Rs 603.00
Rs 670.00
-10%
Books
There are 5379 products.
Dayata Ratata Divi Kapa Kala Wihara Maha Devi
Out-of-Stock
දැයට රටට දිවි කැප කළ විහාර මහා දේවී - කාවන්තිස්ස රජතුමා හා විහාර දේවිය විවාහ අභිෂේකයෙන් පසු රජරට ජය ගැනීම තෙක් තම පුත් දුටුගැමුණු කුමාරයා ඇතුළු සේනාංක හැසිරවීමට උපදෙස් ලැබෙන්නේ ඇයගෙනි. ආත්ම ධෛර්‍යය, ආත්ම ගෞරවය, ආත්ම විශ්වාසය හා අන්තර්‍යානික අවබෝධයකින් යුක්තව රටත් රජුත් මහානීයත්වයට මෙහෙය වූ රජ බිසවකගේ හා රාජ මාතාවකගේ කතාව ඔබට මෙයින් කියවිය හැකිය.
Rs 675.00
Rs 750.00
Ayirangini
අයිරාංගිනි - මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියූ තුන්වැනි නවකථාව වන අයිරාංගිනී 1923 දී පළවිය. සමකාලීන නවකථාවල පිළිබිඹු වූ ඒකාකාර දෘෂ්ටියෙන් තරමක් මිදී ඇති මේ නවකතාව ඛේදවාචකයකින් අවසන් වේ. 20 වැනි සියවසේ මුල් භාගයේ ශ්‍රී ලාංකික සමාජ සිරිත් විරිත් හා මනුෂ්‍ය ස්වභාවයන්හි පිළිබිඹුවක් මේ නවකථාව තුළ දැක්ක හැකිය.
Rs 360.00
Rs 400.00
Balakotu Saha Navka
බලකොටු සහ නෞකා - බුද්ධ වර්ෂ 2048 ඉල් මාසයේ හෙළ දීපයේ දකුණු දිසාවට හමා එන වියරු කුණාටුවක් අප රට මුළු ඉතිහාසයම වෙනස් කරනා බව සැබවින්ම දැන සිටියේ කීයෙන් කී දෙනාද ? මෙය ක්‍රිස්තු වර්ෂ 1505 බව සිංහලයින් හඳුනාගන්නේ එයින් පසුවයි. දකුණුකරයේ වෙරළබඩ ජීවත් වෙන දස හැවිරිදි හේතුගේ ජීවිතයත්, අනෙක් හැම ජීවිතයක් සේම වෙනස් වෙයි. පෘතුගීසින්ට අයත් "මරියා එලේනා" නෞකාවේ සේවය කරන දස හැවිරිදි ජුවාන්ගේ ජීවිතය වෙනස් වන්නේ ද එදිනමයි. මේ ජීවිත දෙකට යාවන්නේ කෝට්ටේ බෞද්ධ විහාරයක වෙසෙන රාහුල නම් සාමනේර නමක්. මේ චරිත ත්‍රිත්වයේ දෛවයන් ඔවුන් මුණගස්වන්නේ අපූර්ව ආකාරයකට ; වරින් වර ඔවුන් තිදෙනාගේ සිතුවිලි සේම, ජීවිතයේ යථාර්තය පිළිබඳ අවබෝධය ද වෙනස්වන්නේ මේ මුණගැස්වීම් තුළින්. දෙවියන් සහ මනුෂ්‍යත්වය පිළිබඳව ඔවුන් එකිනෙකා දකින්නේ වෙනස්ම ආකාරයෙන්. 'බලකොටු හා නෞකා' අලුත්ම මාදිලියේ නවකතාවකි.
Rs 720.00
Rs 800.00
Amavassa
අමාවැස්ස - බුදුරජාණන් වහන්සේ ගේ අසමසම පඥා මහිමය කරුණාව, දයාව, මුදිතාව, උපේක්ෂාව හා ලෝක සත්ත්වයා කෙරෙහි අනන්ත කැපවීම නිරූපණය කෙරෙමින් උන්වහන්සේ කෙරෙහි පවත්නා භක්තිය සිය දහස් වරකින් ඔප් නංවන, සමාධි සුව සිසිල දනවන මෑත යුගයේ බෞද්ධ සාහිත්‍යයට එක් වූ විශිෂ්ටතම කෘතියකි.
Rs 720.00
Rs 800.00
Yashodhara -Nelum Male Kumariya
යශෝධරා - නෙළුම් මලේ කුමරිය - සිද්ධාර්ථ - යශෝධරා ප්‍රේම වෘතාන්තය චිත්තාකර්ෂණීය වන්නා සේ ම, එය සමස්ත මනුෂ්‍ය වර්ගයා ගේ ආධ්‍යාත්මික විමුක්තිය අරබයා කැප වූ මනුෂ්‍යයන් දෙ දෙනෙකු පිළිබඳව වෘතාන්තයක් ද වන්නේ ය. පුරාණ දඹදිව විසූ රජ කුමරියක්, තමා පෙම් බැඳි රජ කුමරා, ආත්ම විමුක්තිය සොයා යන ගමනක යෙදෙනු පිණිස පාරමිතාපූරිතව සිටින බව වටහා ගනියි. ඔහු ඇය හැර දමා උත්තම මාර්ගයට ප්‍රවේශ වෙයි. ධෛර්‍යසම්පන්න ව ජීවිතයට මුහුණ දෙන කුමරිය ද තමාට අනන්‍ය වූ මාර්ගයක ගමන් අරඹයි. ථෙරවාද හා මහායාන මූලාශ්‍ර ද, ජනප්‍රවාදය ද ඇසුරු කොට ගෙන, අලංකාරවාදී අත්භූත රීතියෙන් බැහැර ව, යථාර්ත රීතියෙහි පිහිටා, සිද්ධාර්ථ - යශෝධරා චරිත දෙක ප්‍රතිනිර්මාණය කරන විලියම් ඊ. බැරට් කතුවරයා, ඒ සඳහා තමා කළ පර්‍යේෂණය ඇසුරින්, බුදු දහම, හින්දු දහම හා ඉන්දියාව පිළිබඳ ව ලියැවුණු වෙළුම් 430ක් ඇතුළත් පුස්තකාලයක් ගොඩනැඟුණු බව ද, බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාමාණික විද්වතකු වූ ආනන්ද කුමාරස්වාමි ගේ අනුග්‍රහය මේ නිර්මාණ කාර්‍යයෙහි දී තමාට ලැබුණු බව ද සඳහන් කරයි.
Rs 1,710.00
Rs 1,900.00
Avasana Nindagama
අවසාන නින්දගම
Rs 1,125.00
Rs 1,250.00
Sasankara
Out-of-Stock
සසංකාර - සංස්කාරයන් සහිතව සත්‍යය සොයමින් කාලාත්‍රයේ සංචාරය කරන රූප පරම්පරාව පිළිබඳ කතාව "සසංකාර" ලියැවී ඇත්තේ රාජ්‍ය සාහිත්‍ය, ගොඩගේ සාහිත්‍ය සහ බෞද්ධ සාහිත්‍ය සම්මාන හරහා ඇගැයුමට ලක්වූ ප්‍රවීණ ලේඛක කුමාර සිරිවර්ධන අතිනි.
Rs 1,260.00
Rs 1,400.00
Wasabha Sangramaya
Out-of-Stock
වසභ සංග්‍රාමය - ජාතියක අනන්‍යතාවය වටහා ගැනීමට නම්, ඒ ජාතියේ ඉතිහාසය පිළිබඳව අවබෝධයක් ලබාගත යුතු බව ඇටඹගස්කඩ මහතාගේ අදහස විය. 'වසභ සංග්‍රාමය' වැනි ඓතිහාසික නවකතාවක් ඔහු අතින් ලියැවෙන්නේ ද එලෙසිනි.
Rs 360.00
Rs 400.00
Theentha Nadiya
තීන්ත නදිය - බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව යන රටවල් දෙකෙහිම එකවර ප්‍රකාශයට පත් වූ River of Ink ඉතා කෙටි කාලයක් තුළ පාඨක විචාරක නොමද පැසසුමට ලක් වූ කෘතියකි. කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් අමතකව ගිය ලාංකික ඉතිහාසයේ එක්තරා අඳුරු යුගයක් මුළු මහත් ලොකයාටම නිරාවරණය කළ මේ අපූරු කෘතිය සිංහල බසින් මෙසේ ප්‍රකාශයට පත් වන්නේ ප්‍රථම වරටය.
Rs 1,710.00
Rs 1,900.00
Saumyalokaya
Out-of-Stock
සෞම්‍යාලෝකය - සෞම්‍යාලෝකය සාම, ශාන්ති හා සහජීවන ප්‍රයත්න තවත් යුද්ධයක් නොවිය යුතු බව පෙන්නුම් කරන විසල් දැක්මක පිළිබිඹුවයි.
Rs 495.00
Rs 550.00
Iskoleta Bhara Deema
ඉස්කෝලෙට භාර දීම - දරුවන් පාසල් යවන හා යැවීමට අදහස් කරන මව්වරුන්ට සහ පියවරුන්ට මේ පොත ගෞරවයෙන් තිළිණ කරමි.
Rs 432.00
Rs 480.00
Maniyani
Out-of-Stock
මෑණියනි - දෙමාපියන්ගේ අගය වැදගත් බව සෑම පුද්ගලයෙකුටම පොදු වූ ධර්මතාවයක් ලෙස සලකා ගනිමින් හෙතෙම මෙම ග්‍රන්ථය මෑණියන් තේමා කොට ගෙන ප්‍රබන්ධ කර ඇත. මෙම ප්‍රබන්ධය ද නව ආකාරයකින් ආකර්ෂණීය බස් වහරකින් නිම වී ඇත.
Rs 225.00
Rs 250.00
Ran Hiru
රන් හිරු
Rs 427.50
Rs 475.00
Jeevaka Kulayak
Out-of-Stock
ජීවක කුලයක් - කෙමෙන් අතුරුදන් වන ගැමි සමාජයක අපූරු ජීවන සුවඳක් මේ නවකථාවෙන් වහනය වන අතරම කාලීන සිදුවීම් විෂය වස්තු කරගෙන රචනා වී ඇත.
Rs 441.00
Rs 490.00
Piyavaru Saha Puththu
පියවරු සහ පුත්තු - මෙයට පසුබිම වන්නේ දකුණේ නිල්වලා ගඟ අසබඩ සරල ජීවන රටාවක් සහිත කුඩා ගමකි. දෙවැනි ලෝක යුද සමයේ යුද සේවාවන් සඳහා යාමට ඇතැම් තරුණයන් තුළ වූ උනන්දුව නිසා ඒ සඳහා ගිය ඒ ගමේ හරමානිස් නම් තරුණයා වටා කේන්ද්‍රණය වූ සිදුවීම් සමූහයක් මේ නවකතාවේ සටහන් වෙයි.
Rs 450.00
Rs 500.00
Rs 315.00
Rs 350.00
Wau Badi Rajje Savariyak
වැව් බැඳි රාජ්ජේ සවාරියක් - වැව් බැඳි රාජ්ජය ලෙස නම් කෙරුණු අනුරාධපුර පෙදෙස හෙවත් නුවරකලාවිය වසර දෙදහස් ගණනක් තිස්සේ අප සමඟ බැඳී සිටියි. මෙම බැඳීම නුවර කලාවියේ ඇත්තන්ට පමණක් සීමා වූවක් නොවේ. රුහුණු, මායා, පිහිටි තුන් රටෙහිම ඇත්තෝ වැව් බැඳි රාජ්ජය සමඟ බැඳී සිටිති. මෙම ඥාතිත්වයෙහි ඉතිහාසය ආර්‍ය සංක්‍රමණය සිදු වී ජනාවාස බිහිවීම දක්වා විහිද යයි.
Rs 315.00
Rs 350.00
Digamadulle Ashcharya
දිගාමඩුල්ලේ ආශ්චර්ය
Rs 675.00
Rs 750.00
Ridee Huya Binda
රිදී හුය බින්දා - මේ ප්‍රබන්ධය ඔබ කියවනු ලබන්නේ 2058 වසරේ ජීවත්වෙමිනි. එය මලින්ද නමැති දක්ෂ ශ්‍රී ලාංකික අභ්‍යවකාශ විද්‍යාඥයා අලළා ලියැවුණ එකකි. මෙය විද්‍යා ප්‍රබන්ධයකි. එහෙත් විද්‍යාව සහ තාක්ෂණය කැටි කොට ගත් අධ්‍යාත්මික චාරිකාවක් පරිද්දෙන් එය ඔබ ඉදිරියේ දිග හැරෙනු ඇත.
Rs 225.00
Rs 250.00
Durga Tharanaya
Out-of-Stock
දුර්ග තරණය - විවිධ මං සොයා යන නවකතාකරුගේ දෘෂ්ඨිය භික්ෂු ජීවිතය වෙත යොමු කිරීමකි.
Rs 247.50
Rs 275.00
Gihi Jeevithayedima Sovan Wemu - Asvadaya
Out-of-Stock
ගිහි ජීවිතයේදීම සෝවාන් වෙමු - ආශ්වාදය - අති සුන්දර යුග දිවියේ ගැහැණියක හෝ පිරිමියෙකු වූ ඔබ මින් පෙර කිසිම දිනක නොඇසූ, නොකියවූ ඔබේම හිතේ කතාවයි මේ ! මෙය එදිනෙදා ජීවිතය තුළින් ඔබම අත්දකින්න. ඔබ ඕනෑම ආගමකට, ජාතියකට අයත් කෙනෙක් වුවද ඒ ඒ මොහොතේ ඇතිවන සිත් පිළිබඳව අවබෝධයෙන් සිටින්න. එවිට කළකිරුණු ඒකාකාරී වූ ඔබේ ජීවිතය අති සුන්දර, මිහිරි, ආස්වාද ජනක වනු නියතය.
Rs 360.00
Rs 400.00
Nihanda Isivarayano
Out-of-Stock
නිහඬ ඉසිවරයාණෝ - සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයෝ මේ රට තුළ ක්‍රියාත්මක වෙති. මෙහි ප්‍රමුඛයෝ සැරියුත් මුගලන් පරම්පරාවෙන් අවිච්චින්නව පැවත එන මහා සඟරුවනය. දෙවනුව වැජබෙන්නේ රාජ රාජාදී මහාමාත්‍යාදීන්ගෙන් පැවත එන වෙදැ ඉසිවරුය. ඔවුන් අපිව බබළවනවා මිස අපි ඔවුන් බබළවන්නට කරන කැපවීම කෙතෙක්දැයි විමසුවොත් ඊට දියහැකි පිළිතුරක් නැත්තා සේය. එනිසා අප මේ කෘතියෙන් අපේක්ෂා කරන්නේ ඔවුන්ගේ කැපවීමට අනුගත වීමකි.
Rs 270.00
Rs 300.00
Singharaja Nimthera
Out-of-Stock
සිංහරාජ නිම්තෙර - මෙම පොතින් විස්තර වන්නේ සිංහරාජ වන පියස පාමුල පිහිටි ගම් හතක වත ගොතයි. මෙය මින් එක් මායිම් ගමක ඉපදී හැදුණු වැඩුණු කතෘගේ ළමා කාලය තුළ එම අපූර්ව ආර්ථික සමාජයීය පරිසරය ද ඒ තුළ විසූ පුද්ගලයන් ද කාලයත් සමග වෙනස් වී විකාශනය වී ගිය අයුරු බිළිඳකු වශයෙන්, ළමයෙකු වශයෙන් හා අධ්‍යාපනය විසින් වෙනස් කරනු ලැබූ මුහුකුරා ගිය පුද්ගලයකු වශයෙන් ද දැකීමට ගත් ප්‍රයන්තයක ප්‍රතිඵලයක් වශයෙන් දැක්විය හැකිය.
Rs 292.50
Rs 325.00
Nivan Maga Suvada Kala Adarayak
Out-of-Stock
නිවන් මඟ සුවඳ කළ ආදරයක් - මෙම කතාවෙන් කියැවෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ ධූතාංගධාරි රහත් හිමිවරුන් අතරින් පෙරට ම ගිය, බුදුන් වහන්සේට පමණක් දෙවැනි, කිසිවෙකුට කිසිදු ඇසුරකින් සම කළ නොහැකි අති උත්තම ගුණයෙන් යුතු මහ රහත් හිමි නමක් වූ මහා කාශ්‍යප රහතන් වහන්සේගේ හා එම බුදු සයුතෙහිම පෙර භවය දක්නා නුවණින් අග්‍ර ස්ථානය හිමි කොටගත්, භද්දාකාපිලානි මහරහත් මෙහෙණින් වහන්සේගේ ගිහි ජීවිතයේ හා ඉන් එහා භවයන්හි පැවැති ආදර කතා පුවත ය.
Rs 630.00
Rs 700.00
Ananthavu Bavanthaya
Out-of-Stock
අනන්තවූ භවාන්තය - මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගතව ඇත්තේ මහාභිනිෂ්ක්‍රමණයේ සිට බුදු වී වසරකින් කිඹුල්වත් නුවරට වඩින තෙක් කථාව යි.
Rs 225.00
Rs 250.00
Aranakata Pem Bada
අරණකට පෙම් බැඳ - මිනිසා සහ පරිසරය අතර තිබෙන්නා වූ ආධ්‍යාත්මික සබඳතාව හා එහි අසිරිය පරිපූර්ණ අයුරින් ද ළගන්නා සුළු රිද්මයකින් ද මේ රමණීය ගද්‍ය කාව්‍යයෙන් වර්ණිතය.
Rs 1,080.00
Rs 1,200.00
Budu Puthek
Out-of-Stock
බුදු පුතෙක් - ළමා ලෝකය තර්ක විතර්ක වලින් ගහන වූවක් නොවේ. ඒ අතින් සළකා බලන විට ස්වර්ණා කාන්ති පෙරේරා ලියූ "බුදු පුතෙක්" නැමැති කතාව ළමයින් සඳහා ලියැවුණු සාර්ථක කෘතියකැයි කිව හැකිය. අපේ දිළිඳු ළමා සාහිත්‍ය එමගින් යම් තරමකට නමුත් පොහොසත් වනු ඇතැයි ද මම විශ්වාස කරමි.
Rs 180.00
Rs 200.00
Ashcharyaya
ආශ්චර්ය්‍යය - මෙයින් බෞද්ධ සාරධර්ම පිළිබඳ යම් පණිවුඩයක් දෙන අතර ම, රසය වර්ධනය කිරීම මගින් පාඨකයාට නැවුම් වින්දනයක් දීමට කර්තෘ ගෙන ඇති උත්සාහය ප්‍රශංසනීය වේ.
Rs 180.00
Rs 200.00
Piyabana Ashvaya
Out-of-Stock
පියාඹන අශ්වයා - ධනාත්මක චින්තනය සහ ධනාත්මක ක්‍රියාකාරකම් සැබෑ ලෙස ම ක්‍රියාත්මක වූ ජයග්‍රාහි කතා පුවතකි.
Rs 540.00
Rs 600.00
Samu Denna Yashodara
සමු දෙන්න යසෝදරා - මෙම ග්‍රන්ථය තුළ ඇතුලත්ව ඇත්තේ සිද්ධාර්ථ කුමරුන්ගේ ගිහි ජීවිතය පිළිබඳ සරළ නවකතාවකි.
Rs 270.00
Rs 300.00
Silpa Sathveni Davasa Dakvami
සිල්ප සත්වෙනි දවස දක්වමි - මගේ මුඛ්‍ය අරමුණ වූයේ ගුත්තිල කාව්‍යයේ මුඛ්‍ය තේමාව රැගෙන ප්‍රත්‍යුත්පාදිත රංගයක් බිහිකිරීමය. එබැවින් සම්මත රංග නිර්මාණ කාර්‍යයේ ඉම ඉක්මවා ගොස් විටෙක අසම්මත රංග කෘතියක් බවට පත්වී ඇති අයුරු ද දිස්වනු නොඅනුමානය. මෙහි එන සන්නිවේදකයා යනු එක් අතකින් පැරණි පූරක හෙවත් සූත්‍රධරගේ භූමිකාවේම නවීකරණයකි. මෙහිදී සන්නිවේදකයා යනු නවීනත්වයෙන් සැලකිය යුතු සූත්‍රධරයකු වශයෙන් ද ප්‍රතිනිර්මාණය වී පවතී. මෙහි එන වෙළෙඳුන් තිදෙනා ගැනත් අඳ මවුපියන් ගැනත් එබන්දක්ම පැවසිය හැකිය.
Rs 225.00
Rs 250.00
Hirunige Lokaya
හිරුණිගේ ලෝකය
Rs 360.00
Rs 400.00