Buddhism

Out-of-Stock

The Buddha and His Teachings

Out-of-Stock
This book Provides the percipient reader an insight of the teachings of the Buddha, composed from suttas and related texts, along with copious annotations for further study, and a glossary of Pali words used in the Dhamma - all written in a lucid style.

Sambudu Nuvanehi Mahima

සම්බුදු නුවණෙහි මහිම - තුන්ලොව ප්‍රඥාවන්තයන් අතුරෙන් අග්‍රවූ, කල්ප ලක්‍ෂ ගණන් ප්‍රඥා පාරමිතා සම්පූර්ණ කිරීමෙහි අපරිමිත කැපකිරීම් කළ ලොව්තුරු සම්බුදු රජාණන් වහන්සේගේ නුවණ පිළිබඳ විග්‍රහයක් මෙම කෘතිය මගින් එකට ගොනුකර ඇත. 
Rs 283.20

Buddhagaya Bomada Kara

බුද්ධගයා බෝමැඩ කරා - ඉපැරණි බෞද්ධ භාරතයේ ඓතිහාසික සිද්ධස්ථාන රැසක අප්‍රකට තතු හෙලි කරමින්, භාරතීය බෞද්ධ උරුමයෙහි ගුණ රුව හුවා දක්වමින් ලියැවුණු මෙම කෘතිය භාරතීය බෞද්ධ ඉතිහාසය කෙරෙහි විමසුම් ඇස හෙළන විද්‍යාර්ථීන් අවදි කරන පර්යේෂණාත්මක නිබන්ධනයක් ලෙසින් පාඨක ඔබට ඉදිරිපත් කළ හැක. 
Rs 413.00

Jesuswahanse Saha Budunwahanse

ජේසුස් වහන්සේ සහ බුදුන් වහන්සේ - මෙම කෘතිය මගින් ‌ජේසුස් වහන්සේගේ සහ බුදුන් වහන්සේගේ පොදු ලක්ෂණ සහ අසමානතා සංසන්දනාත්මකව, උන්වහන්සේලාගේ ජීවිතය සහ ඉගැන්වීම් පිළිබඳ නව ගිවිසුමේ සහ බෞද්ධ ත්‍රිපිටකයෙහි අන්තර්ගත කරුණු අධ්‍යනයෙන් විග්‍රහ කිරීමක් සිදු කොට ඇත.
Rs 950.00

Hand Book For Novices

A good companion for novices containing all the essentials of their duties and responsibilities..
Rs 135.00

Kulavaka Jathakaya

කුලාවක ජාතකය - මෙහි සඳහන්ව ඇත්තේ මඝ මානවක කතා වස්තුවයි. සමාජ සුභසාධනය දැහැමි වූ මාර්ගය කරගත් මඝ මානවක මුළු මහත් සමාජයට ම දුන් යහපත් වූ ආදර්ශය මෙම කුලාවක ජාතකයෙන් පැහැදිලි වෙයි..
Rs 150.00
Out-of-Stock

Gothama Budurajananvahanse

Out-of-Stock
ගෝතම බුදුරජාණන්වහන්සේ - බුද්ධ චරිතය පිළිබඳ විචාරාත්මක පොත පත සුලභව ඇති මෙකල, ඉතා පැහැදිලි වූ අධ්‍යනයකින් ශාස්ත්‍රීයව ලියා ඇති මෙම ග්‍රන්ථයෙහි ගෞතම බුදුරජුන්ගේ ජීවන ගමන්මග කෙසේ වීදැයි විවරණය කරන ලදී..

Sidhartha Gauthama Sambuddha

සිද්ධාර්ථ ගෞතම ශ්‍රී  සම්බුද්ධ - "සිද්ධාර්ථ ගෞතම ශ්‍රී  සම්බුද්ධ" නම් මෙම ග්‍රන්ථය බුදු හිමි කෙරේ අපරිමිත ශ්‍රද්ධාවකින් යුතුව උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ චරිතාපදානය ඇසුරින් උන්වහන්සේ වසරින් වසර ගත කල ආකාරය සහ ඒ ඒ කාලවලදී සිදු වූ විශේෂ සිදුවීම් අන්තර්ගත කර පරිකල්පිත නිර්මාණයක් වශයෙන් මෙම ග්‍රන්ථය ප්‍රතිනිර්මාණය කර ඇත..
Rs 1,062.00

Ape Buduhamuduruwo

අපේ බුදුහාමුදුරුවෝ - තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිය ජීවන චරිතය මුල සිට අගට විදහා දක්වමින් උන් වහන්සේ වදාළ ශ්‍රී ධර්මස්කන්ධය සංක්‍ෂිප්ත වශයෙන් ගෙනහැර දක්වමින් රචනා කරන ලද්දක් ලෙස “අපේ බුදුහාමුදුරුවෝ” ග්‍රන්ථය හඳුන්වා දිය හැක.
Rs 708.00

Katinaya Ha Thadanubaddha Winaya Karma

කඨිනය හා තදනුබද්ධ විනය කර්ම - උපසපන් භික්‍ෂූන් වහන්සේලා වස්සාන ශික්‍ෂාව සමාදන්ව එය ආරක්‍ෂාකොට පවාරණය කිරීමෙන් අනතුරුව, සැදැහැති උවැසි උවැසියන් විසින් සංඝයා වහන්සේලාට කඨින චීවරය පූජා කිරීම පිළිබඳ හා සරලව විනය කර්ම විග්‍රහ කිරීම ‘කඨිනය හා තදනුබද්ධ විනය කර්ම’ කෘතිය මගින් විවරණය කරනු ලබයි.
Rs 350.00

Anagatha Wanshaya Hewath Methe Budu Siritha

අනාගතවංශය හෙවත් මෙතේ බුදුසිරිත - මෛත්‍රිය බුදුන්වහන්සේ පිළිබඳ කතා පුවත ඉදිරිපත් කිරීම මුඛ්‍ය පරමාර්ථය කර ගත් කතුවරයාණන් වහන්සේ සිංහල අනාගත වංශය පාළි භාෂාවෙන් ලියැවුණු අනාගත වංස හා සමන්තභද්‍රිකා යන අටුවා ග්‍රන්ථ මූලාශ්‍ර කරගෙන ලියැවුණකි.
Rs 550.00

Bauddha Maha Purusha Sankalpaya

බෞද්ධ මහා පුරුෂ සංකල්පය - බුදුන් වහන්ගේ ශරීරයෙහි සුවිශේෂී ලක්ෂණ තිස් දෙකක් පිහිටා ඇති නිසා උන් වහන්සේ මහාපුරිස යනුවෙන් හැඳින්වෙන බව බෞද්ධ සාහිත්‍යයේ ඉතා ප්‍රකට ය. එම ලක්ෂණ තිස් දෙක පිළිබඳ මනා විග්‍රහයක් මෙම කෘතිය මගින් සිදුකොට ඇත.
Rs 708.00

Buddothpada Lokaya

බුද්ධෝත්පාද ලෝකය - අනාගතවංශ දේශනාව හා මෛත‍්‍රී බුද්ධ ශාසනය මාතෘකා යටතේ සම්පාදිත මෙම කෘතිය ඉතා සරල කුඩා පොතක් නිසා අවිවේකී අයට වුවද පහසුවෙන් එකවර කියා නිමකළ හැකි අතර වටිනා ධර්ම කරුණු රාශියකින් සමන්විත ය. 
Rs 150.00

Sithuwam Sahitha Sambudu Siritha

සිතුවම් සහිත සම්බුදු සිරිත - දීපංකර බුදුරජාණන් වහන්සේගේ පටන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දක්වා සූවිසි විවරණ ද සිදුහත් බෝසතාණන් වහන්සේගේ මව්කුස පිළිසිඳ ගැනීමේ සිට ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිණිර්වාණය දක්වා බුද්ධ චරිතයද මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමන, සොළොස්මස්ථානද ප්‍රකාශ කෙරෙන චිත්‍ර 200ට වැඩි ප්‍රමාණයක් ශ්‍රී සුමන මහ පිරිවෙනේ විහාර මන්දිරයේ සීලිමේ හා බිත්තිවල ඇඳ තිබේ. එම චිත්‍ර වලින් බුද්ධ චරිතයත්, ශාසන ඉතිහාසයත් සංක්ෂිප්තව ඉදිරිපත් කෙරේ. ඒ සියලු චිත්‍ර එක් පොතකට ගැනීමේ දුෂ්කරතාව නිසා, තෝරාගත් චිත්‍ර 70ක් පමණ මෙහි අන්තර්ගත වේ.ධර්මාචාර්‍යවරුන්ටත් දහම් අධ්‍යාපනය ලබන දරුවන්ටත් ප්‍රයෝජනවත් වෙතැයි සිතමි.
Rs 300.00

Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 01

බුදු දහමෙහි සාරය සූත්‍ර පිටකයෙන් තෝරාගත් සූත්‍ර පාඨ උපයෝගී කර ගනිමින් අර්ථකථනය කොට පැහැදිලි කරන ලද අගනා ධර්ම ග්‍රන්ථයකි. 
Rs 320.00

Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 02

බුදු දහමෙහි සාරය සූත්‍ර පිටකයෙන් තෝරාගත් සූත්‍ර පාඨ උපයෝගී කර ගනිමින් අර්ථකථනය කොට පැහැදිලි කරන ලද අගනා ධර්ම ග්‍රන්ථයකි. 
Rs 150.00

Budu Dahamehi Saraya Budu Radunge Wadanin - 03

පාලි ත්‍රිපිටකයෙහි විවිධ තැන්වලින් උපුටාගත් සූත්‍ර පාඨ උපයෝගී කරගනිමින් ධර්මයෙහි වැදගත් අංග එක්තැන් කෙරෙන සර්වග්‍රාහී සැලැස්මක් තුළ බුදුදහම හඳුන්වාදෙන අගනා කෘතියකි. 
Rs 175.00
Out-of-Stock

Sudu Wala Yata Eda wadi Maga (I Kotasa)

Out-of-Stock
මෙය තිච් ඤතාන් යතිවරයාණන් විසින් ථේරවාද මහායාන හා තිබ්බත ත‍්‍රිපිටක ග‍්‍රන්ථ පරිශීලනයෙන් ප‍්‍රතිනිර්මාණය කරන ලද බුදු සිරිතෙහි සිදුහත් චරිතයේ ළමාවිය, තාරුණ්‍ය හා උතුම් සත්‍යාවබෝධය ලැබීම පිළිබද කථා  පුවතයි. මෙය Old Path White Clouds නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයේ ප‍්‍රථම භාගයයි. 

Sudu Wala Yata Eda wadi Maga (II Kotasa)

මෙය තිච් ඤතාන් යතිවරයාණන් විසින් ථේරවාද මහායාන හා තිබ්බත ත‍්‍රිපිටක ග‍්‍රන්ථ පරිශීලනයෙන් ප‍්‍රතිනිර්මාණය කරන ලද බුදු සිරිතෙහි සිදුහත් චරිතයේ ළමාවිය, තාරුණ්‍ය හා උතුම් සත්‍යාවබෝධය ලැබීම පිළිබද කථා  පුවතයි. මෙය Old Path White Clouds නමැති කෘතියෙහි සිංහල පරිවර්තනයේ දෙවන භාගයයි. 
Rs 350.00
Out-of-Stock

Gautama Buddha

Out-of-Stock
Considered the most authoritative Biography of the Buddha ever to be published in Sinhala has now been translated into English by Dr. W.A. Abeysinghe.

Sajeewi Dahama

අචාන් චා හිමියන්ගේ දේශන ඇසුරෙන් ලියැවුණ ''Living Dhamma'' නමැති කෘතියේ සිංහල අනුවාදයයි
Rs 500.00

Athi de Athi Satiyen Dakeema

 බෞද්ධ රචනා හතකින් සමන්විත වූ සුවිශේෂී දහම් කරුණු ඇතුළත් සරල බසින් ලියැවුණු අගනා කෘතියකි. 
Rs 120.00
Out-of-Stock

Budun Dekeema

Out-of-Stock
ඓතිහාසික ගෞතම බුද්ධ චරිතය සජීවි චරිතයක් ලෙස හඳුනා ගැනීමට පොහොසත් පොතකි.පරිච්ඡේද දහ අටක් ඔස්සේ අනු මාතෘකා හැත්තෑ හතරක් මගින් බුද්ධ චරිතය සජීවි චරිතයක් ලෙස ගොඩනගා ඇත.කියවීමට රසවත් පොතකි.බුදුන් දැකීම කියවීමෙන් තුනුරුවන් දැකිය හැක.අලුතින් සිතා ඉදිරිපත් කල කාලීන නිර්මාණයකි.
Out-of-Stock

Budu Dahame Adhyathmaya (Kimaththiya Sutraya)

Out-of-Stock
බුදු රජාණන් වහන්සේ විසින් විශේෂයෙන්ම භාවනාවට සම්බන්ධ කර, විග‍්‍රහ කොට දේශනා කරන ලද සූත‍්‍රයන් අතරින්, තවත් එක් වැදගත්, වටිනා සූත‍්‍රයක් ආශ‍්‍රයෙන් රචිත ග‍්‍රන්ථයකි. 

Thripitaka Pareekshanaya

විශ්වාස කිරීමට අපහසු යම් යම් අයගේ මනසෙහි කැකෑරෙමින් පවති පිළිතුරු නොදකින ත‍්‍රිපිටකයේ සඳහන් ධර්ම කරුණු පිළිබඳ ව යම් යම් ගැටලූ සහගත තත්වයන් විමසමින් ලියවුණු පොතකි. ධර්මධර අයගේ අවධානයට මෙය යොමු විය යුතු ය. 
Rs 1,100.00

Questions On Buddhism & Proposed Answers

This book is meant only to generate interest and initial conviction, readers him/her self should address the issues by looking at their own minds to confirm the content given in the Buddhist Doctrine.
Rs 330.00

Budu Hamuduruwo

බුදුහාමුදුරුවෝ - බුද්ධ චරිතය පාදක කොට ගෙන බොහෝ කෘති සම්පාදනය වී ඇත. එහෙත් මේ කෘතිය බුදුන් වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මයේ ඇති මාහැඟි බව කොතරම්දැයි පාඨකයාට මැනවින් අවබෝධ කරදෙයි.
Rs 750.00
Out-of-Stock

Sambudu Siritha

Out-of-Stock
සම්බුදු සිරිත  - සියල්ලෝ සතුන් වෙත පතළ මහා කරුණාවෙන් පරම සත්‍ය ධර්මය දෙසා වදාළ ගෞතම බුදු රජාණන් වහන්සේගේ චරිතාපදානය මේ ග‍්‍රන්ථයෙහි සටහන් වී ඇත. බුදුන් වහන්සේ විසින්ම දෙසන ලද ත‍්‍රිපිටක ධර්මයත්, ඊට අමතරව පාලි අටුවාත්, සංස්කෘත, චීන, තිබ්බතීය හා බුරුම ග‍්‍රන්ථයනුත් ඇසුරු කරමින් මෙම කෘතිය රචනා කර ඇත.
Out-of-Stock

Savisthara Sri Shakya Munindra Gauthama Buddha Charithaya

Out-of-Stock
සවිස්තර ශ්‍රී ශාක්‍ය මුනින්ද්‍ර ගෞතම බුද්ධ චරිතය - වර්තමාන සමාජ ජීවිතයට ආදර්ශයක් හා උපදේශනයක් සැපයෙන පරිදි ආගමික පොතපත සම්පාදනයේ යෙදෙන යතිවරයන් වහන්සේනමක වශයෙන් පූජ්‍ය අම්බලන්ගොඩ සුමේධානන්ද හිමියන් හඳුන්වාදිය හැකිය. අභිනවයෙන් ජීවිතයට එකතුවන අත්දැකීම් පාලි හා සිංහල ආගමික ග්‍රන්ථවලට ආදේශ කරගන්නා එහිමියෝ උසස් ආගමික හා සමාජ මෙහෙවරක නිරත වෙති. 
මේ වන විට එවන් ග්‍රන්ථ විශාල සංක්‍යාවක් රචනා කර ඇති උන්වහන්සේ "සවිස්තර ශ්‍රී ශාක්‍ය මුනීන්ද්‍ර ගෞතම බුද්ධ චරිතය" නමින් කළ මෙම ග්‍රන්ථය ආගමික චින්තනය මැනවින් ප්‍රකාශිත කෘතියක් ලෙස හැඳින්විය හැකිය. 
Out-of-Stock

Siddhartha Gauthama Budurajano

Out-of-Stock
සිද්ධාර්ථ ගෞතම බුදුරජාණෝ - බුද්ධ කාලයට පෙර පුරාණ දඹදිව පැවති සාමාජික, ආර්ථික තොරතුරු මෙන්ම ආගමික ඇදහිලි හා විශ්වාස පිළිබදවත්, බුද්ධ චරිතය සහ එතුමාගේ ශාසනික සේවාව, බුදු දහමේ ව්‍යාප්තිය පිළිබදවත් මෙහි ඇතුළත් තොරතුරු පාසැල් හා දහම් පාසල් දරු දැරියන්ට පමණක් නොව පොදු පාඨකයාට වුවද බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇත. 

Sidhartha Gauthama Buddha Charithaya

සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය -   ස්දධාර්ථ ගෞතමයන් වහන්සේගේ පහළ වීම, උන්වහන්සේගේ ජීවන චරිතය හා බුද්ධත්වයට පත්වීම ඇතුළු සියලූ තොරතුරු අඩංගු මෙම බුද්ධ චරිතය, පෙහෙවස් සමාදන් වූ අයට කියවීමට අත්ශයින් සුදුසු අගනා පුස්තකයකි. බුදුන් වහන්සේ සහ බුද්ධ ධර්මය පිළිබඳ වටිනා තොරතුරු රාශියක් විස්තර කරන මෙම ග‍්‍රන්ථය දඹදිව වන්දනා කිරීමට යන අයට වැදගත් ය. දඹදිව වැදගත් සියලූම සිද්ධස්ථාන පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් වේ. 
Rs 1,200.00