Books

-10%

Lokaya Sathvaya Saha Nirvanaya

ප්‍රකට ගුන්ථ කර්තෘවර එස්. අයි.ගමගේ මහතාගේ නවතම කෘතිය ලෝකය,සත්ත්වයා සහ නිර්වාණය යි ග්‍රන්ථ නාමය ම මෙහි අන්තර්ගතය සුවසල් විෂය පථයක් ස්පර්ශ කරන බව පැහිදිලිව ප්‍රකට කරයි. මීට පෙරාතුව පළ වූ "මිනිස් සිත, "සසර ගමන සහ පුනරුත්පත්තිය” කෘතියෙහි සාකච්ඡාවට බදුන් වූ චිෂය ක්ෂේත්‍රයේ ම ඉදිරි පියවරක් ලෙස නවතම කෘතිය හැදින්වීම යෝග්‍යය පරිච්ඡේද වයි එකකින් පරිමිත මෙය සාමාන්‍ය සිංහල පාඨක ලෝකයා අරමුණු කර ගනිමත් සැකසී ඇත. මෙබඳු විෂය පථයක් ආවරණය වන සේ භුන්ථයක් සැකසීම කෘතහස්තලේඛකයෙකුට මිස සුළුතරයෙකුට කළ නොහැකිය. කෙනෙකු සතුව විශ්ව කෝෂයට බදු දැනුමක් තිබිය හැකිය එහෙත් ඒ දැනුම පාඨකයා වෙත වහනය කිරීම ලේසි පහසු කාර්යයක් නොවේ මේ අභියෝගය ගමගේ මහතා සාර්ථක ලෙස ජයග්‍රහණය කොට ඇත සිංහල ගුරු සිසු දෙපිසේ ම ඥාන පථය පෘථුල කිරීම සඳහා ප්‍රයත්න දරන ගමගේ මහතා සාමාන්‍ය සිංහල පාඨක ලෝකයාගේ ඥානාහි වෘද්ධය පිණිස කැප වීමද පැසසුම් කටයුතු වෙයි ගමගේ මහතාගේ මේ කෘතිය ජංගමශීලී අතිශය සංකීර්ණ වර්තමාන සිංහල පාඨක සමාජය වෙත නොකල්හි හමා ආ අමා පවනක් වේවා යි තම
එච්. එම්. මොරටුවගම
Rs 247.50
Rs 275.00
-10%

karma vipaka

කර්ම විපාක පිළිබඳ බුදු දහමෙහි විවිධ ආකාරයෙන් පැහැදිලි කර තිබේ. කරන ලද විවිධ කර්මවල විපාකයන්ගෙන් බේරීමට හැකි සත්ත්වයෙක් ලෝකයෙහි කිසිම තැනක නැත."චුල්ල කම්ම විභංග" සූත්‍රයට අනුව විශ්වය තුළ වෙසෙන සියලු දෙනාම කර්මය දායාද කොටගෙන ද, කර්මය ස්වකීය කොටගෙන ද, කර්මය නෑදෑයෙකු කොටගෙන ද, කර්මය පිළිසරණ කොටගෙන ද වෙසෙති.ඇතැමුන් සිතනුයේ, තම තමන් කරන කර්මවල විපාක නැත යනුවෙනි. ඇතැමුන් සිතනුයේ කර්මවල විපාක මේ ආත්මයේදීම අත් විඳීමට සිදුවනු ඇත යනුවෙනි. එහෙත් කරන ලද කර්ම වලට විපාක කුමන ආත්මයකදී හෝ අත් විඳීමට සිදුවන බවට කදිම නිදසුන් කිහිපයක් ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමියන් විසින් ලියන ලද මෙම කර්ම විපාක ග්‍රන්ථය මඟින් විදහා දක්වා ඇත.
Rs 495.00
Rs 550.00
-10%

Pera Bhawaye Daruwan Soya

ඇය සිය ළමා කාලයේ සිට මතකයන් සහ සිහින මගින් සිය පෙර ජීවිතය දකියි. ඒ අතරින් ගමන් කොට පෙර භවයේ තමා විසූ ගම කරා ගොස් තමා පෙර ජීවිතයේදී සිටි නිවස, ආ ගිය කඩ සාප්පු පල්ලි ආදිය දැක බලා ගන්නී ය.එපමණක් නොව පෙර භවයේ තම කුසින් බිහි කළ, දැන් වියපත්ව සිටින තම දරුවන් ද මුන ගැසෙන්නී ය.
මේ ජෙනීගේ සැබෑ කථාවයි
Rs 432.00
Rs 480.00
-10%

Kusala Ha Akusala Karma Karma Vipaka Ha Punuruppatthiya

කතෘගෙන්...
කර්මය, කර්ම විපාකය හා පුනරුප්පත්තිය යන විෂයන් බෞද්ධයන්ගේ හිත්වලට ඉතා සමීප ය. ඔවුන් ඒවා ගැන නිතර සිතති. කථා කරති, සිත හදාගැනීම පිණිස ද ඒ දැනුම යොදවති.එහෙත්, ඒ පිළිබඳව ඔවුන් තුළ තිබෙන දැණුම බොහෝ විට අසම්පූර්ණ ය. මන් ද කර්ම විෂය ගැඹුරු, තේරුම් ගැනීමට ඉතා අපහසු එකක් බැවිනි. එය අචින්ත්‍ය ය යැයි තථාගතයන් වහන්සේ වදාළේ එබැවිනි.ඇතැම් විට කර්මයත් විපාකයත් අතර තිබෙන පරතරය දීර්ඝ ය. විපාකයේ ස්වභාවය භිහිසුණු ය, එහෙත් එකිනෙක සමඟ සැසදීමට අසීරු ය. තේරුම් ගැනීමට අමාරු ය.මේ නිසා කර්ම විපාකය සුළුකොට තකන අඥානයා අකුසලයට බිය නොවෙයි. කුසලය මායිම් නොකරයි. මේ නිසා සසර සැරිසරන පුරාවට ම අපා දුක් විඳී. අල්පායුෂ ලබති. සිතාගත නොහැකි තරමේ දරුණු දුක් කම්කටොලු වලට හා සිත් තැවුල්වලට මුහුණ දෙයි.කර්ම විපාකය තහවුරු කිරීම පිණිස ද නිසිසේ අවබෝධ කරවීම පිණිස ද සද්ධර්මයට එකඟව කරුණු ගෙනහැර දක්වා තිබෙන මෙහි පුනරුප්පත්ති කථා පෙලක් ද අන්තර්ගත ය.
Rs 225.00
Rs 250.00
-10%

Apatama dakiya haki ilaga bhawaya

කතෘගෙන්...
'' අපටම දැකිය හැකි ඊළඟ භවය - 2" නමැති මෙම දහම පොත නිර්මාණය වූයේ, කලක පටන් මාගේ චිත්තාභ්‍යන්තරයෙහි ගැඹුරුම තැනක හටගෙන පැලපදියම්ව තිබූ වටිනා බණ පොතක් ලිවීමේ අදහස. මල්ඵල ගන්වමින් ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ, ප්‍රවීණ මාධ්‍ය වේදී ආරියනන්ද දොඹගහවත්ත සූරින් විසින් තම පුවත්පතට දහම් ලිපි පෙළක් ලබා දෙන ලෙස කළ ආරාධනය මූල බීජය කරගෙනය.
Rs 225.00
Rs 250.00
-10%

Dharmashoka Dambadiva Bauddha Adhirajya

ආර්.ජේ.ද. සිල්වා මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය සැකසීමට ඉන්දියාවේ පළ වී ඇති ඉතා වටිනා ග්‍රන්ථ ගණනාවක් ම උපයෝගී කරගෙන ඇත. මෙම තොරතුරු ඇතුළත් කරමින් මෙතුමා විසින් නවකතා ශෛලියක් අනුගමනය කරමින් රචනා කරන ලද මෙම අගනා කෘතිය සාමාන්‍ය මහජනතාව, දහම් පාසල් ශිෂ්‍ය - ශිෂ්‍යාවන් මෙන් ම දඹදිව වන්දනාවේ යෙදෙන සියලුම සැදැහැවතුන් වන්දනා ගමනට පෙර කියවීමෙන් ධර්මාශෝක රජු සහ ඔහු විසින් බුද්ධ ශාසනය නඟා සිටුවීමට කර ඇති මෙහෙය ගැන ඉතා වැදගත් වෙතිහාසික තොරතුරු රාශියක් අනාවරණය කර ගත හැකි වනු ඇත. 
Rs 1,440.00
Rs 1,600.00
-10%

Sooriyakantha Mala

පරිවර්තකගෙන්...
The Sunflower - 'සූරියකාන්ත මල' මෙම කෘතිය මට ලැබුණේ මා හිතවත් දයාවංශ ජයකොඩි යුවලගෙනි.මෙයද නාසි යුද සමයේ සිදු වූ තවත් ශෝකාන්තයකි. හිට්ලර් විසින් යුදෙව් ජනතාව සමූල ඝාතනය කිරීමේදී ඔවුන් විඳි වධ වේදනාවන් පිළිබඳ තවත් එක් කතාවකි.එහෙත් මෙය තරමක වෙනස් මුහුණුවරක් ගනී. යුදෙව් ජනතාව ඝාතනය කිරීමට නාසි හමුදාවට එක්වූ ජර්මන් තරුණයෙක් තමන් අතින් යුදෙව් ජනතාවට සිදු වූ අපරාධ වටහාගෙන ඒ පිළිබඳ පාපෝච්චාරණය කොට සිරගත කොට සිටි යුදෙව් තරුණයෙකුගෙන් සමාව ඉල්ලයි. එහෙත් ඔහුට සමාව දිය යුතු ද නැද්ද පිළිබඳව දෙගිඩියාවෙන් සිටි යුදෙව් තරුණයා සමාව දෙන්නේ නැත.ඔහු තමා ගත් තීරණය නිවැරදි දැයි ලෝකයාගෙන් අසයි. ඒ අවස්ථාවෙදී ඒ ගැන අදහස් දක්වන විද්වතුන් රැසකයේ ප්‍රකාශ මුල් කෘතියේ ඇතුළත්ය. පාඨකයා වෙහෙසන්නට නොහැකි බැවින් එම කොටස අත්හළෙමි. එහෙත් ඔහුගේ තීරණය ගැන අදහස් දැක්වීම පාඨකයාට බාරය.
Rs 432.00
Rs 480.00
-10%

Sappadasa maha rahathan wahanse

කතුවරයාගෙන්
"සප්පදාස මහ රහතන් වහන්සේ” නම් වූ මේ ග්‍රන්ථය මා විසින් සම්පාදනය කර ගෙණ යනු ලබන අසූ මහා ශ්‍රාවක චරිත කථා ග්‍රන්ථ මාලාවට අයත් නොවන "මහා ශ්‍රාවක චරිත කථා” ග්‍රන්ථ මාලාවේ නව වැනි කෘතිය යි.
Rs 180.00
Rs 200.00
-10%

Himalayanu Yogi Swami Ramage Nila Charithapadanaya 3

මෙම කෘතිය පණ්ඩිත් රාජ්මනී ටිගුනායිට් විසින් රචිත 'The Official Biography of Swami Rama of the Himalayas' කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනයේ අවසන් කොටස වන අතර බටහිර විමතියට පත් කළ හිමාලයානු යෝගී ස්වාමී රාමා තුමාගේ චරිතාපදානය මෙම කෘතිය තුළ අන්තර් ගත වේ.
Rs 765.00
Rs 850.00
-10%

Wanagatha Rajamaha Viharaya

වනගත රජමහා විහාර පොතෙන් වන්දනා කරුවා උත්සාහ කළේ වනාන්තර බදව හෝ වන මැද ගල්ලෙන්වල හුදෙකලා වූ පෙති පිළිම, දාගැබ්, පුරාවිද්‍යා ස්ථාන වන්දනා කිරීමටය. ඒවායේ සැඟවුණු පුරාවිද්‍යාත්මක අගය සහ ඓතිහාසික වටිනාකම සොයා ඉදිරිපත් කිරීමටය. මෙම කෘතියේ ගලේවෙල ගැරඬිගල ලෙන්වල ගල් ඇඳන්, ඇති පොල කඳු බෑවුමේ මාතලේ තල්ගහගොඩ ලෙන් විහාරය. ඇළහැර අමුණ සහ බකමුණේ බුදුරුවයාය පිළිමය. කන්දේගම කන්දේ සැතපෙන පිළිමය. හෙනන්නේගල ලෙනේ දාගැබ සහ උතුරේ කුරුඳුමලේ විහාරය. සපුමල්ගස්කඩ සහ කිඹුලාගලත් ගැන කරුණු අඩංගුය. ලංකා පටුන, යාල වන මැද නටබුන් විහාර මෙන්ම තරුලෙන්ගල සහ පඩිකෙම්ගල ඇතුළු අප තුළ කුතුහලය දනවන පුරාණ රජ මහා විහාර රාශියක් ගැන මෙම කෘතියෙන් දැනුමක් ලබාදෙන අතරම ඒවා සොයා වන්දනා කිරීමට පාඨකයා පොලඹවයි
Rs 765.00
Rs 850.00
-10%Out-of-Stock

Kala kam paladena hati

Out-of-Stock
'කළ කම් පල දෙන හැටි' නම් මෙම කෘතිය වරුණ අබේසේකර මහතා විසින් රචනා කර ඇති අතර අපගේ ජිවිතයේදී අපි විසින් සිදු කරණු ලබන හොද හා නරක යන ක්‍රියාවන් කර්මයක් ලෙස අප ජිවීතයට බලපාන ආකාරය මෙම කෘතිය මගින් තේරුම් ගත හැකිය.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Karma Wipaka Jeevitha Athdekim Asurin

Out-of-Stock
කර්මය, ජීවිතය, මරණය හා මරණින් මතු ජීවිතය පිළිබඳ ඉගෙනීමට මිනිසා තුළ ඇති කුතුහලය කිසි දා නිම නොවෙයි. ජීවිතය යනු කුමක් ද? මරණය යනු කුමක් ද? මරණින් මතු සිදු වන්නේ කුමක් ද යන්න පිළිබඳව වේද යුගයේ සිට අද දක්වා ම, මිනිසුන්ගේ අවධානය දිනාගත් ගැටලුවකි. සෑම දාර්ශනිකයකුගේ ම මූලික උත්සාහය ද, මිනිසා යනු කවරෙක් ද යන ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට ය.පුජ්‍ය පුවක් පිටියේ පඤ්ඤාරතන හිමියන් විසින් ලියා ඇති කර්ම විපාක ජීවන අත්දැකීම් ඇසුරින් ග්‍රන්ථය වර්තමාන විද්‍යාත්මක ඥානය සහිත නව පරපුරට චම ගැටලුව මෙන් ම එහි විසඳුම ද තේරුම් ගැනීමට හැකි ලෙසට මනාව ගලපා ලියන ලද ග්‍රන්ථයකි.බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ කර්මය පිළිබඳ මතවාදය, බුදුරදුන්ට සමකාලීන ව ජීවත් වූ දාර්ශනිකයන් ඉදිරිපත් කළ මතවාද සමගින් ඉදිරිපත් කරමින්, ගැඹුරින් වහෙත් සරලව මෙම ග්‍රන්ථයෙහි පැහැදිලි කර ඇත.
Rs 540.00
Rs 600.00
-10%

Marananusmruthiya Hevath Marena Bawa Nithara Sihikireema

'මරණානුස්මෘතිය හෙවත් මැරෙන බව නිතර සිහිකිරීම' යන මෙම ග්‍රන්ථය පැලෑණේ ශ්‍රී වජිරඤාණ මහා නායක මාහිමිපාණන්වහන්සේ විසින් රචනා කරන ලද අතර මිනිසුන් වන අප සියලු දෙනාට ජීවිතයේ මොනයම් හෝ මොහොතක මොනයම් වූ වෙලාවකදී අන්පේක්ෂිත ලෙස මුහුණ දීමට සිදු වන මරණය පිළිබදව ඉතා නිරවුල්ව සියලු පාඨක ජනතාව හට තේරුම් ගැනීමට හැකි වන අන්දමින් රචනා කරණ ලද ඉතා වටිනා කෘතියක් ලෙස හදින්විය හැකිය.
Rs 198.00
Rs 220.00
-10%

Maranaya Antharabhavaya Karmaya Saha Punarbhavaya

 'මරණය, අන්තරාභවය, කර්මය හා පුනර්භවය' යන කෘතිය 'බුදුසරණ' පුවත්පතෙහි පළ වූ ලිපි පෙළක් වන අතර මේ මගින් සාකච්ඡා කරන කරුණු තුළින් බොදු ජනතාවට බුදු දහම පිළිබද ගැඹුරු අධ්‍යනයක් කිරීමට මගපාදා දෙයි. 'අන්තරාභවය' පිළිබඳව මෙම කෘතියේ සිදු කරන සාකච්ඡාව බොදුනුවන් තුළ නව චින්තනයක් ඇති කිරීමට සමත්වන අතර එබැවින් මෙය බොහෝ දෙනා අතර ජනප්‍රිය කෘතියක් වනු නොවනු මානය.
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Maranaye Sevanali Ha Bhuthayo

Out-of-Stock
'මරණයේ සෙවණැලි හා භූතයෝ' යන මෙම කෘතිය මරණය පිළිබද සමාජ විද්‍යාත්මක හා දාර්ශනික විග්‍රහයකින් ඉදිරිපත් කර ඇති කෘතියක් වන අතර ශාස්ත්‍රපති පූජ්‍ය වලතර සෝභිත හිමියන් විසින් රචනා කර ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 252.00
Rs 280.00
-10%

Maranaye Sita Upatha dakva Hevath Karmaya Saha Punuruppatthiya

කර්මය යනු අපව පුනරුප්පත්තියට නතු කොට සංසාර චක්‍රයට තබා ගැට ගසා කරකවන එකම සාධකය බවත් කර්ම විපාක ලිහිල් කර ගනිමින් අධ්‍යාත්මිකව මාර්ගයේ යමින් තෘෂ්ණාව, ඇලීම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මදමානාදිය සිත්වලින් බැහැරකොට චිත්ත පාරිශුද්ධත්වය ඇති කර ගැනීමෙන් භව ගමන කෙටි කර ගත හැකි බවත් මේ කෘතියෙන් පැවසේ. 
Rs 450.00
Rs 500.00
-10%

Bhavasankrantha

කතෘගෙන්...
අපේ ඇස්, කන්, නාසය, දිව, ශරීරය යන පසිඳුරන්ට සහ පුහුදුන් මනසට නොදැනෙන ලෝක තත්වයන්ට මම නොපෙනෙන ලෝකයයි නම් කරමි. මෙම නොපෙනෙන ලොව දකින්නට නම් අප මනසේ අපේ බව ඉක්මවා ගිය "වෛඥාණික” ශක්තිය දියුණු කර ගත් ධ්‍යාන ලාභීන් සහ වෛඥාණික පරියේෂණ විවිධ උපකරණ මගින් කරන විද්‍යාත්මක පරියේෂකයින් අතරින් ඇතැමෙක් නොපෙනෙන ලොව දකිති. පාඨක ඔබ අප සැමටම ඉක්මනින් ධ්‍යාන ලාභීන් හෝ විද්‍යාඥයින් වීමට නොහැකිය. එහෙත් සාමාන්‍ය බුද්ධියේ සිට නොපෙනෙන ලෝවක තතු සොයන බුද්ධිමත්හු බොහෝය. ඔබත් ඉන් එක් කෙනෙක් විය හැකිය. ඔබ වැනි බුද්ධිය විනිවේද යොදන හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස මා මේ පොත ලියමි.
Rs 255.15
Rs 283.50
-10%

Karma vipakaya Pala Dena hati Saha Ma Labu Athdakeem

'කමර්‍ විපාක පල දෙන හැටි සහ මා ලැබූ අත්දැකීම්' යන මෙම කෘතිය පූජ්‍ය වේන්දළුවේ සෝරත හිමිපාණෝ විසින් රචිත අතර මෙම කෘතිය තුළ කමර්‍ විපාක පල දෙන ආකාරය පිළිබදව ඉතා සරල ලෙස විග්‍රහ කර ඇති කෘතියක් ලෙස හැදින්විය හැකිය
Rs 135.00
Rs 150.00
-10%

karumaye arumaya

'කරුමයේ අරුමය' නම් මෙම කෘතිය තුළ කරුමය හා එහි විපාකය මෙලොවදීම අත්විදීම පිළිබදව ලැබූ අත්දැකීම් වලින් රචිත අතර මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන් විසින් විරචිත මෑත කාලින සමාජයට ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 247.50
Rs 275.00
-10%

Sathwaya maranin mathu weda

සෝමසිරි හබරගමුව මහතා විසින් රචිත සත්ත්වයා මරණින් මතු වේ ද ? යන මෙම ග්‍රන්ථය වනාහි බුදුන් වහන්සේගේ චරිතාපදානය ඇසුරින් රචනා වූ ඉතා වටිනා ග්‍රන්ථයක් වන අතර මරණින් මතු උප්පත්තියත් කළ කුසල් අකුසල් අනුව උප්පත්ති දාමය සිදු වන අයුරුත් ඉතා මැනවින් විග්‍රහ කර ඇති ග්‍රන්ථයක් වශයෙන් හැදින්විය හැකිය.
Rs 270.00
Rs 300.00
-10%

Yali Upan Diyani

'A LITTLE GIRL LOST... BETWEEN DEATH AND LIFE' කෘතිය සිංහල පරිවර්ථනය වන යළි උපන් දියණි නම් මෙම කෘතිය තුළින් මරණයත් ජීවිතයත් අතර අතරමංවුණු දැරියකගේ කතාව කුමාරි ගුණරත්න මහත්මිය විසින් පාඨක ඔබ හමුවේ ගෙන හැර දක්වන අතර මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් ගෙන හැර දක්වන්නකි.
Rs 1,260.00
Rs 1,400.00
-10%

Alokayen Parinamanaya Wuwo

'TRANSFORMED BY THE LIGHT' නම් කෘතියේ සිංහල පරිවර්ථනය වන 'ආලෝකයෙන් පරිණාමනය වූවෝ' නම් මෙම කෘතිය අධිනීතීඥ කූමාරි ගුණරත්න මහතමිය විසින් සිංහලට පරිවර්ථනය කරන ඇති අතර මෙම කෘතිය තුළින් මරණාසන්න අත්දැකීම් මගින් මිනිස් ජිවිත වලට ඇතිවෙන ප්‍රබල බලපෑම් පිළිබද කරණ ලද අධ්‍යනයක් තුළින් රචනා වූ ඉතා වටිනා කෘතියක් ලෙස ලෝක ජනාදරය දිනා ගත් කෘතියකි.
Rs 427.50
Rs 475.00
-10%

Karmaya Punarbhawaya Ha Sathwaya Pilibada Wimasumak

මෙම ග්‍රන්ථය රචනා වී ඇත්තේ මූලික වශයෙන් පාඨකයා හට කර්මයත්, පුනර්භවයත් මනා ලෙස පැහැදිලි වන ආකාරයට වන අතර. භවයෙහි සැරිසරන සත්ත්වයාට මූලික වශයෙන් මුහුණ දීමට සිදු වන්නේ කර්මයට අනුව ලැබෙන පුනර්භවයටය. ඒ කාරණය පිළිබදව මෙම ග්‍රන්ථය මගින් ඉතා නිරවුල් අකාරයට කරුණු පැහැදිලි කළ ඇති වටිනා කෘතියක්,ලෙස හැදින්විය හැකිය.
Rs 351.00
Rs 390.00
-10%

Karma Athpotha

කමර්‍ අත්පොත, ටෲට්ස් හර්ඩෝගේ සිද්ධි අධ්‍යයන, ත්‍රිපිටකය හා වෙනත් ධර්ම ප්‍රස්තක අනුව විග්‍රහ කරමින් ඉරින්ද්‍රා දිවයින පුවත්පතේ 'සියපත' අතිරේකයේ පළ වූ ලිපි පෙළේ එකතුවකි. ඊට අමතරව කර්මාභියෝගය ලෙස ධර්ම සාකච්ඡාවක් ද මීට එකතු කොට ඇත. මෙය මෙත් වැඩීමේ වැදගත්කම හුවා දැක්වෙන අපේ කාලයේ මිනිසුන්ගේ අත්දැකීම් සමුදායකි
Rs 261.00
Rs 290.00
-10%

Bava Athare Gandahabbaya

මරණය අපේ අවසාන වී නම් ජිවිතය අරුත්සුන් වන්නේ ය. එනමුදු අප තුළ ඇති යම් කිසි ශක්ති ප්‍රවාහයක් අපට මරණයෙන් පසු යමක් ඇතැයි මිනිසාට සිතන්නට ඉඩ සලසයි. වඩාත් උසස් වූ ශක්තියකට අප යාවෙන බව ද පරමාත්මයක් ගැන ද හැඟුම් ඇති කරයි. අපට සැබවින් ම ආත්මයක් ඇත්නම් මරණින් පසු එය යන්නේ කොයිබට ද? අපේ භෞතික විශ්වයට පිටස්තර ව නැණවත් භූතීන් ගෙන් පිරී යම් කිසි දෙව්ලොවක් සැබවින් ම තිබේද? එය කෙබඳු ද? අප එහි ගිය විට කරන්නේ මොනවා ද?
මරණයෙන් පසු ඊළඟ ජීවිතය දක්වා සිදුවන ආත්ම චාරිකාව අතිශය ගාමිහිර ලෙස හෙළිදරව් කරන මේ පර්යේෂණය වනාහි දස වසරක අත්දැකීම් ඇසුරින් හෙළිදරව් කරන්නකි
Rs 684.00
Rs 760.00
-10%

Bhawanthara Sankramana

'MANY LIVES MANY MASTERS' නමැති පර්යේෂණ කෘතියට පාදක වී ඇත්තේ බහුආංගික රෝගාබාධයන්ට ආකරයක් වූ කැතරින් නමැති තරුණියක් රෝග නිධානයන් සොයා ගැනීම සඳහා කරනු ලබන මෝහන නිද්‍රා ප්‍රතිගමන ක්‍රියාවලිය තුළින් අනාවරණය වූ විස්මිත කරුණුය. ක්‍රිස්තු පූර්ව ශත වර්ෂ ගණනාවකට පෙරාතුව සිට ආත්ම අසූහයක් මෙලොව ජනිතව ස්ත්‍රී පුරුෂ ආදි විවිධ චරිත ගෙව) ඇති ඈ පවසන්නේ මිය ගිය හැම අවස්ථාවකම තමා ශරීරයෙන් මිදී ඉහළට පාවී ගොස් දීප්තිමත් ආලෝක තලයන් වෙත ඇදී ගිය බවත් එහදී තමා භූත මහත්මාවරුන් ගේ රැකවරණයට පත්වෙන බවත් ය. කර්මය, පුනරුප්පත්තිය, කර්ම ණය, පව් පින් ආදිය ගැන කතා කරන ඈ වාහිකාවක ලෙස යොදා ගනිමින් දැනට බරපතල ලෙස පරිහානියටත් විනාශයටත් ගොදුරු වී සිටින මානව වර්ගයාගේ උන්නතිය උදෙසා භූතමහත්මාවරුන් මහාචාර්ය වෙයිස්ට දෙන ධර්ම කාරණා උපදෙස් ඇතුළත් කොට සකසා ඇති 'භවාන්තර සංක්‍රමණය ප්‍රවීණ ලේඛක හා පරිවර්තක තිලක කුඩාහෙට්ටි සූරින්ගේ තවත් විස්මිත පරිවර්තනයකි.
Rs 315.00
Rs 350.00
-10%

Bhavagni Chaya

කතෘ සටහන
මෙම ග්‍රන්ථයට පාදක වී තිබෙන්නේ සත්‍ය සිදුවීම් මාලාවකි. බලංගොඩ ආනන්ද මෛත්‍රය නාහිමියන්ගෙන් කමටහන් ගෙන භාවනානුයෝගීව සිට ලබාගත් ලෞකික ධ්‍යානයකින් අමනුෂ්‍ය ආත්ම සමග අදහස් හුවමාරුකර ගැනීමේ හැකියාවක් ඇති සිල්මාතාවකගේ අත්දැකීම මෙම ග්‍රන්ථය රචනා කිරීමට ඉවහල් වී තිබේ.
Rs 585.00
Rs 650.00
-10%

Karma

කතෘගෙන්...
ඉංග්‍රීසි ජාතික සුප්‍රකට ලේඛක පෝල් බ්‍රන්ටන් විසින් රචිතWhat is Karma කෘතිය පරිවර්තනය කර ඊට උප ග්‍රන්ථයක් ද එක් කළේ මන්දැයි මෙහි යම් තැනක සඳහන් කර ඇත්තෙමි. පුද්ගලයෙකු සමාජයක්, රටක් පමණක් නොව සමස්ත මානව වර්ගයා ම ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනයට උපයෝගී කර ගත හැකි අදෘශ්‍යමාන බලවේගයක් ලෙස කර්මය හැඳින්විය හැකිය.කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ කිසියම් ක්‍රියාවක් සිදු කිරීමේදී සිතෙහි උපදින එක්තරා සිතිවිලි විශේෂයකට කමර්‍ යයි භාවිතා කරන බව බොදුනුවන් වන අප දන්නා නමුත් අපරදිගවාසීන්ට තවමත් කමර්‍ හා කමර්‍ විපාකය ආගන්තුක දෙයකි. මේ ඌණතාවය වටහා ගැනීම නිසා දෝ ලේඛක බ්‍රන්ටන් කමර්‍ කුමක් දැයි අපරදිගට හඳුන්වා දීම සඳහා මේ කෘතිය සම්පාදනය කළා විය යුතු යැයි සිතේ.
කමර්‍ කුමක්දැයි හඳුන්වා දීමට උත්සාහ ගන්නා බ්‍රන්ටන් එකී ක්‍රියාකාරිත්වයත්, සමා ප්‍රදානය, නිදහස හා කෙනෙකු ප්‍රබුද්ධත්වයට පත්වීම සම්බන්ධයෙන් ද ඔහු අවබෝධ කරගෙන ඇති දේ මෙයට ඇතුළත් කර තිබේ. කමර්‍ කෙනෙකුගේ යහපත වෙනුවෙන් යොදා ගත හැකි ආකාරය ද ඔහු සැකෙවින් මෙහි දක්වා ඇත. මේ අතර මවිසින් සකසා මීට යාකර ඇත්තේ කමර්‍ හා කර්ම විපාක සම්බන්ධයෙන් මා දන්නා සත්‍ය සිද්ධීන් කීපයකි.
Rs 270.00
Rs 300.00
-10%

Yakshaveshaya

'යක්ෂාවේෂශය' නම් මෙම කෘතිය සත්‍ය සිදුවීම් පාදක කොට ගනිමින් රචනා කරණ ලද කෘතියක් වන අතර මෙම කෘතිය පරිශීලනයෙන් මිනිස් සන්තානයන් තුළ පැලපදියම් වී තිබෙන බොහෝ අකටයුතුකම් ඉවත් කර ගැනීමට ඉවහල් වනවා පමණක් නොව සුගතිගාමී මාවතකට පිවිසෙන්නට මහත් පිටුවහලක් සලසනවා නොඅනුමානය.
Rs 540.00
Rs 600.00
-10%

Pirimiyawa Kiyawamu

කතෘ ගෙන්...
රෝස මලක් යනු රෝස මලක් වන අතර එයට වෙන යමක් වීමේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. එසේම නෙළුමක් යනු නෙළුමක්. එය රෝස මලක් බවට පත්වීමට කෙහෙත්ම තැත් නොකරයි. එබැවින් ඔවුන් මානසික රෝගීන් නොවෙයි. ඔවුන්ට මනෝ වෛද්‍යවරුන්ව අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ට මනෝ විශ්ලේෂණය අවශ්‍ය නැහැ.
රෝස මල නිරෝගීව, සුවෙන් සිටින්නේ එය සරලවම තම යථා ස්වභාවය වශයෙන් ජීවත් වන නිසායි. එබැවින් මිනිසා සමඟ හැරුණු විට ඒවා මුළු පැවැත්ම සමඟින් ජිවත් වෙයි. මිනිසාට පමණයි කළ යුතු දේ සහ පරමාදර්ශ තිබෙන්නේ. ඔබ මේ දේ සහ අර දේ විය යුතුයි යනුවෙන්. එවිට ඔබ ඔබේම වන ආකාරයට එරෙහිව බෙදී යයි.
Rs 630.00
Rs 700.00
-10%

Samanera namakage mathaka satahan

මෙම  පොත, හුදෙක්, නූතන ශ්‍රී ලාංකික බෞද්ධ ශාසනික පරිසරය තුළ සම්ප්‍රදායයන් බවට පත්ව තිබෙන අනේක විධ ජුගුප්සා ජනක අත්දැකීම් වලට ගොදුරු ව, තවත් දඩයක්කරුවකු බවට රූපාන්තරණය නොවී, තවදුරටත් සිවුර දරා හිඳිමින් ශාසනික ජීවිතය තුළ කිසියම් ඵලදායීත්වයක් අත් කර ගැනීමට සිතන හෙට භික්ෂුව, සාමුහිකයෙහි උදෙත්ගය මත සම්පාදනය කෙරෙන්නකි.
Rs 405.00
Rs 450.00
-10%Out-of-Stock

Rathnartha Sudhani Nam Wu Sinhala Dhammapadaya

Out-of-Stock
රත්නාර්ථ සුධනී නම් වූ සිංහල ධම්මපදය ඇතුළත් කර සකස් කරණ ලද සිංහල බෞද්ධයන් සමීපයේ තිබිය යුටු  ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 202.50
Rs 225.00