Books

-10%

Siyabaslakara Deepani

සියබස්ලකර දීපනී -  උපමා රූපකාදි කාව්‍ය අලංකාර, කාව්‍ය දෝෂ, යමක ලක්‍ෂණ, දස ප‍්‍රාණ ආදී කාව්‍යකරණ උපදෙස් සපයන මෙම පොතට සාහිත්‍ය, ඉතිහාසය සහ අලංකාරවාදය, රසවාදය ආදී වූ විවිධ කාව්‍ය සංකල්ප සහ විග‍්‍රහයන් ද ඇතුළත් කර ඇත. මෙය කාව්‍ය උපදේශ ග‍්‍රන්ථයකි. සිංහල ග‍්‍රන්ථ නාමාවලියේ ආදි ම ග‍්‍රන්ථයක් වශයෙන් සැලකෙන මෙය කිවිබස හැසිරවීම සඳහා ලියැවුණ උපදේශ පොතකි. 
Rs 1,035.00
Rs 1,150.00
-10%Out-of-Stock

Sarala Therum Sahitha Loveda Sangarawa

Out-of-Stock
ලෝවැඩ සගරාව - ලෝවැඩ සගරාව යහපත් මාර්ගයෙහි ගමන් කරනු කැමැත්ත  වූන්ට අකුසලින් මිදී කුසල් වැඩිදියුණු කිරීමට මග පෙන්වන කල්‍යාණ මිත්‍රයෙකි. කියවා සරලව තේරුම් ගතහැකි බණ පොතකි. භාවනාව සදහා කමටහනකුදු වන්නේය.
Rs 112.50
Rs 125.00
-10%Out-of-Stock

Shubhashithaya - Itha Sarala Sinhala Therum Sahitha

Out-of-Stock
සුභාෂිතය - දයාව, කරුණාව, ඉවසීම ආදී මිනිස් ගුණ වර්ධනය කරන්නාවූත් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මද මානය ආදී දුර්ගුණයන් මර්දනය කරන්නා වූ සිංහලයාගේ සංස්කෘතික ලක්ෂණ පිළිබද හැගීමක් ඇති කරවන අතරම සාහිත්‍ය රසය හා භාෂා ඥාණය පිළිබද දැනුමක් දරුවන් තුළ ඇති කරන්නා වූ සම්භාව්‍ය සාහිත්‍ය කෘතියකි. 
Rs 112.50
Rs 125.00
-10%Out-of-Stock

Sasadawatha

Out-of-Stock
සසඳාවත -  සස ජාතකය, පන්සිය පනස් ජාතක පොතට ඇතුළත් වීමට පෙර හින්දු සාහිත්‍යයේ තිබූ කතාවක් බව ද සඳහන් වේ. මෙම කතාව එලිසමයෙන් විනිර්මුක්ත ගී කාව්‍ය ශෛලියෙන් පරිපූර්ණ භාව ප‍්‍රසාදය සඳහා ලියැවුණකි. පද පිළිවෙල, අර්ථ, ටිප්පණි හා සාරගර්භ සංඥාපනය විද්‍යාර්ථීන්ට අත්වැලකි. කාව්‍යයක් වශයෙන් කියවා මනා කාව්‍ය රසාස්වාදයක් ලැබිය හැකි කවි පොතකි. 
Rs 252.00
Rs 280.00
-10%Out-of-Stock

Sandakinduruda Kavya

Out-of-Stock
සඳකිදුරු දා කාව්‍යය -  නාට්‍ය රඟ දැක්වීමට පවා පදනම් කරගෙන ඇති සඳකිªරු හෙවත් චන්‍දකින්නර ජාතකය, බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත‍්‍ර වූ ඉතාමත් සංවේදී කථා පුවතකි. එම කථාව ළගන්නාසුලූ අන්දමින් යුතු විරිත් කීපයකින් කවියට නැඟීමකි සඳකිªරුදා කාව්‍යය. පද පිළිවෙල අර්ථ, දීපිකා, අදාළ විස්තර ඇතුළත් අලංකාර සංස්කරණයකි. 
Rs 297.00
Rs 330.00
-10%

Buduguna Alankaraya

බුදුගුණ අලංකාරය  - අනන්ත වු බුදු ගුණ වර්ණනා කරමින් කාව්‍යයෙන් බන්ධනය වූ මේ කෘතිය බෞද්ධ සාහිත්‍යයේ අමරණීය ග‍්‍රන්ථයකි.
Rs 337.50
Rs 375.00
-10%

Budugunaalankaraya

බුදුගුණ අලංකාරය - පාසල් පොතක් වශයෙන් පමණක් නොව උසස් අධ්‍යාපනය සඳහා ද සුදුසු වීදාගම මහානේත‍්‍ර ප‍්‍රසාදමූල මෛත‍්‍රීය හිමියන් විසින් රචනා කරන ලද කවි හයසියයකටත් වැඩි සංඛ්‍යාවක් ඇති මෙය ඉතා රසවත් පද්‍ය සංග‍්‍රහයකි. විශාලා මහනුවර සම්බන්ධ ඓතිහාසික කථා පුවතක් රසවත් කවියෙන් ඉදිරිපත් කිරීමකි. සරල භාෂාවෙන් ලියැවුණ ද මීට ගැටපද විවරණයක් ද සපයා තිබේ. 
Rs 702.00
Rs 780.00
-10%Out-of-Stock

Sinhala Divyavadanaya

Out-of-Stock
සිංහල දිව්‍යාවදානය - පාඨකයන්ගේ කියවීමේ රුචිය වර්ධනය කරනු උදෙසා මෙම සිංහල දිව්‍යාවදානය ග්‍රන්ථය නව සංස්කරණයකින් හා සමාලෝචනයකින් යුතුව පාඨක ඔබට ගෙන එනු ලබයි.
Rs 2,025.00
Rs 2,250.00
-10%

Amawathura

අමාවතුර -  බෞද්ධ අධ්‍යාපනය ලබන ගිහි පැවිදි විද්‍යාර්ථීන්ට අත්‍යවශ්‍ය ම සම්භාව්‍ය පබැªමකි. පොළොන්නරු යුගයේ අවසානයේ දී ලියැවුණු මෙහි භාෂාව කර්ණ රසායන අමෘත ප‍්‍රවාහයකි. මේ පොත තුළින් ඒ අමෘතය ඔබත් රසවිඳ බලන්න. සම්භාව්‍ය ගණයේ ලා වියතුන් විසින් සලකනු ලබන මෙම පොත කියවීමෙන් ලැබෙන ඒ කාව්‍යමය ප‍්‍රබෝධය ඔබත් අත්දැක තිබේ ද? මෙම සංස්කරණය විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ප‍්‍රමුඛ විද්වත් මණ්ඩලයක් විසින් කරන ලද්දකි. 
Rs 945.00
Rs 1,050.00
-10%Out-of-Stock

Pali Adhyayana Vimarshana

Out-of-Stock
පාලි අධ්‍යයන විමර්ශන - මහාචාර්යය ඔලිවර් අබේනායක මහතා විසින් 1960 වසරේ පටන් පුරා දශක හයකට ආසන්න කාලය තුල විවිධ මාතෘකා යටතේ ලිපි රාශියක් ඉදිරිපත් කොට ලැබ ඇත. එයින් පාලි අධ්‍යයන සදහා ඇති ලිපි සියල්ල ම සංගෘහිත කර ඇති මෙම කෘතිය පාලි විෂයය හදාරණ විද්‍යාර්ථීන්හට මහත් සේ ප‍්‍රයෝජනවත් වනු ඇත. 
Rs 720.00
Rs 800.00
-10%Out-of-Stock

Saku Kavi Lakunu

Out-of-Stock
සකු කවි ලකුණු -  සංස්කෘත පද්‍ය කාව්‍ය මෙන් ම ගද්‍ය කාව්‍ය පිළිබඳ ව ද මනා විග‍්‍රහයක් උදාහරණ දෙමින් ඉදිරිපත් කරන අතිශය වැදගත් කෘතියකි. සංස්කෘත මහා කාව්‍ය ඛණ්ඩ කාව්‍ය මෙන් ම වීරකාව්‍ය පිළිබඳ ව විස්තර දක්වන අතර කාලිදාස, අශ්වඝෝෂ, භාරවී, මාඝ, ජයදේව ආදී කවියන් පිළිබඳ ව ද විස්තර සඳහන් කර ඇත. එසේම ශිශුපාලවධ, ගීකගෝවින්දය, කාදම්බරිය, කුමාර සම්භව, කිරාතර්ජුනිය, මේඝ දූතය, අනුරුධ ශතකය, බුද්ධ චරිත මහා කාව්‍ය ආදී කෘතීන් පිළිබඳ ව විමර්ශනාත්මක විස්තර ද මෙහි දක්වා තිබේ. 
Rs 270.00
Rs 300.00
-10%Out-of-Stock

Sanskrutha Gadyapadya Sahithya

Out-of-Stock
සංස්කෘත ගද්‍ය පද්‍ය සාහිත්‍යය -  පිරිවෙන් ශිෂ්‍යයන්ට සහ සංස්කෘත විෂය හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ද යෝග්‍ය වන ලෙස මහා භාරතම්, රාමායණම්, පඤ්චතන්ත‍්‍රය වැනි සංස්කෘත ගද්‍ය පද්‍ය ග‍්‍රන්ථ උදාහරණ ලෙස දක්වමින් ඉදිරිපත් කරන සංස්කෘත පිළිබඳ විමර්ශන ග‍්‍රන්ථයකි.  
Rs 495.00
Rs 550.00
-10%Out-of-Stock

Bharatheeya Kama Shastharaya

Out-of-Stock
භාරතීය කාමශාස්ත‍්‍රය -  ධර්ම, අර්ථ, කාම යන ත‍්‍රිවර්ග සම්පත්තිය පදනම් කරගත් කාම ශාස්ත‍්‍රීය තොරතුරු රැසක් මෙම කෘතියෙන් ඉදිරිපත් කර තිබේ. ආලිංගනය, චුම්බනය, වශීකරණ විධි, ලිංගික ක‍්‍රියාවලිය ආදිය සම්බන්ධ පිළිගත් අදහස් මෙම කෘතියට ඇතුළත් ව තිබේ. 
Rs 261.00
Rs 290.00
-10%

Pali Bhasha-Sahithyaya Hebau Wideshikayo

පාලි භාෂා සාහිත්‍ය හෙබවූ විදේශිකයෝ -  දීර්ඝ කාලයක් තුල පුළුල් පරාසයක විහිදී ඇති පාලි භාෂා සාහිත්‍ය කෘති නිර්මාණය කළ විදේශීය පඩුවන් පිළිබද ශාස්ත‍්‍රීය ගවේෂණයකි. 
Rs 157.50
Rs 175.00
-10%

Pali Sahithya

පාළි සාහිත්‍යය - මෙහි පාළි සාහිත්‍යයේ සංග්‍රහ ග්‍රන්ථ, වංශකථා, බුද්ධ චරිත, ධර්ම සංග්‍රහ, ව්‍යාකරණ පොත්, කෝෂ ග්‍රන්ථ, සංදේශ කථා යන මේවායේ විස්තර ඇතුළත් වේ. තවද ඉංග්‍රීසි පාළි සාහිත්‍යය ග්‍රන්ථවල ඇතුළත් නොවූ බොහෝ කරුණු හා පොත්වල විස්තර මෙහි ඇතුළත්ව ඇත.
Rs 1,260.00
Rs 1,400.00
-10%Out-of-Stock

Pali Bhashave Aithihasika Sanwardhanaya Ha Kachchaya Vyakarana Wivuthi

Out-of-Stock
පාලි භාෂාවේ ඓතිහාසික සංවර්ධනය හා කච්චායන ව්‍යාකරණ විවෘති - මෙම ග‍්‍රන්ථය සාම්ප‍්‍රදායික ව්‍යාකරණ හා ඓතිහාසික ව්‍යාකරණය යන ක්ෂේත‍්‍ර දෙකටම අදාළ වන ප‍්‍රස්තුත රාශියකින් සැදුම් ලද කෘතියක් වන අතර ප‍්‍රාචීන විභාග මෙන්ම උසස් අධ්‍යාපන ආයතනයන්හි විභාගවලට සූදානම් වන සිසුන්ට මහගු අත්වැලක් වනු ඇත.
Rs 225.00
Rs 250.00
-10%

Vishnu Sharmange Pancha Thanthraya

පංච තන්ත්‍රය - මීට අවුරුදු දෙදහසකට පමණ ඉහත ඉන්දියාවේ විසූ විෂ්ණු ශර්මන් නමැති මහා පඬිවරයා විසින් මිනිසාට යහපත් චරිතයක් හා මනා පෞරුෂත්වයක් ගොඩනගා ගන්නේ කෙසේද යන්න පැහැදිලි කරන දේශන ආශ‍්‍රයෙන් මෙය සකස් වී ඇත.
Rs 990.00
Rs 1,100.00
-10%

Abhighana Shakunthala Natakaya-Maha Kavi Kalidasa Praneeth

අභිඥාන ශාකුන්තල නාටකය - පෙර අපර දෙදිග ම සුප‍්‍රසිද්ධ මහා කවි කාලිදාසයන්ගේ සකුන්තලා නාටකය, එම නාට්‍ය අනුසාරයෙන් ම දෙබස් ආදිය යොදා කරන ලද සංස්කරණයකි. සිංහල සහ සංස්කෘත නාගර අකුරෙන් ද ලියැවී ඇති බැවින් සංස්කෘත ඉගෙන ගන්නා අයට ද ප‍්‍රයෝජනවත් වන සේ සැකසී ඇත. නාට්‍යයකින් ලබන රසාශ්වාදය ද නොඅඩුව ලැබේ.  
Rs 450.00
Rs 500.00
-10%

Sanskrutha Kavya Sahithya

සංස්කෘත කාව්‍ය සාහිත්‍යය - කාව්‍ය සංස්කෘතිය, කාලිදාසට පෙර ලේඛකයෝ, විර කාව්‍ය, ඓතිහාසික කාව්‍ය, පේ‍්‍රම බන්ධන, ජන කථා, උපදේශන කථා, ගීත හා සුභාෂිත කාව්‍යය, කාව්‍ය සිද්ධාන්ත, මහා කවි කාලිදාස ආදී මාතෘකා යටතේ සංස්කෘත කාව්‍ය සාහිත්‍ය පිළිබඳ ලියැවුණු පොතකි. 
Rs 216.00
Rs 240.00
-10%

Svapnavasavadaththa Natakaya

ස්වප්නවාසවදත්ත නාටකය - සංස්කෘත සාහිත්‍යයේ අග‍්‍රගණ්‍ය නාටකයක් ලෙස සැලකෙන මෙය සංස්කෘත භාෂාමය පෙළින් ද එහි සිංහල අර්ථ කථනයෙන් ද යුතු ව සැකසී තිබේ. එහි චන්දස් හා වෘත පිළිබඳ සටහනක් ද මෙයට ඇතුළත් කර තිබේ.  
Rs 378.00
Rs 420.00
-10%Out-of-Stock

Sanskrutha Sahithya Wimarshana

Out-of-Stock
සංස්කෘත සාහිත්‍ය විමර්ශනය -  විවිධ සංස්කෘත පොත්වලින් උදාහරණ ගනිමින් භාෂා ව්‍යවහාර සමග සංස්කෘත සාහිත්‍ය පිළිබඳ කෙරෙන විමර්ශනයකි. සංස්කෘත විෂය හදාරන විද්‍යාථින්ට මෙය බොහෝ සෙයින් ප‍්‍රයෝජනවත් වේ. 
Rs 360.00
Rs 400.00
-20%Out-of-Stock

Saga Sarana

Out-of-Stock
සඟ සරණ - තපොවෘධ ගුණොවෘධ අතීත කාලීන ස්ථවිරයන් වහන්සේලා 40 නමකගේ ජීවන කථා පුවත් ඇතුළත් ග්‍රන්ථයකි.සරණ සෙත් තුනේ අවසාන ග්‍රන්ථයයි.සඟ ගුණ වර්ණනා කර ඇත.
Rs 96.00
Rs 120.00
-20%

Saddharmalankaraya

සද්ධර්මාලංකාරය - රසවාහිනී නම් වූ කෘතියට සමානතාවයක් ඇති මෙම කෘතිය බුද්ධ ධර්මය සහ බෞද්ධ සදාචාර ඉගැන්වීම් සාමාන්‍ය පාඨක ජනයාට අවබෝධ කර දීමට සැකසුනු ඉතා අගනා සම්භාවනීය කෘතියකි..
Rs 3,776.00
Rs 4,720.00
-20%

Purana Thun Saranaya

පුරාණ තුන් සරණය - පැරණි බෞද්ධයෝ අතිශය ගෞරවයෙන් සිරිපා වන්දනාවේ යෙදුනහ. පුරාණ තුන්සරණය සැදැහැවත් බෞද්ධයන් සිරිපා වන්දනාවේදි බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සිහිකරමින් හඬ නගමින් කී කවි පොතකි.
Rs 94.40
Rs 118.00
-20%Out-of-Stock

Kotte Yugaye Sandesha Wivaranaya

Out-of-Stock
කෝට්ටේ යුගයේ සංදේශ විවරණය - බොහෝ වෙහෙස මහන්සිව විශේෂ කරුණු රැස්කර ලියන ලද පොතකි.උසස් පෙළ සිංහල විෂය හදාරණ සිසුන්ටද, උගන්වන ගුරුවරුන්ටද බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
Rs 88.00
Rs 110.00
-10%Out-of-Stock

Pali Attakatha Adhyayana

Out-of-Stock
පාලි අට්ඨකථා අධ්‍යයන - දැනට ඇති අට්ඨාකතාවන් ඇත්තේ පාලියෙනි. මැදගම්පිටියේ විජිතධම්ම හිමියන් විසින් රචනා කරන ලද මෙම ග්‍රන්ථය පාලි අට්ඨාකතා ආශ්‍රිත විවිධ අධ්‍යනයන් ය. අටුවාවල ඇති වැදගත් කරුණු පර්යේෂණාත්මකව මෙහි දී ඉදිරිපත් කර ඇත.
Rs 315.00
Rs 350.00
-10%

Sahithya Atuvava

සාහිත්‍ය අටුවාව - සාහිත්‍යය හදාරන්නන්ට හමුවන්නේ අප සංස්කෘතියේ විවිධ දායාදයන්ය. එම දායාදයන් ඇසුරු නොකර දේශාභිමානය හා අප ජාතියේ ප්‍රෞඩත්වය ආදිය පිළිබඳ හැඟීමක් ඇති කර ගත නොහැක. එම නිසා සාහිත්‍යය  යනු අධ්‍යාපනික වශයෙන් පමණක් නොව සෑම පුරවැසියෙකුටම තම ජාතික අභිමානය ගොඩනඟා ගැනීමට ඉවහල් වන විෂය ක්‍ෂේත්‍රයකි. ඒ සඳහා දිවයින පුවත්පතට ලියූ ලිපි මුල් කරගෙන සිරි තිලකසිරි විසින් රචිත සිහිත්‍ය අටුවාව ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි. 
Rs 162.00
Rs 180.00
-10%Out-of-Stock

Lanka Pali Sandesa Sahithyaya

Out-of-Stock
ලංකා පාලි සන්දේස සාහිත්‍යය - සන්දේස සාහිත්‍යයේ ආරම්භය, විකාශය, විශේෂතා, ඓතිහාසික තොරතුරු යන කරුණු වලින් සංගෘහිත මෙම කෘතිය ප‍්‍රාචීන විභාග හා උසස් විභාගවලට පෙනී සිටින විද්‍යාර්ථීන්හට මහත් ප‍්‍රයෝජනයක් වනු ඇත.
Rs 225.00
Rs 250.00
-10%Out-of-Stock

Sidath Sagarava-Pela Ha Bhavaya

Out-of-Stock
 සිදත් සඟරාව - දඹදෙණි සාහිත්‍ය යුගයේ සම්පාදිත යැයි සැලකෙන සිදත් සඟරාව කාව්‍යකරණයේ නියැළෙන ආධුනිකයන් සඳහා සම්පාදනය වූ පුරාතන වියරණ ග‍්‍රන්ථයකි. වත්මන් ව්‍යාකරණ රීතින් ගොඩ නැගීමේලා මේ කෘතිය මහගු දායකත්වයක් ලබා දී ඇත.
Rs 225.00
Rs 250.00
-10%

Katha Ahura

කතා අහුර - ගැමි ජීවිතය හා ගැමි චරිතාංඟ තුළ ඇති ලක්‍ෂණයන් යතාර්ථවාදී බවින් යුතුව පාඨක ඔබ වෙත ගෙන ඒමෙහිලා ලියැවුණු සාර්ථක කෘතියක් ලෙසින් මෙය හඳුන්වා දිය හැක. ඕනෑම අධ්‍යාපනික මට්ටමක අයෙකු සඳහා කියවා තේරුම් ගත හැකි පරිදි සරළ ගැමි බස් වහර යොදා ගනිමින් ලියැවුණකි. 
Rs 495.00
Rs 550.00
-10%

Nelum Kavi Waruna Ha Jana Sanskruthiya

නෙළුම් කවි වරුණ හා ජන සංස්කෘතිය -   නෙළුම් කවි ගායනය ලංකාවේ සංස්කෘතික දායාදයකි. ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ඔවුන්ට ම ආවේණික වූ නෙළුම් කවි සම්ප‍්‍රදායයන් ඇත. ඒ අනුව මෙහි කතුවරයා පස් යොදුන් කෝරළය, සියනෑ කෝරළය උඩරට ආදී වශයෙන් විවිධ පළාත්වලින් එකතු කළ නෙළුම් කවි විශාල සංඛ්‍යාවක් මෙම පොතට ඇතුළත් කර තිබේ. කවි පමණක් නොව නෙළුම් තහංචි, දෑකැති වාරම්, වරම් කවි, වාද නෙළුම් කවි, ගිනිතාලම්, කුරහන් උපත, කටුසර වරුණ සහ කුරහන් මාලය වැනි දුර්ලභ ගණයේ කාව්‍ය සංග‍්‍රහයන්ගෙන් ද අතිශය පෝෂිත ය. 
Rs 270.00
Rs 300.00