Rs 315.00
Rs 350.00
-10%
Books
There are 5377 products.
Vinaya Pitakaya - thripitaka Sahithya Ithihasya
Out-of-Stock
භික්‍ෂු භික්‍ෂුණී උභතෝ සංඝයා විෂයෙහි පැණවූ මූලික විනය ශික්‍ෂාපද පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයකි. විනය යන්නෙහි අර්ථ විග‍්‍රහය හා ශාසනයත් විනයත් ධර්මයත් අතර පවතින අන්නෝන්‍ය වූ ද අවියෝජනීය වූ ද සම්බන්ධතාවය පිළිබඳව ද සාරංග විස්තරයක් ඇතුළත්ය. ථෙරවාදීන්ගෙන් වෙන් වූ අනෙකුත් නිකායාන්තර විනය සංග‍්‍රහයන් පිළිබඳව ද විස්තර ඇතුළත්ය.
Rs 184.00
Rs 230.00
Bhikshu Vinaya
විනය පිටකයට අයත් පෙළ හා අටුවා පොත් ඇසුරු කරගනිමින් ශික්ෂා පද පැණවීමට හේතුවූ කතා ප්‍රවෘත්තිද ගෙනහැර පාමින් රචනා කරනලද විනය හදාරන්නන්ට අගනා කෘතියකි කෝන්ගස්තැන්නේ ආනන්ද හිමියන්ගේ භික්ෂු විනය.
Rs 360.00
Rs 400.00
Diragiya Uraga sawa
''The Worn – Out Skin'' නමැති පොතේ සිංහල අනුවාදය වන මෙය කෙලෙසුන්ගේ ස්වභාවය සහ ප‍්‍රහාණය පිළිබදව සාකච්ඡුා කෙරෙන උතුම් ධර්ම ග‍්‍රන්ථයකි.
Rs 171.00
Rs 190.00
Sigalowada Suthra Warnanawa
Out-of-Stock
දීඝනිකායේ සඳහන් වන මෙම සූත‍්‍රයෙන් කියැවෙන්නේ කෙනෙකු පරිහානියට පත්විය හැකි හේතු සමුදායකි. සාරධර්මයන්ගෙන් පිරි ගුණ ගරුක අනාගත පරපුරක් අපේක්ෂා කරන ගුරු දෙගුරු හැම කෙනෙක්ම තම බාල පරපුර අතට පත් කළ යුතු ග‍්‍රන්‍ථයකි. පිරිවෙන් සිසුන්ගේ ප‍්‍රයෝජනය සදහා සූත‍්‍ර සන්නයන් හා භාවයන් ද යොදා ඇත. දියුණුවීම සදහා බුදුන් වහන්සේ සිගාලට දුන් උපදෙස් පැහැදිලි අයුරින් මෙහි විස්තර වේ.
Rs 157.50
Rs 175.00
Chakkawaththi Sihanada Suthraya
Out-of-Stock
සමෘද්ධිමත් රටක යථාර්ථය පැහැදිලි කරන දීඝනිකායේ චක්කවත්තී සීහනාද සූත‍්‍රයෙන් පාලකයකුගේ මනා ගුණාංග හා ධාර්මිකව රට පාලනය කළ යුතු ආකාරය මොනවට පැහැදිලි කරයි. එම චක්කවත්තී සීහනාද සූත‍්‍රයද, සිංහල අනුවාදය සහ වටිනා ගැටපද විවරණයක් ද මෙම කෘතියට ඇතුළත් ය. ගිහි පැවිදි කාටත් පොදු වටිනාකමක් ඇති අගනා ග‍්‍රන්ථයකි. පැරණි රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රතිපත්ති වර්තමානයට කොතෙක් දුරට ගැළපේදැයි පරීක්ෂාකර බලන්න.
Rs 171.00
Rs 190.00
Karaniyameththa Suthrayen Kalamanakarana Muladarma Ha Sankalpa Igenima
Out-of-Stock
කළමනාකරණ විෂයයක් වශයෙන් හදාරන බොහෝ ආධුනිකයන්ට කරණීයමෙත්ත සූත‍්‍රය ඇසුරෙන් කළමනාකරණ මූලධර්ම හා සංකල්ප හදුනාගැනීම සඳහා මඟ පෙන්වීම පිණිස මෙම පොත සැකසී ඇත.
Rs 261.00
Rs 290.00
Maha Sathipattana Suthra Warnanava
Out-of-Stock
සති යනු සිහියයි. පට්ඨාන යනු පිහිටුවීමයි. මනා අරමුණෙහි නිසි ලෙසින් සිහිය පිහිටුවීම සතිපට්ඨානයයි. එය එසේ වූ විට වැලපුම් සන්සිඳෙයි. දුක් දොම්නස් පහව යයි. නුවණ වැඩෙයි. නිවන් පසක් කර ගැනීම සඳහා අවශ්‍ය මාවත විවර වෙයි.
එබැවින් සතිපට්ඨානය සෑම බෞද්ධයෙකු විසින්ම මනාව වටහා ගත යුතුය. මනාව පුරුදු පුහුණු කළ යුතුය. එය උතුම් ධර්ම මාර්ගයකි. ජීවිතයේ යථාර්ථය වටහා ගැනීම සඳහා බුදුරදුන් වදාළ මහඟු ධර්ම සූත‍්‍රයකි.
එබැවින් සතිපට්ඨානය සෑම බෞද්ධයෙකු විසින්ම මනාව වටහා ගත යුතුය. මනාව පුරුදු පුහුණු කළ යුතුය. එය උතුම් ධර්ම මාර්ගයකි. ජීවිතයේ යථාර්ථය වටහා ගැනීම සඳහා බුදුරදුන් වදාළ මහඟු ධර්ම සූත‍්‍රයකි.
Rs 540.00
Rs 600.00
Pali - Sinhala Maha Sathipatthana Suthra Deshanawa
Out-of-Stock
ඒ ශ්‍රී සද්ධර්මයේ එන මහනීය දෙසුමකි, මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව. එම සූත්‍ර දේශනාවෙහි විස්තර වන්නේ සිහිය දියුණු කරගන්නා ආකාරයත් ඒ තුළින් අත්පත් කරගත හැකි ප්‍රතිඵලත්ය. ඒ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව සිංහල අරුත් ද සහිතව සියලුම වයස් කාණ්ඩයන් ම කියවීමට පහසු වන පරිදි තරමක විශාල අකුරින් සකස් කර ඇත.
Rs 900.00
Rs 1,000.00
Dhammachakkappvaththana Suthra Deshanawa
ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේ අන්තර්ගත ඉතා හරසර ගැඹුරු දහම් කරුණු සරලව, සුමගව ඉදිරිපත් කරන මෙම අනඟි කෘතිය දැක්වෙන ජන සිත් නිවා සනසාලන අමා ගඟුලක් බඳුය.
Rs 270.00
Rs 300.00
Ashirwishaopama Suthraya
සතර මහා භූතයන් සර්පයන් සතර දෙනෙකුට උපමා කෙරෙමින් එම සතරමහා භූතයන් ද පඤ්චස්කන්ධය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිර්වාණය යන ධර්ම කරුණු, නවක භික්ෂූන් වහන්සේලාට වඩාත් ප‍්‍රයෝජනවත් වනු පිණිස පෙළ අටුවා ද පදගතාර්ථ භාවසන්නයකින් යුතුව අංගුත්තර නිකායට අයත් මෙම ආශිර්විෂෝපම සූත‍්‍ර දේශනාව ලියා ඇත.
Rs 153.00
Rs 170.00
Maha Parinirwana Dharmaya
Out-of-Stock
මහා පරිනිර්වාණ සූත‍්‍රය පැහැදිලි සිංහල අරුත් සමග ඉදිරිපත් කරන වටිනා ධර්ම පුස්තකයකි. ලිච්ඡුවීන්ට සප්ත අපරිහානි ධර්මයන් පිහිට වූයේ යම්සේද ඒ ආකාරයෙන් සංඝ සමාජයේ ස්ථිර පැවැත්ම හා විමුක්තිය සඳහා පිහිට වන ධර්මයෝ කවරහුදැයි මෙහි විස්තර කර ඇත.
Rs 337.50
Rs 375.00
Brahmajala Suthraya
බුද්ධ කාලීනව පැවති විවිධ දෘෂ්ටි සහ සමාජ පසුබිම හැදෑරීම සඳහා ඉතාමත් සුදුසු ග‍්‍රන්‍ථයක් ලෙස බුද්ධිමතුන් අවිවාදයෙන් පිළිගත් ග‍්‍රන්‍ථයකි. බ‍්‍රහ්මජාල සූත‍්‍රය, පදගතාර්ථ සන්නය, ගැටපද විවරණය සහ බ‍්‍රහ්මජාල සූත‍්‍ර අන්තර්ගතයෙන් සමන්විත වන මෙය ඔප කඩදාසියේ මුද්‍රනය වූ මාහැඟි වටිනා කෘතියක් ලෙස සඳහන් කළ හැකිය. බුද්ධ කාලීනව පැවති විවිධ ආගම් ඇදහිලි හා විශ්වාස පිළිබඳව මනා අවබෝධයක් ඇතිකර ගැනීමට සුදුසු වන සේ සැකසුනකි.
Rs 333.00
Rs 370.00
Buddha Suthra Sangrahaya Hewath Gihi Winaya
Out-of-Stock
පිරිවෙන්හි භාවිතය සඳහා නියමිත මහා මංගල සූත‍්‍රය, පරාභව, දසධම්ම, සිගාලෝවාද, වසල, ව්‍යග්ඝපජ්ජ, ධම්මික යන සූත‍්‍ර පෙළ, සන්න, අනුවාද සහ පරිකතා සහිතව දක්වා ඇත. ධර්මඥානය බෞද්ධ චර්යා දියුණු කර ගැනීම සඳහා ලියැවුනු අගනා කෘතියකි. යහපත් ජීවන රටාවක් ගොඩනගා ගැනීම සඳහා වූ උපදේශ ග‍්‍රන්ථයකි.
Rs 234.00
Rs 260.00
Dhamma Gawesi
Out-of-Stock
බුදුන් වහන්සේ විසින් හතළිස් පස් වසරක් වූ සිය ජීවිතකාලය පුරා විවිධ පුද්ගලයන් සමඟ සිදු කරන ලද ධර්ම සාකච්ජා අභිධර්මයෙහි සූත්‍ර පිටකයට ඇතුලත් කොට තිබේ. මෙම ධර්ම සාකච්ජා මැනවින් කියවා බලා අපගේ ජීවිතවලට දහම් එළියක් ලැබීමට සුදුසු ආකාරයෙන් සරල බසින් සංග්‍රහ කර දැක්වීමක් මෙම ධම්මවෙසී ධර්ම සංග්‍රහයේ එයි.
Rs 720.00
Rs 800.00
Budu Dahame Adhyathmaya (Maha wedalla Suththraya)
Out-of-Stock
බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටි සමයෙක, සැරියුත් හිමියන් හමුවීමට පැමිණි මහාකොට්ඨිත නම් වූ ස්වාමීන් වහන්සේ සැරියුත් හිමියන්ගෙන් ඇසූ ප‍්‍රශ්නවලට දෙන ලද පිළිතුරු මේ සූත‍්‍රයෙහි ඇතුළත් වේ.
Rs 135.00
Rs 150.00
Mangala Dharma Wistharaya
මේ දහම් පොත කියවා මංගල ධර්ම පිළිබඳ අවබෝධයක් ඇතිකර ගැනීමෙන් තම තමන්ගේ ජීවිත ලෞකික හා ලෝකෝත්තර දියුණුවේ මාවත ඔස්සේ ගෙන ගොස් ශාන්ත අති සුන්දරතර සැපය ළංකර ගැනීමේ භාග්‍යවන්තයෝ වේවා යි ප්‍රාර්ථනා කරමු.
Rs 697.50
Rs 775.00
Budu Dahame Adhyathmaya (Karaniya Meththa Suthraya)
Out-of-Stock
භාවනා වැඞීම පිණිස වනගත වූ භික්ෂූන් වහන්සේලා පිරිසක් අරභයා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකි. මේ දේශනාවේ ගැබ් වී ඇත්තේ නිවනට අදාළවන අත්ථ කුසලය සපුරාලීමට තුඩුදෙන ධර්ම ගොනුවකි.
Rs 90.00
Rs 100.00
Budu Dahame Adhyathmaya (Meghiya Suthraya)
Out-of-Stock
භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේ විසින් ලෝක සත්වයාට වදාරණ ලද ශ‍්‍රී සද්ධර්මය ඇතුළත් සූත‍්‍ර පිටකයට අයත් ”මේඝිය සූත‍්‍රය” ඉතා වැදගත් දහම් කරුනු රාශියක් ඇතුළත් අගනා සූත‍්‍ර ධර්මයකි.
Rs 90.00
Rs 100.00
Budu Dahame Adhyathmaya (Chula Wedalla Suthraya)
Out-of-Stock
ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේත් විශාඛ නම් උපාසක තැනත් අතර ඇති වූ සාකච්ඡවට ප‍්‍රස්තුත වූ කරුණු මේ සූත‍්‍රයෙහි ඇතුළත් වේ. විශාඛ උපාසක විසින් ධම්මදින්නා මෙහෙණියගෙන් විචාරණ ලද ප‍්‍රශ්න වලට දෙනු ලැබූ පිළිතුරු වටිනා දහම් කරුණු වශයෙන් මෙහිදී ඉතා වැදගත් වේ.
Rs 126.00
Rs 140.00
Budu Dahame Adhyathmaya (Dhammachakkapawaththana Suthra)
Out-of-Stock
ඉසිපතන මිගදායෙහිදී බුදු පියාණන් වහන්සේ පස්වග මහණුන් අරබයා පැවැත් වූ ”ධම්මචක්කප්පවත්තන සූත‍්‍රය” නමින් හැදින්වෙන මෙම ධර්ම දේශනාව සූත‍්‍ර පිටකයේ සංයුක්ත නිකායට අයත් වන සූත‍්‍රයකි.
Rs 180.00
Rs 200.00
Budu Dahame Adhyathmaya (Dewnada Dam Desum)
බුද්ධිමත් පාඨකයන්ගේ ප‍්‍රයෝජනය සදහා භාවනාවට අදාළව මනාකොට ගලපා ගෞරවණීය කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කරුණු එකතුවකින් සම්පාදනය කළ ග‍්‍රන්ථයකි.
Rs 90.00
Rs 100.00
Budu Dahame Adhyathmaya (Maha mangala Suthraya)
Out-of-Stock
සූත‍්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් මහා මංගල සූත‍්‍රය බෞද්ධ පින්වතුන් අතර බහුල වශයෙන් ව්‍යවහාරයට පැමිණ ඇති එමෙන්ම බෞද්ධයන්ගේ අතිශය ගරු සම්මානයට පාත‍්‍ර වී ඇති බුද්ධ භාෂිත ධර්ම කොට්ඨාසයකි. තවද මහා මංගල සූත‍්‍රය සදහා පාරම්පරිකව එන අර්ථ කථනයට අමතරව, සැලකිල්ල යොමු විය යුතු ඉහළ මට්ටමේ තවත් සියුම් අර්ථ විග‍්‍රහයක් මේ පොතෙන් ඉදිරිපත් කෙරේ.
Rs 90.00
Rs 100.00
Budu Dahame Adhyathmaya (Mulapariyaya Suthraya)
Out-of-Stock
සූත‍්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයෙහි මූල පරියාය වග්ගයට අයත් ශ‍්‍රී මුඛ දේශනාවකි. මිනිසා ඇතුළු සජීවී, අජීවී සියලූ වස්තු හැදෙන හැටි සහ කැඩෙන හැටිත් දුකින් මිදීම සදහා අවශ්‍ය දේ හදන හැටි සහ කඩන හැටිත් මෙයින් පෙන්වා දෙන බැවින් දුකින් නිදහස් වීමට උත්සාහ දරන්නාට මේ සූත‍්‍රයේ කරුණු මහත් සේ ප‍්‍රයෝජනවත් වේ.
Rs 135.00
Rs 150.00
Budu Dahame Adhyathmaya (Wammika Suthraya)
මේ පොතේ විස්තර කෙරෙන ”වම්මික සූත‍්‍රය” වනාහි ත‍්‍රිපිටකයේ සූත‍්‍ර පිටකයට අයත් මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වග්ගයේ ඇතුළත් අත්ශයින් වැදගත් සූත‍්‍ර දේශනාවකි.
Rs 90.00
Rs 100.00
Buddhism A Living Message
The scientist has brought the external world under his sway and seems to promise that he can turn this world into a paradise. But man cannot yet control his mind, despite all the achievements of science. ...
Rs 180.00
Rs 200.00
Budu Dahame Adhyathmaya (Alawaka Suthraya)
ඛුද්දක නිකායට අයත් ‘‘ආලවක සූත‍්‍රය” බුදු රජාණන් වහන්සේ විසින් ආලවක නම් වූ යක්‍ෂ ගෝත‍්‍රික සෙන්පතියා අරභයා දේශනා කරන ලද්දකි. මෙම සූත‍්‍රය දහම් කරුණු රැුසක් රසවත් ලෙස දක්වන මාහැගි ධර්මයකි.
Rs 112.50
Rs 125.00
Budu Dahame Adhyathmaya (Nibbedhika Suthraya)
Out-of-Stock
අංගුත්තර නිකායට අයත් ”නිබ්බේධික සූත‍්‍රය” නිවන් මාර්ගයේ සිත ගමන් කරවිය යුත්තේ කෙසේ ද යන්න, බුදු රජාණන් වහන්සේ විසින් භික්ෂූන් අමතා දේශනා කරන ලද්දකි.
Rs 90.00
Rs 100.00
Budu Dahame Adhyathmaya (Lakkhana Suthraya)
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුතුමාගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන කල්හි භික්ෂූන් වහන්සේලා අමතා දේශනා කරන ලද මෙම සූත‍්‍රයෙහි අන්තර්ගත වී ඇත්තේ මහා පුරුෂයකු සතු පුරුෂ ලක්ෂණය. මෙය දීඝ නිකායට අයත් වන සූත‍්‍රයකි.
Rs 135.00
Rs 150.00
Peace In The Buddha's Discourses
The Buddha’s discourses as recorded in the Pali Canon contain many references to the value of santi, or peace, at both the personal and social levels. ....
Rs 157.50
Rs 175.00
Budu Dahame Adhyathmaya (Rathana Sutharaya)
Out-of-Stock
සූත‍්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් මහානුභාව සම්පන්න මාහැගි සූත‍්‍ර ධර්මයකි. මේ සූත‍්‍රයේ පද යෙදීම මෙන්ම අක්‍ෂර සංයෝගය ද ධ්වනිය ද අතිශය විද්‍යානුකූල භාවයක් දනවන අතර අර්ථ රසය, ශබ්ද මාධුර්යය සහ ගම්භීරතාව ද ඉතා ඉහළ මට්ටමක පවතී. එමෙන්ම සූත‍්‍රය මුළුල්ලෙහි ම දැක්වෙන දහම් කරුණු ද අති විශිෂ්ටය.
Rs 90.00
Rs 100.00
Budu Dahame Adhyathmaya (Ajitha Suthraya)
Out-of-Stock
බ‍්‍රාහ්මණ පණ්ඩිතයන් දහසය දෙනෙකු බුදු රජාණන් වහන්සේ හමු වී විමසූ ප‍්‍රශ්න සහ ඒවාට දෙන ලද පිළිතුරු පරායන වග්ගයට ඇතුළත් වේ. අජිත පිරිවැජියා ඒ දහසය දෙනාගෙන් මූලිකත්වය දැරූ තැනැත්තා විය. ඔහු විචාළ ප‍්‍රශ්න සහ ඒවාට බුදු රජාණන් වහන්සේ දුන් පිළිතුරු මේ පොතට ඇතුළත් වේ.
Rs 90.00
Rs 100.00
The Noble Eightfold Path
The Buddha's teachings center around two basic principles. One is the Four Noble Truths, in which the Buddha diagnoses the problem of suffering and indicates the treatment necessary to remedy this problem. The other is the Noble Eightfold Path, the practical discipline he prescribes to uproot and eliminate the deep underlying causes of suffering. ...
Rs 315.00
Rs 350.00