Rs 720.00
Rs 800.00
-10%
Books
There are 5376 products.
Kataragama deviyo
Out-of-Stock
ශ්‍රී ලාංකේය සමාජ සන්දර්භය නානාවිධ ආගමික මතවාදයන්, විශ්වාස හා පුද පිළිවෙත් මගින් නවීකරණයට බඳුන් වූවකි. ජනප්‍රිය බුද්ධාගම එහිලා දැක්විය හැකි එක් සංරචකයකි. පොදු ජන සමාජයේ විවිධ අවශ්‍යතා සාධනය කරගනු සඳහා ජනතාව විසින් ඇති කරගනු ලැබූ ජහප්‍රිය පුද සිරිත් අතර දේව වන්දනයද ප්‍රබල වූවකි. ඉනිඳු කතරගම දෙවියන් සිංහල දේව ධූරාවලියේ මුදුන් මල්කඩකි. දුක සැප දෙකෙහි දීම සැමට වැඳුමට පිදුමට තිබෙන එකම පින්බිම කතරගමය. අණවින (Black Magic) මෙන්ම ශාන්ති කර්ම ද (White Magic) යන දෙඅංශයම කඳ කුමරුගේ බලයට අභිමුඛය.
මෙම පර්යේෂණ කෘතිය කතරගම දෙවියන් ආශ්‍රිත යාතු කර්ම පුද සිරිත් පිළිබඳ කළ ආනුභවික අධ්‍යයනයකි. කතරගම දේව වන්දනය ආශ්‍රිත ක්‍රියාකාරකම් මෙමගින් ඉතා පුළුල් අධ්‍යයනයකට බඳුන් කරමින් ඒ සඳහා උනන්දු ජනක පෙළඹවීමක් කර ඇත.

Rs 637.20
Rs 708.00
Saman Dewala Puda Sirith
සුමන සමන් දෙවියන්ගේ අඩවිය ලෙස ගැණෙන සබරගමු පළාතේ, රත්නපුර සමන් දේවාලය 'මහා සුමන දේවභවන' නමින්ද ජන සම්මානයට පාත්‍ර වූවකි. වර්ෂාරම්භයෙහි මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වන පුද පූජා චාරිත්‍ර වාරිත්‍ර තුන්සිය හැටපස් දිනක් නොකඩවා චක්‍රාකාරව ගමන් කරන ආකාරය සියැසින් දැකබලාගෙන, වෙහෙස මහන්සි වී පාරම්පරික දැනුමැත්තන්ගේ ඥාන සම්භාරය උකහාගෙන නූතන විද්‍යාත්මක පර්යේෂණ විධි ක්‍රම ආශ්‍රයෙන් ආචාර්ය ශ්‍රියාණි රාජපක්‍ෂ රචනා කළ සමන් දේවාල පුද සිරිත්' ලාංකේය. දේව විශ්වාස හා බැඳුණු චාරිත්‍ර විග්‍රහ කරන ප්‍රථම කෘතිය ද වන්නේය.
Rs 855.00
Rs 950.00
Gambara Devidun
දෙවියන් පිදීම, දෙවියන් නැමදීම විරාත් කාලයක සිටම සාමාන්‍ය ජනතාව විසින් සිදු කරන අතර එමගින් පිහිට ලබා ගන්නා අයද බොහෝ ය. එසේ පිහිට ලබා ගැනීමේදී නියම ක්‍රමයට දෙවියන් නැමදීම සිදු කළ යුතුය. නමුත් දෙවියන් පිදීමේ නිවැරදි ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් වී නොමැත. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා බොහෝ දෙනා තමන් ජ්‍යොතිෂය හා දෙවියන් පිළිබඳව කිසිවක් නොදන්නා නමුත් විවිධ ක්‍රම වලින් ලබා ගන්නා තොරතුරු පදනම් කර ගෙන පොත්පත් ලිවීමට පෙළඹී සිටිති. මෙය අනතුරුදායක තත්ත්වයක් බැවින් නියම ක්‍රමයට දෙවියන් පිදීම ජ්‍යොතිෂයට අනුවම සිදු කිරීම සඳහා සුදුසුකම් සහ ඒ පිළිබඳ මනා වැටහීමක් සහිතජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙකුගෙන්ම උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් ය. නිලන්ත කුමාර ධනසේකර මහතා මේ පිළිබඳව මනා අවබෝධයක් සහිත ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිලිබඳව හසළ අවබෝධයක් ඇති අයෙකු බැවින් මෙම ග්‍රන්ථය ගම්භාර දෙවියන් පුදන සහ ගම්භාර දෙවියන්ගෙන් පිහිට අපේක්ෂා කරන සැමට ඉතා ප්‍රයෝජනවත් වටිනා ග්‍රන්ථයක් වශයෙන් හැදින්විය හැකිය.
Rs 270.00
Rs 300.00
sri dewa shanthi malawa samaga mal yahan kawi
ශ්‍රී විෂ්ණු දෙවියන් ඇතුළු දෙවි දේවතාවන් කෙරෙහි අප රටේ ජනතාව තුළ ඇත්තේ අසීමිත භක්තියකි. ඒ අනුව දෙවියන්ට පුද පූජා පවත්වා නියමිත ස්තෝත‍්‍ර හා දේව කන්නලව් ගායනා තුළින් පිහිට ලබා ගත් බොහෝ දෙනා මෙන් දේව කන්නලව් හා ග්‍රහ පුද පූජා මගින් සිය බලාපොරොත්තු ඉටු කර ගැනීමට අපේක්‍ෂා කරන සියලු දෙනාට ද මෙම පොත මහඟු අත්වැලක් වනු නිසැකය
Rs 315.00
Rs 350.00
Guptha bala dharma bala yanthra manthra
මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීම සදහා රචකයා විසින් පුස්තක මුද්‍රිත පොත පත සහ මේ පිළිබදව දැනුමක් ඇති ගුප්ත විද්‍යාධරයින්ගේ සමහර යන්ත්‍රද මන්ත්‍ර ඇතුළත් කොට ඇති අතර ගුප්ත විද්‍යාව පිළිබදව උනන්දුවක් දක්වන ඔබ සියලු දෙනාට ඉතා වටිනා කෘතියක් ලෙස හැදිවිය හැකිය.
Rs 450.00
Rs 500.00
Shiva - Parvathi Svayanvara Pooja
ශිව පාර්වතී ස්වයංවර පූජා
තරුණ තරුණියන්ගේ විවාහ ප්‍රමාද දෝෂ දුරු කිරීමට
ආත්මීය සහකරු සහකාරිය මුණගැසීමට
ගනි මංගල දෝෂ දුරුවීමට
ඉක්මන් විවාහයට
දරුවල ලැබීමට
විවාහාපේක්ෂිත තරුණ තරුණියන් මූහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ සුදුසු සහකාරියක සහකරුවෙකු සොයා ගැනීමට ඇති අපහසුවයි. මේ නිසාම විවාහ ප්‍රමාදවීම දිගටම සිදු වේ. ආත්මීය . සහකරු සොයාගැනීමට වත්මන් සංකීර්ණ සමාජය තුළ බොහෝ බාධා පවතී. විවිධ ජ්‍යොතිෂ වේදීන්ගේ විවිධ අර්ථකථන නිසාද මේ තත්වය උග්‍රවී ඇත.දිගින් දිගටම සිදුවන මෙම තත්ත්වය මග හරවා ගැනීමටත් ගැළපෙන සහකරු සොයා ගැනීමටත් වෙනත් ග්‍රහ දෝෂ දුරු කිරීමටත් ඉන්දීය ජ්‍යෙතිෂ ක්‍රම ඇසුරෙන් සකස් කර ඇති, මෙම ශිව පාර්වතී ස්වයංවර පූජාව ඉතාමත්ම සාර්ථක බැව් වර්තමාන ජ්‍යෙතිෂවේදීන් සමග කළ සාකචිචාවලදී අපට තහවුරු විය.ජේ.ඒ.ඩි. පෙරේරා මහතා ප්‍රථම වරට මෙම පාර්වතී පූජාව ග්‍රන්ථයක් වශයෙන් ඉදිරිපත් කරමින් සමාජයට කළ සේවය ඛෙහෙවින් අගය කරමි. මෙමගින් බොහෝ දෙනාට යහපත සැලසේවායි පතම්
පූජ්‍ය.කලුගමුවේ නොරද ස්‌ථවිර. ශාස්ත්‍රවේදී, ප්‍රවීන ග්‍රන්ථ රචක

Rs 180.00
Rs 200.00
Nawagraha shanthi yanthraya
මිනිසා කෙරෙහි ග්‍රහයන්ගේ බලපෑම පිළිබඳ අවධානය මෙන්ම එම බලපෑම සිදුවන ආකාරය පිළිබඳව බොහෝ ඈතඅතීතයේ සිටම සෘෂිවරුන් මෙන්ම තාරකා ශාස්ත්‍රඥයින් ප්‍රවීන ජ්‍යෙතිෂවේදීන් විවිධ අදහස් පලකර ඇත. මේ නිසාම මෙම ග්‍රහ බලපෑම් නිසා සිදුවන අතුරු අන්තරාවලින් මිදෙන ආකාරයත් ඒ සඳහා කළයුතු පුද පූජාමය ක්‍රියාමාර්ග පිළිබඳවත් ජ්‍යෙතිෂවේදීන් සහ වියතුන් විසින් විවිධ ක්‍රම උපයෝගී කරගන්නා ලද අතර නවග‍්‍රහයින් සඳහා එක් එක් ග්‍රහයා වෙනුවෙන් යන්ත්‍ර සකස්කර එමගින් පිහිට අපේක්ෂා කිරීම බහුලව පිළිගන්නා ලදි.
Rs 180.00
Rs 200.00
Ape Shanthi Karma
Out-of-Stock
ලක්වැසි ජනතාවගේ ආගම සම්බන්ධයෙන් සලකන විට තව මත් දෙවියන්, යක්ෂයන්, භූතයන් පිළිබඳ විශ්වාස ජන සමාජයෙන් ඉවත් ව ගොස් ඇතැයි සැලකිය හැකි නොවේ.විශේෂයෙන් දකුණු ප්‍රදේශයේ පැවැත්වෙන ශාන්ති කර්ම මිනිසුන්ගේ අපල උපද්‍රව පමණක් නොව වෛද්‍ය විද්‍යාවෙන් සුවයක් ලබා ගතයුතු කායික මානසික රෝග පවා දුරු කර දැමීමට තරම් ශක්තිමත් ප්‍රතිකාරයක් ලෙස අදටත් පිළිගන්නා බව පෙනේ. ඒ නිසා ම වෛද්‍ය විද්‍යාව ඉක්මවා අභිචාර විධිවලින් සහනයක් පතා ජනතාව කටයුතු කරන අවස්ථා ද දැක ගත හැකි වේ. නන්දික බැද්දේගම මහතා ලංකාවේ විවිධ ප්‍රදේශ වල සිදු කෙරෙන යක්ෂ ශාන්ති කර්ම, ග්‍රහ ශාන්ති කර්ම හා දේව ශාන්ති කර්ම පිළිබඳ කරුණු එක් රැස් කරමින් අභිචාර විධිවලින් ජනතාව ලබන ශාන්තිය පිළිබඳ දී‍්‍රකා ශාස්ත්‍රීය විග්‍රහයක් මේ කෘතියෙන් එළි දක්වා තිබේ. මේ විෂය පිළිබඳ ව මීට පෙර විවිධ විද්වතුන් කරුණු අනාවරණය කොට ඇතත් ඒවායේ දක්නට නො ලැබෙන ඓතිහාසික තොරතුරු ද මෙයට ඇතුළත් කරමින් සකස් කොට තිබෙන නිසා සංස්කෘතිය, ජනශ්‍රැතිය, සමාජ විද්‍යාව, සිංහල බස වැනි විෂයයන් හදාරන ශාස්ත්‍රාභිලාෂීන්ටත් ඒ විෂය සම්බන්ධයෙන් පර්යේෂණ කාර්යයෙහි ගියුක්ත වන්නන්ටත් එක සේ ප්‍රයෝජනය ගතහැකි කෘතියක් ලෙස මෙය හැඳින්විය හැක.
Rs 315.00
Rs 350.00
Deviwaru saha dewala
Out-of-Stock
ආදි යුගයේ පටන්ම ගෞරවයෙන් භක්තියෙන් දෙවියන්ට පුද සත්කාර කළ මිනිසා දෙවියන්ගෙන් විමුක්තියක් හෝ මෝක්ෂයක් බලාපොරොත්තු නොවීය. හැමවිටම දෙවියන්ගෙන් අපේක්ෂා කර ඇත්තේ ලෞකික ලාභ ප්‍රයෝජනයි. හින්දු සංස්කෘතිය අනුව නම් එළුවන් ගවයන් වැනි සතුන් බිලිදී යාග හෝම කොට දෙවියන්ගෙන් සතුරන් නැසීමට, ධන ධාන්‍ය සම්පත් ලබා ගැනීමට පුත්‍රයන් ලබා ගැනීමට බලාපොරොත්තු වී ඇත. එහෙත් බෞද්ධ වත් පිළිවෙත් අනුව සත්ව හිංසනය වෙනුවට පලතුරු, කැවිලි, වස්ත්‍ර මල්පහන් වැනි දේවල් පූජාවන් සඳහා පාවිච්චි කරමින් දෙවියන්ගෙන් ලෞකික ලාභ ප්‍රයෝජන ඉෂ්ට කරවා ගැනීමට කටයුතු කරන බව පෙනේ.
Rs 603.00
Rs 670.00
Dedimunda deviyo
බෞද්ධ ජනතාවගේ පුද පූජාවන්ට ලක්ව සිටින දෙව් දේවතාවුන් අතර දැඩිමුණ්ඩ දෙවියන්ට හිමිවන්නේ වැදගත් තැනකි. දේවතා බණ්ඩාර දෙවියන් නමින් සතර කෝරලයේ පුද ලබන මෙම දෙවියන් දිවයිනේ වෙනත් ප්‍රදේශ වලදී විවිධ නම් වලින් හඳුන්වන බව පෙනේ මෙම ග්‍රන්ථය මගින් ජනශ්‍රැතිවේද මූලධර්ම අනුව දැඩිමුණ්ඩ දේව සංකල්පය විග්‍රහ කරන අතර බැතිමතුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් පුද පූජා විධි සහ දෙවියන් හා බැදුණු සාහිත්‍යාංග ද මෙහි ඇතුළත් කර තිබේ.
Rs 414.00
Rs 460.00
Sakala Sawbhagya Kedawana KiriAmma Danaya
ලොව්තුරා බුද්ධත්වය ප්‍රාර්ථනා කරනු ලබන පත්තිනි දේව මෑණියන් සම්බන්ධව නොයෙක් ග්‍රන්ථ ලියැවී ඇතත් කිරි දානය සම්බන්ධව පැහැදිලිව ලියැවුණු පාරම්පරික දැනුම ගබඩා වූ ග්‍රන්ථයක් ලක්දිව නොමැති තරම්ය.
Rs 337.50
Rs 375.00
Indrajith Ge Kriyoddeeshaya
රාවණ පුත් ඉන්ද්‍රජිත් ගේ ක්‍රිඩීශය නම් මෙම ග්‍රන්ථය තුළ විවිධ හෝම ක්‍රම හා පූජා විධි බොහෝමයක් අන්තර් ගත අතර එම හෝම ක්‍රම හා පූජා විධි පිළිබදව දැනුමක් ලබා ගන්නටත් උගත් ජනයාට ඒ පිළිබදව පරීක්ෂණ පැවැත්වීමටත් මෙය ඉතා ප්‍රයෝජන ග්‍රන්ථයක් වනු නොඅනු මානය.
Rs 1,476.00
Rs 1,640.00
Iperani Sinhala Lankeya Devi Devathavo
කර්තෘගෙන් වචනයක්.....
ශ්‍රී විෂ්ණු, කතරගම, පත්තිනි, නාථ, විභීෂණ ආදී මහා දෙවිවරු පිළිබඳව කව්රුත් කතා කරති. ලියති. කියවති. නමුත් ලාංකීය දෙවිවරු කෙතෙක් ද?වැඩහිටි කන්දේ සිට බින් තැන්න, වෙල්ලස්ස, වැදිරට හරහා වැව් බැඳි රටට ගොස් දකුණු ලක හරහා නැවතත් වට වන්දනාවේ ගිය ගම් නියම්ගම් ගණන දන්නේ දෙපා පමණි. ඒ මහන්සිය නිසාවට " ඉපැරණි සිංහලේ ලාංකීය දෙවිදේවතාවෝ" ඔබ අතට ගෙන ඒමට හැකි විය. තමන් තනි තනිව සිටින දෙවිවරු ඇතත් ඒ පැත්තට පෑන නොමෙහෙයවුණි.දෙවියන් මිනිසාට වඳින බව සමහරු කියති. දෙවියන්ගෙන් වැඳුම් ගත හැකි එක "මනුස්ස පුලුටක්" ලක් පොළවේ සිටී දැයි ප්‍රශ්න නොකරමි. වසර දහස් ගණනක සිට දෙවියන් පිදූවන්ට සිදු වූ හානියක් ඇද්දැයි නොදනිමි. උගුරට හොරා බෙහෙත් නෑ නොහැක.මේ පොතට කරුණු සෙවීමේ දී උපකාරී වූ වැඩහිටි කන්දේ පූසාරි වශයෙන් දිවි ගෙවූ දිවංගත ශ්‍රී සංගරම් පිල්ලේ සාමිතුමා, දිවංගත බෝදාගම විජේනායක රාළහාමි ඇතුළු අය බොහෝ ය. නම් වශයෙන් ලිවීමට දිග වැඩිය. අපහසුය.මෙහි සඳහන් දේවනාම පිළිබඳ සැකයක්ද ඉපදෙනු ඇත. අපේ මුතුන්මිත්තන්ගේ විශ්වාසයට ගෞරව කරමු. මින් යමක් උගතහැකි නම් එය මා හට මහත් මානසික සුවයකි.කරුණු රැස් කිරීමේ දී පසුගිය පනස් වසර තුළ පොතපත ද, දන්නා දේ නොහඟවා කියා උපකාර කළ හැමද සාදරයෙන් සිහි කරමි.

Rs 247.50
Rs 275.00
Sarvaraksha Hevath Bhuthasthambhanaya Ha Uchchatanaya
ඩී .ඩබ්ලිව්. මාරපන ඇම් .කේ. යූ. බණ්ඩාර යන මහත්වරු දෙපල විසින් සම්පාදිත පිටු 65කින් සමන්විත සර්වාරක්ෂා හෙවත් භූතස්තම්භනය හා උච්චාටනය පොතේ යන්ත්‍ර මන්ත්‍ර කටයුතු සිදු කිරීමට මත්තෙන් නොවරදවාම දැනගෙන සිටිය යුතු ඔබේ සහ අන් අයගේ ආරක්ෂාව සැලසීම සඳහා භාවිතා කරන ආරක්ෂා මන්ත්‍ර 53ක් මෙන්ම කඩ ගෙවතු ආරක්ෂාව ,ස්ත්‍රී ආරක්ෂාව ඇදුරු ආරක්ෂාව සහ නොයෙක් දෝෂයන්ගෙන් අරක්ෂාවීමට භාවිතා කරන බලගතු මන්ත්‍ර මෙන්ම ඒවා භාවිතා කරන පිළිවෙල පිළිබඳ වටිනා තොරතුරු රැසක් මෙම පොතේ ඇතුළත් වේ.
Rs 288.00
Rs 320.00
Manthara manjariya
“මන්තර මජරිය” නම් වූ මෙම කෘතිය තුළ ද ඊට බෙහෙවින් සමාන ය.මෙහි අත් බෙහෙත් නැති නමුදු දෛනික ජිවිතයේ දී මුහුණ දීමට සිදු වෙන රෝගාබාධ ඇතුළු විවිධ උපද්‍රව නිවාරණය කර ගැනීමට හැකි ගුප්ත ශාස්ත්‍රීය පිළියම් රාශියක් අන්තර්ගතය.විවිධ රෝගාබාධ, අමනුෂ්‍ය දෝෂ, වගාවට පළිබෝධ නිසා වන හානි, ඇස්වහ කටවහ, හෝවහ දෝෂ, වන සත්ව උවදුරු, සර්ප දෂ්ට නිසා සිදුවන ආසාධන පමණක් නොව තව නොයෙකුත් උපද්‍රව ජය ගැනීමට හැකි ගුප්ත ශාස්ත්‍රීය පිළියම් මෙම කෘතියේ අන්තර්ගතව තිබේ.
Rs 405.00
Rs 450.00
Ravendharthadeepani
Out-of-Stock
මුළු මහත් ලෝකයේම විශිෂ්ටතම සංස්කෘතියකට උරුමකම් ඇති ශ්‍රී ලාංකික අපි සැවොම එකී මහා ප්‍රෞඩ ජාතියෙහි සාඩම්බර නිමිකරුවන් වෙමු. අපටම ආවේණික වූ ඇදහිලි හා විශ්වාසවලින් පූර්ණ ජාතියක් වූ ශ්‍රී ලාංකිකයින් ගුප්තවිද්‍යාවෙහි කුමන හෝ කරුණු පිළිබදව දැන සිටි භූත විද්‍යා ඇදුරන්ට විය. දෛනිත පීවන පැවැත්මේ විවිධ බාධක බිදලීමට අවශ්‍ය ගුප්ත කරුණු පිළිබඳව යම් තරමකින් හෝ දැන සිටි ඔවුහු වතී විද්‍යාව කෙරෙහි ද අප්‍රමාණ විශවාසයක් ඇති අයවලුන් බව අප දනිමු.
නාවිකයෙකු නොමැති නෞතාවක් සේ වතී ක්ෂේත්‍රය තුළ ගමන් කරන හළයන්ට පළපුරුදු නාවිකයෙකු සේ ප්‍රයෝජන ගත හැකි මේ මහා භූත විද්‍යා ප්‍රකරණය වෛද්‍යාචාර්ය පූජ්‍ය අල්ගම වත්තේ සුමනවංශ හිමියන්ගේ වති ශාස්ත්‍රය පිළිබඳ දැනුම් සම්භාරයෙහි ප්‍රතිහයකි. ගුරු ගෝල බැඳීමෙන් ගම්භීරත්වය වින මේ කෘතිය ලාංකික භූත විද්‍යා ඇදුරන්ගේ අවධානයට යොමු විය යුතු මෙතෙක් කලක් හෙළි නොවූ රහස් කැටි කොට ගත් දුර්ලභ කෘතියක් ලෙස හැදින්විය හැකිය.

Rs 2,115.00
Rs 2,350.00
Roga Nivaranaya Saha Nirogi Suvaya Sadaha Dhanvantharee pudha pujaa saha sthrothra
'රෝග නිවාරණය සහ නිරෝගී සුවය සදහ ධන්වන්තරී පුද පුජා සහ ස්තෝත්‍ර' යන මෙම ග්‍රන්ථයේ අනාදිමත් කාලයක සිට පැවත එන ඉන්දීය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයයේ ධන්වන්තරී නම් දෙවි කෙනෙකුගේ බල මහිමයෙන් ලෙඩ දුක් සුව කරණ ක්‍රම ස්ත්‍රොත්‍රද අන්තර්ගත ඉතා වටිනා ග්‍රන්ථයක් ලෙස හැදින්විය හැකිය.
Rs 180.00
Rs 200.00
Kali Maniyo
කතු වැකිය....
මා විසින් දෙවිවරුන් පිළිබඳව ලියනු ලබන පොත් පෙළෙහි සිව්වැන්න "කාලි මෑණියෝ” නමින් ඔබ අතට පත් වේ. මෙය ද අනෙක් පොත් තුන මෙන්ම දෙවි දේවතාවුන් පිළිබඳව තොරතුරු සොයා විශ්ලේෂණය කර ලියන ලද පර්යේෂණ කෘතියක් ලෙස සැලකිය හැකිය. දෙවිවරුන් පිළිබඳව ලියනු ලබන ශාස්ත්‍රීය ලේඛන, ජනශ්‍රැති අධ්‍යයනය නමැති විෂය ක්ෂේත්‍රයට අයත් වේ. මේවාට තොරතුරු ලබා ගන්නේ මිනිසුන් අතර පවතින ජන විශ්වාස සහ ජනප්‍රවාද වලිනි.
මෙම පොතේ ඇතුළත් තොරතුරු, පූජා විධි, මන්ත්‍ර, කවි පන්ති ආදිය ලබා ගෙන ඇත්තේ මුද්‍රිත හෝ අතින් ලියන ලද පොත්වලින් සහ කපු මහත්වරු, දේවගැතිවරු, ගුප්තවිද්‍යාඥයන්, දේශීය වෛද්‍යවරුන් ආදී අයගෙනි. ඇතැම් දේවගැතිවරු දුරකථනයෙන් අප විමසන ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් දීර්ඝ විස්තර ලබා දුන්හ. මන්ත්‍ර සහ කවි පන්ති ලියා එවූහ. ඔවුන් බොහෝ දෙනකු තම නම ගම ප්‍රසිද්ධ වෙනවාට මනාප නොවන හෙයින්, මෙහි දී ඒ කිසිවකුගේ නම සඳහන් නොකරන්නට වග බලා ගතිමි. එසේ වුවත් ඔවුන් සැම දෙනාටම අපගේ හෘදයංගම ස්තුතිය පුද කරන්නට මෙය අවස්ථාව කර ගනිමි.කාලි මෑණියන් ගැන ලියැවුණ මෙම පොත කුඩා පොත් පිංවක් වශයෙන් අද ඔබ අතට පත් වුවත්, අනාගතයේ දී මෙයට තවත් කරුණු ඇතුළත් කර පරිපූර්ණ පොතක් බවට පත් කරන්නට බලාපොරොත්තු වෙමි. එම නිසා කාලි මෑණියන් ගැන මෙහි සඳහන්ව නැති තොරතුරු, මන්ත්‍ර, කවි පන්ති ආදිය ඔබ දන්නේ නම් ඒවා මා වෙත ලියා එවන ලෙස ඇරයුම් කරමි.

Rs 234.00
Rs 260.00
Saman Deviyo
Out-of-Stock
"සමන් දෙවියෝ " පොත පරිශීලනය කිරීමෙන් සුමන සමන් දෙවියන් පිළිබඳ වැදගත් කරුණු රැසක් දැන ගැනීමට හැකි වන අතර, ලංකාවේ විවිධ පළාත්වල දැකිය හැකි සමන් දේවාල පිළිබදවද සමන් දෙවියන් පිළිබද සදහන් ඉපැරණි ශිලා ලේඛන වැනි දේ පිළිබදවද මෙම ලිපිය මගින් කරුණු රාශියක් අනාවරණය කර ගත හැකි වනු ඇත.
Rs 144.00
Rs 160.00
Paththini pujawa saha shanthiya
Out-of-Stock
නව සැකැසුම ගැන....
දශක ගණනාවක් ම මේ කුඩා ග්‍රන්ථය බොහෝ දෙනාට පත්ති පූජාව නිවැරදිව පවත්වා ශාන්තිය උදාකර ගැනීම පිණිස උපකාර වූවාට සැකයක් නැත. පත්තිනි දේවියගේ කතා පුවත මෙහි සැකෙවින් දක්වා ඇතත් පත්තිනි හෑල්ල නමින් දන්නා ජනසාහිත්‍යයෙහි එන ජනප්‍රිය කාව්‍ය සංග්‍රහය ගැන බොහෝ දෙනෙක් නොයෙක් වර විමැසූහ. මෙම කතා පුවතට ම සම්බන්‍ධ පාළඟ හෑල්ල නම් වූ අන්‍ය කාව්‍ය සංග්‍රහයක්ද ජනශ්‍රැතියෙහි එයි. මේ දෙකම දැනට පාඨකයාට ලබාගත හැකි බවක් නොපෙනන නිසා ඉන් පත්තිනි දේවියගේ නාමය ප්‍රමුඛ කොට රචිත පත්තිනි හෑල්ල මෙම පොතට උපෑඳියක් ලෙස ඇතුළත් කිරීමට අදහස් කෙළෙමු. කන්නගීගේ ස්වමියා වූ කෝවලන්ගේ නාමය ප්‍රමුඛ කොට රචිත පාළඟ හෑල්ල මතු පළ කෙරෙන පත්තිනි උපත හෙවත් සිලප්පදිකාරම් නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදයට ඇතුළත් කිරීමට අදහස් කරමු.

Rs 198.00
Rs 220.00
Pretha Wasthuwa
මේ ප්‍රේත වස්තුව පාලි පේතවත්ථු අටුවාව සරල සිංහලයට නැඟීමෙහි ප්‍රතිඵලයකි. ඒම නිසා ප්‍රේත වස්තු කථා පහසුවෙන් තේරුම් ගැනීමට මේ ග්‍රන්ථය සහාය වෙයි.ප්‍රේත වස්තුවෙහි කථාවස්තු අතර ගාථාද දක්නට ලැඛෙයි. මේ ග්‍රන්ථයෙහි ගාථා කථා වස්තු වලට ඇතුළත් නොකොට ගාථාවන්හි අර්ථ සපුරා සිංහලයට නගා ඇත. එහෙත් ග්‍රන්ථය අවසානයෙහි ප්‍රේත වස්තුවේ සියලු ගාථා අර්ථ සමඟ දක්වා ඇත. ග්‍රන්ථයෙහි කථාවස්තූන්හි සඳහන් කොට ඇති අංක මඟින් එයින් පැවසෙන අර්ථය සහිත ගාථාව කුමක්ද යනු හඳුනාගත හැකි ආකාරයට මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
Rs 1,964.70
Rs 2,183.00
Janahada Wesena Ape Devi Gana
මිනිස් මනසේ එක් චමත්කාරජනක කලාපයක් මුර්තිමත් කරන්නකි, දේව සංකල්පය. තම සිතුවිලි පරාසයට නතු නොවූ විවිධ සාධක, ගාම්භීර, අද්භූත හා ගෞරවපූර්වක මනෝභාවයන් හා සංකලනය කරමින්, ඒවා ජීවමාන කිරීමේ මිනිස් කාර්යාවලියක හැඩරුව ජනශ්‍රැතිය' මගින් දැකිය හැකි ය. ජනකතා හා පුරාණෝක්ති අප අතට පත් වන්නේ ඒ ඔස්සේය. 'ජනහද වෙසෙන අපේ දෙව් ගණ' කෘතියේ ඇතුළත් කතා සමුච්චය සැකසී ඇත්තේ ද, ඒ ආශ්‍රිත ව ය.
Rs 612.00
Rs 680.00
Deviyo Saha Prethayo
සූත්‍ර පිටකයට දීඝ නිකාය, මජ්ඣිමනිකාය, සංයුක්ත නිකාය, අංගුත්තරනිකාය, ඛුද්දකන්කාය යැ' යි පෙළ පොත් පහක් ඇත. එයින් ඛුද්දකනිකායට ඛුද්දක පාඨ, ධම්මපද, සුත්තනිපාත, විමානවත්ථු, පේතවත්ථු, ථේර ගාථා, නිද්දේස, පටිසම්භිදාමග්ග, අපදාන, බුද්ධවංස, පොත් පහළොවක් අන්තර්ගත වේ. ඒ ග්‍රන්ථ විමානවත්ථුපාළි සහ පේතවත්ථු පාළි යන පොත් දෙකේ ම ඇතුළත් වන්නේ දෙවිවරුන් සහ ප්‍රේතයන් පිළිබඳ කථාන්තරය. එම කථා සංක්ෂිප්ත ව පාලි ගාථා වලින් විමානවත්ථු පාළි හා පේතවත්ථු පාළි පොත් දෙකේ දැක්වේ. ඒ කථා විස්තර සහිත ව අන්තර්ගත වෙන්නේ විමානවත්ථු අට්ඨ කථාවේ සහ පේතවත්ථු අට්ඨ කථා නම් පොත් දෙකේය. මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමියන් විසින් රචිත මෙම කෘතිය මගින් එම කරුණු ඉතා සංශිප්ත ලෙස ඉදිරිපත් කරණු ලබයි.
Rs 270.00
Rs 300.00
Sadew Lowa Vatha Gotha
Out-of-Stock
හෙළ බොදුනුවන්ගේ හද ගැස්ම මනාව වටහා ගත් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ තම ධර්ම ප්‍රචාරය ආරම්භ කරමින් විමාන වත්ථු, පේත වත්ථු දේශනා කළ සේක. තමන් විසින් කරනු ලබන කර්මවල ඵල විපාක දැන ගැන්මේ නොතිත් ආශාවෙන් පුද්ගලයා ක්‍රියා කරනු ලැබේ. පුද්ගලයා තමා කරන කුශලා කුශල කර්මයන්ගේ විපාක ලෙස හිමිවන ස්ථාන (භවය) පිළිබඳ විස්තර මෙකී ත්‍රිපිටක ග්‍රන්ථ තුළ විස්තර වේ. " සදෙව් ලොව වත ගොත ' ග්‍රන්ථය තුළින් කාම සුගතිය සහ රූප අරූප යන බ්‍රහ්ම ලෝක පිළිබඳ කරන විස්තර කියවන අසන සැම දෙනාගේ සිත්හි ඇති කරනුයේ කුශල සිතුවිලි ය. කුශල මග පියනගන සත්වයා නිරතුරුවම සදාචාර සම්පන්න චර්යාවන්ගෙන් යුතු වේ. එවැනි පුද්ගලයන්ගේ එකතුවෙන් නිර්මාණය වන සමාජය වඩාත් ම යහපත් වේ. ඒ සඳහා වූ මග පෙන්වීමක් මෙම ග්‍රන්ථයේ විස්තර කෙරේ. එබැවින් සෑම පුද්ගලයෙකුම කියවිය යුතු ධර්ම ග්‍රන්ථයකි.
අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ අතිගරු මහා නායක ශාස්ත්‍රපති අති පූජ්‍ය වස්කඩුවේ රතනසිරි මහ නාහිමි
අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ අතිගරු මහා නායක ශාස්ත්‍රපති අති පූජ්‍ය වස්කඩුවේ රතනසිරි මහ නාහිමි
Rs 270.00
Rs 300.00
Guptha gaveshanaya saha dewatha swapna
Out-of-Stock
මෙම කෘතිය තුළින් අතීතයේ සිට හෙලයන් විසින් පවත්වගෙන ආ කනප්පු, කුලු, පොල්, කවඩි ආදි අචේතනික වස්තූන්ට භූතයන් ආවේශ කරවා කළ හැකි විවිධ වූ අදෘෂ්‍යමාන ක්‍රියාකාරකම් දක්වා ඇති ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකි කෘතියකි.
Rs 288.00
Rs 320.00
Paththini Deviyo Ha Yathukarma saha Puda Puja
Out-of-Stock
ශ්‍රී ලාංකේය ජනාගමයේ සුවිශේෂී පූජනීය චරිතයක් වන පත්තිනි මෑණියන් පිළිබඳව සාරවත් ජනශ්‍රැති, මූලික කරගත් සංස්කෘතිකාංග රැසක් දක්නට ලැබේ. වෙනත් සමකාලීන දේව වන්දනයන්ට වඩා පත්තිනි ඇදහිල්ල පොදු ජනතාවගේ එදිනෙදා දිවියට සමීප වීමට එකී යාතු කර්ම මගින් ලැබී ඇත්තේ සුවිශාල අනුබලයකි. පත්තිනි දේවතාවිය පිළිබඳ පර්යේෂණාත්මක කෘති රැසක් ඇතද, එතුමිය අගයන පොදු ජනයාට පහසුවෙන් කියවා තේරුම් ගත හැකි කෘතීන් ඉතා අල්පය. මෙම කෘතිය රචනය කළේ එම අරමුණෙනි. පත්තිනි දේවතාවිය සිංහල බෞද්ධයා තුළ ගොඩ නගාගත් පූජනීයත්වයත් ඒ හා බැඳුණු සිංහලයාගේ යාතු කර්මත් පිළිබඳ සරල විමසුමක් කිරීමට මෙමගින් ප්‍රයත්න දැරීමි.
Rs 135.00
Rs 150.00
Sinhala Dewa Puranaya
Out-of-Stock
කතෘගෙන්..
සිංහල ජනතාව අතර පුද පූජාවට ලක් වූ දෙවි දේවතාවුන් පිළිබඳ නාමාවලියක් සකස් කිරීමේ අරමුණින් මෙම අධ්‍යයනය ආරම්භ කරන ලදී. සාහිත්‍යගතව මෙන් ම මුඛ පරම්පරාගතව ද එන දෙවි දේවතා විත්ති අකාරාදි පිළිවෙළට මෙහි සංහිතා ගත කර ඇත. අපේ දෙවි දේවතාවුන් ගැන මෙ බඳු පුළුල් අධ්‍යයනයක් සිදුවන පළමු අවස්ථාව මෙය යි. මේ අධ්‍යයනය සර්ව සම්පූර්ණ යැයි නො කියමු. එහෙත් මෙහි ඇතුළත් අන්දමට අති විශාල දෙවි දේවතා සමූහයක් පිළිබඳ තොරතුරු එක්තැන් කිරීමට ලැබීම ශාස්ත්‍රීය වශයෙන් වටිනා කාර්යයකැයි සිතන්නෙමු.මෙම ග්‍රන්ථයේ ආමුඛයෙහි මූලාශ්‍ර පිළිබඳ හැඳින්වීමක් ඇත. එම මූලාශ්‍ර අංක අනුව දක්වා ග්‍රන්ථයේ පසුව එම අංකයෙන් මූලාශ්‍රය කවරේද යන්න සඳහන් කරනු ලැබේ. බේ. අනතුරුව පිටු අංකය ද දක්වා ඇත.ග්‍රන්ථයේ පළමු කොටසෙහි දී හැඳින්වීමක් වශයෙන් සිංහල දේව විශ්වාස පිළිබඳ ඓතිහාසික මෙන් ම සමාජ විද්‍යාත්මක විමර්ශනයක් ඉදිරිපත් කොට තිබේ. දෙවන කොටස දේව නාමාවලිය සඳහා ඇරුණේ ໖.මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් දෙවි දේවතාවුන්ට අමතරව වෙනත් කිසියම් දෙවි දේවතාවුන් පිළිබඳ තොරතුරු හෝ මෙහි ඇතුළත් තොරතුරු වලට නැතහොත් වෙනස් තොරතුරු හෝ කිසියම් පාඨකයෙකු සතුව ඇත් නම් එය දන්වන ලෙස කරුණා ධ්‍යාසයෙන් ඉල්ලා සිටිමු.
මෙම ග්‍රන්ථය සකස් කිරීමේ දී ඊට නොමසුව ආධාර කළ සුධීන් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු ය. මුලාශ්‍ර සටහනේ ඔවුන්ගේ නම් සඳහන් වේ. ඒ අතුරෙන් විශේෂයෙන් සඳහන් කළ යුත්තෙක් නම් බොහෝ තොරතුරු සපයා දී මෙහි නම් ද යෝජනා කළ පියසේන කහඳගමගේ මහතායි. ඒ මහතා ඇතුළු සුධීන්ට අපගේ හෘදයංගම ස්තුතිය පුද කරමු.ග්‍රන්ථය මුද්‍රණය කිරීමේ කටයුක්ත භාරගෙන එය මනාව ඉටු කළ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිහාල් අතුකෝරළ මහතා සහ ප්‍රකාශන අංශයේ නිලධාරි මහතුන් ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ විශේෂ ස්තුතිය හිමි වේ.අත්පිටපත සකස් කිරීමේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අර මුදලින් ලැබුණු අනුග්‍රහය කෘතවේදීව සිහිපත් කරමු.

Rs 1,327.50
Rs 1,475.00
Baudda puda puja sanskruthiya
Out-of-Stock
මුල් බුදුසමයේ ප්‍රධානතම හා ආසන්නම අරමුණ අනුගාමිකයින්ට නිවන් පසක් කර ගැනීමට මගපෙන්වීමයි.එහෙත් වැඩි කලක් ගත වීමට පෙරාතුව බහුතර ගිහි සැදැහැවතුන්ගේ අවශ්‍යතාව අනුව එය මෙලොව සහ එලොව යන දෙලොවෙහිම හිතසුව පිණිස වන ජීවන මාර්ගයක් ඉදිරිපත් කරන ආගමක් බවට පත්කරගනු ලැබිණි.වෙනස් වූ ආසන්න අරමුණු දෙකක් මුදුන් පමුනුවා ගැනීම උදෙසා ස්ථර දෙකක සිට බෞද්ධ චරණය අනුගමනය කරන අනුගාමිකයින් දෙපිරිසක් බිහිවුණු බව පැහැදිලිය. බෞද්ධ පුද පූජා හා ඇදහිලි අයිති වන්නේ බහුතර බැතිමතුන් අනුගමනය කරන චරණයටය. වර්තමානයේ මේ බහුතර සැදැහැවත් පිරිස විසින් අනුගමනය කෙරෙන චරණය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට නම්, එයට පදනම් වූ පුද පූජා හා ඇදහිලි ගැන නිරවුල් දැනුමක් ලබාගත යුතුමය.
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ මෙම කෘතියේ සුවිශේෂී වැදගත්කම වන්නේ එවන් විවිධ බෞද්ධ පුද පූජා හා ඇදහිළිවල ප්‍රභවය, විකාසය මෙන්ම බහුතර ගිහි අනුගාමිකයින්ගේ ආසන්න අරමුණ මුදුන් පමුණුවා ගැනීමට එය කෙතරම් අදාළ වන්නේද යන්න බෞද්ධ දෘෂ්ටිකෝණයෙන් පිරික්සා බලා ඉතා සරලව හා සුගමව පැහැදිලි කර තිබීමයි.
සනත් නානායක්කාර

Rs 1,395.00
Rs 1,550.00
Graha dosha haraniya
උපතේ සිට ජීවත් වන කාල පරාසය තුළ ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ ලොකු කුඩා සැමට ඇති වන මාරක ඒරාෂ්ටක අපල, අවුල් වියවුල්, බරපතළ රෝග පීඩා, ධන හානි, පවුල් ජීවිතවල බිඳ වැටීම් සිදු වන බව රහසක් නොවේ. ජීවිතයේ කිනම් අවස්ථාවක හෝ එවැනි ගැටලු උදා වනු ඇත.එහෙත් නිවැරදි කේන්ද්‍රයක් තුළින් නිවැරදි පලාඵල කථනය කරන්නකුට එය ප්‍රකාශ කළ හැකිය. මේ නිසා සෑම කෙනෙක්ම හය මාසයකට, අවුරුද්දකට වරක්වත් කේන්ද්‍රය බලවා ගත යුතුව ඇත. නිවැරදි කේන්ද්‍රයක් තුළින් සත්‍ය ප්‍රකාශ විය යුතුය. එසේ නොවීම නිසා උත්පත්ති කේන්ද්‍රය ද ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.කෙසේ වෙතත් ග්‍රහයින් අස්ථානගත වීම, වක්‍ර වීම, ගමන් කිරීම, විරුද්ධ රාශියකට පැමිණීම මහාදශා අතුරු දශා කාලවල නීච දුර්වල ග්‍රහයින්ගේ බලපෑම් මත ජීවිතයට බලපාන ගැටලුවලින් මිදීම සඳහා මේ කුඩා ග්‍රන්ථයෙන් ඔබට පැතිකඩ කීපයක් පෙන්වා ඇත. එයින් එකකින් හෝ කීපයකින් හෝ සහනයක් ලබා ගැනීමට ඔබට වාසනාව ඇතැයි මම විශ්වාස කරමි.මෙම ග්‍රන්ථය සකස් කිරීමට ඇදුරු ඩබ්ලිව්. සෝමදාස මහතාගෙන් ලැබුණ මග පෙන්වීම අගේ කොට සලකමි. ගුප්තබල ධර්ම බල යන්ත‍්‍ර මන්ත්‍ර සහ මහමන්ත‍්‍ර විද්‍යාව පරිශීලනය කරන පාඨකයින්ගේ ඉල්ලීම පරිදි ලියූ කුඩා ග්‍රන්ථයකි මේ.
ඊබට් අමරසේන
ඊබට් අමරසේන
Rs 144.00
Rs 160.00
Oddi suniyam
Out-of-Stock
'ඔඩ්ඩි සූනියම්' නම් මෙම ග්‍රන්ථය තුළින් සූනියම් ඇදහිල්ල හා සබැදි ජනශ්‍රැති රාශියක් ද, එම ජනශ්‍රැතිවල ඓතිහාසික පදනම ද මෙම නව කතාවෙන් විමසා බැලෙන අතර එම පුරාණෝක්ති ඒකාබද්ධකර කතාව ගොඩනැගීම පිණිස කල්පිත චරිත හා අවස්ථා නිර්මාණය කර ඈත. පාඨක ඔබ හට මෙම ග්‍රන්ථය තුළින් ඉතා ඉහල රසස්වාදයක් දැනුමක් ලැබෙනු නොඅනුමානය.
Rs 1,755.00
Rs 1,950.00
Krurathvayen Mideema
ක්‍රෑරත්වය මිනිස් ආධ්‍යාත්මය මුල්බැසගත් ලක්ෂණයකි. මිනිස් සන්තානයෙන් ක්‍රෑරත්වය බැහැර කරගන්නා අන්දමත් ක්‍රෑරත්වයෙන් විනිර්මුක්ත සිත ළඟා කරගන්නා ආධ්‍යාත්මික සුවය පිළිබඳවත් ක්‍රිෂ්ණමූර්ති සිය BEYOND VIOLENC කෘතියෙන් මනාව විග්‍රහ කර ඇත. එම කෘතිය සිංහලට පරිවර්තනය කිරීම ඉතාමත් ප්‍රයෝජනවත්ය. ක්‍රිෂ්ණමූර්ති දාර්ශනිකයාගේ විශිෂ්ට කෘතියක් සිංහලට පරිවර්ථනය කර පාඨකයන් වෙතලබාදීම ගැන ජයරාජ් කපිල කුලසිංහ මහතාට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුය
Rs 810.00
Rs 900.00
Sithul pawwe bana katha
බුදු දහමේ ගැඹුරු ධර්ම රසය සාමාන්‍ය ජනතාවට රසවත් කථා මාර්ගයෙන් හඳුන්වා දීමේ සම්භාව්‍ය සිංහල සාහිත්‍ය පරම්පරාවට අනුගත වීමෙන් ලේල්වල සමිත හිමියන් විසින් මෙම '' සිතුල්පව්වේ බණ කථා " කෘතිය සම්පාදනය කරනු ලැබ ඇත.පැරණි සාහිත්‍ය මූලාශ්‍ර වල සඳහන් සිතුල්පව්ව හා සම්බන්ධ කථාන්තර උකහා ගනිමින් ඒවායේ අර්ථ හා අරමුණු ආරක්ෂා වන සේ කථා රසය උද්දීපනය වන පරිදි මෙය ලියා තිබීම සිංහල සාහිත්‍යයේ අභිවර්ධනය වෙනුවෙන් කරන ලද මහඟු මෙහෙවරක් සේ අගයමි.මෙහි ඇතුළත් කථා පාලි අටුවා වලින් සහ සිංහල සම්භාව්‍ය ග්‍රන්ථ වලින් උපුටා ගත්ත ද ඒවා සාහිත්‍ය රසය හා මුසුකොට නැවත ඉදිරිපත් කිරීමක් මෙමගින් සිදු කර ඇත. කථා රසය සමගම ධර්ම රසය ගලා යාමට සැලැස්වීම කතුවරයාගේ අභිප්‍රාය වී ඇති බව පෙනේ.උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවාවේ නව මානයක් මෙම කෘතිය මගින් එළි දක්වා ඇත. එම උත්සාහය සාර්ථක වී ඇති අතර හුදී ජන ප්‍රසාදයට මෙන්ම විද්වද් සම්භාවනාවට ද පාත්‍ර වන නිර්මාණයක් ලෙස මෙම කෘතිය අගය කළ හැකිය.
ආචාර්ය කුඹල්බොඩ ධම්මාලෝක හිමි
ආචාර්ය කුඹල්බොඩ ධම්මාලෝක හිමි
Rs 270.00
Rs 300.00