Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Buddhasthupa
" නව අරහාදී බුදු ගුණයෙන් නුවණින් සිහි කරත් සිහි කරත් ම, සැදැහැවත් බැතිමතාගේ හෘදයාභ්‍යන්තරයෙහි රමණීය බුද්ධස්තූපයක් නිර්මාණය වෙයි. හැම සැදැහැවත් හදවතක් (සිතක්) තුළම එබඳු බුදු ගුණ සෑයක් නිමවා ගැනීම සඳහා උපකාරක ආකෘතියක් සෙයින් නිබැඳුණකි, මේ ' බුද්ධස්තූප ' ග්‍රන්ථය "
සම්පාදක හිමියන් විසින් ග්‍රන්ථාරම්භයෙහි ඉදිරිපත් කර ඇති මෙම කෙටි සටහන බුද්ධස්තූප ග්‍රන්ථයේ නිමිත්ත, අන්ත‍්‍රගතය ආකෘතිය හා ප්‍රයෝජනය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා ගැනීමට උපකාරවත් වේ. අරහං, සම්මා සම්බුද්ධ, විජ් ජාචරණ සම්පන්න, සුගත ආදී නව බුදුගුණ විස්තර කෙරෙන පරිච්ඡේද නවයෙකින් සමන්විත මෙම ග්‍රන්ථය එක් එක් බුදු ගුණය විස්තර කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ විසින් ම දේශනා කළ සූත්‍ර ධර්ම ආශ්‍රිත කරුණු ඉදිරිපත් කරමින් බුද්ධානුස්සති භාවනාව වඩනු කැමති, එමගින් සාර්ථක ප්‍රතිඵල ලබනු කැමති බෞද්ධ ජනතාවට මෙහි අන්තර්ගත ධර්ම කාරණා බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

Rs 630.00
Rs 700.00
Himalayanu Yogi Swami Ramage Nila Charithapadanaya 1
පරිවර්තකගෙන්
මේ වනාහි බටහිර මවිතයෙන් මවිතයට පත් කළ "හෝලේ බාබා" යන සුරතල් නාමයෙන් හැඳින් වූ හිමාලයානු මහා යෝගී ස්වාමි රාමාගේ නිල චරිතාපදායයි. මෙය ස්වාමි රාමා විසින්ම තම අභිමතය පරිදි තෝරා ගන්නා ලද ගෝලයෙකු වූ ආචාර්ය පණ්ඩිත් රාජ්මනී ටිගුනයිට් විසින් ලියවන ලද The Of-ficial Biography of Swami Rama of the Himalayas කෘතියේ අසංක්‍ෂිප්ත පරිවර්තනයේ ප්‍රථම කොටසයි.

Rs 540.00
Rs 600.00
Himalayanu Yogi Swami Ramage Charithapadana 2
පරිවර්තකගෙන්
මේ වනාහි පණ්ඩිත් රාජ්මනි ටිගුනායිට් විසින් ලියන ලද විවිධ යෝග දක්ෂතා තුළින් බටහිර මවිත කළ යෝගී ස්වාමි රාමාගේ පුර්ණ චරිතාපදානය රැගත් The Official Biography of Swami Rama of the Himalayas කෘතියේ අසංක්ෂිප්තපරිවර්තනයේ දෙවැනි කොටසයි.

Rs 315.00
Rs 350.00
Jathiyen sagavee yana polonnaruwe bithusithuwam
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ දෙවන රාජධානිය වන පොළොන්නරු රාජධානියෙහි කලා නිර්මාණ අතර බිතුසිතුවම් වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මහියංගනය, දිඹුලාගල, පුල්ලිගොඩ, ගල් විහාරය, ලංකාතිලකය, තිවංක පිළිමගෙය හා දැදිගම කොටවෙහෙර ආදී බොහෝ ස්ථාන වල මෙම යුගයට අයත් සිතුවම් දැකගත හැකිවන අතර ඒවාට ම අනන්‍ය වූ කලාත්මක අංග භාවිත කර ඇති බවක් ද පෙනේ. විශේෂයෙන් ම දකුණු ඉන්දීය හින්දු බලපෑම මෙම යුගය තුළ සුලබව සිදු වූ නිසා සිතුවම් කලාවට ද එම ආභාෂය ලැබී ඇති බව පෙනේ.
'ජාතියෙන් සැඟවී යන පොළොන්නරු යුගයේ බිතු සිතුවමි' යන මැයෙන් රචිතමෙම ග්‍රන්ථය පූජ්‍ය පිටිහාරාවේ සුගතඥාන හිමියන් විසින් රචිත ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්වීය හැකිය.
'ජාතියෙන් සැඟවී යන පොළොන්නරු යුගයේ බිතු සිතුවමි' යන මැයෙන් රචිතමෙම ග්‍රන්ථය පූජ්‍ය පිටිහාරාවේ සුගතඥාන හිමියන් විසින් රචිත ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්වීය හැකිය.
Rs 720.00
Rs 800.00
Bauddha Samaja Widya Praweshaya
බෞද්ධ සමාජ විද්‍යා ප්‍රවේශය නමැති ග්‍රන්ථය පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්‍ෂේත්‍රයට සිංහල භාෂා මාධ්‍යයෙන් කරන මාහැඟි ප්‍රදානයකි. විද්‍යාත්මක සමාජ විද්‍යා දෘෂ්ටි කෝණයකින් මුල් බුදුසමයේ එන ඇතැම් කරුණු විග්‍රහ කොට දැක්වීමට ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි මහතා දරා ඇති උත්සාහයට සමාන උත්සාහයක් සිංහල භාෂාවෙන් ලියැවී ඇති අනෙක් ග්‍රන්ථයක දක්නට නොලැබෙන බව කිය යුතුය. ඒ බව මේ කෘතියේ එන පරිච්ඡේද නාම විමසීමෙන් ම පැහැදිලි වේ.
Rs 990.00
Rs 1,100.00
Nawathama shilalipi gaveshanaya
සුගිය කාලය තුළ වගකිවයුතු කිසිවකුගේ ඇස නොගැටුනු මේ ග්‍රන්ථයෙහි එන වැඩි පමණක් ලිපි ගැමියන් මගින් අපට සොයා ගැනීමට හැකිවිය. පුන්‍යාඩි ලිපි හමුදා සෙබල මුළු විසින් රැකවරණය කරන ලද්දේය. මේ නිසා මේවා සොයා ගැනීමේ ගෞරවය ඔවුන් වෙත පිදිය යුතු වෙයි.මෙම ගෞරවය ලැබීමට පණ්ඩිතම්මන්‍යයට හිමි නැත. අපදු කළේ ඒවා පිටපත් කර අරුත් දක්වා පළමු වරට ලොවට දීමකි. මේ අතර අපේ ඇස මිස එවන් කිසිවෙකුගේ ද ඇස නොගැටුනු ලිපි ද වෙයි.ඒවා සොයාගන්නා ලද්දේ අපම විසිනි. දියතිත්ත වැව, මදයා කන්ද, බෙරවායාකන්ද ලිපි ඉන් ප්‍රධානය. මේ සියලු ලිපි ඉතිහාසයේ නව පිටුවක් පෙරලනු ඇත. මේ ලිපි සොයාගෙන මාධ්‍යවලට විස්තර දැක්වූයේ 2006 ජනවාරි මස දීය.
Rs 720.00
Rs 800.00
Sudu Walakulu
කරදර දුක් ගැහැට විඳ දරා ගනිමින්, සිය ශ්‍රමය වගුරා වන සිතුගේ අරක්ගත් මහ වනයක් ගමක් බවට පෙරළාගත් සැටි "අස්වැක්කේ" කියැවේ. ඛංජප්පු, සංගු, පාංසප්පු, අගෝරිස් හා පොරොන්සිනා වැන්නවුන් විසින් ගොඩනගාගත් නව ලෝකය ඔවුන් මිය ඇදෙන්නට ද ප්‍රථම දූෂණය විය. " සුදු වලාකුළු" නම් මේ නවකතාව, එතැන් සිට ඇරඹ, පුරා දස වසක් ඇතුළත නිමාවට පත් වේ. එක තැන කැකෑරෙමින්, දුසිරිතට ඇබ්බැහිව දුරාචාරයෙහි හැසුරුණු නූගත් මනුෂ්‍ය කොට්ඨාශයකට මාර්ග දේශකයා වෙමින් ඔවුන් යහ මග තබන්නට දිවා රාත්‍රී වෙහෙස ගත් බර්කෝලිස් ගුරු මහහා මෙහි කතා නායකයාය. අධ්‍යාපනය නිසා ඈත පිටිසර වහ වහා පිබිද නැඟී ආ සැටි මෙයින් කියැවේ. " සුදු වලාකුළු" බුද්ධි විප්ලවයේ සමාරම්භක කතා පුවතයි.
Rs 675.00
Rs 750.00
Baddegedara
ජයසේන ජයකොඩි මහතා විසින් රචනා කරණ ලද බැද්දෙගෙදර නම් මෙම කෘතිය තුළින් අතීතයේ ජීවත් වූ පවුල් පරිසර පිළිබදව අවබෝධයක් ලබා ගත හැකි අතරම අතීතය තුළින් වර්ථමානය නිවැරදි අවබෝධයෙන් යුතුව ජීවත් වීම සදහා මනා පිටි වහලක් සැලෙසෙන කෘතියක් ලෙස හැදින්විය හැකිය.
Rs 405.00
Rs 450.00
prathimokshaya
Out-of-Stock
'විනයෝ නාම සාසනස්ස ආයු'
බුදු සසුනේ පැවැත්ම රඳා පවතිනුයේ "විනය" මතයි. සිය වසක් ගතවූ සාමණේර හිමි නමක් වුවද, අද ම අධිශීල සංඛ්‍යාත උපසම්පදාවෙහි පිහිටි භික්ෂූන් වහන්සේට වන්දනා මාන ගරු සත්කාර දැක්විය යුතුය. මහ රහත් බවට පත්වූ සාමණේර නමක් වුවද උපසපන් භික්ෂුවට වන්දනා කළ යුතුය.
ඊට හේතුව නම් උපසපන් භික්ෂුව සතු විනය නීති මාලාවෙහි ශ්‍රේෂ්ඨත්වයයි. එම උපසම්පදා භික්ෂුවගේ හස්තසාර ග්‍රන්ථය ප්‍රාතිමෝක්ෂයයි. එය නිතර පරිහරණය කිරීමෙන්, අනුගමනය කිරීමෙන්, පිළිපැදීමෙන් භික්ෂුවගේ පූජනීයත්වය, ශ්‍රේෂ්ඨත්වය වඩ වඩාත් දියුණු වෙයි.වීම භික්ෂුව ශාසනයේද ආරක්ෂකයා වෙයි. නිර්වාණාවබෝධයටද මඟ විවරවනු ඇත.සම්පාදක හිමි.

Rs 500.00
Atheetha Janma
මැරෙන මිනිසාගේ ආත්මය මේ පොලොව මත යලි පහල වෙනවා,
උපත වෙන මවකගේ සිරුර ද අලුත් බව මට හැගී යනවා.
ශක්තිමත් අවයව තුයුණු මනස සමග
තිබුණු පැරණි ආත්මය නැවත
සුපුරුදු ගමන අරබනවා...
උපත වෙන මවකගේ සිරුර ද අලුත් බව මට හැගී යනවා.
ශක්තිමත් අවයව තුයුණු මනස සමග
තිබුණු පැරණි ආත්මය නැවත
සුපුරුදු ගමන අරබනවා...
Rs 540.00
Rs 600.00
Widarshana Bhavanave Mulikanga
සිරිල් චන්සේකර ගුණවර්ධන මහතා විසින් සිංහලට පරිවර්තනය කරණ ලද 'විදර්ශනා භාවනාවේ මූලිකාංග' නම් මෙම කෘතිය මගින් නිවැරදිව භාවනාවේ යෙදිය යුතුඅකාරය මහාසී සයාඩෝ හිමි යන් දේශනා කළ අකාරය සදහන් වේ.
Rs 540.00
Rs 600.00
Sathuta Gena Dena Bauddha Katha
Out-of-Stock
කතෘගෙන්...
* මේ පොතේ දැක්වෙන කතා මා තිස් අවුරුද්දක් තිස්සේ ථෙරවාදී වනවාසී ස්ථවිරයන් වහන්සේ නමක් හැටියට එකතු කර ගත් ඒවායි. තම දෙසුම් ශ්‍රාවකයාගේ සිතට කාවද්දන්නට බුදුන් වහන්සේ කතාවන් ප්‍රයෝජනයට ගත්හ. ඊසාන දිග තායිලන්තයේ අජාන් චා නම් වූ මගේ ආචාර්ය තුමාද එලෙසම කතාවන් ආධාර කොට ගෙන ඉගැන්වූහ. එතුමන්ගේ පන්තියකින් පසු මගේ සිත තුළ පැලපදියම් වූයේ කිසියම් කතාන්දරයකි. විශේෂයෙන් විහිළු සහගතකතාන්දරයකි. එපමණක් නොව ඒ කතාන්තරයන්ට අභ්‍යන්තර මානසික සතුටටද විශේෂ වශයෙන් හේතු විය. බුදුන් වහන්සේගේ ඉගැන්වීම අප වෙතට ගෙන එන පණිවුඩකරුවා කතාන්තරයෝය. "

Wibhanga Attakatha
ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.

Rs 1,890.00
Panchappakarana Attakatha 1

ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ

Rs 1,320.00
Panchappakaranatta Katha
පඤ්චප්පකරණට්ඨ කථා - 2 - ත්‍රිපිටකටයේ ගැටලු තැන් පැහැදිලි කරදීම සඳහා බුදුන් වහන්සේගේ කාලයේ සිට වාචනා මාර්ගයෙන් ආචාර්ය පරම්පරා මඟින් රැගෙන ආ අර්ථ විවරණ සිංහල භික්ෂූහු මිහිඳු හිමියන්ගෙන් උගෙන ත්‍රිපිටකයේ ගැටලු තැන් හෙළ බසින් අර්ථ විවරණය කළහ. මේ අනුව අටුවා යනු ත්‍රිපිටකයේ ඇති දුරවබෝධ වචන සහ බුද්ධ ධර්මයේ ගැඹුරු තැන් පැහැදිලි කරමින් විස්තර කිරීම සඳහා සංගෘහිත ග්‍රන්ථයි. හෙළටුවා වශයෙන් එහි සඳහන් ව ඇත්තේ මහා අට්ඨකථා, කුරුන්දි අට්ඨකථා, පච්චරිය අට්ඨකථා ය. මේ අතුරින් ප්‍රධාන වූයේ මහා අට්ඨකථායි. මෙය මූලට්ඨකථාව නමින් ද වැවහර ය. ත්‍රිපිටකයට ම අයත් අට්ඨකථාවල මහා අට්ඨකථාව සඳහන් හෙයින් එය ත්‍රිපිටකය ම අලළා සකස් වූ හෙළටුවාවක් බව ද සැලකේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ බුද්ධඝෝෂ හිමියන්ගේ පටන් ආරම්භ වූ පාලි අට්ඨකථා ලිවීමේදී යම් යම් පාඨ පැහැදිලි කර විස්තර කිරීමේදී හෝ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ දී ලංකාවේ යම් යම් පාලකයන්ගේ හෝ සමාජයේ වෙනත් සිදුවීම් හා විස්තර ඇතුළත් කිරීම නිසා මෙරට පුරාණ ඉතිහාසය ගොඩනැඟීමේ දී විවිධ අංශවලින් මෙම පාලි අට්ඨ කථා විශේෂයෙන් වැදගත් වේ.
Rs 1,200.00
Araya Ashtangika Margaya
Out-of-Stock
සම්මානිත මහාචාර්ය ඔලිවර් අබේනායකයන් මෑතකාලීන පාලි හා බෞද්ධ අධ්‍යයන විෂයයෙහි තම උපරිමය දායාද කළ ශාස්ත්‍රීය යුග පුරුෂයෙකි. එතුමන්ගේ භාෂා ප්‍රාගුණ්‍යයට නො දෙවනි විචාරාක්ෂිය බෞද්ධ අධ්‍යයන ක්‍ෂේත්‍රයෙහි නව මංපෙන් වෙන දොරගුලු විවර කළ යතුරක් විය. තමන්ට ම ආවේණික ලේඛන හා භාෂණ ශෛලියකට උරුමකම් කියන එතුමා ශාස්ත්‍රීය රචනාවන්ගෙන් මෙන් ම ක්‍ෂේත්‍රයට පිරිමසින ශිෂ්‍ය සමූහයක් නිර්මාණය කිරීමෙන් ද අද්විතීය මෙහෙවරක් කළ ආචාර්ය වරයෙකි. මහාචාර්යතුමන්ගේ විචාරශීලි ගුණයෙහි ප්‍රාමාණිකත්වය විදහා දක්වන ආර්යෂ්ටාංගික මාර්ගය නම් වන මෙම සාකච්ඡා ස්වරූපී කෘතිය බුදු දහමෙහි එන දාර්ශනික සහ ප්‍රායෝගික ඥාන ධාරාව ශාස්ත්‍රීය ස්ථරයේ පටන් සාමාන්‍ය පාඨකයා දක්වා සමස්ත සමාජය ම ඉලක්ක කළ කෘතියකි. අනාශය නොදු මාතෘකාවක් වුවන් මෙහි විවරණය කෙරෙන ධර්ම පර්යාය විශ්මයා වන ය. මෙය සෑම බෞද්ධයකු ම කියවිය යුතු කෘතියක් බවට මෙහි ලා අවධාරණය කරනු කැමැත්තෙමි.
මහාචාර්ය, පූජ්‍ය මැදවච්චියේ ධම්මජෝති හිමිපාණෝ බෞද්ධ අධ්‍යයනාංශය, කොළඹ විශ්ව විද්‍යාලය
මහාචාර්ය, පූජ්‍ය මැදවච්චියේ ධම්මජෝති හිමිපාණෝ බෞද්ධ අධ්‍යයනාංශය, කොළඹ විශ්ව විද්‍යාලය
Rs 270.00
Rs 300.00
Sitha niwana lokaya
Out-of-Stock
විශ්වයේ විසිතුරුම විසිරුණුම හා විසකරුම 'සිත' ගැන අධ්‍යයනය කළ හැකි හොඳම තැන බුදු දහම වේ. බුදු රදුන් තරම් සිත, කය සහ භවය ගැන විවරණය කළ වෙනත් විද්‍යාඥයෙකු මිහිපිට නොමැත. දැනුම දියුණු කිරීමෙන් මනස දියුණු නොවන බව නූතන මනෝ විද්‍යාවෙන් ८ අනාවරණය කෙරේ. දැනුම මද වුව ද සිත දියුණු වූ විට උතුම් රහත් භාවයට පත්විය හැකි බව 'චුල්ලපන්තක' කථාවෙන් කියාපායි.ආත්මීය ආදරය, සංසාර චක්‍රය, පුද්ගල සමාජ විවිධත්වය, විශ්ව ධර්මතා, කර්මය හා පුනර්භවය මෙන්ම සිතට සහන දෙන භාවනා ඇතුළු විවිධ මාතෘකා රැසක් "සිත නිවන ලෝකය"ට විෂය වී තිබේ. ශත වර්ෂයකට ආසන්න ඤාණාවලෝකයක් විහිදුවන බෙල්ලන ඤාණවිමල මහ නාහිමියෝ බුදු දහම හා නූතන විද්‍යාවන් පිළිබඳ හසල දැනුමැති දුලඛ පඬිරුවනකි. ෂඩ්භාෂා පරමේශ්වර ඤාණවිමල මහ නාහිමියන්ට සමකළ හැකි ප්‍රාඥයන් මෙකළ සැබවින් ම විරලය.මේ මහා ඥාන සම්භාරය වියපත් වී මිළින වීමට නොදී සමාජයට තිළිණ කළ අප හිතවත් චාමික මුණසිංහ තරුණ මාධ්‍යකරුවාගේ උත්සාහය අදට වඩා හෙට දවසේ දී වඩාත් ඇගයීමට ලක්වනු නිසැක ය. මෙහි එන සදහම් කරුණු දිනෙන් දින ඔපවත් වී මුළු මහත් ලෝකයාගේ ම සිත් සතන් නිවා සුවපත් කරන්නට හේතු වේවා! යි පතමි.
ශාස්ත්‍රපති, පණ්ඩිතදොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
ශාස්ත්‍රපති, පණ්ඩිතදොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
Rs 252.00
Rs 280.00
Sathuta Genadena Piyawara Ata
බුදුන් වහන්සේ ඉදිරිපත් කළ ඉතා ගැඹුරු ඉගැන්වීමක් වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය, ගුණරතන හාමුදුරුවන් විමසා බලන්නේ දැඩි වෙහෙසක් දරමිනි. ගුරුවරුන්ගේත් ගුරුවරයකු ලෙස ප්‍රකට උන්වහන්සේ, සිහිය දියුණු කරගැනීම පිළිබඳව ලබා දෙන්නේ සරල, පරිපූර්ණ, සුවිශේෂ උපදෙසකි. එකිනෙකක් ආර්ය සත්‍යයක් පුහුණුව හා සම්බන්ධ පැහැදිලි, සුව්ශේෂ යෝජනා සමඟ බැදුණු අරුත්බර නිදසුන් ගලපමින් ඉදිරිපත් කෙරෙන මේ පොත තෘප්තිමත් භාවය අත්පත් කරගැනීමට බුදුන් වහන්සේ පෙන්වා වදාළ මාර්ගය කෙරෙහි උනන්දුවක් දක්වන කාටත් ආශිර්වාදයකි.
Rs 1,323.00
Rs 1,470.00
Arya Ashtangika Margya
Out-of-Stock
දිවයිනේ සුප්‍රකට ග්‍රන්ථ කර්තෘන් වහන්සේ නමක් වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ආරාධිත කථිකාචාර්ය, ආචාර්ය පැලැන්වත්තේ ධම්මතිලක නායක ස්වාමින් වහන්සේර්, බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රය උදෙසා ලබා දෙන දායකත්වය අතිශයින් ප්‍රශංසනීය වේ. හුදී ජන පහන් සංවේගය උදෙසා ධර්ම ග්‍රන්ථ මෙන්ම, බෞද්ධ පර්යේෂණ ග්‍රන්ථ රාශියක් ප්‍රකාශ කොට ඇති උන්වහන්සේ විශ්ව විද්‍යාල විද්‍යාර්ථින්ගේ මෙන්ම අනිකුත් ශාස්ත්‍රාභිලාෂීන්ගේ මනදොළ සපුරාලීම සඳහා අභිනවයෙන් රචනා කරන ලදළ “ආර්ය අෂ්ඨාංගික මාර්ගය" ග්‍රන්ථය බොහෝ දෙනාගේ අවධානයට ලක්විය යුත්තකි. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ශ්‍රී ධර්ම මහං සංඝ සභාවේ ගල්ගොඩ විහාර පාර්ශවයේ ප්‍රධාන සංඝනායක පදවිය සඟ තත් සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කර්මචාර්යන් වහන්සේ නමක් ද වන උන්වහන්සේ, අනෙකුත් ශාසනික කාර්යයන්හි ද අනලස්ව යෙදෙමින් සිදුකරනු ලබන ධර්ම ශාස්ත්‍රීය සේවාව පැසසිය යුත්තකි.
Rs 180.00
Rs 200.00
Arya ashtangika margaya duka niveeme maga
සංස්කාරකගේ පෙරවදන
බුදුරදුන් වදාළ ධර්මය ප්‍රධාන මූලධර්ම දෙකක් මතමධ්‍යගත වන බව පූජ්‍ය බෝධි හිමියෝ පැහැදිලි කරති. ඉන් ප්‍රධාන මූලධර්මය වන්නේ චතුරාර්ය සත්‍යය නමින් හැඳින් වෙන ආර්ය සත්‍ය සතරයි. එම මුලධර්මය මගින් නොකඩවාම පවතින දුක පිළිබඳ ප්‍රශ්නය හඳුනාගනු ලබන අතර, ඊට පිළියම් ද සොයාගනු ලැබේ. දෙවන මුලධර්මය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉන් පැහැදිලි කරනුයේ දුක පිටු දැකීම හෙවත් නිවන අත්කරගනු සඳහා අනුගමනය කළ යුතු ආර්ය මාර්ගයයි. ආර්ය මාර්ගයෙහි මාර්ග අංග අට සහ එහි කොටස්වල සුසංයෝගය ගැඹුරින් අර්ථ කථනය කිරීම මෙම අගනා ග්‍රන්ථයෙහි අරමුණයි. මෙය කියවන පාඨකයන්ට බුදු දහමෙහි හරය පිළිබඳව මෙතෙක් දැක නැති අලුත් දැක්මක් අත්විඳීමට හැකි වෙයි.

Rs 126.00
Rs 140.00
Senakanda Bisobandara Puwatha
මධ්‍යම පලාතේ උඩුනුවර, ගම්පොළ -උඩ පළාත, යටිනුවර, කඩුගන්නාව, දුම්බර, හඟුරන්කෙත, වලපනේ, කොත්මලේ, හේවාහැට ආදි ප්‍රදේශවල ප්‍රචලිත දේව පුරාවෘත්තයක් වන සෙනකඳ බිසෝබණ්ඩාර දේවිය පිළිබඳ ප්‍රවෘත්තිය, අතිශය විස්මිත අධිභෞතික සිදුවීම් වලින් පිරී තිබේ. ජනප්‍රවාදානුගත විශ්වාසය පරිදි ගම්පොළ රජ කළ තුන්වැනි වික්‍රමබාහු රජුගේ මෙහෙසිය වශයෙන් සැලකෙන ඇගේ උපත බෙලි ගෙඩියකින් සිදු වූ ඕපපාතික ජන්මයකැ'යි කියනු ලැබේ. ප්‍රාදේශීය වශයෙන් අනන්‍ය දේවතා සංකල්පයක් වන සෙනකඳ බිසෝබණ්ඩාර දේවතාවිය පදන නම් කරගනිමින් ගොඩනැගී ඇති උප සංස්කෘතික ලක්ෂණ රැසක් නිසා ශතවර්ෂ කිහිපයක් පුරාවට මෙම දේව ඇදහිල්ල නොනැසී පවතින බව පෙනෙන්නට ඇත. එම පුරාවෘත්තය පිළිබඳ පුළුල් විමසුමක් මෙම ග්‍රන්ථය මගින් ඉදිරිපත් කෙරේ. සෙනකඳ බිසෝ බණ්ඩාර දේව වෘත්තාන්තය පිළිබඳව මෙතෙක් සිදු කර ඇති එක ම ශාස්ත්‍රීය විමැසුම මෙම ග්‍රන්ථය වන අතර, පුස්කොළ අත්ලිපි, ජනප්‍රවාද සහ ජනශ්‍රැති, ස්ථානීය නිරීක්ෂණ, දේව ස්තෝත්‍ර හා යාතිකා ආදි මූලාශ්‍ර මෙහි ලා පරිශීලනය කර ඇත.
Rs 990.00
Rs 1,100.00
Kadasuriduni
Out-of-Stock
'කතරගම දෙවියන්' හා ස්කන්ධ කුමාර දෙවියන්' දෙදෙනෙක් ද? එක් අයෙක් ද? මෙයට පිළිතුර සිංහල - දෙමළ ජන හදවත් තුළ ඇත. එය වසර දහස් ගණනක හෘද සාක්ෂියකි. එහෙයින් සිංහල වේවා; දෙමළ වේවා; 'කඳ කුමරු' ඇදහීම, බාරහාර වීම හා දේව සම්ප්‍රදාය අනුගමනය කිරීම ජාති - කුල - ආගම් භේද වලින් තොර සාමූහික සංස්කෘතියක් බවට පත්වී ඇත. ඒ පුවත් ජනශ්‍රැති භාවිතාවන් ලෙස වසර දහස් ගණනක සිට අනුගමනය කරන්නකි.
Rs 252.00
Rs 280.00
Yanthra Manthra Guru Athpotha - 2
Out-of-Stock
යන්ත්‍ර මන්ත්‍ර කාරක, සාධක යන භවතුන් දෙපාර්ශවයට ම ප්‍රයෝජනවත් කරුණු සහ මන්ත්‍ර රැසක් මෙම කෘතිය මඟින් අනාවරණය කර ඇති අතර, බලගතු ප්‍රේත බන්ධනයක් වන 'කර්ණ මුණ්ඩය ' ක්‍රියාවට නැංවීමේ ශාස්ත්‍රීය ක්‍රම වේදය සහ ඊට අදාළ මන්ත්‍ර මාලාව ද මෙහි අන්තර්ගතය.
Rs 360.00
Rs 400.00
Samata Pihitha Wana Haladiva Maha Yanthra Rathnaya
යන්ත්‍ර මන්ත්‍ර භාවිතය චිරාත් කාලයක සිටම සාමාන්‍ය ජනතාව විසින් සිදු කරන අතර එමගින් පිහිට ලබා ගන්නා අයද බොහෝ ය. එසේ පිහිට ලබා ගැනීමේදී නියම ක්‍රමයට එය සිදු කළ යුතුය. නමුත් යන්ත්‍ර මන්ත්‍ර සෑදීමේ නිවැරදි ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් වී නොමැත. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා බොහෝ දෙනා හමන් ජෙනතිෂය හා යන්ත්‍ර මන්ත්‍ර භාවිතය පිළිබඳව කිසිවක් නොදන්නා නමුත් විවිධ ක්‍රම වලින් ලබා ගන්නා තොරතුරු පදනම් කර ගෙන පොත්පත් ලිවීමට හා ගුරුකම් කිරීමට පෙළඹී සිටිති. මෙය අනතුරුදායක තත්ත්වයක් බැවින් නියම ක්‍රමයට යන්ත්‍ර මන්ත්‍ර සෑදීම ජ්‍යොතිෂයට අනුවම සිදු කළ යුතු අතර ඒ සඳහා සුදුසුකම් සහ මනා වැටහීමක් සහිත ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙකුගෙන් ම උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් ය. නිලන්ත කුමාර ධනසේකර මහතා මේ පිළිබඳව මනා අවබෝධයක් සහිත ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිලිබඳව හසළ අවබෝධයක් ඇති අයෙකු බැවින් මෙම ග්‍රන්ථය යන්ත්‍ර මන්ත්‍ර භාවිතයෙන් පිහිට අපේක්ෂා කරන සැමට ඉතා ප්‍රයෝජනවත්, වටිනා ග්‍රන්ථයක් වශයෙන් වගකීමක් සහිතව හඳුන්වා දෙමු
Rs 342.00
Rs 380.00
Pasmarun Dinannata
2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අනුස්‌මරණය කරමින්, ථෙරවාද බුදු දහමෙහි ඉගැන්වෙන මාර සංකල්පය පිළිබඳ ධර්මානුකූල විවරණයක් ඉදිරිපත් කොට තිබෙන මෙම ධර්ම සංග්‍රහය, මාරාය ජයගනු කැමැති දිරීමතුනට මෙන් ම බුදු දහම හදාරන නැණවතුනට ද මහඟු එළියක් වනු ඇත.
Rs 112.50
Rs 125.00
Bhahirava Pujava Ha Upatha
Out-of-Stock
භෛරව පූජාව හා උපත යන මෙම ග්‍රන්ථය තුළින් නියමිත අකාරයට භෛරව පූජාවක් සිදු කරණ ආකාරය සහ භෛරව උත්තමයන් වහන්සේගේ උප්පත්තිය පිළිබදව විස්තර බොහෝමයක් සදහන් වේ.
Rs 432.00
Rs 480.00
Paththini Devi
Out-of-Stock
දකුණු දඹදිව සිංහල රටක්ව පැවැති කාලයේදී එහි වුසූ කනක මැණිකේ හෙවත් කනක බිසෝ (දෙමළෙන් කන්නකි) නමැති සිහල කුලඟන ගැනයි මේ කියැවෙන්නේ, කාන්තාවන්ගේ තැන රැකියේ පතිනියයි. පුරාතන භාරතයේ බ්‍රාහ්මණයෝ කාන්තාවනට දේවස්ථානවලට ඇතුළු වීමට ඉඩ නුදුන්හ. මේ ස්ථාවරය බිඳැ හෙළූයේ පත්තිනියයි. පත්තිනි තේවාව කළේ කාන්තාවයි.පත්තිනිය මතු බුදු බව පතා සිටින්නියකි. පත්තිනිය ධාන්‍ය ගෙවත් සශ්‍රීකත්වය පිළිබඳව හා වර්ෂාව පිළිබඳව අරක් ගත් දේවතාවියයි. උත්තර දේව ගණයට ළංවන දේවාංගනාවක් වශයෙන් පත්තිනි දේවිය සැලැකිය හැකියි. පතිනිය ගවයන් ආරක්ෂා කිරීමේ කටයුත්තට අනුබල දෙන්නීය. සිංහලයන් විසින් පුද පූජා පවත්වන ප්‍රධාන දේවතාවිය පත්තිනි අම්මාය.
පතිවත බලය ගැන කතා, පත්තිනි ප්‍රභේද සත් පත්තිනි. දොළොස් පත්තිනි. පත්තිනි රූප කාය, දේවාහරණ, විවිධ නම්, ඓතිහාසික හා පුරා වෘත්ත කරුණු, පවුලේ විස්තර, පත්තිනි උපත, පත්තිනි ඇදහිල්ල, ග්‍රන්ථ හා ජනකතා, ශාන්ති කර්මයන්හි පත්තිනි මාතාව, සිරිලක පත්තිනි දෙවොල්, විවිධ පූජා විධි, යොදිනි ස්තෝතු ආදිය මෙහි අඩංගුය.

Rs 162.00
Rs 180.00
Navagraha Poojava Puda pooja saha Strothra
නවග්‍රහ පූජාව පුද පූජා සහ ස්තෝත්‍ර යන මෙම කෘතිය මගින් නිවැරදිව නවග්‍රහ පුද පූජා පවත්වන ආකාරය සහ එම පූජාවන් සිදු කිරීමේදී යොදා ගන්නා ස්තෝත්‍ර යනාදිය සමිශ්‍රණය කර සකස් කරණ ලද ඉතා වටිනා ග්‍රන්ථයකි.
Rs 180.00
Rs 200.00
Sri Shanthi malawa Kapum Sirasapadaya
Out-of-Stock
ජ්‍යොතිෂ වේදී නිලන්ත කුමාර ධනසේකර මහතා පරම්පරාවෙන් ජ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරා කළඑලියට විත් සමාජයේ යම්කිසි හර පද්ධතියක් ඔස්සේ ඉදිරියට පියමං කරන පුද්ගලයෙකි. ඔහු ජ්‍යොතිෂයේ නවමං පෙත් හෙළි කරමින් අගනා හරවත් නිබන්ධන, ජ්‍යොතිෂ සඟරා හා පුවත්පත් ඔස්සේ කළඑළි දක්මින් තම හැකියවන් ඔප් නංවාගෙන ඇත. ඔහු කාලීන සමාජයේ ජ්‍යොතිෂ අවශ්‍යතාවන් සපුරාලමින් මිනිසුන් අතර ජීවත් වෙමින් ජ්‍යොතිෂයට යමක් කරන්නට උත්සාහ ගන්නා අයෙකි. ඔහුගේ කෘතියක් ලෙස මුද්‍රණයෙන් දොරට වඩින ශ්‍රී ශාන්ති මාලාව හෙවත් 'කැපුම් සිරසා පාදය හෙවත් ග්‍රන්ථය පොදු ජනතාවගේ බොහෝ දුක් කටොළු වලදී සහ ඔවුන් මුහුණ දෙන නොයෙකුත් ගැටළු වලදී ජ්‍යොතිෂ හා මන්ත්‍ර විද්‍යාව ඇසුරු කර ගනිමින් ඔවුන්ට පිහිට වීමට හැක ක්‍රම වේදයන් හඳුන්වා දෙන මෙම ග්‍රන්ථය කාලීන අවශ්‍යතාවයක් ඉටු කරන ඉතා වැදගත් ග්‍රන්ථයකි.
Rs 342.00
Rs 380.00
Aradana sahitha devashanthiya
Out-of-Stock
දේව කටයුතු වල නිරත වූවනට හා දෙවියනට පහන් තබන පුද පුජා පවත්වන බැතිමතුනට දැනට භාවිත කරන පැරැණි කන්න ලවු එකතු කොට සැපයූ කන්න ලවු පොතත් දෙවියන් සඳහා රචිත පැරණි සෙතාත්‍ර එකතු කොට සැපයූ සෙස්තෝත්‍ර රත්නයත් ප්‍රමාණවත් නොවන හෙයින් දේව ආරාධනා සහිතදේව ශාන්තිය නම් මෙම කෘතිය රචනා කර ඇති අතර මෙය ඉතා වටිනා කෘතියක් වශයන් හැදින්විය හැකිය.
Rs 324.00
Rs 360.00
Lankeya Bududahame Pudapooja
නිර්වාණ ගාමිත්වය කෙරෙහි ආදි බෞද්ධ සම්ප්‍රදාය දැක් වූ අවධානයත් එමෙන් ම පුද පුජා කෙරෙහි දැක් වූ අල්ප අවධානයත් සැලකිල්ලට ගෙන එය හුදු නිර්වාණගාමී ප්‍රතිපදාවක් පමණක් ම යැයි නම් කිරීම නිවැරදි නොවේ. පුද පූජා චාරිත්‍ර විධි වලින් තොර වූ දාර්ශනික යුගයක් බෞද්ධ සම්ප්‍රදාය තුළ පැවති බවට ඇතැම් දෙනා විශ්වාස කළත් එය බෞද්ධ ඉතිහාසය තුළ සත්‍ය වශයෙන් විද්‍යමාන වූ අවස්ථාවකට වඩා බුද්ධිවාදීත්වය පදනම් කරගත් නූතන මානසිකත්වය විසින් බෞද්ධ සම්ප්‍රදාය වෙත ආරෝපණය කරන ලද්දක් සේ සැලකීම යුක්ති යුක්තය. මෙම අදහස ස්ඵුට කිරීමට නිලන්ත දිසානායක මහතාගේ මෙකී ශාස්ත්‍රීය ව්‍යායාමය හේතුවන බව පැවසිය හැකිය. බුදුරජාණන් වහන්සේ ධරමාන සමයෙහි ම බෞද්ධ පුද පූජාවන්හි සමාරම්භය සිදු වූ බව සාධක සහිතව මේ තුළින් ඔහු හෙළි කරයි.
මහාචාර්ය ආනන්ද ගුණසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ගංගොඩවිල, නුගේගොඩ.
මහාචාර්ය ආනන්ද ගුණසිංහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ගංගොඩවිල, නුගේගොඩ.
Rs 225.00
Rs 250.00
Budusamaye Panena Maraya
කතෘගෙන්...
මාර ශබ්දය සංකීර්ණ අදහස් ඇති පදයකි. බෞද්ධයන් අතර බෙහෙවින් ප්‍රචලිත වචනයකි. පස්මරුන් යන්න ද එසේය. බුදු සමයෙහිදී බොහෝ විට මාරයා ගැන පුද්ගලයාගේ විමුක්ති මාර්ගයට අවහිර කරණ හඳුන්වා දීමේ උපාය මාර්ගයක් වශයෙනි. මාරයා පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන කරුණු උපුටා දක්වමින් මේ පොත ලිවීමට මා අදහස් කෙළේ ද මාරයා මගින් ඉදිරිපත්වන පවිටු ගති ලක්ෂණ සමාජය ඉදිරියෙහි තබා එම කරුණු මාර්ගයෙන් පාප ධර්මයන් නැති කර යහපත් චරිතයක් ඇති කර ගැනීමට ඉවහල් වේය යන අදහසිනි. එසේ වුවද බුදු සමයේ පැනෙන මාරයා පිළිබඳ ලිවීම ඉතාම දුෂ්කර කාර්යක් විය. ලිවීම අතරමග නතර කර නිතර කල්පනාබරව සිටි අතර බෞද්ධ විශ්ව කෝෂයේ නියෝජ්‍ය කර්තෘ (විශ්‍රාමලත්) සනත් නානායක්කාර, මහාචාර්ය කපිල අභයවංස, යන වියතුන් ගෙන් ලැබුණ උපදෙස් මෙය සම්පාදනයට පහසු විය. එම වියතුනට ද මගේ කෘතඥතාව හිමි වෙයි.මෙම කෘතියෙහි බුදු සමයේ පැනෙන මාරයා - පස්මරුන් සහ ඒ හා බැඳුණු කරුණු ඇතුළත් වෙයි. එහෙයින් මෙය මාර සංකල්පය පිළිබඳව අධ්‍යයනයට ගවේෂණයට උපකාරී වේ යයි සිතමි. පෙළ සහ අටුවා අනුව විස්තර සඳහන් වෙයි.