන් නැවත හැදෑරීමෙන් සමාජයේ වෙසෙන සෑම කෙනෙකුටම ඉගෙනගත හැකි පාඩම් බො-හෝය. මෙම කෘතිය ඊට මහඟු පිටුවහලක් සපයයි.
Rs 630.00
Rs 700.00
Nikotin Lolithvaya Suvakirime Pahasu Maga
Out-of-Stock
වෛද්‍ය නිලධාරී ධනුෂ්ක දිසානායක මහතාට ඔහුගේ අපූර්වතම නිර්මාණය උදෙසා සුභාශිංසනය කරමි. ශ්‍රී ලංකා යුධ හමුදාවේ මනෝ වෛද්‍ය විශේෂඥයකු ලෙස මෙම කෘතියේ අන්තර්ගතය නිකොටින් උගුලට හසු වූ පාඨකයන්ට ඉන් අත්මිදීම සඳහා ඉවහල් වන පෙර නොඇසූ නොවිරූ දැනුම් සම්භාරයක් ලබාදෙන බව ප්‍රකාශ කරමි. එය නිකොටින් මත තම ජීවිතය රඳා නොපවත්වන පුද්ගලයෙකු බිහි කිරීමට අවශ්‍ය මානසික පසුබිම ගොඩනගයි.
Rs 495.00
Rs 550.00
Sarwagna Bhiksha Pathra Dhathun Wahanse
" යුද්ධයෙන් පැරදී පැන යන සතුරන් උතුම් වූ පාත්‍ර ධාතූන් වහන්සේ තේ දළදා වහන්සේ ත් ගෙණ නැව් නැගී එතෙර යන බව දැන ගැනීමට ලැබුණි. එය එසේ වුව හොත් මේ ලංකාද්වීපය හිස් වන්නේය.මේ ලක්දිව මුතු මැණික් ආදී මහත් වූ වස්තු මොන තරම් තිබුණ ත් ඒ සියලු වස්තූන්ට වඩා ශ්‍රේෂ්ඨ රත්න වන්නේ අප ධර්මස්වාමීන් ගේ දළදා වහන්සේ ත් පාත්‍ර ධාතූන් වහන්සේ තේය. මේ ධාතූන් වහන්සේලා දෙනම නැති වුව හොත් මහත් වූ ධනයක් වියදම් කර මහත් වූ වෙහෙසක් ගෙණ මේ රට එක්සේසත් කිරීමට මා ගන්නා උත්සාහය ඒකාන්තයෙන් ම ඵලක් නැති වන්නේය.ඉතා අගනා මැණික්වලින් බබළන රමණීය ඔටුන්නකින් මගේ හිස අලංකාර වී තිබේ. ඒත් එය පවිත්‍ර වන්නේ මහර්ෂීන් වහන්සේ ගේ උතුම් වූ දළදා වහන්සේ ගේ ත් පාත්‍ර ධාතූන් වහන්සේගේ ත් උතුම් වූ ස්පර්ශය ලැබීමෙන් පමණි. එබැවින් සියලු දෙනා එකට එක් ව මහා සේනාව ගෙණ ගොස් සතුරන් වනසා උතුම් වූ දළදා වහන්සේ ත් උතුම් වූ පාත්‍ර ධාතූන් වහන්සේ ත් ගෙණ වහා මෙහි එව."
මහා පරාක්‍රමබාහු මහ රජතුමා
මහා පරාක්‍රමබාහු මහ රජතුමා
Rs 360.00
Rs 400.00
kesha dathu wistharaya
කතෘගෙන්...
" කේශ ධාතු විස්තරය " නම් වූ මේ පොතේ සඳහන් වන්නේ බුදුරජාණත් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා ගැන දැන ගත යුතු මූලික කරුණු ස්වල්පයකි.ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, බුරුමය (මේයෙන්මාරය) යන රටවල කේශ ධාතූන් වහන්සේලා නිදන් කර දාගැබ් තනා ඇත. මේ දාගැබ් වලින් කිහිපයක් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින සමයේ තනා තිබේ. කේශ ධාතූන් වහන්සේලා නිදන් කර ලොව පළමු වරට දාගැබ් කරවීමේ ගෞරවය හිමි වන්නේ තපස්සු, භල්ලික වෙළඳ දෙබෑයන්ට ය.බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් වහන්සේලා ගෙන් වැඩි ම ධාතු ප්‍රමාණයක් වැඩ සිටින එකම රට ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය වූ ශ්‍රී ලංකාවයි. ලංකාවේ පුරාණ දාගැබ් කිහිපයක ම සර්වඥ කේශ ධාතු තැන්පත් ව ඇත.කේශ ධාතූන් වහන්සේලා වැඩ සිටින දාගැබ් වහන්සේලා ගැන ප්‍රමාණවත් දැනීමක් අපේ බෞද්ධයින්ට නැත. ඒ බව ඔවුන් හා කථා කිරීමෙන් පෙනී ගියේය. කේශ ධාතූන් වහන්සේලා ගැන වෙන ම ලියැවුණු පොතක් ද මෙකල දක්නට නැත. අතීතයේ "කේශ ධාතු වංශය " යන නමින් ප්‍රකට ග්‍රන්ථයක් තිබී ඇතත් අද එය දක්නට නැති අප්‍රකට, දුර්ලභ ග්‍රන්ථයකි. "කේශ ධාතු වංශය" යන නමින් ප්‍රකට කුඩා පාලි ග්‍රන්ථයක් ඇත ත් එහි ඇත්තේ කේශ ධාතු සය නමක් නිදන් කර තැනූ දාගැබ් වහන්සේලා සය නමක් ගැන විස්තරයකි. ඒ හැර එහි කේශ ධාතූන් වහන්සේලා ගැන වෙන විස්තර සඳහන් කර නැත.කරුණු මෙසේ පවතින බැවින් "කේශ ධාතු විස්තරය " නම් වූ මේ කුඩා පොත සම්පාදනය කළෙමි. පොත කුඩා වුවත් මෙය මුල සිට අග දක්වා කියැවීමෙන් කේශ ධාතූන් වහන්සේලා ගැන ප්‍රමාණවත් අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇතැ'යි සිතමි.

Rs 225.00
Rs 250.00
Seruwila Mangala Maha Chaithya Warnanawa
කතෘගෙන්...
සේරුවිල මංගල මහා දාගැබ ඉදි කරණු ලැබුවේ දුටුගැමුණු මහ රජතුමා ගේ පියා වූ කාවන්තිස්ස මහ රජතුමා ය. ඒ ක්‍රි.පූ. දෙවැනි සියවසේ දී ය. සර්වඥයන් වහන්සේ ගේ ලලාට ධාතුව හා කේශ ධාතු තැන්පත් කර ඇත්තේ මේ මහා දාගැබ තුළ යි.බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී සේරුවිලට ද වැඩම කර දැන් මේ මංගල මහා දාගැබ පිහිටා ඇති ස්ථානයේ පන්සියයක් මහ රහතුන් ද සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. පසුව බුදුරදුන් මහ රහතුන් ද සමගින් ඒ ස්ථානය වටා තෙවරක් වැඩම කර සුමන නා රජු අතේ තිබූ සපු ගසෙන් මල් ගෙණ ඒ ස්ථානයට පූජා කළහ.මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලා තුන් නම ගේ ධාතු ද දැන් මේ සේරුවිල මංගල මහා දාගැබ පිහිටා ඇති ස්ථානයේ තැන්පත් කර තිබුණි. මේ බව පාලි ධාතුවංශයේ මෙන් ම සිංහල ධාතු වංශයේ ද සඳහන් වෙයි. මේ සියලු කරුණු සලකා බැලීමේ දී සේරුවිල මංගල මහා දාගැබ් වහන්සේ ගේ ඇති පුජනීයත්වය මෙන් ම වටිනාකම කෙතරම් දැ'යි කියා පැහැදිලි ව පෙනේ.

Rs 540.00
Rs 600.00
Swarnamali Maha Chaithya Warnanawa
Out-of-Stock
සවිඥානක සර්ව සත්ත්ව සමූහාභ්‍යන්තරයෙහි සුවිශිෂ්ට සුප්‍රශස්ත වන්නාහු භාග්‍යවත් සම්බුද්ධ රාජයාණන් වහන්සේ මය. අවිඥානක වස්තු සමස්තාභ්‍යන්තරයෙහි සුප්‍රකර්ෂ සුසමාහිත වන්නාහු භාග්‍යවත් සම්බුද්ධ ශාරීරික ධාතූන් වහන්සේ මය. තද් ධාතූන් වහන්සේගේ ද්‍රෝණයක් සුනිහිත සුගර්හිත අතුල්‍ය අසහාය මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ස්වර්ණමාලි' නම් වන සේක්මය.ශ්‍රී ගෞතම සම්බුද්ධ රාජයාණන් වහන්සේ චෛත්‍යමය ශ්‍රී දේහයකින් අදත් පිවමාන වෙති; ඒ රන්මැලි මහ සෑරදාණෝ ය. ශුද්ධාධර ප්‍රඥාවත්හු අදත් සම්බුද්ධ වග්දන මානන පූජනයට රුචි වෙති. ඒත් රන්මැලි මහ සෑරදාණගේ උදෙසාය. අහස උසට සේ ම භූගර්භයට ද එකසේ විහිදී පැතිරි ඇති රන්මැලි මහ සෑරදාණෝ තම සිළුමිණි රැස් දහරින් දෙව්ලෝ පහස ද භූගත බිම්බයෙහි තොලෝ පහස ද අත්විඳිති.ගැමුණු' සහ ගයාන් යන හාමද්වයයෙහි සාම්‍යයක් පැණෙන්නේ හුදු 'ග' අක්ෂර සමාරම්භය හෝ මාත්‍රා ඓක්‍යය ඔස්සේ පමණක් නොව එකී නාමධාරී යුග්මයෙන් ම රන්මැලි මහ සෑරදාණගේ වෙනුවෙන් මහාර්ඝ කාර්යභාරයක් සිදු වූ හෙයිනි. එනම් එදා අප මහා සෑරදාණගේ පිළිබඳ සාධන කාර්යය දුෂ්ට ග්‍රාමණී අභය නරේන්ද්‍රයාණන් නිසා සිදු වෙද්දී මෙදා ඒ අරබයා ලේඛන කාර්යයක් ගයාන් චානුක විදානපතිරණ ලේඛකයාණන් අතින් සිදුවීම යි.ශුද්ධාවහ ග්‍රන්ථ සම්පාදනයෙහි අග්‍රස්ථාන ප්‍රාප්ත ගයාන් චානුක විදානපතිරණයන්ගේ ස්වර්ණමාලී මහා චෛත්‍ය වර්ණනාව' නම් මෙම ගුථෝත්සාහය එම මහා චෛත්‍ය රාජයාණන්ට ද්විතීයෝත්පත්තියක් ලබා දීමක් ම ය. මෙහිලා සුද්ධදිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්මාදීහු සාධුනාද ප්‍රශංසා පුෂ්පදාම හුදෙක් ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන්ට පමණක් නොව අප ග්‍රන්ථ කර්තෘවරයාණන්ට ද පළඳවන්නාහු ම ය.
අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි
අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි
Rs 2,430.00
Rs 2,700.00
Jayasrimaha Bodhi Warnanawa
" ත්‍රිපිටක ධර්මය අර්ථ කථා, ටීකා සහිත ව හදාරා ධර්මය, විනය, පාලි භාෂාව පිළිබද හසල අවබෝධයක් ඇත්තා වූ අගනා ධර්ම ග්‍රන්ථ රාශියක් සම්පාදනය කළ කෘතහස්ත ග්‍රන්ථ කර්තෘවරයෙක් වන සත්ගුණවත් ගයාගේ වානුක විදානපතිරණ මහත්මයා විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ සම්බන්ධ ව දීර්ඝ විස්තර වර්ණනා සහිත ව සම්පාදිත මෙම ග්‍රන්ථයෙහි අගය, වටිනාකම අසීමත ය.
Rs 1,350.00
Rs 1,500.00
Dhathu wistharaya
ධර්මය සහ ධාතු යන වචන ද්වයය ම දැරීමේ අර්ථයෙන් සාම්‍යයක් උසුලයි. සත්ත්‍වයා සතර අපායට වැටෙනු හොදී දරනු ලබන්නේ ධර්මය විසින් වන අතර මූලික කාරක ශක්තිය හෝ පුජනීය ශ්‍රේෂ්ඨ විචිත්‍ර තත්ත්‍වය හෝ රැඳී ඇත්තේ යම් බඳු තැනෙක්හි ද එය ධාතු නම් වෙයි. ධර්මජ ධර්ම භූත භාග්‍යවත් සම්බුද්ධ චරිතාබද්ධ විවිධ භෞතික ද්‍රව්‍යාත්මක කොටස් ද ධාතු ලෙසින් සම්භාවිත වී ඇති අතර එකී සම්බුද්ධ ධාතු වර්ණනාව ලේඛන දේශන චින්තන විෂයය අතික්‍රාන්තවන බව සත්‍යයකි.නානාවිධ තිරශ්චීන සත්ත්‍වයන්ගේ දත්ත, තබ, චර්ම, රෝම ආදිය මිනිසුන් සඳහා ලෞකික වශයෙන් පමණක් උපකාරක වෙද්දි ශ්‍රී සර්වඥ ශාරීරික සහ පාරිභෝගික ධාතු ඔස්සේ ලෞකික සහ ලෝකෝත්තර සුබ සාධනය කවරෙකුට කෙසේ වත් වාරණය කළ නොහැකි ය.කැලණිය විශ්ව විද්‍යාලයයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ බාහිර කථිකාචාර්ය, කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණේ ආචාර්ය ගයාත් චානුක විදානපතිරණයන්ගේ ධර්මමය රචනා චාතූර්යය පිළිබඹු කරන නවතම කැඩපත වූ " ධාතු විස්තරය ” නම් ග්‍රන්ථය සැබැවින් ම ග්‍රන්ථ ධාතුවකි. සම්බුද්ධ ධාතු පිළිබඳ ප්‍රාමාණික වූ ද දුර්ලභ වූ ද අග්‍රගණ්‍ය වූ ද ශුද්ධෝත්පාදක වූ ද තොරතුරු සමුදායයකින් මෙම ග්‍රන්ථය විසිතුරු වෙයි. තවද එකී ධාතු ස්ථාපිතපූජ්‍යස්ථානයන්ට අදාළ වර්ණවත් ඡායාරූපාවලියකින් ද කෘතිය සමලංකෘතවී ඇත. විද්වද් ජනයාගේ නැණ පමණක් නොව ගුණ ද සද් ජනයාගේ ගුණ පමණක් නොව නැණ ද පුබුදුවාලීමට සමත් "ධාතු විස්තරය " "ථූපාරහ' නොවේ යයි කොට නම් කිව හැකිද?
අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි
අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි
Rs 855.00
Rs 950.00
Silumina Maha Seya Saha Salumini Maha Seya
කතෘගෙන්...
සිළුමිණි මහා සෑය මනුෂ්‍ය ලෝකයේ පිහිටා ඇති දාගැබක් නොවෙයි. මේ මහා සෑය පිහිටා ඇත්තේ තව්තිසා දිව්‍ය ලෝකයේ ය. දෙවියන්ට අධිපති වු සක්දෙව් රජු විසින් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට ත් ප්‍රථමයෙන් මහා බෝසතුන් ගේ කේශ ධාතු තැන්පත් කිරීමට මේ මහා සෑය මවන ලදී. සිළුමිණි මහා සෑයේ උස යොදුන් තුනකි. මේ මහා සෑය ඉන්ද්‍රනිල මැණික් වලින් තනා තිබේ. සිළුමිණි මහා සෑයට පාලි භාෂාවෙන් චූළාමණී චේතිය' යනුවෙන් කියනු ලැබේ.සිද්ධාර්ථ ගෞතම මහා බෝධි සත්වයන් වහන්සේගේ කේශ ධාතු ත් සර්වඥ දකුණු දළදා වහන්සේ ත් වැඩ සිටින්නේ මේ මහා සෑය තුළයි. සර්වඥ දකුණු අකු ධාතූන් වහන්සේ මුලින් වැඩ සිටියේ සිළුමිණි මහා සෑය තුළයි. ඒත් පසුව මේ ධාතූන් වහන්සේ ලක්දිවට ලැබුණි. සිළුමිණි මහා සෑය මෙන් ම සළුමිණ මහා සෑය ද මනුෂ්‍ය ලෝකයේ පිහිටා ඇති දාගැබක් නොවෙයි. මේ මහා සෑය පිහිටා ඇත්තේ බ්‍රහ්ම ලෝකයේය. ඝටීකාර බ්‍රහ්ම රාජයා විසින් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට ත් ප්‍රථමයෙන් මහා බෝසතුන් ගිහිගෙයින් නික්මෙන කල්හි හැඳ සිටි වස්ත්‍ර යුගල තැන්පත් කිරීමට මේ මහා සෑය මවන ලදී. සළුමිණ මහා සෑයේ උස යොදුන් දොළොසකි. සළුමිණි මහා සෑයට පාලි භාෂාවෙන් 'දුස්ස චේතිය' යනුවෙන් කියනු ලැබේ. සර්වඥයන් වහන්සේ ගේ වම් අකු ධාතුව තැන්පත් ව ඇත්තේ ද සළුමිණි මහා සෑය තුළයි.මේ සියලු කරුණු සලකා බැලීමේ දී තව්තිසා දෙව්ලොව සිළුමිණ මහා සැයේ ත් බඹලොව සළුමිණි මහා සෑයේ ත් ඇති පූජනීයත්වය මෙන් ම වටිනාකම මොන තරම් මහත් දැ' යි කියා පැහැදිලි ව පෙනෙයි.