APE PRAVADA - 2 සිය ප්‍රථම උපාධිය සඳහා ලංකා විශ්ව විද්‍යාලයෙහි ගණිතය ද ආචාර්ය උපාධිය සඳහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙහි තාරකා භෞතික විද්‍යාව ද හදාළ නලින් ද සිල්වා මහතා සිය සමාජ ශාස්ත්‍රීය දිවිය ඇරැඹුවේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු හා මාක්ස්-ට්‍රොස්ට්ස්වාදි න්‍යායාචාර්යවරයකු ලෙස ය. ලංකා සම සමාජ පක්ෂයෙහි ප්‍රබල ක්‍රියාකාරිකයකු ද නව සම සමාජ පක්ෂය ඇරැඹීමෙහි මූලික වූවකු ද වන ඔහු අසුව දශකය මුල දී ඒ පක්ෂයෙන් ඉල්ලා අස්වෙමින් ලියූ ලිපිය 'මාක්ස්වාදය විද්‍යාත්මක ද?' යනුවෙන් සමාජ සංවාදයකට මුල් විය. විද්‍යාව මත පදනම් ව මාක්ස්වාදය ප්‍රශ්න කිරීමෙන් ඇරැඹුණු මේ සංවාදය, විද්‍යාවේ දර්ශනය විෂය ක්ෂේත්‍රය කරගනිමින් ක්‍රමයෙන් විද්‍යාව හා බටහිර දැනුම ප්‍රශ්න කරන්නක් බවට වර්ධනය වී ය. මාක්ස්වාදය හා විද්‍යාව සම්බන්ධයෙන් කෙරුණු මේ න්‍යායාත්මක ප්‍රශ්න කිරීමේ ජාතික චින්තන සංවාදයේ දාර්ශනික පදනම සැකසීමෙහි ලා මූලික විය. Rs 1,090.00 Add to cart Buy
APE PRAVADA - 3 සිය ප්‍රථම උපාධිය සඳහා ලංකා විශ්ව විද්‍යාලයෙහි ගණිතය ද ආචාර්ය උපාධිය සඳහා බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙහි තාරකා භෞතික විද්‍යාව ද හදාළ නලින් ද සිල්වා මහතා සිය සමාජ ශාස්ත්‍රීය දිවිය ඇරැඹුවේ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු හා මාක්ස්-ට්‍රොස්ට්ස්වාදි න්‍යායාචාර්යවරයකු ලෙස ය. ලංකා සම සමාජ පක්ෂයෙහි ප්‍රබල ක්‍රියාකාරිකයකු ද නව සම සමාජ පක්ෂය ඇරැඹීමෙහි මූලික වූවකු ද වන ඔහු අසුව දශකය මුල දී ඒ පක්ෂයෙන් ඉල්ලා අස්වෙමින් ලියූ ලිපිය 'මාක්ස්වාදය විද්‍යාත්මක ද?' යනුවෙන් සමාජ සංවාදයකට මුල් විය. විද්‍යාව මත පදනම් ව මාක්ස්වාදය ප්‍රශ්න කිරීමෙන් ඇරැඹුණු මේ සංවාදය, විද්‍යාවේ දර්ශනය විෂය ක්ෂේත්‍රය කරගනිමින් ක්‍රමයෙන් විද්‍යාව හා බටහිර දැනුම ප්‍රශ්න කරන්නක් බවට වර්ධනය වී ය. මාක්ස්වාදය හා විද්‍යාව සම්බන්ධයෙන් කෙරුණු මේ න්‍යායාත්මක ප්‍රශ්න කිරීමේ ජාතික චින්තන සංවාදයේ දාර්ශනික පදනම සැකසීමෙහි ලා මූලික විය. Rs 950.00 Add to cart Buy
Bhikshuwage Urumaya මෑත ශ්‍රී ලංකා ඉතිහාසයට මහත් බලපෑමක් සිදු කළ මේ පොත ලියැවුණේ 1946 දී ය. මේ පොත, එතෙක් යටත්විජිත පාලනය තුළ වසර 400ක පමණ කාලයක් සමාජ දේශපාලන ක්‍රියාවලියෙන් පිටමං කොට තිබූ භික්ෂු සංඝය, නැවත එම අවකාශයට ප්‍රවේශ වීම වැළැක්වීම සඳහා මහත් ප්‍රයත්නයක් දැරූ ප්‍රභූ පංතියකට ලබා දෙන ලද පිළිතුරයි. යටත්විජිත පාලන කාලයක අභියෝග ජයගැනීමට ලියැවුණු මේ කෘතිය, අද ඔබ කියවන්නේ යටත්විජිත තත්වයෙන් මිදුණු රටක සිට ය. එදා පීඩිතයාගේ ආගමක් වූ බුද්ධාගම අද තව දුරටත් පීඩිතයාගේ ආගමක් නොවේ. එය රාජ්‍ය බලය හොබවන්නාගේ ආගමයි. එහෙයින් මෙම කාල අතර වෙනස පිළිබඳ අවබෝධයෙන් යුතුව මේ පොත කියැවිය යුතු ය. වෙනස් අවධියක ලියැවුණු කෘතියක් ඊට සැලකිය යුතු තරම් වෙනස් වූ අවධියක සිට කියවන විට මතුවන අභියෝග මොනවා දැයි හැදෑරීමට ද, එහි දී පාඨකයා තුළ ඇතිකර ගතයුතු සංයමය පිළිබඳ හැදෑරීමට ද, මෙම කෘතිය අත්පොතක් ලෙස භාවිතා කළ හැකිය. Rs 650.00 Add to cart Buy
Ape Rajun Gana Nodath Katha Mahasen Rajathuma අපේ රජුන් ගැන නොදත් කතා නම් මෙම ග්‍රන්ථය තුළින් ලාංකීය ඉතිහාසයේශ්‍රේෂ්ඨ රජ කෙනෙකු වන මහසෙන් රජතුමා පිළිබද ඉතා වටිනා කරුණු රාශියක් අන්තර්ගත වේ. Rs 230.00 Add to cart Buy
Out-of-Stock Diyawara Urumaya Out-of-Stock මේ කෘතියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ විවිධ ජන වර්ග හා ආගම් ඔස්සේ ප්ලය ගමන් ගන්නා මාර්ගය ඉදිරිපත් කිරීම යි. ශ්‍රී ලාංකිකයන්ට කලාව හා තාක්ෂණය පිළිබඳ මනා ඥාන සම්භාරයක් පමණක් නොව අනාගත පරම්පරා ගණනාවක් ම හැඩ ගැස්වීමෙහි ලා උපයෝගි විය හැකි මනා ප්‍රඥා මහිමයක් ද මේ උරුමයෙන් සුවිශේෂයන් ලැබී ඇති අයුරු වටහා ගැනීමට මේ ගමන් මාර්ගය ඉවහල් වනු ඇත. Rs 600.00 Details View details
Heladiuvaseen Saha Adivaseen ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ආදිවාසී ජන අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතා විසින් සංස්කරණය කරන ලද ආදී වාසීන් පිළිබඳ දෙවන පර්යේෂණ ග්‍රන්ථය වූ හෙළදිව් වාසීන් සහ ආදිවාසීන්' නමැති මෙම කෘතිය, ශ්‍රී ලංකාවේ වසන හෙළදිව්වාසීන් සහ ආදිවාසීන් පිළිබඳ ව ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අද දක්වා පුරාවිද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් හා සාක්‍ෂි වලින් හෙළි වී ඇති කරුණු ද, ඓතිහාසික පුරාවෘත්තයන්ගෙන් හා ජනප්‍රවාදයන්ගෙන් හෙළි වී ඇති කරුණුද අලළා විද්වතුන්, පර්යේෂකයින්, ගවේෂකයින්, සමීක්ෂකයින් සහ මාධ්‍යවේදීන් විසින් ලියැවුනු පර්යේෂණාත්මක හා ගවේෂණාත්මක ලිපි රැසකින් සමන්විත වන අතර, සමාජ විද්‍යාව, මානව විද්‍යාව, පුරා විද්‍යාව, වාග් විද්‍යාව, සංස්කෘතිය ඇතුළු විවිධ සමාජීය විද්‍යාවන් හා මානව ශාස්ත්‍රයන් හදාරණ හෝ එම විෂයයන් පිළිබඳව උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් මාහැඟි ග්‍රන්ථයක් බව කිව යුතු ය. Rs 885.00 Add to cart Buy
Out-of-Stock Dambadiwa vandana Out-of-Stock දඹදිව වන්දනා' මෙම කුඩා අත් පොත බෙහෙවින් අගය කළ යුතු ප්‍රයෝජනවත් රචනයකි. ශ්‍රද්ධාවෙන් බැති සිතින් බුද්ධ භූමිය වන්දනාව සඳහා යන අය වෙනුවෙන් සම්පාදනය කරන ලද මෙම කෘතිය දැනගත යුතු සියලු කරුණු සාරවන් ලෙසට ඇතුළත් කරන ලද අපේ රටේ සියලු බෞද්ධ වන්දනාකරුවන් භාවිත කළ යුතු අත් පොතක් ලෙසට අගය කරන අතර ප්‍රවීණ ලේඛිකාවක් මෙන් ම ජනප්‍රිය ගුරුවරියක වූ නාලිනී සුසීලා දිසානායක මහත්මිය තම දිර්ඝකාලීන වෘත්තීය අත්දැකීම් ද උපයෝගී කරගෙන මෙම කෘතිය අනායාසයෙන් කියවා ගෙන යා හැකි ලෙසට රචනා කර තිබෙන අතර තථාගත දේශනය අනුව සංවේදනීය ස්ථාන තම දෑසින් දැක බලා කුසල් රැස්කර ගත යුතු පිළිවෙළ මෙන් ම එම ස්ථානවල වටිනාකම ශ්‍රේෂ්ඨත්වය හා උතුම් බව හඳුන්වා ඇත්තේ පහන් සිත් ඇති වන අයුරිනි. එම ස්ථාන වල දැනසිටිය යුතු ඉතිහාසය ද පසුබිම ද නිවැරදි දැනුමින් උචින ලෙසට ගොනුකර තිබේ. Rs 350.00 Details View details
Henry Parker Purathana Lanka හෙන්රි පාර්කර්ගේ ANCIENT CEYLON නම් කෘතිය ඇසුරින් බි.එන්. ආර්. ජයසේන මහතා විසින් සිංහලට පරිවර්තනය කරන ලද පුරාතන ලංකාව නම් මෙම කෘතිය තුළ ශ්‍රි ලංකාවේ මුල්ම ජන පද පිළිබදවත් පූරාතනයේ සිටි වැදි ජනතාව හා නූතනයේ වෙසෙන වැදි ජනතාව පිළිබදවත් ඔවුන් වන්දනාමාන කළ අකාරය සහ ඔවුන්ගේ ආගමික කටයුතු සහ ලංකාවේ ප්‍රාග්තන දෙවියන් පිළිබදවත් කරුණු රාශියක් ගොනු වූ ඉතා වටිනා කෘතියක් ලෙස හැදින්විය හැකිය. Rs 4,500.00 Add to cart Buy
Seruwila Mangala Maha Chaithya Warnanawa කතෘගෙන්... සේරුවිල මංගල මහා දාගැබ ඉදි කරණු ලැබුවේ දුටුගැමුණු මහ රජතුමා ගේ පියා වූ කාවන්තිස්ස මහ රජතුමා ය. ඒ ක්‍රි.පූ. දෙවැනි සියවසේ දී ය. සර්වඥයන් වහන්සේ ගේ ලලාට ධාතුව හා කේශ ධාතු තැන්පත් කර ඇත්තේ මේ මහා දාගැබ තුළ යි.බුදුරදුන් තෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ දී සේරුවිලට ද වැඩම කර දැන් මේ මංගල මහා දාගැබ පිහිටා ඇති ස්ථානයේ පන්සියයක් මහ රහතුන් ද සමගින් මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩ සිටියහ. පසුව බුදුරදුන් මහ රහතුන් ද සමගින් ඒ ස්ථානය වටා තෙවරක් වැඩම කර සුමන නා රජු අතේ තිබූ සපු ගසෙන් මල් ගෙණ ඒ ස්ථානයට පූජා කළහ.මේ මහා භද්‍ර කල්පයේ ලොව පහළ වූ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලා තුන් නම ගේ ධාතු ද දැන් මේ සේරුවිල මංගල මහා දාගැබ පිහිටා ඇති ස්ථානයේ තැන්පත් කර තිබුණි. මේ බව පාලි ධාතුවංශයේ මෙන් ම සිංහල ධාතු වංශයේ ද සඳහන් වෙයි. මේ සියලු කරුණු සලකා බැලීමේ දී සේරුවිල මංගල මහා දාගැබ් වහන්සේ ගේ ඇති පුජනීයත්වය මෙන් ම වටිනාකම කෙතරම් දැ'යි කියා පැහැදිලි ව පෙනේ. Rs 600.00 Add to cart Buy
Out-of-Stock Swarnamali Maha Chaithya Warnanawa Out-of-Stock සවිඥානක සර්ව සත්ත්ව සමූහාභ්‍යන්තරයෙහි සුවිශිෂ්ට සුප්‍රශස්ත වන්නාහු භාග්‍යවත් සම්බුද්ධ රාජයාණන් වහන්සේ මය. අවිඥානක වස්තු සමස්තාභ්‍යන්තරයෙහි සුප්‍රකර්ෂ සුසමාහිත වන්නාහු භාග්‍යවත් සම්බුද්ධ ශාරීරික ධාතූන් වහන්සේ මය. තද් ධාතූන් වහන්සේගේ ද්‍රෝණයක් සුනිහිත සුගර්හිත අතුල්‍ය අසහාය මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ස්වර්ණමාලි' නම් වන සේක්මය.ශ්‍රී ගෞතම සම්බුද්ධ රාජයාණන් වහන්සේ චෛත්‍යමය ශ්‍රී දේහයකින් අදත් පිවමාන වෙති; ඒ රන්මැලි මහ සෑරදාණෝ ය. ශුද්ධාධර ප්‍රඥාවත්හු අදත් සම්බුද්ධ වග්දන මානන පූජනයට රුචි වෙති. ඒත් රන්මැලි මහ සෑරදාණගේ උදෙසාය. අහස උසට සේ ම භූගර්භයට ද එකසේ විහිදී පැතිරි ඇති රන්මැලි මහ සෑරදාණෝ තම සිළුමිණි රැස් දහරින් දෙව්ලෝ පහස ද භූගත බිම්බයෙහි තොලෝ පහස ද අත්විඳිති.ගැමුණු' සහ ගයාන් යන හාමද්වයයෙහි සාම්‍යයක් පැණෙන්නේ හුදු 'ග' අක්ෂර සමාරම්භය හෝ මාත්‍රා ඓක්‍යය ඔස්සේ පමණක් නොව එකී නාමධාරී යුග්මයෙන් ම රන්මැලි මහ සෑරදාණගේ වෙනුවෙන් මහාර්ඝ කාර්යභාරයක් සිදු වූ හෙයිනි. එනම් එදා අප මහා සෑරදාණගේ පිළිබඳ සාධන කාර්යය දුෂ්ට ග්‍රාමණී අභය නරේන්ද්‍රයාණන් නිසා සිදු වෙද්දී මෙදා ඒ අරබයා ලේඛන කාර්යයක් ගයාන් චානුක විදානපතිරණ ලේඛකයාණන් අතින් සිදුවීම යි.ශුද්ධාවහ ග්‍රන්ථ සම්පාදනයෙහි අග්‍රස්ථාන ප්‍රාප්ත ගයාන් චානුක විදානපතිරණයන්ගේ ස්වර්ණමාලී මහා චෛත්‍ය වර්ණනාව' නම් මෙම ගුථෝත්සාහය එම මහා චෛත්‍ය රාජයාණන්ට ද්විතීයෝත්පත්තියක් ලබා දීමක් ම ය. මෙහිලා සුද්ධදිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්මාදීහු සාධුනාද ප්‍රශංසා පුෂ්පදාම හුදෙක් ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයාණන්ට පමණක් නොව අප ග්‍රන්ථ කර්තෘවරයාණන්ට ද පළඳවන්නාහු ම ය. අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි Rs 2,700.00 Details View details
Jayasrimaha Bodhi Warnanawa " ත්‍රිපිටක ධර්මය අර්ථ කථා, ටීකා සහිත ව හදාරා ධර්මය, විනය, පාලි භාෂාව පිළිබද හසල අවබෝධයක් ඇත්තා වූ අගනා ධර්ම ග්‍රන්ථ රාශියක් සම්පාදනය කළ කෘතහස්ත ග්‍රන්ථ කර්තෘවරයෙක් වන සත්ගුණවත් ගයාගේ වානුක විදානපතිරණ මහත්මයා විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ සම්බන්ධ ව දීර්ඝ විස්තර වර්ණනා සහිත ව සම්පාදිත මෙම ග්‍රන්ථයෙහි අගය, වටිනාකම අසීමත ය. Rs 1,500.00 Add to cart Buy
Silumina Maha Seya Saha Salumini Maha Seya කතෘගෙන්... සිළුමිණි මහා සෑය මනුෂ්‍ය ලෝකයේ පිහිටා ඇති දාගැබක් නොවෙයි. මේ මහා සෑය පිහිටා ඇත්තේ තව්තිසා දිව්‍ය ලෝකයේ ය. දෙවියන්ට අධිපති වු සක්දෙව් රජු විසින් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට ත් ප්‍රථමයෙන් මහා බෝසතුන් ගේ කේශ ධාතු තැන්පත් කිරීමට මේ මහා සෑය මවන ලදී. සිළුමිණි මහා සෑයේ උස යොදුන් තුනකි. මේ මහා සෑය ඉන්ද්‍රනිල මැණික් වලින් තනා තිබේ. සිළුමිණි මහා සෑයට පාලි භාෂාවෙන් චූළාමණී චේතිය' යනුවෙන් කියනු ලැබේ.සිද්ධාර්ථ ගෞතම මහා බෝධි සත්වයන් වහන්සේගේ කේශ ධාතු ත් සර්වඥ දකුණු දළදා වහන්සේ ත් වැඩ සිටින්නේ මේ මහා සෑය තුළයි. සර්වඥ දකුණු අකු ධාතූන් වහන්සේ මුලින් වැඩ සිටියේ සිළුමිණි මහා සෑය තුළයි. ඒත් පසුව මේ ධාතූන් වහන්සේ ලක්දිවට ලැබුණි. සිළුමිණි මහා සෑය මෙන් ම සළුමිණ මහා සෑය ද මනුෂ්‍ය ලෝකයේ පිහිටා ඇති දාගැබක් නොවෙයි. මේ මහා සෑය පිහිටා ඇත්තේ බ්‍රහ්ම ලෝකයේය. ඝටීකාර බ්‍රහ්ම රාජයා විසින් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට ත් ප්‍රථමයෙන් මහා බෝසතුන් ගිහිගෙයින් නික්මෙන කල්හි හැඳ සිටි වස්ත්‍ර යුගල තැන්පත් කිරීමට මේ මහා සෑය මවන ලදී. සළුමිණ මහා සෑයේ උස යොදුන් දොළොසකි. සළුමිණි මහා සෑයට පාලි භාෂාවෙන් 'දුස්ස චේතිය' යනුවෙන් කියනු ලැබේ. සර්වඥයන් වහන්සේ ගේ වම් අකු ධාතුව තැන්පත් ව ඇත්තේ ද සළුමිණි මහා සෑය තුළයි.මේ සියලු කරුණු සලකා බැලීමේ දී තව්තිසා දෙව්ලොව සිළුමිණ මහා සැයේ ත් බඹලොව සළුමිණි මහා සෑයේ ත් ඇති පූජනීයත්වය මෙන් ම වටිනාකම මොන තරම් මහත් දැ' යි කියා පැහැදිලි ව පෙනෙයි. Rs 300.00 Add to cart Buy