Rs 603.00
Rs 670.00
-10%
Books
There are 5379 products.
Sinhala Nawakathave Vikashanaya
Out-of-Stock
සිංහල නවකතාවේ විකාශනය - මෙම කෘතියෙන් සිංහල නවකතාව ක‍්‍රමයෙන් දියුණු වී ගිය අන්දමත්, කලින් කලට යුගයෙන් යුගයට, එහි ස්වරූපය හා පරමාර්ථ වෙනස් වූ ආකාරයත්, සිංහල නවකතා, කලාවට හා එහි සන්දර්භයට අළුත් අංග එකිනෙක එකතු වූ හැටිත් සුවිශේෂී විග‍්‍රහයක් කර ඇත.
Rs 315.00
Rs 350.00
Aththa Yuththa
ඇත්ත යුත්ත - මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත මෙම ග්‍රන්ථය සමාජ විවරණය, භාෂා සාහිත්‍ය විචාර හා ප්‍රතිමා කලාව පිළබඳ ලිපි පෙළකින් සමන්විත වූවකි.
Rs 337.50
Rs 375.00
Thisara Sandeshaya
තිසර සංදේශය - ඉපැරණි ම සංදේශ කාව්‍යය වශයෙන් සැලකෙන මෙම ග‍්‍රන්‍ථයෙන් අවුරුදු පන්සියයකට පෙර ලංකාවේ ඉතිහාසය සමාජ තතු ආගමික පසුබිම ආදී කරුණු ගණනාවක් විවරණය වේ. ඉටු අනිටු ගණ සහ අධ්‍යාපනය සඳහා ඉතා වැදගත් කරුණු රාශියක් පිටු 28 කින් යුත් සංඥාපනයට ඇතුළත් කර තිබේ. සංදේශ කාව්‍යය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් ලබා ගැනීමට මෙම පොත අනිවාර්යයෙන් ම කියවිය යුතු අතර කාන් රසාස්වාදයේ තීව‍්‍ර වින්‍දනය සඳහා එය උපකාරී වනු ඇත.
Rs 252.00
Rs 280.00
Selalihini Sandeshaya
සැළලිහිණි සංදේශය - සංදේශ සාහිත්‍යයේ අතිශය රසවත් කාව්‍ය නිර්මාණයන්ගෙන් යුතු පොතක් ලෙස සැලකෙන මෙය තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන් විසින් රචනා කරනු ලැබ ඇත. මෙම නව සංස්කරණය වර්තමාන සිසු පරපුරේ ප‍්‍රයෝජනය සඳහා සෑම පද්‍යයක් වෙනුවෙන් ම පද පිළිවෙල අර්ථය සහ ටිප්පනි යන අංග තුනෙන් ම සමන්විතව සැකසී තිබේ. ටිප්පනි යටතේ අර්ථාවබෝධයට අපහසු පදයන් සම්බන්ධව විස්තර දක්වා ඇති අතර සාහිත්‍යමය රසවින්දනය සඳහා ද අවස්ථාව සලසා දී තිබේ. සිසුන්ට ප‍්‍රයෝජනවත් වන පරිදි මෙහි ප‍්‍රස්ථාවනාව ද සැකසී තිබීම විශේෂත්වයකි. ප‍්‍රස්තාවනාව යටතේ ශ‍්‍රී රාහුල හිමියන්ගේ ප‍්‍රතිභාව ද එකල කවි සමය හා රාහුල හිමියන් පිලිබඳව ද කරුණු රැසක් සඳහන් ව තිබේ.
Rs 585.00
Rs 650.00
Gira Sandeshaya
Out-of-Stock
ගිරා සංදේශය - සංදේශ ග‍්‍රන්ථ අතරින් ඉතාමත් රසවත් කාව්‍ය ග‍්‍රන්ථය ලෙස සමහර වියතුන්ගේ ප‍්‍රසාදය හිම් වූ සිංහල විෂයය වෙනුවෙන් විභාග ගණනාවක් ම සඳහා නිර්දේශිත ග‍්‍රන්ථයකි. ඓතිහාසික කරුණු ඇතුළත් ඉතා රසවත් විරිත් කීපයකින් ම සැකසුණු පද්‍ය 254 කින් යුතු මෙම කෘතියෙහි සෑම පැදියකට ම පද පිළිවෙළ, අර්ථය, විස්තරාඛ්‍යාන සහ රස භාව සංකල්පනයන් ද ඇතුළත් කර තිබේ. සුන්දර රසාස්වාදයන් ලබාදෙන අති රමණීය ගී සංකල්පයන්ගෙන් පරිපූර්ණ සංදේශ කාව්‍යයකි.
Rs 351.00
Rs 390.00
Sawul Sandeshaya
Out-of-Stock
සැවුල් සංදේශය - අලගියවන්න මුකවෙටි තුමා අතින් ලියැවී ඇති මෙම සංදේශය සීතාවක පුරවරයේ සිට සබරගමුව වෙත යැවෙන ලෙස ලියැවී තිබේ. අලංකාර පද්‍යවලින් යුතු ය. මෙය ද කාලානුරූප ව ලියැවුණු සාහිත්‍ය වටිනාකමකින් යුතු පොතකි.
Rs 216.00
Rs 240.00
Hansa Sandeshaya
හංස සංදේශය - සිංහල සංදේශ කාව්‍ය අතර පැරණි ම සංදේශ කීපය අතරට මෙම සංදේශය ද අයත් වන බව සඳහන් කරන කතුවරයා මෙය ද සෑම කාව්‍යාංගයකින් ම සමන්විත වන අතර එහි අර්ථය ද පැහැදිලිව සඳහන් වේ. එසේ ම සෑම පදයක් සඳහා ම යොදා ඇති කාව්‍ය විස්තරයන්ගෙන් සාහිත්‍ය පිළිබඳ ව දැනුම් රැසක් ගෙන එන බව දක්නට ලැබේ. මේ හැරෙන්නට ඒ ඒ පද්‍ය වල දක්නට ලැබෙන විවිධි ග‍්‍රන්ථි පද සඳහා විවරණය කිරීමක් ද දක්නට ඇත. කවර උසස් විභාගයකට වුවද සූදානම් වන අයට භාවිත කළ හැකි ලෙස සැකසී තිබේ.
Rs 648.00
Rs 720.00
Mayura Sandashaya
පදගතාර්ථ සහිත මයුර සංදේශය - සංදේශ සාහිත්‍ය ග‍්‍රන්ථ අතුරින් මයුර සංදේශයට ද හිමිවන්නේ නොදෙවෙනි තැනකි. දැනට මෙය අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ විවිධ විභාගයන් සඳහා නියම කර ඇති බැවින් පැරණි සංස්කරණයට වඩා ඉතාමත් පැහැදිලි වර්තමාන සිංහල භාෂාව යොදාගෙන සංස්කරණය කර තිබේ. මේ නිසා ඕනෑ ම අයෙකුට පහසුවෙන් කියවා අවබෝධ කර ගත හැක. සෑම පද්‍යයක් සඳහා ම සැකසුම, අර්ථය, විස්තර හා පද විවරණයක් සපයා තිබේ. වැදගත් තොරතුරු රැසක් ඇතුළත් කරමින් ලියැවුණු වටිනා ප‍්‍රස්ථාවනාවකින් ද යුක්තය. උසස් විභාග සඳහා පමණක් නොව පාසල් අධ්‍යාපන සඳහා වුවද භාවිත කිරීමට සුදුසු වන ලෙස සංස්කරණය කර තිබේ.
Rs 531.00
Rs 590.00
Rasavadaya ha Bauddha Kavya
රසවාදය හා බෞද්ධ කාව්‍යය - සංස්කෘත ආලංකාරිකයන් පරිශ්‍රමයෙන් විකාශනය කළ මතයක් වන රසවාදය හිසින් ගැනීම නිසා අනුකාරක විචිත්‍ර රීතියක් බිහි වූ අයුරුත් එය අපගේ නිදහස් සාහිත්‍ය සම්ප්‍රදායට බාධාවක් වූ සැටියත් මාර්ටින් වික්‍රමසිංහ මේ කෘතියෙන් අනාවරණය කරයි.
Rs 157.50
Rs 175.00
Sinhala Sahithyaye Negeema
සිංහල සාහිත්‍යයේ නැගීම - සිංහල සාහිත්‍යයේ එන ජනකවි, සිව්පද කාව්‍ය, ගද්‍ය හා පද්‍ය ආදී බොහෝ සංස්කෘතිකමය මාතෘකා ඔස්සේ ලියැවුණු විචාරවත් ග්‍රන්ථයක් ලෙසින් හඳුන්වා දිය හැක. මෙහි එන පටුන කියවන කා හට වුවද මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විචාර බුද්ධියට ගෝචර වූ මාතෘකා එයට කදිම නිදසුන් වේ.
Rs 990.00
Rs 1,100.00
Jathaka Katha Wimasuma
ජාතක කතා විමසුම - ජාතක කතා ජනකතා නොවේ. ඇතැම් පචිචුප්පන්න වස්තු බුදුරදුන්ගේ හා යතිවරයන්ගේ අත්දැකීම් ඇසුරින් රචිත නියම යථාර්ථක කථා ය. පුනරුක්තයන් බැහැර කරනු ලැබූ විට ඒ කතා ඇන්ටන් චැකෝෆ්ගේ කතා වලට ළං වෙයි. අතීත වස්තු ජන කතා ඇසුරින් බෞද්ධ යතිවරයන් විසින් නිපදවන ලද ස්වාධීන කථා ය. ඒ ඒ ජන්මයෙහි උපන් බෝධිසත්වයින්ගේ චරිතය ගුරුකොට ගැනීම නිසා ඒ කථාවල චරිත පුද්ගල චරිත ලෙස නිරූපණය වෙයි. ඇතැම් කථා සන්දර්භය, වර්ණනා රීතිය හා යථාර්ථ රූපය ද විසින් වර්තමාන බටහිර කථාවලට සමාන වන තැන් ද ඔහු පෙන්වයි.
Rs 315.00
Rs 350.00
Nawa Padya Sinhalaya
නව පද්‍ය සිංහලය - නූතන සිංහල පද්‍යය ස්වාධීනව විභාග කරමින් මේ දක්වා ලියවී ඇති හොඳම විචාර ග්‍රන්ථය "නව පද්‍ය සිංහලය" බව බොහෝ විචාරකයින්ගේ මතයයි. කොළඹ යුගයේ එළිසම පද්‍යය හා නිසඳැස් - නිදහස් පද්‍ය පිළිබඳව පුළුල් විචාරණයක් ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය සිංහල සාහිත්‍ය හදාරන විද්‍යාර්ථීන්ට මෙන් ම උගතුන්ට ද එකසේ ප්‍රයෝජනවත් වේ.
Rs 315.00
Rs 350.00
Sinhala Sahithya Wansaya
සිංහල සාහිත්‍ය වංශය - සිංහල සාහිත්‍ය වකවාණු සියල්ල පුරාතන, මධ්‍යතන, නූතන යනුවෙන් යුග තුනකට බෙදා ඒ ඒ යුගවලට ඇතුළත්වන කාලසීමා, ඒ වකවාණුවල ලියැවුණු ග‍්‍රන්ථ, ඒ ග‍්‍රන්ථාගතබස ඇතුළත් කරුණු හා ග‍්‍රන්ථස්වභාවය ආදිය ගැන ප‍්‍රමාණවත් විස්තරයක්, විචාරවත් තොරතුරු රැසක් මේ අද්විතීය පර්යේෂණාත්මක කෘතියෙහි අන්තර්ගත වී ඇත.
Rs 4,500.00
Rs 5,000.00
Sahithya Kalawa
Out-of-Stock
සාහිත්‍ය කලාව - "කලාවක් වශයෙන් සිංහල සාහිත්‍ය හදාරන්නන් හා එහි රස විඳින්නන් සාමාන්‍ය පාඨකයින් අතර පමණක් නොව සිංහල පණ්ඩිතයන් අතර පවා නැතැයි පවසන මාර්ටින් වික්‍රමසිංහ මහතා සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍යය, මෙම කෘතිය මඟින් සියුම් විමසුමකට බඳුන් කරයි. ලේඛන කලාවෙහි සමතුන් වනු කැමැතියන්ට ද සාහිත්‍ය රස විඳින්නවුන්ට හා සාහිත්‍ය විවේචනය කරන්නවුන්ට ද මේ ග්‍රන්ථය අත් පොතක් ලෙසින් ප්‍රයෝජනවත් වනු ඇත." ජයදේව-ලංකාදීප
Rs 270.00
Rs 300.00
Prasthawa Pirulu
Out-of-Stock
ප‍්‍රස්ථාව පිරුළු - ලොව අන් කිසිදු බසකට නොදෙවෙනි හෙළ බසෙකි අදහස් ප‍්‍රකාශයෙහිලා යොදා ගත් ප‍්‍රස්ථාව පිරුළු බසෙහි පොහොසත් බවට කදිම සාක්ෂියකි. මේ එවන් වූ ප‍්‍රබල, රස ජනනීය පිරුළු එකතුවකි.
Rs 427.50
Rs 475.00
Padyawali
පද්‍යාවලී - සාගර පළන්සූරිය මහතා විසින් රසවිදීම සදහා එක්රැස් කළ රචනාවන් ක‍්‍රමානුකූලව යෙදීමෙන් මෙම ග‍්‍රන්ථය නිර්මාණය කර ඇත. නවීන කාලයේ පටන් නුවර කාලය අවසනට අපේ පද්‍යවංශය පිළිබඳව සෑහෙන අවබෝධයක් පද්‍යාවලියෙන් ලැබෙනු ඇත.
Rs 495.00
Rs 550.00
Sithiyam Sahitha Saddharma Rathnakaraya
Out-of-Stock
සද්ධර්ම රත්නාකරය - සතියකින් දෙකකින් කියවා අවසන් කළ නොහැකි තරම් ධර්ම කථා රාශියක් අඩංගු සද්ධර්ම රත්නාකරය බෞද්ධයන් අතර අතිශය වැදගත් ධර්ම ග‍්‍රන්ථයකි. ඔප කඩදාසියේ වර්ණ පින්තූර ද සහිත ව මුද්‍රිත පිටු 500 කට වැඩි මෙම පොත කල් පවතින ඝන බැදුම් නිමාවකින් යුක්තව සැකසුණු දර්ශනීය කෘතියකි. පුස්තකාලයට, පන්සලට, නිවසට, අත්‍යවශය ම පොතකි.
Rs 675.00
Rs 750.00
Loweda Sangarawa - Bhava Sanna Sahitha
Out-of-Stock
ලෝවැඩ සඟරාව - කුඩා කල පටන්ම දරුවනට හොඳ නරක කියා දීමෙන් යහපත් පුරවැසියන් කළ හැකිය. මේ කෘතිය රචනා වන්නේද උක්ත කරුණ අරභයාමය. පැරණි පොතපත මගින් දෙන ලද උපදේශ රැගත් මෙම කෘතියෙන් විවිධ විරිත්වලින් යුතු කවි රසවිඳීමටත් හැකිය.
Rs 180.00
Rs 200.00
Subodhalankaraya-Sri Gunananda Abhinava Wyakyava
Out-of-Stock
සුබොධාලංකාරය - ගද්‍ය පද්‍ය කාව්‍ය අලංකරණය සම්බන්ධ විවිධ නීති, රීති, විශිෂ්ට ජන කාව්‍ය, ශෙලෂාලංකාර ප‍්‍රභේද, කාව්‍ය දෝෂ, උත්කෘෂ්ට ලක්ෂණ ගුණ ප‍්‍රභේද, භාව, ලක්ෂණ, සාත්වික භාව, නවනළු රසය, ශාංගාර රතිලක්ෂණ සහිතව ලියැවුණු පොතකි.
Rs 1,665.00
Rs 1,850.00
Wurthatharangini
වෘත්තතරංගිනී - ඉෂ්ටානිෂ්ට කාව්‍ය රහස් සහ වෘත්ත සූත‍්‍ර ඇතුළත් ඡන්දශ්ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථයකි.
Rs 684.00
Rs 760.00
Sanna Sahitha Kavyashekaraya
Out-of-Stock
සන්න සහිත කාව්‍යශේඛර - කාව්‍යශෙඛරය වූ කලී කෝට්ටේ යුගයේ විසූ ෂඞ්භාෂාපරමේශ්වර තොටගමුවේ ශ‍්‍රී රාහුල මාහිමිපාණන් වහන්සේ විසින් රචනා කරන ලද සිංහලයෙහි සිව්පද මහා කාව්‍යයක් වශයෙන් සම්භාවනාවට පාත‍්‍ර වී ඇති ශ්‍රේෂ්ඨ ග‍්‍රන්ථයකි.
Rs 243.00
Rs 270.00
Sri Saddharmavavada Sangrahaya Sithiyam Sahitha
Out-of-Stock
ශ‍්‍රී සද්ධර්මාවාද සංග‍්‍රහය - බෝධිසත්වයන් නියත විවරණ ගැනීමේ පටන් බුදුවීම හා මහා පරිනිර්වාණය දක්වා වූ සියලූ සිද්ධීන් ඉතාමත් ළගන්නාසුලූ අන්දමින් ව්‍යක්ත භාෂාමය විලාශයකින් ඉදිරිපත් කිරීමකි. මහින්‍දාගමනය ආගමික දියුණුව හා පරිහානිය ද අපාය විස්තර, පින්පල ඇතුළත් මෙම කෘතිය වර්ණ පින්තුර සහිත ඔප කඩදාසි පිටු 550 කින් යුතු අගනා සංස්කරණයකි.
Rs 877.50
Rs 975.00
Muvadevdavatha - Wanarathna Wyakhya
Out-of-Stock
මුවදෙව් දා වත - චමත්කාරජනක කාව්‍ය සංකල්පනාවලින් පරිපූර්ණ ගී විරිතින් ලියැවුණු මෙම කාව්‍යයෙන් ගෙන එන්නේ මඛාදේව ජාතකයයි. පදගතාර්ථ, භාව, ටිප්පනි සහ චන්‍දස් යටතේ එක් එක් කවිය පිළිබඳව දීර්ඝ ලෙස විස්තර සපයා ඇත. ජනප‍්‍රිය බෞද්ධ කථාවකි. සාර්ථක සංස්කරණයකි.
Rs 441.00
Rs 490.00
Bauddha Sahithya
බෞද්ධ සාහිත්‍යය - මාටින් වික‍්‍රමසිංහ මහතාගේ අදහස් විවේචනය කරමින් ඇරඹෙන මෙය බෞද්ධ සාහිත්‍යය පිළිබඳ ව වැදගත් අදහස් රැසක් ගෙන එන පොතකි.
Rs 315.00
Rs 350.00
Guththila Kawya - Waththave Himi
Out-of-Stock
ගුත්තිල කාව්‍ය - ජනප‍්‍රිය පැරණි පද්‍ය ග‍්‍රන්ථයක් වූ මෙයට කාව්‍ය අර්ථ පමණක් නොව විස්තර ව්‍යාඛ්‍යාන ඇතුළත් කරමින් සිසුන්ට පොත පිළිබඳ ව දැනීම හැරෙන්නට සාමාන්‍ය දැනීම දියුණු කර ගැනීමේ අවස්ථාව ද ප‍්‍රවිෂ්ට කර තිබේ. සාරගර්භ සංඥාපනය අතිශය වැදගත් ය. රසවත් කෙටි විරිත් වලින් යුතු මෙය කාව්‍ය කරණයට ගුරුවරයෙකි. දීර්ඝ විස්තර වලින් අපූරු කාව්‍ය රසාස්වාදයක් පාඨකයාට ලබා දෙන්නේ කවිකතාව තුළිනි.
Rs 675.00
Rs 750.00
Dampiya Atuwa Gatapadaya
ධම්පිය අටුවා ගැටපදය - මෙම ධම්පියා අටුවා ගැටපදය පාලි ධම්ම පදට්ඨ කථාවට ලියන ලද ව්‍යාඛාන ග‍්‍රන්ථයකි. ධම්ම පදයට හා ධම්මපදට්ඨ කථාවට මූලාශ‍්‍ර වූ හෙළටුවාව සහායකොට ගෙන තිබේ. මේ නිසා උසස් අධ්‍යාපනය ලබන අයට පරිශීලනය සඳහා මෙම පොත බෙහෙවින් උපකාරී වේ.
Rs 1,260.00
Rs 1,400.00
Kawyashekara Maha Kavya
Out-of-Stock
කාව්‍යශේඛර මහා කාව්‍යය - සර්ග 15 කින් සහ පද්‍ය 884 කින් යුතු කාව්‍යශේඛරය සිංහල සාහිත්‍යයේ ඇති මහා කාව්‍ය දෙකින් එකක් ලෙස ජනාදරයට පත් වූවකි. තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන් විසින් ලියන ලද මෙය සංස්කරණයේ දී අර්ථාවබෝධය පහසු කරනු සඳහා අන්වයක් ද සමඟ අර්ථ, විස්තර, ටිප්පනි යන අංග එකතු කර තිබේ. සෑම පද්‍යයක් සඳහා ම අර්ථ දැක්වීමට අමතරව විස්තරයක් ද ඉදිරිපත් කර තිබේ. විශේෂයෙන් අධ්‍යාපනය ලබන අයගේ ප‍්‍රයෝජනය සඳහා නිර්මාණය වූ මනා සංස්කරණයක් ලෙස මෙය දැක්විය හැක.
Rs 675.00
Rs 750.00
Jathaka Atuva Gatapadaya_Prathama Bhagaya
Out-of-Stock
ජාතක අටුවා ගැටපදය (ප‍්‍රථම භාගය) - අත්‍ථි කථාචාර්ය බුද්ධඝෝෂ හිමියන් විසින් ලියන ලද ජාතකට්ඨ කථා නම් ජාතක පාලි අත්‍ථි වර්ණනාවෙහි යම් යම් ගැටලූ සහගත පද විවරණය කිරීම, විස්තර කිරීම සඳහා මෙය ලියැවී තිබේ. බෞද්ධ ග‍්‍රන්ථ පරිශීලනය සඳහා බොහෝ සෙයින් මෙය උපකාර වේ.
Rs 441.00
Rs 490.00
Jathaka Atuwa Gatapadaya _ 2
ජාතක අටුවා ගැටපදය (`විතීය භාගය) - පස්වෙනි ශත වර්ෂයෙහි පමණ ලක්දිවට පැමිණි බුද්ධඝෝෂ අට්ඨකථාචාර්යයන් විසින් රචනා කරන ලද ජාතකට්ඨ කතා නම් ග‍්‍රන්ථයේ වූ ග‍්‍රන්‍ථි පද විවරණය සඳහා මෙම පොත ලියැවී තිබේ. එම ධර්ම ග‍්‍රන්ථය පරිශීලනය කරන අය සඳහා මෙම පොත අතිශය වැදගත් බව පෙනේ.
Rs 441.00
Rs 490.00
Amruthavaha Nam U Buthsarana
අමෘතාවහ නම් වූ බුත්සරණ - පුරාණ බෞද්ධ සාහිත්‍යයේ අති ශ්‍රේෂ්ඨ සම්භාව්‍ය කෘතියක් ලෙස මෙම ග‍්‍රන්ථය සැලකේ. උසස් අධ්‍යාපනය හදාරන්නවුන්ට පමණක් නොව ධර්ම ශ‍්‍රවණාභිලාෂී උවසු උවැසියන්ගේ සිත් සතන් සනසන්නට මෙතරම් මාහැඟි වෙනත් ග‍්‍රන්ථයක් නැති තරම්ය. බෞද්ධ සාහිත්‍යයේ විශිෂ්ටතම නිර්මාණයක් වන මෙය අමෘත ප‍්‍රවාහයකි.
Rs 612.00
Rs 680.00
Buthsarana Sarala Basin
Out-of-Stock
බුත්සරණ - සරල බසින් - පොළොන්නරු යුගයට අයත් ලෙස සලකන බුත්සරණ උසස් ගද්‍ය කාව්‍යයකි. බුත්සරණ කියවා තේරුම් ගැනීමේදී ඇති අපහසුතා මග හරිමින් එය සරල බසින් රචිත ග්‍රන්ථයක් ලෙස බුත්සරණ සරල බසින් නම් ග්‍රන්ථය ඔබ අතට පත් කරනු ලබයි.
Rs 405.00
Rs 450.00
Lokopakaraya - Ranasgalle Himi
ලෝකෝපකාරය - මහනුවර යුගයේදී රචිත උපදේශ සාහිත්‍යයට අයත් සාමාන්‍ය පාඨකයාට සමීප වූ කාව්‍යයක් වන මෙය පාලි ධම්මපදයේ හා සංස්කෘත හිතෝපදේශයේ සඳහන් උපදේශ හෙළ ගීයට නැඟීමෙන් සම්පාදිතය.
Rs 270.00
Rs 300.00